ජන්ග්කුක් හිටියේ ඔමේගාගේ පුලුන් ඇග බදාගෙන අහස දිහා බලාගෙනයි..ඔමේගත් හාන්සිවෙලා එයාගේ ඇගට ජන්ග්කුකව හේත්තු කරගෙන හිටියේ හුගක් ආසාවෙන්..එයාගේ මේට්ගේ සුවද එයාට තදින්ම දැනෙනවා..ඔමේගා ආසයි එයාගේ මේට්ගේ සුවදට...ජන්ග්කුක්ට නම් අද දවස ඇතුලත කල්පනා කරන්න ගොඩක් දේවල් තිබ්බා..එයා දැක්ක දේවල්, එයා කරන්න හදපු දේවල් එකින් එක මතක් කර කර හිටපු ජන්ග්කුක් අන්තිමට තීරණයක් ගත්තා..
🐰 ටේ මන් අන්තිමට තීරණයක් ගත්තා !!
ඔමේගාගේ පැත්තට හැරිලා ජන්ග්කුක් කියනකොට ඔමේගා එයාගේ පියවෙලා තිබ්බ නිල් ඇස් ඇරලා ජන්ග්කුක් දිහා ඇස් ලොකු කරන් බැලුවා..ජන්ග්කුක්ගේ සතුටු සුවදින් එයා තීරණය කරා ඒ දේ ගොඩක් හොද දෙයක් කියලා..
🐰 මන් අන්තිමට තීරණය කරා කැලේ නොකපා ඉන්න !!
ජන්ග්කුක් කියනකොට ඔමේගා සතුට වැඩිකමට නැගිටලා උඩ පනින්න පටන් ගත්තේ ඔමේගාට හේත්තුවක් දාගෙන සැපට හිටපු ජන්ග්කුක් බිමට වැටෙනකොටයි..ජන්ග්කුක් බිම ඉදන් ඔමේගට රවනකොට ජන්ග්කුක් ලගට ආපු ඔමේගා ජන්ග්කුක්ගේ මුලු මූනම ලෙව කෑවේ ජන්ග්කුක් කිචියට හිනා වෙනකොටයි..
🐰 ඇති ඇති ටේ...ඔයා මගේ මූනේ කෙල ගානවා !!
ජන්ග්කුක් හයියෙන් හිනා වෙනගමන් කියනකොට ඔමේගා එයාගේ මේට්ගේ ඇග උඩට නැග්ගා...සාමාන්‍ය මනුස්සයෙක්ගේ ඇගට ඔහොම තඩි වෘකයෙක් නැග්ගා නම් තැලිලා හුස්ම ගන්න බැරිවෙනවා උනත් ජන්ග්කුක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක් නෙමෙයි නිසා ඔමේගාගේ බර එයාට ප්‍රශ්නයක් උනේ නෑ...ඉතින් ඔමේගා ජන්ග්කුක්ගේ ඔඩොක්කුවේ වාඩි වෙලා ඉන්නකොට ජන්ග්කුක් ඔමේගාගේ ඇස්වලට එබුනා..
🐰 මගේ ඔමේගා...කුමාවෝ...මාව හරිපාරට ගත්තාට, මට ඇත්ත පෙන්නලා දුන්නාට කුමාවෝ..ඒ වගෙම ඔයාට සැරෙන් කතා කරාට මියානේ...මන් දන්නවා මන් ඔයාට මුලදි චුට්ටක් සැර කරා කියලා..සොරි හොදේ...ඒ වගේම ම..මන් ආදරෙයි..දැක්ක පලවෙනි දවසේ ඉදන්ම මන් ඔයාට ආදරෙයි මගේ ඔමේගා...
ජන්ග්කුක් දවස් ගානක් ගිහින් හරි එයාගේ හිතට දැනෙන හැගීම අමාරුවෙන් ටේහ්‍යුන්ට කියනකොට පුංචි ඔමේගාගේ ඇස් සතුටින් දිලිසුනා..ඒ බෝල ඇස් හද එලියට දිලිසෙනකොට ජන්ග්කුක් ඔමේගාව තද කරලා බදාගත්තා..
🐰 මනුස්සයෙක් වෙන්න ටේහ්‍යුන්..මට ඕනේ ඔයාගේ කටහඩින් මන් ගැන ඔයාට හිතෙන දේ දැනගන්න..
ජන්ග්කුක් ඔමේගව බදාගෙනම කියනකොට ටේහ්‍යුන් හිමින් සැරේ ජන්ග්කුක්ගේ ඔඩොක්කුවේම මනුස්සයෙක් බවට පරිවර්තනය උනේ එයා පරිවර්තනය උන ගමන් ඇදුම් නැතිවෙනවා කියන එකත් අමතක කරලායි..
🐯 මාත් ඔයාට ආදරෙයි මේට්..
ජන්ග්කුක්ගේ තුරුලෙම ඉදන් ටේහ්‍යුන් හිමීට මුමුනනකොට ජන්ග්කුක් ඉක්මනට ටේහ්‍යුන්ගෙන් ඈත් වෙලා ඒ බෝල ඇස්වලට එබුනා..ඒවා තාමත් නිල් පාටට දිලිසෙනවා..
🐰 ඔය ඇත්තමද ටේ ??
🐯 ඔව් අලේ..මාත් ආදලෙයි ඉතිම්..හුම්...
ටේහ්‍යුන් ලැජ්ජාවටත් එක්ක මූනත් රතු කරන් ජන්ග්කුක්ගේ බෙල්ල අස්සේ ආයි මූන ඔබාගන්න හදනකොට ජන්ග්කුක් ඉක්මනට ටේහ්‍යුන්ගේ තොල් අල්ලගත්තා..එයාට තවත් බැහැ ඉවසන් ඒ ෆ්ලෆී තොල් දිහා බලාගෙන ඉන්න...ජන්ග්කුක් එකපාරටම තමන්ව කිස් කරනකොට ගැස්සුනත් ටේහ්‍යුනුත් ජන්ග්කුක්ගේ උරහිස් වටේ අත යවලා හාදුවට ප්‍රතිචාර දක්වන්න පටන් ගත්තා..හද එලියත් එක්ක ජන්ග්කුක් ටේහ්‍යුන්ව තව තව තමන්ට තුරුල් කරගන්නකොට ටේහ්‍යුන්ගේ නිරුවත් ශරීරය ජන්ග්කුක්ගේ අත් අතරේ පොඩි උනා..හැබැයි පුංචි ලිලී මලට රිදෙන්නේ නැති වෙන්න..ජන්ග්කුක් එයාගේ පුංචි ලිලී මලට ඒ තරමටම ආදරෙයි..
🐰 ඔයා ලස්සනයි මගේ පුංචි ලිලී මල..
හාදුවෙන් ඈත් උන ජන්ග්කුක් එයාගේ ඔඩොක්කුවේ නිරුවතින් ඉදන් හයියෙන් හුස්ම ගන්න ටේහ්‍යුන් දිහා බලන් කියනකොට ටේහ්‍යුන් ජම්බු ගෙඩියක් වගේ රතු උනා..එයාට පස්සෙයි මතක් උනේ එයා ඉන්නේ ඇගේ එක නූල් පොටක්වත් නැතුව කියලා..ඉක්මනට ජන්ග්කුක්ගේ පපුව අස්සේ මූනත් රතු කරන් ටේහ්‍යුන් තුරුල් වෙනකොට ජන්ග්කුක්ට හිනා ගියා..
🐰 අනේ මගේ හුරතලේ..ලැජ්ජ හිතුනාද ම්ම් ??
🐯 අනේ යන්නකෝ ජන්කූ...
පුංචි අත්වලින් ජන්ග්කුක්ගේ පපුවට ගහන ගමන් තව තවත් ජන්ග්කුක්ගේ උනුහුමට තුරුල් වෙනකොට ජන්ග්කුක් එයාගේ අත් දෙක පරිස්සමින් ටේහ්‍යුන්ගේ නිරුවත් සිරුර වටා යැව්වා..
🐰 මගේ පුංචි ලිලී මල..ඔයා වීනස් දෙවගන වගේ..ඔයාගේ ඇස් ඒවා රෑ අහසේ දිලිසෙන තරු වගේ...ඔයාගේ පුංචි හීනි තොල් මේපල් කොල වගේ..ඔය හුරතල් හිනාව පුංචි බබෙක්ගේ වගේ..මගේ වීනස් ඔයා අභාපු පිලිමයක් මැණික..මන් වෙනුවෙන් අභාපු පිලිමයක්..ජියෝන් ජන්ග්කුක් වෙනුවෙන් විතරක් !!
🐯 නපුරු ජන්කූ කවිකාරයෙක් වෙලා..
ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ මූන දිහා බලන් කියන ඒවාට ලැජ්ජාවට රතුවෙන ගමන් ටේහ්‍යුන් කියනකොට ජන්ග්කුක්ට හිනා ගියා..
🐰 ඔයා වෙනුවෙන් විතරමයි වීනස්...
පුන්සද යට තණගොල්ල මත ටේහ්‍යුන්ව වැතිරුව ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ තොල්වලින් පටන් අරන් මුලු ඇග පුරාම තොල් අරන් යනකොට සීතල කපාගෙන ටේහ්‍යුන්ගේ මුලු ඇගම රත් වෙනවා වගෙයි දැනුනේ..පුංචි හාදුවෙන් පටන් ගත්ත සෙල්ලම අවසානේ මහ අන්ධකාරේ හද එලියෙන් විතරක් ටේහ්‍යුන්ගේ දිලිසෙන ඇස් දිහා බලන් ජන්ග්කුක් ටේහ්‍යුන්ව එයාගෙම කරගත්තේ හරිම ආසාවෙන්..ඒ එක්වීමට රාගයත් එක්ක පිරෙන්න ආදරේ තියෙනකොට ටේහ්‍යුන් ජන්ග්කුක්ගෙම උනේ හුගක් සතුටින්...
එදා රෑ එහෙම ගෙවෙනකොට කේන්තියෙන් ඇස් රතු කරන් හිටිය නපුරු ඇල්ෆා කෙනෙක් මේ උන දේ ගැන කේන්තියෙන් හිටියේ...ඇල්ෆා කොච්චර කේන්‍ති අරන්ද කියනවා නම් ටේහ්‍යුන් ජන්ග්කුක්ගෙම උනා කියන පනිවිඩය අරන් ආපු බෙටාගේ බෙල්ල කිසිම හිතක් පපුවක් නැති විදියට කඩලා දැම්මා..
💥 බොස් සන්සුන් වෙන්න..
🐭 සන්සුන් වෙන්න ?? හහ් !! මන් කොහොමද මිනිහෝ සන්සුන් වෙන්නේ ?? මන් මෙච්චරකල් ගන්න බලාගෙන හිටපු එකාව වෙන එකෙක් ගත්තාම කොහොමද සන්සුන් වෙන්නේ ??
💥 බොස් ඇල්ෆා හෝසියොක් ඊලග සතියේ ක්ලෑන් එකේ නෑ..අපිට හෙට උන්ව ලේසියෙන්ම අල්ලගන්න පුලුවන් වෙයි..
බෙටා ජේක් එහෙම කියනකොට ඇල්ෆාගේ කට කොනේ හිනාවක් මතු උනේ ආයාසයෙන්මයි..අදම ටේහ්‍යුන්ව තමන්ගේ කරගන්න හැදුවත් නොහිතුව විදියට ප්‍රධාන ඇල්ෆා හෝසියොක් ඔහුව වැඩකට ගත්ත නිසා ඔහුට ටේහ්‍යුන් ලගට යාගත නොහැකි උනා..නමුත් එයින් සිදු උනේ ඔහු නොහිතපු දෙයක් වෙනකොට ටේහ්‍යුන්ව තමන්ගේ කරගන්න එකට ජන්ග්කුකව මරලා දානවා කියන එකත් ඔහුගේ හිතට ඇතුලු උනේ වෛරය කේන්තිය ඔහුව සම්පූර්ණයෙන්ම ඩැහැ ගන්නකොටයි..
.
.......................................... ♡....................................