Fantasy World || Ot7 || Compl...

By Cyra_00

8.5K 1K 258

🎁 Gifts 🎁 ඔයාගේ හිතේ ලස්සන ප්ලොට් එකක් තිබිලත් කතා ලියාගන්න බැරිද ?? කතාවක් ඇතුලේ හරි bts member කෙනෙක්ගේ... More

Intro
My Alpha - Chapter 01
My Alpha -chapter 02
My Alpha - chapter 3
My Alpha - Chapter 04
My Alpha - Chapter 05
My Alpha - Chapter 06
My Alpha - Chapter 07
My Alpha - Final chapter
අදුරු සෙවනැලි - Chapter 01
අදුරු සෙවනැලි - Chapter 02
අදුරු සෙවනැලි - Chapter 03
අදුරු සෙවනැලි- Chapter 04
අදුරු සෙවනැලි -Chapter 05
අදුරු සෙවනැලි- Chapter 06
අදුරු සෙවනැලි - Chapter 07
අදුරු සෙවනැලි - Chapter 09
අදුරු සෙවනැලි - chapter 10
අදුරු සෙවනැලි - Final Chapter
File No. 39 - Chapter 01
File No.39 - Chapter 02
File No.39 - Chapter 03
File No.39 -Chapter 04
File No.39 - Chapter 05
File No.39 - Final chapter
මේඝා - Chapter 01
මේඝා - Chapter 02
මේඝා - Chapter 03
මේඝා - Chapter 04
මේඝා - Chapter 05
මේඝා - Chapter 06
මේඝා - Chapter 07
මේඝා - Chapter 08
මේඝා - Chapter 09
මේඝා - Chapter 10
මේඝා - Final chapter
Forget me not - Chapter 01
Forget Me Not - Chapter 02
Forget me not - Chapter 03
Forget me not - Chapter 04
Forget me not - Final chapter
සැඩ රළ - chapter 01
සැඩ රළ - chapter 02
සැඩ රළ - chapter 03
කරුණාකර මාව වැලදගන්න - 01
කරුණාකර මාව වැලදගන්න - 02
කරුණාකරලා මාව වැලදගන්න - Final
sorry 🥺

අදුරු සෙවනැලි -Chapter 08

118 15 2
By Cyra_00

🐱 ඔයා දැන් කියන්නේ ජින් හ්‍යුන්ග්ගේ ඇගට හොල්මනක් වැහිලා කියලද ??

යූන්ගි ලිලී දිහා බලන් අහනකොට කෙල්ල බිම බලන් ඔව් කිව්වා..ලිලී කොහොමත් එකපාරටම කාත් එක්කවත් ෆිට් වෙන්නේ නෑ කියලා දන්න නිසාම ජන්ග්කුක් ලිලී ලගින්ම හිටියත් ලිලී ජන්ග්කුක් දිහා උනත් බැලුවේ හොරෙන්..එයාලා දෙන්නා ඉදලා හිටලා හම්බුවෙන එක ඇත්ත..ඒත් ඉතින් දැන් එයාලා දෙන්න හම්බුවෙන්නේ ජන්ග්කුක්ගේ හ්‍යුන්ග්ලා ඉස්සරහනේ..සිටුවේශන් එක මොකක් උනත් ලිලී, ජන්ග්කුක් දෙන්නා වාඩි වෙලා හිටියේ මගුල් කතා කරන්න ආපු කපල් එකක් වගේ..

🐨 ඒත් හොල්මන් කියන ඒවා ඇත්තද ??

🐥 ආර් යූ සීරියස් හ්‍යුන්ග් ?? මෙච්චර දෙයක් වෙලත් ඔයා හොල්මන් ඇත්තද අහන්නේ ?? ජින් හ්‍යුන්ගීගේ දිව බිම ගෑවෙන තරම් දික් වෙනවා මන් මගේ ඇස් දෙකෙන්ම දැක්කා..එතකොට එයා පන පිටින් හාවෙක් කනවා ටේහ්‍යුනුයි කුකියි හොබි හ්‍යුනුයි දැක්කා..එතකොට ඔය දෙන්නා ?? ඔයාලා දෙන්නා වගේ දෙන්නෙක්වම එකපාර හැන්ඩ්ල් කරන්න තරම් ජින් හ්‍යුන්ග්ට ශක්තියක් තියෙනවා කියලා ඔයා හිතනවාද ??

ජිමින් තාමත් වෙව්ලන ගමන් කියනකොට හැමෝම ඒකට එකග උනා..මේ උන දේවල් එක්ක හොල්මන් කියලා දෙයක් නෑ කියන්නවත් ,ජින්ගේ ඇගට හොල්මනක් වැහිලා නෑ කියන්නවත් එයාලට බෑ..

🐯 අපි දැන් මේකට මොකක්ද කරන්නේ ?? ජින් හ්‍යුන්ග් මෙහෙම අපිට තියාගන්න බැහැනේ..අනික එයාව හොද කරගන්නවත් අපිට මෙහෙම කොරියාවට අරන් යන්නත් බෑ..

🌹 ලිලී ඔයාට පුලුවන් නේහ් මෙයාලට උදව් කරන්න..

ජියා ටේහ්‍යුන් දිහා හොරෙන් බලන ගමන් ලිලීගේ අත අල්ලන් කියනකොට ලිලී බය වෙලා වගේ ජියා දිහා බලලා එපා කියලා ඔලුව දෙපැත්තට වැනුවා..

🦄 ලිලී කොහොමද අපිට උදව් කරන්නේ ??

🌹 එයාගේ ඔම්මා ශාමන් කෙනෙක් !!
( ඒක නේද නම..මට මතක නෑ අප්පා ඒකද එහෙම අයට කොරියන් අය කියන නම කියලා 🥺 )

ජියා කිව්වාම ජන්ග්කුක් පුදුමෙන් ලිලී දිහා බැලුවා..ජන්ග්කුක් මෙච්චරකල් හිතන් හිටියේ ලිලී ගැන එයා නොදන්න දෙයක් නෑ කියලා..ඒත් ලිලීගේ ඔම්මාව එයා දැකලත් කතා කරලත් එහෙම දෙයක් ලිලී එයාට කියලා නෑ කිව්වාම ජන්ග්කුක්ට කේන්ති ගියා..

🐰 මොකක් ?? එ..ඒත් ඔයා මට එහෙම එකක් කියලා නෑනේ..

🌱 ඉතින් ඔයා ඇහුවේ නෑනේ..

🐰 මන් අහන්න ඕනද කියන්න..ඔයා දැනගන්න එපැයි මට ඒක කියන්න..

🌱 මන් දැන් හැම එකක්ම ඔයාට කියන්න ඕන කියලා නීතියක් නෑනේ..

🐰 මොකද නැත්තේ තියනවා !! ඔයාගේ හැම දෙයක්ම මට කියන්න ඕන..මන් දැනගන්න ඕන ඒවා..

🌱 ඇයි දැන් ඔයා දැනගන්න ඕන..මන් ඔයාගේ කවුරුත් නෙමෙයිනේ..

🐰 මොකද කවුරුත් නොවෙන්නේ ?? ඔයා මගේ..ඔයා...ආයිශ් ඔයා මගේ හොදම යාලුවානේ !!

ජන්ග්කුක්ගේ හිත ඒ කිව්ව වචනේ නොපිලිගත්තාත් එයාට එහෙම කියන්න ඕන උනේ හිතට වඩා මොලේ ඉස්සර උන නිසායි..ජන්ග්කුක් දන්නවා එයාගේ හිතේ ලිලී ගැන තියෙන්නේ හොදම යාලුවෙක් ගැන තියෙන හැගීමක් නෙමෙයි කියලා..ඒත් එයා බයයි ඒක කියන්න..මොකද එහෙම කියලා හදිසියෙවත් ලිලීගේ හිතේ එහෙම හැගීමක් නැත්තම් එයාලා දෙන්නාගේ යාලුකමත් නැති වෙයි කියලා ජන්ග්කුක් බයයි..

🌱 ඉතින්..හොදම යාලුවා කියලා එහෙම ඔක්කොම කියන්න ඕනද ?? අනික අපි යාලුවෝ විතරයිනේ..ඊට එහා දෙයක් නෑනේ..!!

ජන්ග්කුක් කියපු එකට ලිලීත් අනිත් පැත්‍තට කියනකොට ජන්ග්කුක්ගේ මූන වෙනස් වෙනවා හැමෝම දැක්කා..එයාලා ලිලී ආපු වෙලේ ඉදන් දෙයක් දැක්කා..ඒ ජන්ග්කුක් ලිලී දිහා බලන විදිය..අවුරුදු ගානක් එකට හිටපු එයාලට ජන්ග්කුක්ගේ ඒ බැල්ම අදුරගන්න අමාරු උනේ නෑ..ජන්ග්කුක්ගේ හිතේ ලිලී ගැන යාලුකමට එහා ගිය දෙයක් තියෙනවා කියලා ජන්ග්කුක්ගේ හ්‍යුන්ග්ලා ලිලී ජන්ග්කුක් එකට දැක්ක වෙලේම තේරුම් ගත්තා..ඒත් ලිලී ?? ලිලීගේ හැගීම් කවුරුවත්ම දන්නෙ නෑ..ලිලී කොහොමත් හැගීම් ලේසියෙන් පිටතට පෙන්නන කෙනෙක් නෙමෙයි..ලිලී කියන්නේ හැගීම් හංගන්න දක්ෂ කෙනෙක්..

🐱 හරි දැන් ඕක නෙමෙයිනේ මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ !!

ජන්ග්කුක්ගේ මූන අදුරු වෙලා තියෙනවා දැක්කාම ඒ දිහා බලන් ඉන්න බැරිකමට යූන්ගි ඉක්මනට කතාව එතනින් නැවැත්තුවා..අනිත් අයත් යුන්ගිට උදව් කරේ ජන්ග්කුක්ගේ බෝල ඇස් කදුලුවලට දිලිසෙනවා පෙනුන නිසායි..

🐥 ඒක තමයි..ගෑනියි මිනිහයි වගේ බැලුවොත් ඇත්තම් රන්ඩු වෙනවා..

🐨 හරි ඒක වැඩක් නෑ දැන්..ලිලීට පුලුවන්ද අපිට උදව් කරන්න ??

නම්ජුන් බලාපොරොත්තු පිරුනු ඇස්වලින් අහනකොට ලිලීගේ ඇස් කලබලෙන් එහා මෙහා ගියා..ලිලී ඉන්නේ කලබල වෙලා කියලා තේරුන ජියා ලිලීගේ අත අල්ලන් මහපට ඇගිල්ලෙන් පිරිමැද්දේ මන් ඉන්නවා බය වෙන්න එපා කියනවා වගෙයි..

🌱 මගේ ඔම්මා ශාමන් කේනෙක් උනාට ඇත්තටම මන් ඒ දේවල් ගැන ලොකුවට දන්නේ නෑ..ඒත්..

🦄 අනේ ඇයි ඒත් කියලා නැවැත්තුවේ ?? චේබල් ලිලී..අපිට උදව් කරන්න..අපේ හ්‍යුන්ග්ව බේරලා දෙන්න..

🐰 ප්ලීස් ලිලී..මන් වෙනුවෙන්වත්..

ජන්ග්කුක් ලිලීගේ අත් දෙක අල්ලන් කියනකොට ලිලී බැලුවේ ජන්ග්කුක්ගේ දිලිසෙන බෝල ඇස් දිහා..එයා කොහොමද ඒ ඇස් දිහා බලන් බෑ කියන්නේ..ලිලී එදා ඉදන්ම රැවටුනේ ඒ බෝල ඇස්වලට..

🌱 මට උදව් කරන්න බැරි උනත් මන් දන්නවා අපිට උදව් ගන්න පුලුවන් කෙනෙක්ව..

🐯 ඒ කවුද ??

🌱 ඔයාලා දැක්කාද් දන්නේ නම් නෑ..මේ වලව්වට එනකොට ලග තියෙනවා ලොකු චර්ච් එකක්..අපිට පුලුවන් වෙයි එකේ ෆාදර්ගෙන් උදව් ගන්න..

🐰 ඒත් එයාලා අපිට උදව් කරයිද ?

🌱 ඒක ගිහින්ම තමා බලන්න වෙන්නේ..මන් හිතන්නේ නෑ උදව් නොකර ඉදිවි කියලා..

🐨 ඒත් අපි දැන් යන්නේ මොකේද ?? වෑන් එකත් යැව්වානේ..මෙහෙට සිග්නලුත් නෑ කෝල් කරලා වෑන් එක ගෙන්න ගන්න..

නම්ජුන් ෆෝන් එක එහෙට මෙහෙට කරකවන ගමන් අහනකොට පාටලී කෙලින්ම බැලුවේ බිත්තියේ ගහලා තිබ්බ ලොකු ඔරලෝසුව දිහායි..

🌱 අපිට පාරට යාගන්න පුලුවන් උනොත් වාහනයක් සෙට් කරගන්න පුලුවන් වෙයි..හැබැයි අපි මොකක් උනත් රෑ වෙන්න කලින් කරන්න වෙනවා..අද අමාවක දවසක්..අමාවක දවස්වලට යක්ෂයන්ගේ බලය වැඩියි...

🐰 එහෙනම් මෙහෙම කරමු..ගොඩක් කට්ටිය යන්න ගියොත් තව වෙලා යයිනේ..ලිලී කොහොමත් යන්න ඕන එකේ මායි ලිලීයි ඉක්මනට ගිහින් එන්නම්..

🌹 මාත් එන්නම් ඔයාලා එක්ක..

🐯 මාත්..

🐰 හරි එහෙනම් අපි හතර දෙනා ඉක්මනට ගිහින් එක්කගෙන එන්නම්..හ්‍යුන්ග්ලා ඉන්න..

ජන්ග්කුක් එහෙම කියලා ඇදුමක් දාගෙන එන්න ටේහ්‍යුන් එක්ක කාමරේට ගියාම ලිලී එයාගේ සාක්කුවේ තිබ්බ කුරුසේ අරගෙන යූන්ගිගේ අතට දුන්නා..

🌱 ඔප්පා..අපි එන්න හවස් උනොත් පරිස්සම් වෙන්න..අද අදුර වැටෙනකොට එයාගේ ශක්තිය එන්න එන්නම වැඩි වෙයි..ඔයාලා පුලුවන් තරම් එයාගෙන් ඈත් වෙලා ඉන්න..ඔය ක්‍රොස් එක ලග තියාගන්න..ඕක ඔම්මා මතුරපු එකක්..ඒ නිසා යක්සයගෙන් කරදරයක් වෙයි කියලා තේරුනොත් ඕක ලගට ගන්න..ම්ම් මන් යන්න කලින් පුලුවන් විදියට ආරක්ෂවක් කරන්නම්..ඒත් මන් ලොකුවට ඒ දේවල් ගැන හදාරලා නැති නිසා මගේ බලය මදිවෙයි එයාව පාලනය කරන්න තරම්..

පාටලි වතුර වගේකට මතුරලා ඒවා ජින්ගේ කාමරේ දොර වටේට හලලා ජින්ගේ කාමරේ ලොක් කරලා කට්ටියට පරිස්සම් වෙන්න කියලා තව පාරකුත් කියලා හතර දෙනා එක්ක එලියට බැස්සේ පාරට යන්න කියලා හිතාගෙනයි..වලව්වේ මිදුල හුගක් ලොකු නිසා අක්කර ගානක් හතර දෙනාටම පයින් යන්න උනා..

🌹 හම්මෝ..මහන්සි...අපරාදේ මටත් වලව්වට වෙලා ඉන්න තිබ්බේ..කවුද දන්නේ මෙච්චර දුර පයින් යන්න වෙයි කියලා..

🌱 හොද වැඩෙ එනකම් නිදාගෙන ආවට..මන් කොච්චර ඇහැරෙව්වාද ඉඩමේ ලොකු පෙන්නන්න..

🌹 හරි හරි ඉතින්..එහෙමයි කියලා ඔයාට ඉගියක්වත් දෙන්න තිබ්බානෙ මේක මෙච්චර ලොකුයි කියලා !!

කොහොම හරි ජියා ලිලී දෙන්නාගේ පුංචි පුංචි රන්ඩු එක්ක හතර දෙනාටම පැය දෙකකට වගේ පස්සේ ඉඩමෙන් එලියට යන්න පුලුවන් උනා..

👴 දෙයියනේ මහත්තයලා මෙච්චර දුර පයින් ආවාද ??

ගේට් එක ලග බිම ඉදන් හති අරින සෙට් එක දැකලා අලිමුර මාමා ලගට ආවත් එයා කියපු එක නම් තේරුනේ පාටලීට විතරයි.

🌱 එහෙට සිග්නල් නෑ මාමේ කෝල් කරලා වාහනයක් ගෙන්න ගන්න...

👴 අප්පොච්චියේ අපි ඉතින් ඔය ෆෝන් කෙරුවාවල් දන්නේ නෑ නොවැ...නෝනේ මේ කොහේ යන්නද මහත්තයලා එක්ක ??

🌱 අහ් මේ..අපි මේ ලග තිබ්බ පල්ලියට යන්න කියලා..කුකිට යන්න ඕනලු...

👴 ඒ පල්ලිය නම් ගරා වැටිච්ච එකක් නෝනා..හිටියෙත් පියතුමන්ලා දෙන්නයි..එතනිනුත් සෙබස්තියන් පියතුමා මිය ගියා..දැන් ඉන්නේ ජෝන් පියතුමා විතරයි..එතුමත් ඉක්මනට ඔතනින් යයි..ඒ ගරා වැටුනු පල්ලියේ ආයේ අමුතුවෙන් බලන්න දෙයක් නෑ නොවැ..

🌱 ඒකට කමක් නෑ මාමේ..අපි මේ ෆාදර් කෙනෙක් හම්බුවෙන්න තමයි යන්නේ..!!

👴 එහෙනම් කමක් නෑ..මන් නොනේලාට වීල් එකක් හොයලා දෙන්නම් එතනට යන්න..

🌱 අනේ ගොඩක් ස්තීතියි මාමේ..

ලිලී අලිමුර මාමා එක්ක කතා කරලා කොහොම හරි ත්‍රී වීල් එහෙකුත් කතා කරන් හතර දෙනාම මාස්ක් දාලා ත්‍රී වීල් එකේ පල්ලියට ගියා..පල්ලියට ගියාට පස්සෙයි අලිමුර මාමා කියපු එක ඇත්ත කියලා තේරුනේ..ඒක සම්පූර්ණයෙන්ම ගරා වැටුනු පල්ලියක්..මනුස්ස වාසයක්වත් පේන්න නැති උනත් හිමිට ඇතුලට ගියේ අලිමුර මාමා කිව්ව ෆාදර් ඉන්නවද බලන්නයි..

🐯 කෝ මේකෙ මොකෙක්වත් නෑනේ ??

ඇතුලට ඇවිල්ලාත් හුගක් වෙලා ගිහිනුත් කිසිම කෙනෙක් පේන්න නැති තැන ලග තිබ්බ පුටුවක වාඩි වෙන ගමන් ටේහ්‍යුන් කියනකොට අනිත් තුන් දෙනාත් වට පිටාව බලන ගමන් මහන්සි යවන්නත් එක්ක වාඩි උනා..

.

.

✝️ සද අවරට ගිය පසු යක්සයා තරුණයෙක්ව බිලි ගනිවි...ආපසු යන්න..ගොස් ඔහුව බේරාගන්න...

.

.

.......................................... ♡....................................

ප්ලොට් එකට අදහස දුන්න රීඩර් බබාගේ මතක විදියට අද බර්ත් දේ එක...එයාගේ බර්ත්දේ එක දවසේ මේක ඉවර කරන්න මන් හිතන් හිටියේ..ඒත් කැම්පස් එකේ වැඩ එක්ක මාව හිර උනා ලමයි..

Happy Birthday pattoo🥺❤️

ඇත්තටම කැම්පස් එකේ exibition එක තියෙනවා next week...මන් වැටිලා ඉන්නේ Anatomy stall එකට..ඉතින් අදිනවා, කපනවා, පාට කරනවා වැඩ ගොඩයි...ඍජිෆෝර්ම් එක්ක ඉදලා ගෙදර එනකොට හෙම්බිරිස්සාව...මුකුත්ම කරගන්න තරම් එක්කෝ පන නෑ..ඇද බලාගෙන එන්නේ..ඒකයි අප්ඩේට් පරක්කු..පුලුවන් උනොත් මන් අද මේක ඉවර කරන්න බලන්නම්...මට දැනුත් හෙම්බා හැදිලා ඉන්න බෑ අප්පාහ්...ඒ අස්සේ ලොකු box board එහෙක මන් දැන් තඩි kidney එකක් අදින්න ඕන 🙂

අදම ඉවර කරන්න ට්‍රයි එකක් දෙන්නම් 🥺

.......................................... ♡....................................

Continue Reading

You'll Also Like

184K 9.7K 85
So the story is about Doctor Aarohi,,, her position in her family and the things she go through..... Akshara always get more attention and love from...
10.2K 1.7K 14
Another collection of Short Stories
79.7K 6.1K 27
"𝚆𝚑𝚎𝚗 𝚠𝚒𝚕𝚕 𝚝𝚑𝚎𝚢 𝚜𝚝𝚘𝚙 𝚑𝚊𝚝𝚒𝚗𝚐 𝚖𝚎 ?" 𝟷𝟻 𝚢𝚎𝚊𝚛 𝚘𝚕𝚍 𝚅𝚒𝚜𝚑𝚗𝚞 𝚊𝚜𝚔𝚎𝚍 𝚌𝚛𝚢𝚒𝚗𝚐 𝚑𝚒𝚜 𝚑𝚎𝚊𝚛𝚝 𝚘𝚞𝚝. "𝚆𝚑𝚎...