~ පිනිපොද ~

By Blue_Berry_03

32.9K 5.7K 1.2K

නපුරු හදවතකට පෙම්බැදි අහංකාර හදවත~... Taekook nonfiction Top Kook Bottom Tae Smut warning 🔞 Happy Ending ... More

~පෙරවදන~
~පළමුවන පින්න~
~දෙවන පින්න~
~තෙවෙනි පින්න~
~සිව්වන පින්න~
~පස්වන පින්න~
~සයවන පින්න~
~සත්වන පින්න~
~අටවන පින්න~
~නවවන පින්න~
~දහවන පින්න~
~එකොළොස්වන පින්න~
~දොළොස්වන පින්න~
~දහතුන්වන පින්න~
~දාහතරවන පින්න~
~පහළොස්වන පින්න~
~දහසයවන පින්න~
~දාහත්වන පින්න~
~දහඅටවන පින්න~
~දහනවවන පින්න~
~විසිවන පින්න~
~විසිදෙවන පින්න~
~විසිතුන්වන පින්න~
~විසි හතරවන පින්න~
~විසිපස් වන පින්න~
~විසිහය වන පින්න~
~විසිහත් වන පින්න~
~විසිඅට වන පින්න~
~විසිනව වන පින්න~
~තිස් වන පින්න~
~තිස්එක් වන පින්න~
~තිස් දෙවන පින්න~
~තිස්තුන් වන පින්න~
~තිස්හතර වන පින්න~
~තිස්පස් වන පින්න~
~තිස්හය වන පින්න~
~තිස්හත් වන පින්න~
~තිස්අට වන පින්න~
~තිස්නව වන පින්න~
~හතලිස් වන පින්න~
~හතලිස්එක් වන පින්න~
~හතලිස් දෙවන පින්න~
~හතලිස් තුන්වන පින්න~
~හතලිස් හතරවන පින්න~
~හතලිස් පස්වන පින්න~
~හතලිස් හයවන පින්න~
~හතලිස් හත්වන පින්න~
HELLOOOOW...

~විසිඑක්වන පින්න~

638 120 20
By Blue_Berry_03


උදේ දුන්න  එකත් කියවලාම එන්න ඈ..........

____________________________________






ආදිත්‍ය pov,

මායි පොඩියි දෙන්නා හේශව් එක්කම ඇතුලට යද්දී අපේ අම්මාගේ වයසෙම වගේ ගෑනු කෙනෙක් අපි ඉස්සරහාට ආවා.....

මේ හේශව්ගේ අම්මා වෙන්නැති.....

එයා හරි ලස්සනයි...... සුදුයි..... ටිකක් මහතයි...... හේශව්ටයි ගගනටයි මේ නැන්දාගේ ලස්සන නම් ඒ විදියටම පිහිටලා තියෙනවා..........

" මේ ළමයි දෙන්නානේ...... ඉදගන්න පුතේ...... "

ඒ නැන්දා අපි දෙන්නාට හරි ලස්සනට හිනා වෙලා ඉදගන්න කිව්වා.........

හේශව්ටත් තියෙන්නේ මෙ හිනාවමයි....... පෙට්ටියක් වගේ කට හිනා වෙද්දී......

අපි දෙන්නාත් හිනා වෙලා ඉදගත්තා........

අතේ තිබ්බ පොත් ටික සෝෆා එකේම ස්ටූල් එකෙන් තිබ්බා.......

" චූටි බබා......... ගිහිල්ලා අරවා අරන් එන්න අනේ...... මං මෙයාලා දෙන්නා එක්ක කතා කරන්නේ දැන්. වෙනදාට ඔයා එයා එක්ක කතා කරනවානේ....... "

එහෙම කිව්වා විතරයි අරයා ගස්සගෙන ගියේ......

අපි තුන් දෙනාටම හිනා ඒකට නම්.........

ම්ම්ම්ම්..... ලස්සන ගැස්සිල හැබැයි.......

අර තට්ටන් දෙකත් බම්ප් උනා අප්පා........

එව්ව්ව්...... මොනාද බල්ලෝ උබ ඔය හිතන්නේ........

" අපේ බබාලා දෙන්නා හැමදාම ඔය දෙන්නා ගැන කියවනවා.... මං ඒකමයි දෙන්නාට අද කලින්ම එන්න කියන්න කියලා චූටි බබාට කියන්න කිව්වේ...... "

" හදිස්සියෙම ආව හින්දා මොකුත් ගේන්න නම් බැරි උනා නැන්දේ....."

ඇත්තටම අපි දෙන්නාට මොනවත් ගේන්න බැරි උනා...... මං ඉතින් ඒ හින්දා එහෙම කිව්වා...... නැත්තං මේ මිනිස්සු හිතයි අපි ගෙදරකට යන විදිය වත් දන්නෑ කියලා.....

" පිස්සුද ළමයෝ..... වෙන මොනවත් ඕන නෑ....... ඔයාලා අපේ දෙන්නාට හැමදාම ගිල්ලන ඒවාම මදෑ......"

මටයි නංගිටයි දෙන්නාටම හිනා ඒ කිව්ව විදියට........ එයා නම් විනෝදෙට බර නැන්දෙක්....... අරුන් දෙන්නාගෙ අහංකාර කමින් බිදක් ගිහිල්ලා නෑ මේ නැන්දාට නම්.....

එතකොටම වගේ ගේශව් බීම වීදුරු හතරක් එක්ක කේක් වගයක් ගෙනල්ලා ටේබල් එක උඩින් තිබ්බා.......

" මොනාද පොඩී අපේ අම්මි කියන්නේ.....?"

මේකා අපේ නංගි ලගින්ම ඉදගෙන ඇහුවා.......

ඕක ඉතින් පුදුම වෙන්න දෙයක් නෑ...... ඕකුන් දෙන්නා කොහොමත් ඇලීගනම තමා ඉන්නේ.....

මලවිකාර අනේ මුන් දෙන්නාගේ....

"නෑ...... නෑ...... අනේ.... මොකුත් ඇහුවේ නෑ තාම.... ඔයා ඉක්මනින් ආවානේ..... හැබැයි කිව්වා චූටි බබා නම් හරිම මුරන්ඩුයි....., අපි දෙන්නා නම් එහෙම නෑ කිව්වා...... ඇත්තද චූටි බබා ඒ......?"

අපේ එකී අර නැන්දා නොකියපු දෙයක් හේශව්ට කිව්වේ ඒකාව අවුස්සන්න....... ඒකනේ ඔය චූටී බබා කියන එක කීප පාරක්ම කියව්වේ.....

අඩේ....... දැන්නේ මටත් නෝටි උනේ.......... මූ එතකොට චූටි බබාද....... කොහෙද දන්නෑ චූටි..... අර ගස්සන් යද්දි පස්සත් වට්ටක්කයක් වගේ ලොකුවට තිබ්බේ.........

ඒව්ව්ව්...... ආයෙත් කුනුහරපයක් හිතුවා....... ඔන්න ඔහේ කමක් නෑ...... කොහොමත් මගෙනේ.... පොඩී තමා කියන්නේ ඉතින්......

මං බලන් ඉද්දි මේකා රතු වෙලා අර නැන්දාට කෑ ගැහුවා.....

" අම්මී........ මොනාද අනේ කියන්නේ..... හැම වෙලේම චූටි බබා කියන්න එපා අනේ...... මං චූටී නෑනේ..... "

" කාට කොහොම උනත් උබ මට තාම පොඩියි...... පුතාලා දෙන්නා ඕක බොන්න අනේ...... කේකුත් කන්න ඈ....... අද දවල් හැදුවේ මං  ඕක....... කාලා රසද කියනකෝ...."

අපි ඉතින් හිනා වෙලා බීම අරගෙන බීලා කේක් කෑල්ලකුත් කෑවා.....

සිරාවටම පට්ට රසයි ඒක...... බටර් කේක් එකක්..... මං ආසම බටර් කේක් වලට..... අයිසින් වලට ආසම නෑ මං.......
ගෙදර හදපු හින්දාමද මන්දා මාර රහයි........

" අනේ........ හරින රසයි නැන්දේ..... මං ආසම බටර් කේක් වලට..... ලොකුත් ආසම බටර් කේක් වලට...... කාලෙකින් ගෙදර හදපු කේක් කෑල්ලක් කෑවේ..... ඉස්සරහ අපේ අම්මාත් ගෙදර කේක් හැදුවාම මේ රසමයි එන්නේ......."

" අනේ පැටියෝ....... තව අරන් කන්න එහෙනම්...... "

මං හිතපු එක පොඩී ඒ විදියටම කටින් කිව්වා..... 

මටත් අම්මාව මතක් උනා..... හ්ම්ම්ම්......

පොඩීගේ කතාව අහලා ඒ නැන්දා කේක් ප්ලේට් එකම අපේ ලගින් තිබ්බා........

එයාට දුක හිතුනා අපි කිව්ව කතාවට...... මූන දැක්කාම පේනවා එයාගේ.....

අනේ අම්මා...... ඔයත් හිටියා නම්........

අපේ මූඩ් අවුල් කියලා හේශව්ට දැනිලා එයා කතාව වෙන පැත්තකට හැරෙව්වා.....

" අම්මී...... ඔයා කිව්වා නේද අර තම්පලා මැල්ලුම හදන විදිය පොඩීගෙන් අහන්න ඕන කියලා.."

" අහ්..... මට අමතක උනානේ.. චූටි දෝණි මං පලා මිටි දෙකක් ගෙනාවා අද රෑට හදන්න..... අනේ පැටියෝ තරහා නොවී කියලා දෙනවාද මට..... මෙයා කාලා ඇවිල්ලා අපි තුන් දෙනාවම ඇවිස්සුවා ඒක රසයි කියලා..."

" අයියෝ..... ඕක මොකද්ද නැන්දේ.... මං කියලා දෙන්නම්කෝ...... උයන වෙලාවට කතා කරන්න..... මං හදලාම පෙන්නන්නම්..... වැඩි වෙලාවක් යන්නේ නෑ...... නේද ලොකූ..."

" ඔව් නැන්දේ...... පාඩම් කර කර හිටියාට කමක් නෑ.... මේයාට කතා කරන්නකෝ.... මෙයා කියලා දෙයි....."

" අනේ..... හොද කෙල්ල මගේ..... චූටි බබා..... එක්කෝ ඔයා අයියා එක්ක යන්න මෙයාලගේ ගෙදර. මං මේ දෙන්නා තියාගන්නම්.... උඹලා දෙන්නා වගේ කම්මැලි ළමයි දෙන්නෙක් නෙවෙයි මේ... මට පාලුත් නෑ...... අර පේන්නෑ එකෙක්....... ඌ ඊයේ හොද ජෝගියක් අල්ලලා ඇවිල්ලා කාමරේට වෙලා ලැගගෙන ඉන්නවා...... "

එතනින් එහා හවස පහා හමාර වෙනකල්ම අපි හතර දෙනා එක එක ඒවා කියෙව්වා......

අපේ විස්තර..... ඔය අනම් මනම් සෑහෙනට කියෙව්වා........

අර ඊයේ ගගන බැනපු කෙල්ලව අද ඉස්කෝලෙන් අස් කරන් ගිහිල්ලාලු......... ඒ මිනිස්සු රටින් යන්නලු හදන්නේ.......

එයාලා මෙහෙට කෝල් කරලා විස්තර කියලා සමාවත් අරගත්තාලු නැන්දාගෙනුයි මාමාගෙනුයි ගගනගෙනුයි......


" නැන්දේ..... මං ගෙදර ගිහිල්ලා එන්නද? "

පොඩි ඉදන් හිටපු තැනින් නැගිටලා නැන්දාගෙන් අහද්දී නැන්දා ආපිට ඇහුවේ ඇයි කියලා......

" ඇයි දෝණි ගෙදර යන්නේ?."

" බුදු පහන තියලා එන්නම් මං ඉක්මනින්......"

" අහ්........ තනියමද යන්න හදන්නේ ඔය....?"

" හයියෝ...... ඔය ගෙවල් පහා පාස් කරන් යන්න පුලුවන් අනේ මට....."

" නෑ නෑ...... ඔහොම ඉන්න.... චූටී බබා...... ගිහිල්ලා අයියාට කතා කරන්න...... "

නැන්දා හේශව්ට කිව්වා ලොකූව එක්කන් එන්න කියලා..... අපේ එකී එක්ක යවන්න වෙන්නැති....... මෙයා කැමති වෙයිද දන්නෑ..... මං දන්නවා...., ඊයේ උන දේ හින්දා මෙයා තාම බයයි ගගනට.......

මං ඒ හින්දාම නංගි දිහා බලද්දි " ඒකට අවුලක් නෑ" කියන්න වගේ ඔලුව වැනුවා....

" ලොකු බබා එක්ක යන්න දෝණි..... ඊයේ ඉදන් කාමරේට වෙලා ඉන්නේ ඔය.... ඔය ඔලුව ටිකක් හරි වෙන පැත්තකට යන්නේ නැතෑ ඔයා එක්ක ගියාම."

" හරි නැන්දේ...... මං අයියා එක්ක යන්නම්......."

එතකොටම හේශව් ගගන එක්ක අපි හිටපු තැනට ආවා.....

" ලොකු බබා....... මේ දෝණි පහන තියන්න ගෙදර යනවාලු..... තනියන යවන්න බෑනේ.... දැනටම කලුවරයි නේ වැස්ස හින්දා........ ඔයා එයා එක්ක ගිහිල්ලා එන්න."

" හරි අම්මී..... එන්න යමු පොඩී.."

මොකුත් නොකියා ගගන අපේ නංගි එක්ක ගියා.......

"ලොකූ..... යං මගේ කාමරේට.... අර කට්‍ටිය එන්න තව පරක්කු වෙයිනේ....... අම්මී..... අපි මගෙ කාමරේට යනෝ ඈ......"

" මාත් උයන ඒවා ලෑස්ති කරන්නම්...."

එහෙම කියපු හේශව් මාවත් ඇදගෙන කාමරේට ගියා......
















ආදිත්‍යා pov ,

( පොඩීගේ පැත්තෙන් දෙන්නේ ඈ..)

මං ගගන අයියා එක්ක එන්න කැමති උනේ නැන්දාට බෑ කියන්න බැරි හින්දා.... මට බැනුම් අහන්න වෙයිද දන්නෙත් නෑ අනේ මෙයාගෙන්......

විහිලු කර කර හිටියාට මෙයා හෙන සැරයි අප්පා......

මං ගගන අයියාගේ පස්සෙන්ම පෝන් එකේ ලයිට් එක ගහගෙන ආවා..... දැනටමත් වැහි අදුර..... හොදටම වගේ කලුවරයි......

ගේට්ටුව ලගට එනකල් කිසිම කතාවක් උනේ නෑ අපි දෙන්නා අතර.....

ම්හුක්...... අකමැත්තෙන් ආවාද දන්නෑ....... මූනත් නපුරුයි අප්පා.. බනියිද දන්නෑ.....

මං ඉක්මනින් අතේ තිබ්බ යතුරෙන් ගේට්ටුව ඇරලා ගගන අයියා වත්තට ආවට පස්සෙ ගේට්ටුව වැහුවා......

ඊයේ පස්සේ ඉක්මනින් ගෙට ඇවිල්ලා අනික් යතුරෙන් දොර ඇරියා.......

" අයියේ...... එන්න ගෙට..."

ඔලුව විතරක් හොල්ලලා එයා ගෙ ඇතුලට ආවා.... ගේ ඇතුලට පට්ට කලුවරයි..... පෝන් එකෙ ලයිට් එකෙන්ම ස්විච් එක හොයලා ඒකත් දැම්මා මම.....

" අයියා මොනා හරි බොනවාද? "

" ඔයා මල් කඩාගෙන එන්න දෝණි...... මං තේ එකක් හදාගන්නම්....."

" අයියාට පුලුවන්ද?......"

" අනේ කෙල්ලේ..... මං මේකේ ඔක්කොම දන්නවා..... ඉක්මනින් මල් කඩන් එන්න..... වහින්න වගේනේ...... "

" හරි..... අයියා ඒනම් හදන් බොන්නකෝ...... මටත් හදන්න ඈ.... බිස්කට් ෆ්‍රිජ් එකේ...... මං ඉක්මනින් මල් කඩන් එන්නම්.."

මං මල් කඩන්න පීරිසිය අරගෙන එලියට ආවා..... ඇත්ත තමා වහින්න වගේ......

මල් කඩන ගමන් මං කල්පනා කරේ අයියා මට දෝණි කියපු විදිය. වෙනදා පොඩී කියලානේ කියන්නේ.... නැන්දා කිව්ව හින්දා කියන්න ඇති.....

මං ඉක්මනින් මල් කඩන් ගෙට ආවා.....

දැනටමත් පොදක් යනවා...... පහන තියලා ඉවර වෙලා යද්දි අනිවාර්යයෙන්ම වැස්සට අහු වෙනවා අපිව......

මං ගෙට යද්දි ගගන අයියා  පේන්න හිටියේ නෑ....

තාම තේ හදලා නැතුව ඇති.....

මං ඉක්මනින් එලියේ ලයිට් දාලා පහන පත්තු කරලා ගාථා කිව්වා.

කියලා ඉවර වෙලා හැරිලා බලද්දි මං දැක්කා ගගන අයියා මං දිහාම බලන් ඉන්නවා.....

එයා තේ හදලා....

කොයි වෙලේද දන්නෑ එයා ආවේ මෙතනට...... ඇහුනෙවත් නෑ මට. කොහොමත් මං පහන තියද්දි වට පිටේ සද්ද වලට කන් දෙන්නෑනේ...

මං ගිහිල්ලා සෝෆා එකේ ගගන අයියාට ඉස්සරාහින් ඉදගත්තා....

හොදටම වහිනවා..... අතරින් පතර අකුණුත් ගනවා.....

" අයියා ගොඩාක් වෙලාද තේ හදලා.....? "

ගගන අයියා දුන්න තේක අතට අරන් මං ඇහුවා.

" ම්හ්ම්.... නෑ..... දැන් විනාඩි දෙක තුනක් වගේ....... කොහොමද තේක?..... රසද නම් දන්නෑ දෝණි හදන ඒවා වගේ......"

මං ඉක්මනින් තේ උගුරක් බීලා බැලුවා......

අවුලක් නෑ..... හොදට තියෙන්නේ මේ......

" මේ හොදට තියෙන්නේ අනේ... "

" මං හිතුවේ අවුල් ඇති කියලා...."

" නෑ නෑ.... රසට තියේ...."

" ලොකූ කෝල් කරා..... අපේ අම්මී කියලා අකුණු ගහා ගහා වහින හින්දා වැස්ස අඩු උනාම එන්න කියලා...."

" එහෙමද..... ඒත් වැස්ස දැන්ම පායන එකක් නැති වෙයි වගේනේ."

" ඒක තමා මාත් බැලුවේ දෝණි.. ඒත් ඉතින් මේ වැස්සේ යනවාට වඩා හොදයි පෑව්වාමම යන එක. මං ඔන්න පෝන් දෙකත් flight mode දැම්මා අකුණු ගහන හින්දා."

" අහ්.... ඒකට කමක් නෑ..."

මාත් ඉතින් ඔලුව වැනුවා..... ඇත්ත ඉතින්..... කුඩ තිබ්බා කියලා වැඩක් නෑ..... පායනකල්ම ඉන්න එක හොදයි.......

එතනින් එහාට  තේක බොනකල් කිසි කතාවක් උනේ නෑ.....

එයා කල්පනාවක වගේ.....

මං හිතන්නේ අර කෙල්ල ගැන....

මං ඉතින් මොනවත් අහන්න ගියේ නෑ..... ඊට පස්සෙ මටත් බැන්නොත්.

මං තේක බීලා ඉවර වෙලා ගගන අයියා බීලා ඉවර උන තේ කෝප්පෙයි බිස්කට් පැකට් එකයි අරගෙන කුස්සියට ගියා.....

හයියෝ....... වනසලා කුස්සිය මේ අයියා.....

තේ හදන්න මෙහෙම නම් උයන්න කිව්වොත් මේක ගන්න දෙයක් නැති වෙයි......

මං කෝප්ප හෝදලා එල්ලලා බිස්කට් එකත් ආයම ෆ්‍රිජ් එකට දාලා අස් කරන්න ගත්තා......

වතුර හලලා , තේ කුඩු හලලා, සීනි හලල, කිරි පිටිත් හලලා..... අනේ යසයි...... සේරම බෝතල් ඇරලා දාලා.....

මං අස් කරන ගමන්ම පිටිපස්ස බැලුවේ මං දිහා කවුරු හරි බලන් ඉන්නවා කියලා දැනුන හින්දා.....

හරි ඉතින් ඔය ඉන්නේ බෙල්ල පිටිපස්ස කස කස හිනා වෙවී....

"හොදට හිටියි ලොකු බබා මෙහෙම තේ හැදුවොත් ඈ.... ඉවරයි නේ කුස්සියම.... තේ හදලා මෙහෙම නම් බැරි වෙලාවත් උයන්න එහෙම දුන්නොත් ගන්න දෙයක් නැති වෙයිනේ...."

" ම්හ්ම්..... සොරි දෝණි...... මං ඉස්සරලාම අදනේ තේ හැදුවේ. ඉතින් සුට්ටක් අවුල් ගියා....."

මොකක්..... අදමද තේ හැදුවේ. ඒ උනාට  මට පුලුවන් කියලා උඩ දාගෙන ආවේ....

මං ඇස් දෙක ලොකු කරන් බලන් ඉද්දි මෙයා මගේ ලගටම ඇවිල්ලා කිචන් කවුන්ටරෙන් ඉදගත්තා.

මං බලන් ඉන්න නිසාමද කොහෙද ආයම  ඇරියා කට....

" හරි අනේ.... ඔහොම බලන්න ඕන නෑ..... මං ඉතින් ඔයාට කරදර කරන්න බැරි හින්දා හැදුවේ."

මට හිනා ගියා......

මං ඉතින් කුස්සියම අස් කරනකක් එයා බලන් හිටියා.

දැන් වැස්සත් පායලා.....හීනි  පොදක් යන්නේ....

" ඔන්න ඉවරයි...... වැස්සත් පායලා..... යමුද අයියේ....."

" යමු යමු..... නැත්තං ආයම පටන් ගනියි....."

මං ඉක්මනින් ගිහිල්ලා කාමරේ තිබ්බ කුඩ දෙකක් අරගෙන ආවා......

ගේන් එලියට බහින්න කලින් මං ඉක්මනින් ගගන අයියාගේ අත අල්ලගත්තා....

එයා මං දිහා ඇහිබැමක් උස්සලා ඇයි කියලා අහද්දී මං මෙච්චර වෙලා හිත හිත හිටපු දේ කිව්වා...

" අයියේ..... ආයම අර ඊයේ වගෙ තරහා ගන්න එපා හරිද? අනික දුක් වෙන්නත් එපානේ..... අපි ඔක්කොම ඔයාට ඉන්නවානේ... ඒ හින්දා ඔය දැන් හිටියා වගේ හිනා වෙලා ඉන්න හරිද?...."

මං ඒක කිව්වාම එයා හිනාවෙලා මාව හිමීට එයාට තුරුල් කරගත්තා.....

මුලින්ම මං ගැස්සුනාත් ආයම ඒ විදියට හිටියා....

"හ්ම්ම්..... මං ආය ඒ වගේ තරහා ගන්නෑ.... ඊයේ ඇත්තටම මට දුක හිතුනානේ..... ඒකයි තරහා ගියේ මට.... බය වෙලා නේද හිටියේ දෝණි..... මං ආයම එහෙම වෙන්නෑ..... ඒක මං දැන් ටිකකට කලින් අමතක කරා..... "

එයා ඒක කියලා ඉවර උනාට පස්සේ මං ඈත් උනා එයාගෙන්....

" හරියෝ.... ඒනම් යමු අපි....."

ගගන අයියා ඔලුව වැනුවාම අපි එලියට ඇවිල්ලා දොර ලොක් කරලා කුඩ ඉහලන් එලියට ආවා.

ඊට පස්සේ ගේට්ටුවත් ලොක් කරලා අපි දෙන්නා බහුබූත කියෝ කියෝ ආයම එයාලා දිහාට ගියා...






To be continued ..........................................

අම්මෝහ්........

මේක නම් දිගයි ඈ....

ඔන්න අද ටිකක් වෙනස් දෙයක් උනා....

මොකද කියන්නේ ඔයාලා 😉👉👈.

ඊලග එකෙන් අර ඩබලගේ කාමරේ සීන් එකක් තියෙන්නේ..... 😌👉👈💜️💚.

ගගන ගැන

ආදි ගැන

ලොකූ ගැන

හේශව් ගැන කියාගෙන, අද එපිය ගැනත් කියාගෙන යම්න ඈ....

ආතරෙයි මගේ little bubbles ටිකට 😙💜️💚 .

Continue Reading

You'll Also Like

1.4M 84.8K 118
A love story of our very own couple manan with a loads n loads of love with a pinch of comedy and offcourse drama masala????????????????..... Peep i...
989 76 3
𝗉𝗋𝖾𝗍𝗍𝗒 𝗅𝗂𝗍𝗍𝗅𝖾 𝗅𝗂𝖺𝗋𝗌 ------- Anna Grace has deadly secrets she has kept to herself for so long, having her best friend beside her to...
12.7K 1.1K 11
"everytime you shine, I'll shine for you." "Jean Prescott @prescottjeanie10 I'm sorry @taylorswift13 🙏" "Taylor Swift @taylorswift13 replied to Jean...
639 98 3
මෙතනින් කී දෙනෙක් අපායට යනවද බලමුද?අපායට යනවනම් කියලා යන්න.ඒ කියන්නෙ කමෙන්ට් එකක් දාන් යන්න.. හානෙ?