ආදිත්‍ය pov,
ප්‍රින්සිපල්ගේ ඔෆිස් එක ඉස්සරහින් නැවතුන මම කෙලින්ම බැලුවේ බාප්පා දිහා........
" ලොකූ....... යමු අර පුටුවලින් වාඩි වෙමු....... තව ටිකකින් පන්සිල් ගන්න හින්දා ප්‍රින්සිපල් එතනට ගිහිල්ලා ඇති. අද සදුදා නිසා ප්‍රදාන රැස්වීම තියෙයි. ඒ හින්දා අපිට තව සෑහෙන වෙලාවක් මෙතන ඉන්න වෙයි. "
මොකුත් නොකියා බාප්පා කියපු දේ තේරුනා කියන්න විතරක් මං ඔලුව ලාවට උඩ පහල කරා.....
අපි මෙතන ඉන්නවා දැකපු අංකල් කෙනෙක් අපේ බාප්පාට කතා කරෙ විස්තර අහන්න වෙන්න ඇති.
ඒත් එයාලා කතා කරපු විදියෙන්ම තේරෙනවා එයාලා කලින් ඉදන්ම හොදට අදුරන අය කියලා....
" එතකොට සුසන්ත මහත්තයා කිව්ව දරුවා මෙයාද? "
ඒ කෙනා බාප්පාගෙන් එහෙම අහද්දී බාප්පාත්,
" ඔව් සුමනේ...... මේ මගේ කොල්ලා තමා......"
" හැබැයි මහත්තයා ප්‍රින්සිපල් සෑර් නම් දැන්ම එන එකක් නෑ. අද ප්‍රදාන රැස්වීම නිසා තව පැය බාගයක්වත් යයි අඩුම."
" ඔව් ඔව්. මාත් මේ ඒක තමා ලොකු පුතාට කිව්වේ. "
" හරි එහෙනම් මහත්තයා මං යන්නම්. දැන් ඉස්කෝලේ වටේ බලන්න යන්න එපැයි. නැත්තං මුන් කට්ටි පනිනවා."
" ඇයි අද ශිෂ්‍ය නායකයෝ නැද්ද?"
" ඉන්නවා ඉන්නවා. අද කට්ටියම රැස්වීමේ. මං හිතන්නේ ඉස්සරහාට එන ක්‍රීඩා උත්සව කාලේ ගැන කියන්න ප්‍රින්සිපල් සෑර් එයාලව ගෙන්නගෙන. එහෙනම් මහත්තයාලා ඔතනින් ඉදගෙන ඉන්න. මං ඉස්කෝලේ වටේ බලලා එන්නම්."
ඒ මනුස්සයාට හිනාවකින් විතරක් උත්තර දුන්න බාප්පා මටත් ඉදගන්න කියලා එතනින් ඉදගත්තා. ඒත් අපිට වැඩි වෙලා එහෙම ඉන්න බැරි උනේ ගාථා කියන්න පටන් ගත්ත නිසා....
ගාථා ඉවර උන ගමන් අපි එතන ඉදගත්තා. ළමයි හයදාහක් වගේ ඉන්න නිසා ප්‍රින්සිපල් සර් මයික් එකකින් තමා කතා කරේ. මෙටනට ග්‍රෞන්ඩ් එක හොදට පේනවා. ළමයි හරි පිලිවෙලට එක කෙලින් ඉන්නවා. හරියට කොක්කු රෑනක් වගේ. පේලියක දශමයක ඇදයක් නෑ. අත් දෙක පිටිපස්සය බැදගෙන සැහැල්ලුවෙන් කකුල් තියාගෙන හෙල්ලෙන්නෙවත් නැතුව ළමයි හරි පිලිවලට ඉන්නවා. අව්ව මූනට වැටුනත් , ඉන්න කොච්චර අමාරු උනත් ඒ ළමයි ප්‍රින්සිපල් කතාව ඉවර වෙනකල් එහෙමම හිටියා.
ළමයින්ව විසුරුවා හැරියට පස්සේත් ගාල කඩා ගත්ත මීහරක් වගේ නොවී පේලියෙන් පේලියට පිලිවෙලක් ඇතුව ඒ ළමයි තම තමන්ගේ පංති වලට ගියා. ඇත්තටම බලන් ඉන්න හරීම ආසායි. ඒ තරම් පිලිවෙලයි. හරියට හමුදාවේ සෙබළු වගේ.
ළමයි ඔක්කොම ගියාට පස්සේ ඉතුරු උනේ ප්‍රින්සිපලුයි , තවත් ගුරුවරු කීප දෙනෙකුයි ශිෂ්‍ය නායක ටීම් එකයි විතරයි. මොකද ළමයි යද්දිම අනික් ගුරුවරුත් එතනින් ගියා.
අපේ එකාත් එතන ඉන්නවා මම දැක්කා. ඔව් ඔව් අපේ මල්ලි.... ඌ තමා ඩිපියුටියා.....
කොහොම හරි විනාඩි පහළවකට විතර පස්සේ එයාලාත් විසිරුනා.
ඒත් ඈත තියාම මං දැක්කා අපේ එකායි තව එකෙකුයි ප්‍රින්සිපල් ගේ පස්සෙන්ම එනවා.
අරුන් දෙන්නා එක්ක කතා කර කර ආපු ප්‍රින්සිපල් , අපෙ බාප්පාවයි මාවයි දැක්කායින් පස්සේ අර දෙන්නාට එතනම ඉන්න කියලා අපි ලගට ආවා.
" සුසන්ත........ දැන් ගොඩාක් වෙලාද ඇවිල්ලා.?"
" ඉස්කෝලේ පටන් ගන්නකොටම වගේ තමා සර් ආවේ...... "
"හප්පා.... එහෙමද? එහෙනම් යමුකෝ ඇතුලට...."
ඊට පස්සේ මායි බාප්පායි දෙන්නාම ප්‍රින්සිපල් සර්ගේ ඔෆිස් එක ඇතුලට ගියා.
ඒක නම් හරිම පිලිවෙළයි......
ඒසි කරපු කාමරේ, කුසලාන වලටම වෙන් කරපු තව කොටසක්, ෆයිල් වෙන වෙනම පිලිවලට අහුරපු රාක්කයක්, කබඩ් කීපයක් එතකොට අවසානෙටම ප්‍රින්සිපල් සර්ගෙ මේසෙයි කැරකෙන පුටුවයි...
හ්ම්ම්..... මාරම පිලිවෙළයි....
මගෙ කල්ප්නාව බිදුනේ බාප්පා මාව එයා ලගින් ඉන්දවගත්තාම.
ඊට පස්සේ බාප්පා මගෙ ෆයිල් එක ප්‍රින්සිපල් සර්ට දුන්නා.
ඇත්තටම බය වෙන්න දෙයක් නෑ. මොකද මං O/l වලට english medium කරා වගේම විශයන් නවයම A9 ක් දාගෙන පාස් උනා. විශේශම දේ මට English Literature වලටත් A එකක් තියෙනවා. එතකොට මෙහෙට එන්න කලින් මං වාර දෙකක් අපේ ඉස්කෝලේ ඉගෙන ගත්තා. ඉතින් ඒ වාර බිබාගෙට මං ගත්ත ලකුනු පවා ඔය file එක ඇතුලේ තිබ්බා. දැන් අපි දහතුනේ මුල හරියෙ ඉන්නේ. මීට සතියකට කලින් තමා දහතුන වසර පටන් ගත්තේ. ඉතින් මාව ගන්න එක මේ ඉස්කෝලේට වාසියක් වෙන නිසා ප්‍රින්සිපල් මගෙනුයු බාප්පාගෙනුයි ප්‍රශ්න කීපයක් අහලා මාව බාරගත්තා..
ඉස්කෝලේට ඇතුල් කරගන්නවාට ගානක් අපිට වෙනම ගෙවන්න උනා.... ඒවා ඉතින් කොහොමත් ලොකු පොඩි කියලා නෑ හැම ඉස්කෝලෙකම තියෙන දේවල්.
ප්‍රින්සිපල් සර් මේසේ තිබ්බ බෙල් එක ගැහුවාට පස්සේ දොර ඇරගෙන දෙන්නෙක් ඇතුලට ආවා.
වෙන කවුරුත් නෙවෙයි , ඒ අපේ එකායි අර අනික් පිරිමි ළමයායි. ඔහ්..... ඒකා තමා හෙඩ් ප්‍රිෆෙක්ට්. උගෙ බැජ් එක දැක්ලා තමා මං අදුරගත්තේ.........
" එහෙනම් ආදිත්‍ය පුතා..... ඔයා දැන් මේ දෙන්නා එක්ක පංතියට යන්න. දිලුම්ව නම් ඔයා දන්නවානේ.....
දිලුම් හේසර දිසානායක....
13 ශේනියේ ජීව විද්‍යාව හදරන සිසුවෙක්......
(පුංචිගෙ පුතා තමා මේකා.)
"එතකොට පුතා මේ තමා අනුහස්. අපේ ප්‍රදාන ශිශ්‍ය නායකයා. එයාත් ඔයාලාගෙ පංතියේම තමා. "
අනුහස් හේෂව් සමරදිවාකර.
13 ශේනියේ ජීව විද්‍යා අංශයේ සිසුවෙක්.
(යොහ්...... අපේ කොම්ලා.)
"අනුහස්..... මෙයාව එක්කන් පංතියට යන්න."
" හරි සර්....."
පුහ්....... යකෝ පුදුම අහංකාර කමක් නේ මුගේ තියෙන්නේ. හෙඩා නිසා වෙන්න ඇති.
ඌ එහෙම්මම හැරිලා යනකොට මාත් බාප්පාට යන්නම් කියලා දෙලුමා එක්කම එලියට ආවා. ( දෙලුමා කියන්නේ දිලුම්ට හරිත.)
" ඒහ්..... ආදි.... උබ එහෙනම් අපේ පංතියටම ආවා නෙහ් බල්ලෝ......"
මං ඉතින් ලාවට හිනා උනා මිසක් වෙන මොකුත් කියන්න ගියේ නෑ.
හම්නේ වටේ ගිහිල්ලා ගිහිල්ලා..... අවසානෙට අපි අපේ පංතියට ආවා. යකෝ දුර බලපන්කෝ.
" මේ ඕයි........ ඇයි බං බයෝ එක මෙච්චර දුරින් හදලා තියෙන්නේ.?"
මං එහෙම අපේ එකාගෙන් අහද්දි ඌ ගුලි කාලා වගේ හිනාවෙනවා. මං ලාවට වගේ දැක්කා අර පොලොස් හිකනලාත් ලාවට හිනා වෙනවා. අම්නේ ඌට හිනා වෙන්නත් පුලුවන් නේ. මං හිතුවේ ඌ හිනාවෙන්න දන්නෑ කියලා. ඔක්කොමත් හරි මොන පකකටද මුන් හිනා වෙන්නේ?
" දැන් ඇයි හිනා වෙන්නේ කියපන්කො?"
" හිනා යන්නැද්ද කියපන්කෝ. අපි දන්නවාද බං ඕක ඔච්චර දුරින් හැදුවේ ඇයි කියලා. උබ නිකන් ඒක ඇහුවේ මං මේ ඉස්කෝලේ හැදුවා වගේනේ."
" අනේ පලයන් බං යන්න."
එතනින්ම කතාව ක්ලෝස්. මොකද මං කතා කරන්නේ අවශ්‍ය දේකට විතරයි. ආයම පංතියට එනකල් කිසි කතාවක් නෑ.
අපේ පංතිය තිබ්බේ තට්ටු දෙකේ බිල්ඩිමක දෙවෙනෙ තට්ටුවේ කෙලවරේම. මේ හැම පංතියක්ම සම්පූර්ණයෙන්ම බිත්ති බැදලා වහපු පංති. ජනෙල් වලින් තමා එලිය පේන්නේ. හැම පංතියකම ෆෑන් තියෙනවා. අපේ පංතියට එනකල්ම මං වට පිටාව ගැන හොද අවදානෙන් ආවේ.
බයෝ පංති දෙකක් තිබ්බා.
13 B1
13 B2 කියලා. අපි B1 එකේ. B2 එක අපිට එහා පංතිය. Maths පංති දෙකත් උඩ තට්ටුවේම තමා තිබ්බේ.......
මං පංතියට එක්කන් ගියපු ගමන් අපේ එකා මාව මුකු පංතියටම අදුන්වලා දුන්නා. අම්මෝ අර අහංකාර හෙඩා නම් අව ගමන් මොකා ගැනවත් කෙයා නොකර ඌ ඉන්න තැනට ගිහිල්ලා ඉදගත්තා.. මේ පකයාගේ ගෑස් යකෝ...
" මේ අහපල්ලා........ මේකාත් අද ඉදන් අපි එක්කම තමා ඉන්නේ. මූ මගේ අයියා. ඒ කියන්නේ ලොකු අම්මාගේ පුතා..... නම ආදිත්‍ය. ඉතින් එහෙනම් උබලා මගෙ එකාව හොදට බලාගන්න ඕන හරිද? "
මූ කියලා ඉවර වෙනවාත් එක්කම මුලු පංතියම කෑගැහුවේ හෙඩා ඉන්නේ මුන් එක්ක කියලා අමතක කරලා. හරි ඉතින් සාදාරනයි. මොකද ඩිපියුටියානේ මාව අදුන්වලා දුන්නේ...... අරකා ඉන්න බිල්ලා වගේ මගේ දිහා බලාගෙන.
මාව අදුන්වලා දුන්න අපේ එකා මාවත් ඇදගෙන ගියා ඌ ඉන්න තැනටම. යකෝහ්....... මූ ඉන්නෙත් අර බිල්ලා ලගද කොහෙද?
අපේ එකා මගේ බෑග් එක මැද ඩෙස් එකෙන් තියලා මූ අයිනේ එකට ආවා.
" මොකද යකෝ මාව කන්න වගේ බලාගෙන හිටගෙන ඉන්නේ? ඉදගනින් ඔතනින්. අද ඉදන් උබ ඔතන."
වෙන කරන්න දෙයක් නෑ. මට වෙන ඉන්න තැනකුත් නෑ. මාව අදුරන උනුත් නෑ. ඉතින් මං බෑග් එක තියලා තිබ්බ මේසේ පුටුවෙන් ඉදගත්තා........
දැන් ඉන්න පිලිවෙල කිව්වොත්...,
ජනේලේ ලග හෙඩා.....
මැද මම......
අයිනේ පොඩි පගයා.......
එතකොට අපි ඉන්නේ ඉස්සරහා ඉදන් තුන්වෙනි පේලියේ. අපිට ඉස්සරහා පේලි දෙකයි, පිටිපස්සෙන් දෙකයි. අපේ පැත්තේ පේලි පහයි. අපි පංතියේ දකුණු පැත්තේ..... වම් පැත්තෙත් අපේ වගේ පේලි පහයි........
පංතියේ ෆෑන් තුනයි........
ෆුෆ්..... ලක්සරි පීපල්ස්....... 😅.....
To be continued ..........................................
ඔන්න උදෙත් එකක් දුන්නා. රෑටත් එක්ක් දෙන්න බලන්නම්. හැබැයි සුවර් ඤැහ්...... මොකද අද ගමෙ කටිනේ නිසා පන්සල් යන්න වෙයි වගේ. බලමු බලමු රෑට හරි දෙන්න.
ඔන්න ආවා ඔයාලා බලන් හිටපු කොම්ලා 😌👉👈.
අද එක කොහොමද ?
ඔහ් මේ ආදියා ටොප් ඈ...... මං තාම එයාව නපුරු කරේ නෑ..... හැබැයි වැඩි කල් නොයයි........
අම්නේ දෙම්නා එක ලග ඉම්නේ 😉.
බලමු නේ අහංකාර හෙඩා කොහොමද මේ නපුරු කොල්ලාව නම්මගන්නේ කියලා ඉස්සරහාට බලමු.......
අදහස් කියාගෙන යම්න........
මං ආසයි අනෙව් මේක ලියම්න.....
ඔයාලාගෙන් උදව්වක් ඕන.
Book cover හදන අය ඉන්නෝද? අනේ ඉන්නවා නම් මට inbox එන්නකො. මට මේකට කවර් එකක් හදලා ඕන.
මං මට ඕන විදිය කියන්නම්.... පුලුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න මට. ලොකු උදව්වක් ඒක.
ආතරෙයි මගේ little bubbles ටිකට 😙💜️💚.