I met you

By Marivok

165K 32.1K 11.8K

මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක... More

Notice
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Happy birthday කැප්ටන් 👑 💜️
Chapter 19 (S)
Chapter 20
Chapter 21
Sorry
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25 (s)
Chapter 26
Thank you...❤
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32 ( NS)
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36 (s)
Chapter 37
Chapter 38
Kimjeon
🥺
seoson 2
Chapter 40
Chapter 41
Chapter 42
A/N
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54 (s)
Chapter 55
Chapter 56
Chapter 57 (NS)
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63 (Ns)
Happy b'day professor 👑 💜️
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70 (s)
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76 (s)
Chapter 77
Chapter 78
Chapter 79
Happy b'day sugar daddy 👑 💜️
Chapter 80
Chapter 81
Chapter 82
Chapter 83
Chapter 84 (s)
Taekook
Chapter 85
CP-86 END
Announcement

Chapter 39

1.4K 333 115
By Marivok

================================
_____________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

_____________________________________

වසර 3 කට පසුව.

වර්ශ 1974

Jeon දිගටම කොරියාවේ ජීවත් වෙන්න තීරණේ කරා.
ආයේ වෙන රටකට නොගිහින් තමන්ගේ ගමට වෙලා ජීවත් වෙන්න තීරණේ කරා.
ආයේ jeon කවදාවත් කැප්ටන්ව දැක්කෙ නෑ. අහම්බෙන් වගේ වසර තුනකට කලින් jeonට කැප්ටන්ව මුන ගැහුනත් එදයින් පස්සේ ආයෙ, කැප්ටන්ව jeonට මුන ගැහුනේ නෑ.

Jeon ගේ මවගේ හදිසි මරණයත් එක්ක jeonට ආයෙත් අගනුවරට එන්න උනා,.
Jeonගේ අම්මා ජීවත් උනේ අගනුවර කිට්ටුව මාමලාගෙ ගෙදර.
ඒ හින්දා jeonට නැවත අගනුවරට යන්න සිද්ද උනා.

අම්මගේ මරණය වෙලා මාසෙකට පස්සේ jeon සුසාන භූමියට ගියේ අම්මගේ ස්මාරකය බලන්න.
මල් පොකුරක් අතින් අරන් අම්මගේ ස්මාරකය ලගට ගියා.
Jeonට මේ ලෝකේ හිටපු අවසන් කෙනත් මේ ලෝකෙන් යන්න ගියා,

අම්මා මිය ගිහින් මාසයක් උනත්,
අම්මගේ මතක ආදරේ තවමත් jeonට දැනුනා. Jeon මල් පොකුර අම්මගෙ සොහොන ලගින් තියලා
අම්මා එක්ක කතා කරලා අවසානේ එතනින් යන්න ගියා.

එයා එතනින් යනකොටම jeon නතර උනේ හුරුපුරුදු කෙනෙක් දැක්ක හින්දයි.... අවුරුදු 8ක් ගෙවිලා තිබ්බත් ඈත තියා දැක්ක ගමන් jeonට අදුර ගන්න පුලුවන් උනා.

Jk-" ලු..ලුතිනන් යුන්ගී......"

ඔව් ඒ ලුතිනන් යුන්ගී.එයත් මෙතන?  Jeon යුන්ගී ලගට ගියා...

Yg-"  ඩො..ඩොක්ටර් jeon...."

Jk-" අවුරුදු 8ක්.... හිතා ගන්නවත් බෑ ගොඩක් කල් ගිහින්.... "

Yg-" ඔව්.... ගොඩක් කල් වාඩි වෙලා කතා කරමු ",

යුන්ගී, jeon දෙන්නා එතන ඉදිරියේ හදලා තිබුන බංකුවකට වෙලා වාඩි උනා....

Yg-" ඔයාව දැක්කේ අවුරුදු ගානකින්, ඇත්තටම තවමත් ඔයාට 31ක් කියලා කියන්න බෑ jeon "

Jeon හිනා උනා.

Jk-" අවසානෙට මං ඔයාව දැක්කේ වදකාගාරේ ඇතුලේ,
එදා ඔයාට ගොඩක් තුවාල වෙලා තිබ්බේ....
එදා පාර්ක් හ්‍යුන්ග් ... එයත් ඔයා ලග හිටියා.....
ම්ම්ම්.... පාර්ක් හ්‍යුන්ග් තවත් කදවුරේද සේවය කරන්නේ "

යුන්ගිගේ ඇස් කදුලු වලින් පිරිලා ගියා.

Yg-"  වසරකට කලින් එයා කදවුරෙන් යන්න ගියා. "

Jk-" මාරුවීමක්....? "

Yg-" එයා කදවුරෙන් යන්න තීරණේ කරා, විශේෂ ඉල්ලීමක් කරලා,
හේතුව එයා විවාහ උනා.... "

Jk-" මො..මොකක් ? එතකොට... එතකොට... එයා.... විවාහ උනේ...
ඔහ් ! වෙන කෙනෙක්ට ආදරේ කරලා තව කෙනෙක්ව විවාහ කර ගන්න එක ගොඩක් අමාරුයි.... "

Jeon ඒ හැගීම හොදින් දන්නවා. පාර්ක් කවදාවත් එයාගේ හැගීම් පිට කරේ නැතත් එයා, ආදරේ කරපු කෙනා කවුද කියලා jeon දන්නවා.

Yg-" ඔව් ඒක අමාරු දෙයක්... මාත් පාර්ක් ගත්ත තීරණේ වසර දෙකකට කලින් ගත්තා.මාත් විවාහ උනා,
වසර දෙකකට කලින්....
ඒත්... ඒත් මං සතුටෙන් නෙමේ,
මගෙ හිතේ ඉන්නේ වෙන කෙනෙක්....
කවදාවත් අයිති කර ගන්න බැරි කෙනෙක්,
Jeon මට ඔයාටයි කැප්ටන්ටයි උරුම උන දෛවය විදින්න තරම් හයියක් නෑ.......
හැමදාම හැගීම් හිරකරන් ඉන්න මං තීරණේ කරලා විවාහ උනා.
මං විවාහ වෙලා වසරකට පස්සේ පාර්ක්ගේ විවාහය උනා.
මේක තමා ලෝක ස්භාවය.
අපි ඒකට මූන දෙමු "

Jk-" කැ..කැප්ටන් හොදින්ද ? "

Yg-" මායි දැං කදවුරේ කැප්ටන් "

Jeonගේ ඇස් විශාල උනා.

Jk-" එ-තකොට කැප්ටන් කිම්....? "

Yg-" ඔයාට පෙන්නන්න දෙයක් තියනවා jeon ssi.... අපි ඔයාලගේ ගෙදරට යමු...
මං කිව්වේ කැප්ටන් , ඔයා ජීවත් උන ගෙදර.... "

Jk-" හ..හරි... "

Jeon පුදුමෙන් යුන්ගිට උත්තර දුන්නා,
එයාලගේ ගෙදර මොනාද පෙන්නන්න තියෙන්නේ. අනික ඒ ගෙදර තවත්, හොදින් තියනවද ?

Jeon , යුන්ගී දෙන්නා කුලී රථයක නැගිලා නිවසට ආවා.
වසර 8කට පස්සේ ආයෙත් ඒ ගෙදර.
තවමත් හොදින් තියනවා.
හරියට තවමත් මේ ගෙදර කවුරු හරි ජීවත් වෙනවා වගේ.
Jeon ගේ ඇස් වලින් කදුලු බිංදු ගලාගෙන ගියා.

මේ ගෙදර එයා කැප්ටන් එකතු වෙලා ගොඩ නගපු මතකයන්ගෙන් පිරිලා.
ආයෙත් jeonට එයාගේ කැප්ටන්ගේ කටහඩ ඇහෙන්න ගත්තා.
ඒ දෙන්නා මේ ගේ ඇතුලේ එකට ජීවත් උනා, එකට හිනා උනා, ඇඩුවා, ආදරේ කරා, අවසානෙට වෙන් වෙන්න කලිනුත් හිටියේ මේ බිත්ති හතර ඇතුලේ.

බිත්ති වලට කතා කරන්න පුලුවන් නම් කියාවි එයාලගේ ලස්සන ආදර කතාව ගෙන. එයාලා එකිනෙකාට ආදරේ කරපු විදිය, එකිනෙකා වෙනුවෙන් ජීවත් උන හැටි. එකිනෙකා වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරපු හැටි .....

එයාලගේ හීනේ උනේ මේ ගෙදර, ආදරෙන් එකට ඉන්න, එකට වයසට යන්න ,මැරෙනකන් සතුටින් ඉන්න,
ඒත් මේ ලෝකෙ ඒකට ඉඩක් නෑ කියලා දැනුන ගමන් jeon හැමදේම අත ඇරියේ එයාට නැති උනත් එයාගේ කැප්ටන්ට හොද අනාගතයක් ලැබෙන්න ඕන හින්දයි.

Jk-" මේ ගෙදර කවුද ජීවත් වෙන්නේ "

Yg-" කවුරුත් නෑ...."

Jk-" එහෙනම් මෙච්චර හොදින් තියෙන්නේ.... "

Yg-"  මොකද මං තමා මේ ගෙදර බලාගන්නේ.. දැං අවුරුදු 3ක් තිස්සේ මං බලා ගන්නේ, කැප්ටන් කිම් වෙනුවෙන් මං ඒක කරන්නේ....
වසර පහක්ම ඒක කරේ කැප්ටන් කිම් ,
මේ ගෙදර බලා ගත්තේ එයා,
එයා සති අන්තයේ ඇවිත් මේ ගෙදර නවතිනවා. ආයෙත් කදවුරට යනවා "

Jk-" මං ගියාට පස්සේ එයා මෙහෙ ආවද ? "

යුන්ගි ගෙදර දොර ඇරලා ගේ ඇතුලට ඇතුල් උනා, jeon යුන්ගී පස්සෙන් ගේ ඇතුලට ගියා .

Yg-" jeon ඔයා හරියටම කිසි දෙයක් දන් නෑ...... අවුරුදු පහකට කලින් ඒ දවස,
එදා ඔයා කැප්ටන්ව දාලා ගිය දවස,
මං ජීවිතේ පලවෙනි වතාවට දැක්කා කැප්ටන් පරාද වෙලා.....
කැප්ටන් පිස්සුවෙන් වගෙ හැසිරුනා,
කැප්ටන්ගේ ජීවිතේ ගෙන ඔයා දැන ගන්න ඕන් නෑ, මොකද ඒක එහෙම්පිටින්ම අපායක් .....
ඔයා දාලා ගියාට පස්සේ එයා පිස්සුවෙන් වගේ හැම තැනම ඔයාව හෙව්වා,
මුලු රටේම හැම තැනම වසර පහක් තිස්සේ, හරියට කෑමක් බීමක් නැතිව,නින්දක් නැතුව, ඉවසීමක් නැතුව ඔයාව හෙව්වා.
මං ඒ කැප්ටන්ගේ ඇස් වල බලාපොරොත්තුවක් දැක්කා,
ඔයාව හොයා ගන්න ඕනෙ කියලා අරමුනක් තිබ්බා.
එයාට ඕන උනා,  ආයෙත් ඔයාව හොයාගෙන එයා ලගට ගන්න,
එයා ඔයාට ඇබ්බැහි වෙලා, හරියට ඔයා නැතුව හුස්ම ගන්නවත් බැරි තරම් එයා ඔයාට ඇබ්බැහි වෙලා හිටියේ jeon ...
ඒ හින්දා එයාට ඔයාව ඕන උනා,
මං දැක්කා කැප්ටන් තවදුරටත් ස්වාධීන නෑ, එයා යැපෙන්නෙක්.
එයා ඔයා මත, ඔයාගෙ ආදරේ මත යැපිලා ජීවත් උනේ,
එයාට තවත් තනියෙන් ඉන්න බෑ....
ඔයාව ඕන උනා.
හැම ගෙයක් දොරක් ගානෙම ගිහින් හෙව්වා.....
එයා විශ්වාස කරා ඔයා කොහෙ හරි හොදින් ඇති, එයා ආයේ ඔයාව හොයා ගත්තොත් ඔයා ආයෙත් එයා ලගට එයි කියලා.
ආයෙ ආදරේ කරයි ආයෙ එකට ඉන්න පුලුවන් වෙයි කියලා.
ඒත් ඔයා ආයෙ එයා ගාවට ගියේ නෑ...
වසර පහකට පස්සේ හම්බුනා,
ඒත් කැප්ටන් තේරුම් අරන් තවත් ඔයාව එයාට අයිති නෑ, ඔයා දැං ඔයාට අයිති ලෝකේ සතුටින් ජීවත් වෙනවා කියලා......"

Jeonගේ ඇස් වල කදුලු බිංදු පිරුනා

Jk-" ඒත් එයා විවාහ වෙලා හිටියේ, එයාට දරුවෙක් හිටියා,
එයාට පවුලක් තිබ්බා....
මට ඒක විනාස කරන්න ඕන උනේ නෑ "

Yg-" එයා.... නෑ  , එයා විවාහ උන් නෑ "

Jk-" ඒත් එයා විවාහ වෙලා ඉන්නවා කියලා කිව්වා , අවුරුදු 3කට කලින් හම්බුන වෙලාවේ,
එයා ඒක පිලිගත්තා "

Yg-" නෑ jeon. එයා විවාහ උන් නෑ... එයා කවදාවත් විවාහ උන් නෑ,
එයාට ඔයා ඇරුනම කාවවත් විවාහ වෙන්න උවමනා උන් නෑ.
එයා විවාහ උන් නෑ.
සමහරවිට එයා ඒක පිලිගන්න ඇත්තේ ඔයා හින්දා,
ඔයා විවාහ වෙලා සතුටින් ඉන්නවා කිව්ව හින්දා වෙන්න ඇති,
එයාට ඔයාට දුකක් දෙන්න හිතෙන්න නැතුව ඇති,
ඔයා හින්දා අවිවාහව ජීවිතේ විදවනවා කියලා ඔයාගෙ හිතට කරදරයක් දෙන්න ඕන නැති හින්දා වෙන්න ඇති,
ඔයා සතුටින් ඉන්න එකයි එයාට හැමදාම ඕන උනේ,
ඔයාට සතුටක් වෙන්නයි....එයාටඕන උනේ. ඒ හින්දා එයා විවාහ වෙලා සතුටින් ඉන්නවා කියලා බොරු කියන්න ඇති ..........
ඒත් එයාට ඒ වෙනකොටත් ඔයාව ඕන කරා, හැම තප්පරේම ඔයාව ඕන කරා"

Jeonගේ පපුව හිල්කරගෙන යනවා, තියුණු ආයුදේකින් පහර දෙනවා වගේ දැනුනා.

Jk-" එත් ඒ දරුවා, අප්පා කිව්වේ ? "

Yg-" ඉන්න මං ඔයාට ලිපියක් දෙන්නම් මේක කියවන්න "

යුන්ගි උඩුමහලට ගිහින් සුදු කඩදාසි කවරයක් අස්සේ තිබ්බ ලිපිය අරන් jeon අතට දුන්නා. Jeon ඒක කියවන්න් ගත්තා. මේ ලිපිය අවුරුදු ගානකට කලින් කැප්ටන්ට ලැබුන ලිපියක්.

.

කැප්ටන් ,

මට සමාවෙන්න කැප්ටන් , මට කවදාවත් ඩොක්ටර් jeonට මෙහෙම දෙයක් කරන්න උවමනා උන් නෑ.
ඒත් ඩොක්ටර් jeonගේ ජීවිතේ බේරන්න තියන එකම විදිය මේකයි.
මට මේක කරන්න උනා.

මං දන්නවා ඩොක්ටර් jeon ,කැප්ටන් අතර තියන සම්බන්දේ ,
ඒ වගේම කැප්ටන් ජෙනරාල් අතර තියන සම්බන්දේ ගෙනත්,
මං කවදාවත් ඩොක්ටර් jeonට මෙහෙම දෙයක් කරන්න හිතුවේ නෑ,
ඩොක්ටර් නිවැරදී, එයා නෙමේ මේකට වග කියන්න ඕනේ.....
ඒත් මට මගෙ ජීවිතෙත් බේරගන්න තියන එකම ක්‍රමේ මේක විතරයි,

කැප්ටන් මං ගැබ්ගෙන ඉන්නේ, මගෙ බඩට මාසයක් වෙනවා.
ඇත්තටම මට උන දේ ඒක අතවරයක් නෙමේ සැලැස්මක්.
මං ගොඩක් දුප්පත් පවුලක ගෑනුලමයෙක් , මං සාත්තු සේවිකාවක් විදියට කදවුරට ආවේ වැඩිපුර මුදල් හම්බෙන නිසා...

මට අවශ්‍ය උනේ මුදල්, මට උවමනා උනේ මගෙ අසනීප අම්මට බෙහෙත් කරන්න මුදල්, ඒ හින්දා අවසානේ මට ජෙනරාල්ගේ රූකඩයක් වෙන්න උනා,
මුලින්ම ජෙනරාල් මගෙ අසරණකමට මට මුදල් දුන්නා,
පස්සේ ජෙනරාල් මට පොරොන්දු උනා මාව විවාහ කර ගන්නවා, මට මුදල් දෙනවා කියලා එයා මාව පාවිච්චි කරා,

හැමදාම ඒ වයසක ජෙනරාල් ගාව ගණිකාවක් වගෙ හැසිරෙන්න උනා,
මට මාවම නැති උනා,
මුලින් මට සල්ලි අවශ්‍ය උන නිසා ජෙනරාල් කියන විදියට හිටියත් අවසානේ එයාගේ මරණ තර්ජන වලය බයේ එයාට ඕන විදියට ඉන්න ඕන උනා,

මාව , මගෙ පවුල විනාස කරයි කියන බයටම මට ජෙනරාල් ලගට යන්න උනා,
ජෙනරාල් ලග මට මගෙ තරුණ ජීවිතේ විනාස කර ගන්න උනා, අවසානේ මං ගැබ් ගත්තා. ජෙනරාල්ගේ දරුවා එක්ක,
ඒ වයසක නරුමයගේ දරුවා,
මට මේ කැලල විනාස කරන්න ඕන උනා. ජෙනරාල්ටත් දරුවා මරන්න උවමනා උනා.....
ඒත් එයා දරුවා මරනවටත් වඩා වෙන දෙයක් හිතුවා.

ජෙනී මිස් හින්දා ජෙනරාල් කැප්ටන් , ඩොක්ටර් jeon අතර සම්බන්දේ දැනගෙන, ජෙනරාල්ට ඩොක්ටර් jeonව මරන්න ඕන උනා,
එයා ඩොක්ටර් jeon මරන්න සැලසුමක් හිතුවා, අවසානේ මගෙ ප්‍රශ්නෙට පටලවලා ඩොක්ටර් jeonව මරන්න උවමනා උනේ.

මං මේකට එකග උනේ , මං මේකට එකග නොවුනා නම් වෙන විදියකින් හරි ජෙනරාල් ඩොක්ටර් jeonව මරනවා,
මගෙ ජීවිතේ මට ඉතුරු උන දෙයක් නෑ,
ඒත් මට ඕන ඩොක්ටර්ගේ ජීවිතේ හරි බේරන්න,
මේ දේ මං නොකරා නම් වෙන විදියකට ඩොක්ටර්ව මරනවා.
මට ඒක වෙන්න දෙන්න බෑ ඒ හින්දා මං මේ සැලැස්මට එකග උනා.
ඩොක්ටර්ව විවාහ කර ගන්නම් කිව්වේ එයාගේ ජීවිතේ බේරන්නයි.

කැප්ටන් මට ඩොක්ටර්  jeonව විවාහ කර ගන්න අවශ්‍ය නෑ,
,අපි ජේජු වලට යාත්‍රා කරන්න කලින් තොටුපලින් අපිව ගත්තොත් ,ජේජු වලට නොගිහින් රහසක් විදියට ජීවත් වෙන්න පුලුවන්....
ඒත් එහෙම නොවුනොත්, අද අපි ජේජු වලට ගියොත් ආයේ කවදාවත් මටවත්,jeonටවත් ආපහු එන්න බැරි වෙයි......කැප්ටන්ට ආයේ කවදාවත් ඩොක්ටර් jeon බලන්න බැරි වෙයි. '

.

Yg-" ඕක එදා මියුන්ගි කැප්ටන්ට ලියපු ලිපිය, ඒකේ විදියට ඒක කරේ ජෙනරාල්, ඒක ජෙනරාල්ගේ සැලැස්මක්,
ඔයා කැප්ටන්ව දාලා ගිහින් සතියකින් කැප්ටන් හැමදේම අධිකරණයට යැව්වා,
මේ ප්‍රශ්නේ යැව්වා, හරිම වැරදි කාරයාව යැව්වා, මියුන්ගි බොරු කිව්වේ එයාගේ ජීවිතේ , එයාගේ පවුල බේරගන්න නිසා එයාට සුලු දඩුවම් එක්ක නිදහස හම්බුනා. ඔයා එදා නොහිටියත් ඔයා එදා නිවැරදිකාරයා උනා,
අවසානේ කැප්ටන් ඔයාව නිවැරදිකාරයා කරා.... එයාට ඕන උනේ ඒක කරන්නයි.එයා ඒක කරා.
ජෙනරාල්ට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් . ඒ වගේම කැප්ටන් ජෙනීව විවාහ උන් නෑ...  කාවවත් විවාහ උන් නෑ, අවුරුදු පහ පුරාවටම ඔයාගෙ මතක, එක්ක හිටියා,ඔයාගේ ආදරෙ විශ්වාස කරා. ඔයාව විශ්වාස කරා,
ඔයාව හැම තැනම හොය හොය ඇවිද්දා"

Jeonගේ ඇස් වලින් කදුලු බිංදු වැක්කෙරෙන්න ගත්තා 

Jk-" අ..අර...දරුවා, පුංචි දරුවා, අප්පා කිව්වේ.... "

Yg-" ඒ මියුන්ගිගේ දරුවා, මියුන්ගි හැදුවේ ඒ දරුවව නැති කර ගන්නයි.
ඒත් කැප්ටන් ඒ දරුවා මරන්න දුන් නෑ,
එදා ජේජු වලට යන්න නොදී බේරන් ආව දවසේ කැප්ටන් දරුවව බාර ගන්න පොරොන්දු වෙලා,
දරුවව මරන්න එපා, ජීවිතේ දෙන්න කියලා ඉල්ලලා,
අවසානේ කැප්ටන් මියුන්ගිගේ දරුවව තමන්ගේ දරුවෙක් වගේ හදා ගත්තා "

Jk-" දෙ..දෙයියනේ ..... එතකොට මගෙ හ්‍යුන්ග් විවාහ වෙලා නෑ,
එයා තවමත් මගෙ.... මගෙ හ්‍යුන්ග් ,
එයාට මාව ගොඩක් ඕන වෙලා,
ඒත් මං මොකද කරේ එයාව දාලා ගියා
එයාට ඕනම උන වෙලාවෙත් මං එයා ලග හිටියේ නෑ......
එයා මං වෙනුවෙන් ඉදලා,
ගොඩක් කල්, කාගෙවත් නොවී ඉදලා,
හ්‍යුන්ග් ඇයි ඔයා මෙහෙම කරේ,
මට මාව පාලනේ නැති වෙනවා,
මට මගෙ හ්‍යුන්ග් බලන්න ඕනේ,
සමාව ගන්න ඕනේ ,එදා එයාව තනි කරාට, එදා එයාව ඇඩෙව්වාට සමාව ගන්න ඕනේ....
එයා කොහෙද ඉන්නේ,
මට මගෙ හ්‍යුන්ග් බලන්න ඕනේ....
එය පාරක් හරි ආයෙත් ඒ කඩවසම් මූන බලන්න ඕනේ.
එයා කොච්චර පිවිතුරුද,
මට එයාව තනි කරලා දාලා ගියාට,
එයාව ඇඩෙව්වට, එයාගේ හිතට වේදනාවක් දුන්නට, එයාගේ ලෝකේ අතරමං කරලා දාලා ගියාට සමාව ගන්න ඕනේ ,
එයා කොහෙද "

Jeon අඩන්න ගත්තා

Yg-"  මීට අවුරුදු 3කට කලින් එක රෑක එයා මගෙ කූඩාරම ආවා,
ඇවිත් මාව බදාගෙන අඩන්න ගත්තා,
මං කැප්ටන්ගේ ඇස් වල කවදාවත් නොදැකපු තරම් කදුලු දැක්කා,
එයාගේ ඇස් වලින් ලොකු වේදනාවක් දැක්කා, කැප්ටන් එදා මාව,බදාගෙන ගොඩක් ඇඩුවා,
අඩලා ඉවර වෙලා ආයෙත් හිනා උනා.
මට තේරුන් නෑ ඇයි කැප්ටන් අඩලා අඩලා හිනා උනේ කියලා.
මං කැප්ටන්ගෙන් ඇයි කියලා ඇහුවා,
ඇස්වල කදුලු පුරවන් තොල් වලින් හිනා වෙලා කිව්වේ...
' එයා තවමත් ලස්සනයි යුන්ගි ' කියලා .
එවෙලේ මං දැන ගත්තා , අනිවාරෙන් කැප්ටන් අවුරුදු පහක් තිස්සේ හොයපු දේ හම්බෙලා කියලා.
ඒ jeon ඔයා,
ඔයාව හම්බුන දවස.....
ආයෙත් jeonව හම්බුනාද කියලා මං කැප්ටන්ගෙන් ඇහුවා.

' එයා හම්බුනා , එයා තවත් මගෙ නෙමේ, තවත් මට අයිති නෑ,
එයා විවාහ වෙලා, එයා සතුටින් ජීවත් වෙනවා.
මට එයාව අයිති කර ගන්න බෑ,
එයාගෙ සතුට නැති කරන්න මට බෑ
එයා තවත් මගෙ නෙමේ,
එයාට එයාගේ පාරේ යන්න දෙන්න ඕනේ, එයාට එයාගේ ලෝකේ ජීවත් වෙන්න දෙන්න ඕනේ.
එයා සතුටින් නම් මටත් සතුටින් මැරෙන්න පුලුවන් ,'

කැප්ටන් එහෙම කියලා ආයෙ අඩන්න ගත්තා. මුලු රැයක් එලි වෙනකන් මාව බදාගෙන ඇඩුවා ,
මං කැප්ටන්ගේ පෞරුෂය ,ඒ නිර්භීතකම , ඒ ගාම්භීරත්වය නැති වෙලා යන විදිය දැක්කා,
මං දැක්කා එයාගේ ලෝකෙ විනාස උන විදිය, එයාගේ හීන එයාගේ ජීවිත විනාස උන විදිය.

1971. මැයි මාසේ ආයෙත් අපේ උතුරු මායිමට හදිසි ප්‍රහාරයක් ආවා,
එදා කැප්ටන් හිටියේ මාත් එක්ක,
කැප්ටන් එදා ගොඩක් හොදින් සටන් කරා, ඒත් මං කැප්ටන්ගේ වෙනසක් දැක්කා, කැප්ටන්ට කලින් අරමුනක් තිබ්බා, ජීවිතේ බේරන් ආයෙ කදවුරට යන්න ඕනේ, ගිහින් jeon ssi හොයාගෙන ආයෙත් එයා එක්ක සතුටින් ඉන්න ඕනේ කියලා,
ඒත් එදා මං කැප්ටන්ගේ ඇස් වලින් ඒ අරමුණ දැක්කේ නෑ, ජීවිතේට ආසාවක් දැක්කෙ නෑ. එයාට තවත් ජීවත් වෙන්න්ස් ඕනෙ නෑ වගේ,
හරියට jeon නැති ජීවිතයක් එපා වගේ හිටියේ......
ඒත් එයා ගොඩක් දක්ෂ කැප්ටන් කෙනෙක්, කාටවත් එයාට ලේසියෙන් වෙඩි තියන්න බෑ, එයා මරනය මග ඇරලා යන්න ගොඩක් දක්ෂයි.
ඒත් අවාසනාවට මගෙ දිහාවට එක වෙඩි උණ්ඩයක් ආවා,
මං ඒක දැක්කේ නෑ.....
ඒ වෙනකොටත් අපි යුද්දේ ගොඩක් ජයග්‍රහණ කරලා තිබ්බේ.
මං ආයෙ හැරෙනකොටම කැප්ටන් මාව තල්ලු කරා. මට වදින්න ආව උණ්ඩෙට එයා මූන දුන්නා,
එයාට බේරෙන්න අවස්තාව තිබ්බත් එයා අයින් උන් නෑ..
එයා උණ්ඩෙට මූන දුන්නා,
එයා හෙල්ලුනේවත් නෑ, හිටගෙනම හිටියා... මං දැක්කා jeon .... මං දැක්කා,
එයා නිර්භීත නෑ කියන්න බෑ, එයාට පෞරුෂයක් නෑ කියන්න බෑ,
ඒත් එයා ආදරේ නැති වෙනවට බය උනා, ආදරේ නැතුව , jeon නැතුව එයාට ජීවත් වෙන්න ඕන උනේ නෑ.....
මං කැප්ටන් ලගට දුවන් ගියා, උණ්ඩය කැප්ටන්ගේ පපුවට ටිකක් පහලින් පසාරු කරන් ගිහින්,
ඒත් කැප්ටන් ගොඩක් ශක්තිමත් ,එයා කෙලින් හිටියා,

මං කැප්ටන්ව ඉක්මනින් එතනින් අරන් ගියා. අපි ඒ යුද්ධය දිනුවා,
අපි කදවුරට ආවා, කැප්ටන්ව බෙහෙත් දාන්න කූඩාරමට අරන් යන්න හැදුවත් කැප්ටන් ඒකට ඉඩ දුන් නෑ.
කැප්ටන්ව ඔෆිස් කාමරේට අරන් ගියා,
ඩොක්ටර් පාර්ක් එයාට බෙහෙත් දාන්න හැදුවත් ඉඩ දුන් නෑ.
දන්නවනේ කැප්ටන් ගොඩක් හිතුවක්කාරයි , එයාගේ තුවල වලට බෙහෙත් දාන්න කාටවත් දෙන් නෑ,
ඩොක්ටර් jeonට ඇරුනම,
කැප්ටන්ගේ ශරීරය ස්පර්ශ කරන්නවත් පුලුවන් jeonට විතරයි....
මටවත් ලගට එන්න දුන් නෑ.
එයාව එයාගේ ඇදෙන් ඇල කෙරෙව්වා.
මං ආයෙත් ඩොක්ටර් පාර්ක්ව එක්කන් එන්න යන්න හැදුවත් එයා මගෙ අතින් තදින් මිරිකුවා ,

' යුන්ගී..... මට මැරෙන්න දෙන්න. කරුණාකරලා මට යන්න දෙන්න්ස් .... මට මගෙ blossom මල නැති ජීවිතයක් එපා,
ඒක මැරෙනවටත් වඩා වේදනාවක්,
ඒත් එයාට පුලුවන් නම් ආයෙ පාරක් එන්න කියනවද?
මට එයාව බලන්න ආසයි,
ආයෙ එයා එක්ක අගනුවරට ඇවිදන් යන්න ආසයි,
ආයෙ එයා එක්ක සල්ලි නැතුව කෑම කාලා අගනුවර වටේ අතින් අල්ලන් දුවන්න ආසයි ,
ආයේ එයා එක්ක පාවෙන පහන්කූඩු දල්වලා පා කරලා යවන්න ආසයි,
ආයෙත් එයා එක්ක අපේ ගෙදර කවුලුව ලගට වෙලා අහසේ දීප්තිමත් තරු බලන්න ආසයි.
එක පාරක්, එක දවසක් එයාට පුලුවන් වෙයිද මං වෙනුවෙන් එන්න,
මට එයාගේ හිනාව දකින්න ඕනේ,
තවමත් එයා ගොඩක් ලස්සනයි.....
ඔයාට එයාව මුණ ගැහුනොත් කියනවද
එයා හිටපු නැති අවුරුදු පහට මං එයාගේ කැප්ටන් පීචස්ව බලා ගත්තා කියලා,
එයට කියන්න කැප්ටන් පීචස් දැං ලොකුයි කියලා,
එයාට කියන්න අපි දැං විවාහ උනොත් කැප්ටන් පීචස් යට සිප ගන්න පුලුවන් කියන්න.
එයාට කියන්න මං තවමත් කැප්ටන් පීචස්ට ඉරිසියයි කියලා,
ඒ වගේම එයාට කියනවද මං තවමත් එයාට ගොඩක් ආදරෙයි කියලා.... '

අවසානෙට කිව්වේ ඒ ටික, කැප්ටන් අපහසුවෙන් හුස්ම ගන්නවා වගේ දැනුන හින්දා මං ගිහින් ඩොක්ටර් පාර්ක්ව එක්කන් ආවා,
ඒත් ඒ වෙනකොටත් පරක්කු වැඩී,
එයා ජීවත් වෙනුවට මරණේ තෝරගෙන,
ඔයයි, කැප්ටනුයි අගනුවර ගිය වෙලාවක ගත්තා ජායාරූපයක් අතේ තියන් මිය ගිහින්.
කැප්ටන් මේ ලෝකෙන් සදහටම යන්න ගිහින්...... "

Jeonගේ ඇස් වලින් වැටුන කදුලු නැවතුනේ නෑ, කැප්ටන්ව මුන ගැහුන පලවෙනි දවස කැප්ටන් හිනාඋන පලවෙනි දවස, ආදරෙයි කියපු පලවෙනි දවස, හැමදේම jeonට පේන්න ගත්තා,
අවසානෙට මුන ගැහුන දවසෙත් කැප්ටන් තවමත් jeonව ඕනේ කියලා කියන්න උත්සහ කරපු හැටි ,
ආයෙත් එකට ඉමු, ආයෙත් ආදරේ කරමු කියලා කියන්න උත්සහ කරපු හැටි.
මතක් උනා.

යුන්ගී ,jeon අතට ජායාරූපයක් දුන්නා, ඒ කැප්ටන් මිය යනකොට අතේ තිබ්බ එක.jeon ඒකත් අරන් එලියට ඇවිදන් ගියා, ඇවිදන් ගිහින් එයාගේ පීචස් පැලේ යටින් වාඩි උනා.

" මාත් විවහ වෙලා නෑ හ්‍යුන්ග් , ඔයාගේ සතුට වෙනුවෙන් බොරු කිව්වට සමාවෙන්න , අවසානෙට මේ අත් වලින් ඔයාවයි ස්පර්ශ කරේ, අවසානෙට ඔයාට ආදරෙයි කිව්වේ, අවසානෙට ඔයාගෙ තුරුලේ නිදා ගත්තේ,
ඔයා නැතුව වෙන කිසි ලෝකයක් මට නෑ හ්‍යුන්ග් , මං තවමත් ඔයාගේ,
ඔයාගේ blossom මල,
මං ඔයා වෙනුවෙන් ජීවත් වෙනවා,
මං ඔයාට පොරොන්දු උනා මං මැරෙන් නෑ කියලා. මං මරණය තොර ගන් නෑ කියලා .ඒත් හ්‍යුන්ග් මාවත් ඉක්මනින් ඔයා ලගට ගන්න,
මට මේ ලෝකේ තනියෙන් ඉන්න බෑ,
මං ඔයාට ආදරෙයි....
තවමත්, ගොඩක් ආදරෙයි මගෙ කැප්ටන් . අපි ඉක්මනින් අපිට අයිති ලෝකෙකදී හම්බෙමු..."

Jeon ජායාරූපය අතට අරන් අඩන්න ගත්තා.
ජායාරූප පිටුපස කුඩා අකුරු වලින් ලියලා තිබුන පුංචි වැකිය කියවන්න ගත්තා.

'මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක අපි එතනදි මුණ ගැහෙමු...........'









# THE END #

______________________________________

" මං....මං... ඔයා වෙනුවෙන් ජීවත් වෙනවා කැප්ටන් , මං පොරොන්දු වෙනවා...... "

~jeon කැප්ටන්ට උන පොරොන්දුව~
(Chapter 29)







🍁Merida🍁

Continue Reading

You'll Also Like

593K 37.6K 75
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...
237K 23.1K 70
ដោយសារតែគុំនំបានធ្វើអោយក្មេងប្រុសដែលមានបេះដូងបរិសុទ្ធស្រស់ស្អាតប្រែក្លាយជាក្មេងពឹសពុលពោពេញដោយល្បិចកល់ គេហ៊ានធ្វើគ្រប់យ៉ាងសូម្បីតែនាមជាប្រពន្ធចុងបុរសច...
Drug By Merida

Fanfiction

197K 27.9K 45
ඇයි මං තවත් ජීවත් වෙන්නේ... please god , මාව ඔයා ගාවට ගන්න. මට....මට මේ ජීවිතේ එපා.... මට ඕන උන ජීවිතේ නෙමේ මේ.... හැමදාම මේ evilගේ toy කෙනෙක් වෙන්න...
179K 26.7K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."