Fantasy World || Ot7 || Compl...

By Cyra_00

8K 977 254

🎁 Gifts 🎁 ඔයාගේ හිතේ ලස්සන ප්ලොට් එකක් තිබිලත් කතා ලියාගන්න බැරිද ?? කතාවක් ඇතුලේ හරි bts member කෙනෙක්ගේ... More

Intro
My Alpha - Chapter 01
My Alpha -chapter 02
My Alpha - chapter 3
My Alpha - Chapter 04
My Alpha - Chapter 05
My Alpha - Chapter 06
My Alpha - Chapter 07
My Alpha - Final chapter
අදුරු සෙවනැලි - Chapter 01
අදුරු සෙවනැලි - Chapter 02
අදුරු සෙවනැලි - Chapter 03
අදුරු සෙවනැලි- Chapter 04
අදුරු සෙවනැලි -Chapter 05
අදුරු සෙවනැලි- Chapter 06
අදුරු සෙවනැලි - Chapter 07
අදුරු සෙවනැලි -Chapter 08
අදුරු සෙවනැලි - Chapter 09
අදුරු සෙවනැලි - chapter 10
අදුරු සෙවනැලි - Final Chapter
File No. 39 - Chapter 01
File No.39 - Chapter 02
File No.39 - Chapter 03
File No.39 -Chapter 04
File No.39 - Chapter 05
File No.39 - Final chapter
මේඝා - Chapter 01
මේඝා - Chapter 02
මේඝා - Chapter 03
මේඝා - Chapter 04
මේඝා - Chapter 05
මේඝා - Chapter 06
මේඝා - Chapter 07
මේඝා - Chapter 08
මේඝා - Chapter 09
මේඝා - Chapter 10
මේඝා - Final chapter
Forget me not - Chapter 01
Forget me not - Chapter 03
Forget me not - Chapter 04
Forget me not - Final chapter
සැඩ රළ - chapter 01
සැඩ රළ - chapter 02
සැඩ රළ - chapter 03
කරුණාකර මාව වැලදගන්න - 01
කරුණාකර මාව වැලදගන්න - 02
කරුණාකරලා මාව වැලදගන්න - Final
sorry 🥺

Forget Me Not - Chapter 02

109 10 2
By Cyra_00

.......................................... ♡....................................

ආදරණීය ඩයරි,

හැමෝටම ඉන්නවලුනේ හිතේ හැංගුන චරිතයක්..මිනිස්සු ආදරේ කරන්න හොයන්නේ අපේ හිතේ හැංගුන කෙනාට පෙනුමෙන් වගේම වැඩවලිනුත් සමාන කෙනෙක්..ඉතින් මගේ හිතේ හිටියෙත් අහින්සක , ටිකක් උස, පිලිවෙලට ඉන්න, උයන්න පුලුවන් , හුරතල් කෙල්ලෙක්..ඒත් ඔයා පිලිගන්න මගේ පලවෙනි ආදරේම ඇති උනේ ඊට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක් එක්ක..එයා හුරතල් නම් තමයි.ඒත් අහින්සක නම් නෑ..එදා මට බැනපු බැනිල්ලටම හිතුනා එයා යස්ස කෙල්ලෙක් කියලා...අනික එයා කොටම කොට හුරතල් බෝලයක්...හැබැයි දෙයක් විශ්වාසයි..එයාගේ හිත එලියට පෙන්නන දේ නෙමෙයි..එයාට තියෙන්නේ අහින්සක ලස්සන සිතුවිලි..මන් හිතන්නේ එයාගේ වචන මගේ හිතට අනංගයා විද්ද හී පාරක් වගේ ඇතුලටම ගිලා බැහැලද කොහෙද ?? හයියෝ මට ලැජ්ජයි ඩයරි..අවුරුදු ගානකට පස්සේ ඔන්න මන් කෙනෙක්ට ආදරේ කරන්න පටන් අරන්..
                                                 මීට ,

ලැජ්ජාශීලී ආදරවන්තයා.

.......................................... ♡....................................

🐰 යාහ් හ්‍යුන්ග් !! නවත්තනවා වාහනේ !!

තුන්වෙනිපාරටත් වාහනේක හැප්පෙන්න ගිහින් බේරුන පාර් ජන්ග්කුක්ගේ රතු කට්ට පැනලා ජින්ට කෑ ගැහුවා..එයාට යන්න ඕනේ කැම්පස් උනත් ජින් මේ යන විදියට එයාට යන්න වෙන්නේ එලොව කියලා තේරෙන්න ජන්ග්කුක්ට වැඩි වෙලාවක් ගියේ නෑ..

🐰 තමුසේ මොන සිහියකද හ්‍යුන්ග් ඩ්‍රයිව් කරන්නේ ?? ඊයේ ඉදන් මේ ලෝකෙක නෙමෙයි ඉන්නේ !! ඊයේ දවසෙම තැන් තැන් වල ඉදන් තනියම හිනාවෙවි කල්පනා කර කර හිටියා..කන්න ගිහිනුත් කෑම එක අල්ලන් දගලන නිසා උනවත් හැදිලාද කියලා බලන්න අත තිබ්බාම අඩුම මන් අත ඔහේගේ නලලට තිබ්බාදවත් කියලා සිහියක් නෑ..ඔහේ මොකෙක්ද එකෙක් වගේ හිටියා...අද හරි යයි කියලා හිතන් ආවම තමුසේ වෙන ලෝකවල් වල ඉදන් වාහනේ ඩ්‍රයිව් කරලා මාවත් මරන් මැරෙන්න හදනවා !!

ජින් ඇත්තටම කල්පනා කරේ ජන්ග්කුක් මේ කියන ඒවා ඊයේ කොයි වෙලේද උනේ කියලයි..එයාට එහෙම දේවල් ගැන මතකයක් තිබ්බේ නැතත් කේන්ති ගිහින් රතු වෙලා තියෙන ඒ මූන දැක්කාම ජින්ට තේරුනා මේවා ඇත්ත වෙන්න ඇති කියලා..ඒ නිසාම ජින් ගොන් විදියට හිනා උනේ ජන්ග්කුක් ශේප් කරගන්න උනත් ඒකෙන් උනේ ජන්ග්කුක්ට තවත් මලපැන්න එක..

🐰 තව හිනාත් වෙනවා !! ඊයේ ඇත්තටම මොකක්ද උනේ කියනවා ?? ඊයේ හැප්පුන වෙලේ ඔලුවවත් වැදුනාද ?? අම්මපා ඔය හප්පපු එකාව හම්බුනොත් මන් ඕකාව හමගහනවා..ඇයි යකෝ...ඕකා තමා ඔක්කොටම පලි !! තමුසෙට කියන්න බැරි නම් මන් හප්පපු එකාව හොයාගෙන මොකක්ද උනේ කියලා හොයාගන්නම් !!

ජින්ට උත්තර නැතුව ගියා..එයා කොහොමද කටක් ඇරලා කියන්නේ එක විනාඩියකට හම්බුන කෙල්ලෙක්ට එයාගේ හිත ගිහින් කියලා..ජන්ග්කුක්ට ඕක කිව්වොත් ඉදලා ඉවරයි කියලා ජින් දන්නවා..එතකොට ජින් තමයි ජන්ග්කුක්ගේ දවසේ බයිට් එක..

🐰 අනික රෑ නිදාගත්තේ නැද්ද?? ඇස් යටත් කලු වෙලා..

අහ් ඔව්නේ..නිදාගත්තේ නෑනේ..කොහේ නිදාගන්නද කෙල්ලෙක් ඇවිල්ලා හිත අස්සේ වද දෙනකොට ?? බැරිම තැන නැගිටලා ගිහින් පොතක් අතට ගත්තාත් අහුවුනේ කෙල්ලගෙ ඩයරි එක..ඉතින් ජින් එලිවෙනකම් ඒක කියෙව්වනෙ..ඒක එයාගේ වැරැද්දක් නෙමෙයි..පොත තමයි ජින්ගේ අතට ආවේ..නැතුව ජින් ඒක අරන් කියෙව්වා නෙමෙයි..

🐹 අහ්..ම..මන් පාඩම් කරා..

🐰 හෙට එක්සෑම් එකක්වත් නැතුව හදිසියේ පාඩම් කරේ මොකටද ??

🐹 ඒ පැහිච්චකම් තමුසෙට වැඩක් නෑනේ..දැන් යමු..පරක්කු වෙනවා..

වෙලාවට ජින් මාස ගානකට හරි ජන්ග්කුක්ගේ අයියා උනේ..නැත්තම් ඉතින් ඉවරයිනේ...ජින් ජන්ග්කුක් දෙන්නා එකම වයසේ උනත් ඒ දෙන්නාගේ අම්මලා සහෝදරයෝ නිසා ඒ දෙන්නා හැදුනේ එකටමයි..ඒ නිසා ජන්ග්කුක් එයාගේ අයියා විදියට ජින්ව පිලිගත්තාත් ඊයේ ඉදන් ජින්ගේ ක්‍රියාකලාපය නිසා ජන්ග්කුක්ට ජින් එයාගේ අයියා කියන එක අමතක වෙලායි තිබ්බේ..

🐰 බැහැලා එනවා මේ පැත්තට...මට බෑ තමුසේ එක්ක ගිහින් කෙල්ලෙක්වත් යාලු කරගන්නේ නැතුව මැරිලා යන්න !!

ජන්ග්කුක් කෑ ගහනකොට ජන්ග්කුක්ට රැව්ව ජින් පැසෙන්ජර් ශීට් එකට ගිහින් ජන්ග්කුක් ඩ්‍රයිවින් ශීට් එකට ආවා..කොහොම හරි ඉතින් කොලේජ් එකට ගිහිනුත් ජින් එයාගේ හිතින් එයාගේ සිහිනකුමාරිව අමතක කරන්න හැදුවත් ඒක ලේසි උනේ නෑ..ඉස්සරහින්ම වාඩි උනොත් අද නම් බැනුම් අහන්න වෙනවා කියලා තේරුන නිසා ජින් කෝකටත් කියලා පිටිපස්සෙන් වාඩි උනා..

ඒත් ඉතින් ජින්ගේ ලක් එකේ හිලක් උනේ අලුතෙන්ම ක්ලාස් එකට ආපු කෙල්ල ජින් මෙච්චර වෙලා වාඩි වෙලා හිටපු ශීට් එකේ ජන්ග්කුක්ට එහා පැත්තෙන් වාඩි උන නිසායි..විශ්වාස කරන්න ජින්ගේ හිත ගත්ත සුරංගනාවි එයාව හොයාගෙනම ඇවිල්ලා..

🌹 අන්‍යාසයෝ !! මන් කිම් සේහි..

ජින්ගේ ඔලුවේ කැරකුනේම ඒ වචන ටික..ජින්ට විශ්වාසයි එයාට කේන්ති ගියාම ඒ කටහඩ ඔච්චරටම සිහින් නෑ කියලා..අනික එද දැක්කාට වඩා එයා අද වෙනස්..එදා ගොතලා තිබ්බ දිග කොන්ඩේ කඩලා දාලා, චූටි කොට කලිසම වෙනුවට ගවුමක් ඇදලා ඇත්තටම දකින ඕනම කෙනෙක්ගේ හිත යන තරම් එයා ලස්සනයි..එදා කේන්තියෙන් හිටියත් අද ලස්සනට හිනාවෙලා ඉන්නකොට ජින් එයගෙ තව දෙයක් දැක්කා..ඔහ් ඒ හුරතල් මූනේ ඩිම්පල් තියෙනවා..

ජින් බලාපොරොත්තු උනා එයා ජින්ව දැකලා හිනා වේවි කියලා, අඩුම ජින් ඉන්න පැත්තටවත් ඒවි කියලා..

ඒත් ජින්ගේ බලාපොරොත්තු ඔක්කොම සුන්කරලා එයා තෝරගත්තේ ජන්ග්කුක්ව !!

.

.

.......................................... ♡....................................

Continue Reading

You'll Also Like

26.9M 1.1M 42
she dreads to get to school because of one name. ; high school au, tsundere!taehyung lmao » under edit » #4 in fanfiction on 171222
126K 5.2K 45
A fire incident at his(Kim Jae-soo) husband's home while he (Baek Ji-Hu )was away made Kim Jae-soo return to his third year of university (he was reb...
80.8K 5.6K 60
Shubish oneshots because why not. Mainly fluff with a little angst on the side. Ps- I wanted to write like a long story but I lack a good main plot a...