Fantasy World || Ot7 || Compl...

By Cyra_00

8K 977 254

🎁 Gifts 🎁 ඔයාගේ හිතේ ලස්සන ප්ලොට් එකක් තිබිලත් කතා ලියාගන්න බැරිද ?? කතාවක් ඇතුලේ හරි bts member කෙනෙක්ගේ... More

Intro
My Alpha - Chapter 01
My Alpha -chapter 02
My Alpha - chapter 3
My Alpha - Chapter 04
My Alpha - Chapter 05
My Alpha - Chapter 06
My Alpha - Chapter 07
My Alpha - Final chapter
අදුරු සෙවනැලි - Chapter 01
අදුරු සෙවනැලි - Chapter 02
අදුරු සෙවනැලි - Chapter 03
අදුරු සෙවනැලි- Chapter 04
අදුරු සෙවනැලි -Chapter 05
අදුරු සෙවනැලි- Chapter 06
අදුරු සෙවනැලි -Chapter 08
අදුරු සෙවනැලි - Chapter 09
අදුරු සෙවනැලි - chapter 10
අදුරු සෙවනැලි - Final Chapter
File No. 39 - Chapter 01
File No.39 - Chapter 02
File No.39 - Chapter 03
File No.39 -Chapter 04
File No.39 - Chapter 05
File No.39 - Final chapter
මේඝා - Chapter 01
මේඝා - Chapter 02
මේඝා - Chapter 03
මේඝා - Chapter 04
මේඝා - Chapter 05
මේඝා - Chapter 06
මේඝා - Chapter 07
මේඝා - Chapter 08
මේඝා - Chapter 09
මේඝා - Chapter 10
මේඝා - Final chapter
Forget me not - Chapter 01
Forget Me Not - Chapter 02
Forget me not - Chapter 03
Forget me not - Chapter 04
Forget me not - Final chapter
සැඩ රළ - chapter 01
සැඩ රළ - chapter 02
සැඩ රළ - chapter 03
කරුණාකර මාව වැලදගන්න - 01
කරුණාකර මාව වැලදගන්න - 02
කරුණාකරලා මාව වැලදගන්න - Final
sorry 🥺

අදුරු සෙවනැලි - Chapter 07

105 16 4
By Cyra_00

🐱 කුකී , හ්‍යුන්ග්ගේ මේ තත්ත්වෙත් එක්ක ඔයාගේ යාලුවා මෙහෙට එන එකේ ප්‍රශ්නයක් නැද්ද ??

හොබිගේ තුරුලේ නින්ද ගිහින් ඉන්න ජිමින් දිහා දුකින් බලාගෙන යූන්ගි අහනකොට ජන්ග්කුක් උනත් හිටියේ ඒ ගැන දෙගිඩියාවෙන්...මුලදි එයාලා ජින්ට තියෙන්නේ ලෙඩක් කියලා හිතුවත් ජිමින්ට උන දේත් එක්ක එයාලා තේරුම් ගත්තා ඒක අසනීපයක් නෙමෙයි කියන එක..ජිමින්ගේ ඇස් ඉස්සරහම ජින්ගේ දිව පොලව තෙල් දික් වෙනකොට, ඒ ඇස් ගිනි බෝල වගේ රතුපාට වෙනකොට ඒක අසනීපයක් නෙමෙයි කියන්න අමාරු උනේ නෑ...මේ වගේ වෙලේක ජිමින් බොරු කියන්නේ නෑ කියලා දන්න නිසාම වෙව්ලන ගමන අඩ අඩ උන හැමදේම ජිමින් කිව්ව විදියට හැමෝටම ඒක විශ්වාස කරන්න සිද්ද උනා..

🐰 මන් දන්නේ නෑ හ්‍යුන්ග්...ඒත් එයා එන එකෙන් අඩුම අපිට මේකට කරන්න පුලුවන් දෙයක් හරි දැනගන්න පුලුවන් හ්‍යුන්ග්...නොදන්න රටක අපි මොනවා කරන්නද ??

🐯 ඒක ඇත්ත හ්‍යුන්ග්..එයා මෙහෙ කෙනෙක්නේ..එයාට පුලුවන් වෙයි අපිට උදව් කරන්න..අඩුම ජින් හ්‍යුන්ග් එවෙලෙට කියන දේවත් තේරුම් ගන්න එයාට පුලුවන් වෙයි..

ටේහ්‍යුන් කිව්වාට පස්සේ එතනින් එහාට තිබ්බේ ලොකු නිශ්ශබ්දතාවක්..මේ වෙන කිසිම දෙයක් ගැන කාටවත්ම කතා කරන්න උවමනාවක් තිබ්බේ නෑ..ඉදලා හිටලා ජින්ගේ කාමරෙන් එක එක ඒවා පෙරලෙන සද්ද හැරෙන්න මුකුත්ම සද්දයක් මුලු වලව්ව පුරාම තිබ්බෙ නෑ..ජින්ට සිහිය ආපු ගමන් ආයි අමුතු විදියට හැසිරෙන්න පටන් ගත්ත නිසා කට්ටියම ජින්ව බලෙන්ම ඇදේ තියලා ගැට ගැහුවට පස්සේ දොර ලොක් කරලා එලියට ආවේ කරන්න කිසිම දෙයක් හිතාගන්න බැරුවයි..

🐨 මන් වලව්ව ගැන ටිකක් සර්ච් කරලා බැලුවා..මේක ඇත්තටම භූත ගුහාවක්ද කොහෙද ?? බලන්න මිනිස්සු කියන්නේ මෙහෙ හොල්මන් ඉන්නවා කියලා...

එතන තිබ්බ නිශ්ශබ්දතාවය නම්ජුන් ෆෝන් එක දිහා බලන් කියනකොට හැමෝම ෆෝන් එකට එබුනා..

🦄 සෝශල් මීඩියාවල තියෙන හැමදේම විශ්වාස කරන්න බැහැනේ ජූන්...මේ වලව්ව එලියට පේන්නෙවත් නැතුව , කවුරුත් මේකට එන්නෙවත් නැතුව කොහොමද මිනිස්සු මේකේ හොල්මන් ඉන්නවා කියලා කියන්නේ ??

හෝසියොක් කියනකොට හැමෝම ඔව් කියලා ඔලුව වැනුවා..එයා කියන එක ඇත්‍ත..වලව්වේ හොල්මන් ඉන්නවා කියලා තිබ්බාට හොල්මනක් දැක්ක කෙනෙක් කවුරුත්ම ඉදලා නෑ..අනික එයාලවත් හොල්මනකව දැක්කේ නෑ..එයාලා දැක්ක එකම දේ ජින්ට හොල්මනක් ආවේශ වෙලා ඉන්නවා කියන එක විතරයි..

දවල් වෙනකනුත් හරියට කෑමක් බීමක් නැතුව කට්ටියම තැන් තැන්වල වැටිලා හිටියේ කරන්න කිසිම දෙයක් හිතාගන්න බැරුවයි..ජිමින්ටත් උන අරන් තිබ්බ නිසාත් ටේකුක් දෙන්නාගෙත් අත්වල තුවාල නිසාත් එයාලා තුන්දෙනාම හිටියේ පේන්කිලර්ස් වලට හොදටම නින්ද ගිහින්..ජින්ව ගැටගහලා නිසා හිමින් සැරේ නම්ජුන් , යූන්ගි එක්ක කාමරේට කෑම එක අරන් ගියත් ඒ වෙනකොට ජින්ට නින්ද ගිහිනුයි තිබ්බේ..

🐨 හ්..හ්‍යුන්ග්..

නම්ජුන් බයෙන් බයෙන් කතා කරාම ජින් හිමීට ඇස් ඇරියා..දෙන්නම මුලින්ම බැලුවේ ජින්ගේ ඇස්වල පාට..ඒවා රතු පාට නොවී කලු පාටට තියෙනකොට දෙන්නාම ලොකු හුස්මක් පහලට දැම්මා..

🐱 හ්‍යුන්ග් ඔයාට දැන් කොහොමද ??

🐹 ම්ම්...මගේ ඇගට අමාරුයි යූන්ගියා...ඒත් ඇයි මාව ඔයාලා ගැට ගැහුවේ ??

🐨 ඔයාට මුකුත් මතක නැද්ද හ්‍යුන්ග් ??

නම්ජුන් අහනකොට ජින් නෑ කියලා ඔලුව වැනුවා..ඇත්තටම එයාට කලින් උන කිසිම දෙයක් මතක තිබ්බේ නෑ..ජින්ට අන්තිමට මතක කලින් දවසේ රෑ අඩි සද්දයක් ඇහිලා කාමරෙන් එලියට ආව එක විතරයි..

🐨 ඔයාට ඇත්තටම මතක නැද්ද ?? ඔයා ජිමින්ව -

නම්ජුන් කියන්න හැදුවත් යූන්ගි නම්ජුන්ගේ අත කොනිත්තලා නම්ජුන්ව නැවැත්තුවා..යූන්ගිට ඕන උනේ නෑ ඇත්ත ජින් දැනගන්නවා දකින්න..එයා ජිමින්ට එහෙම දෙයක් කරන්න හැදුවා කියලා දැන ගත්තොත් ජින් එයාටම සමාවක් දෙන එකක් නෑ කියලා එයා දන්නවා..

🐹 ඇයි ජිමිනිට මොකද ?? එයාට මොකක්ද උනේ ??

ජින් කලබල වෙලා ගැට ගහලා තියෙන අත් දෙකත් ගලවන්න හදන ගමන් නැගිටිනකොට යූන්ගි ඉක්මනට ජින්ව ආයි හාන්සි කරා..

🐱 බය වෙන්න එපා හ්‍යුන්ග්...ජිමිනි රෑ හීනෙන් බයවෙලා..ඒකට පොඩ්ඩක් උන අරන්..

🐹 මගේ ජිමිනිට අමාරුද යූන්ගියා ?? කෝ මගේ අත ලිහන්නකෝ..මන් එයාට සුප් එකක් හදන්නම්..

🐨කෙලින් හිටගන්නවත් පන නැතුව මොන සුප් හැදිල්ලක්ද ?? හ්‍යුන්ග් මුලින්ම කාලා ඉන්න..ජිමිනි කාලා බෙහෙත් බිව්වා..

ජින් දගලන නිසාම යූන්ගි , නම්ජුන් දෙන්නා ජින්ගේ අත ගැට ගහලා තිබ්බ එක ලිහුවාත් ඒ කර දේ බරපතලකම තේරුනේ ටික වෙලාවක් ගියාට පස්සෙයි..

🐱 හ්‍යුන්ග් ඔයාගේ ඇගේ මෙහෙම තැන් තැන් තුවාල උනේ කොහොමද ??

යූන්ගි ඇහුවත් ජින් ඒකට උත්තරයක් දුන්නේ නෑ..එයා කරපු එකම දේ බිම බලාගත්ත එක විතරයි..ජින් එයාට මුකුත්ම කියන්නේ නෑ කියලා තේරුන නිසා යූන්ගි උනත් මුකුත් හාර අවුස්සලා අහන්න ගියේ නෑ..ජින් කොහොමත් එයාට දෙයක් කියන්න ඕන නම් ඒක කෙලින්ම කියන කෙනෙක්..එයාට දෙයක් කියන්න ඕන නැත්තම් කොච්චර ඇහුවත් ජින් ඒක කියන්නේ නෑ කියලා අත්දැකීමෙන්ම එයාලා දන්නවා..

🐨 හ්‍යුන්ග් කෑම කන්නකෝ..

නම්ජුන් ප්ලේට් එක ජින්ගේ අතට දීලා යන්න නැගිට්ටාත් ජින් නම්ජුන්ගේ අතින් අල්ලගත්තේ හරියට යන්න එපා කියන්න වගෙයි.

🐨 ඇයි හ්‍යුන්ග් ??

🐹 ම..මන් ලගින් ඔය දෙන්නා ඉන්නවාද ??

🐱 හ්ම්..අපි ඉන්නම්..හ්‍යුන්ග් කන්නකෝ...

ජින්ගේ අතින් අල්ලන් යූන්ගි කියනකොට හා කියලා ඔලුව වැනුව ජින් කටවල් දෙකක් විතර කෑවත් ආයි කෑම එකත් බිම දාලා බාතෲම් එකට ගිහින් වමනේ කරන්න පටන් ගත්තා..යූන්ගි ජූන් දෙන්නාත් පස්සෙන් ගියත් ජින් ලේ වමනේ කරනවා දැක්කාම ඒ දෙන්නාම හොදටම බය උනා..

🐨🐱 හ්‍යුන්ග් !!

නම්ගි දෙන්නාම දුවගෙන ගිහින් වැටෙන්න යන ජින්ව අල්ලගත්තාත් ආයි ජින් ලේ වමනේ කරන්න පටන් ගත්තාම කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරි උනා..ජින් වමනේ කරලාම පන නැතුව ඇදගෙන වැටෙනකොට ජින්ගේ ඉනෙන් අල්ලලා අත් දාලා උස්සලා ගත්ත නම්ජුන් එයාව ඇදෙන් තිබ්බා..යුන්ගි ඉක්මනට වතුර එකක් අරන් ජින්ට පොවනකොට උගුරු දෙක තුනක් බිව්ව ජින් නම්ගි දෙන්නාගේ අත්වලින් අල්ලගත්තේ ඇස්වල කදුලු පුරෝගෙනයි..

🐹 අනෙ මාව මෙහෙන් අරන් යන්න ජූන්...මට අමාරුයි..එයා මට ඉන්න දෙන්නේ නෑ ජූන්..ඉස්සර වගේම එයා මට කරදර කරනවා..එයා මට රිද්දනවා යූන්ගියා..මේ බලන්න එයායි මාව තුවාල කරේ..ඉස්සර වගේමයි...මට රිදෙනවා ජූන්..

නම්ගි දෙන්නාගේ අත් අල්ලන් ජින් අඩ අඩ කියනකොට ජින් කියන්නේ මොකක් ගැනද කියලා එයාලා දෙන්නාටම තේරුනේ නෑ..

🐱 කවුද හ්‍යුන්ග් එයා ??

යූන්ගි ඇහුවාම ජින් වෙව්ලන ගමන් වට පිට බලලා ඒ කවුද කියලා කියන්න ගියත් ඒක නතර උනේ වලව්වේ බෙල් එක වදින සද්දේ ඇහුන නිසායි..වලව්වේ බෙල් එක වදිනවත් එක්කම කාමරේන් සීතල හුලන් පාරක් ගිහින් දොර ජනෙල් වේගෙන් එහෙට මෙහෙට පැද්දෙනකොට එකපාරටම ජින්ගේ ඇස් රතු වෙන්න ගන්නවා නම්ගී දෙන්නාම දැක්ක...එයලා දෙන්නා ඉක්මනට කාමරෙන් එලියට යන්න ඕන උනත් ඒ වෙනකොට පරක්කු වැඩි උනෙ යක්ෂයා ආවේස උන ජින් එකපාරටම අත් දෙකෙන් නම්ගි දෙන්නාගේ බෙල්ලෙන් අල්ලපු එකයි..

.

.

කාමරේ පොඩ්ඩො තුන්දෙනාව නිදි කරවලා කෑම හදන ගමන් හිටිය හොබි ගෙදර බෙල් එක වදින සද්දෙට ගිහින් දොර ඇරියා..

🌱 අ..අන්‍යාසයෝ...

හොබි දොර ඇරපු ගමන්ම දැක්කේ චූටි බටු ඇට වගේ ඉන්න කෙල්ලෝ දෙන්නෙක්..එක්කෙනෙක් නම් පෙනුමෙන් කොරියන් උනත් දිග කොන්ඩයක් එක්ක චූටි කොට බට්ටෙක් වගේ ඉන්න කෙල්ල හාල්ෆ් කොරියන් කියලා දැක්ක ගමන් හොබීට තේරුනා..මොකද ඒ හම කොරියන් සුද නෙමෙයි..ඒ වගේම ඒ බෝල ඇස් කොරියන් ඇසුත් නෙමෙයි..ඉතින් ඒ නිසාම මේ ඉන්නේ ජන්ග්කුක්ගේ යාලුවා කියන්න හොබීට අදුරගන්න අමාරු උනේ නෑ..

🦄 ඔහ්..අන්‍යාසයෝ...මන් හිතන්නේ මේ කුකීගේ යලුවෝ දෙන්න වෙන්න ඕන..

🌱 ආහ්...දේ ඔප්පා...ම්ම්..මන් පාටලී ඔබේසේකර..ඔප්පා මට ලිලී කියලා කතා කරන්නකෝ..ආහ් මේ ඉන්නේ මගේ යාලුවා කිම් ජියා..

🦄 ඔහ්..එන්න ලිලී...එලියේ ඉදන් කතා කරන්න ඕන නෑ..ඇවිල්ලා වාඩි වෙන්න..

ලැජ්ජාවට මූනත් රතු කරන් බිම බලන් මුමුනන චූටි බටු ඇටෙයි කටත් ඇරන් වටේටම ඇස් යවන එයාගේ යාලුවට ඇතුලට එන්න දුන්න හොබි දොර ලගින් අයින් උනත් ඒ දෙන්නා වලව්වට අඩිය තියනකොටම නම්ගි දෙන්නාගේ කෑ ගැහිල්ල එක්ක උඩ තට්‍ටුවෙන් සද්දයක් ඇහෙනකොට හොබීගේ ඇගම වෙව්ලලා ගියා..

🦄 දෙයියනේ..

හොබි අඩියට දෙකට උඩට දුවනකොට ඇතුලට ආපු කෙල්ලො දෙන්නා ඒ දිහා බලන් හිටියේ බය වෙලා..ඒත් ගෙදර තියෙන අමුතු අත්භූත ගතිය පාටලීගේ හිතට නම් දැනුනේ අමුතු හැගීමක්..

🌹 ලිලී..මොකක්ද ඒ උනේ ??

ජියා ඇහුවත් ලිලී කිව්වේ නිශ්ශබ්ද වෙන්න කියලා කටට ඇගිල්ල තියලා ඇස් වහගත්ත එකයි..ඒත් තප්පරෙන් ඇස් ඇරිය ලිලි හොබි දිව්ව පැත්තට දුවගෙන යනකොට ජියාත් කෑ ගහගෙන පස්සෙන් දුවගෙන් ගියේ නොදන්න තැනක තනියම ඉන්න ඕන නැති නිසයි..

ඒත් කෙල්ලෝ දෙන්නා හිටි තැනම නතර උනේ එයාලගේ ඇස් ඉස්සරහ පේන දේ ගැන හිතාගන්න බැරුවයි..ජියා එතනම බයටම බිම වාඩි වෙනකොට පටලී ඉක්මනට එයාගේ ඇගේ තිබ්බ බෑග් එක බිමට දාලා සාක්කුවේ දාගෙන හිටපු කුරුසේ ඉක්මනට අතට ගත්තා..පාටලී කුරුසේ අතට ගන්නවත් එක්කම මෙච්චර වෙලා යූන්ගි, නම්ජුන් ,හොබීව උඩ බිත්‍තිවලට තද කරලා තිබ්බ ජින්ගේ අතින් එයාලව බිමට ඇතෑරිලා අවදානේ ලිලී ලගට ආවා..

🐹 මගේ වලව්වෙන් පලයන් !! පලයන් !!

ජින් කෑ ගහගෙන ලිලීගේ පැත්තට ආවත් ලිලී එකපාරටම කුරුසේ ජීන්ගේ නලලෙන් තිබ්බේ හරියට පුරුදුකාරියක් වගේ වෙනකොට ජින් ඒත් එක්කම කලන්තේ දාලා ලිලීගේ අත් උඩම වැටුනා..ඒත් කවුරුත් නොහිතපු විදියට ලිලීගේ බෙල්ලේ තිබ්බ මාලේ ජින්ගේ බෙල්ලේ තිබ්බ මාලෙත් එක්ක සම්බන්ද වෙනකොට ලිලී ඇස් ලොකු කරන් ඒක දිහා බලාගෙන හිටියේ බොහොම අමාරුවෙන් ජින්වත් වාරු කරගන්න ට්‍රයි කරගන්න ගමන්මයි..

🐰 ම්ම්..මොකක්ද උනේ ??

එකපාරටම ලිලීගේ පිටිපස්සෙන් ජන්ග්කුක්ගේ කටහඩ ඇහෙනකොට ජින්ව වාරු නැතුව ගිය ලිලී ජින් එක්කම පෙරලෙන්න ගියත් ජන්ග්කුක් ඉක්මනට දෙන්නාව අල්ලගන්න ගිය එකෙන් උනේ දෙන්නාම ජන්ග්කුක්ගේ ඇග උඩට වැටුන එකයි..ජින් සිහිය නැතුව එහෙම්ම ආයි බිමට වැටෙනකොට ලිලී කෙලින්ම හිටියේ ජන්ග්කුක්ගේ ඇග උඩ..කෙල්ල්ගේ කම්මුල් රතු වෙනකොට ඉක්මනට ජන්ග්කුක්ගේ ඇග උඩින් නැගිට්ට කෙල්ල ආයි පහලට දුවගෙන ගියේ හැමෝම එකපාරටම උනේ මොකක්ද කියලා හිතාගන්න බැරි කරලයි.

.

.

.......................................... ♡....................................

Continue Reading

You'll Also Like

24.2K 3.9K 35
Hope You Will Enjoy This Book Too😅❤ ᴄᴏᴠᴇʀ ᴄʀᴇᴅɪᴛs ɢᴏᴇs ᴛᴏ - ©DimelzaPark
80.7K 5.6K 60
Shubish oneshots because why not. Mainly fluff with a little angst on the side. Ps- I wanted to write like a long story but I lack a good main plot a...
14.6K 928 8
This is a book that i wrote to cope from the angsty storyline of Tokyo Revengers. Don't be shy, I know you need this too. • In which the author is de...