Fantasy World || Ot7 || Compl...

By Cyra_00

8.5K 1K 258

🎁 Gifts 🎁 ඔයාගේ හිතේ ලස්සන ප්ලොට් එකක් තිබිලත් කතා ලියාගන්න බැරිද ?? කතාවක් ඇතුලේ හරි bts member කෙනෙක්ගේ... More

Intro
My Alpha - Chapter 01
My Alpha -chapter 02
My Alpha - chapter 3
My Alpha - Chapter 04
My Alpha - Chapter 05
My Alpha - Chapter 06
My Alpha - Chapter 07
My Alpha - Final chapter
අදුරු සෙවනැලි - Chapter 01
අදුරු සෙවනැලි - Chapter 02
අදුරු සෙවනැලි - Chapter 03
අදුරු සෙවනැලි- Chapter 04
අදුරු සෙවනැලි -Chapter 05
අදුරු සෙවනැලි- Chapter 06
අදුරු සෙවනැලි - Chapter 07
අදුරු සෙවනැලි -Chapter 08
අදුරු සෙවනැලි - Chapter 09
අදුරු සෙවනැලි - chapter 10
අදුරු සෙවනැලි - Final Chapter
File No. 39 - Chapter 01
File No.39 - Chapter 02
File No.39 - Chapter 03
File No.39 -Chapter 04
File No.39 - Chapter 05
File No.39 - Final chapter
මේඝා - Chapter 01
මේඝා - Chapter 02
මේඝා - Chapter 03
මේඝා - Chapter 04
මේඝා - Chapter 05
මේඝා - Chapter 06
මේඝා - Chapter 07
මේඝා - Chapter 08
මේඝා - Chapter 09
මේඝා - Final chapter
Forget me not - Chapter 01
Forget Me Not - Chapter 02
Forget me not - Chapter 03
Forget me not - Chapter 04
Forget me not - Final chapter
සැඩ රළ - chapter 01
සැඩ රළ - chapter 02
සැඩ රළ - chapter 03
කරුණාකර මාව වැලදගන්න - 01
කරුණාකර මාව වැලදගන්න - 02
කරුණාකරලා මාව වැලදගන්න - Final
sorry 🥺

මේඝා - Chapter 10

78 18 5
By Cyra_00

ජින් කුමරු කිව්ව විදියටම ටේහ්‍යුන්ට සොකී කුමරියයි ජන්ග්කුකවයි එක්කගෙන මාලිගාවේන් පැනගන්න පුලුවන් උනත් උදේ වෙනකොට සොකී කුමරිය හා ඔහුගේ ආරක්ෂකගේ අතුරුදහන් වීම මුලු මාලිගාවම කලඹවන්න හේතුවක් උනා..යූන්ගි පිස්සුවෙන් වගේ ජිමින් එක්ක මුලු මාලිගාව පුරාම සොකීව හෙව්වත් සොකී කුමරියගේ සලකුණක්වත් පේන්න තිබ්බේ නෑ..

🐱 ඔබ කුමක්ද ඈ හට කරේ ??

සොකී කුමරියගේ අතුරුදහන් වීමේ ප්‍රධාන සැකය අගබිසව වෙත යොමු වෙනකොට යූන්ගි කේන්තියෙන් ගිනි ගන්න ඇස් එක්ක නතර උනේ අගබිසෝ මාලිගාවේ..

👑️ ඔබ කුමක් ගැනද අසන්නේ කිරුල හිමි කුමරුනි ??

අගබිසව කිසිවක් නොදන්න ගානට පවසනකොට යූන්ගිගේ කේන්තිය තවත් වැඩි උනා..

🐱 කිසිවක් නොදන්න ගානට හැසිරෙන එක නතරකරනු !! කොහිද මගෙ සොකී ??

👑️ ඔබේ සොකී ?? නැතහොත් අපේ සොකීද ??

අගබිසව පවසන දේ පිලිබදව අදහසක් නොතිබුන යූන්ගි අගබිසවගේ මූන දිහා බැලුවේ කුතුහලෙන්..යූන්ගිගේ කුතුහලෙන් පිරුන මූන දිහා බලන් හිටිය අගබිසව කට කොනේ හිනාවක් සමග යූන්ගි ලගට පැමිණියේ ඒ හිනාව යූන්ගි හද ගැස්ම තව ටිකක් වැඩි කරලයි..

👑️ කිමද මේ නිශ්ශබ්ද ?? ම්ම්හ් ??

🐱 ඔබේ හරස් ප්‍රශ්න්වලට උත්තර දීමට මා හට වෙලා නෑ...මගේ සොකීව ඉන්න තැනකින් මා හට ගෙනත් දෙනු...නැත්තම් නුඹේ ජිවිතේ මේ ගෙවෙන්නේ අවසන් පැය කිහිපය වෙවි !!

යූන්ගි කේන්තියෙන් කෑ ගැහුවත් අගබිසව කරේ හයියෙන් හිනා උන එක විතරයි..ඒ ඇස්වල බයක් ගෑවිලාවත් තිබ්බේ නෑ..

👑️ ඔබ විහිලු කරනවද කුමරුනි ?? ගැහැනු වෙස්වලාගත් පිරිමියෙක් මා ලග තබාගෙන මා කුමක් කරන්නද ??

🐱 මො..මොකක්ද ??

යූන්ගිගේ කේන්තිය බයකට හැරෙනකොට යූන්ගිට දැනුනේ ඇගම පන නැති වෙනවා වගේ හැගීමක්..

👑️ කිමද ඔබේ කට වැසුනේ ??

🐱 ඔබ මොනවද මේ පවසන්නේ ?? රාජ්‍යයේ කිරුල හිමි කුමරියට ඔබ අපහාස කරනවාද ??

👑️ ඔහෝ...කුමරුනී...ඔබ කුමක්ද මේ පවසන්නේ ?? මා කෙලෙසද කිරුල හිමි කුමරියට අපහාස කරන්නේ ?? නමුත්..

අගබිසව යූන්ගි කුමරුගේ කනට ලන් කරලා පැවසූ දේත් එක්ක යූන්ගි කකුල් පන නැතුව බිමට වැටෙනකොට ඔහු දිහා සමච්චලේට බලා හිනා උන අගබිසව කුටියෙන් පිට උනේ යුන්ගිව කුටියේ තනි කර දමලයි..

🐥 කුමරුනි ??

අගබිසව පිටවු ක්ෂණිකයෙන් ජිමින් කුමරු සොයා කුටියට පැමිණුනත් දාඩියෙන් තෙත්වෙලා ඔහේ බලාගත්ත අත බලාගෙන ඉන්න යූන්ගි දැකලා ජිමින් ඉක්මනට ඔහු ලගට පැමිණියා..

🐥 යූන්ගි කුමක්ද සිදු උනේ ?? ඇයි මේ ??

🐱 ජි..ජිමින්...අ..අපි බයෙන් හිටපු දේ වෙලා ජිමින්..

🐥 කු...කුමක්ද ??

🐱 එ..එයා හැමදෙයක්ම දැනගෙන ජිමින්..එ..එයා අපේ සම්බන්ධේ සොකීගේ ඇත්ත හැමදෙයක්ම දැනගෙන...

යූන්ගි ඇස්වල කදුලු පුරෝගෙන ජිමින්ව තදින් අල්ලගෙන කියනකොට ජිමින් එහෙම්මම බිම වාඩි උනා..දැනගන්න ඕන නැතිම කෙනා ඒ දේ දැනගත්ත එක සම්බන්ධයෙන් ජිමින්ට වගේම යූන්ගිටත් තිබ්බේ බයක්..

.

.

.

කාලය ටික ටික ගත උනේ සොකී කුමරියගේ කිසිම ආරංචියක් යූන්ගිලටවත් අගබිසවටවත් සොයාගන්න බැරි කරලයි..සොකී කුමරියත් සමග ටේහ්‍යුන්ගෙත් අතුරුදහන් වීම ජිමින්ගේ හිතට තදින්ම බලපාලා තිබ්බා වගේම ඒ නිසා අගබිසවට සම්පූර්ණ සැකය ජිමින් දෙසට යොමුවෙලයි තිබ්බේ..
ඉතින් අගබිසව එයාගේ අවසාන තුරුම්පුව විදියට ජිමින්ව තෝරගත්තේ ඒ නිසායි.

👑️ ඉතින් ආරක්ෂක පාර්ක් ජිමින්..ඔබට කෙසේද ??

අගබිසව නියෝගය මත ඇයව හමුවීමට පැමිණි ජිමින්ගෙන් ඇය එසේ පැවසුවත් ජිමින් වචනයක්වත් අගබිසව සමග කතා කරේ නෑ..කොහොමත් ජිමින් කියන්නේ කිරුල හිමි කුමරුගේ ආරක්ෂක නිසාම ජිමින් කුමරුට හැරෙන්න කාටවත්ම නැවෙන කෙනෙක් නෙමෙයි..

👑️ ඔබේ ඔය ආඩම්බරකම නම් අඩු වෙන්නේ නෑ නේද පාර්ක් ආරක්ෂක ??

අගබිසවගේ වචන වලට කටකොනේ හිනාවක් විතරක් දුන්න ජිමින් එක එල්ලේ ඉදිරිය බලාගෙන හිටියේ හරියට ඇයට නැමෙන්නේ නෑ කියන්න වගෙයි..

👑️ ඔබ දන්නවාද ආරක්ෂක පාර්ක් කිරුල හිමි කුමරියට පැනයන්න උදව් කරේ ඔබේ මලණුවන් වග ??

අගබිසව එලෙස අසනවිට නම් ජිමින්ගේ ඇස් ගැස්සෙනවා ඇය හොදටම දැක්කා..පිටින් ශක්තිමතව හිටියත් ජිමින් ඇතුලින් සම්පූර්ණයෙන්ම බිද වැටිලයි හිටියේ..

🐥 පවසන්න තියෙන දෙයක් කෙලින්ම පවසන්න අගබිසවුනි..!!

👑️ ඔහ් මා කැමති ඔබේ ඔය වචන වලට...ඉතින් ඔබ මා පවසන ඕනම දෙයක් කරනවාද ??

🐥 මා ඉටු කරන්නේ කිරුල හිමි කුමරුගේ අන පමණයි !!

👑️ නමුත් ඔබට ඔබේ ප්‍රේමවන්තයාගේ ජිවිතේ අවශ්‍ය නම් මා පවසන සියල්ල කල යුතුයි ජිමින් !!

අගබිසවගේ වචනත් සමග ජිමින්ගේ අත වෙව්ලනවා වගේ දැනෙනකොට ඔහු අතමිට මොලවගෙන තමන්ව පාලනය කරගන්න ලොකු වෙහෙසක් දැරුවා..

🐥 ඔබ පවසන කිසිම දෙයක් මා හට තේරෙන්නේ නෑ අගබිසවුනි..ඇරත් මාගේ පෞද්ගලික ජිවිතය රාජකාරි ජිවිතය සමග සම්බන්ධ කරගන්න එපා..මා දැන් යා යුතුයි !!

වාඩි වෙලා හිටපු තැනින් නැගිටලා ජිමින් යන්න හැදුවත් අගබිසවගෙ වචනවලට ඔහුගේ කකුල් ඉබේම නතර උනා..

👑️ ඔවුන් ඉන්නේ ඉන්‍යොන් පලාතේ...!!

🐥 කුමක්ද ??

👑️ ඔබට මා වරමක් දෙන්නම් ආරක්ෂක ජිමින්...ඔබ කැමති ඔබේ කුමරියක වෙස්වලාගත් කුමරුට ජිවිතය දෙන්නද නැත්තනම් ඔබේ දීර්ඝ කාලීන ප්‍රේමය උන කිරුල හිමි කුමරුගේ ජිවිතය දෙන්නද ??

🐥 කුමක්ද ඔබ පවසන්නේ ??

👑️ මා ඔබට එක අවස්ථාවක් දෙන්නම් ජිමින්...ඔබට පුලුවන් ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක්ගේ ජිවිතය බේරගන්න..මා ඔබට හෝරා තුනක් දෙන්නම්..ඒ අතර කාලය තුල ඔබේ අතින්ම කිරුල හිමි කුමරිය ඝාතනය විය යුතුයි..එලෙස වුවහොත් මා පොරොන්දු වෙනවා කිරුල හිමි කුමරුගේ ජිවිතේටවත් ඔබේ මලණුවන්ගේ ජිවිතේටවත් කිසිවක් නොකර සිටීමට !!

අගබිසවගේ වචනවලට කට කොනේ හිනාවක් දුන්න ජිමින්,

🐥 ඔබ සිතනවාද මා එලෙස කරයි කියා ?? යූන්ගි කුමරුට තරම්ම සොකී කුමරියටත් මගේ ආදරය සමානයි...මා ඔවුන් දෙදෙනාවම කෙසේ හෝ ආරක්ෂා කරගන්නවා !! ඔබව විශ්වාස කරන්න තරම් මා මුග්දයෙකු නෙමෙයි !!

ජිමින්ගේ වචනවලට සමච්චේලේට හිනා උන අගබිසව ඇගේ ලාච්චුවේ තිබි ජිමින් අතට දුන්නේ සොකී කුමරිය සැමවිටම පලදන ඇගේ පලදනාවයි..එය දැක්ක සැනින් ජිමින්ට එය අදුන ගන්න පුලුවන් උනා වගේම මෙච්චර වෙලා තිබ්බ ජිමින්ගේ ශක්තිය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා වගෙයි දැනුනේ..

👑️ මගේ ආරක්ෂකයින් ඇයවටා දැනටමත් සිටිනවා ජිමින් !! ඔබට බෑ ඇයව බේරගන්න..මගේ එක අනකින් ඇය වගේම ඔබේ සහෝදරයත් ඔහුගේ ආරක්ෂකත් මාලිගාවේ සිටීවී...නමුත් ඔවුන් මාලිගාවට පැමිණියොත් මා හට සිද්ද වෙනවා ඇගේ අනන්‍යතාවය හෙලි කරන්න...ඔබ දන්නවා එවිට සිදුවන දේ ?? ඇගේ අනන්‍යතාවය හෙලි උන විගස මුලු රාජ්‍යයම කිරුල හිමි කුමරුට විරුද්ධව කැරලි ගසාවි...එලෙස ඔවුන්ගේ වගේම ඔබේ කිරුල හිමි කුමරුගෙත් ජිවිත මේ නිසා විනාස වේවි ආරක්ෂක ජිමින්..ඔබට මා හෝරා තුනක් දෙන්නම්...කැමති තීරණයක් ගන්න !!

අගබිසව පවසනකොට ජිමින් වෙව්ලන කකුල්වලින් එලියට ආවේ කරන්න ඕනේ කුමක්ද කියලා සිතාගන්න බැරුවයි..

🌱 කිරුල හිමි කුමරු ලේසියෙන්ම විනාස කරන්න පුලුවන් එකේ ඔබ එලෙස සිදු කරන්නේ ඇයි අගබිසවුනි ??

ජිමින් ගිය ක්ෂණිකයෙන් අගබිසවගේ ප්‍රධාන සේවිකාව එලෙස අසනවිට අගබිසව කුරිරු ලෙස සිනා සුනා..

👑️ ඔබ සිතනවාද යූන්ගි කුමරු විනාශ කරා කියා කිරුල හිමි බලය මගේ පුතුනුවන් ලබා ගනිවි කියා ?? ජින් කුමරු මගේ පුතනුවන් වුවත් ඔහු තරම් අනුවනයෙක් මේ ලෝකේ කොහෙවත් නෑ පාලිකා චෝ...ඔහු කිරුල ප්‍රතික්ෂේප කරොත් රජු එය යූන් උපබිසවගේ පුතුණුවන් හට පවරයි..නමුත් ජිමින් අතින් සොකී කුමරිය මිය ගියහොත් සියලු වැරදි ජිමින් හට පවරා යූන්ගි කුමරු ලගින් ඔවුන් ඈත් කරාම ඔහු ඉබේම දුර්වල වෙනවා...එවිට මට හැකියි යූන්ගි කුමරු වගේම කිරුලත් මා හට කැමති ලෙස හසුරවන්න..!!

🌱 නමුත් අපේ සැලසුම් එලෙස සිදුවේවිද ??

👑️ එලෙසම එය සිදුවෙනවා පාලිකා චො..ආරක්ෂක ජිමින්ට බෑ ඔහුගේ කුඩා කල සිටම ප්‍රේමය උන යුන්ගි කුමරුගේ ජිවිතය විනාස වෙනවා බලන්න !!

.

.

.

.......................................... ♡....................................

Continue Reading

You'll Also Like

184K 9.7K 85
So the story is about Doctor Aarohi,,, her position in her family and the things she go through..... Akshara always get more attention and love from...
9.7K 1.6K 13
Another collection of Short Stories
97.2K 1.3K 23
មើលអោយការទទួលខុសត្រូវ។ 🔞
63.6K 2.9K 38
Collection of Indian short stories.