Fantasy World || Ot7 || Compl...

By Cyra_00

8K 977 254

🎁 Gifts 🎁 ඔයාගේ හිතේ ලස්සන ප්ලොට් එකක් තිබිලත් කතා ලියාගන්න බැරිද ?? කතාවක් ඇතුලේ හරි bts member කෙනෙක්ගේ... More

Intro
My Alpha - Chapter 01
My Alpha -chapter 02
My Alpha - chapter 3
My Alpha - Chapter 04
My Alpha - Chapter 05
My Alpha - Chapter 06
My Alpha - Chapter 07
My Alpha - Final chapter
අදුරු සෙවනැලි - Chapter 01
අදුරු සෙවනැලි - Chapter 02
අදුරු සෙවනැලි - Chapter 03
අදුරු සෙවනැලි- Chapter 04
අදුරු සෙවනැලි -Chapter 05
අදුරු සෙවනැලි- Chapter 06
අදුරු සෙවනැලි - Chapter 07
අදුරු සෙවනැලි -Chapter 08
අදුරු සෙවනැලි - Chapter 09
අදුරු සෙවනැලි - chapter 10
අදුරු සෙවනැලි - Final Chapter
File No. 39 - Chapter 01
File No.39 - Chapter 02
File No.39 - Chapter 03
File No.39 -Chapter 04
File No.39 - Chapter 05
File No.39 - Final chapter
මේඝා - Chapter 01
මේඝා - Chapter 02
මේඝා - Chapter 03
මේඝා - Chapter 04
මේඝා - Chapter 05
මේඝා - Chapter 06
මේඝා - Chapter 07
මේඝා - Chapter 08
මේඝා - Chapter 09
මේඝා - Chapter 10
මේඝා - Final chapter
Forget me not - Chapter 01
Forget Me Not - Chapter 02
Forget me not - Chapter 03
Forget me not - Final chapter
සැඩ රළ - chapter 01
සැඩ රළ - chapter 02
සැඩ රළ - chapter 03
කරුණාකර මාව වැලදගන්න - 01
කරුණාකර මාව වැලදගන්න - 02
කරුණාකරලා මාව වැලදගන්න - Final
sorry 🥺

Forget me not - Chapter 04

93 9 4
By Cyra_00

ආදරණීය ඩයරි,

දන්නවද අපි හැමදාම කරන්නේ සතුටු වෙන්න දේවල් එකතු කරගන්න එක..අපි සතුටු වෙන එක හෙටට කල් දානවා..අනිද්දට, ඊටත් පස්සේ දවසට..අන්තිමට අපිට සතුට එකතු කරලා මහන්සි උනාම අපි තීරණය කරනවා පොඩ්ඩක් සතුටින් ඉන්න..ඒත් අපි එකතු කරපු සතුට දිහා බලද්දි ඒවා ඔක්කොම පරන වෙලා, දිරලා ගිහින්..මටත් තිබ්බා මගේ සතුට කල්නොදමා ඉන්න...මට තිබ්බා එදාම මගෙ සතුට ගන්න..ඒත් දැන් පරක්කු වැඩියි..මගේ සතුට කල් ඉකුත් වෙලා, දිරලා ගිහින්..ආපහු එකතු කරන්න බැරි තරමටම..

මීට ,
දිරාපු සතුට හොයන දුක..

.......................................... ♡....................................

කාලය ටිකෙන් ටික ගත උනේ ජන්ග්කුක් , ජින්, රාශි අතර සම්බන්ධය හුගක් වැඩි කරලයි..ජින් රාශිට එයාගේ හැගීම් කියන්න උත්සාහ කරත් ඒ හැමදෙයක්ම එයා දවසින් දවස කල් දැම්මේ රාශිගේ ඇස් හැමවෙලේම ජන්ග්කුක් ලග රැදිල තියෙන නිසායි..ඒත් ජින්ගේ හදවත මොනවා කිව්වත් ජින්ගේ මොලේ නම් හැමවෙලේම කිව්වේ ඉක්මනට එයාගේ හැගීම් රාශිට කියන්න කියලා නිසා අන්තිමට ජින් තමන්ගේ හිත ශක්තිමත් කරගෙන රාශිට එයාගේ හැගීම් ප්‍රකාශ කරන්න තීරණය කරා..ඉතින් ජින්ට ඕන උනේ ඒක ඉක්මනටම කියලා හිත නිදහස් කරගන්න..ඒ නිසාම හිත හදන් රාශිට කෝල් එකක් ගන්න හැදුවත් පුදුමෙකට වගේ එවෙලෙම ආපු රාශිගේ කෝල් එක නිසා ජින් තවත් පුදුම උනා..තවත් පරක්කු නොකර මූනේ හිනාව පුරෝගෙන කෝල් එක ආන්ස්වර් කරපු ජින්ගේ සතුට තවත් වැඩි උනේ රාශි ජින්ව හම්බුවෙන්න ඕන කිව්ව නිසායි..

🐹 ආහ්...ගන්න...

එයාලා හම්බුවෙන්න කතා කරගත්ත විදියට බීච් එකට ආපු ජින්, බීච් එකේ බෙන්ච් එහෙක වාඩි වෙලා මුහුද දිහා බලන් හිනා වෙවී ඉන්න රාශි ලගට ඇවිත් රාශිගේ අතට එයා පරිස්සමින් ගෙනාපු මල් පොකුරයි , රාශි ආසම ජාතියේ ස්වීට්ස් පුරෝපු මල්ලකුයි දුන්නාම කෙල්ලගේ ඇස් සතුටින් දිලිසෙන්න ගත්තා..

🌹 වාහ්...මේවා මටද ?? කුමාවෝ ජින්නෝ....

කෙල්ල ජින්ව බදාගෙන ඒ තප්පරේට මල් පොකුර බෙන්ච් එකේ එහා පැත්තෙන් තියලා ස්වීට්ස් මල්ලට ඔලුව දානකොට ජින් හිටියේ එයාගේ ගැහෙන හදවත පාලනය කරගන්න උත්සාහ කරන ගමන්..කෙල්ල නිකමට හරි ජින් දිහා බැලුවා නම් ජින් ඉන්නේ කොච්චර රතු වෙලා ද කියලා හොදටම පේනවා...කෙල්ලගෙන් ලැබෙන මේ වගේ පුංචි හග් ජින්ගේ හදවත බිමට ගැලවිලා වැටෙන්න තරම් පිස්සු වට්ටනවා..ඒත් ඒක එහෙම වෙන්නෙ ජින්ගේ පැත්තෙන් විතරක් නම් ?? රාශිට ඒ හැමදේම සාමාන්‍ය උනොත් ?? ම්ම්...මන් කියන්නේ හරියට අපි අපේම අයියව බදාගන්නකොට වගේ සාමාන්‍ය උනොත් ??

🐹 රාශි මට ඔයාට කියන්න -

❤ ජින් මට ඔයාට කියන්න-

මෙච්චර වෙලා රාශි දිහා බලාගෙන හිටපු ජින් එයාගේ හැගීම් තවත් හන්ගන් ඉන්න බැරිම තැන කියන්න කට ඇරියත් රාශිත් ඒත් එක්කම එකම වෙලේ කතා කර එකෙන් උනේ දෙන්නාගේම කටින් හිනාවක් පැන්න එකයි..

🐹 ඔයා මුලින්ම කියන්න...

හිනා වෙලා අන්තිමට ජින් රාශිට අවස්තාව දුන්නත් ජින්ට එයා කරපු මෝඩකම ගැන තේරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ..

🌹 ජින් මට ඔයාට දෙයක් කියන්න තියෙනවා..හැබැයි මට පොරොන්දු වෙන්න ඕන කුකීට මේක කියන්නේ නෑ කියලා ??

ජින්ගේ අත් අල්ලන් කෙල්ල උපරිම කියුට් ලුක් එකකින් කියනකොට ජින් ඒ බෝල ඇස් දිහායි තමන්ගේ අත අල්ලන් ඉන්න දිග ඇගිලි දිහායි බලන් හිටියේ ගැහෙන පපුවත් එක්කයි..

🌹 මට ප්‍රොමිස් වෙන්න...

කෙල්ල තොල් උල් කරන් අහනකොට ජින් අමාරුවෙන් කෙල ගුලියක් ගිලලා හා කියලා ඔලුව වැනුවා..

🌹 මට තවත් මේක හිතේ හිර කරන් ඉන්න බෑ ජින්..මන් ඉවසලා ඉවසලා බැරිම තැන ඔයාට මේක කියන්න ආවේ...

කෙල්ලගෙ වචනයක් වචනයක් පාසාම ජින්ගේ හදවත වේගෙන් ගැහෙනකොට ජින්ටත් නොදැනිම කෙල්ලගේ අත එයාගේ ඇගිලිවලට තද උනා..

🌹 ම..මන් කෙනෙක්ට කැමති...මට හිතෙනවා එයත් මට කැමති ඇති කියලා..ඒත් මට බයයි ඒක එයාගෙන් අහන්න..මට බයයි එක අහලා එයාගෙයි මගෙයි යාලුකම් නැතිවෙයි කියලා..

කෙල්ල මූනත් රතු කරන් කියනකොට ජින්ගේ හිතට එකපැත්තකින් සතුටකුත් තව පැත්තකින් කුතුහලයකුත් ගෙනාවේ කෙල්ල කියන්නෙ කවුරු ගැනද කියලා හිතාගන්න බැරි නිසායි..ඒත් ඒ ජින් වෙන්න කියලා ජින් අනන්තවත් ප්‍රාර්ථනා කරන්න ඇති..

🌹 මට උදව් කරන්න..ඔයාට පුලුවන් නේද මන් කැමති කියන්න කලින් එයාගේ හැගීම් මට කියන්න ??

🐹 ආහ් ??

ජින්ට දැනගන්න ඕන උනත් කෙල්ල කියන්නේ කවුරු ගැනද කියලා ජින්ට බයයි ඒක අහන්න..මොකද ඒ එයා නෙමෙයි උනොත් ජින් කොහොමද දරාගන්නේ ?? කොච්චර හිත ශක්තිමත් කරන් ආවත් ජින්ට බැහැ කෙල්ල ආදරේ කරන්නේ වෙන කෙනෙක්ට කියලා අහන්න..

🐹 මට ඔයා කියන එක තේරෙන්නේ නෑ රාශි..

🌹ජින්....ඔයා මට ආදරෙයි නේද ??

කෙල්ල එකපාරටම ඇහුවාම ජින්ගේ ඇස් උඩ ගියා..ජින් කෙල්ල මෙහෙම දෙයක් අහයි කියලා බලාපොරොත්තු උනේ නෑ..තමන් මොකක්ද කියන්න ඕන කියලවත් ජින්ට හිතාගන්න බැරිවෙනකොට ජින් කෙල්ල දිහා ඇසුත් ලොකු කරන් බලන් හිටියා..

🌹මොකද අනේ බය වෙලා ?? මන් ඇහුවේ ඔයා මට ආදරෙයි නේද කියලානේ...මන් දන්නවා ඔයා මට ආදරෙයි කියලා..නේද ජින් ??

කෙල්ල ජින්ගේ අතේ එල්ලිලා අහනකොට ජින් මූනත් රතු කරන් ඔව් කියලා ඔලුවේ වැනුවේ කටින් කිසිම වචනයක් පිට නොවුන නිසායි..

🌹 එහෙනම් මට කුකීට සෙට් කරලා දෙන්න !!

🐹 අහ් ??

කෙල්ල එකපාරටම කියපු දේ එක්ක ජින්ගේ ඇගම වෙව්ලලා යනකොට එයාට ඕන උනේ නෑ ඒ දේ ඇත්තටම කෙල්ල කිව්වා කියලා පිලිගන්න..ඒ නිසාම ජින් කෙල්ලට විහිලු කරන්න ගත්තේ කෙල්ලත් ඒක කිව්වේ විහිලුවට වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්මයි..

🐹 හපෝ කුකීව සෙට් කරලා දුන්නොත් ශෝක් එකට තියෙයි...විහිලු නොකර ඉන්නවා !! ඉක්මනට කියන්න තියෙන දේ කියන්න...

ජින් හිනාවෙවී කියනකොට මූන රතු කරගත්ත කෙල්ල ජින්ට පාරක් ගැහුවා..

🌹 ආහ්...විහිලු නෙමෙයි අනේහ්...ඇත්තටම මන් කුකීට ආදරෙයි...සත්තයි...මන් ඔයාටත් ආදරෙයි..ඒත් ඒ ඔයා මට ආදරේ කරනවා වගේ ඒක හොදම යාලුවය ආදරේ කරනවා වගෙ හැගීමක් විතරයි...ඒත් කුකීට මගේ හිතේ තියෙන්නේ එහෙම හැගීමක් නෙමෙයි..කුකීව දැක්ක දවසේ ඉදන් මගේ හිත හැමවෙලේම කුකීව ඉල්ලනවා..මට නිකන් පිස්සු වගේ..මන් මුලදි හිතුවේ ඒක හොදම යාලුවෝ අතර තියෙන හැගීමක් කියල..ඒත් ඒක එහෙම නෙමෙයි කියලා තේරුනේ ජියා එදා ඇවිල්ලා ඔයාලා දෙන්නගේ ඇගේ එල්ලුන දවසේ...ජියා ඔයාගේ ඇගේ එල්ලුනාම මට ගානක් නැති උනත් කුකීගේ අතේ එල්ලුනාම මට ජියාව මරන්න හිතුනා..මට ඇත්තටම ඉරිසියයි..කේන්තියි....ඉරිසියා හිතෙන්නේ ආදරේ නිසා නේද ජින් ?? ඔයා මට වඩා ටිකක් හරි වැඩිමල්නේ..ඒ නිසා ඔයාට තෙරෙනවා නේද මන් කියන එක ?? ආහ්හ්...මට පිස්සු වගේ..ප්ලීස් මට උදව් කරන්න ජින්...

කෙල්ලගේ වචන එක්ක ජින්ගේ හිනාව නතර වෙනකොට ජින්ට දැනුනේ එයාගේ මුලු ඇගම පන නැතිවෙනවා වගේ හැගීමක්..ජින්ට ඕන උනා කෙල්ලට කියන්න එයා හිතනවා වගේ ජින්ගේ හිතේ රාශි ගැන තියෙන්නේ හොදම යාලුවෝ අතර තියෙන බැදීමක් නෙමෙයි කියලා..ඒත් එයා පරක්කු වැඩියි...ජින් පරක්කුයි..හොදටම !!
ඇස්වලට උනන කදුලු බොහොම අමාරුවෙන් නවත්ත ගත්ත ජින් කෙල්ලගේ පැත්තට හැරුනේ අමාරුවෙන් මූනට හිනාවක් අරගෙනයි..

🐹 ම..මන් මොකක්ද කරන්න ඕන ??

🌹 කුකී මට ආදරෙයි ද කියලා හොයලා කියන්න....ප්ලීස්....කුකී ගැන මටත් වඩා හොදට දන්නේ ඔයානේ..ඒ නිසා ඔයාට පුලුවන් වෙයි කුකීට මන් ගැන තියෙන්නේ මොන වගේ හැගීමක්ද කියලා කියන්න..ප්ලීස් ජින්..චේබල් මට උදව් කරන්න..මට ඔයා හැරෙන්න මේ දේවල් කියන්න කෙනෙක් නෑ..ඔයා මට උදව් කරනවා නේද ??

කෙල්ල අහපු දේවල් වලට ජින් හීනෙන් වගේ හරි කියලා ඔලුව වනනකොට ජින්ව සතුටින් තව පාරක් බදාගත්ත කෙල්ල තවත් මොනවදෝ කියලා එතනින් ගියේ ජින් දුන්න මල් පොකුරත් බෙන්ච් එක උඩ තියලමයි..කෙල්ල යනවා හීනෙන් වගේ පෙනුනත් තවත් හැගීම් හිර කරන් ඉන්න බැරිම තැන කෙල්ල දාලා ගියපු මල් පොකුරත් අරන් රිදෙන පපූවත් අල්ලන් හයියෙන් අඩන්න පටන් ගත්තේ වේදනාව ටිකක් හරි අඩුවෙයි කියලා හිතාගෙනයි..ජින්ගේ දුක අහසටත් තේරිලා වගේ හයියෙන් වහින්න ගන්නකොට වට පිටේ හිටපු හැම කෙනාම නොතෙමෙන්න තැන්වලට දුවනකොට ජින්ට පුලුවන් උනා ඇති තරම් අඩන්න..මහ වැස්ස තනිවෙලා ඉන්න ජින්ට ඇති තරම් අඩන්න චාන්ස් එකක් දුන්න..

තමන් ආදරේ කරන කෙන තමන්ට ආදරේ නෑ කියලා දැනෙනකොට දැනෙන වේදනාව කියලා නිම කරන්න වචන නෑ..ඒක දරාගන්න අමාරු වේදනාවක්...ඒත් ඇත්තටම ආදරෙයි නම් හිත හදාගෙන තමන් ආදරේ කරන කෙනාගේ සතුට දිහා බලලා සතුටු වෙනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නෑ..ඒකයි ලැබීම..දෛවය සමහරවිට තීරණය කරන්න ඇති මේ ආත්මේ රාශිවයි ජින්වයි එක් නොකරන්න..
.

.

.

.

Mrs.jeon : කුකී...පුතා දැන් 12ටත් කිට්ටුයි..කෝ ජින් තාම නෑනේ..වෙනදට 8 වෙනකොට කොහේ හිටියත් මේ ලමයා එනවානෙ...

🐰 ඒක තමයි ඔම්මා මාත් බැලුවේ..එලියේ හොදටම වහිනවත් එක්ක..හරි යන්නේ නෑ...මන් ගිහින් බලලා එන්නද ??

Mrs.jeon : ඒත් දරුවෝ වහිනවනේ..මේ වැස්සෙ ඔයා කොහෙන් කියලා ජින්ව හොයාගන්නද ??

🐰 රාශිට කෝල් කරාම එයා කිව්වේ හ්‍යුන්ග්ව එයා අන්තිමට බීච් එකේදි දැක්කා කියලනේ..ඒ නිසා මන් බීච් එක පැත්තේ ගිහින් බලන්නම්..

Mrs.jeon : හ්ම්..ජැකට් එකත් දාගෙන යන්න..

මිසිස් ජියෝන් ජන්ග්කුක්ට ජැකට් එක දෙනකොට ඒක ඇන්ද ජන්ග්කුක් එලියට යන්න දොර ඇරියත් දොර ලග ඉන්න කෙනාව දැකලා එයා එහෙම්ම නතර උනා..

🐰 හ්‍යුන්ග් ??

Mrs.jeon : දෙයියනේ පුතා...ඔය හොදටම තෙමිලා දරුවෝ...කොහෙද මෙච්චර වෙලා ගිහින් හිටියේ..අපි හොදටම බය වෙලා හිටියේ...කුකී දැන් ඔයාව බලන්න එන්න හැදුවා විතරයි...

මිසිස් ජියෝන් එක දිගට කියන් ගියත් තෙත බරිත වෙලා ඔහේ බලාගත්තු අත බලන් හිටපු ජින් ටිකක් වෙලා ඉදලා මුකුත්ම නොකියා කාමරෙට ගියේ මිසිස් ජියෝන්වයි ජන්ග්කුකව‍යි දෙන්නවම පුදුම කරලයි..

Mrs.jeon : මොකක්ද එයාට වෙලා තියෙන්නේ ??

මිසිස් ජියෝන් අහනකොට දන්නේ නෑ කියලා උරහිස් හකුලපු ජන්ග්කුක් ජින් ගිය දිහා දුකෙන් බලාගෙන හිටියා..

🐰 ඔම්මා හ්‍යුන්ග්ට සුප් එකක් හදලා දෙන්න..නැත්තම් එයාට උන හැදෙයි...මන් ගිහින් ඒක දිලා මොකද උනෙ බලන්නම්..

ජන්ග්කුක් කියනකොට හා කියලා ඔලුව වනපු මිසිස් ජියෝන් ඉක්මනට සුප් එකක් හදලා ජින්ට දෙන්න ජන්ග්කුක්ට දුන්නත් ජන්ග්කුක් යනකොටත් ජින්ට හොදටම නින්ද ගිහිනුයි තිබ්බේ...ජින්ව ඇහැරවලා සුප් එක දෙන්න ඕන උනත් ජින්ගේ ඉදිමුන ඇස්,අතු උන මූන දැක්කාම ජන්ග්කුක්ට එයාව දැන් ඇහැරවන්න හිත දුන්නේ නෑ..ඒ නිසාම සුප් එකත් අරන් ජන්ග්කුක් සද්ද් නැතුව කාමරෙන් ආවේ උන දේ හෙටවත් අහන්න හිතාගෙනයි..

.

.

.......................................... ♡....................................

Continue Reading

You'll Also Like

6.7K 273 21
"𝒀𝒐𝒖 𝒈𝒐𝒕 𝒂 𝒇𝒆𝒕𝒊𝒔𝒉 𝒇𝒐𝒓 𝒎𝒚 𝒍𝒐𝒗𝒆" Kai Parker x Fem!OC Alternate S6 Started: 04/02/24 Ended: TBA DISCLAIMER: I do not own TVD or it...
Fate By v xxxiri v

Short Story

21K 1.5K 12
"𝚆𝚑𝚎𝚗 𝚠𝚒𝚕𝚕 𝚝𝚑𝚎𝚢 𝚜𝚝𝚘𝚙 𝚑𝚊𝚝𝚒𝚗𝚐 𝚖𝚎 ?" 𝙰 𝟷𝟻 𝚢𝚎𝚊𝚛 𝚘𝚕𝚍, 𝚅𝚒𝚜𝚑𝚗𝚞 𝚊𝚜𝚔𝚎𝚍 𝚌𝚛𝚢𝚒𝚗𝚐 𝚑𝚒𝚜 𝚑𝚎𝚊𝚛𝚝 𝚘𝚞𝚝. "𝚆...
26.9M 1.1M 42
she dreads to get to school because of one name. ; high school au, tsundere!taehyung lmao » under edit » #4 in fanfiction on 171222
462K 1.5K 47
🔞🔞🔞 warning sex!! you can cancel if you don't like it.This is only for the guys who have sensitive desire in sex.🔞🔞