I met you

By Marivok

173K 32.8K 11.8K

මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක... More

Notice
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Happy birthday කැප්ටන් 👑 💜️
Chapter 19 (S)
Chapter 20
Chapter 21
Sorry
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25 (s)
Chapter 26
Thank you...❤
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32 ( NS)
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36 (s)
Chapter 37
Chapter 38
Chapter 39
Kimjeon
🥺
seoson 2
Chapter 40
Chapter 41
Chapter 42
A/N
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54 (s)
Chapter 55
Chapter 56
Chapter 57 (NS)
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63 (Ns)
Happy b'day professor 👑 💜️
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70 (s)
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76 (s)
Chapter 77
Chapter 78
Happy b'day sugar daddy 👑 💜️
Chapter 80
Chapter 81
Chapter 82
Chapter 83
Chapter 84 (s)
Taekook
Chapter 85
CP-86 END
Announcement

Chapter 79

1.2K 321 117
By Marivok


================================
_____________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°





______________________________________

' Hi , tae මං හිතනවා ඔයා මාව දන්නවා කියලා. Ok. ඔයා කියන විදියට මං slutty bitch කෙනෙක්. Anyway මං මේ message එක දාන්නේ reply විදියට call එකක් බලාපොරොත්තුවෙන් .
මුලින්ම මං හිතනවා දැං ඔයා පොලිසියෙන් එලියට ආවා. ඔයාගේ lover බලලා එලියට ආවා නේද ?
කොහොමද එයා හොදින් ඉන්නවද?
එයා කිව්වේ නැද්ද හිරේ ඇතුලේ සැලකිලි ගෙන. එයා දවස් 3කින් හරියට කාලා නැතුව ඇති...... කොහොමද අපේ අප්පාගේ කට්ටිය එයාට ඒ වෙනුවට එයාට සලකලා නේද..... ආරංචි විදියට නලලයි, අතතයි, තොලයි විතරයි දැනට පැලිලා තියෙන්නේ.බෙහෙත්වත් අරන් ගිහින් දුන්නද තුවාල වලට දා ගන්න.
තුවාල වේලෙන්න දවස් කීපයක් යයි.
ඒත් ඒ වෙනකොට අලුත් තුවාල වෙයි..... "

Taehyungගේ ඇග ඇතුලෙන් වෙව්ලනවා වගේ තේරුනා. මුලු ඇගම පණ නැතුව ගිහින් දාඩිය කම්මුල දිගේ ගලන් ගියා.

TH-" J..jun - ju-ngkook "

Taehyungට කර ගන්න ඕනේ මොකද්ද කියලා තේරුන් නෑ.
Taehyung ආයෙත් කාර් එකෙන් බැස්සේ jungkook බලන්නයි. Taehyung දුවලා ගිහින් පොලිසියට ඇතුල් උනා.

TH-" ම..මට ... මට jungkook ... බලන්න ඕනේ... දැම්ම.... "

" සොරි සර් දැං හිරකාරයෝ බලන්න දුන්න වෙලාව ඉවරයි "

TH-" I .. i dont care... මට යන්න දෙන්න මගෙ jungkook ssi බලන්න "

" දැං වෙලාව ඉවරයි... කරන්න දෙයක් නෑ..... සර් මේක නීති විරෝදී "

TH-" Fuck ! මට යන්න දෙනවා..... "

Taehyung , පොලිසිය ඇතුල තිබ්බ පුටුවකට පයින් ගහන ගමන් කෑ ගැහුවා.... පොලිස් කාරයෝ 4ක් ඇවිත් taehyungව අල්ල ගත්තා.

" සර් ! Please මෙහෙම හැසිරෙන්න එපා, මෙහෙම හැසිරෙන එක සර්ටමයි හොද නැත්තේ....... "

TH-" මට... මට මොනා හොද වෙන්නද , මගෙ jungkook ssiට මේ හිර ගෙදර ඇතුලේ කොච්චර වද දීලද,
උබලා කවුරුත් ඒක දන් නැද්ද ....... "

Taehyung , උගුරේ නහර ඉලිප්පිලා පේන්නම කෑ ගැහුවේ එයාට එයාවවත් දැං පාලනේ කර ගන්න බැරි හින්දයි.
ඒත් taehyung නොදැනුවත්වම taehyungගේ මේ පිස්සු හැසිරීම මුල ඉදලම සමාජ මාද්‍ය ඔස්සේ live විකාශය වෙනවා.
ගොඩක් අය හිතුවේ taehyungට දැං පිස්සු වැටිලා කියලා.
අපිලිවල ඇදුම්, බාගෙට වැවුන රැවුල උමුතු හැසිරීම මේ හැමදේම , මිනිස්සුන්ගේ හිත ඇතුලේ taehyungට පිස්සු හැදිලා ඉන්නේ කියලා හිතන්න සැලැස්සුවා .... ඒත් සමහර fansලා හිතුවේ jungkook ඩොක්ටර් කෙනෙක් හින්දා, taehyungට පිස්සු වැටෙන්න මොනාහරි බෙහෙතක් දීලා කියලයි.

" සර් අපිට අපේ රාජකාරිය කරන්න දෙන්න..... "

TH-" හිරේ ඇතුලේ යන මාෆියාවට තමුසෙලා වග කියනවද,
එක එකාගේ oder වලට හිරේ ඇතුලේ ඉන්න අහිංසකයොන්ට වද දෙනවා.
ඒවා ගෙන හොයලා බලනවද "

" අහිංසකයො නම් හිරේට එන් නෑනේ සර්...... "

Taehyungගේ ලේ රතුපාට ඇස් කේන්තියෙන් පිරුණා. Taehyung ඒ පොලිස් නිලදාරියගේ කොලර් එකෙන් අල්ලලා මිරිකුවා.

TH-" You son of bitch ...... මගෙ jungkook ssiට මොනා හරි උනොත් උබලා ඔක්කොම මං මරනවා... "

Hs-" Taehyung ! "

Taehyungට එකපාරම ඇහුනේ professor hoseok කතා කරනවා වගේ.
Taehyung ඒ පැත්තට හැරුනා.

TH-" professor ... එයාලා මගේ... මගෙ............"

මේ දවස් කිහිපයට hoseok සහ taehyung අතර ලොකු බැදීමක් ගොඩනැගිලා තිබ්බේ. මොකද jungkookගේ ප්‍රශ්නෙදී hoseok එයාට හිතාගන්නවත් බැරි විදියට උදව් කරා.
එයාත් jungkook නිවැරදී කියලා විශ්වාස කරපු කෙනෙක්.
ඒ වගේම එයාගේ හැමදේම jungkook නිවැරදී කියලා ඔප්පු කරන්න කැප කරන්න ලෑස්ති උනා.

Jungkook , ඉස්සර ඉදන් hoseok එක්ක තිබ්බ බැදීම ගෙන taehyung දැනන් හිටියා. Hoseok දැකපු පලවෙනි දවසේ ඉදන් taehyungට , jungkook ගෙන අමුතු බැදීමක් තෙරුනා. Hoseok පවුලේ කෙනෙක් වගේ. පහු ගිය දවස් ටිකේම hoseok , පොලිසියට ආවා. Taehyung එක්ක නිතරම ලගින් හිටියේ hoseok ,jimin ,suga....

Hs-" taehyung ! Please කලබල වෙන්න එපා. ඔයාගේ jungkook ssi මෙතන හිටියත් කියන්නේ ඕකමයි "

Taehyung , පොලිස් නිලදාරියගේ කොලර් එක අතැරියා .

TH-" මට.. මට jungkook ssi බලන්න දෙන් නෑ. මට කතා කරන්න ඕනේ "

Hs-" හරි, Taehyung ඒත් මාත් එක්ක පොඩ්ඩක් කතා කරන්න.... "

Taehyung ඔලුව වනලා, hoseok ගාවට ආවා. Hoseok , taehyungගේ අතින් ඇල්ලුවා. Hoseokට ඒ අතේ හුරුපුරුදු ගතියක් දැනුනා. සමහරවිට එයාට පුංචි කාලේ ඒ මගඇරුන අත් හින්දා වෙන්න ඇති . Hoseok එක්ක taehyung ආයෙත් කාර් එකට ගියා.

Hs-" Taehyung .... දැං මට කියන්න මොකද්ද උනේ..... "

TH-" මට කේන්ති ....මට උන්ව මරන්න ඕනේ..... මට උන්ව මරන්න ඕනෙමයි,
ඇයි.... ඇයි උන් අපිට අපේ පාඩුවේ ඉන්න දෙන් නැත්තේ "

Taehyungගේ , කදුලු පිරුණ ලේ රතු පාට ඇස් හෙමින් පිහ දැම්මා.

TH-" අපි දෙන්නට එකට ඉන්න දෙන් නෑ. කවුරුත් දෙන් නෑ.... කවුරුත් කැමති නෑ. අපි කාටවත් කරදර කරේ නෑ....
අපි වැරැද්දක් කරේ නෑ..... ඒත් අපිව වැරැද්දක පැටලුවා. අපි නොකරපු වරදට දඩුවම් විදිනවා ...
අද මගෙ blossom මල නොකරපු වරදකට දඩුවම් විදිනවා....
අපි දෙන්නා දෙපැත්තට වෙලා දුක් විදිනවා...
ඒත් ... ඒත් උන්ට ඒවා මදි වෙලා, උන් මගෙ jungkook ssiට වද දෙනවා.
Jenn bitch , sung-joo දෙන්නා එකතු වෙලා මගෙ jungkook ssiට කරදර කරනවා.... ඇයී.... මොකද , මෙච්චර වරදක් කරලද අපි ? "

Hs-" ඇයි... මොනාද කරන්නෙ... "

TH-" උන්ගේ බලේ පාවිච්චි කරලා, හිරේ ඉන්න මිනිස්සුන්ට සල්ලි දීලා මගෙ jungkook ssiට වද දීලා.
මේ දවස් 4ම මගෙ jungkook ssi ගුටි කාලා. එයාට කන්නවත් හරියට දීලා නෑ.
ඇයි.... ඇයි එහෙම....
නොකරපු වරදකට හිරේ ඉන්න එකම උන්ට මදිද, මගෙ jungkook ssiට තවත් මෙහෙම කරන්නේ.......... "

Jungkook අතමිටමොලවන් කතා කරේ දුක මිශ්‍ර උන කේන්තියෙන්.

Hs-" ඔයා කෝල් කරන්න "

TH-" මොකද්ද ? "

Hs-" එයාලට ඕනේ ඒකයි, ඔයා උන්ට කෝල් කරන්න. උන් එතකන් jungkookට වද දෙනවා. මට විශ්වාසයි.
ඔයා උන්ට කෝල් කරලා අහන්න උන්ට මොනාද ඕනේ කියලා.... "

Hoseokට හැමදේම තේරුනා. තවමත් 1965 වගේමයි. Jennie , ජෙනරාල්ගේ සැලසුම් එකයි. ඒත් මේ සැරේ කලින් වගේ වෙන්න දෙන්න බෑ. Hoseokට ඕන උනේ මේ දෙන්නව එකතු කරන්න.
මේ ආත්මෙවත් ඒ දෙන්නා එකතු කරන්න.

TH-" මං කෝල් කර~~~"

Hs-" දැම්ම කෝල් කරන්න ..."

Taehyung ඔලුව වනලා call එක ගත්තා.

" Hello ...... "

" Hello~~~ my future hubby~~ "

" Fuck ! මාව විහිලුවට ගන්න එපා "

" Ok.... හරි ඉතින් , මොකද මේ slutty bitch කෙනෙක්ට call ගත්තේ "

" තමුන්ලට මොනාද ඕනේ.... "

Jennie හිනා උනා.

" point.... ම්ම්ම්ම් ඇත්තටම , ඇත්තටම මට ඕනේ ඔයාව.... ඒක තේරෙන් නැද්ද "

" ඒක හීනයක් "

" මගෙ හීන මං හොදින් හෝ නරකින් හැබෑ කර ගන්නවා.... ඒක දැනගන්න"

" ඒත් තමුන්ට කවදාවත් මාව අයිති කර ගන්න නම් වෙන් නෑ..... "

" ඒ වගේම කවදාවත් ඔයාගේ jungkook හිරේට වෙලා සැනසීමේ ඉන්නේ නැති වෙයි..... "

" WHATS WRONG WITH YOU BITCH..... "

"Gowwwd සද්දේ...... , අපි ටිකක් හෙමින් කතා කරමුද ? "

" මගෙ jungkook ssiට පාඩුවෙ ඉන්න දීපිය...... "

" එහෙනම් දැම්ම ඔයාගේ අප්පගේ ගෙදරට එන්න "

" මොකට~~~"

* Hang up *

.

TH-" shit... මේ bitch ..... "

Hs-" මොකද කිව්වේ.... "

TH-" jungkook ssiට කරදරයක් නොවෙන්න නම් ssung-jooගේ ගෙදරට එන්නලු........ "

Hs-" දැම්ම යන්න.... "

TH-" professor එතකොට ඔයා "

Hs-" මං පොලිසියට වෙලා ටිකක් වෙලා ඉන්නවා. මොකද මං අදුරන කෙනෙක් ඉන්නවා. ඒ මාර්ගෙන් මට හිරේ ඇතුලේ විස්තරයක් ගන්න පුලුවන් වෙයි.
Jungkook ගෙන ටිකක් බලන්න ඕනේ "

Taehyung , ඔලුව වැනුවා. Hoseok වාහනෙන් බැහැලා ගියා.

Taehyung වාහනේ sung-jooගේ ගෙදරට drive කරන් ගියා. ගිහින් ගේ ඇතුලට ඇතුල් උනේ ආවේෂ වෙලා වගේ.....

TH-" තමුන්ලට මොනාද ඕනේ...."

Taehyung කෑ ගැහුවා.

Je-" මෙච්චර ඉක්මනින් ආවද ? "

Jennie සෝෆා එකේ වාඩි වෙලා ඉන්න ගමන් ඇහුවේ ගොඩක් නිමිලා වගේ.

TH-" Fuck bitch ! අවශ්‍ය දේ කියනවා. වෙන වෙන විකාර කියවන් නැතුව "

" calm down tae baby... sit down "

Taehyungගේ අප්පත් jennie ලගට ඇවිත් වාඩි උනා.

TH-" Fucking dicker..... Dont care of me..... "

Taehyungගේ කේන්තිය උපරිමේට වැඩි වෙලා තිබ්බේ.

Je-" හරි... එහෙනම් අපි කෙලින්ම කතාවට එමු. ඔයාට මොනාද වෙන්න ඕනේ...... "

TH-" මගෙ jungkook ssiට පාඩුවේ ඉන්න දෙන්න. දැනටමත් නොකරපු වරදකට එයා දඩුවම් විදිනවා.
ඒ මදිද ? "

" හරි අපි එයාට පාඩුවේ ඉන්න දෙන්නම්"

TH-" එයාට කරදර කරන්න එපා , එයා අහිංසකයි. එයා කාටවත් වරදක් කරලා නෑ. ඇයි ? ඇයි හිර ගේ ඇතුලෙත් වද දෙන්නේ ඇයි එහෙම , එයා කිසි වරදක් කරලා නෑ...... "

Je-" එයා වරදක් කරලා තියෙන්නේ. එයා මට අයිති දෙයක් අයිති කර ගන්න දැගලුවා.... ඒකයි වරද , "

TH-" Bitch මාව උබට අයිති නෑ..."

Je-" එහෙනම් කාටවත් අයිති කර ගන්නත් බෑ.... "

TH-" fuck bitch එයාට පාඩුවේ ඉන්න දෙන්න "

Je-" ම්ම්ම් හරි.... හැබැයි... හැබැයි එක කොන්දේසියකට... "

TH-" මොකද්ද ? "

Je-" මාව marry කරන්න.... "

TH-" ඒක වෙන් නෑ කවදාවත් .... "

Je-" එයාට වැඩිකල් හිරගේ ඇතුලේ ජිවත් වෙන්නත් බැරි වෙයි "

TH-" කාටවත් මගෙ jungkook ssiට අතක්ව~~~~~~~"

* ring *

Taehyung කතා කර කර ඉන්න අතට taehyungගේ phone එක ring උනා.
Jennie වගේම sung-joo කට කොනින් හිනා උනා ...

Taehyung phone එක answer කරා.

" hello professor hoseok "

" T..taehyung ...දැම්ම... දැම්ම එන්න "

" අහ් ඇයි ? කොහෙටද මං එ~~"

" දැම්ම hospital එකට එන්න "

" ඇයි... ? මොකද "

Taehyung කලබලෙන් කතා කරේ. Taehyungගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා.

" j...j-ungkoo-k එයා .."

" ඇයි... මගෙ jungkook ssiට මොකද ? ඇයි... ඇයි එයාට මොකද උනේ දෙයියනේ... ඇයි... hoseok .. මට කියන්න , කියන්න "

" කලබල වෙන්න එපා... ගොඩක් අමාරු නෑ. ඒත් hospital එකට එන්න "

* Hang up *

Taehyung phone එක , සාක්කුවට දාගෙන දුවන් එලියට ගියා. ඉක්මනින් කාර් එක අරන් hospital එකට ගියේ විදුලි වේගෙන්. Hoseok කලබල වෙන්න එපා කිව්වට, taehyungට කලබල නොවී ඉන්න බෑ. Taehyungට දැනුනේ එයාගේ මුලු ඇගම ගැහෙනවා වගේ.
Hoseok හිතුවටත් වඩා ඉක්මනිම් taehyung hospital එකට ආවා.
Taehyung , දුවන් ගියේ hoseok ඉන්න තැනටයි.

TH-" කො..කෝ මගෙ jungkook shii කෝ.... එයා හොදින් නේද "

Hoseok කිව්වේ බොරු, jungkook හොදින් නෙමේ. Jungkookට සිහියක් තිබ්බෙ නෑ. Jungkookට හිරේ ඇතුලෙදි කවුරු හරි පහර දීලා . හොදටම පහර දීලා. Jungkookට වේදනාව දරා ගන්න බැරුව සිහිය නැතුව වැටිලා.

Hoseok , taehyungව එක්කන් ගිහින්, තවමත් සිහියක් නැතුව ඉන්න jungkookව පෙන්නුවා. Jungkookගේ මුලු ඇගටම මැෂින් ගහලා.
Jungkookගේ ඇගෙන් ගොඩක් ලේ ගිහින්..... Taehyung , hospital එකේ දණින් වැටිලා අඩන්න ගත්තා.

" ඇයි... ඇයි මෙ-හෙම කරන්නේ, ම-ගෙ jungkook ssi අ-හිංසකයි....
අනේ එයා-ට රිද්දන්න එපා..... මට රිද්දන්න, එයා-ට එපා..... එයා අහිං-සකයි.
ම-ගෙ jungkook ssi කා-ටවත් කරද-රයක් කර-පු කෙනෙක් නෙ-මේ,
ඇ-යි මෙයාට මෙ-හෙම කරේ....
මෙහෙ-ම ඇදේ ඉන්න ඕන කෙ-නෙක් නෙමේ.........
ඇයි ම-ගෙ jung-kook ssi-ටම."

Taehyungගේ ඇස් වලින් කදුලු ගලන්න ගත්තා. Taehyung අඩන්න ගත්තේ පිස්සුවෙන් වගේ....

Hoseok ඇවිත් taehyungගේ ලගින්ම දණ ගහලා වාඩි උනා.

Hs-" එයා ඉස්සර ඉදන් ඔහොමයි,
තමන්ගේ වේදනාව හංගගෙන ඉදලා ඇතුලෙන් ගොඩක් දුක් විදිනවා... "

TH-" එයා... එයා මට කවදාවත් ක්ිව්වේ නෑ එයාට හිරේ ඇතුලෙදී මේ වගේ වැඩ වෙනවා කියලා.
දවසක තොල පැලිල, දවසක අත, ආයේ තොල, නලල ඒ හැම එකක්ම එයා කිව්වේ වැටිලා තුවාල වෙලා කියලා.
එයා හැම වෙලේම කිව්වේ එයාව වැටිලා තුවාල උනා කියලා.... එයා මට කිසි දෙයක් කිව්වේ නෑ.... "

Hs-" එයා කැමති උන් නෑ ඔයා දුකෙන් ඉන්නවට, එයා බය උනා ඔයා කලබල වෙයි, ඔයා දුක් වෙයි කියලා.
එ හින්දා එයා ඔයාට බොරු කියලා.
ඒත්.... ඒත් එයා ගොඩ්ස්ක් දුක් විදලා,
හිරේ ඇතුලෙදී ගොඩක් අය එයාට පහර දීලා තියනවා. එයා දවස් ගානකින් හරියට කාලා නෑ වගෙ. එයාගේ ඇග ගොඩක් දුර්වල වෙලා. අද එයාට කට්ටිය ගොඩක් නරක විදියට ගහලා තියනවා, එයාගේ බඩේ තැලුම් පාරවල්, එක අතක් කැඩිලා, ඒ වගේම ඔලුව පැලිලා ... ගොඩක් වෙලා තිස්සේ ලේ ගිහින්...
පොලිස් නිලදාරියා ඇතුලට යද්දී එයාට සිහිය නැතුව වැටිලා ..... "

Hoseok ඇස් වල කදුලු පිහ දැම්මා.

TH-" ඇයි මගෙ jungkook ssi මට කිව්වේ නැත්තේ.... "

Hs-" එයා jeon හින්දා. Jeon එයාගේ කැප්ටන්ගේ හිනාව, සතුට, අනාගතේ වෙනුවෙන් තමන්ගේ ජීවිතේ දෙන්න උනත් ලෑස්ති උනා . ඒ වගේම හැම දුකක්ම තනියෙන් දරා ගන්න උනත් ලෑස්ති උනා... "

Hoseok එතනින් නැගිට්ටා.

Hs-" ඒ වගේම කැප්ටන් , jeonගේ ජීවිතේ වෙනුවෙන් එයාගේ ජීවිතේ උනත් දෙන්න ලෑස්ති උනා "

Hoseok එතනින් යන්න ගියා.

කැප්ටන් - jeon , මේ නම් දෙක jungkookගේ කටින් නිතරම පිට වෙනවා. Taehyungට මතක් උනේ jungkookගේ කටින් නිතරම මේ නම් දෙක කියවෙනවා.
' professor hoseok පවා ඒ ගෙන දන්නවා. ඒ කියන්නේ ,jungkook , hoseok දෙන්නම ඒක දන්නවා. අනික hoseok ඇයි කිව්වේ jeon තමයි , jungkook කියලා '

Taehyung , තවත් ඒ ගෙන හිතන්න ගියෙ නෑ. එයාගේ ඇස් ඇදේ ඉන්න jungkook දිහාවට හරව ගත්තා.
එයාට මතක් උනේ hoseok අන්තිමට කිව්ව දේ....

' ඒ වගේම කැප්ටන් , jeonගේ ජීවිතේ වෙනුවෙන් එයාගේ ජීවිතේ උනත් දෙන්න ලෑස්ති උනා '

Taehyung එතනින් නැගිටලා ගියේ කාර් එක ලගට. කාර් එකේ නැගලා වේගෙන් කාර් එක drive කරන් ගිහින් නතර කරේ sung-jooගේ mansion එක ලග.

Taehyungගේ , ඇගට දැනටමත් පණ නෑ. Taehyung ඇස් වල කදුලු පිහ පිහ ගිහින් අවසානේ sung-joo mansion එකට ඇතුල් උනා.

" welcome tae... අපි ඔයාව බලාපො~~"

Sung-joo කතා කර කර හිටපු එක නතර උනේ එයාගේ ඇස් අදහා ගන්නවත් බැරි දෙයක් එයාගෙ ඇස් ඉස්සරහා උන හින්දා.... jennie , වගේම sung-joo පුදුමෙන් ඇස් ලොකු කරන් බලන් හිටියේ එයා කවදාවත් හිතපු නැති දෙයක් උන හින්දා.

කාටවත් 2nd වෙන්න අකමැති, හිතුවක්කාර taehyung අද එයාලා ඉස්සරහා දණින් වැටිලා. හරියට එදා කැප්ටන් වගේ. කවදාවත් කාටවත් ඔලුව නමන්න අකමැති taehyung අද එයාලා ඉස්සරහා දණින් වැටිලා.
Taehyung හරියට මල කදක් වගේ.
Taehyungගේ ඇස් වලින් කදුලු තවමත් වැක්කෙරෙනවා.....

TH-" p-please... එයාට... එයාට කරදර කරන්න එපා.... please ...... මං...
මං වදින්නම් එයාට එයාගේ පාඩුවේ ඉන්න දෙන්න...... "

Taehyung , බිදුණු ස්වරයෙන් කතා කරන්න ගත්තා.

TH-" එයා... ගොඩක් අහිංසකයි...
කාටවත් රිද්දන් නෑ.... කාටවත් කරදර කරන් නෑ.... එයා ගොඩක් අහිංසකයි,
Please ..... මට ඕන දෙයක් කරන්න "

Jennie කට කොනින් හිනා උනා.

Je-" එහෙනම් මං කියන දේට එකග වෙන්න ඕනේ....."

TH-" මං කියන දේටත් එකග වෙන්න ඕනෙ..... "

Je-" මොනාද ඕනෙ ? "

TH-" ඇති... දැං හොදටම ඇති මගෙ blossom මල දුක් වින්දා ...
Please , එයාව නිදහස් කරන්න.
එයාට පාඩුවේ ඉන්න දෙන්න,
එයාට කරදරයක් කරන්න එපා..
එයාව ආයෙත් හිරේට දාන්න එපා.... "

Je-" ok. අපි මොකක් හරි කරලා jungkookව එලියට ගන්නම්,
Jungkookට නිදහස දෙන්නම්.
Jungkookට කිසිම කරදරයක් කරන් නෑ,
එයාට පාඩුවේ ඉන්න දෙන්නම්.
හැබැයි එක කොන්දේසියක්.... "

TH-" මො..මොකද්ද ? "

Taehyung , දැං හැම දෙයක්ම අත ඇරලා හිටියේ. ඕන දේකට මූන දෙන්න ලෑස්ති වෙලා හිටියේ.
Jungkook වෙනුවෙන් මැරෙන්න උනත්...

Je-" මාව marry කරන්න ඕනේ.... "

" ඒකත් මේ දවස් 3ක් ඇතුලත "

TH-" මට ටික කාලය~~~"

Je-" හරි ඒ කාලෙ වෙනකන් , jungkook හිරේ ඉදී... "

TH-" නෑ... එපා... මං එකගයි... දවස් තුනකින් ඔයාව marry කරන්නම් "
















# To be continue #

______________________________________

අපේ ගෙදරට නිතරම කට්ටිය එනවා, පුංචිලා, මල්ලිලා, මාමලා... ඉතින් එයාලා ආවම මට phone ඔබ ඔබ් ඉන්න බෑ...... ඒ හින්දා දවල්ට type කර ගන්න බැරි උනාම රෑට type කරන්න ගන්නේ.
එතකොට මට publish කරන්න පරක්කු වෙනවා.... රෑ වෙලා තමා දාන්න වෙන්නේ....




🍁Merida🍁








Continue Reading

You'll Also Like

1.7M 105K 49
" ရေစက်မပြတ်လို့ တစ်ပတ်ပြန်လည်လာတဲ့ သံသရာဟာ သံသယနဲ့ အစပြုရတာမျိုးတော့ ဘယ်တော့မှမဖြစ်စေချင်ပါ ။ ချစ်ခြင်းအားဖြင့် တစ်ခါလောက်တော့ ငြိမ်းချမ်းချင်မိပါ...
24.7K 3.6K 29
ජීවිතේ ප්‍රේමනීය පරිච්ඡේද ලියවුනේම ආදරනීය හමුවීම් එක්ක.... ......❤️
78.9K 3.1K 7
163K 34.1K 99
පොඩි බේබි මොකක්ද දෙවියනෙ මේ කරන්නෙ" "මගෙ වැඩ වලට හරස් වෙන්න එපා විල්සන් ..අයින් වෙනවා" "ඔය දරුවව අතාරින්න පොඩි බේබි" "පොඩි බේබි දෙවියන්ගෙ නාමෙට මුර...