Fantasy World || Ot7 || Compl...

By Cyra_00

7.9K 977 254

🎁 Gifts 🎁 ඔයාගේ හිතේ ලස්සන ප්ලොට් එකක් තිබිලත් කතා ලියාගන්න බැරිද ?? කතාවක් ඇතුලේ හරි bts member කෙනෙක්ගේ... More

Intro
My Alpha - Chapter 01
My Alpha -chapter 02
My Alpha - chapter 3
My Alpha - Chapter 04
My Alpha - Chapter 05
My Alpha - Chapter 06
My Alpha - Final chapter
අදුරු සෙවනැලි - Chapter 01
අදුරු සෙවනැලි - Chapter 02
අදුරු සෙවනැලි - Chapter 03
අදුරු සෙවනැලි- Chapter 04
අදුරු සෙවනැලි -Chapter 05
අදුරු සෙවනැලි- Chapter 06
අදුරු සෙවනැලි - Chapter 07
අදුරු සෙවනැලි -Chapter 08
අදුරු සෙවනැලි - Chapter 09
අදුරු සෙවනැලි - chapter 10
අදුරු සෙවනැලි - Final Chapter
File No. 39 - Chapter 01
File No.39 - Chapter 02
File No.39 - Chapter 03
File No.39 -Chapter 04
File No.39 - Chapter 05
File No.39 - Final chapter
මේඝා - Chapter 01
මේඝා - Chapter 02
මේඝා - Chapter 03
මේඝා - Chapter 04
මේඝා - Chapter 05
මේඝා - Chapter 06
මේඝා - Chapter 07
මේඝා - Chapter 08
මේඝා - Chapter 09
මේඝා - Chapter 10
මේඝා - Final chapter
Forget me not - Chapter 01
Forget Me Not - Chapter 02
Forget me not - Chapter 03
Forget me not - Chapter 04
Forget me not - Final chapter
සැඩ රළ - chapter 01
සැඩ රළ - chapter 02
සැඩ රළ - chapter 03
කරුණාකර මාව වැලදගන්න - 01
කරුණාකර මාව වැලදගන්න - 02
කරුණාකරලා මාව වැලදගන්න - Final
sorry 🥺

My Alpha - Chapter 07

198 37 2
By Cyra_00

එදා ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ ම වෙලා අදට සතියක් වෙනවා..ජන්ග්කුක් පරිවර්තනය වෙන්න කොච්චර උත්සාහ කරත් ඒක අද වෙනකම් ලේසි උනේ නෑ..ඒ ඇයි කියන්න ඇල්ෆා හෝසියොක්ටවත් නොතේරෙනකොට පැක් එකේ හිටපු වැඩිහිටියෝ කිව්වේ ජන්ග්කුක් පරිවර්තනය වෙන්න ඕන දවස තාම ඇවිල්ලා නැතුව ඇති කියලයි...වෙලාව ආවම ජන්ග්කුක් පරිවර්තනය වෙයි කියලා එයාලා කිව්වාත් ජන්ග්කුක් ඒ දවස එනකම් ඉවසීමක් තිබ්බේ නෑ..ජන්ග්කුක් කියන්නේ කොහොමත් ඉවසීම තියෙන කෙනෙක් නෙමෙයි නිසා එයා දවසෙම කරේ පරිවර්තනය වෙන්න උත්සාහ කරපු එක..එතකොට යූන්ගි මේ වෙනකොට ජිමින් එක්ක සෙට් වෙලා හිටිය නිසා ජන්ග්කුක්ගේ විකාර ගැන බලන්න වෙලාවක් එයාට තිබ්බේ නෑ..හෝසියොකුත් අද ජැකී එක්ක නම්ජුන්ව හම්බුවෙන්න ගිය නිසා මුලු ගෙදරටම හිටියේ ජන්ග්කුකයි ටේහ්‍යුනුයි විතරයි..

🐯 දැන් ඔය ඇති ජන්කූ...

ජන්ග්කුක් තාමත් ඇස් වහන් හිත එකග කරගන්න හදනකොට ඒක දිහා බලාගෙන එපා වෙලා හිටිය ටේහ්‍යුන් කෙදිරිගන්න පටන් ගත්තා..

🐰 තව එකම එක පාරයි බේබී...

🐯 අනේ දැන් ඔයා ඕක මට කිව්ව සියවෙනිපාරනේ..

කම්මුලට අතක් තියන් මේසෙට බර වෙලා පුටුවෙ වාඩිවෙලා ඉන්න ටේහ්‍යුන් ඈනුමක් අරින ගමන් කියනකොට ටේහ්‍යුන්ගේ හුරතල් මූන දිහා බලන් ඉදලා හිනා උන ජන්ග්කුක් ආයි එයාගේ හිත එකග කරගන්න හැදුවා..

🐯 ජන්කූ...ලගට එන්නකෝ...කැම්මැලි අනේ..

🐰 බේබි හැබැයි මන් ලගට ආවොත් ඔයාට අදත් නැගිටින්න බැරි කරනවා හරිද ??

ජන්ග්කුක් හිනාවෙලා කියනකොට ටේහ්‍යුන්ගේ මූන ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ රතු උනා..ටේහ්‍යුන්ට හොදට මතකයි එයාලා එහෙම කරපු පලවෙනි දවසේ ටේහ්‍යුන්ට ඇවිදගන්නවත් බැරි උනා කියලා..කැලෙන් එලියට එනකම්ම ජන්ග්කුක් තමයි ටේහ්‍යුන්ව වඩාගෙන ආවේ..ජන්ග්කුක් පව් කියලා හිතුනාත් ටේහ්‍යුන් ඔහේ හිටියේ ජන්ග්කුක්ගේ වැඩ නිසා එයාගේ හීට් එකත් කලින්ම පටන් අරන් එයාට ඉන්න අමාරු උන නිසායි..ටේහ්‍යුන්ගේ හීට් එක නිසාම ගෙදර ජන්ග්කුක් ඇරෙන්න කවුරුත් නැති වෙනකොට දවස් දෙකක්ම ටේකුක් දෙන්නා හිටියේ ලොකු වැඩක හිර වෙලා..ඒවගේ ප්‍රතිඵලයක් විදියට ටේහ්‍යුන් දවසක්ම හිටියේ ඇවිදගන්න බැරුව..ඒවා මතක් වෙලා කම්මුල්වලට ලේ පිරෙනකොට ටේහ්‍යුන් අත් දෙකෙන්ම ලැජ්ජාවට මූන වහගත්තා..

🐯 කුකී අහන්නකෝ...

🐰 ම්ම් ??

ජන්ග්කුක් බිම ඉදන් ලොකු හුස්මක් අරන් ඇස් වහගෙන අහනකොට ටේහ්‍යුන් කේන්තියට කම්මුල් පුම්බගත්තා...ටේහ්‍යුන්ට මේ වෙලේ ඕනේ ජන්ග්කුක්ගේ අවධානේ උනත් ජන්ග්කුක් ඉන්නෙ වෙන දේකට අවදානේ දීලා නිසා ටේහ්‍යුන් හිටියේ කේන්‍තියෙන්..ටේහ්‍යුන් එයාට කතා කරලත් සද්දය්ක් නැති නිසා ජන්ග්කුක් හිමීට ඇස් ඇරලා බලනකොට තමයි දැක්කේ ටේහ්‍යුන් කේන්‍තියට කම්මුල් පුරවගෙන අත් බැදගෙන රවාගෙන ඉන්නවා..ගම්මිරිස් ඇටේ පුපුරන්න යන්නේ කියලා අත්දැකීමෙන්ම දන්න ජන්ග්කුක් ඉක්මනට නැගිටලා එයාගේ පුංචි කොටි පැටියා ලගට ගිහින් රවන් ඉන්න කොටි පැටියාව ඔඩොක්කුවට ගත්තා..

🐰 බලන්නකෝ මගේ කොටි පැටියට කේන්‍ති ගියාම ලස්සන...හප්පේ හුරතලේ බෑ..කන්න හිතයි මට..

ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ නිකටෙන් අල්ලන් හුරතල් කරන ගමන් කියනකොට ටේහ්‍යුන් ගස්සලා අහක බලාගත්තා..අන්න එවෙලේ ජන්ග්කුක්ට තේරුනා වැඩේ දෙල් වේගෙන එන්නේ කියලා..ඒ නිසා ටේහ්‍යුන්ව ශේප් කරගන්න පුලුවන් ඊලග පියවර විදියට ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ බෙල්ල අස්සේ මූන ඇතිල්ලුවා..

🐰 මොකද දැන් මගේ කොටි පැටියා මාත් එක්ක තරහ වෙලා..

ජන්ග්කුක් ඒ ඇහුවත් ටේහ්‍යුන්ගෙන් උත්තරයක් නම් හම්බුනේ නෑ..ටේහ්‍යුන් ගස්සලා අහක බලාගෙනම ඉන්නකොට ජන්ග්කුක් එයාගේ අවසාන පියවර ක්‍රියාත්මක කරා..

🐰 හරි දැන් ඔයා මාත් එක්ක කතා කරන්නේ නෑනේ..මන් යනවා යන්න...මටත් වැඩ තියෙනවානේ..මන් මේ බිස්නස් ඔක්කොම පාඩු කරන් ඔයත් එක්ක ඉන්නවා ඔයා මාත් එක්ක තරහ වෙලා..කෝ බහින්න මන් යනවා යන්න..

ජන්ග්කුක් බොරුවට ටේහ්‍යුන්ව බස්සන්න හදන ගමන් කියනකොට ඇත්තටම ජන්ග්කුක් යයි බය උන ටේහ්‍යුන්ගේ ඇස්වල කදුලු පිරුනා..එකපාරටම අඩාගෙන ජන්ග්කුක්ගේ බෙල්ලේ එල්ලෙනකොට ජන්ග්කුක් උනත් බය උනේ එයා කරපු විහිලුව දුර ගියා වැඩි නිසායි..

🐰 අයිගෝ...මන් යන්නේ නෑ ටේ...කෝ අඩන්න එපා..මගේ මැණිකව දාලා මන් කොහේ යන්නද ??

🐯 ම්..මාව දාලා ය..යන්න එපා කූ...ට්..ටේටේ කො..කොහොමද කුකී නැතුව ඉ..ඉන්නේ...කු..කුකී කතා නොකර නිසානේ ට්..ටේටේ තලහ උ..උනේ..ටේටේව දාලා යන්න එපා...ටේටේ ජන්කූට ආදලෙයිනේ...

නහයත් උඩට ඇද ඇද ජන්ග්කුකව බදාගෙන ටේහ්‍යුන් අඩනකොට ජන්ග්කුක්ට ඇත්තටම දුක හිතුනා..පුංචි එකෙක්ගේ වගේ ලාමක හිතක් තියෙන ටේහ්‍යුන්ව ලෝකේ ඉස්සරහට අරන් යන්න උනත් ජන්ග්කුකට තිබ්බේ ලොකු බයක්..ජන්ග්කුක් බයයි එයාගේ පුංචි ලිලී මල නපුරෝ ඇවිල්ලා තලලා දායි කියලා..ජන්ග්කුක් එයාගේ ලොකු අත් එයාට වඩා චූටි ටේහ්‍යුන්ගේ ඇගවටේට යවලා තද කරලා බදාගත්තේ උතුරලා යන්න තරම් ආදරේකින්..

🐰 මගේ මැණික...ජන්කූට සොරි හරිද ?? ආයි වස්‍තුව ගනන් නොගෙන ඉන්නෙ නෑ මන්...ජන්කූ ආදරෙයිනේ ටේටේට...කෝ දැන් අඩන්න එපා...ම්ම්..කෝ මගේ කොටි පැටියා අඩනකොට හරිම කැතයිනේ...

ටේහ්‍යුන්ව කෙලින් කරලා ටේහ්‍යුන්ගේ කම්මුල් දිගේ බේරෙන කදුලු පිහිදලා ජන්ග්කුක් මුලු මූන පුරාවටම හාදු තැවරුවා...ඒත් එකපාරටම තමන්ගේ නහයට දැනුන නුපුරුදු සුවදත් එක්ක ජන්ග්කුක් ටේහ්‍යුන්ට හාදු දෙන එක නතර කරලා කලබලෙන් ඇස්වටේටම යැව්වා..

🐯 ඇයි කූ ??

🐰 මන් ඉක්මනට එලියට ගිහින් එන්නම්..මොන දේ උනත් කාමරේම ඉන්න හරිද ??

ඉක්මනට කියලා ටේහ්‍යුන්ගේ නලලට හාදුවක් දුන්න ජන්ග්කුක් ටේහ්‍යුන්ව එහෙම්ම ඇදෙන් තියලා ඉක්මනට පහලට ගියේ හිතට අමුතුම බයක් එනකොටයි...පහලට ගියත් සාලේ පුරාම නාදුනන සුවදවල් ගොඩක් තියෙනකොට ජන්ග්කුක්ගේ ඇස් සාලේ පුරාම ගියත් කවුරුත්ම පේන්න හිටියේ නෑ..ඒත් එකපාරටම ඔලුවට තදින් දෙයක් වදිනකොට ජන්ග්කුක්ගේ ඇස් පියවෙලා ගියා..ඇස් පියවෙන්න මොහොතකට කලින් ජන්ග්කුක්ට මැවිලා පෙනුනේ එයාගේ පුංචි ටේටේව වෙනකොට ජන්ග්කුක්ගේ ඇස්වලින් කදුලු බේරුනා..

.

.

.
.......................................... ♡....................................

Continue Reading

You'll Also Like

122K 5K 42
A fire incident at his(Kim Jae-soo) husband's home while he (Baek Ji-Hu )was away made Kim Jae-soo return to his third year of university (he was reb...
79.3K 5.6K 60
Shubish oneshots because why not. Mainly fluff with a little angst on the side. Ps- I wanted to write like a long story but I lack a good main plot a...
155K 6.2K 72
➽Just short love stories...❤ ⇝❤️. ⇝🖤. ⇝♥️. ⇝💙. ⇝🩷. ⇝🤍. ➽💛Going on. ➽🩶Coming up [Ignore grammatical mistakes. I will improve my writing gradual...
32K 166 4
Dee Dee 🐑 အပြာစာပေ