𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Ta...

Od Jeon_Haeso

34.4K 5.3K 784

ආදර අනාවැකිය ✨ "මට ඔයාගෙන් ඉල්ලීමක් කරන්න ඕනේ ටේහ්‍යුන්ග්.ඔයා මන් ගැන වැරදියට හිතන්න එපා ඒත් මන් මේක මුලු රෑ... Více

Introducing
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37

Chapter 06

827 143 11
Od Jeon_Haeso

One week later...

සුපුරුදු ජීවන රටාවත් එක්ක සතියක කාලයක් ගෙවිලා ගියා.ටේහ්‍යුන්ග් එයාලා දෙන්නා වෙනුවෙන් ගොඩක් දේවල් කරන නිසා හැමදාම ඔෆිස් ගිහින් එද්දි ටේට මොනවමහරි ගේන්න ජංකුක් අමතක කරේ නෑ.ජංකුක් ටේහ්‍යුන්ග් වෙනුවට එයාගේ ඔම්මගේ පැත්තෙන් දුරින් නෑ කෙනෙක් උන Lee Sunmi කියන කෙල්ලව එයාගේ private secretary විදිහට බදව ගත්තා.

ජංකුක් මේ ගැන හිටියේ වැඩිය කැමැත්තකින් නෙවෙයි.වයස 24ක් උන ඇය ඉස්සර ඉදන්ම ජංකුක්ට කැමත්තෙන් හිටියෙ කියලා ජංකුක් දැනන් හිටියා.ඇමරිකා වල ඉන්න Mrs.Jeon මෙච්චර උනන්දුවෙන් කෝල් කරලා කියද්දි ජංකුක්ට කරගන්න දෙයක් නැති උනා.ඉතින් ඔම්මා නිසාම ජංකුක් මේකට කැමති උනා.

එයාගේ අප්පා කෙසේ වෙතත් ඔම්මානම් හදන්නේ sunmi ව තමන්ගේ කරේ ගහන්න තමයි කියලා ජංකුක් දැනන් හිටියා.ජංකුක් තවම ටේ ගැන එයාගේ දෙමාපියන්ට කියලා තිබ්බේ නෑ.මේ ප්‍රශ්නේ තව දුර කලින් ඔම්මටයි අප්පටයි කියන්න ඕනේ කියලා ජංකුක් හිතුවා.

සූහා බබා සහ ටේහ්‍යුන්ග් ගැන කිව්වොත් සූ නම් දැන් ජංකුක් එක්ක වඩා ටේත් එක්ක ඉන්න තමයි කැමති.කෝමත් ඩැඩා වැඩට ගිහින් ගෙදර එන්න රෑ වෙන නිසත් උදේ ඉදන් තමන් එක්ක හුරතල් වෙවී සෙල්ලම් කරන එයාගේ මමාට සූ ඩැඩාට වඩා සූට්ටක් වැඩියෙන් ආදරේ කරා.

උදේ ජංකුක් වැඩට ගියාට පස්සේ සූව නිදි කරවලා එයත් ආපොහු ටිකක් නිදා ගත්තා.ආපොහු උදේ 11ට විතර නැගිට්ට විතර නැගිට්ට ටේහ්‍යුන්ග් දවල් කෑම එකත් හදලා සූවත් ලෑස්ති කරන් එයත් ලෑස්ති උනේ ඔෆිස් එකට ගිහින් ජංකුක්ට කෑම එක දීලා එන්න.ඔෆිස් එකේ ගොඩක් අය මේ ගැන දන්න නිසා ටේට ප්‍රශ්නයක් උනේ නෑ.

"මමා~දැදා"

"ඔව් මැණික අපි ඩැඩා බලන්න තමයි යන්න යන්නේ"

ජංකුක් වගේම ටේහ්‍යුන්ගේ උත්සහය නිසා දැන් අපේ චූටි සූහා එක එක අලුත් වචන කතා කරනවා.කලින්ටත් වඩා බෝලයක් වෙලා ඉන්න ඉන්න සූහාගේ රෝස කම්මුලකට හාදුවක් දෙන ගමන් ටේහ්‍යුන්ග් සූ බබා දිහා බලන් ආදරයෙන් හිනා උනා.කෙල්ලට තිබ්බෙත් එයාගේ ඩැඩාගේ වගේම Doe ඇස් දෙකක්.රෝස බෝලයක් වගේ ඉන්න සූව හව් හව් ගාලා හපන්න හිතෙන ආසාව දහස්වෙනි වතාවටත් ටේහ්‍යුන්ග් හිතෙන් නැතිකර ගත්තා.

______________________________________

ටේ සූවත් අරන් ටැක්සි එකකින් ජංකුක්ගේ ඔෆිස් එකට ආවා.ටේව වගේම සූ බබාව ගොඩක් දෙනෙක් දන්න නිසා එයාලට ඇතුලට එන්න දුන්නා.සූවත් වඩාගෙන ජංකුක්ගේ කැබින් එක ලගට ගිය ටේ දෙපාරක් විතර knock කරත් ඇතුලෙන් උත්තරයක් හම්බවුනේ නෑ.

"ටේ.."

"යුන්ගි හියුන්ග්"

"මොකෝ මේ වෙලාවේ"

"ආ..ජංකුක්ට කෑම එක දෙන්න ආවේ හියුන්ග් හදිස්සි මීටින් එකක් තියනවා කියලා උදේට කන්නේ නැතුව ගියේ."

"ඌ තාම මීටීන් එකේ.ඔයා කැබින් එක ඇතුලට වෙලා ඉන්න.මන් පණිවිඩයක් යනවන්නම්."

"හරි හියුන්ග්"

ටේහ්‍යුන්ග් යුංගි එක්ක හිනාවෙලා කැබින් එක ඇතුලේ තියන සෝෆා එකෙන් වාඩි උනා.

"ඕම ඉන්න මමා ගිහින් මැණිකට toy එකක් අරන් එන්නම්."

ටේ ගිහින් සූහාගේ බේබී රූම් එකේ තිබ්බ barbie ව අරන් ඇවිත් සූගේ අතින් තියලා ටේහ්‍යුන්ග් සූ බබාව එයාගේ උකුලට ගත්තා.

"මමා~"

"කියන්න බේබී"

"තුත්තු ඕලේ~"

"කෝ එන්න මමා ගාවට"

ටේ සූ බබාව හරහට තියාගෙන බෑග් එකෙන් එද්දි හදාගෙන ආව කිරි අරන් ඒක පොවන්න ලෑස්ති උනා.කිරි එක පොවමින් ඉද්දි කැබින් එකේ දොර ඇරෙන සද්දයක් ආපු නිසා එන්න ඇත්තේ ජංකුක් කියලා හිතපු ටේ හිනාවීගෙනම ඔලුව උස්සලා බැලුවත් එතන හිටියේ girl කෙනෙක්.

"ඔහ්..ඔයා වෙන්න ඕනේ ජංකුක්ගේ අලුත් secretary"

"ඔයා වෙන්න ඕනේ සූගේ මාර්ගෙන් ජංකුක්ගේ කරේ එල්ලෙන්න දගලන හිගන්නා"

"Excuse you?"

"ඇයි ඇහුනේ නැද්ද තමුන් කෝමත් කාත් කවුරුත් නැති කෙනෙක්නේ ඉතින් ඒ නම තමුසෙට හොදට ගැලපෙනවා.ආශ් මට තේරෙන්නේ නැත්තේ මන් මෙච්චර මේ පොඩි එකීට ආදරෙන් කතා කරත් ඇයි මට අකැමති උනේ කියලා"

"චූටී ළමයෙක්ට හරියට කතා කරන්න ඉගෙන ගන්න miss ඒකත් එයාගේ ඔම්මා ඉන්න තැනදී"

ටේහ්‍යුන්ග් කේන්තියෙන් කියද්දි sunmi ටේ දිහා බැලුවේ සම්මච්චල් සහගත ලෙස හිනා වෙමින්.

"ඔම්මා? තමුසේ වගේ හිගන්නෙක්ට පුලුවන්ද ජියොන් සූහාගේ ඔම්මා වෙන්න.අනික තමුසේ කොල්ලෙක් කියලත් අමතක කරන්න එපා."

Sunmi කිසි හිතක් පපුවක් නැති කෙනෙක් වගේ කියන වචන ටේහ්‍යුන්ග්ට දැනුනේ පිහියකින් අනිනවා වගේ.කිසි දෙයක් නොතේරුනත් තමන්ගේ මමාගේ ඉකි ගහන හඩ නිසා ටේගේ ඔඩොක්කුවේ හිටපු සූත් අඩන්න ගත්තා.

"මමා~"

"සූහා එයා නෙවෙයි මමයි ඔයාගේ ඩැඩාව මැරි කරලා ඔයාගේ ඔම්මා වෙන්න ඉන්නේ කෝ එන්න ඔම්මා ලගට"

"ම්-මත බෑ.."

Sunmi උමතුවෙන් වගේ කියවන ගමන් සූව ටේගේ අතින් එයාගේ අතට ගන්න යද්දි සූ බබා හුරතලේට රවමින් බෑ කියලා මමාගේ බෙල්ල අස්සේ මූණ හංග ගත්තා.ටේ සූගේ ඔලුවට හාදුවක් දීලා නලවන ගමන් sunmi දිහා බැලුවා.

"මිස් ඔයා දැන් මෙතනින් යන්න.නැත්තන් මට මේ ගැන ජංකුක්ට කියන්න වෙනවා."

"අහ් තමුසේ දැන් කේලම් කියන්නත් යනවද?"

"මන් කැමති නෑ කොයිවත් ඉන්න උන් මගේ ළමයව අඩවනවට"

ටේහ්‍යුන්ගේ අඩලා රතු උන ඇස් වලින් sunmi දිහා බලන් කියද්දි ගැස්සුන sunmi ඒක නොපෙන්වා තව දෙයක් කියන්න යද්දිම එයාට බාදා උනේ කැබින් එකේ දොර ලගින් ඇහුන කටහඩ නිසා.

"Enough now!!"

යුන්ගි පණිවිඩේ දෙන්න එද්දිත් මීටින් එක ඉවර වෙලා තිබ්බේ.ටේ ඇවිල්ලා ඉන්නවා කියපු නිසා එතන හිටිය අයට සමු දීලා ජංකුක් කැබින් එකට ආවා.කැබින් එකේ දොර ලොක් කරලා තිබ්බේ නැති නිසා ඇතුලට ආවම දැක්කේ ටේහ්‍යුන්ග්ට බනින sunmi ව.ඒ දෙන්නටම ජංකුක්ව ඉන්නවා පෙනුනේ නෑ.

"ජ්-ජංකුක්.."

"ඒක සර් Sunmi...සාමාන්‍ය සේවකයෙක් උනාම තමන්ගේ company එකේ ceo ට ගරු කරලා කතා කරන්න ඕනේ කියවත් දන්නේ නැද්ද?

අනික මේ ඉන්නේ සූගේ මමා ඒ කියන්නේ මගේ හස්බන්ඩ්.මට ගරු කරනවා හා සමානවම එයාටත් ගරු කරන්න ඕනේ කියන එක අමතක කරන්න එපා.මන් තව එක පාරයි ඉවසන්නේ ඒකත් මගේ ඔම්මා නිසා.ආපොහු මගේ ළමයටයි මගේ හස්බන්ඩ් ටයි මොනාහරි කියලා තිබ්බොත් එදාට තමුන් ගැන බලා ගන්නම්."

ජංකුක්ගේ සැර වචනත් එක්ක sunmi අඩාගෙනම කැබින් එකෙන් එලියට ගියා.එයා ගියාට පස්සේ ලොකු හුස්මක් ගත්තු ජංකුක් කැබින් එකේ දොර ලොක් කරලා ඇවිත් ටේහ්‍යුන්ග් ඉස්සරහින් හිට ගත්තා.

"ඉදගන්න"

ජංකුක් කියද්දි එයාගේ බෙල්ලට මූන තද කරගෙන නිදාගෙන ඉන්න සූගේ පිටට තට්ටු කරන ගමන් සෝෆා එකේ වාඩි උනා.

"ඇයි හදිස්සියේම ආවේ"

"ක්-කෑම එක දෙන්න"

"ඉතින් මන් රෑට ඇවිත් කනවනේ"

"ඔයා අද උදේ කාලා ගියෙත් නෑනේ ඒකයි දවල්ට කෑම එකක් අරන් ආවේ"

"princess නිදි නේද එයාව ඇතුලෙන් තියලා
එන්න."

ජංකුක් කියද්දි ඔලුව වනපු ටේ සූගේ රූම් එකෙන් සූව තියලා නලලට හාදුවක් දීලා එලියට ආවා.එනකොට ජංකුක් සෝෆා එකේ ඉදන් ලැප් එකත් එක්ක බිසී වෙලා හිටියේ.ටේ ගිහින් ජංකුක් ලගින් වාඩි උනා.

"ජ්-ජංකුක්"

"ම්ම්ම්"

"කන්නේ නැද්ද?"

"මේ වැඩ ටික ඉවර කර ගන්න ඕනේ ටේහ්‍යුන්ග් නැත්තන් අද මට රෑ වෙනකන් ඔෆිස් එකේ ඉන්න වෙයි.ඔය දෙන්නව රෑට තනියෙන් ගෙදර තියන්න බෑනේ."

ජංකුක් කියද්දි මූණත් රතු කරන් ටේ ආපොහු කතා කරා.

"ම්-මන් ක්-කවන්නද?"

ටේ අහද්දි ලැප් එකෙන් ඔලුව උස්සපු ජංකුක් ටිකක් වෙලා ටේ දිහා බලන් ඉදලා ඔලුව වැනුවා.ජංකුක් වැඩ කරන අතර ටේහ්‍යුන්ග් එයා උදේ හදන් ආව කෑම එක ජංකුක්ට කැවුවා.

Jungkook p.o.v

මන් කාලා විනාඩි දහයකින් විතර වැඩ ටික ඉවර කරන් සෝෆා එකට ඔලුව බර කරේ සැහැල්ලු වෙන්න.එක දිගට වැඩ කරද්දි ඇස් වගේම ඔලුව ගොඩක් රිදෙනවා.ටේගේ කිසි සද්දයක් නැති නිසා මන් එයා දිහා බැලුවා ඔය ඉන්නේ මූණත් බිමට හරවන්.

"ටේ.."

"ඕ කියන්න"

"මොකෝ මේ..ඔයා අරකි කියපු දේවල් නිසානම් මූන එල්ලන් ඉන්නේ ඒවා අමතක කරලා දාන්න."

"ජංකුක් ඇත්තට ම්-මන් ඔම්මා කෙනෙක් වෙන්න සුදුසු නැද්ද?"

"ඔයා ඔනාවටත් වඩා සුදුසුයි ටේ"

ටේහ්‍යුන්ග් අමාරුවෙන් වගේ මගෙන් අහද්දි මන් ලොකු හුස්මක් අරන් එයා දිහා බැලුවා.එයා තරම් සූට ඔම්මා කෙනෙක් වෙන්න කාටත් බෑ කියලා මන් දන්නවා.බොරුවට වටේ ඉන්න උන් කියන හැම ජරාවම ඔලුවට දාගෙන නිකන් හිත රිද්ද ගන්නවා මෝඩ කොල්ලා.

Jungkook p.o.v end

"සූව අරන් එන්න අපි යමු"

"වැඩ ඉවරද ජංකුකී"

'ජංකුකී' හ්ම්ම් නරකමත් නෑ.හිතෙන් හිනාවෙමින් හිතපු ජංකුක් ඔලුව වැනුවා.නැගිටලා හිටපු සූවත් අරන් ටේහ්‍යුන්ග් එලියට එද්දිත් ජංකුක් හිටියේ සෝෆා එකෙට ඔලුව බර කරන්.

"ඉතුරු ටික හෙට ඇවිත් කරනවා"

"ඔයාට අමාරුයිද?"

"ඔලුව ටිකක් රිදෙනවා.ගෙදර ගිහින් මසාජ් එකක් දෙන්න පුලුවන්ද?"

ජංකුක් අහද්දි රෝස පාට වෙන කම්මුල් හංගගෙන ඔලුව වැනුවා.ඒත් ඉතින් ජංකුක්ගේ උකුසු ඇස් වලට ඒක අවුහුණා.විනාඩි තිහකින් විතර තුන් දෙනා එක්කම ආපොහු මැන්ශන් එකට ආවා.















හැමෝම හොදින් ඉන්නවද? වැස්ස නිසා ගොඩක් අයට අසනීප වෙනවනේ පරිස්සමින් ඉන්න හොදේ

අනිත් එකත් ක්මනින් අරන් එන්නම් ❤️😚

Pokračovat ve čtení

Mohlo by se ti líbit

1.4M 35.5K 47
When young Diovanna is framed for something she didn't do and is sent off to a "boarding school" she feels abandoned and betrayed. But one thing was...
1.8M 127K 45
"Why the fuck you let him touch you!!!"he growled while punching the wall behind me 'I am so scared right now what if he hit me like my father did to...
3M 115K 32
"Stop trying to act like my fiancée because I don't give a damn about you!" His words echoed through the room breaking my remaining hopes - Alizeh (...
320K 18.5K 19
"ဘေးခြံကလာပြောတယ် ငလျှင်လှုပ်သွားလို့တဲ့.... မဟုတ်ရပါဘူးဗျာ...... ကျွန်တော် နှလုံးသားက သူ့နာမည်လေးကြွေကျတာပါ.... ကျွန်တော်ရင်ခုန်သံတွေက...