~ පිනිපොද ~

By Blue_Berry_03

50.7K 7.7K 1.4K

නපුරු හදවතකට පෙම්බැදි අහංකාර හදවත~... Taekook nonfiction Top Kook Bottom Tae Smut warning 🔞 Happy Ending ... More

~පෙරවදන~
~පළමුවන පින්න~
~තෙවෙනි පින්න~
~සිව්වන පින්න~
~පස්වන පින්න~
~සයවන පින්න~
~සත්වන පින්න~
~අටවන පින්න~
~නවවන පින්න~
~දහවන පින්න~
~එකොළොස්වන පින්න~
~දොළොස්වන පින්න~
~දහතුන්වන පින්න~
~දාහතරවන පින්න~
~පහළොස්වන පින්න~
~දහසයවන පින්න~
~දාහත්වන පින්න~
~දහඅටවන පින්න~
~දහනවවන පින්න~
~විසිවන පින්න~
~විසිඑක්වන පින්න~
~විසිදෙවන පින්න~
~විසිතුන්වන පින්න~
~විසි හතරවන පින්න~
~විසිපස් වන පින්න~
~විසිහය වන පින්න~
~විසිහත් වන පින්න~
~විසිඅට වන පින්න~
~විසිනව වන පින්න~
~තිස් වන පින්න~
~තිස්එක් වන පින්න~
~තිස් දෙවන පින්න~
~තිස්තුන් වන පින්න~
~තිස්හතර වන පින්න~
~තිස්පස් වන පින්න~
~තිස්හය වන පින්න~
~තිස්හත් වන පින්න~
~තිස්අට වන පින්න~
~තිස්නව වන පින්න~
~හතලිස් වන පින්න~
~හතලිස්එක් වන පින්න~
~හතලිස් දෙවන පින්න~
~හතලිස් තුන්වන පින්න~
~හතලිස් හතරවන පින්න~
~හතලිස් පස්වන පින්න~
~හතලිස් හයවන පින්න~
~හතලිස් හත්වන පින්න~
~හතලිස් අටවන පින්න~
~හතලිස් නවවන පින්න~
~පනස්වන පින්න~
~හැරවුම~
~පනස් එක්වන පින්න~
~පනස් දෙවන පින්න~
~පනස්තුන් වන පින්න~

~දෙවන පින්න~

1.3K 168 9
By Blue_Berry_03

ආදිත්‍ය pov,

ඊයේ මහන්සිය නිසා වගේම නිදාගන්න පරක්කු උන නිසා උදේ පුංචි මාව ඇහැරවනකල් මට නින්ද ගියා.........

ඊට පස්සේ නැගිටලා දත් මැදලා ඇග හෝදගෙන කන්න කෑම කාමරේට යනකොටත් අනික් අය කන ගමන්.........

එයාලා එක්කම ඉදගෙන කන ගමන් අද දවසේ කරන්න තියෙන වැඩ ගැන බාප්පා මං එක්ක කතා කරා.........

බාප්පා නම් කිව්වේ පොඩීවයි මාවයි දෙන්නාවම හෙටම ඉස්කෝලෙට බාර දෙනවා කියලා....... එයා දැනටමත් ඉස්කෝල දෙකේ ප්‍රින්සිපල්ලා දෙන්නා එක්ක කතා කරලාලු තියෙන්නේ........ ඒ නිසා අවශ්‍ය ලියකියවිලි දීලා බාරදෙන්න විතරයි තියෙන්නේ කියලා තමා බාප්පා කිව්වේ.........

මෙහේ මල්ලියි යන ඉස්කෝලෙටම තමා මාවත් දාලා තියෙන්නේ. ඉස්කෝලේ ප්‍රින්සිපල්ව අපේ බාප්පා අදුරන නිසා තමා කිසි ප්‍රශ්නයක් නැතුව මාව දාගන්න පුලුවන් වෙලා තියෙන්නේ....... නැත්තං ලේසියෙන් එහෙම ළමයෙක්ව ඒ වගේ ප්‍රසිද්ධ ඉස්කෝලෙකට දාන්න කොහෙත්ම බෑ......

මාව පිරිමි ඉස්කෝලෙකට වගේම නංගිව බාලිකා එකකට තමා දාන්න බාප්පා වැඩ ලෑස්ති කරලා තියෙන්නේ.

නංගිගේ මූනෙන්ම පේනවා එයා නම් ඉන්නේ ගොඩාක් ආසාවෙන් කියලා. මොකද ඉස්සර ඉදලාම එයාට ලොකු ආසාවක් තිබ්බා නුවර හරි කොළඹ හරි ප්‍රසිද්ධ ඉස්කෝලෙකට යන්න. නංගිට විතරක් නෙවෙයි ; මටත් ලොකූ උවමනාවක් ආසාවක් තිබ්බා ලොකු ඉස්කෝලෙකට යන්න. දැන් ඉතින් ඒ ආසාවත් හරි............













උදේ කෑම කාලා අපි අපේ ගෙදරට එනකොටත් වෙලාව 9.15යි.

දැන් තමා හරියටම වත්තයි ගෙදරයි දැක්කේ....

මොකද ඉඩම ගත්තාට පොටෝ වලින් මිසක් ඇත්තටම දැක්කේ නෑනේ. ලෝයර් ගාවට ගිහිල්ලා අත්සන් කරලා ඉඩම ගත්තාට මට වත් නංගිටවත් ඉඩම බලන්න එන්න බැරි උනා.........

වත්ත වටේටම තාප්පේ බැදලා තිබ්බා. ඉස්සරහා ගේට්ටුව විතරයි සාමාන්‍ය විදියට තිබ්බේ.. ඒත් ඒකත් උසයි........ අපෙ විතරක් නෙවෙයි මෙහෙ තියෙන අනික් ගෙවල් වල පවා අහස උසට තාප්ප තමා.......

කොළබින් ඇතුලට වෙන්න ගමක වගේ තිබ්බාත්; මෙහේ මිනිස්සු ගොඩාක් දියුණුයි කියලා බලන ඕනම කෙනෙක්ට තේරෙනවා.....

සාමාන්‍ය ගාඩ්න් එකක් තිබුනා අපේ ගෙදර........

යතුර මං ලග තිබ්බ නිසා , වත්තේ ලස්සන බලන නංගිවත් ඇදගෙන මං අපේ ගෙදර දොර ලගට ඇවිල්ලා දොර ඇරියා........

ගෙට ගොඩ වෙනකොටම අඩි අටක් විදර දිග පේමන්ට් එකක්,

ගෙදරට ඇතුල් වෙනකොටම සාලේ; සාලෙත් කොටස් දෙකයි. TV එක තියන්න වෙනම කොටසකුයි සාලේ ඉන්න වෙනම කොටසකුයි තිබ්බා....... සාලෙන් යනකොටම හම්බෙන්නේ කෑම කාමරේ, ඒ එක්කම කුස්සිය. සාලෙයි කෑම කාමරෙයි කුස්සියයි තුනම එකටම තියෙන්නේ. ඒත් සාලේ ඉදන් බැලුවාම පේන්නේ කෑම කාමරේ විතරයි. කෑම කාමරේට ගියහම තමා කුස්සිය පේන්නේ.

ඊට පස්සේ එතනින් ගියාම පලවෙනි කාමරේ හම්බ වෙනවා. ඒ කාමරේ නම් ගොඩක් ලොකුයි. ඒ කාමරේ පාස් කරනකොටම බාතෲම් එක. හරියටම කිව්වොත් බාතෲම් එකයි කුස්සියයි වෙන් වෙලා තියෙන්නේ බිත්තියකින් විතරයි. බාතෲම් එක පාස් කරාම එතනින් තාමා පිටිපස්සේ දොර තියෙන්නේ. වම් පැත්තෙ පිටිපස්සෙ දොර තිබ්බාට, දකුනු පැත්තට ආවාම තියෙන්නේ කාමර දෙකක්. ඒ කාමර නම් සාමාන්‍ය තරම් කාමර. පිටිපස්සෙ දොරෙන් එලියට ගියාම තව බාතෲම් එකක් හම්බෙනවා. ඒකේ නම් ශවර් මොකුත් නෑ. රෙදි සෝදන්න ගලකුයි , නාන්න ටැංකොයකුයි තමා තියෙන්නෙ.......

ඇත්තටම ලක්ශ 80කට මේ ගෙදරයි ඉඩමයි උඩින්ම ලාබයි.

මුලු ගෙදරම ටයිල් කරලා, සුදු තීන්ත ගාලා. නවීන පන්නෙට හදපු හුරුබුහුටි ලස්සන ගෙදරක්. සාලේ බිත්තිය ගොඩාක් උස නිසා දකින ඕනම කෙනෙක් හිතන්නේ තට්ටු දෙකක ගෙදරක් කියලා.....

බාප්පා කිව්ව විදියට නම් මෙහෙ ගෙදර අයිතිකාර මහත්තයාගේ ළමයි රට නිසා එයාව ඒ රටට ගන්න ඕන වෙලා ඒ ළමයින්ට. ඉතින් ඒක නිසා තමා පුලුවන් ඉක්මනට මේ ගෙදර විකුනන්න හදලා තියෙන්නේ..... ඒ මනුස්සයාට හදිස්සි නිසාම තමා ලක්ශ අසූවකට මේක විකුනව්වේ මට. නැත්තං කොහොමටවත් මේ පැත්තෙන් මේ වගේ ගෙදරක් ඒ වගේ ගානකට ගන්න එක නම් හීනයක්ම විතරයි.


ගෙදර ලස්සන බල බලම අපි මුලු ගෙදරම මොප් කරලා, ඇදන් වලට බෙඩ්ශීට් දාලා, අල්මාරි වලට රෙදි දාලා හරි ලස්ස්නට හැදුවා.

උදේ පුංචි අපි එක්ක ආවත් දවල්ට උයන්න ඕන නිසා මල්ලි එක්ක ගියා. මල්ලි පුංචිව දාලා ආපහු ආව නිසා අපි හතර දෙනාට ඉක්මනින්ම ගෙදර සම්පූර්ණයෙන්ම අස් කරගන්න පුලුවන් උනා......

දෙකට විතර පුංචි කෝල් කරද්දි අපි ආයම ගිහිල්ලා දවල්ට කාලා හවස ආයෙම ආවේ හෙට ඉස්කෝලේ නිසා ලෑස්ති කරන්න තියෙන දේවල් ලෑස්ති කරන්න.

කෑම බීම මොකුත් ගෙදර නැති නිසා පුංචියි බාප්පායි එහෙ යමු කිව්වාත්; පොඩීටවත් මටවත් එයාලාට තව කරදර කරන්න හිතුනේ නෑ......

ඉතින් බාප්පායි පුංචි දෙන්නා එක්කම ගිහිල්ලා ගෙදරට ඕන කරන හැම බඩුවක්ම මම ගෙනාවා.

උයන පිහන වැඩ පොඩීටයි මටයි හොදටම පුලුවන් නිසා ඇත්තටම තනියම ඉන්නවා කියන එක මහා ලොකු දෙයක් නෙවෙයි. වෙනසකට තියෙන්නේ මේක අපිට අලුත් පලාතක් වෙච්ච එක විතරයි. ගේට්ටුව හොදට වහලා , දොරවල් ජනෙල් හොදට වහගත්තා නම් ඇත්තටම අපිට බය වෙන්න දෙයක් නෑ.

ගෙදර අස්කරාට වත්ත සුද්ද කරන්න තියෙන නිසා බාප්පා කිව්වා හෙට කාව හරි කුලියට දාලා වත්ත සුද්ද කරවන්නම් කියලා.....

සල්ලි ගැන කිව්වොත් අපිව මෙහාට ගේන එකේ ඉදන් ලොරි වලට පවා වියදම් කරේ පුංචියි බාප්පායි තමා. මගෙන් එක සතපහක් එයාලා ගත්තේ නෑ.

ගෙදරට බඩු නම් ගෙනාවේ මගේ සල්ලි වලට.

කොහොම හරි හවස හතර වෙද්දී පුංචිලා එයාලාගේ ගෙදර ගියේ අපි දෙන්නාට ඉන්න ඕන විදිය ගැන ලොකූ දේශනාවක් දිලා........ හෙට උදේ හය හමාර වෙද්දී අපි දෙන්නාට බාප්පා කිව්ව ලිය කියවිලි අරගෙන ලෑස්ති වෙලා ඉන්න කියලා තමා එයාලා ගියේ.

පුංචි කියන්නේ අම්මාගේ නංගි. අම්මාලා අනුරාධපුර උනාට පුංචි බැන්දේ මෙහෙන් නිසා එයාලා මෙහෙ ඉන්නේ. එතකොට සීගිරියේ ඉන්නේ තාත්තාගේ පැත්තෙ අය. එයාලා නම් අපි එක්ක තරහයි. ලොකුම ලොකු තාත්තාලා විතරයි අපි එක්ක කතා බහා කරලා හිටියේ. එයාලාගෙ ගෙදර තමා අපි මෙහාට එනකල්ම හිටියේ.........

හම්ම්................. දැන් හැමදේම සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා.

රෑට කෑම හදන්න කලින් නංගියි මායි දෙන්නා නාගෙන කුස්සියට ආවේ ගෙනාපු බඩු පිලිවෙලට අහුරන්න.

පහේ ටික
හාල්
පරිප්පු
කරලවල
මස්
මාලු

වගේ ගොඩාක් දේවල් අස් කරන්න තිබ්බ නිසා පැයක් වගේ අපි දෙන්නාට ඒ වෙනුවෙන් වැය කරන්න උනා........

රෑට විශේෂ මොකුත් නැතුව කිරි එකක් බීලා ගෙනාපු පාන් එක්ක අපි දෙන්නා කෑවේ ඉස්සරහා කරන්න ඉන්න දේවල් ගැන පුංචි plan එකක් හදන ගමන්.

අපි දෙන්නා කතා උන විදියටම ලක්ශ 170ක් fixed deposit කරා අවුරුදු පහකට. ඒකේ පොලිය කොහොමත් මාසෙකට ලක්ශේ පන්නන නිසා අපිට මාසේ වියදම් ගැන ප්‍රශ්නයක් නෑ..... අපි දෙන්නාගේ බැංකු පොතට ලක්ශ විස්ස විස්ස දැම්මා අපි. ඉඩම ගන්න ලක්ශ අසූවක් දැම්ම නිසා තව අපේ අතේ ලක්ශ 30ක් තියෙනවා. ඒකත් පොතේ දාලා තියෙන්නේ හදිස්සියකට ගන්න. අපේ බයික් එකයි වීල් එකයි ලොකු තාත්තාට දුන්න නිසා පොඩියි මායි කතා උනේ ලබන සෙනසුරාදා දිහාට ගිහිල්ලා බයික් එකක් ගන්න අලුතින්ම. මට ලයිශන් තියෙන නිසා අපේ ගමන් පහසුවට ඒක හොද නිසා තමා අපි දෙන්නාම ඒකට කැමති උනේ.........

ඕවා ගැන කියව කියව හිටපු අපි කලින්ම නිදාගත්තේ හෙට හතරට නැගිටින්න ඕන නිසා. කෑම හදලා රෙදි මැදලා ලෑස්ති වෙද්දී වෙලාව හය හමාරම වෙයි.

හම්ම්............. හෙට ඉදන් අපි දෙන්නාට අපි දෙන්නාගේ වගකීම් තනියමම කරට අරගෙන කරගන්න වෙනවා.......... ලේසි වෙන්නේ නම් නෑ කියලා හොදටම දන්නවා. ඒත් දැන් අපිට හැරෙන්න බෑ..............

ඕවා ගැන හිත හිත ඉද්දි මට නින්ද ගිය වෙලාව ගැන මං වත් දන්නේ නෑ.........

උදේ හතරට මං නැගිටිද්දී නංගි නැගිටලා හාල් හෝදනවා.

බත් එක රයිස් කුකර් එකට ගහලා මට පොල් ගාන්න කියපු නංගි පරිප්පු හෝදලා ලිපෙන් තිබ්බා. ලූනූ , සුදු ලූනු, තුන පහා, මිරිස් කුඩු, කහා කුඩු දාලා රම්පේ කරපිංචාත් ඒකට දාපු නංගි පරිප්පු එක තැම්බුනාම පොල් කිරි මිරිකලා දාන්න කිව්වා මට. එයා ඊට පස්සේ රෙදි මදින්න ගියේ ; පරිප්පු එකට ලුනු දාන්න එයාට කතා කරන්න කියලා. ඇත්තටම මට ඔය ලුනු දාන වැඩේ නම් බෑ.

ඉතින් නංගි කිව්ව විදියටම කරපු මම බිත්තර දෙකක් ලිපෙන් තැම්බෙන්න තිබ්බා..........












කොහොමින් කොහොම හරි අපි දෙන්නාම හයයි විස්ස වෙද්දී ලෑස්ති වෙලා ගෙදරින් එලියට බැස්සා.....

කිව්වාත් වගේම බාප්පායි පුංචියි දෙන්නාම අපිව ගන්න හය හමාර වෙද්දි ආවා.....

මල්ලියි නංගියි දෙන්නා බයික් එකේ ඉස්කෝලේ යන නිසා එයාලා හිටියේ නෑ කාර් එකේ.......






7.15 වෙද්දි මං බාප්පා එක්ක ඉස්කෝලෙට ආවා. පුංචියි නංගියි දෙන්නා කලින්ම බැස්සා. ඒ කියන්නේ එයාලාගේ ඉස්කෝලේ තියෙන්නේ අපේ ඉස්කෝලෙට කලින්. කලින් කිව්වාට අල්ලපු වැටේ තමා එයාලා ඉන්නේ.......


ඉස්කෝලේ දැක්කාට පස්සේ මගේ බඩත් එක්ක කොර උනා. ඒතරම් ලොකුයි ඉස්කෝලේ..... ඉස්කෝලේ දිහා කට ඇරන් බලන් හියපු මම හරි සිහියට ආවේ මාමා කතා කරපු නිසා......

මාමත් එක්ක දෙගෙඩියාවෙන් මං ඉස්කෝලේ ඇතුලට ආවා. ඇත්තටම හරිම ලස්සන පිරිසිදු ඉස්කෝලයක්. ගමේ වගේ නෙවෙයි, කොට බිත්ති වෙනුවට වහලෙටම නැගුන බිත්ති. තට්ටු දෙකේ තුනේ බිල්ඩින්ග්. හැම තැනම ගල් අල්ලලා.

මට හිතුනේ එකම දෙයයි.,
" දෙවොයනේ අපි කලින් හිටපු ඉස්කෝලේ මොකද්ද මේක එක්ක ගත්තාම."

ළමයි උනත් හරි විනීත පාටට පිලිවෙලට ඉන්නවා.

ඉස්කෝලේ දිහා හිමින් බල බල ගියපු මං නැවතුනේ අවසානෙට ප්‍රින්සිපල් ඔෆිස් එක ඉස්සරහා...


To be continued ..........................................

අම්නේ ඔන්න මම ආවෝ.......

ගෙදර හිටියේ නෑ මම. ඒකයි අද එක පරක්කු. සොරි හොදේ.....

අද එක කොහොමද ?

අද ආදිත්‍ය pov විතරයි දුන්නේ. එක දෙබසක් වත් නෑ......

කම්මැලි හිතුනාද 😶.

හැබැයි ඊලග එකේ ඉදම් ඒම නැති වෙයි.

මොකද ඔයාලා බලාපොරොත්තු වෙච්ච චරිතේ ඊලග එකෙ ඉදන් ඉන්නවා.

පුංචි ලාගේ ළමයින්ගෙ, ඔයාලා බලාපොරොත්තු වෙන් ඉන්න කෙනාගේ පොටෝ එහෙනම් හෙට දාන්නම් හරිද?

අදහස් කියාගෙන යම්න......

කට්ටිය කැමති නිසා කොටස් 100ක් ගියත්, මං හැමදේම හිමීට පැහැදිලි කරලා ලියන්නම්.

ලස්සනට ලියන්න මං ගොඩාක් උත්සහා කරනවා.

අනික මං කොළඹ නෙවෙයි ළමයි, ඒ නිසා ස්ථාන ගැන වැරදි දෙයක් කිව්වොත් මට සමාවෙන්න හරිද? මේක කතාවක් නිසා ඔයාලා වැඩිය ඒ ගැන නොහිතා කියවන්න හරිද 😅.

කෙම්ලනේ Happy ending මේක හරිත 😙👉👈❤️.

ආතරෙයි මගේ Little bubbles ටිකට 💜️💚.

Continue Reading

You'll Also Like

60.2K 11.7K 33
Kim taehyung..හැමවෙලේම හිනාවෙලා ඉන්න ගොඩක් ලස්සන,නිතරම කියවන,හුරුබුහුටි දගකාර කොල්ලෙක් Kim Seok jin..කිසිම වෙලාවක කිසිම වචනයක් කතා නොකරන ආඩම්බර කොල්...
159K 3.7K 61
(Y/N) is the best female soldier of the Fire Nation. Her first mission is to accompany Prince Zuko to find the Avatar who disappeared 100 years ago...
75.4K 11.9K 42
ඔයාගෙ මතක මගේ මූණට හිනාවක් ගේන්නෙ මගේ කඳුලු වලට හේතුවත් ඔයාම නේද කියල මට අමතක කරවලා..ජීවිතේ කොච්චර අසාධාරණද.. මම ඔයාව දැනගන හිටියට වඩා වැඩි කාලයක් මට...
23K 3.3K 31
'The first and last love in my life... ♡' ONGOING NONFICTION TAEKOOK Start - 2023 sep 02 End -