Fantasy World || Ot7 || Compl...

By Cyra_00

8.5K 1K 258

🎁 Gifts 🎁 ඔයාගේ හිතේ ලස්සන ප්ලොට් එකක් තිබිලත් කතා ලියාගන්න බැරිද ?? කතාවක් ඇතුලේ හරි bts member කෙනෙක්ගේ... More

Intro
My Alpha - Chapter 01
My Alpha -chapter 02
My Alpha - chapter 3
My Alpha - Chapter 05
My Alpha - Chapter 06
My Alpha - Chapter 07
My Alpha - Final chapter
අදුරු සෙවනැලි - Chapter 01
අදුරු සෙවනැලි - Chapter 02
අදුරු සෙවනැලි - Chapter 03
අදුරු සෙවනැලි- Chapter 04
අදුරු සෙවනැලි -Chapter 05
අදුරු සෙවනැලි- Chapter 06
අදුරු සෙවනැලි - Chapter 07
අදුරු සෙවනැලි -Chapter 08
අදුරු සෙවනැලි - Chapter 09
අදුරු සෙවනැලි - chapter 10
අදුරු සෙවනැලි - Final Chapter
File No. 39 - Chapter 01
File No.39 - Chapter 02
File No.39 - Chapter 03
File No.39 -Chapter 04
File No.39 - Chapter 05
File No.39 - Final chapter
මේඝා - Chapter 01
මේඝා - Chapter 02
මේඝා - Chapter 03
මේඝා - Chapter 04
මේඝා - Chapter 05
මේඝා - Chapter 06
මේඝා - Chapter 07
මේඝා - Chapter 08
මේඝා - Chapter 09
මේඝා - Chapter 10
මේඝා - Final chapter
Forget me not - Chapter 01
Forget Me Not - Chapter 02
Forget me not - Chapter 03
Forget me not - Chapter 04
Forget me not - Final chapter
සැඩ රළ - chapter 01
සැඩ රළ - chapter 02
සැඩ රළ - chapter 03
කරුණාකර මාව වැලදගන්න - 01
කරුණාකර මාව වැලදගන්න - 02
කරුණාකරලා මාව වැලදගන්න - Final
sorry 🥺

My Alpha - Chapter 04

213 39 0
By Cyra_00

🐯 මේට් මාත් එක්ක ගමනක් යමු !!

ජන්ග්කුක් එක්ක තරහ වෙලා ගිය ටේහ්‍යුන් ආයි ගෙදර ආවේ හොදටම හවස් වෙලායි..දවල්ටවත් කන්න ටේහ්‍යුන් ගෙදරට ආපු නැති එකට ජන්ග්කුක් හිටියේ දුකෙන්..එයාට ඕන උනේ නෑ මොන හේතුවකටවත් ඒ නිල් පාට ඇස්වල කදුලු දකින්න..ඇරත් ටේහ්‍යුන් කියපු දේවල් ජන්ග්කුක්ගේ ඔලුවට තදින්ම වැදුනා..ඒ නිසා ජන්ග්කුක් දවසෙම හිටියේ ලොකු කල්පනාවක..කොහොම හරි ඉතින් ජන්ග්කුක්ගේ කල්පනාව බිදුනේ හවස දුවගෙන ආපු ටේහ්‍යුන් නිසායි..

🐰 කො..කොහෙද ??

🐯 කැලේ බලන්න !!

ටේහ්‍යුන්ගේ දිලිසෙන ඇස් සතුටින් කියනකොට ජන්ග්කුක් කොහොමද ඒ පපී ඇස් දිහා බලන් බෑ කියලා කියන්නේ..කොහොම හරි ඉතින් ජන්ග්කුක් ඒ පපී ඇස්වලට රැවටිලා යන්න කැමති උනා..

🐰 පොඩ්ඩක් ඉන්න..

🐯 වේ ??

🐰 ඔයා මෙච්චර දවස් දාගෙන හිටියේ නිල්පාට කාච දෙකක්ද ??

ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ දුඹුරු ඇස් දිහා බලන් අහනකොට ටේහ්‍යුන් බෙල්ල ඇල කරලා ජන්ග්කුක් දිහා බැලුවේ එයා කියපු එක නොතේරුන නිසායි.

🐰 ඔයාගේ ඇස් දැන් දුඹුරු පාටයි..

🐯 ආහ් ඒකද ??

ටේහ්‍යුන් හිනා වෙලා ආයි එකපාරටම එයාගේ ඇස් නිල්පාට කරාම ජන්ග්කුක්ගේ අත ඉබේටම ටේහ්‍යුන්ගේ අතින් ගැලවුනා..ඇත්තටම ජන්ග්කුක්ට බය හිතුනා..මන් කියන්නේ ජන්ග්කුක් කියන්නේ එහෙම බය කෙනෙක්, දුර්වලයෙක් නෙමෙයි..ඒත් අසාමාන්‍ය දෙයක් උනාම පොඩ්ඩක් බය වෙනවානේ..
ඒ නිසාම ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙන් ඈත් උනේ ටේහ්‍යුන් කියන්නේ කවුද කියලා ජන්ග්කුක්ට හිතාගන්න බැරි උන නිසායි..

🐰 ඔ..ඔයා කවුද ??

🐯 ටේහ්‍යුන් !!

ජන්ග්කුක් අහන අමුතු ප්‍රශ්නෙට බෙල්ල ඇල කරලා හුරතලේට ටේහ්‍යුන් කිව්වාත් ජන්ග්කුක් ටේහ්‍යුන් දිහා බලන් හිටියේ මේ මොන පිස්සෙක්ද ලුක් එකෙන්..

🐰 අයිශ් !! ටේහ්‍යුන් ඔයා මනුස්සයෙක් නෙමෙයිද ??

ජන්ග්කුක් ඇස් බෝල කරන් අහනකොට ටේහ්‍යුන් එකපාරක් ඔව් කියලා ඔලුව වනලා ආයි නෑ කියලා ඔලුව වැනුවේ ජන්ග්කුක්ට ඔලුව බිත්තියේ ගහගන්න හිතෙන විදියට වැඩ සලස්වලයි.

🐰 මට කියන්න ඔයා ඒලියන් කෙනෙක්ද ??

ජන්ග්කුක්ට මේ වෙලේ මනුස්සයෙක් හැරුනාම මනුස්සයෙක් වගේ ඉන්න එකම ජීවියා විදියට ඒලියන් කෙනෙක්ව මතක් උන නිසා එහෙම ඇහුවත් ජන්ග්කුක් දිහා ටිකක් වෙලා බලන් හිටිය ටෙලිපෝර්ට් මහ හයියෙන් හිනා වෙන්න ගත්තේ ජන්ග්කුක් පිස්සෙක් දිහා බලන් ඉන්නවා වගේ ටේහ්‍යුන් දිහා බලන් ඉන්නකොටයි..

🐯 හම්මෝ...ඔයා විහිලු කරන්න හරි දක්ෂයිනේ !!

ටේහ්‍යුන් හිනා වෙවී කියනකොට ජන්ග්කුක්ට ඉතින් මලපැන්නා..ඇයි දෙයියනේ ඔච්චරටම හිනා වෙන්න දෙයක් නෙමෙයිනේ එයා කිව්වේ..ටේහ්‍යුන් අත දිගෑරලා පාරක් ගහන්න හිතුනත් ඒ පෙට්ටි හිනාවයි දිලිසෙන අත් දෙකයි නිසා ජන්ග්කුක්ට ගහන්න තියා අත උස්සන්නවත් හිතුනේ නෑ..ටේහ්‍යුන්ගේ හිනාව ඉස්සරහ තමන්ට දැනෙන අමුතු හැගීම නිසා තවත් කේන්‍ති ගිය ජන්ග්කුක් කාමරේට යන්න හදනකොට අමාරුවෙන් හිනාව නවත්ත ගත්ත ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ අතින් අල්ලලා එයාව නවත්තගත්තා..

🐯 කොහෙද යන්නේ මේට් ??

🐰 කාමරේට !! ඇයි ??

🐯 ඒත් දැන් ඔයා මාත් එක්ක ඇවිදින්න යන්න පොරොන්දු උනානේ..

🐰 මන් තමුසේට එහෙම පොරොන්දුවක් දුන්නේ නෑ !!

ටේහ්‍යුන්ගේ අත ගසලා දාලා යන්න හදපු ජන්ග්කුක්ගේ ඉස්සරහට ගිය ටේහ්‍යුන් ජන්ග්කුකව නවත්තගත්තා..ඇත්තටම ටේහ්‍යුන්ට තේරුනේ නෑ ඇයි ජන්ග්කුක් එයා එක්ක මෙච්චරටම කේන්ති ගත්තේ කියලා.

🐰 එහාට වෙනවා ටේහ්‍යුන් !!

🐯 මුලින්ම මට කියන්න ඇයි කේන්ති අරන් තියෙන්නේ ??

ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ අතින් අල්ලන් ට්‍රයි කරන ගමන් ඇහුවාත් ජන්ග්කුක් ඉක්මනට ටේහ්‍යුන්ට එයාව අල්ලන්න බැරි වෙන්න අයිනට උනේ ටේහ්‍යුන් ඇල්ලුවාම තමන්ගේ ඇග දිගේ කරන්ට් එක්ක යනවා වගේ දැනුන නිසායි..ඒත් ඉතින් අහින්සක ටේහ්‍යුන්ට නම් ඒකට දුක හිතුනා..

🐰 මට පාඩුවේ ඉන්න දෙනවා..!!

ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ මූනටම කෑ ගහලා එයාගේ පස්සෙන් ආපු ටේහ්‍යුන්ව තල්ලු කරලා දොර වහගෙන ඇතුලට යනකොට ටේහ්‍යුන් ඒ දිහා දුකෙන් බලන් හිටියා..එයා වැරදි දෙයක් කිව්වෙත් නෑ, මුකුත් කරෙත් නෑ..ඒත් එයා එක්ක එයාගේ මේට්ට කේන්ති ගිහින්...ඉතින් පුංචි ඔමෙගාට ඒකට හුගක් දුක හිතුනා..ඇස්වල කදුලු පිරුනු ඔමේගා එහෙම්ම එතනම බිම වාඩි උනේ ඔමේගාගේ දුක පිරුනු සුවද මුලු ගේ පුරාම විහිදුවලයි..වෙලාවට ගෙදර ජන්ග්කුක් හැරෙන්න වෙන කවුරුත් හිටියේ නෑ..යූන්ගිත් ජිමින් එක්ක එලියට ගිය නිසා ටේහ්‍යුන්ට ඕන උනේ ජිමින් වගේම එයාගේ මේට්වත් එක්කන් එලියට යන්න..කැලෑවේ ඇවිදින්න..ඔව් ඔව් යූන්ගි කියන්නේ ජිමින්ගේ මේට්..එයා යූන්ගි දැක්ක දවසෙම අදුරගත්ත නිසා යූන්ගිව ඇදගෙන ගියේ අද ඒක කියන්නයි..මොකද යූන්ගි කියන්නේ සම්පූර්ණ මනුස්සයෙක් කියලා බෙටා කෙනෙක් උන ජිමින් දන්නවා..

ඉතින් පුංචි ඔමේගටත් ඕන උනේ එයාගේ මේට් එක්ක ඇවිදින්න..අත් අල්ලන් කැලේ ඇවිදගෙන යන්න, ටේහ්‍යුන්ගේ කැලේ ඉන්න යාලුවන්ට එයාගේ මේට්ව හරි ආඩම්බරෙන් පෙන්නන්න..ඒත් ඉතින් එයාගේ නපුරු මේට් කේන්ති ගිහින් දොරත් එයාගේ මූනටම වහලා ගියානේ..ටේහ්‍යුන්ගේ කදුලු කම්මුල් දිගේ බේරිලා යනකොට ටේහ්‍යුන්ගේ දුක පිරුනු ෆෙරමෝන නිසා ජන්ග්කුක් මේ වෙලේ හිටියේ හරිම අපහසුවෙන්..මොකද ඒ සුවද ජන්ග්කුක්ට දැනුනත් තමන්ට දුකක් නැතිව ඇයි දුක හිතෙන්නේ කියන එක ප්‍රශ්නයක් වෙලා තිබ්බේ...මොකද එයාට දුක හිතෙන්නෙ හේතුවක් නැති උනාට එයාගේ පපුවට ලොකු වේදනාවක් දැනුනා..ඒ වගේම ගේ පුරාම තිබ්බ ටේහ්‍යුන්ගේ සුවද පවා දුකින් පිරිලා..බලන් ඉදලා බැරිම තැන ජන්ග්කුක් දොරත් ඇරන් එලියට ආවේ එකපාරටම උන දේ මොකක්ද කියලා ටේහ්‍යුන් ගෙන්ම අහන්න කියලා හිතාගෙනයි..ඒත් ටේහ්‍යුන් බිම වාඩි වෙලා අඩනවා දැක්කාම ජන්ග්කුක්ගේ හිත තවත් රිදුනා..

🐰 ටේ..

ජන්ග්කුක් හිමින් සැරේ ගිහින් ටේහ්‍යුන්ව එයාට තුරුල් කරගත්තේ ටේහ්‍යුන් අඩනවා බලන් ඉන්න බැරි නිසායි..ජන්ග්කුක් ටේහ්‍යුන්ව එයාගේ පපුවට තුරුල් කරගත්තාම ටේහ්‍යුනුත් හරි බරි ගැහිලා ජන්ග්කුක්ගේ පපුව අස්සේ තුරුල් උනා..

🐰 දැන් ඇඩුවා ඇති ටේ...මන් මුකුත් කිව්වේ නෑනේ ඔයාට..

🐯 ඒ උනාට ඔයා මට සැර කරානේ..මගේ මූනට දොරත් වැහුවා..

🐰 හරි ඉතින්..සොරි..

කාටවත්ම සොරි නොකියන ජන්ග්කුක් ටේහ්‍යුන්ට සොරි කිව්වා වගේම තවත් පැය තුනකට පස්සේ ජන්ග්කුක් හිටියේ ටේහ්‍යුන් එක්ක මහ කැලේ මැද්දේ අලියෙක් එක්ක..එන ගමන් ටේහ්‍යුන්ගේ මුව පැටව්, හා පැටව් , කුරුලු පැටව්, මාලු පැටව් ඔක්කොටම හිනා වෙලා ටේහ්‍යුන් කියන එයාගේ මේට් ජන්ග්කුක් කියලා ඔලුව වනලා මේ වෙනකොට ඒ දෙන්නා නතර වෙලා හිටියේ මහ ඇතෙක් ඉස්සරහ..

🐯 කොහොමද චූටීයෝ...මන් අද මගේ මේට්ව එක්කන් යන්න ආවා ඔයාව බලන්න..

පතම පත අලියෙක්ට චූටි ගගා හොඩ වැල අතගානකොට තවත් ලොකු අලි ටිකක් එයාලව වට කරන් ඉන්නකොට පැය ගානක් හති දදා ආපු ජන්ග්කුක් මේ වෙනකොට හිටියේ ගහක් බදාගෙන ගිමන් නිවන ගමන්..එහෙන් මෙහෙන් ඇවිල්ලා අලි පැටව් ජන්ග්කුක්ගේ කලිසමෙන් අදිනකොට මදුරුවෝ වටේ කැරකි කැරකි කනකොට කූඩැල්ලෝ එල්ලිලා තියෙනකොට ජන්ග්කුක්ට දැන්ම කැලේ කපලාම දාන්න හිතිලායි තිබ්බේ..

🐯 ජන්කූ බලන්න එයාගේ හුරතලේ..

මහ ඇතින්නගේ හොඩ වැල අතගාන ගමන් ටේහ්‍යුන් ජන්ග්කුක් පැත්තට හැරෙනකොට ජන්ග්කුක් හිටියේ අලි පැටියා පහලට අදින කලිසමත් උස්සන ගමන් පැටියාට රව රවයි..

🐯 ඌඌ....බලන්නකෝ චුක්කි ඔයාට කැමති වගේ..

ජන්ග්කුක්ගේ කලිසම පහලට අදින අලි පැටියා දිහා බලන් කියනකොට එක අතකින් කලිසම අල්ලන් හිටපු ජන්ග්කුක් ටේහ්‍යුන්ට රැව්වා..

🐰 Mind : චුක්කි...දෙන්න හිතයි මූට උඩින් යන්න..අලියෙක් නිසා ඉවසන්නේ..වලත්ත අලියා..උබටත් ඕනේ මගේ කලිසම ගලවන්න නේද ?? ඒකත් මේ පිටසක්වල ටේහ්‍යුන් ඉස්සරහ !! හිතේ ඇති මන් එහෙම ලේසියෙන් අලියෙක්ට පරාද වෙයි කියලා..කපනවා මේ ගස් ඔක්කොම..චුක්කි උබව තමයි මන් මුලින්ම සූ එකට ගිහින් දාන්නේ !!

ජන්ග්කුක් හිතෙන් අලි රෑනට බැන බැන ඉන්නකොට ලගට ආපු ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ අතින් ඇදන් ගියේ මහ ඇතින්න ලගට..ජන්ග්කුක් බය උනත් ටේහ්‍යුන් ඉස්සරහ තමන් බයයි කියලා පෙන්නනන අකමැතිකමට චන්ඩියා වගේ හිටියාට මහ ඇතින්න හොඩ වැලෙන් ජන්ග්කුක්ගේ මූනයි කොන්ඩෙයි එක්ක සෙල්ලම් කරන්න ගන්නකොට ජන්ග්කුක් තීරණය කරා ටේහ්‍යුන්වත් සූ එකේ සර්කස් එකට දාන්න..

🐰 mind : අම්මලා පුතාලා ඔක්කොම එකයි..මුන්ට මාව කෙසෙල් ගෙඩියක් වගේ පේනවද දන්නේ නෑ !!
දෙන්න හිතයි පුපට දෙකක් උඩින් විසික් වෙන්න..

හිතින් බැන බැන හිටපු ජන්ග්කුක් එකපාරටම බය උනේ මහ ඇතින්න ජන්ග්කුක්ව උස්සලා ගත්තාමයි..ගිරි යටින් කෑ ගැහුව ජන්ග්කුක් කෑ ගැහිල්ල නතර උනේ ටේහ්‍යුන්ගේ අත් එයාගේ ඉන වටේ එතුනා දැනුන නිසායි..

🐯 බය වෙන්න එපා මේට්...චූටි ඔයාවත් එක්කගෙන එතනට යන්න කැමති උනා..

ටේහ්‍යුන් ජන්ග්කුකව අල්ලගෙන කියනකොට තමයි ජන්ග්කුක් දැක්කේ එයා මේ වෙනකොට ඉන්න අර කරදරකාර ඇතින්නගේ ඇග උඩ වගේම ටේහ්‍යුන් හිටියේ එයාව පිටිපස්සෙන් බදාගෙන..ටේහ්‍යුන් ඇතින්නගේ ඇග උඩට ආවේ කොයි වෙලේද කියලා ජන්ග්කුක්ට හිතාගන්න බැරි උනා..කොහොම හරි ටේකුක් දෙන්නාවත් අරන් ඇතින්න කැලේ ඇතුලට යනකොට ජන්ග්කුක් බයටම ටේහ්‍යුන්ගේ අත් හයියෙන් අල්ලන් හිටියත් ටේහ්‍යුන් නම් හිටියේ හුරුපුරුදුකාරයෙක් වගෙයි..

🐰 අපි කොහෙද යන්නේ ටේහ්‍යුන් ??

🐯 ගියාම බලන්නකෝ...!!

තවත් තප්පර ගානකට පස්සේ එයාලා හිටියේ කැලේ මැද හරියේ විල ලග..හැන්දෑ වෙලා ඉර බැහැගෙන යන එලියත් එක්ක ඇතින්නගේ ඇග උඩ ඉදන් එයාලට මුලු ප්‍රදේශයම හොදට පෙනුනා..

🐰 වාහ්..

බිල්ඩින් ගොඩක් මැද්දේ හැදුන ජන්ග්කුක්ට මේ දර්ශනේ අදහ ගන්න බැරි දෙයක් උනා..ඇත්තටම ඒක ලස්සනයි..ඉර බැහැගෙන යනකොට කහපාට එලිය එක්ක කුරුල්ලෝ පියාඹනවා පේනකොට , ඇතින්න එක්ක ආපු අනිත් අලියෝ ටික වතුරට බැහැලා වතුරේ දගලන්න පටන් ගත්තා..ජන්ග්කුක් දැක්කා ගහක් උඩ තිබ්බ කූඩුවක කුරුලු අම්මායි තාත්තයි පැටව්ට කෑම කවනවා..ටිකක් එහායින් මුව රැළක් ගග ඉව්රේ ඉදන් වතුර බොනකොට ජන්ග්කුක්ගේ ඇස් එහෙම්ම ගියේ ඈතින් පේන කොටි පවුලකට..පුංචි පැටව් අම්මාගේ තුරුලේ ඉදන් කිරි බොනකොට කොටි තාත්තා පැටව් ටිකයි කොටිදෙනවයි ආරක්ෂා කරා..ජන්ග්කුක්ගේ හිත මෙලෙක් කරන්න තරම් ඒ දර්ශන ප්‍රමාණවත් උනා..

🐯 දන්නවාද ජන්කූ...ඔයාගේ ප්ලෑන් එකට අනුව හයිවේ එක යන්නේ මෙතනින්...ඔයා හයිවේ එක හදනකොට මේ ගස් ඔක්කොම කපලා දාන්න වෙනවා..එතකොට ඔයා දැක්ක අර පුංචි පැටව් ටික මැරිලා යයි ජන්කූ..චූටිට එයාගේ පැටියාට එයාගෙ හස්බන්ඩ්ට චූටිගේ යාලුවන්ට ගෙවල් නැති වෙලා යයි..චුක්කි සර්කර්ස් එහෙක හරි සූ එකේ හරි ඔම්මා අප්පා නැතුව තනිවෙයි..එතකොට අර පේන කොටි පවුල විනාස වෙලා යයි...කොටි පැටව් සූ එකේ ඔම්මා අප්පා නැතුව හරියට කන්න නැතුව කුක්කු නැතුව දුක් විදීවී ජන්කූ...එයාලට ඔම්මාව අප්පාව නැති කරන්න එපා ජන්කූ..ඒක රිදෙනවා..ඔම්මායි අප්පායි නැතිපාලුව මකන්න කාටවත්ම බෑ ජන්කූ...එයාලා ලස්සනම නිදහසේ පවුලක් එක්ක හැදෙනකොටයි...

ටේහ්‍යුන් අන්තිම ටික කියනකොට ජන්ග්කුක්ගේ ඇස්වලින් ඉබේටම කදුලු බේරුනා..එයාට තේරුනා එයා කරන්න හැදුවේ මොන තරම් අපරාදයක්ද කියලා..එයා ලස්සනට තියෙන පවුල් කීයක් විනාස කරන්න හැදුවද ?? ලස්සන ජීවිත කියක් නැති කරන්න හැදුවද ?? කී දෙනෙක්ගේ නිදහස නැති කරන්න හැදුවද ?? සමහරවිට හයිවේ එක මේ හැමදෙයක්ම විනාස කරලා හැදුවා නම් ආත්ම ගානක්ම ජන්ග්කුක්ට ඒ පව ගෙවන්න වෙයි..

🐰 ඔ..ඔයා ඇත්තටම කවුද ටේහ්‍යුන් ??

🐯 වෙයාර්ෆුල්ෆ් කෙනෙක් !!

.

.......................................... ♡....................................

Continue Reading

You'll Also Like

105K 3.6K 16
علاقه حب ثلاثيه جون و جيون top تاي بوسي bottom
14.1K 2.8K 25
نـوسـەر/ ڤـیـکـتـۆریـا ⚠هەموو مافێکی چیرۆکەکە بۆ خۆم دەگەڕێتەوە بردنی قەدەغەیە⚠
131K 2.1K 27
រឿងមួយនេះជាប្រភេទ BL s*x ចង់អានក៏អានចុះតែបើប៉ះពាល់អារម្មណ៍កុំបន្ទោសអ្នកសរសេរឲ្យសោះហើយក្នុងនេះក៏មានពាក្យមិនសរម្យច្រើនដែល🤏🔞 Taekook all story 🤯 ___...
79.3K 6.1K 27
"𝚆𝚑𝚎𝚗 𝚠𝚒𝚕𝚕 𝚝𝚑𝚎𝚢 𝚜𝚝𝚘𝚙 𝚑𝚊𝚝𝚒𝚗𝚐 𝚖𝚎 ?" 𝟷𝟻 𝚢𝚎𝚊𝚛 𝚘𝚕𝚍 𝚅𝚒𝚜𝚑𝚗𝚞 𝚊𝚜𝚔𝚎𝚍 𝚌𝚛𝚢𝚒𝚗𝚐 𝚑𝚒𝚜 𝚑𝚎𝚊𝚛𝚝 𝚘𝚞𝚝. "𝚆𝚑𝚎...