Fantasy World || Ot7 || Compl...

By Cyra_00

8K 977 254

🎁 Gifts 🎁 ඔයාගේ හිතේ ලස්සන ප්ලොට් එකක් තිබිලත් කතා ලියාගන්න බැරිද ?? කතාවක් ඇතුලේ හරි bts member කෙනෙක්ගේ... More

Intro
My Alpha - Chapter 01
My Alpha -chapter 02
My Alpha - chapter 3
My Alpha - Chapter 04
My Alpha - Chapter 05
My Alpha - Chapter 06
My Alpha - Chapter 07
My Alpha - Final chapter
අදුරු සෙවනැලි - Chapter 01
අදුරු සෙවනැලි - Chapter 02
අදුරු සෙවනැලි - Chapter 03
අදුරු සෙවනැලි- Chapter 04
අදුරු සෙවනැලි -Chapter 05
අදුරු සෙවනැලි - Chapter 07
අදුරු සෙවනැලි -Chapter 08
අදුරු සෙවනැලි - Chapter 09
අදුරු සෙවනැලි - chapter 10
අදුරු සෙවනැලි - Final Chapter
File No. 39 - Chapter 01
File No.39 - Chapter 02
File No.39 - Chapter 03
File No.39 -Chapter 04
File No.39 - Chapter 05
File No.39 - Final chapter
මේඝා - Chapter 01
මේඝා - Chapter 02
මේඝා - Chapter 03
මේඝා - Chapter 04
මේඝා - Chapter 05
මේඝා - Chapter 06
මේඝා - Chapter 07
මේඝා - Chapter 08
මේඝා - Chapter 09
මේඝා - Chapter 10
මේඝා - Final chapter
Forget me not - Chapter 01
Forget Me Not - Chapter 02
Forget me not - Chapter 03
Forget me not - Chapter 04
Forget me not - Final chapter
සැඩ රළ - chapter 01
සැඩ රළ - chapter 02
සැඩ රළ - chapter 03
කරුණාකර මාව වැලදගන්න - 01
කරුණාකර මාව වැලදගන්න - 02
කරුණාකරලා මාව වැලදගන්න - Final
sorry 🥺

අදුරු සෙවනැලි- Chapter 06

97 16 3
By Cyra_00

Author pov

ජන්ග්කුක් ටේහ්‍යුන් දෙන්නා ජින්ගේ අතේ තුවාලේ දැක්ක තැන ඉදන් හ්‍යුන්ග්ලට විස්තර කරනකොට ටිකක් වෙලා කතාව අහන් හිටිය ජිමින් ජින්ව බලලා එන්නම් කියලා ගියේ ටේකුක් දෙන්නා කියන කතාව දන්න නිසායි..අද උන දේ අහපු වෙලේ ඉදන් ජිමින්ට තිබ්බේ ජින් ගැන ලොකු බයක්..ජින්ව ඇස් දෙකෙන්ම දකිනකම් එයා හොදින් කියලා විශ්වාස කරන්න ජිමින් කැමති උනේ නෑ..ඒකයි එයා ජින්ව හොයාගෙන ගියේ..ජින්ගේ කාමරේ ලගට යනකොටම අමුතු මූසල හුලං පාරක් ජිමින්ට දැනුනත් ජිමින් ඒ ගැන වැඩිය නොහිතා දොරට දෙපාරක් විතර තට්ටු කරලා කාමරේට ආවා..

දොරට තට්ටු කරලත් ජින් දොර ඇරියේ නැති නිසා ජිමින් හිතුවේ තාමත් ජින්ට සිහිට නැතුව ඇති කියලා උනත් කාමරේ ලයිට් එක දාපු ගමන් ජින් ඉන්න විදිය දැක්කාම එයා ගැස්සුනා..ඇදේ හෙඩ් බෝර්ඩ් එකට හේත්තුවෙලා හිටිය ජින් කකුල් දෙක උඩට අරන් අත් දනහිස් උඩින් තියන් ඔලුව පහත් කරන් හිටියේ..ජින්ගේ බෙල්ල ලගට දිග කොන්ඩෙට ජින්ගේ මූනම වැහිලා තියෙනකොට ජිමින්ට පොඩි බයක් නොදැනුනාමත් නෙමෙයි..

🐥 මන් හිතුවේ හ්‍යුන්ග් තාම නිදි කියලා...හ්‍යුන්ගීට දැන් කොහොමද ??

ජිමින් ජින්ගේ ඇදේ කොනකින් වාඩිවෙන ගමන් අහනකොට ජින් කිසිම දෙයක් කතා කරේ නෑ..ඒ වෙනුවට කාමරේ දාලා තිබ්බ කහපාට ලයිට් එක හුලගක්වත් නැතුව දෙපැත්තට වැනෙන්න ගත්තාම ජිමින්ගේ හිත පොඩ්ඩක් ගැස්සුනා..

🐥 හ්‍යුන්ග් කුකීගේ යාලුවෙක් එනවා කිව්වා...එයා ඩොක්ටර් කෙනෙක් කිව්වා..මන් හිතන්නේ එයා අපිට උදව් කරයි..

ජිමින් ජින්ගේ අත අල්ලන් උත්සාහ කරන ගමන් කිව්වාම ජිමින් අත ලන් කර ගමන් ජින් අත ඇදලා ගත්තා..ඒත් එක්කම කාමරේ පුරාම සීතල හුලගක් ගිහින් බල්බ් එක හයියෙන් කැරකෙනකොට ජනෙල් පියන් එහෙට මෙහෙට හයියෙන් වැනෙන්න පටන් ගත්තා..

🐥 ම්ම්ම්...මන් යන්නම් එහෙනම්..හ්‍යුන්ගී නිදාගන්නකෝ...

ජිමින්ගේ හිතට දැනුන බය නිසාඉක්මනට ඇරිලා තියෙන දොරෙන් යන්න හැදුවත් එකපාරටම දොර ඉබේම වැහිලා ලොක් එක වැටුනේ ජිමින්ගේ කකුල් පවා පන නැති කරලයි..

🐥 හ්...හ්‍යුන්ග්...

ජිමින් බයෙන් බයෙන් පස්සට අඩිය තිබ්බාත් ජින් එකපාරටම එයා දිහාට බෙල්ල ඇල කරලා හැරෙව්වාම ජිමින්ට ඒ පෙනුම දැකලා කෑ ගැස්සුනා..ජින් මෙච්චර වෙලා මූන හංගන් හිටිය නිසා ජිමින් දැක්කේ නෑ ජින්ගේ රතු උන ඇස් එක්ක සුදු මැලි උන මූනයි උල් දත් එක්ක ලේ බේරෙන කටයි..ජිමින් ඒ මූන දැකලා බයටම කෑ ගැස්සෙනවත් එක්කම එයාව විසික් වෙලා ගිහින් බිත්තියේ වැදිලා බිමට වැටුනා..

🐥 ආහ්..ම්....

විසික් උන පාර ජිමින්ගේ කොන්දම හයියෙන් වැදුනාම ඒ වේදනාවට ජිමින්ගෙන් කෙදිරිල්ලක් පිට උනා..හිමීට ඇස් ඇරලා බලපු ජිමින් දැක්කේ ජින් තාමත් ඒ විදියටම ඉදන් බෙල්ල විතරක් ඇල කරන් එයා දිහා බලන් ඉන්න විදියයි..

🐥 හ්..හ්‍යුන්ග්..

ජිමින් තව දෙයක් කියන්න කලින් එකපාරටම ඇදේ ඉදන්ම ජිමින්ගේ ලගටම පැන්න ජින් එකපාරටම ජිමින්ගේ බෙල්ලෙන් තද කරලා අල්ලගත්තා..ඇදයි ජිමින් හිටිය තැනයි අතර ලොකු පරතරයක් තියෙනකොට සාමාන්‍ය මනුස්සයෙක්ට එතනින් පනින්න බැරි උනත් ජින් දැන් සාමාන්‍ය මනුස්සයෙක් නෙමෙයි කියලා ජිමින්ට තේරුනේ ඒ මූන දැක්ක පලවෙනි පාරමයි..

🐥 අහ්ම්...හ්‍යුන්ග් බ්-බෙල්ල...අතාරින්න..

ජිමින් ජින්ගේ අත එයාගේ බෙල්ලෙන් ගලවගන්න ට්‍රයි කරන ගමන් කිව්වත් ජින් නෙමෙයි හෙල්ලුනේවත්...ඒ වෙනුවට ජින් කරේ ලේ බේරෙන උල් දත් පෙන්නන් ගොරවපු එක විතරයි..

🐥 ච්-චේබල් හ්-හ්‍යුන්ග්...ම්ම්- මට හුස්ම ගන්න බැහැ...

🐹 අරකිට එන්න එපා කියපන් !! මගෙ ගෙදරට එන්න එපා කියපන් !!

ජිමින්ගේ බෙල්ලෙන් අල්ලන් උස්සන ගමන් ජින් කියනකොට ඒ කියපු කිසිම දෙයක් ජිමින්ට තේරුනේ නෑ..ජින් කතා කරේ සිංහලෙන් වෙනකොට ඒ කටහඩ පවා ජින්ගේ නොවෙනකොට ඒ කතා කරේ ජින් කියන්න විශ්වාස කරන්න පුලුවන් දේකට තිබ්බේ ජින්ගේ ලේ පිරුනු තොල් හෙල්ලුන එක විතරයි..

🐥 හ්-හ්‍යුන්ග් ම්- මට යන්න දෙන්න..

ජින් එක අතින් ජිමින්ගේ බෙල්ලෙන් අල්ලන් උස්සන් ඉන්නකොට ජිමින් කකුල් ගස ගස ජින්ගේ අත එයාගේ බෙල්ලෙන් අයින් කරගන්න උත්සාහ කරා..

🐹 අරකිට කියපන් එන්න එපා කියලා !! මේක මගේ වලව්ව !! මන් මූවත් මරලා උබලවත් මරනවා..පලයන්!! අරකිට කියපන් මගේ ගෙදරට එන්න එපා කියලා !! පලයන් !!

ගොරෝසු කටහඩකින් සිංහලෙන් කෑ ගැහුව ජින් එකපාරටම ජිමින්ව දොරේ වදින්න විසික් කරා..විසික් කරපු පාරේ වේදනාවටත් එක්ක මෙච්චර බෙල්ල අල්ලන් හිටපු නිසා හුස්ම ගන්න අමාරුවට ජිමින් කහිනකොට ඇහිපිහ ගහන ක්ෂණිකයෙන් ජින් ජිමින් ලගට ඇවිල්ලා පහත් උනා..

🐥 කැහ්..කැහ්...කැහ්...

🐹 උබ ලස්සනයි පුංචි කොල්ලෝ...

එහෙම කියපු ජින් හිටගෙනම එයාගේ දිව දික් කරලා ඒ දිවෙන් කහින ජිමින්ගේ කම්මුල ලෙවකෑවා..මේ ඉන්නේ ජින් නෙමෙයි කියලා තේරෙනකොට දැනුන අප්පිරියාවයි බයයි එක්ක එකපාරටම පස්සට උන ජිමින් හැදුවේ දොරේ ලොක් එක ඇරන් එලියට යන්න උනත් එයාව එකපාරටම ඇදිලා ගිහින් ඇදට පින් උනා...අත පය මොහොකවත් ගැට ගහලා නැතත් ජිමින්ගේ අත් කකුල් ඈත් වෙලා හෙල්ලෙන්න බැරිව තියෙනකොට ජිමින් පුලුවන් තරම් අත හොල්ලන්න දැගලුවා..

🐥 අනේ මට යන්න දෙන්න !! බේරගන්නකෝ !! කුකී...ටේ...හ්‍යුන්ග් මාව බේරගන්නකෝ...!!

ඇදේ දගලන ගමන් ජිමින් කෑ ගහනකොට දොර ලග ඉදන් දිග දිව එලියට ඇදගෙන හිනා උන ජින් එකපාරටම එක පිම්මෙම්ම ජිමින්ගේ ඇග උඩට ආවා..

🐹 ම්ම්ම්...රස පාටයි...

ඒ දිව ජිමින්ගේ ඇග පුරාම අරන් යනකොට හෙල්ලෙන්නවත් බැරුව හිටිය ජිමින් කෑ ගහලා අඩන්න පටන් ගත්තා..

🐥 ආහ්...මට යන්න දෙන්න...හ්‍යුන්ග්...ජින් හ්‍යුන්ග් මාව බේරගන්නකෝ...

කෑ ගහලා ඇඩුව ජිමින් එකපාරටම ජින් හ්‍යුන්ග් කියලා කියනවත් එක්කම ඒ දිග දිව ජිමින්ගේ ඇග පුරා යන එක නතර උනා..

🐥 ජින් හ්‍යුන්ග්...ඔයා ඉන්නවා නේද ?? මාව බේරගන්න හ්‍යුන්ගී...චිමීට බයයි....

ජිමින් අඩන ගමන් කියනකොට එකපාරටම ජිමින්ගේ ඇගෙන් අයින් උන ජින් හයියෙන් හයියෙන් හුස්ම ගන්න පටන් ගත්තා..ජිමින්ගේ අත පයේ තිබ්බ ලොක් එකත් එකපාරටම නැතිවෙනකොට ජිමින්ට ලැබුන චාන්ස් එකෙන් පැනලා දුවන්නවත් සිහියක් තිබ්බේ නෑ..එයා ඒ තරමටම දුර්වල වෙලායි හිටියේ..ඒත් එකපාරටම ඇද මිට්ටම අල්ලන් ඔලුව ඉස්සුව ජින් කලු ඇස් එක්ක කතා කරා..

🐹 ජිමිනි...දුවන්න..හැමෝමව අරන් මෙහෙන් දුවන්න ජිමිනි...මට තවත් පාලනය කරගන්න බැහැ...දුවන්න...මගේ තාත්තා මාවත් මරලා ඔයාලවත් මරයි..ඊට කලින් මෙහෙන් පැනගන්න ජිමිනි...හ්‍යුන්ග් මැරුනත් ඔයාලා බේරෙන්න ඕන...දුවන්න ජිමින් !!

ජිමින්ට කොරියන් වලින් දුවන්න කියලා කියන ගමන් ජින් කෑ ගහගෙන පහත් වෙනකොට ජිමින් ඒ දිහා දුකෙන් බලන් ඉදලා වෙව්ලන කකුල් එක්ක දොර ලගට ගිහින් දොරේ ලොක් එක ඇරියා..ඒත් ජිමින්ගේ අවාසනාවට ජිමින් දොර ඇරන් එලියට අඩිය තියෙනකොටම ජින්ගේ පාලනය මිදිලා යක්ෂයා පාලනය අතට ගත්තා..වෙව්ලන කකුල්වලින් පලවෙනි අඩිය තියනවටත් වඩා වේගෙන් ඇතුලට ඇදිලා ගිහින් බිත්තියටයි ජින්ටයි හිරවෙනකොට ජිමින්ගේ වාසනාවට ජිමින් කෑ ගැහුව සද්දේ දොර ඇරිලා තිබ්බ නිසා පහලට ඇහුනා..

🐹 උබ කොහොමද පැනලා යන්නේ ?? මූට මගෙන් පාලනය ගන්න තරම් උබත් එහෙනම් විශේෂයි..අරුන් දෙන්නා වගේමයි..උබ එහෙනම් මුලින්ම මැරියන් !! මූ ආදරේ කරන එකෙක්වත් මන් ඉතුරු කරන්නේ නෑ..මැරිලා පලයන් !!

කලින් ටේකුක් දෙන්නව හපපු වෙලේ වගේම ජින් මේ පාරත් යක්ෂයාගෙන් එයාගේ පාලනය ගන්නකොට යක්ෂයට තේරුනා ටේහ්‍යුන් , ජන්ග්කුක් වගේම ජින්ට ජිමින්වත් විශේෂයි කියලා..ඒ නිසා එයාට ඕන උනේ නෑ ජිමින්ව ලැබුන චාන්ස් එකෙන් පන පිටින් තියන්න..ජිමින්ගේ බෙල්ලෙන් තද කරලා අල්ලන් උඩට උස්සනකොට ජිමින් කකුල් ගගා ජින්ගේ අත්වලින් බේරෙන්න දැගලුවා..කිසිම අනුකම්පාවක් නැතුව ජිමින්ව උඩට ඉස්සෙනකොට ජිමින්ට දැනුනා තවත් එයාට හුස්ම අල්ලන් ඉන්න බැහැ කියලා..සිහිය නැතිවෙන්න ඔන්න මෙන්න තියෙද්දි එකපාරටම දොර කඩන් නම්කුක් දෙන්නා එක්ක හැමෝම ඇතුලට ආවම ජින්ගේ අතින් ජිමින්ව ඇතෑරුනා..

🐰 ජිමීන් හ්‍යුන්ග් !!

ජන්ග්කුක් දුවගෙන ගිහින් කැහැ කැහැ හුස්ම අල්ලන්න දගලන ජිමින් ලගට ගිහින් එයාව තුරුල් කරගන්න්නකොට අනිත් අය ලගට එනවත් එක්කම ජින් එයාගේ බලය පාවිච්චි කරලා හැමෝමව ඈතට විසික් කර...එක එක්කෙනා ගිහින් බිත්‍තිවල වදිනකොට එයාලගේ වෙලාව හොද නිසා ඉර පායලා ඉර එලිය කාමරේට වැටෙන්න පටන් ගත්තා..තැන් තැන් වල වැටිලා ඉන්න අය අමාරුවෙන් නැගිටලා ජින් ලගට යන්න හැදුවත් එකපාරටම හැමෝමව පුදුම කරලා ජින් සිහිය නැතුව ඇදගෙන වැටුනා..

.

.

.......................................... ♡....................................

Continue Reading

You'll Also Like

3.1K 869 10
What will happen after they meet four years later? Will they accept each other again? or will they be separated from each other? ☆jikook ☆Top jungk...
26.9M 1.1M 42
she dreads to get to school because of one name. ; high school au, tsundere!taehyung lmao » under edit » #4 in fanfiction on 171222
39.1K 189 4
Dee Dee 🐑 အပြာစာပေ