I met you

Marivok द्वारा

165K 32.1K 11.8K

මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක... अधिक

Notice
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Happy birthday කැප්ටන් 👑 💜️
Chapter 19 (S)
Chapter 20
Chapter 21
Sorry
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25 (s)
Chapter 26
Thank you...❤
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32 ( NS)
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36 (s)
Chapter 37
Chapter 38
Chapter 39
Kimjeon
🥺
seoson 2
Chapter 40
Chapter 41
Chapter 42
A/N
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 54 (s)
Chapter 55
Chapter 56
Chapter 57 (NS)
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63 (Ns)
Happy b'day professor 👑 💜️
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70 (s)
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76 (s)
Chapter 77
Chapter 78
Chapter 79
Happy b'day sugar daddy 👑 💜️
Chapter 80
Chapter 81
Chapter 82
Chapter 83
Chapter 84 (s)
Taekook
Chapter 85
CP-86 END
Announcement

Chapter 53

1.6K 335 71
Marivok द्वारा


================================
_____________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

_____________________________________

Flashback

2001.මාර්තු අග

" eomma කොහෙද අපි යන්නේ..... " අවුරුදු 7ක් වයස taehyung අම්මගේ අතේ එල්ලිලා යන ගමන් ඇහුවා.

"අපි යන්නේ blossom මල් පිපෙනවා බලන්න, මගෙ baby කිව්වනේ මුලින්ම blossom මල් පිපෙනවා බලන්න යන්න ඕනේ කියලා... ඔන්න eomma අද එක්කන්  යනවා...."

Taehyungගේ අම්මා , පුංචි ටේගේ ඔලුවට kiss එකක් දීලා ආයේ ඇවිදින්න ගත්තා, taehyung blossom මල් ගෙන දැන ගත්ත කාලේ ඉදන් අම්මට කරදර කරේ මල් පිපෙන කාලෙට එක්කන් යන්න කියලා....

මේ මාර්තු අග blossom මල් වල ආරම්භේ පටන් ගන්න කාලේ,
අම්මා පුංචි ටේව එක්කගෙන blossom මල් බලන්න එක්කන් ගියා.

" මගේ taetaeට මල් කඩලා ඕනේද "
ටේගේ අම්මා blossom ගහ දිහා දිලිසෙන ඇස් වලින් බලන් ඉන්න ටේගෙන් ඇහුවා..

" නෑ eomma.... මල් ලස්සන ඔක්කොම ගහේ තියනකොටයි....
ගහෙන් මල් වෙන් කරලා අරන් යද්දි පව්, මල් වලට එයාගේ ගහ නැති වෙනවා,
මං අරන් යන මල් වලට එයාගේ අනිත් මල් යාලුවෝ නැති වෙනවා....
පව් eomma ..... "

පුංචි ටේ කට උල් කර කර වචන පටලන ගමන් අම්මට කිව්වා.
අම්මා ටේ ලග දණ ගැහුවා.

" baby....... ඒත් දවසක මේ ගහට ලස්සන මල් අත අරින්න වෙනවා,
ගහට මේ මල් හැමදාටම අයිති නෑ taetae..... හැමදේම එහෙමයි...
දවසක හැමදේම වෙන් වෙනව... "

අම්මා, ටේගේ කම්මුල් දෙක අත ගාන ගමන් කිව්වා.

" ඒත් eomma මං එක්ක හැමදාම ඉන්නවා නේද.... "

පුංචි taehyung තොල් වල බලපොරොත්තු පිරුණු හිනාවක් එක්ක අම්මා දිහා බැලුවා.
අම්මා ඇස් වල කදුලු පුරවන් ටේව බදා ගත්තා.....
අම්මා ටේව බදාගෙන ඇඩුවා....

" eomma ඇයි අඩන්නේ.... eomma බයද මං eommaව දාලා යයි කියලා..
නෑ...eomma ...... මං කවදාවත් eommaව දාලා යන් නෑ..... "

ටේ අම්මගෙ පිටට තට්ටුවක් දාන ගමන් කිව්වා.ටේ අම්මගේ තුරුලෙන් ඈත් වෙලා අම්මා දිහා බැලුවා.

" ලස්සන අය අඩන් නෑ.... eommaව කැත වෙයි "

Taehyung , අම්මාගේ කදුලු පිහ දාලා අම්මගේ කම්මුලට kiss එකක් දුන්නා..

පුංච් taehyung ගොඩක් ආදරණීය, ඒ වගේම බුද්දිමත් දරුවෙක්.
අම්මගෙන් හැමදේම ප්‍රශ්න කරලා ඉගෙන ගන්නවා, ඒ වගේම අනිත් ලමයින්ට වඩා ගොඩක් ආදරණීය දරුවෙක්, taehyungට හැමවෙලේම ආදරේ ඕන උනා.... අවදානේ ඕන උනා

වසන්තේ අලුත් blossom මල් බලලා පුංචි taehyung අම්මා එක්ක ආයෙත් ගෙදරට ගියා,
ගෙදරට යනකොට taehyungගේ අප්පා හිටියේ සාලෙට වෙලා වාඩි වෙලා පොඩි වීදුරුවකින් alcohol ටිකක් තොල ගාන ගමන්....

" තවත් මොකද මෙහෙ කරන්නේ... "
Taehyungගේ අප්පා අම්මා දිහා බලන ගමන් ඇහුවේ කේන්තියෙන් ,

" ම..මට ටික දවසක් දෙන්න.... ම..මට~~~~"
Taehyungගේ අම්මා කතා කරන්න ගියත් අප්පා ආයෙත් කෑ ගැහුව හින්දා කතා කර ගන්න බැරි උනා...

" උබට ආයෙත් කියන්න ඕනෙද, ඊයේ රෑමයි කිව්වේ.... Get out...."
අප්පා කෑ ගැහුවේ උගුරේ නහරත් ඉලිප්පිලා පේන්නා.

Taehyung බයටම අම්මගේ ඇග පිට පස්සේ හැංගුනා..

" please sung-joo..... තවම බබා පොඩී.. එයාට මාව ඕනේ..."
අම්මා යටහත් පහත්ව කතා කරේ taehyung දිහා බලන ගමන්.

" උබ ඕනවටත් වැඩිය මෙහෙ හිටියා...
දැං ඇති, ඊයේ රෑම මං කිව්වා...
දැම්ම පලයන්.... මේ ගෙදරින් දැම්ම පලයන්..... ආයේ මෙහෙ එන්න එපා "
අප්පා වාඩි වෙලා ඉන්න තැනෙන් නැගිටින ගමන් කතා කරේ....

" ඒත්.... මට දැම්ම tae bear දාලා ය~~~"
අම්මා කියන්න ගිය දේ සම්පුර්ණ කරන්න කලින් ටේගේ අප්පා අම්මගේ කම්මුල ගැහුවා.

" අ-ප්-පා...... eom-maට.. ග-හ-න්-න     එ... පා...."
පුංචි taehyung ඉකිබිදින ගමන් කිව්වේ අප්පාගේ කකුලේ එල්ලිලා....

" taehyung ...shut up...  ඔයා දැම්ම කාමරේට යන්න.... "
අප්පා taehyung දිහා කේන්තියෙන් බැලුවා....

" උබ මේවද ලමයට ඉගැන්නුවේ, හැදියාවක් නැති විදියට හැසිරෙන්නද ඉගැන්නුවේ........  ඔහ්! උබ වගෙ ගෑනියෙක්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑනේ.... "
අප්පා අම්මාගේ මූන තදින් මිරිකන් ඇහුවේ කේන්තියෙන්...

" අ-ප්-පා.... eo-mmaට ක-රද-ර    ක-ර-න්න   එ-පා...... "
Taehyung අඩන්න ගත්තා...

" තමුන් කාමරේට යනවා දැම්ම, තවත් තමුන් පොඩි එකෙක් නෙමේ....
Eomma නැතුව ඉන්න පුරුදු වෙනවා දැම්ම කාමරේට යනවා..."

" please baby.... කාමරේට යන්න... eomma එනකන් ඉන්න.... eomma එනකන් දොර වහන් නිදා ගන්න... හොද පැටියනේ..... "
අම්මා taehyung දිහා බැලුවේ ගොඩක් අසරණ වෙලා ....

"Eomma... ඉ..ඉ-ක්-මන-ට    එ-න්න.... ම..මක්     තනි-යෙ-න්   ඉ-න්න   බය-යි..."

Taehyung ඉකි බිද බිදම කාමරේට ගියා.

මේ ගෙදර අම්මා, අප්පගේ රණ්ඩු taehyungට සාමාන්‍ය වෙලා...
දැං අවුරුද්දක් තිස්සේ ඉදන් අප්පා අම්මට සලකන්නේ ගොඩක් නරක විදියට... ඒ වගේම taehyungට පවා සලකන්නේ ගොඩක් සැරෙන්....
අම්මගේ ඇස් වල කදුලු taehyung ඉස්සරහා කොච්චර හංගන්න හැදුවත් taehyung දැනන් හිටියා අම්මා ඉන්නේ ගොඩක් දුකෙන් කියලා....

Taehyung කාමරේට ගිහින් දොර වහගෙන ඇදට ගිහින් අඩ අඩ හිටියේ එයාගේ අම්මා එනකන්...
අම්මා එනකන් බලන් ඉදලා , ගොඩක් රෑ වෙලත් අම්මා ආව නැති හින්දා taehyungට හොදටම නින්ද ගියා....

Taehyung ආයෙත් ඇහැරිලා බැලුවේ අම්මා ඉන්නවද කියලා... ඒත් අම්මා තවමත් ඇවිත් නෑ... අවුරුදු 7ක් වයස පුංචි taehyung ඇදෙන් බැහැලා අම්මා බලන්න යන්න තීරණේ කරේ තවත් අප්පා, අම්මා එක්ක රණ්ඩු වෙනවා ඇහුන් නැති හින්දා.....

ඒත් taehyung නතර උනේ මේසේ ලග පුංචි කොල කෑල්ලක් තියනවා දැකලා..
Taehyung ඒක අතට අරන් බැලුවා.
වයස අවුරුදු 7ක් උනත් taehyungට ලියන්න කියවන්න පුලුවන් ...
මොකද taehyung ගොඩක් හොදට ඉගෙනගෙන තිබ්බ පුංචි දරුවෙක් ...
Taehyung ඒ ලියුම කියෙව්වා...

' tae bear,

Blossom ගහට තවත් මල් අයිති නැති උනාම ඒ ගහ blossom මල් අත අරින්න තීරණේ කරනවා ,
හැමදේම එහෙමයි..... අයිති නැති උනාම තවත් ඒ තැන් වල ඉන්න බෑ,
ඒ දේවල් අත අරින්න වෙනවා.
තවත් eommaට පුංචි ටේ බෙයා අයිතී නෑ...... please eommaට සමාව දෙන්න..... eommaට යන්න වෙනවා.
Eommaව හොයන්න එපා,
ඒත් eomma කොහෙ ගියත් මගෙ පුංචි bear දිහා බලන් ඉන්නේ.... ඒ හින්දා හොදට ඉන්න....
ගොඩක් හොද කෙනෙක් වෙන්න...
Eomma සතුටු වෙන විදියේ කෙනෙක් වෙන්න....
මං දන්නවා දැං මගෙ බෙයා තවත් පොඩි නෑ... දැං ලොකු ලමයෙක්....
තනියෙන් ඉන්න පුලුවන්.....

Eomma හැමදාමත් ආදරෙයි..... '

Taehyung කොලේ තුරුල් කරන් කාමරෙන් එලියට දිව්වා...

" නෑ.... නෑ....යන්න එපා.... eomma....
ඉන්න..... යන්න එපා..... මං ලොකු නෑ....
මාව දාලා යන්න එපා.....
Eommaa............
මට තනියෙන් ඉන්න බෑ.......
Please ...... eomma........යන්න එපා....."

Taehyung කෑ ගහගෙන එලියට ගියා..
ඒත් ඒ වෙනකොටත් අම්මා ගිහින්.

Flashback End

================================

Taehyung hospital එකේ ඉදන් ඇවිත් මාස දෙකකට වැඩී.
එදත් හරියට 2001 අම්මා එයාව දාලා ගිය දවස වගේ මාර්තු මාසයක අග දවසක්....
Taehyung පාර්ක් එකේ ලස්සන cherry blossom ගහක් යට වාඩි වෙලා blossom මලක් අතේ තියාගෙන ඒ දවස කල්පනා කරා....
එයාගේ ඒ මතකේ,
අම්මත් එක්ක අවසන් මතකය.

" මාව දාලා යන් නෑ කිව්වා..... ඒත් දාලා ගියා..... ඇයි eomma.... මාව එදා දාලා ගියේ, යන තැනට මාවත් අරන් යන්න තිබ්බා....ඒත්.... ඒත් මාව දාලා ගියා...
මට සමාවෙන්න ඔයාගේ විශ්වාසේ කැඩුවට. මට තනියෙන් ජීවත් වෙන්න බැරි උනා...
මට බෑ.... මට කවුරු හරි ඕනේ,
මං ශක්තිමත් නෑ.....
Eomma නැති උනාම මට කවුරුත් නැති උනා... මං තනියෙන් හිටියා....
Eomma හිතපු තරම් හොදින් ඉන්න බැරි උනා, මං ගොඩක් ඇඩුවා.....
මං තවත් අඩනවා eomma...
මට තනිකම දරා ගන්න බෑ eomma,
මට ගොඩක් පාලුයි,
මං තනියෙන්, මට කවුරුත් ආදරේ නෑ..
මං කැමති අය මාව දාලා යනවා...  "

Taehyung blossom මල දිහා ආයෙත් බැලුවා...blossom මල දිහා බලලා හිනා උනේ එයාට මාස දෙකක් තිස්සේ අමතක කරන්න බැරි මූනක් මතක් උන හින්දා  ......

" ඔයාටත් මාව අමතක වෙලාද? ම්ම්ම්ම් හැමෝටම මාව අමතක වෙන එක සාමාන්‍යයි, හරියට eommaට වගේ...
Eommaට වගේ ඔයාටත් මාව අමතකද jungkook ssi.....
මට ඔයා ලං කර ගන්න බෑ.... දවසක ඔයත් මාව eomma වගේ දාලා යයි,
ඒත්.... ඇයි තවමත් ඔයා මගෙ හිතට වද දෙන්නේ.....
මට ඔයාව අමතක කරන්න බෑ.... "

Taehyung ලොකු හුස්මක් අරන් අහස දිහා බැලුවා.....

" මං දුකෙන් ඉන්නේ..... මට අද eommaව මතක් උනා,
ඔයාට පුලුවන්ද මං ලගට එන්න...
ඇවිත් මාව ටිකක් බදාගන්න....
Please jungkook ssi..... මං ලගට එන්න.... මට තවත් ඉවසන්න බෑ.... "

Taehyung වාඩි වෙලා ඉන්න තැනින් නැගිට්ටා, taehyungගේ bodyguardsලා taehyungට පේන දුරින් වාඩි වෙලා හිටියේ.... taehyung දුකෙන් හිටියේ.. එයා එයාගේ බෙල්ලේ දාගෙන ඉන්න මාලේ අතට ගත්තා... අතට අරන් ඒකේ pendant එක දිහා බලලා හිනා උනා,
Taehyung ආයෙත් කාර් එකට නැගලා එයාගේ mansion එකට ගියා.

(Living room)

Taehyung living room එකට ඇතුල් උනා.... හැමදේම ගොඩක් ලස්සනයි , පිලිවලයි, ගොඩක් විශාලයි, සුවපහසුයි....
හැමදේම තියනවා, ඒත්..... taehyungට මේ mansion එකේ හැමදේම තියනවා වගේ දැනුනේ නම් නෑ....

" හැමදාව වගේ අදත් තනියෙන්"

Mansion එක කොච්චර ලස්සන , ලොකු එකක් උනත් taehyungට වැඩක් නෑ..
එයාට ඒකේ ලොකු පාලුවක් දැනුනා.
තනිකමක් දැනුනා. හරියට කවුරුත් නෑ වගේ.... taehyung විතරක් වගේ...
එයා එක්ක කතා කරන්න, එයා එක්ක හිනා වෙන්න, එයා එක්ක රණ්ඩු වෙන්න කෙනෙක් නෑ....
එයා තනිවෙලා.. එයා වෙනුවෙන් කවුරුත් නෑ... එයාට පවුලක් නෑ...

*sigh*

Taehyung එයාගේ කාමරේට ගියේ alcohol බෝතලයක් අතට අරගෙනයි.
Taehyung කාමරේ ඇතුලට ගිහින්
දොර වහන් ගියේ balcony එක ලගටයි.
ගිහින් වටපිටාව බැලුවා....

" මාව බලන්න එන්න.මට තාමත් ඔයාව අමතක කරන්න බැරි උනා... මාස දෙකක් වෙලත් ඔයාවම මතක් වෙන්නේ ඇයි jungkookie......"

Taehyung alcohol බෝතලේ කටේ තියන් බොන්න ගත්තා.
taehyung ආයෙත් alcohol බෝතලේ අතේ මිරිකන් ආයෙත් කාමරේට ආවා..

" ඇයි....? ඇයි මට මෙච්චර වද දෙන්නේ... මාස දෙකක් වෙලත් මගෙ මතකෙන් යන්න බැරි උනාද? මොනාද මට කරේ.... කියන්වා..... මොකද කරේ ............ "

Taehyung කෑ ගහලා බෝතලේ පොලේ ගැහුවා.... බිදුනු වීදුරු අතට අරන් අතේ මිරිකගත්තා ..... වීදුරු ගැඹුරට කැපිලා
අතෙන් ලේ වැක්කෙරෙන්න ගත්තා...
ඒත් taehyung වීදුරු තදින් මිරිකන් හිටියේ තවත් කැපිලා තියන අත ගැඹුරටම කැපෙන්නයි....

" කොහෙද ඉන්නේ,දැම්ම එනවා.. මගෙ.... මගෙ අත කැපිලා ඇවිත් මට බෙහෙත් දානවා...
JUNGKOOK ........ "

Taehyung කෑගැහුවා....

" ඇයි මට අමතක කරන්න බැරි...ඇයි ඔයා මට මෙච්චර වද දෙන්නේ... "

Taehyung කාමරෙන් එලියට ගියේ ටිකක් වෙරි මතින්....
Taehyung ආයෙත් living room පඩිපෙල බැහැලා පහලට ඇවිදන් ගියා..
Taehyung ඇවිදන් යන පාර දිගේ ලේ බිංදු....

" ස්..සර්... අත.... "

Maid කෙනෙක් taehyungගේ ලේ ගලන අත දිහා බලාගෙන කතා කරා.

TH-" ඉතින්....? "

" සර්ගේ අතින් ලේ එනවා..."

TH-" ඔහ්... මගෙ අතේ verginity එක නැති වෙලා, ඒකයි...  ඒක ඔයාට ප්‍රශ්නයක්ද ?  "

" ම්..ම්ම්ම්ම් නැ..නෑ සර්..."

එතන හිටපු maid ලැජ්ජාවට රතු උනා.

TH-" එහෙනම් මෙතනින් යන්න... මාව කේන්ති ගස්සන්න එපා..... "

Maid ඔලුව නමලා යන්න ගියා....

TH-" ආර්හ්... මගෙ ඔලුව... ම්ම්ම්ම් ඔහොම ඉන්න යන්න එපා... "

" ස්..සර් ? "

TH-" මගෙ මැනේජර්ට call එකක් දෙන්න ඕනේ.... මට තුවාල වෙලා බෙහෙත් කරන්න කෙනෙක් ගෙන්න ගන්න ඕනේ......
දැං ගිහින් මගෙ phone එකයි තව vodka බෝතලේකුයි අරන් එන්න
මං කාමරේ ඉන්නේ..... "

Taehyung maidට එහෙම කියලා ආයෙත් කාමරේට ගියා.

.

.

.

.

.

.

At hospital

' ඇයි ඔයා ගිහින් මාස දෙකයි ඒත් මට ඒක අවුරුදු ගානක් ගියා වගේ...
ඔයා මං ලග හිටපු දවස් ඉක්මනට ගියා,
ඔයාව මට ගොඩක් මතක් වෙනවා,
ඇයි ඔයා මට අමතක කරන්න බැරි මතකයන් දුන්නේ හ්‍යුන්ග්....
දෙවියනේ.... මට එයාව ඕනේ....
මං එයාට කැමතී.....
මං කොහොමද අමතක කරන්නෙ,
ඒත්...  ඒත් ඔයාට නම් මාව අමතක වෙලා ඇති,
ඔයා ඉතුරු කරපු love bite එකත් මැකිලා ගොඩක් කල් ,
ඔයාගෙයි මගෙයි දෙන්නගෙම පලවෙනි love bite එක......
මේ හැම තැනම ඔයාගේ මතකයන් ඉතුරු කරලා ඔයා කොහොමද එහෙම මගෙන් ඈතට ගියේ....
මේ මතකයන් ටිකත් අරන් යන්න තිබ්බේ..... එහෙම උනා නම්...
එහෙනම් මට මෙච්චර දුකක් නොදැනෙන්න තිබ්බා...
ඇයි මට ඔයාව ඕනේ....
මට තේරෙන් නෑ ඇයි මං මේ වැරැද්දට මෙච්චර පෙලබිලා ඉන්නෙ කියලා,
මේක කොච්චර ලොකු වරදක්ද?
ඔයා idol කෙනෙක්, මට ඔයා හීනයක්.
ශිට්.... ඇයි මං එයාටම කැමති උනේ '

Jungkook එයාගේ අතේ බැදලා තිබ්බ blossom bracelet එක දිහා බලන් ඇස් වලින් වැටෙන කදුලු පිහ දැම්මා.
Jungkook මේ මාස දෙකම හිටියේ එහෙමයි,
එයාට කියන්න තේරෙන් නැති වේදනාවක් හැමවෙලේම වද දුන්නා.
ඒකට කියන්නේ ආදරේද? නැත්තන් jungkook එයාගේ හිතෙන් කැප්ටන් taehyung කියලා මවාගෙන හීන මවනවද ? .....
ඒ මොකක් උනත් jungkook දන්න එකම දේ මේ මාස දෙක පුරාවටම එයාට දැනුනේ ලොකු වේදනාවක්,
හැම තප්පරේම එයාට taehyung ඕන උනා... එයාට ඒ උණුසුම ඕන උනා.

Jm-" කු..කුකී..... ජන්කුකී......"

Jimin දුවගෙන ඇවිත් හතිදාන ගමන් කතා කරා...

Jk-" ඇ..ඇයි.. මොකද මේ..."

Jm-" අපේ head office එකට call එකක් ඇවිත්... මෙහෙන් බෙහෙත් කරන් ගිය patient කෙනෙක් ,
ඔයාගෙන්ම privet ආයෙත් බෙහෙත් ගන්න ඕනේ කියලා request කරලා...
එයාට ඕනේ doctor jungkookවලු....
මට professor පණිවිඩේ කිව්වා...
ඔයාව ඉක්මනට එක්කන් එන්න කියලා"

Jk-" ආර්හ්... මාව ? ඇයි මාවම... උබට යන්න පුලුවන්නේ... "

Jm-" බෑ... මේක ටිකක් important request එකක්.... මොකද celebrity කෙනෙක් කරපු request එකක් හින්දා ignore කරන්න බෑ..."

Jk-" celebrity...? "

Jimin taehyung ලගට ආවා....

Jm-" T-a-e-h-y-u-n-g ...."

Jimin එහෙම කියලා හිනා උනේ තවමත් jungkook පුදුමෙන් ඇස් ලොකු කරන් බලන් ඉද්දි....

Jm-" මං යන්නද? "

Jk-" NO.......H...... මං යනවා.... "

Jungkook එහෙම කියලා දුවන් ගියේ professor hoseokගේ කාමරේ

ටිකකින් taehyungගේ මැනේජර් ඇවිත් jungkookව කාර් එකේම එක්කන් ගියා.

.

.

.

.

Taehyung's mansion

Jungkook , taehyungගේ mansion එකට ඇතුල් උනේ පුදුමෙන්...

' එයාට ගොඩක් සල්ලි තියනවා, එයා ජනප්‍රියයි... ඒ ඔක්කොටම වඩා ගොඩක් handsome ..... ඉතින් එයාට එච්චර කෙල්ලො හිටියා කියන එකට පුදුම වෙන්න දෙයක් නෑ, එක රෑකට ඇදට යන්න හරි ඕන කෙල්ලෙක් කැමති වෙයි..... හරියට කැප්ටන්ගේ පෙනුමට ඒ කාලේ හිටපු ගෑනු වශී උනා වගේ...
ශිට්.... ඇයි මට මෙයාව හැම වෙලේම කැප්ටන්ට සමාන කරන්න හිතෙන්නේ'

Jungkook හිතෙන් හිතන ගමන් taehyungගේ මැනේජර් පස්සෙන් කාමරේට ගියා......

Jungkook , taehyungගේ කාමරේට ඇතුල් උනා... මැනේජර් කාමරේ ඇතුලට ආවේ නෑ. කාමරේ පෙන්නලා ආයේ ගියා. Jungkook දොර වහලා එයාගේ medicine box එක taehyungගේ ඇද ලගට ගියා.ඒ යනකොටත්  taehyungට
හොදටම නින්ද ගිහින්...
Taehyungගේ එක අතක් ඇදෙන් පහලට වැටිලා....
අතෙන් ලේ බින්දු බිමට වැටෙනවා..
ඇද ලග බිදුනු වීදුරු..
ඒවගේ taehyungගේ ලේ

( Taehyungගේ ලේ කියලා හිතන්න 😌)

' Taehyung ඇයි මෙහෙම එයාටම දුක් දීගෙන තියෙන්නේ.....'

Taehyungගේ අතේ තුවාල දැක්කම jungkookගේ හිතට කියාගන්න තේරෙන් නැති අමුතු වේදනාවක් දැනුනා.

එයා මාස දෙකක් පුරාම දකින්න හීන දැකපු කෙනා අද මෙහෙම තුවාල වෙලා ඉන්නවා දකින්න පොඩ්ඩක්වත් ආස උනේ නෑ... එයාට ඕන උන් නෑ taehyungට තුවාලයක්වත් වෙලා තියනවා දකින්න.

Taehyung එයාගේ medicine box එක ඇරලා පොඩි tool එකක් අරන් taehyungගේ අතේ තවමත් ඇනිලා තියන වීදුරු කෑලි අයින් කරා...
Taehyung හිටියේ තවමත් නින්දේ...
Jungkook හෙමින් සැරේ වීදුරු කෑලි ඔක්කොම අයින් කරා...
අවසානේ ලේ තැවිරුනු අත සම්පුර්ණයෙන් පිරුසිදු කරා....පිරිසිදු කරලා හෙමින් බෙහෙත් දාලා අත බැන්ඩේජ් කරා....
Taehyung තවමත් නින්දේ හිටියේ...
Jungkook medicine box එක වහලා තියලා taehyungගේ අත එයාගේ පපුව උඩින් තියලා blanket එකෙන් වැහුවා.

Jk-" මෙයා ගොඩක් alcohol බීලද නැත්තන් කාමරේ alcohol හැලිලා හින්දද මේ alcohol සුවද එන්නේ.."

Jungkookට මුලු කාමරෙන්ම දැනුන සැර alcohol සුවද හින්දා එයාට හිතා ගන්න බැරි උනා taehyung ඇත්තටම alcohol ගොඩක් බීලද කියලා....මොකද එයා දැක්කා කාමරේ alcohol බිදුනු බෝතල් විතරක් නෙමේ alcohol හැලිලත් තියනවා...
Jungkook ඇද අයිනේ වාඩි වෙලා taehyungගේ තොල් ගාවට ලං උනේ alcohol සුවද එන්නේ මෙයා බීපු හින්දද බලන්නයි......






















TH-" තාමත් නිදාගෙන ඉද්දි kiss කරන්න හදන එක පුරුද්දට ගිහින්ද ? "














# To be continue #

______________________________________

හෙට ඉන්න මූඩ් එක අනුව හෙට chapter එක චුට්ට්ම චුට්ටක් විතර ⚠️️ messy වෙයිද කියලා කියන්න බෑ...
ඒක තීරණේ වෙන්නේ මූඩ් එක එක්ක.
😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌

Love you .... good night 🌙

අදත් publish කරන්න යද්දිම පිස්සු කෙලිනවා....😐😐😐




🍁Merida🍁

पढ़ना जारी रखें

आपको ये भी पसंदे आएँगी

22K 4.5K 18
Ⓝ︎Ⓞ︎ Ⓦ︎Ⓞ︎Ⓡ︎Ⓓ︎Ⓢ︎... A Sweet And Funny Story. Sᴛᴀʀᴛ Dᴀᴛᴇ- 2021 . 11 . 15 Eɴᴅ Dᴀᴛᴇ- 2022 . 03 . 25 Bᴇsᴛ Rᴀɴᴋɪɴɢs. 𝗄𝖺𝗂𝗌𝗈𝗈 #1 𝖦𝖮𝖳7 #1 Don't copy...
43.9K 6.4K 40
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
299K 51.1K 63
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
231K 13.3K 37
Taekook ⚠️ រឿងភាគខ្លីᕦ⁠༼⁠✩⁠ل͜⁠✩⁠༽⁠ᕤ