~ පිනිපොද ~

By Blue_Berry_03

32.6K 5.7K 1.2K

නපුරු හදවතකට පෙම්බැදි අහංකාර හදවත~... Taekook nonfiction Top Kook Bottom Tae Smut warning 🔞 Happy Ending ... More

~පෙරවදන~
~පළමුවන පින්න~
~දෙවන පින්න~
~තෙවෙනි පින්න~
~සිව්වන පින්න~
~පස්වන පින්න~
~සයවන පින්න~
~අටවන පින්න~
~නවවන පින්න~
~දහවන පින්න~
~එකොළොස්වන පින්න~
~දොළොස්වන පින්න~
~දහතුන්වන පින්න~
~දාහතරවන පින්න~
~පහළොස්වන පින්න~
~දහසයවන පින්න~
~දාහත්වන පින්න~
~දහඅටවන පින්න~
~දහනවවන පින්න~
~විසිවන පින්න~
~විසිඑක්වන පින්න~
~විසිදෙවන පින්න~
~විසිතුන්වන පින්න~
~විසි හතරවන පින්න~
~විසිපස් වන පින්න~
~විසිහය වන පින්න~
~විසිහත් වන පින්න~
~විසිඅට වන පින්න~
~විසිනව වන පින්න~
~තිස් වන පින්න~
~තිස්එක් වන පින්න~
~තිස් දෙවන පින්න~
~තිස්තුන් වන පින්න~
~තිස්හතර වන පින්න~
~තිස්පස් වන පින්න~
~තිස්හය වන පින්න~
~තිස්හත් වන පින්න~
~තිස්අට වන පින්න~
~තිස්නව වන පින්න~
~හතලිස් වන පින්න~
~හතලිස්එක් වන පින්න~
~හතලිස් දෙවන පින්න~
~හතලිස් තුන්වන පින්න~
~හතලිස් හතරවන පින්න~
~හතලිස් පස්වන පින්න~
~හතලිස් හයවන පින්න~
~හතලිස් හත්වන පින්න~
HELLOOOOW...

~සත්වන පින්න~

707 126 36
By Blue_Berry_03

ආදිත්‍ය pov,

පන්සිල් අරගෙන පංතියට මං අරුන් දෙන්නාත් එක්කම ආවා.....

චතුර තාරින්ද විජේනායක

නුවන් මිහිරන් කුලතුංග......

අපි පන්තියෙන් ඇවිල්ලා ඉදගත්තා.
අරුන් දෙන්නා ඉන්නේ මට ඉස්සරහා පේලියේ......

උන් දෙන්නාගෙ වැඩේ කියවන එක. මං ඉතින් දැන් තියෙන්නේ බයෝ නිසා අපේ එකාගේ පොත අරගෙන පොඩ්ඩක් බැලුවා...... මොකද බයෝ සර් දැන්ම එන්නේ නෑලු.

ගුරු වරුන්ගේ මීටින්ග් එකක් කියන්නේ. ඒකියන්නේ තව පැය බාගයල් යනකල් සර් පංතියට එන්නේ නෑ........

මං පොත බල බල ඉද්දි මට දැනුනා මගෙ දෙපැත්තේ දෙන්නෙක් වාඩි වෙනවා.

වෙන කවුද ඉතින්, අපේ ගොබ්බයායි ජනාධිපති පුතනුවනුයි  මිසක්......

මං ඉතින් ආය හැරි හැරි බැලුවේ නෑ. පාඩුවේ පොත කියවගත්තා......

ඒත් ඉතින් මට වැඩි වෙලාවක් එහෙම ඉන්න බැරි උනේ අපේ එකා උගෙ වක්කඩ ඇරිය හින්දා......

" ඒ ඔය මගෙ බයෝ පොත නේද?"

" හම්ම්......."

" මේ ඒක නෙවෙයි ලොකූ..... උබයි පොඩීයි පංති එන්නැද්ද? "

මං ඉතින් පොත වහලා උගෙ පැත්තට හැරුනා. ඊයේ මායි පොඩියි කතත් උනා පන්ති ගැන. A/l ගොඩ දාගන්න නම් අනිවාර්යයෙන්ම පංති යන්නම වෙනවා.

"ඊයේ පොඩීයි මායි ඔය ගැන කතා උනා. උබලා යන තැනටම එන්න තමා අපි දෙන්නාත් බැලුවේ. පොඩීගේ මැත්ස් ක්ලාසුත් ඇතිනේ උබ පංති යන තැනම.."

" ඔව් එතන ඉතින් ඔක්කොම තියෙනවා බං..... ආර්ට් ,මැත්ස්, සයන්ස්, ටෙක් , කොමස්.. නැති ලබ්බක් නෑ..... මං පොඩීට පංති තියෙන දවස් බලලා උබට කියන්නම්. පිසික්ස් නම් අපි එක්කමනේ...."

" අපේ අයියා දන්නවා ඇති. මං අහලා කියන්න්ද හවසට? "

හෑ...................... වට් අ සප්‍රායිස්..... මෙන්න යකෝ ජනාධිපති පුතනුවන් කතා කරා.... ඒකත් කිසි දෙයක් නොහාම....... අම්නේ....... මුට කතා කරන්න පුලුවන් ඒ කියන්නේ..... කට හඩේ ගොරෝසු යකෝ. මුගෙ කටට තමා මේකේ උන් බය..... ඇයි යකො කොටියෙක් ගොරවනවා වගේනේ........

පොඩ්ඩක් හිටපන්........ මේ මගෙන්ද ඇහුවේ..... ඒකද මූ මගෙ දිහා බලාගෙන ඉන්නේ.....

" මගෙන්ද ඇහුවේ........"

මං ඇහුවා. නැත්තං මං දන්නවා යෑ.....

මූ ඒකට ඔලුව උඩ පහල කරා..... අයියා මැත්ස් කරා කියන්නේ.. මුට අයියෙකුත් ඉන්නවාද? එහෙනම් ඉතින් ඒකත් මූ වගේ බිල්ලෙක් වෙන්නැති.......

" මං ගෙදර ගිහිල්ලා අයියාගෙන් අහන්නම්. එයා ගිය අවුරුද්දේ A/l කරේ.. මං ඊට පස්සේ හවස ඔයාට මැසේජ් එකක් දාන්නම්..... "

" හ්ම්ම්.... තෑන්ක්......."

මනුස්සයෙක් උදව්වක් කරාම ඉතින් ස්තූති නොකර බෑනේ.......

" අනුහසා..... උබ ගාව අපේ ලොකුවාගෙ නම්බර් එක තියෙනවාද?"

" හ්ම්ම්...... ඊයේ ගෲප් චැට් එක වෙලාවේ සේව් කරගත්තා....."

" එහෙනම් උබ ලොකුවාට කියපන් හරේ........ හෙට අපි ඔක්කොටම පිසික්ස් පංති උදේ නවයෙ ඉදන් දවල් එක වෙනකල්. හෙට ඉස්කෝලේ එන්න වෙන්නෑ අපිට..... ඒ නිසා පොඩී එක්ක වරෙන්..... බයික් වල යමු......"

මං ඒකට මොකුත් නොකියා ඔලුව  වැනුවා.......  එහෙනම් පන්ති ප්‍රශ්නෙත් හරි......

අපේ කතාව ඉවර වෙද්දිම සරුත් පංතියට ආව නිසා අපි වැඩ පටන් ගත්තා........

ඉන්ට(ර්)වල් එක වෙනකල් එක දිගට වැඩ........ Interval announce කරාට පස්සේ ඊයේ වගේම ඔක්කොමලා එලියට ගියා.....

හැබැයි චතුරයායි නුවනායි ඉන්නවා....... අනික් ඔක්කොම ගියා..

"ලොකූ ඔන්න අද මමත් බත් එකක් ගෙනාවා. "

" මාත් ගෙනාව......"

අපේ එකායි ජනාධිපති පුතනුවනුයි දෙන්නාම කෑම ගෙනල්ලා... මාත් ඉතින් බත් එක අරගෙන මේසේ උඩින් තියලා අරුන් දෙන්නා එක්කම නැගිට්ටේ අත හෝදන්න යන්න.......

" එහ් මේ......... අපි දෙන්නාත් කෑම ගෙනාවා ඈ......"

එහෙම කියාගෙන චතුරයි නුවනුයි අපි පස්සෙන් ආවා...... අද කෑම පහයි. ඒ කියන්නේ බඩෙන් බාගෙ කන්න ඕන නෑ.....

අපි අතහෝදගෙන පංතියට එද්දි දැක්ක දෙයින් මට ආයම ඔප්පු උනා ..... ගමේ උන් වගේම තමා මුනුත් කියලා......

අත හෝදන් එන ටිකට එලියට ගියපු උන් සෙට් එකක් ආයම පංතියට ඇවිල්ලා මෙසේ උඩ තියලා තිබ්බ අපේ කෑම පහම කාලා..........

මට බඩගිනියි යකෝ.........

" කැරි වැඩ කරන්න එපා පකෝ...... අපි මොනාද කන්නේ දැන්......"

යකා නැගපු දිලුමා අරුන් ගාවට ගිහිල්ලා අහද්දි මුන් සේරම දත් ටික පෙන්නලා හිනා උනේ සිග්නල් ඇඩ් එකේ වගේ.....

කැරි වැඩ මුන්ගේ.......

චතුරයාට නිකන් ඇඩිලා වගේ....... නුවනා නම් ඔලුවේ අත ගහගෙන. අපේ එකා අරුන්ට සුද්ද සිංහලෙන් අමතනවා. උන්ට ගානක් නෑ..... කාලම තමා උන් එතනින් අයින් උනේ........

විනාසයි....... අපි  තුන් දෙනාගේ මේසේ ගන්න දෙයක් නෑ..... ඌරු කොටුව වගේ........

ජනාධිපති පුතනුවන් තොල හපාගෙන උට පනින්න හදන හිනාව කාගෙන ඉන්නවා.......

හැබැයි අපි ඉන්න තැන දැක්ක ගමන් ඌ උගේ හෙඩා මූඩ් එකට ආවා......

" කෑවා නම් උබලා ඔතන අතුගාලා ඩෙස් ඉදුල් නොහිටින්න පිහ දාලා දීපන් හරේ....... ඊට පස්සේ ඔය කෑම කොල ගිහිල්ලා කුනු වලට දාපන්...... "

මූ කිව්වා විතරයි අරුන් ගියා.......

ඩිපියුටියා අපේ ලගට ආවා.....

දැන් ගෙදර යනකල් බඩගින්නේ ඉන්න බෑ බං. කැන්ටිමට යමු.... සල්ලි අරගෙන් වරෙල්ලා..... "

ඇත්ත ඉතින් මට යකෙක් කන්න තරම් බඩගිනියි..... කොහොමත් ගෙදර යනකල් ඉන්න බෑ.....

අපි ඉතින් පර්ස් අරගෙන කැන්ටිම පැත්තට ගියා....

Interval එකෙන් පස්සේ තියෙන්නේ ජිට් අද....... අපේ එකා කිව්ව විදියට අද ජිට් නෑ...  ඒ නිසා ඇති වෙනකල් කන්න පුලුවන්. නැත්තං අද කන්න වෙන්නෑ. මොකද ඉන්ටවල් එක ඉවර දෙන්න තව තියෙන්නේ විනාඩි දහයක් වගේ. ඕක අපිට හැරෙන්නත් මදි......"

" අපි අරුන්ට හොරෙන් කන්න ගිය හින්දාලු උන් අපිට නොතියා කෑවේ........ "

නුවනා කියද්දී අපේ  එකා,

" අපි උන්ට එලියට යන්න කිව්වේ නෑනේ. කැරි වැඩේ කරලා දැන් මෙතන පකක් කියවනවා....."

ඇත්ත ඉතින් අපි උන්ට යන්න කිව්වේ නෑනේ......

අපි යද්දි කැන්ටිමේ කට්ටිය අඩුයි.

ඒ හින්දා හතර දෙනාම ඇතුලට ගිහිල්ලා මේසෙකින් ඉදගත්තා....

" මොනාද බං කන්නේ. පට්ට බඩගිනියි....... "

ඒ චතුර........

"ඉදි ආප්ප කමු.... වෙන ඒවා කෑවට බඩ පිරෙන්නේ නෑනේ. හැබැයි ඒ ඉදි අප්පා වලින් අහස බලන්න පුලුවන් නිසා තෝසෙත් ගමු......."

ඒ  ජනාධිපති පුතනුවන්.......

හිතුව තරම් යකා කලු නෑ වගේ. ඒකනේ ඔය යස අගේට කතා කරන්නේ.......

අපේ එකා නැගිටලා ගිහිල්ලා කැන්ටිමේ නැන්දාට මූ ඕන එව්වා කිව්වාට පස්සේ නැන්දා කිව්වා කෑම එවන්නම් කියලා.....

අපි කැන්ටිමේ කවුන්ටරේට ලග නිසා ඔක්කොම ඇහෙනවා අපිට....

දිලුමා ඇවිල්ලා ඉදගෙන ඉන්නකොට කොල්ලෝ දෙන්නෙක් ඉදි ආප්ප පාර්සල් පහක් එක්ක තෝසේ පිගානක් ගෙනල්ලා තිබ්බා.  හොදි කප් එකයි පොල් චට්නියයි.....

බඩගින්නේ හිටපු නිසා අපි කාගෙන කාගෙන ගියා......

හෙඩා කිව්වා හරි ඉදි ආප්ප වලිම් අහස බලන්න පුලුවන්....

කාලා සල්ලිත් ගෙවලා අපි වොශ් රූම් ගිහිල්ලා බර නිදහස් කරගෙන පන්තියට යද්දි අපි ඉන්න තැන අරුන් සුද්ද කරලා තිබ්බා.....

ම්ම්ම්....... මුන් සේරම ජනාධිපති පුතනුවන්ට බයයිද කොහෙද......

අපි ඉතින් අපේ තැන් වල ඉදගත්තා.

ඊලග පීරියඩ් එකට තව වෙලා තියෙන නිසා අපි පන්ති ගැන කියව කියව හිටියා.......














එක හමාර වෙනකල් දිගටම වැඩ.

ඉස්කෝලේ ඉවර වෙලා නංගිලාවත් අරගෙන අපි ගෙදර ආවා......

දිලුමුයි නංගියි අපි එක්කම ගෙදර ආවේ ස්කූටරේ අරන් යන්න ඕන නිසා.........

තිනුලි හසන්‍යා දිසානායක..
(දිලුම්ගේ නංගි)

මයි නංගියි රෑට කන ගමන් කතා උනේ හෙට පංති ඇරිලා වෙලා තියෙන නිසා බැංකුවට ගිහිල්ලා සල්ලි අරගෙන බයික් එක හෙටම ගන්න.  කොච්චර උනත් අපිට බෑනේ කරදර කරන්න පුංචිලාට හැමදාම........

නිදාගන්න රෑ ඇදට ඇවිල්ලා පෝන් එක බලද්දි තමා දැක්කේ හේශව්ගෙන් ආව මැසේජ් එක.....

" සෙනසුරාද අපිට පන්ති තියෙන වෙලාදටම තමා මැත්ස් පන්තිත් තියෙන්නේ කියලා අයියා කිව්වා.... එතකොට නංගිටත් අපි එක්කම යන්න පුලුවන් ආදි....."

එච්චරයි...... ඒ මෑසේජ් එකේ අමුතු මෙව්වා එකක් තියෙනවා වගේ අප්පා...... ආදි......... එයා මට පලවෙනි පාරට ආදි කිව්වේ......

මං ඉතින්

" Thank you soo much "

කියලා රිප්ලයි එකක් දාලා උදේ හයට එලාම් තියලා නිදාගත්තා....

යද්දි කාලා යන්න ඕන......






To be continued ..........................................

ම්ම්ම්........

යමක් සිත්ත වෙම්න යනවා වgay... නේත...... 👉👈...

ඉක්මනින් සෙට් කරන්න බෑ අනේ පොල්ලෙන් ගැහුවා වගේ......

මාස තුනක් වත් යන්න එපැයි අනේව්..... නේත.......

අදහස් කියාගෙන යන්න....

ආදි ගැන

හේශව් ගැන

චතුර නුවන් දන්නවා නේත ඔයාලා 👉👈.

දිලුමාගේ එක්කෙනත් ලගදිම කතාවට එන්ටර් වෙනවා ඈ......

ආතරෙයි මගේ little bubbles ටිකට  💜️💚.

Continue Reading

You'll Also Like

2.5K 588 12
අවුරුදු 7 ක් පුරාවට හොර රහසේම පැලෙන්න ආදරේ කරලත් ඒ ආදරේ අයිතිකරගන්න බැරි උනොත් ඔයා මොකද කරන්නෙ ? ආදරේ විඳිනවද ? නැත්තම් විඳවනවද ? ආදරේ කියන්නෙ පිස්ස...
46.1K 6.1K 53
"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින්න දඟලන ඇටි කිච්චන්ව පේන්න බෑ. ඒ නිසා මට...
153K 3.1K 96
Here are some gay imagines. A book where you can dream of Demi sweeping you off of your feet within every page Enjoy!😜🏳️‍🌈
4.9K 912 46
~තුහින හරි පරණ තාලෙ වයිබ් එකේ මනුස්සයෙක් . ඒ නිසාමද කොහෙද ආධිල් හැම තැනදිම හැම මොහොතකදිම හැම තප්පරයකම තුහිනව හරි විශේෂ විදියට දකින්න පුරුදු වෙලා ඉදි...