~ පිනිපොද ~

By Blue_Berry_03

32.6K 5.7K 1.2K

නපුරු හදවතකට පෙම්බැදි අහංකාර හදවත~... Taekook nonfiction Top Kook Bottom Tae Smut warning 🔞 Happy Ending ... More

~පෙරවදන~
~පළමුවන පින්න~
~දෙවන පින්න~
~තෙවෙනි පින්න~
~සිව්වන පින්න~
~පස්වන පින්න~
~සයවන පින්න~
~සත්වන පින්න~
~අටවන පින්න~
~දහවන පින්න~
~එකොළොස්වන පින්න~
~දොළොස්වන පින්න~
~දහතුන්වන පින්න~
~දාහතරවන පින්න~
~පහළොස්වන පින්න~
~දහසයවන පින්න~
~දාහත්වන පින්න~
~දහඅටවන පින්න~
~දහනවවන පින්න~
~විසිවන පින්න~
~විසිඑක්වන පින්න~
~විසිදෙවන පින්න~
~විසිතුන්වන පින්න~
~විසි හතරවන පින්න~
~විසිපස් වන පින්න~
~විසිහය වන පින්න~
~විසිහත් වන පින්න~
~විසිඅට වන පින්න~
~විසිනව වන පින්න~
~තිස් වන පින්න~
~තිස්එක් වන පින්න~
~තිස් දෙවන පින්න~
~තිස්තුන් වන පින්න~
~තිස්හතර වන පින්න~
~තිස්පස් වන පින්න~
~තිස්හය වන පින්න~
~තිස්හත් වන පින්න~
~තිස්අට වන පින්න~
~තිස්නව වන පින්න~
~හතලිස් වන පින්න~
~හතලිස්එක් වන පින්න~
~හතලිස් දෙවන පින්න~
~හතලිස් තුන්වන පින්න~
~හතලිස් හතරවන පින්න~
~හතලිස් පස්වන පින්න~
~හතලිස් හයවන පින්න~
~හතලිස් හත්වන පින්න~
HELLOOOOW...

~නවවන පින්න~

648 122 20
By Blue_Berry_03

ආදිත්‍ය pov ,

හරියටම පංතියේ බයික් දාන තැනින් බයික් නවත්තද්දි වෙලාව අටයි පනස් අටයි..... තව විනාඩි දෙකයි...... අම්මේ....... මුන් දෙන්නා පියෑබුවා...... මරු ඩ්‍රයිවින්ග්. කවුද දන්නෑ ලයිසන් දුන්නේ......

පංතියට යද්දි කෙල්ලො හැමෝම අපි දිහා මැජික් වගේ බලනවා.....

එහෙම තමා ඉතින් හැන්ඩ්සම් කොල්ලෝ බැස්සාම..... ගැම්මක් තමා...... හිකිස්.....

පන්තියට යන්න කලින් අපි කාඩ් ගන්න ගියා........ ඇතුලත්වීමේ ගාස්තුව ගෙවන්න එපැයි.

නංගියි මායි කාඩ් ගන්නකල් අරුන් දෙන්නාත් අපි එක්කම හිටියා....

කාඩ් අරන් පන්තියට යද්දි සර් ඇවිල්ලා නෑ..... මේක එච්චර ලොකු පන්තියක් නෙවෙයි වගේ.. ළමයි සීයක් වගේ තමා ඉන්නේ. නැත්තං සමහර පන්ති වල ළමයි දෙතුන්දාහානේ.....

මැද හිස්ව තිබ්බ බංකුවකින් අපි හතරම ඉදගත්තා.......

මේකෙ උන් අපි දිහා කන්න වගේ බලාගෙන ඉන්නේ. ගොඩාක් උන්ගේ ඇස් තියෙන්නේ අපේ පොඩී ගාව. ඇයි ඉතින් ඒකි ඉන්නේ කොල්ලොම තුනක් එක්කනේ. අනික පන්තියට ආවේ දිලුමාගෙ බයික් එකේනේ......... අනෙහ්. ඕන මගුලක් හිතාගන්නැතෑ.... අපිට පාන්ද නේද......

මායි නංගියි ගෙනාවේ එහෙ පන්ති යද්දි ගෙනාව පොත්ම තමා.....


විනාඩි පහක් වගේ යද්දි සර් ආවා..














පැය තුනම දිගටම ඉගැන්නුවා..... සර්ට නංගිවයි මාවයි නෝට්. අපි දෙන්නාව නැගිට්ටවලා විස්තර ඇහුවා....... අපි දෙන්නා නිවුන්නු කියද්දි තමා පන්තියේ උන්ගේ ඇස් අපේ පැත්ත දිහා අමුතුවට බලන එක නැවතුනේ.......... සර්ම කිව්වානේ දැන් වත් මුන් දිහා නොබලා වැඩේ කරගනිල්ලා කියලා. ඒ කියන්නේ සර්ටත් පෙනිලා මුන් මගෙ එකී දිහා අමුතු සතෙක් ගානට බලනවා........

අපි පන්ති ඉවර වෙලා එලියට ඇවිල්ලා බයික් ලගට යන ගමන් මං අද බයික් එකක් ගන්න එක ගැන දිලුම්ට කිව්වා. ඒ කිව්වාට පස්සේ මූට මට වඩා හදිස්සිය..... මරු හැබැයි ..........

ජනාධිපති පුතනුවනුත් අපිත් එක්ක එන්නම් කිව්වා...... පොර කිව්වා උගේ තාත්තාගේ වාහන සේල් එකට යමු කියලා........

ඒ කියන්නේ මූ වාහන සේල් එකක අයිතිකාරයෙක්ගේ පුතෙක්....... ම්ම්ම්ම්........ ජනාධිපති පුත්‍රයෙක් වගේ තමා ඉතින්. ඇයි යකෝ සල්ලි නැද්ද. දැනුත් මූ මේ බිස්නස් එකක්නේ කරන්න යන්නේ. තාත්තාගෙන් කොමිස් එකක් වත් හම්බෙනවා ඇති මූට......

වෙන කරන්න දෙයක් නෑනේ. අපි මෙහෙ ගැන දන්නෙත් නෑ...... ඒ හින්දා මං කැමති උනා උගේ වාහන සේල් එකට යන්න.......

බයික් වලට නැග්ග අපි එහෙම්ම ලංකා බැංකුවක් තියෙන පැත්තකට ගියා.........

ජනාධිපති පුතනුවන් කිව්ව විදියට නම් උන්ගෙ සේල් එක ලගම බැංකුවක් තියෙනවාලු.........

අපි කොට්ටාවටම ආවා........

බැංකුවට යන්න කලින් අපි වාහන සේල් එකට ගිහිල්ලා බයික් එකක් බැලුවා......

කොච්චර බයික් බැලුවත් අවසානෙට මගෙයි නංගිගෙයි දෙන්නාගෙම ඇස් නැවතුනේ රතුපාට පල්සර් එකක් ලග....

ලක්ශ අට හමාරයි.

එහෙම්මම නංගි එක්ක බැංකුවට ගියපු මම ලක්ශ අටයි හැත්තෑ පහක්  ගත්තා...... සල්ලි නාස්ති කරන්න බෑ.......


සල්ලි දීලා බයික් එක අරගෙන එව්වා මෙව්වා පුරවලා බයික් එකේ යතුරු දෙකම අපි ගත්තා..... එතනින්ම හෙල්මට් දෙකකුත් ගත්තා........ කලු එකයි නිල් එකයි. කලු එක මට, නිල් එක නංගිට.....

කිරිටොයියට තියෙන බයික් එක නිසා පදින්නත් ලෝබයි. නම්බර් ප්ලේට් වත් ගහලා නෑනේ තාම. ඉක්මනින් බයික් එකට ලයිශන් අරගෙන වැඩ ටික ඉවර කරගන්න ඕන..........


එහෙම්මම අපි ආවේ ගෙවල් පැත්තට.... පන්නිපිටියෙන් අපි බයික් නැවැත්තුවේ ගෙදරට ඕන බඩු ගන්න....

කොරියන් එක්සෑම් හෝල් එක යට තියෙන ෆූඩ් සිටියට ගියපු මායි නංගියි අපිට ඕන බඩු ටික අරගත්තා. පොඩී ඊයේ රෑම බඩු ලිස්‍ට් එකක් හදලා. ඒ නිසා ඉක්මනින් බඩු ටික ගත්තා........

අපි එලියට එනකොට අරුන් දෙන්නා බයික් වලට හේත්තු වෙලා පෝන් කොටනවා.

මගෙ ඇස් කැරකුනේ කොරියන් එක්සෑම් හෝල් එක ලග ඉන්න ළමයිනුයි දෙමව්පියොයි ගාවට.

ජීවිතේ දිනන්න බලාගෙන එන මිනිස්සු....... හැබැයි කීයෙන් කීදෙනාද ඕක පාස් වෙන්නේ. සමහර උන් එක පාර කරලා පාස් වෙද්දි තව සමහරු දෙපාර තුන්පාර හරි කරලා උන්ගේ හීනෙට යනවා.....










අපි korean exam hall එක ලග තිබ්බ පාරෙන් දාලා අපේ ගෙවල් පැත්තට ආවා........

අපේ එකී කොච්චර ඉගෙන ගත්තාත් ඒකි කියන්නෙම උසස්පෙළ ඉවර කරලා korean exam එක කරනවා කියලා.........
මෙහෙට එන්න කලින් ඉදන් එයාගෙ හීනයක් ඒක...... මං දැක්කා දැනුත් exam hall එක දැකලා එයාගෙ ඇස් දිලිසෙනවා..

මගෙත් විරුද්දත්වයක් නෑ. ලංකාවේ ඉදලා මොනා කරන්න්ද?
හිතුනොත් මාත් යනවා...... බලමුකො අපි.......

දිලුමාගේ ගෙදර ඉස්සරලාම නිසා ඌ මගින් හැලුනා......

අපේ ගෙවල් වලට කිට්ටු වෙද්දි ජනාධිපති පුතනුවන් උගෙ ගේ ගාවින් අපිට හෝන් එකක් ගහගෙනම නැවතුනා.........

අපිත් අපේ ගෙදරට ඇවිල්ලා නැවැත්තුවට පස්සෙ. අතින් කටින් බඩු එල්ලන් හිටපු නංගිත් බැහැලා ගිහිල්ලා ගේට්ටුව ඇරියා. මං බයික් එක වත්තට දාලා ගෙදර දොර ඇරියා. නංගිත් ගේට්ටුව වහලා ගේ ඇතුලට ඇවිල්ලා එහෙම්මම කුස්සියට ගිහිල්ලා බඩු ටික තිබ්බා.






























අද සෙනසුරාදා........ සතියක් වෙන්න එනවා අපි අලුත් ජීවිතේකට පුරුදු වෙලා.

ඊයෙම දිලුමා මැසේජ් එකක් දාලා තිබ්බා අද ජනාධිපති පුතනුවන් එක්ක මෙහෙ එනවා කියලා උදේට කන්න.......

ඒ නිසාම නංගියි මායි පහට නැගිටලා ඉව්වා. නවය වෙද්දි යන්න එපැයි.......

ඇබරැල්ලා උයලා , මුහුදු මාලු හදලා කංකුන් තෙල් දාලා පපඩම් බැද්ද..... නංගිට උයන්න උදව් කරපු මම ඉක්මනින් මිදුල අතුගෑවා. මං මිදුල අතුගාද්දි පොඩී ගෙදර අස් කරා. මහා දෙයක් නෑ ඉතින් අස් කරන්න. මොකද ගෙවල් හැඩි වෙනවා කියලා ඈ......

අපි නාලා ලෑස්ති උනා හතයි හතලිහ වෙද්දි. කෑමත් මේසෙට ඇරලා නංගි ගියා හෝදපු රෙදි වැලට දාන්න..... ගේ පිටිපස්සෙ තියෙන පේමන්ට් එකේ තමා රෙදි වේලෙන්න දාන්නේ. කොයි වෙලේ වහියිද කියන්න දන්නෑනේ මෙහෙට........

නංගි රෙදි දාලා එද්දිම අරුන් දෙන්නා ආවා.......

ආපු ගමන් කෑම මේසෙට ගිහිල්ලා දෙන්නම ඉදගත්තා......

" අම්මෝ පොඩී........ මං ආසම කෑම ටිකක් බං මේ...... සුවද යකෝ.... අද කනවා බඩ පැලෙන්න......"

ඔයාලා හිතන්නෙ ඒ කවුරු කියලාද? දිලුම් කියලාද? පිස්සුද මිත්‍රවරුනි..... ඒ අර අහංකාර ජනාධිපති පුතනුවන්........ මුගේ ඔක්කොම ලොකු ලයින් අපිට තමා.... ඒකට බලන්න ඕන මූ අපේ පොඩීට සලකන විදිය. උගෙ හොදම යාලුවා උන දිලුමාටවත් නෑ ඒ වගේ සැලකිල්ලක්........ අපේ එකිත් මූට පන ඇරල.....

මේ දවස් දෙකට මුන් දෙන්නා අමුඩෙයි පුකයි වගේ සෙට් උනා....

මල විකාර මේ පකයාගෙ.....

අපි කද්දි නංගි අපි දෙන්නාගෙ ප්ලෑන් එක කිව්වාට පස්සේ.... උන් දෙන්නාත් ඒකට උඩින්ම කැමති උනා........

" හේශව්.... දිලු..... මායි ලොකුයි කතා උනේ ලබන සතියේ ඉදන්ම පාඩම් කරන්න ගන්න. කොහොමත් ඔයාලාගෙ sport meet පටන් ගත්තාම උගන්නන්නෙත් නෑනේ. විබාගෙ ලං උනාම පුක කැඩිලා වගේ දගලන්න බෑනේ..... මොකද කියන්නේ. දෙන්නා එනවාද අපි එක්ක පාඩම් කරන්න...."

" මරු මරු...... මං අපේ අයියාවත් එක්කන් එන්නම්. එතකොට උගෙනුත් අහගන්න පුලුවන් අපි දෙගොල්ලොන්ටම. ඌ මැත්ස් කරාට පිසික්ස් කරපු නිසා අපිට අහගන්න පුලුවන්......"


කෑම කාලා අපි ඉතින් අපේ දඩු මොනරවල් වල නැගලා පන්තියට පියෑබුවා. අදත් ඉතින් ඇතුලත් වීමේ ගාස්තු ගෙවලා යන්න එපැයි. Chemestry , Bio වලට අදනේ යන්නේ අපි..........




To be continued ..........................................

අත පැත්තක දාලා ආවා අනේ මම. හිතේ අමාරුවෙන් ඉන්නේ මේ ළමයා 😒💔.

අද එක කොහොමද? කම්මැලි ඇති මේක නම්. ඒත් ඉතින් උවමනා එව්වා දාන්නම එපැයි.......

ආදි ගැන,

හේශව් ගැන,

පොඩී ගැන කියාගෙන යම්න....

ඔන්න අහංකාර හේශව් අපේ පොඩී එක්ක ෆිට් කියන්නේ අමුඩේයි පුකයි වගේ 😅😂💔.

එයාලා එකට පාඩම් කරන්නලු යම්නෙ...... 😉. හොද ළමයි නේත 😌.

ආතරෙයි අනේ මගේ little bubbles ටිකට  💜️💚.

Continue Reading

You'll Also Like

186K 20K 56
"කේතු දන්නවද මම කේතුට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්...
35.3K 535 53
What the title said. You are a Worker Drone BTW Slow Updates because My motivation is dying.
18.2K 192 17
bang chan x reader! i do not own any of the characters in this book- based of the k-idol group, stray kids
11.2K 1.7K 9
කොහෙන් කොහොම හරි අවසානෙ නිසල වෙන මලකඳකට .., ජීවත් වෙයන් කියලා හුස්ම පිඹලා උඹටම දවසක මහන්සි දැනේවි. අන්න එදාට බැරිවෙලාවත් .. මට දිගටම හුස්ම අරගන්න ආස...