================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
______________________________________
' අපි දෙන්නගේ ගෙදර මැරෙනකන්ම ආදරෙන් ඉන්න ලැබේවා '
~jeonගේ ප්‍රාර්ථනාව~
• 1965 අවසන් දවස,අවුරුදු දවසේ රෑ පහන්කූඩු පා කරලා යවලා jeonගේ ප්‍රාර්ථනාව උනේ මැරෙනකන් ගෙදර ආදරෙන් ඉන්න ලැබෙන්නයි,
ඒ වගේම jeon ඒ ගෙදර මැරෙනකන් ජීවත් උනා.
කැප්ටන්ගේ ආදරේ , කැප්ටන්ගේ මතකයන් එක්ක ජීවත් උනා.
.
' අපි දෙන්නට මැරෙනකන් ආදරෙන් ඉන්න ලැබේවා. කවදාවත් මට jeon නැති ජීවිතයක් එපා. '
~කැප්ටන්ගේ ප්‍රාර්තනාව~
• එදා අවුරුදු උදාව දවසෙ පහන් කූඩු යවලා කැප්ටන් ප්‍රාර්තනා කරේ මිය යනකන් ආදරෙන් ඉන්න.
ඔව් දෙන්නම මැරෙනකන් එකිනෙකාට ආදරේ කරා,
මැරෙන තප්පරෙත් ආදරේ කරා.
අවසානෙට කැප්ටන්ට jeon නැති ජීවිතයක් ඕන උන් නෑ,
Jeon තවදුරටත් එයාට අයිති නෑ, jeonව අයිති කර ගන්න බෑ, මේ ජීවිතේදී jeonව එයාට අයිති නෑ කියලා දැනුන ගමන් එයා මරණය තෝර ගත්තා..
අඩු වයසින්ම මරනේ තුරුලට ගියා,
මොකද එයාට jeon නැති ජීවිතයක් ඕන උනේ නෑ.
( chap 19 )
================================
අපි අපිට යන්න තැනක් හෙව්වා,
අපි අපිට ජීවත් වෙන්න තැනක් හෙව්වා,
ඒත්...... නෑ.... එහෙම තැනක් නෑ...
අපිට ආයෙත් හිතන්න උනා.
අපි තවත් ලං වෙනවද?
නෑ... අපි ලං වෙන්නේ නෑ...
අපි දන්න එකම දේ රාත්‍රිය තවදුරටත් සීතල නොවෙන බවයි.
මට කියන්න,
ඔයාලගෙත් කදුලු වැටෙනවා ,
අපෙත් කදුලු වැටෙනවා,
හැමෝටම දුක දැනෙනනවා අපිටත් දුක දැනෙනවා.
ආදරේ කරන එක වරදක්ද?
හැමෝම ආදරේ කරපු අයගෙන් ඈත් වෙන්න කිව්වොත් හැමෝගෙම ඇස් වලිනුත් කදුලු එයි,
අපෙ ඇස් වලිනුත් කදුලු එනවා ,
ඔක්කොම එක වගේ උණුසුම්.
ඇයි අපි විතරක් වෙනස් විදියට දකින්නේ,
අපිටත් හදවතක් තියනවා,
ඇයි අපිට එකට ඉන්න බැරි...
ඇයි අපිට ආදරේ කරන්න එපා කියන්නෙ.
හැමෝටම දැනෙන වැස්ස අපිටත් දැනෙනවා, ඒ සිතල අපිටත් දැනෙනනවා.
අපිටත් හදවතක් තියනවා.
සමාවෙන්න දැං ගොඩක් දුර අපි ආවා.
අපිට දැං වෙනස් වෙන්න බෑ.
අපේ මනස අපි විවෘත කරලා බැලුවා,
අපිට තේරුනා ආදරේට සීමා නෑ කියලා,
ගැහැනු - පිරිමි නෑ කියලා ඉතින් අපි ආදරේ කරා......
ඒත් කියනවා ඒක වැරදී කියලා,
අපිට ඈත් වෙන්න කියනවා.
අපිට ඈත් වෙන්න බෑ,
අපි ගොඩක් දුර ඇවිත්
අසම්මතේ කියන පැල්ලම අපේ හදවත් බිදලා දැම්මා,
අපේ සිහින විනාශ කරා,
අපේ බලාපොරොත්තු නැති කරා,
අපේ ගෙවල් අපිට නැති කරා,
අපිට ඉන්න තැනක් නැති කරා.
අපිට ජීවත් වෙන්න අයිතියක් නෑ කිව්වා,
අපිට සීමා දැම්මා.
අවසානේ අපි අලුත් ඉරක් හොයන්
යන්න තීරණේ කරා,
අපිට ජීවත් වෙන්න තැනක්,
අපිට හිනා වෙන්න තැනක්,
අපිට සතුටින් හුස්ම ගන්න තැනක්,
අපිට ආදරේ කරන්න තැනක්,
අනිත් අයට වගේම එහෙම තැනක් අපිටත් ඇතී කියලා අපි හිතුවා,
ඒත් අපි හති වැටෙනකන් ඇවිද්දා එහෙම තැනක් කොහෙවත් නෑ.
අපිට ආදරේ කරන්න,
අපිට එකට වයසට යන්න,
අපිට එක ජීවත් වෙන්න තැනක් ,
එහෙම තැනක් කොහෙඅත් නෑ...
එහෙම තැනක්ම අපිට තහනම්,
අපි තවමත් ඒ ඉර හොයනවා,
අපිටත් ආදරේ කරන්න පුලුවන් ඒ ඉර යට... ඒත් තවමත් ඒ ඉර පායලා නෑ.
අපි අපේ ගමන නැවැත්තුවා ,
අනිත් අය ගෙන නොහිතා ඉන්න තීරනේ කරා.
කාටවත් කරදරයක් නොවී,
ඒත්.... ඒත් එයාලා අපිට එහෙම ඉන්න දෙන්නෙත් නෑ,
එහෙම ඉන්න අයිතිය නැති කරා,
අපේ හීන එකින් එක විනාස කරා,
අපිට තරවටු කරා,
අපිට ශාප කරා, අපිට නිරයට යන්න ඕනේ කියලා ශාප කරා,
අපි පව් කාරයො කිව්වා...
ඒත් මං හිතන් නෑ අපි නිරයට යා යුතුයි කියලා,
මං හිතන් නෑ අපි පව් කරා කියලා,
අපි ආදරේ කරා විතරයි...
අවසානේ මට දැනගන්න අවශ්‍ය අපි කරපු වරද මොකද්ද ?
අපේ ප්‍රේමය අසම්මත කියලා හංවඩු ගහන්න තරම්....
අපිට කවදාවත් අලුත් ඉරක් යට ජීවත් වෙන්න ලැබෙන් නැති වෙයිද?
අපේ ප්‍රේමය අසම්මත නිසා.
~jeon~
=========================-=======
• එයාලගේ ආදරේ අසම්මත කාණ්ඩයට අයත් නොවුනා නම් ,එදා ඩොක්ටර් jeon නෙමේ මියුන්ගිට ඒ අතවරේ කරේ ,
එදා රෑ jeon කැප්ටන් එක්ක රාත්‍රිය එකට ගත කරා කියලා ඔප්පු කරලා පෙන්නන්න තිබ්බා,
එහෙම උනා නම් අදටත් කැප්ටන් ,jeon සතුටින් ඉන්නවා.
එහෙනම් අද jeonට තනිකඩව ජීවත් වෙද්දි දැනෙන තරම් රාත්‍රියක් සිසිලසට, දහවලේ රශ්මියවත් මෙච්චර පීඩාකාරී නොවෙන්න තිබ්බා,
මං ප්‍රාර්තනා කරනවා එයාලා හොයන ඉර දවසක එයාලට හම්බෙන්න කියලා,
ඒ ඉර යට සතුටින් ඉන්න ලැබෙන්න කියලා, ඒ ඉර යට එකට හිනා වෙන්න, එකට වයසට යන්න, එකට ජීවත් වෙන්න ලැබෙන්න කියලා.
🍁Marivok🍁