Fantasy World || Ot7 || Compl...

By Cyra_00

8K 977 254

🎁 Gifts 🎁 ඔයාගේ හිතේ ලස්සන ප්ලොට් එකක් තිබිලත් කතා ලියාගන්න බැරිද ?? කතාවක් ඇතුලේ හරි bts member කෙනෙක්ගේ... More

Intro
My Alpha - Chapter 01
My Alpha -chapter 02
My Alpha - chapter 3
My Alpha - Chapter 04
My Alpha - Chapter 05
My Alpha - Chapter 06
My Alpha - Chapter 07
My Alpha - Final chapter
අදුරු සෙවනැලි - Chapter 01
අදුරු සෙවනැලි - Chapter 02
අදුරු සෙවනැලි - Chapter 03
අදුරු සෙවනැලි- Chapter 04
අදුරු සෙවනැලි -Chapter 05
අදුරු සෙවනැලි- Chapter 06
අදුරු සෙවනැලි - Chapter 07
අදුරු සෙවනැලි -Chapter 08
අදුරු සෙවනැලි - Chapter 09
අදුරු සෙවනැලි - chapter 10
අදුරු සෙවනැලි - Final Chapter
File No. 39 - Chapter 01
File No.39 - Chapter 02
File No.39 - Chapter 03
File No.39 -Chapter 04
File No.39 - Chapter 05
File No.39 - Final chapter
මේඝා - Chapter 01
මේඝා - Chapter 02
මේඝා - Chapter 03
මේඝා - Chapter 04
මේඝා - Chapter 05
මේඝා - Chapter 06
මේඝා - Chapter 07
මේඝා - Chapter 08
මේඝා - Chapter 09
මේඝා - Chapter 10
මේඝා - Final chapter
Forget me not - Chapter 01
Forget Me Not - Chapter 02
Forget me not - Chapter 03
Forget me not - Chapter 04
සැඩ රළ - chapter 01
සැඩ රළ - chapter 02
සැඩ රළ - chapter 03
කරුණාකර මාව වැලදගන්න - 01
කරුණාකර මාව වැලදගන්න - 02
කරුණාකරලා මාව වැලදගන්න - Final
sorry 🥺

Forget me not - Final chapter

130 14 6
By Cyra_00

ආදරණීය ඩයරි,

චිත්‍රයක් අදිනකොට ඒක සම්පූර්ණ කරන එක නෙමෙයි අපිට අමාරුම...පලවෙනි පින්සල් පාර අදින එකයි අමාරුම..

මීට,
වැරදුන පින්සල් පාර..

.......................................... ♡....................................

After one month

කාලය හරි පරිස්සමින් ගත උනේ හුගක් දේවල් වෙනස් කරලයි..ජින් එදා වැස්සේ තෙමිගෙන ආවට පස්සේ එයා සම්පූර්ණයෙන්ම වෙනස් උනා..ඒ වෙනසට හේතුව මොකක්ද කියලා ජන්ග්කුක්ට හිතාගන්න බැරි උනත් ටික කාලයක් එහෙම හිටියටත් ජින් කලින් තරම් නොවුනත් හොද තත්වෙකට ආපු නිසා ජන්ග්කුක් හාර අවුස්ස අවුස්ස ජින්ගෙන් ප්‍රශ්න අහන්න ගියේ නෑ..ඉතින් ජින්ගේ වෙනස් වීම හේතුව හිතාගන්න බැරි උනත් දෙන්නා එක්ක කියෝ කියෝ ඉන්න වෙලේක ජන්ග්කුක්ගේ කටින් එයා රාශිට කැමති කියලා කටින් පැන්න දවසේ ඉදන් ජින් ආයි වෙනස් උනා කියලා ජන්ග්කුක්ට තේරුනා..එදා ජින්ම ජන්ග්කුක්ට රාශිට ප්‍රපෝස් කරන්න උදව් කරත් ජින්ගේ බලකිරිල්ල නිසාම ජන්ග්කුක් රාශිට ප්‍රපෝස් කරත් රාශිගෙත් ජන්ග්කුක්ගෙත් සම්බන්දේ පටන් ගත්ත දවසේ ඉදන් ජින් කරේ ඒ දෙන්නවම හැමවෙලේම මගහැරපු එක..අඩුම කන්නවත් කාමරෙන් එලියට නොඑන ජින් හැමවෙලේම කිව්වෙ එයාගේ ඇගට හරි නෑ කියලා...ඒ නිසාම ජන්ග්කුක් ජින්ව ඩොක්ටර් කෙනෙක් ලගට එක්කන් යන්න ඇහුවත් ජින් බැහැ කියන නිසා ජන්ග්කුක් වගේම ජින්ගේ වෙනස තේරුන හැමෝම හිටියේ කුතුහලෙන්..

🌹 කුකී..මොකක්ද ප්‍රශ්නේ ??

කොලේජ් ආවත් තාමත් කොලේජ් එකට ආපු නැති ජින්ගේ හිස් පුටුව දිහා බලන් ඉන්න ජන්ග්කුක්ගෙන් රාශි ඇහුවේ බලන් ඉදලා බැරිම තැනයි..මොකද දැන් දවස් ගානක ඉදන් ජන්ග්කුක්වත් ජින්වත් වැඩි කතාවක් තිබ්බේ නෑ..දෙන්නම ඔහේ බලාගත්තු අත බලන් පාඩුවේ හිටියා මිසක් ඉස්සර වගේ දෙන්න හිනා වෙවී කෝලන් කර කර ඉන්නේ නැති එක රාශිට ලොකු ප්‍රශ්නයක් වෙලයි තිබ්බේ..

🐰 ම්..මුකුත් නෑ...

🌹 මුකුත් නැති වෙන්න විදියක් නෑ..මට කියන්න මොකක්ද ප්‍රශ්නේ ?? ඔයයි ජිනුයි මේ දවස් ටිකේම හරිම වෙනස්..

🐰 ඔයාටත් හ්‍යුන්ග්ගේ වෙනස තේරුනාද ??

ජන්ග්කුක් රාශිගේ පැත්ත හැරිලා අහනකොට කෙල්ල ඔව් කියලා ඔලුව වැනුවා..

🌹 ජින්ගේ විතරක් නෙමෙයි..ලගකදි ඉදන් ඔයත් වෙනස්..මොකකද උනේ ??

🐰 එහෙම ප්‍රශ්නයක් නෑ රාශි..මට ටිකක් පාඩුවේ ඉන්න දෙන්න..

ජන්ග්කුක් මුකුත්ම නොකිය ඩෙස්ක් එකේ ඔලුව ගහගන්නකොට දුක හිතුන රාශි එතනින් නැගිටලා එලියට ගියා..ජන්ග්කුක් හිටියේ කොච්චර ලොකු කල්පනාවකද කියනවා නම් රාශි එතනින් නැගිටලා යනවා වත් එය දැක්කේ නෑ..එක්කෝ දැක්කත් ගනන් ගත්තේ නෑ..

🐯 ඒයි කුක්සන් !!

ලෙක්චර් හෝල් එකට ආපු ගමන් ජන්ග්කුක්ගේ පිටට ගහපු ටේහ්‍යුන් එතන එහා පැත්තෙන් වාඩි උනේ කුතුහලෙන්..මොකද වෙනදට ඔහොම ගැහුවා නම් ජන්ග්කුක් ගේමක් අල්ලනවා වගේම ජින් මගේ මල්ලිට ගහන්න එපා ගාලා සද්දයක් දානවා..ඒත් අද ජන්ග්කුක් ඔහේ බලන් ඉන්න එකත් වෙනදට උදෙන්ම එන ජින් තාමත් නැති එකත් ටේහ්‍යුන්ට වගේම එයාගේ පස්සෙන් ආපු ජිමින්ටත් ප්‍රශ්නයක් වෙලයි තිබ්බේ..

🐯 උබලට මොකක්ද වෙලා තියෙන්නේ ජන්ග්කුක් ?? මන් දැන් දවස් ගානක් තිස්සේ බලන් ඉන්නේ..උබ හරියට ඉන්නේ බූටක් කාලා වගේනේ..මොකද රාශි පොල්ල තිබ්බාද ??

ටේහ්‍යුන් හිනාවක් දාගෙන ඇහුවත් ජන්ග්කුක් ගනන් නොගෙන අනිත් පැත්තට හැරුනා..ජන්ග්කුක්ගේ මේ හැසිරීම ටේමින් දෙන්නටත් දුකක් ගෙනල්ලයි තිබ්බේ..මොකද ජන්ග්කුක් කියන්නේ නිහඩ චරිතයක් නෙමෙයි..එයා නිහඩයි කියන්නේ අනිවාර්යයෙන්ම ඉන්නෙ ප්‍රශ්නෙක..

🐥 ජන්ග්කුක්..ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට කියපන්..උබේ ඕනම දේකට අපි ඉන්නවනේ..ඔහොම මූන එල්ලන් හිටියා කියලා ප්‍රශ්න විසදෙන්නේ නෑනේ...

🐯 ඒකනෙ බන්..උබ එක පැත්තකින් මූන එල්ලන් ඉන්නවා..ජින් හ්‍යුන්ග් තව පැත්තකින් එල්ලන් ඉන්නවා..රාශි එහෙන් අන්න එලියට වෙලා උබලා දෙන්නාගේ ෆොටෝස් බල බල හූල්ල හූල්ල ඉන්නවා..මොකක්ද බන් මේ උබලා කරන්නේ ?? දැන් උබලා දෙන්නා යාලු වෙලාම සති දෙකක් විතර වෙනවා..මුල් දවස් ටිකේ උබලා දෙන්නා ලව් බර්ඩ්ස්ලා දෙන්නෙක් වගේ හොදට වෙලිලා හිටියානේ..දැන් ඇයි මේ ?? පව් බන් රාශි..ඒ කෙල්ලව මග අරින්න එපා..

🐰 ම..මන් වෙන මොකක්ද ටේ කරන්නේ ?? මට බෑ එයාගේ මූන බලන්න..අඩුම ජින් හ්‍යුන්ගෙවත් !!

ජන්ග්කුක් ටේමින් දෙන්නාගේ පැත්තට හැරුනාමයි දැක්කේ ජිවිතේට කදුලු බින්දුවක් වට්ටලා නැති ඒ බෝල ඇස්වල හොදටම කදුලු පිරිලා කියලා..

🐯 අඩෝ උබ අඩනවාද ??

🐥 අනේ ඇයි මේ කුකී ?? මොකක්ද ප්‍රශ්නේ ??

🐯 මුලින්ම එලියට යමු..ලමයි බලාගෙන ඉන්නවා !!

ටේහ්‍යුන් ඔක්කොටම කලින් ජන්ග්කුකව ඇදගෙන කොලේජ් එකේ ගාර්ඩ්න් එකට ආවම ජිමිනුත් ඒ පස්සෙන්ම ආවේ අද කොහොම හරි ප්‍රශ්නේ විසදනවා කියලා හිතාගෙනයි..

🐯 හරි දැන් කියපන් මොකක්ද ප්‍රශ්නේ කියලා ??

ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ උරහිස් දෙකෙන් අල්ලන් අහනකොට ජන්ග්කුක් කරේ ටේහ්‍යුන්ව බදාගෙන කෑ ගහලා අඩපු එක විතරයි.

🐰 ම..මට බෑ රාශිට ආදරේ කරන්න..ම..මට අයිතියක් නෑ ඒකට..ම..මන්....

🐥 ඇයි උබට බැරි රාශිට ආදරේ කරන්න ??

🐰 ම..මට බෑ...

🐯 ඉතින් ඇයි බැරි කියපන්..රාශි නරක කෙල්ලෙක් නෙමෙයිනේ..අනික උබලා දෙන්නා හොදම යාලුවෝ වෙලයි ලවර්ස්ලා උනේ..ඉතින් උබ රාශි ගැන නොදන්න දෙයක් නෑ..එහෙම එකේ ඇයි ආදරේ කරන්න බැහැ කියන්නේ ??

🐰 මොකද රාශිට ජින් හ්‍යුන්ග්නුත් ආදරෙයි !!

ජන්ග්කුක්ගේ වචන එක්ක ටේහ්‍යුන් වගෙම ජිමිනුත් නිරුත්තර වෙනකොට ජන්ග්කුක් තවත් හයියෙන් ඇඩුවා..එයාට දුක අඩු වෙනකම් අඩන්න ටේහ්‍යුන් වගේම ජිමිනුත් ඉඩ දුන්නේ වෙන කරන්නම දෙයක් නැති නිසායි..

🐥 උබ කොහොමද දන්නේ ජින් හ්‍යුන්ග්නුත් රාශිට ආදරෙයි කියලා ??

ජන්ග්කුක්ගේ ඇඩිල්ල යාන්තම් ඉකියකට පෙරලුනාම ජිමින් ඇහුවාම ජන්ග්කුක් එයාගේ ෆෝන් එක අරන් ගැලරි එකේ ෆොටෝ වගයක් පෙන්නුවා..

🐯 මේ..මේවා ??

🐰 ඔය ඔක්කොම ජින් හ්‍යුන්ග් ඇදපු චිත්‍ර..එතකොට මේ කවි එයා රාශි වෙනුවෙන් ලියපුවා..

🐥 උබට කොහෙන්ද මේවා ??

🐰 පෙරේදා ජින් හ්‍යුන්ග්ව හම්බුවෙන්න කාමරේට ගියපු වෙලේ මගේ කකුල වැදිලා හ්‍යුන්ගේ ඩයරි එක වැටුනා..ඒකෙ තිබිලයි මන් ඔය චිත්‍ර දැක්කේ..තිබ්බ කුතුහලේ නිසාම ම..මන් හ්‍යුන්ගේ ඩයරි එක කියෙව්වා..මන් දන්නවා ඒක වැරදි කියලා..ඒත් මට දැනගන්න ඕන උනා හ්‍යුන්ග් ඇයි රාශිගේ චිත්‍ර මෙච්චර ඇදලා තියෙන්නේ කියලා ??

🐯 ඒත් ජින් හ්‍යුන්ග්මයිනේ උබලා දෙන්නව එකතු කරේ ??

ටේහ්‍යුන් අහනකොට ජන්ග්කුක් ඇස්වලින් කදුලු බේරෙන ගමන් ඔව් කියලා ඔලුව වැනුවා..

🐰 මන් මහ කාලකන්නියෙක් නේද ජිමින් ?? මන් හැමවෙලේම ජින් හ්‍යුන්ගේ හැමදේම උදුර ගන්නවා..මුලින්ම එයාගේ ඔම්මයි අප්පායි..දැන් එයාගේ ආදරේ...මන් නිසායි හැමදේම වෙන්නේ ??

🐥 මොනවා ජන්ග්කූ මේ කියවන්නේ....

🐰 මන් ඇත්ත කියන්නේ ජිමින්..මන් එදා මගේ බර්ත්දේ එකට බීච් යන්න ඕන කියලා ඇඩුවේ නැත්තම් කාර් එක ඇතුලේ දැගලුවේ නැත්තම් එදා ඇක්සිඩන්ට් එක වෙන්නේ නෑ..එහෙනම් අදටත් මගේ අප්පා , ජින් හ්‍යුන්ගේ ඔම්මායි අප්පායි තාමත් ජීවතුන් අතර..මන් නිසා හ්‍යුන්ග් අවුරුද්දක් කෝමා එහෙක හිටියා..මන් එයාගේ ජිවිතේ අවුරුද්දක් නැති කරා...මායි ජින් හ්‍යුන්ග්ට හැමදේම නැති කරේ..එච්චර දෙයක් කරලත් හ්‍යුන්ග් මට වචනයක්වත් කිව්වේ නෑ..හ්‍යුන්ග් තාමත් එදා වගේමයි...මන් මේපාරත් කරේ හ්‍යුන්ග්ගේ ආදරේ, හ්‍යුන්ගේ අයිතිය උදුරගත්ත එක..මට කලිනුයි හ්‍යුන්ග් රාශිව දැක්කේ..මට කලිනුයි හ්‍යුන්ග් රාශිට ආදරේ කරේ..ඇත්තමයි මන් දන්නවා නම් හ්‍යුන්ග් රශිට ආදරෙයි කියලා මන් එයාගෙන් කැමැත්ත අහන්නේ නෑ ටේයා..මන් අහන්නේ නෑ...ම..මට අයිතියක් නෑ ටේයා රාශිට ආදරේ කරන්න..මන් මහ කාලකන්නියෙක් ජිමින්...මන් මහ පව්කාරයෙක්..එදා හ්‍යුන්ගේ ඔම්මයි අප්පායි වෙනුවට මටයි මැරෙන්න තිබ්බේ..එහෙනම් හ්‍යුන්ග්ට අද ඔම්මයි අප්පයිත් ඉන්නවා..රාශිත් ඉන්නවා..මන් එදා මැරෙන්න තිබ්බේ ජිමින්...ඇයි දෙවියෝ මාව මැරුවේ නැත්තේ ?? ඇයි ඒ ??

ජන්ග්කුක් ජිමින්ගේ කොලර් එකෙන් අල්ලන් කෑ ගහලා අඩනකොට ජිමින් ජන්ග්කුක් දිහා බලන් හිටියේ අනුකම්පාවෙන්..ජන්ග්කුක්ට කැමති දෙයක් කියන්න ඇරලා කටවහන් ඉන්නවා මිසක් ජිමින්ටවත් ටේහ්‍යුන්ටවත් වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ..

🐹 ඔයාට වැරැද්ද දාගන්න එක නතර කරන්න කුකී..

ජින්ගේ කටහඩ පිටිපස්සෙන් ඇහෙනකොට ජන්ග්කුක් අඩන ගමන්ම ඒ පැත්ත හැරිලා බැලුවා..ජින්ගේ ඇස්වලත් කදුලු පිරිලා තියෙනකොට හිමීට ලන් උන ජින් ජන්ග්කුකව එයාගේ තුරුලට ගත්තාම ජන්ග්කුක් තවත් හයියෙන් අඩන්න පටන් ගත්තා..

🐰 ම..මට සමාවෙන්න හ්‍යුන්ග්...මට සමාවෙන්න..

🐹 සමාව ඉල්ලන්න ඕන නෑ කුකී...මේ කිසිම දේකට ඔයා වැරදි නෑ..එදා ඇක්සිඩන්ට් එකට හේතුව ඔයා නෙමෙයි කුකී..ඔයාට වැරැද්ද දාගන්න එපා...ඔයා එතකොට අවුරුදු පහක පුංචි කොල්ලෙක්...ඔයා විතරක් නෙමෙයි..මාත් එදා බීච් යන්න රන්ඩු උනා..එහෙනම් ඔයාගේ අප්පා නැති වෙන්න හේතුව මන් වෙනවා නේද ?? මේක මගේ දෛවය මැණික...ඔයා නෙමෙයි කවුරු එතන හිටියත් මගේ දෛවයේ ලියවිලා ඇති මගේ ඔම්මයි අප්පයි නැති වෙන්න ඕන කියලා..

🐰 එතකොට රාශි..මන් ඔයාට එයාවත් නැති කරා හ්‍යුන්ග් !!

🐹 අපිට තනි අතින් අත්පුඩි ගහන්න බැහැ කූ...මන් කොච්චර රාශිට ආදරේ කරත් රාශි ආදරේ ඔයාට..ඔයා රාශිට ආදරේ නොකලත් රාශි කවදාවට් මට ආදරේ කරන්නේ නෑ කුකී...ආදරයක් ඇති වෙන්න ඕන දෙපැත්තෙන්ම...මන් කොච්චර රාශිට ආදරේ කරත් රාශි මට ආදරේ නැත්තම් එතන ජිවිතයක් නෑ ජන්ග්කුක්..මට ඒ දේ තේරුම් ගන්න කාලයක් ගියා...දන්නවාද මන් අද පරක්කු උනේ ඇයි කියලා ?? මන් ඊයේ එලිවෙනකම් මේ දේවල් ගැන හිතුවා..මන් රාශිට ආදරේ බව ඇත්ත..ඒත් එයා ආදරේ වෙන කෙනෙක්ට නම් මගේ ජිවිතේ එයා වෙනුවෙන් කාලකන්නි කරගෙන වැඩක් නෑ කියලා තේරුම් ගන්න එලිවෙනකම් ඇහැරන් හිටියා..ඔයා දැක්ක හැම ෆොටෝ එකක්ම මන් පුච්චලා දැම්මා..මට ඕන මගේ ජිවිතෙ අලුතෙන් පටන් ගන්න..මට රාශිට වඩා ඔයාව ඔයාගේ ඔම්මව වටිනවා...මන් මේ ලෝකේ වැඩිපුරම ආදරේ ඔයාට කුකී...ඔයා මෙහෙම දුක් විදින එක මට බලන්න බෑ..රාශිට වඩා මන් ඔයාට ආදරෙයි...මගේ හිතේ රාශි ගැන තියෙන හැම හැගීමක්ම මන් ටිකෙන් ටික අයින් කරනවා කූ...ඒත් ඔයා එයාට ආදරේ කරන්න ඕන..එයා ආදරේ ඔයාට..මන් වෙනුවෙන් ඔයාට කරන්න පුලුවන් එකම දේ එයාව ආරක්ෂා කරන එක..එයාට ආදරේ කරන එක..පුලුවන් නේද මගේ චූටි මල්ලිට ඒක කරන්න ??

ජින් ජන්ග්කුක්ගේ කදුලු පිහිදන ගමන් අහනකොට ජන්ග්කුක් අඩ අඩම ඔව් කියලා ඔලුව වැනුවා..

🐹 එහෙනම් මේ හැමදේම අමතක කරලා දාන්න..රාශි කියන්නේ අද ඉදන් මගේ පුංචි මල්ලිගේ රෝස මල විතරයි...හැමදේම අමතක කරලා අපි මුල ඉදන් පටන් ගමු..ආහ් මේක ගන්න..

ජන්ග්කුක්ගේ අතට ජින් එයාගේ සාක්කුවේ තිබ්බ මුද්ද දුන්නාම ජන්ග්කුක් පුදුමෙන් ජින් දිහා බැලුවා..

🐹 ඕක මන් ගත්තේ රාශිට දෙන්න..ඒත් මේක දෙන්න හොදම කෙනා මන් නෙමෙයි ඔයා කුකී..රාශිට ගැලපෙන්නේ ඔයාව..එයාව හරියටම තේරුම් ගන්න පුලුවන් ඔයාට...ඒ නිසා මේක ගිහින් එයාට ඔයාගේ අතින්ම දන්න..එයාව මගහැරියට සමාව ඉල්ලන්න..

🐰එහෙනම් හ්‍යුන්ග් මේක ගන්න..

ජන්ග්කුක් එයාගේ සාක්කුවේ තිබ්බ මාලයක් ජින්ගේ අතට දුන්නාම ජින් ඇහිබම හකුලලා ඇස්වලින් ඇයි ඇහුවා..

🐰 ඕක ගත්තේ මන් ආදරේ කරන කෙනාට දාන්න..ඒත් මට හිතුනා ඕක හ්‍යුන්ග්ට දෙන්න..

🐹 ඒත් මේක ලේඩිස් එකක්නේ මෝඩයො...!!

🐰 මැදින් පනින්නේ නැතුව අහනවකෝ...ඔයා ඕක පරිස්සම් කරන් තියාගන්න..කවදාහරි දවසක ඔයාට ආදරේ කරන කෙනෙක් හම්බුනාම එයාට ඕක දාන්න..මට පොරොන්දු වෙනවා නේද එහෙම කරනවා කියලා ??

🐹 හරි හරි මන් පොරොන්දු වෙන්නම්..පන්ඩිතයා..දැන් ඔය කදුලු පිහිදගෙන ගිහින් රාශිට මුද්ද දාලා යාලු වෙන්න..මට ඉක්මනට එයාව මගේ නෑනා කරගන්න ඕන..

ජින් හිනාවෙලා කියලා ජන්ග්කුකව ඉස්සරහට තල්ලු කරනකොට ලැජ්ජාවෙන් හිනාඋන ජන්ග්කුක් රාශි ලගට දුවලා ගියේ රාශිව යාලු කරගන්න ඕන නිසායි..ජන්ග්කුක් දුවලා ගියාම මෙච්චර වෙලා අයියා මලෝ දෙන්නගේ නාට්‍ය බලන් හිටපු ටේමින් දෙන්නා ජින් ලගට ලන් උනා..

🐥 හ්‍යුන්ග් ඇත්තටම රාශිව අමතක කරාද ??

ජිමින් අහනකොට හිනාවක් විතරක් දුන්න ජින් හැරිලා ගියේ හැම කොලයක්ම පුච්චලත් තාමත් එකම එක චිත්‍රයක් විතරක් තියෙන ඩයරි එක තුරුලු කරගෙනයි ..

දන්නවද ආදරේ නීතිය ??

රිදුනු තරමට දැනෙනවා..

නැහැ ??

දැණුනු තරමට රිදෙනවා..♡

.

.

නිමි

.......................................... ♡....................................

ඔන්න ඉවරයි...මේක ටික දවසක් ඇදුනා මගේ exam නිසා..සොරි හොදේ...මන් පුලුවන් උපරිමේටම ලිව්වා 🥺

හොදද නැද්ද කියන තීරණය ඔයාලා අතේ තමයි තියෙන්නේ 🥺❤

පරිස්සමින් ඉන්න
සරන්හේ ❤❤❤❤❤❤

Continue Reading

You'll Also Like

13.1K 572 43
What if someone becomes your life without even your knowledge. When someone breaks down all the walls and snatches your heart away...... ...
11.1K 243 34
𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇, 𝐚𝐦𝐞𝐢𝐥𝐚 𝐫𝐞𝐞𝐯𝐞𝐬 a teenage non famous model, gets starred in a movie, and hates her co star. 𝐛𝐫𝐚𝐝𝐲 𝐧𝐨𝐨𝐧.. it all s...