Fantasy World || Ot7 || Compl...

De Cyra_00

8K 977 254

🎁 Gifts 🎁 ඔයාගේ හිතේ ලස්සන ප්ලොට් එකක් තිබිලත් කතා ලියාගන්න බැරිද ?? කතාවක් ඇතුලේ හරි bts member කෙනෙක්ගේ... Mais

Intro
My Alpha - Chapter 01
My Alpha - chapter 3
My Alpha - Chapter 04
My Alpha - Chapter 05
My Alpha - Chapter 06
My Alpha - Chapter 07
My Alpha - Final chapter
අදුරු සෙවනැලි - Chapter 01
අදුරු සෙවනැලි - Chapter 02
අදුරු සෙවනැලි - Chapter 03
අදුරු සෙවනැලි- Chapter 04
අදුරු සෙවනැලි -Chapter 05
අදුරු සෙවනැලි- Chapter 06
අදුරු සෙවනැලි - Chapter 07
අදුරු සෙවනැලි -Chapter 08
අදුරු සෙවනැලි - Chapter 09
අදුරු සෙවනැලි - chapter 10
අදුරු සෙවනැලි - Final Chapter
File No. 39 - Chapter 01
File No.39 - Chapter 02
File No.39 - Chapter 03
File No.39 -Chapter 04
File No.39 - Chapter 05
File No.39 - Final chapter
මේඝා - Chapter 01
මේඝා - Chapter 02
මේඝා - Chapter 03
මේඝා - Chapter 04
මේඝා - Chapter 05
මේඝා - Chapter 06
මේඝා - Chapter 07
මේඝා - Chapter 08
මේඝා - Chapter 09
මේඝා - Chapter 10
මේඝා - Final chapter
Forget me not - Chapter 01
Forget Me Not - Chapter 02
Forget me not - Chapter 03
Forget me not - Chapter 04
Forget me not - Final chapter
සැඩ රළ - chapter 01
සැඩ රළ - chapter 02
සැඩ රළ - chapter 03
කරුණාකර මාව වැලදගන්න - 01
කරුණාකර මාව වැලදගන්න - 02
කරුණාකරලා මාව වැලදගන්න - Final
sorry 🥺

My Alpha -chapter 02

266 41 5
De Cyra_00

🦄 ජැකි මේ දෙන්නාට රූම්ස් ලෑස්ති කරලා දෙන්න මහන්සි ඇති..

🍂යමු පුතාලා..ඔයාලට මහන්සි ඇති..වොශ් එකක් දාගෙන එන්න..අපි කමු..!!

ජැක්සන් යූන්කුක් දෙන්නාව තුන්වෙනි තට්ටුවේ තිබ්බ ගෙස්ට්ලට ඉන්න පුලුවන් කාමරේකට එක්කන් ගිහින් දෙන්නාටම කාමර දෙකක් පෙන්නලා වොශ් දාගෙන එන්න කියලා පහලට ගිය..ජැක්සන් ගිය ගමන් ඉක්මනට දොර වහගත්ත ජන්ග්කුක් ඉක්මනට ඇදුම් බෑග් එකත් ලෑස්ති කරන් වොශ් එකක් දාගන්න ගියේ ඇත්තටම එයාට යකෙක් කන්න තරම් බඩගිනි නිසායි..

පැය භාගයක් විතර වොශ් දාපු ජන්ග්කුක් ටවල් එක විතරක් ඉනට ඇදගෙන එලියට ආවේ ඇදුමක් දාගන්න උනත් එයාට එකපාරටම ජනේලේ හරියෙන් සද්දයක් ඇහුන නිසා ඒ පැත්ත බැලුවා..ඒත් පේන්න කිසිම දෙයක් නැති නිසා ඇරත් ඉන්නේ තුන්වෙනි තට්‍ටුවේ නිසාත් ජන්ග්කුක් එහෙම්ම ඇදුම් මාරු කරගන්න ලෑස්‍ති උනත් එයාගේ පිටිපස්සෙන් හෙවනැල්ලක් මතු උන නිසා එයා එකපාරටම පිටිපස්සට හැරුනා..

🐰 ක..කවුද ඔයා ??

ජන්ග්කුක් කටත් ඇරන් බලන් හිටියේ එයාගේ පිටිපස්සේ ඉන්න කෙනා දිහායි..ජන්ග්කුක්ට විශ්වාසයි එයා මනුස්සයෙක් වෙන්න බැහැ කියලා..මොකද ඒ ඇස් නිල් පාටයි..හරියට ගැඹුරු මුහුද වගේ..ඒ වගේම ඒවා දිලිසෙනවා..ඇරත් එයා සුවදයි..ජන්ග්කුක්ට දැනුනා එයාගේ සුවද...ආපු වෙලේ ඉදන් මේ ගෙදරින් ලාවට දැනුනේ ඒ සුවද උනත් ජන්ග්කුක් තේරුම් ගත්තා එයාගේ ඉස්සරහ ඉන්න කෙනාගේ ලැවැන්ඩ්‍රා මල් සුවද තමයි එයාට දැනුනේ කියලා..ඒ වගේම එයා කොහෙන්ද ආවේ ?? ජන්ග්කුක්ට හොදටම මතකයි එයා කාමරේ දොර ලොක් කරා කියලා !!

🐯 ඔහ් මේට් !! ඔයා මගේ මේට් නේද ??

නිල් ඇස්වල අයිතිකාරයා ජන්ග්කුක්ට ලන් වෙන ගමන් අහනකොට ජන්ග්කුක් අඩියක් පස්සට ගියා..එයාගේ ඉස්සරහ ඉන්න කෙනා ලස්සන බව ඇත්ත !! එයා සුවද බවත් ඇත්ත !! ඒත් එහෙමයි කියලා එයාට බැහැ ජන්ග්කුකව ඉව කරන්න..

🐯 ඈතට යන්න එපා...ඔයා සූදයි...ස්ට්‍රෝබෙරි සුවදයි..මට ඔයාව හව් හව් ගාලා කන්න හිතෙනවා !!

නිල් ඇස්වල අයිතිකාරයා ජන්ග්කුක්ගේ ලගටම ඇවිල්ලා කියනකොට ජන්ග්කුක් පස්සෙන් පස්සට ගිහින් අන්තිමට ඇද උඩටම වැටුනා..ඒත් ඉතින් ඒ නිල් ඇස්වල අයිතිකාරයා සැලුනේ නෑ..එයා හිමින් ඇදට නැගලා ජන්ග්කුක්ගේ ඇග උඩටම ඇවිල්ලා ජන්ග්කුක්ගේ බෙල්ල අස්සේ මූන ඔබාගෙන ඉව කරේ ජන්ග්කුක්ගේ පපුව අසූහාරදාහට ගැහෙනකොටයි..වෙන කෙනෙක්ව නම් ජන්ග්කුක් මේ වෙනකොටත් එලවලා දාලා උනත් ජන්ග්කුක්ට තාම හිතාගන්න බැරි උනා ඇයි එයා මේ කොල්ලාව තල්ලු නොකරේ කියලා..

🐯 ම්ම්....සැර සුවදක් !! ඇල්ෆා කෙනෙක් !! ඒත් ඔයා ඔයාගේ වුල්ෆිට එලියට එන්න දුන්නේ නැද්ද ?? එයා දුකෙන් ඉන්නේ කියලා මට වී කිව්වා !!

ජන්ග්කුක්ගේ ඇග උඩ ඉන්න නිල් ඇස් කොල්ලා මොන මොනවාදෝ කිව්වාත් ජන්ග්කුක්ට නම් ඒ කියපු කිසිම දෙයක් තේරුනේ නෑ..එයා හිටියේ එයාගේ ඇග උඩ ඉන්න කොල්ලාගේ ඇස්වලටයි කියවනකොට දිලිසෙන තොල්වලටයි වශී වෙලා..ජන්ග්කුක්ට ඕන උනා ඒ ෆ්ලෆී තොල් හපන්න..ඒ රෝසපාට කම්මුල් ඉබගෙන ඉබගෙන යන්න..

🐯 ඔයාට කතා කරන්න බැරිද අයියෝ !!

ජන්ග්කුක් ඇසුත් ලොකු කරන් තමන්ව ස්කෑන් කරනවා හැරෙන්න වචනයක්වත් කතා කරේ නැති නිසා ඒ කොල්ලා ජන්ග්කුක්ගේ බෙල්ල අස්සේ මූන ඔබන් එහෙම ඇහුවාම එකපාරටම කොල්ලාගේ තොල් ජන්ග්කුක්ගේ බෙල්ලේ වැදුනාම තමයි ජන්ග්කුක් හරි සිහියට ආවේ..ඒත් එක්කම ඉක්මන් උන ජන්ග්කුක් එයාගේ ඇග උඩ ඉන්න කොල්ලාව එහාට තල්ලු කරා..ඒත් නොහිතුව විදියට නිල් ඇස්වල අයිතිකාරයා ඇදෙනුත් බිමට වැටිලයි නතර උනේ..

🐯 ඌයි..!! සිදුන..ඇයි මාව තල්ලු කරේ ??

තොල් නොපිටට පෙරලන් බිම වැදුන පස්සත් අතගාන ගමන් ජන්ග්කුක්ගෙන් අහනකොට එයා නිල් ඇස් අයිතිකාරයාව තල්ලු කරපු එක ගැන දුකත් හිතුනා..

🐰 තමුන් කවුද ?? මොනවා ගැනද කියවන්නේ ?? කොහොමද මගේ කාමරේට ආවේ ?? කවුද ඇල්ෆා කියන්නේ ?? අ..අනික ඇයි ඔයා ලගින් ලැවන්ඩ්‍රා සුවදක් එන්නේ ?? ඔයා මනුස්සයෙක් නෙමෙයිද ??

ජන්ග්කුක් එක දිගට ප්‍රශ්න වැලක් අහනකොට බිම වාඩි වෙලා පස්ස අත ගගා හිටපු නිල් ඇස්වල අයිතිකාරයා බෙල්ලත් ඇල කරලා ජන්ග්කුක් දිහා බැලුවේ හරියට එයා කොයි එකටද මුලින් උත්තර ඕන අහන්න වගෙයි..

🐯 මන් මුලින්ම උත්තර දෙන්න ඕන කෝකටද මේට් ??

බෙල්ලත් ඇල කරන් හුරතලේට අහනකොට ජන්ග්කුක්ට ඒ කොල්ලාව එක කටට ගිලින්න හිතුනා..ඒත් අහංකාර ජන්ග්කුක් එයාගේ හදවතට එන මෝඩ අදහස් පුහ් ගාලා පිඹලා විසික් කරලා දැම්මා..

🐰 හරි මට මුලින්ම කියන්න ඔයා කවුද ??

🐯 මාව ඔයා දන්නේ නැද්ද මේට් ??

🐰 දන්නේ නැති නිසානේ අහන්නේ !!

ජන්ග්කුක් රවන් කියනකොට තොල් නොපිටට පෙරලුව ටේහ්‍යුන් බිම හරි බරි ගැහිලා වාඩි උනා..මොකද එයාට තියෙනවා එයාගේ මේට්ට එයා ගැන කියන්න..

🐯 මන් කිම් ටේහ්‍යුන්...ඔයාට පුලුවන් මට ටේටේ කියන්න..එතකොට ජැකි හ්‍යුන්ග් තමයි මගේ හ්‍යුන්ග්..හොබි හ්‍යුන්ග් ජැකි හ්‍යුන්ගීගේ මෙට් නිසා එයත් මගේ හ්‍යුන්ග් තමයි..ආහ් එතකොට මන් ඔමේගා කෙනෙක්..ඔයාගේ ඔමේගා..ම්ම් මට වයස විසි පහයි..එතකොට මගේ හොදම යාලුවා මෝචි..එයාගේ නම පාර්ක් ජිමින්..ජිමිනි හොබි හ්‍යුන්ගීගේ මල්ලි..අපි දෙන්නා පුංචි කාලේ ඉදන්ම යාලුවෝ..ජිමිනි බෙටා කෙනෙක්..ම්ම් තව මන් ආසම ස්ට්‍රොබෙරි කන්නයි කැලේ දුවන්නයි..ආහ් මගේ වුල්ෆිගේ නම වී..එයා කියනවා ඔයාගේ වුල්ෆි එක්ක එයාට කතා කරන්න ඕන කියලා..!!

ටේහ්‍යුන් එක හුස්මට කියාගෙන යනකොට ජන්ග්කුක්ට ටේහ්‍යුන්ගේ නම, වයස හැරෙන්න වෙන කිසිම දෙයක් තේරුනේ නෑ..ජන්ග්කුක්ට ඒ නම අහලා පුරුදුයි වගේ නිසා ටිකක් වෙලා කල්පනා කරාට පස්සේ ජන්ග්කුක්ට මතක් උනා ඒ කවුද කියලා..ඒත් එක්කම ටේහ්‍යුන් කිව්ව අර ඔමේගා, බෙටා කතාව ජන්ග්කුක් අමතක කරලා දැම්මා..මොකද මෙහේ ඉන්න මිනිස්සුන්ට කොහොමත් පිස්සු කියලා ජන්ග්කුක් තේරුම් අරන් හිටියේ..නැත්තම් ඉතින් මිනිස්සුන්ට ග්‍රීක හෝඩියේ නම් වලින් කතා කරයිද ?

🐰 කැලෑ පැන්න කොල්ලා !!

🐯 ඔහ් හ්‍යුන්ගී ඔයාට මන් ගැන එහෙමද හදුන්වලා දුන්නේ !! හලිම සෝචනීයයි අප්පා !!

ඇස් බෝල කරන් බෙල්ලත් ඇල කරන් ඇගිල්ලකුත් කටේ ගහන් අහනකොට ජන්ග්කුක් එයාගේ ඔලුවට ආපු විකාර අදහස් ඉක්මනට ඔලුව ගසලා අයින් කරා..

🐰 හරි ටේහ්‍යුන් ඔයා මට කියන්න ඔයා මගේ කාමරේට ආවේ කොහොමද ?? මන් දොර ලොක් කරලානේ තිබ්බේ !!

ජන්ග්කුක් එහෙම අහනකොට නම් ටේහ්‍යුන් හොර හිනාවක් දාලා එයාගේ එක ඇගිල්ලක් කටේ තියන් අනිත් අතේ ඇගිල්ලෙන් ජනේලේ පෙන්නුවා..

🐰 ඔයා මට කියන්න එපා ඔයා ආවේ ජනේලෙන් කියලා නම් !!.

ජන්ග්කුක් ඇස් බෝල කරන් අහනකොට ටේහ්‍යුන් ඔව් කියලා ඔලුව වැනුවා..ඒ වගේම ටේහ්‍යුන්ගේ ඇගිලි හැපිල්ල නිසා ඒ තොල් කෙලවලින් නෑ විලා දිලිසෙන්න අරන් වගේම ජන්ග්කුක්ගේ හිතට හරිම නරක අදහස් ඇවිල්ලායි තිබ්බේ..ඒ නිසාම ජන්ග්කුක් ඔලුව පොඩ්ඩක් ගසලා ඒවා විසික් කරලා දාලා නැගිටලා ගියේ ජනේලේ ලගට..

ඔයා දෙයක් ඇද උඩ දාලා යන්නේ ජන්ග්කුක් !!

🐰 ඔයා කොහොමද තට්ටු තුනක් උස ජනේලෙකට නැග්ගේ ??

පහල බලන ගමන් ජන්ග්කුක් අහනකොට ටේහ්‍යුන් කරේ ලස්සනට හිනා වෙලා ඉස්සරහ තියෙන ගහ පෙන්නුව එකයි..හැබැයි ජන්ග්කුක් නම් හිටියේ ගහ දිහා බලන් නෙමෙයි..ටේහ්‍යුන්ගේ මූනේ තිබ්බ හිනාවට වශී වෙලා..

🐯 ඔහොම බලන්න එපා මේට්...ටේටේට ලැජ්ජයි අයියෝ !!

ජන්ග්කුක් එයා දිහා කන්න වගේ බලන් ඉන්නකොට ලැජ්ජ හිතුන ටේහ්‍යුන්ගේ පිම්බුන රෝස කම්මුල් තවත් රෝසපාට උනා..ලැජ්ජාව නිසාම තමන්ගේ කම්මුල් රෝස උන නිසා ඉක්මනට මූන වහන් ටේහ්‍යුන් කතා කරනකොට තමයි ජන්ග්කුක් හරි සිහියට ආවේ..ඒයා එහෙම්ම මුකුත්ම නොවුන ගානට ඉක්මනට ගහ දිහා බැලුවා..

🐰 ඇත්තටම තමුන් ආවේ මේ ගහ දිගේද ??

ජන්ග්කුක් අහනකොට ඔව් කියලා ඔලුව වනලා ඒකට සාක්ෂියක් විදියට එයාගේ දුඹුරුපාට කොන්ඩේ රැදිලා තිබ්බ කොල කෑල්ලක් අරගෙන කටින් පිඹලා යැව්වා..

🐰 ඔහොම කරන්න එපා !!

ටේහ්‍යුන් තොල් උල් කරනවා දැක්කාම ඉවසගන්නම බැරි උන ජන්ග්කුක් කෑ ගැහුවාම පුංචි ඔමේගාත් ගැස්සුනා..

🐯 කොහොමද මේට් ??

🐰 ආයිශ් තොල් උල් කරන්න එපා..ඒ වගේම ඇගිලි හපන්නත් එපා..

🐯 හලි ඉතින්..ඒවා මන් හිතලා කරන්නේ නෑනේ..හුම් !! මේට් හරි නලකයි !!

ජන්ග්කුක් එයාට ටිකක් සද්දෙන් කතා කර නිසා ටේහ්‍යුන් අත් බැදන් හුරතල් විදියට රවන් කිව්වාත් ජන්ග්කුක්ට නම් දැන් ඇති වෙලා තිබ්බේ..එයාගේ හිතත් එක්ක සටන් කරලාම එයාට හොදටම මහන්සි..

🐰 මේ අහන්න ටේහ්‍යුන් !! මගේ නම ජන්ග්කුක් !! ඇයි ඔයා මට ආපු වෙලේ ඉදන් මේට් කියන්නේ ??

🐯 ඉතින් ඔයා මගේ මේට් නිසානේ !!

🐰 කවුද මේට් කියන්නේ ??

🐯 මේට් කි -

🍂 යාහ් කිම් ටේහ්‍යුන් !! ඉන්න තැනකින් එනවා !!

ටේහ්‍යුන් ජන්ග්කුක්ට මේට් කියන්නේ කවුද කියලා කියන්න උත්සාහ කරත් එකපාරටම ජැක්සන්ගේ කටහඩ ඇහෙනකොට ටේහ්‍යුන් ඉක්මනට ජනේලේ ලගට දුවගෙන ගියා..

🐯 අපි පස්සෙ කතා කරමු මේට් !! ඔහ් ඊලග දවසේ මන් එනකොට ඇදුමක් දාගෙන ඉන්න..ඒක ඇත්තටම මන් හිතුවට වඩා ගොඩක් ලොකුයි !!

කම්මුල් රතු කරන් අතින් කන් වහන් ජන්ග්කුක්ගේ ඇග දිහා බලන් කියපු ටේහ්‍යුන් ජන්ග්කුක් ඇස් ලොකු කරන් බලන් ඉන්නකොට එකපාරටම ජනේලෙන් පැන්නා..ජන්ග්කුක් බය වෙලා ජනේලේ ලගට ගියත් ටේහ්‍යුන්ගේ ඡායාවක්වත් ඒ වෙනකොට එතන තිබ්බේ නෑ..ඒත් එක්කම ජන්ග්කුක්ට මතක් උනේ ටේහ්‍යුන් අන්තිමට කිව්ව එක..ඔන්න එතකොටයි එයාට මතක් උනේ එයා මෙච්චර වෙලා හිටියේ ඇගේ තිබ්බ ටවල් එකත් නැතුවයි කියලා..

🐰ආආආආආආආආ.....!!!

ඇද යට හිටපු ඕතරීටත් කිව්වා ටේහ්‍යුන්ව තල්ලු කරලා ජන්ග්කුක් ඇදෙන් නැගිට්ටේ ඇදන් හිටපු ටවල් එක ඇද උඩ තියලයි කියලා..පන්ඩිත ජන්ග්කුක් මන් කියපු දේ ගනන් ගත්තේ නෑනේ 😒

ඒ වගේ ම ජන්ග්කුක්ට තව දුක්කිත දෙයක් අත්විදින්න උනා මිත්‍රවරුනි...ටේහ්‍යුන්ගේ වැඩ නිසා ජන්ග්කුක්ගේ සාමාජිකයා ඇවිස්සිලා ඉන්නේ කියලා ටේහ්‍යුන් හොදටම දැක්කා !!

මන් නම් ඇස් වහන් හිටියේ...ටේහ්‍යුන් තමයි කටත් ඇරන් ඒක දිහා බලන් හිටියේ..!!

.......................................... ♡....................................

Continue lendo

Você também vai gostar

462K 1.5K 47
🔞🔞🔞 warning sex!! you can cancel if you don't like it.This is only for the guys who have sensitive desire in sex.🔞🔞
13K 564 43
What if someone becomes your life without even your knowledge. When someone breaks down all the walls and snatches your heart away...... ...
427 96 5
හයිසින්ත්... ඒකෙ තේරුම සහෝදරත්වයේ පාරිශුද්ධ ප්‍රේමය..