Hypnotized - 22
__________ ♡ __________
තරුන වෛද්‍යවරයා කලබලයෙන් එහා මෙහා ඇවිද්දා. ප්‍රකර්'පන යන්ත්‍රයට තවදුරටත් විද්‍යුතය සැපයුනේ නැති වග පේන්න තිබුනා.
උඩු කය අඩ නිරුවත් වූ ඇගේ සිරුර යහන මත අප්‍රානිකව තවදුරටත් තිබුනා.
ඔහුගෙ මනසෙ තිබුනෙ එකම ප්‍රශ්නයක් විතරයි.
සමහර විට තව තත්පර කිහිපයක් ඔහු ඉක්මන් වුනා නම් මට විශ්වාසයි ඔහු ඒ මොහොතෙම හදිසි කම්පනයක් නිසා සිහිය නැති වෙනවා එහෙම නැත්නම් හර්'දයාබාධයක් හැදිලා එකවරම මිය යන්න තිබුනා කියලා.
විශ්වාස කරන්න.. ඒ තිරයේ ඔහු දැක්කෙ තමන්ගෙම අනුරුවක්. ඔව්.. ඒ වෙන කවුරුත් නෙවෙයි. දුහුල් ඇඳුමකින් සැරසිලා හිටියෙ ජන්කුක් ජොන්..
ඉතින් ඔහු කොහොමද මේ විදිහට කලබල නොවී ඉන්නෙ..
ඇය කොහොමද තමන් ගැන මේ තරම්ම වද වෙලා තියන්නෙ..
විවාහ යෝජනාව ගෙනාපු දවස් දෙක තුනට නම් කමක් නෑ..
ඒ වුනත් මේක පුනර්'භවයක්..
නෑ.. සමහර විට ඒක වැරදි ඇති..
ඒ තවත් ආත්මයක්..
තවදුරටත් එහෙ මෙහෙ ඇවිදිමින් කලබලය යටපත් කර ගන්න බැරි වුන නිසා ඔහු ඇය ළගින්ම වැතිරුනේ ඇයව තමන් තුලට වාරු කර ගන්න ගමන්.
අප්‍රානික ඇගේ සිරුර ඔහු තුළ අපමණ ආරක්ශාවක් වගේම රැකවරණයක් ලබන බව තේරුම් ගත්තු ඒ සුදු පැහැති බිත්ති පවා සැනසුම් සුසුම් හෙලුවා.
.
.
.
.
.
__________ ♡ __________
.
.
.
.
.
Feeling hypnotized by the words that you said..
ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව..
A_Shee1 ~