I met you

By Marivok

165K 32.1K 11.8K

මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක... More

Notice
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Happy birthday කැප්ටන් 👑 💜️
Chapter 19 (S)
Chapter 20
Chapter 21
Sorry
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25 (s)
Chapter 26
Thank you...❤
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32 ( NS)
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36 (s)
Chapter 38
Chapter 39
Kimjeon
🥺
seoson 2
Chapter 40
Chapter 41
Chapter 42
A/N
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54 (s)
Chapter 55
Chapter 56
Chapter 57 (NS)
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63 (Ns)
Happy b'day professor 👑 💜️
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70 (s)
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76 (s)
Chapter 77
Chapter 78
Chapter 79
Happy b'day sugar daddy 👑 💜️
Chapter 80
Chapter 81
Chapter 82
Chapter 83
Chapter 84 (s)
Taekook
Chapter 85
CP-86 END
Announcement

Chapter 37

1.4K 312 111
By Marivok

================================
_____________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

වේදනාත්මක කෙදිරුම්, වින්දනාත්මක කෙදිරුම්, වලින් දෝංකාර දුන්න කාමරේ බිත්ති එකවරම නිශ්ශබ්ද උනේ කැප්ටන්ගේ මුලු ශක්තියම jeon තුල පිට උනාට පස්සෙයි....
කැප්ටන් ශක්තිය හීන වෙලා jeonගේ පපුව මතට වැටුනත් තප්පර කිහිපයකට පසුව ආයෙත් jeonගේ එහා පැත්තෙන් ඇල උනා....
විනාඩි කිහිපයක් වේගයෙන් හුස්ම අරන් හුස්මේ වේගය සාමාන්‍ය උනා වගේ දැනුනම කැප්ටන් ආයෙත් jeonගේ කම්මුල් අත ගාන්න ගත්තා,

TH-" ගොඩක් ලස්සනයි..... "

හද එලියට මුලු කාමරෙම එලිය වැටිලා,
කාමරේ කවුලුව ඇරලා,
හද එලියෙන් කාමරේ එලිය වෙනවට වඩා , හද එලියට jeonගේ කිරි සුදු හම තවත් දිලිසෙන්න ගත්තා.
කාමරේට එන සීතල සුලං අද වෙනස්ම පහසක් දෙනවා වගේ,
පරිසරයම ගොඩක් නිහඩයි,
හරියට ලොකු රහසක්, කියා ගන්න බැරි දෙයක් හංගන් ඉන්නවා වගේ,

ඊටත් වඩා කැප්ටන්ට ඒක දැනුනේ අනතුරු ඇගවීමක් වගෙ,
ඕනවටත් වඩා හැමදේම හොදින් ලේසියෙන් සිද්ද වෙන එක ගෙන් කැප්ටන්ගේ හිතේ පොඩි චකිතයක් දැනුනා....
ඒත් jeon එයා ලග , ඒ හින්දා කිසි ප්‍රශ්නයක් නෑ...
එයා jeonව ගොඩක් විශ්වාස කරා,
ඒ හින්දා ඒ ගෙන නොහිතා ඉන්න තීරණෙ කරා.

Jk-" හ්‍යුන්ග් .... ඔයා ගොඩක් කඩවසම් ,
මං ඔයාට ගොඩක් ආදරෙයි "

TH-" මාත් ආදරෙයි , මට ඔයා හැමදාම මං ලග මෙහෙම තියා ගන්න ඕනේ මැරෙනකන් "

Jk-" අපිට මිනිස්සු එකට ඉන්න දුන් නැත්තන් "

TH-" ඇයි අපිට එකට ඉන්න නොදෙන්නේ.... "

Jk-" මොකද අපි දෙන්නම පිරිමි "

TH-" ඔයා කාන්තාවක් උනත් මං ආදරේ ඔයාටයි, මගෙ blossom මල "

Jk-" හ්‍යුන්ග් මං හැමදාම පසු තැවෙනවා මං කාන්තාවක් නොවුන එකට,
අපිට සමාජෙ ඉස්සරහා එකට ඉන්න බැරි උන එකට,
අපිට ඔක්කොටම බයෙන් හැංගිලා ඉන්න උන එකට,
කවදාවත් මට හ්‍යුන්ග්ව විවාහ කර ගන්න වෙන් නැති එකට, "

TH-" කාන්තාවක් උනත් නොවුනත් මට කමක් නෑ .....
මොකද මං ආදරේ ඔයාගේ ඇගට නෙමේ, ඔයාටයි මගෙ blossom මල,
සමාජේ ඉස්සරහා අපිට ඉන්න ඕන් නෑ jeon ssii...
අපිට අපි ඉන්නවා අනිත් දේවල් වැඩක් නෑ......
ඊටත් වඩා මං ඔයාව හදවතින් විවාහ කරන් ඉවරයි,
මට නීත්‍යානුකූල ලියකියවිලි එපා, "

Jk-" එකපාරක් මට කාන්තාවක් වෙන්න පුලුවන් උනොත් මං මුලින්ම කරන්නේ හ්‍යුන්ග්ව විවාහ කර ගන්නවා, මැරෙනකන් හ්‍යුන්ග් එක්ක මට සතුටෙන් ඉන්න පුලුවන් වෙයි"

TH-" විවාහ වෙන්න එච්චර ආසද "

Jk-" ම්ම්ම්ම් ඔව්.... "

TH-" අපි එහෙනන් විවාහ වෙමු,
ම්ම්ම්ම් එලිමහනේ අපේ විවාහ උත්සවය ගමු ,
කැමති නම් අපේ මිදුලෙම සරසන්න පුලුවන් ..........
මං මගෙ ප්‍රියතම සෙබලුන්ට විවාහෙට ආරාධනා කරනවා "

ඒක කවදාවත් වෙන දෙයක්  නෙමේ කියලා දැන දැනත් ලස්සන හීන මවන්න ගත්තා.
කවදාවත් හැබෑ නොවෙන හීන,
කැප්ටන් ,jeon දෙන්නම දන්නවා කවදාවත් පිරිමි දෙන්නෙක්ව විවාහ කරන්නේ නෑ,
ඒක වෙන්න බෑ කියලා.

Jk-" මං මගෙ වෛද්‍ය කණ්ඩායමට ආරාධනා කරනවා.....  "

Jeon හිනා වෙන්න ගත්තා. Jeonනුත් කැප්ටන් මවපු සුරංගනා කතාවට එකතු උනා.

TH-" මං එලිය ගොඩක් ලස්සනට සරසනවා, blossom මල් වලින් අපේ මංගල උත්සවය සරසනවා, "

කැප්ටන් හිනා වෙලා jeon දිහා බැලුවා.

Jk-" මං අතුරුපසට පීචස් ගේනවා,
මගෙ මංගල උත්සවයම පීචස් සුවද එයි"

TH-" කැප්ටන් පීචසුත් එතකොට ලොකු වෙලා තිබ්බිත් හොදා, අපි දෙන්නා විවාහ වෙන දවසට "

Jk-" ඔව්.... එහෙම උනොත් විවාහ උනාට පස්සේ දෙන පලවෙනි හාදුව දෙන්නේ කැප්ටන් පීචස් යට "

TH-" ඒක හොදා, එතකොට කැප්ටන් පීචස් දැන්ගනි , jeon අයිති කැප්ටන් කිම්ට කියලා "

Jeon හිනා උනා...

Jk-" හ්‍යුන්ග් මං එදාට සුදු පාටින් ඇදුමක් අදින්නෙ.... "

Jeon ලොකු හුස්මක් අරන් , ඇස් පියාගෙන එයාගේ ලස්සන මගුල් ඇදුම හිතින් මවා ගත්තා.

TH-" මං කලු පාටින් අදිනවා "

Jk-" කැප්ටන් එදාටත් ගොඩක් කඩවසම් වෙයි.... අපේ විවාහේ දවසට... "

TH-" jeon ssiත් ලස්සනට ඉදී, එදාට හ්‍යුන්ග්සික්ට නම් මගෙ blossom මල දිහා බලන්න දෙන්නෙම නෑ.... "

Jeon හිනා උනා. ඒ දෙන්නා රෑ වෙනකන් ඒ දෙන්නගේ විවාහය ගෙන කතා කරා,
හැබෑ නොවුනත් ඒක ලස්සන හීනයක්,
කවදාවත් ලං කර ගන්න බැරි,
හැබෑ වෙන් නැති හීන දකින එක වරදක්ද ? නෑ.... ඒක වේදනාවක්...
දවසක ලොකු වේදනාවක් වෙයි,

කැප්ටන්ගේ ඇස් වලින් වගේම jeonගේ ඇස් වලිනුත් කදුලු කදුලු බිංදු වැටුනේ එකිනෙකා නොදැනුවත්වමයි,
එකිනෙකා, අනිත් කෙනාගෙන් තමන්ගෙ කදුලු හංගගත්තා.
පාන්දර වෙනකන් විවාහ උත්සවේ සැලසුම් කරලා නින්දට වැටුනා.

කිසි දෙයක් සිද්ද ව්න් නෑ..කියලා දැන දැනත් හීන මවන්න වෙන එක වේදනාවක්. අයිති කර ගන්න බෑ කියලා දැන දැනත් ලගින් ඉන්න වෙන එක ? ඒක ඊටත් වඩා වේදනාවක්.

ඇත්තටම ඔවුන්ගේ සම්බන්දේ මොකද්ද ? සමාජෙ ඔවුන්ට විවිද අනුවර්ත නම් දුන්නා. සමාජේ ඔවුන්ව පිලිකුල් කරා. ඔවුන්ව නිරයේ වැලලෙන්න ඇයැදුවා...ඇත්තටම ඔවුන් වැරදී නම්... දෙවියනි ඔබටත් ආදරේ කරන්න ඉඩක් නෑ.

කැප්ටන්ගේ ඇස් පියවිලා එයා තද නින්දකට වැටුනත් jeon නිදා ගත්තෙ නෑ. මුලු රෑ එලි වෙනකන් කැප්ටන් දිහා බලන් ඉන්න තීරණේ කරා ,
හරියට ආයේ දකින්න ලැබෙන්නේ නෑ වගේ.....

Jk-" මට හැමෝම ඉස්සරහා , ඔයාගේ සැමියා වෙන්න පුලුවන් නම්....,
හැමෝම ඉස්සරහා...., නීත්‍යානුකූලව ...
හැමෝම ඉස්සරහා ඔයාගේ අතින් අල්ලන් යන්න පුලුවන් ,
අගනුවරට ගියාම ඔයා දිහා බලන කාන්තාවන්ට පේන්න මට ඔයාගේ අතින් අල්ලන් යන්න පුලුවන්,
අපිට ලෝකෙට බයක් නැතුව ජීවත් වෙන්න පුලුවන් ,
එතකොට කවුරුත් අපි දෙන්නා දිහා අමුතු විදියට නොබලාවී,
කවුරුත් අපිට වැරදි නොකියයි,
කවුරුත් අපිව වැරදිකාරයෝ විදියට නොදකී.....
නිදහසේ ජීවත් වෙන්න පුලුවන් වෙයි...
අපිට එහෙම ඉන්න පුලුවන් වෙයි "

ලස්සන හීන ගොඩක් හිතෙන් මවා ගත්තා, හැබෑ නොවෙන හීන, බලාපොරොත්තු .....
මේ ලෝකේ එයාලට අයිති තැන එයාලා හොදින් දැනන් හිටියා.
ඒත් එයාලට ඕන උනා අනිත් අයට වගේම ඒ දේ විදින්න ඒක ඒ දෙන්නගේ හීනයක්.

කවුද මේ ලෝකෙ නිර්මාණය කරේ, කවුද මේ සමාජේ නිර්මාණය කරේ,
ඇයි මිනිස්සුන්ට ආදරේ කරන්න හදවතක් දුන්නේ,
ඇයි මිනිස්සුන්ට නිදහසේ හිතන්න මනසක් දුන්නේ,
ඇයි කෙනෙකුට මෙච්චර අසාධාරණකම්.

හැමෝටම ආදරේ කරන්න බැරි, හැමෝටම එකට ඉන්න බැරි,
හැමෝටම එක විදියට ජීවත් වෙන්න බැරි,
ඒක අසාධාරණයි .... jeon,කැප්ටන් දෙන්නාට ඇයි මෙහෙම අසාදාරනයක් ,
එයාලා කාටත් වරදක් නොකර සතුටින් හිටියත් එයාලට දවසක මිනිස්සු අසාධාරණකම් කරයි...

Jk-" සමාජෙන් අපේ සම්බන්දෙට විරුද්ද නොවුනා නම්,
මේක අසම්මතයක් විදියට නොදැක්කා නම් අපි දෙන්නට හැමදාම එකට ඉන්න තිබ්බ,
හ්‍යුන්ග් මට ඔයාට සතුට වගේම මට ඔයාගේ ශක්තිය වෙන්න තිබ්බා "

Jeonගේ ඇස් වලින් නොනවතින කදුලු ගලන්න ගත්තා, කටින් සිහින් ඉකියක් පිට උනා.

' තවත් මං මොකද මේ කරන්නේ... හැබෑ වෙන්නැති හීන මවන්න දීලා බලාපොරොත්තු ඇති කරනවා, මට මාව නවත්ත ගන්න ඕනේ, මට තවත් කැප්ටන්ගේ දුර්වලකම වෙන්න බෑ '

Jeon ඇස් වල කදුලු පිහ ගත්තා. එයා අද දවස ගෙන කල්පනා කරා, කැප්ටන් එක්ක අගනුවර ඇවිද්දා, සැණකෙලි බැලුවා, අතින් අල්ලන් දිව්වා...
හැමදේම හොදින් තිබ්බා, හැමදේම හොදින් වගේ දැනුනා...
හැමදේම හරී වගේ හිතුනා...

ඒත් හැමදේම හොදින් නෙමේ, හැමදේම හරි නෑ...
Jeonට අද උදේ ජෙනී එක්ක හමු උන එක මතක් උනා.
ජෙනී එක්ක කතා කරපු දේවල් මතක් උනා.....

.

.

.

#ජෙනී සමග සංවාදය මතකය#

Je-" ඔයාට කැප්ටන් එක්ක ඉන්න පුලුවන් "

Jk-" ඔ..ඔය ඇත්තමද ජෙනී... මට විශ්වාස කරන්න බෑ.... මට හිතා ගන්නත් බෑ "

Je-" ඔව්... ඔයා යන්න ගිහින් කැප්ටන් එක්ක ඉන්න "

Jk-" ස්..ස්තූතී ...ගොඩක් ස්තූතී ජෙනී "

Je-" ඔයාට කැප්ටන්ව සතුටින් තියන්න පුලුවන් වෙයි කියලා හිතනවද?
හැමදාටම,
මැරෙනකන් කිසිම කරදරයක් නැතුව සතුටින් ඉන්න,
කැප්ටන්ගේ ශක්තිය වෙන්න පුලුවන්ද "

Jk-" මං කැප්ටන්ව සතුටින් තියනවා...."

Je-" කොච්චර කාලයක්ද? ඔයාට කැප්ටන්ගේ ශක්තිය වෙන්න පුලුවන්ද ?"

Jk-" ඒ...ඒකෙ තේරුම.... මට කැප්ටන්ගේ ශක්තිය වෙන්න්ස් පුලුවන්ද ඇහුවේ "

Je-" මොකද ආදරේ කියන්නේ අනිත් කෙනා ලගින් ඉන්න එකවත්, එයාට ඇග දෙන එකවත් නෙමේ....
අපි ආදරේ කරනවා නම් අපි එයාගේ ශක්තිය වෙන්න ඕනේ.
කැප්ටන්ට මේ ලෝකේ බයක් නැතුව හිනා වෙලා සතුටින් ඉන්න පුලුවන් වෙන්න ඕනේ "

Jk-" මං.... මං...."

Je-" jeon මේ අහන්න මං කියන දේ, මං දන්නවා ඔය දෙන්නම ඔය දෙන්නට ආදරේ ඇති, ඒත් ඒ ආදරෙන් විතරක් බෑ ඔය දෙන්නව ජීවත් කරන්න ,
අපි මේ ලෝකේ තනි වෙලා නෑ, අපිට තනියෙන් ඉන්නත් බෑ, සමාජයක් තියනවා , සංස්කෘතියක් තියනවා, වැඩිහිටියෝ ඉන්නවා, සම්ප්‍රධායන් තියනවා අපිට ඒවට විරුද්දව යන්න බෑ "

Jeonගේ ඇස් වලින් කදුලු වැටෙන්න ගත්තා. ජෙනී කියන දේවල් වල වරදක් නෑ....

Je-" ඔය දෙන්නට කොච්චර කල් එකට ඉන්න පුලුවන්ද ,අඩුම තරමේ විවාහ වෙන්නවත් පුලුවන්ද ? "

Jk-" ම්ම්... බෑ... "

Je-" ඇයි කැප්ටන්ට විවාහ වෙන්න බැරි, කැප්ටන් කරපු වරද මොකද්ද jeon,
ජීවිත කාලෙටම මනුස්සයෙක්ට එක පාරක් ලැබෙන දේ විවාහය,
ඉපදුන දවසේ ඉදන් විවාහය, අනාහත සහකාරයා  , දරුවෝ....
මේ හැමදේම ගෙන අපි හීන දකිනවා,
දවසක අපි ඒ හීන හැබෑ කර ගන්නවා.
ඒත්........ කැප්ටන් පවා ඒ වගේ හීන දැක්කා. ඒත් කැප්ටන්ට හැමදාම ඒවා හීන විතරක් වෙයි.
මොකද ඔයාට කවදාවත් කැප්ටන්ව විවාහ කර ගන්න බෑ,
එකට ඉන්න බෑ..... "

Jk-" අ...අ-පිට සතුටින් ඉන්න පුලුවන් වෙයි "

Jeon කදුලු පිරුන ඇස් වලින් , වෙව්ලන කටහඩින් එහෙම මිමිනුවත් , ජෙනී හිනාවෙන්න ගත්තා.

Je-" සතුටින් නෙමේ බයෙන් "

Jk-" බ-යෙන් ? "

Je-" ඔව්....ලෝකෙට බයෙන්,
ඔයාලගෙ මේ සම්බන්දෙට ලෝකෙ ඉඩක් තියෙයිද?
මේ සමාජේ .... මේ මිනිස්සු එයාලා  ඔයාලට එකට ඉන්න දෙයිද?
හැමදාම හැංගිලා ඉන්න වෙයි,
අඩුම තරමේ හුස්ම ගන්න පවා බයෙන් ජීවත් වෙන්න වෙයි,
ඔයා වෛද්‍යවරයෙක් නේද?
ගොඩක් උගත්, මට වඩා උගත්....
ඒත් ඇයි තවමත් ඔයා ඇස් සේද සලුවකින් වහගෙන ඇවිදින්නේ,
ඒ සලුව ගලවන්න.....
ඒක ගලවලා ඇවිදින්න එතකොට ඔයාට හරියට පාර පෙනෙයි "

Jeonගේ කදුලු වගේම සිහින් ඉකි බිදින හඩක් පිට උනා. Jeon හැමදේම ගෙන ආයෙත් හිතන්න ගත්තා. ජෙනී කියන දේ හරී.

Je-" බැරි වෙලාවත් පිරිමි දෙන්නෙක් එකට ඉන්නවා කියලා මිනිස්සු දැන ගත්තොත්...... එහෙම උනොත් මොකද කරන්නේ.....
මිනිස්සු ඔයාලා ඉන්න තැන හොයන් එයි, ඔය දෙන්නගේ පවුල,ගෙදර විනාශ කරලා දායි.....
ඔයාලා ආයේ වෙන තැනකට යයි,
එතනත් මිනිස්සු දැන ගත්තොත් මිනිස්සු ආයෙ ඔයාලව පන්නලා දායි....
එකට ඉන්න තැනක් හොය හොය මුලු ලෝකෙටම බයෙන් ජීවත් වෙන්න වෙයි,
ඒ විතරක් නෙමේ,
ඔයාට පිරිමි ගණිකාව කියයි, කැප්ටන් පාපතරයෙක් වෙයි,
ඔයාලට නිරයට යන්න ශාප කරයි,
ඔය දෙන්නා වැරදි සලකුණක් අසුබ ලකුණක් වෙයි,
හරියට මලක්,පලතුරක් හැදෙන් නැති වල් පැලයක් වෙයි,
වල් පැල වලට පොලවේ වැවෙන්න අයිතියක් නෑ jeon,
ඒවා ගලවලා දාන්න ඕනේ....
එතකොටයි පොලව ලස්සන වෙන්නේ......
ඔය දෙන්නට එකතු වෙලා කරන්න දෙයක් නෑ jeon, සමාජෙට බයෙන් ජීවත් වෙන්න වෙයි හැංගි හැංගි ජීවත් වෙන්න වෙයි "

Jeonගේ මුලු ලෝකෙම කඩන් වැටිලා ඉවරයි. ඉවරයක් නැති කදුලු අස්සේ පපුව මිරිකෙනවා වගේ දැනෙන්න ගත්තා. පපුවට මොකකින් හරි අනිනවා වගේ....

Je-" ඔයාට කවදාවත් කැප්ටන්ගේ ශක්තිය වෙන්න බෑ jeon.
කැප්ටන් ගොඩක් වෙනස් වෙලා.
මං ඉස්සර දැකපු කැප්ටන් නෙමේ දැං ඉන්නේ......
දැං ඉන්න කැප්ටන් ගොඩක් වෙනස් ඒ ඇස් වල ඉස්සර තිබ්බ නිර්භීතකම නෑ, ඒ ඇස් වල මීට කලින් හැගීම් තිබ්බෙ නෑ, ඒ ඇස් වල මීට කලින් කලබලේ තිබ්බේ නෑ,ඒ ඇස් වල මීට කලින් බය තිබ්බේ නෑ,
ඒත් දැං ඒ හැමදේම තියනවා. ඊයේ රෑ මං ඒ හැමදේම දැක්කා.
ඊයේ ඔයා ඉන්න තැන අපේ අප්පා හොයා ගත්තා කියද්දි කැප්ටන් බය උනා,
අප්පා ඔයාට කැප්ටන්ගේ ගණිකාව කියද්දි එයාගේ ඇස් වල දුක දැක්කා,
Jeonව මරන්න අරන් එන්න කියලා අණ කරනකොට කැප්ටන්ගේ ඇස් වලට කදුලු ආවා. කැප්ටන් අසරණ උනා.
කැප්ටන් අප්පා ඉස්සරහා දණින් වැටුනා"

Jk-" නෑ.......හ්... නෑ..නෑ... ඒක වෙන්න බෑ... කැප්ටන් කා ගාවව~~~"

Je-" ඔව් කැප්ටන් කා ගාවවත් දණින් වැටෙන්න ඕන කෙනෙක් නෙමේ,
කවදාවත් එහෙම වෙන්නෙත් නෑ.
කැප්ටන් එයාගේ ජීවිතේ වෙනුවෙන්වත් කා ගාවවත් දණින් වැටෙන් නෑ....
කැප්ටන්ට තියන පෞරුෂය ගෙන මං හොදට දන්නවා,
එයා කාටවත් යටත් වෙන්න කැමති නෑ..... ගොඩක් ශක්තිමත් වෙලා හිටියා.....
ඒත් දැං.... දැං...එහෙම නෑ,
තවදුරටත් කැප්ටන් ශක්තිමත් නෑ,
කැප්ටන් ගොඩක් දුර්වල වෙලා,
ඔයා හින්දා jeon, ඔයාගේ ආදරේ හින්දා ඒ හැමදේම කැප්ටන්ව දුර්වල කරලා,
ඔයා හින්දා කැප්ටන් දැං ගොඩක් දුර්වල වෙලා "

Jk-" නෑ... කැ-ප්-ටන්.... එයා .... එ-යාට දුර්වල වෙ-න්න බෑ..... "

Jeon අඩන්න ගත්තා... හැමදෙම අවසන්, මෙච්චර කල් කැප්ටන්ගේ සතුට කියන් හිතන් හිටපු දේ දැං කැප්ටන්ගේ ප්‍රධාන දුර්වල්කම වෙලා...
තවත් jeonට තමන් ගෙනම කලකිරෙන්න ගත්තා.

Je-" ඔව් කැප්ටන් දුර්වල වෙන්න බෑ,
කැප්ටන් ශක්තිමත් වෙන්න ඕනේ,
ඔයා කැප්ටන්ගේ ශක්තිය වෙන්න ඕනේ. ඒත් ඇත්තටම ඔයා කැප්ටන්ගේ දුර්වලකම jeon....
කැප්ටන් ගොඩක් වෙනස් වෙලා.
බය,අසරණ,ආත්මාර්ථකාමී මනුස්සයෙක් වෙලා,
සමාජෙට බයෙන් ලෝකෙට බයෙන් ජීවත් වෙලත් අවසානේ ඔයාලට මොනාද ලැබෙන්නේ,
කැප්ටන්ගේ ලොකුම දුර්වලකම වෙන්න ලැබුනා...
තවත් ඔයාට සතුටුද jeon,
තවත් ඔයාලට මේ ලෝකෙ ඉඩක් තියනවද ? තවත් ඔයාලට එකට ඉන්න පුලුවන්ද ? තවමත් ඔයා කැප්ටන් එක්ක ඉන්න තීරණේ කරනවද "

Jeon කිසිම උත්තරයක් නොදී අඩන්න ගත්තා.

Je-" හැමදේටම කලින් රට ගෙන හිතපු කැප්ටන් දැං හැමදේම අත ඇරලා ඔයා එක්ක හැංගිලා ජීවත් වෙනවා,
කැප්ටන් ආත්මාර්ථකාමී වෙලා,
එයාගේ ආදරේ පස්ස්න් යන්න ගිහින් යුතුකම් පැහැර හැරියා....
තවදුරටත් ඔයා ආසද කැප්ටන් එහෙම ඉන්නවා දකින්න "

Jk-" න්..නෑ... නෑහ්...."

Jeon ඉකිබිදින අතර වචන වලට එලියට යන්න ඉඩ දුන්නා

Je-" ඔයා කැප්ටන්ට ජීවත් වෙන්න දෙන්න jeon, ජීවිතේ විදින්න දෙන්න.
හැමෝටම බයෙන් හැංගිලා ජීවිතේ විදින්න බෑ...
ඔයාලට එකට ඉන්න තැනක් නෑ,
අසම්මත ආදර කතා වලට ඉඩක් නෑ,
මිනිස්සු ඔයාලව පන්නයි,
ඔයාලට ගහයි,
ඔයාලව මරලා දායි,
කැප්ටන්ට ජීවිතයක් නැති වෙයි,
ඔයා එයාට ආදරේ කරනවා නම්, ඒ වගේ ඉරණමක් දෙන්න එපා.
එයාට ආදරේ නම් ජීවිතේ විදින්න දෙන්න.
නිදහසේ හුස්ම ගන්න දෙන්න....
නිදහසේ සතුටින් ජීවත් වෙන්න දෙන්න , එයාගෙන් ඈත් වෙලා යන්න "

Jk-" ජ්..ජෙනී....අ-නේ මට කැ-ප්ටන් නැතුව බෑ.... මට.... මට තේරෙන් නෑ......
ඒත්..... ඒත් ... ම-ට කැප්ටන් සතුටින් තියන්න ඕනේ..... "

Je-" මං සතුටින් තියන්නම්,
මං තව සතියකින් කැප්ටන්ව විවාහ කර ගන්නම්, ඔයා වගේම එයාට ආදරේ කරන්නම් , එයා ලගින් ඉන්නම් "

Jk-" ජෙ...ජෙනී....."

Jeon අඩන්න ගත්තා. ඉවරයක් නැති කදුලු jeonහේ ඇස් වලින් ගැලුවා,
එයාලා එකට හිටපු දවස් ඒ ආදරේ,
එකට ගත කරපු විදිය.
මේ හැමදේම මතක් වෙන්න ගත්තා,
ඇස් වලින් පිට වෙන්න තරම්වත් කදුලු නැති වෙනකන් ඇඩුවා.
ජෙනී ,jeon ලගට වෙලා හිටියා.
Jeonගේ හදවත ගොඩක් බිදිලා,
හීන බිදිලා නැති වෙලා ගිහින්,
තවත් එයාට කිසි දෙයක් නෑ.
කැප්ටන්ගේ සතුට එයාගේ අනාගතය වෙනුවෙන් එයාට කැප්ටන්ව අත අරින්න  තීරණේ කරා...
එයාලට එකට ගමනක් නෑ....
එකට ගියත් කවදාවත් එකතු වෙන්න බෑ......

Jk-" ජෙ..ජෙනී..... "

Jeon අවසානේ කතා කරන්න ගත්තා

Je-" කියන්න... "

Jk-" ස්තූති .... "

Je-" හැමදේම කැප්ටන් වෙනුවෙන්. මං එයාට ගොඩක් ආදරෙයි "

Jk-" ඔයා එයාට කවදාවත් රිද්දන්න එපා, හැමදාම ආදරෙන් ඉන්න "

Je-" ඔව්... හැමදාම ආදරේ කරනවා "

Jk-" එයාට ඕනේ ආදරේ , එයාට ඕනේ ලගින් ඉන්න,
නිදා ගද්දි තුරුල් වෙන්න,
එයා ආසයි එයාගේ ඔලුව අත ගානවට,
එයා ආසයි එයාගේ කම්මුල සිප ගන්නවට,
එයා ආසයි එයාට ඇහෙන්න සිංදු කියනවට,
එයාට ඔයාගේ දකුණු පැත්තේ නිදා ගන්න දෙන්න,
එයාට මැරෙනකන් කඩවසම් කියන්න,
එයා ගොඩක් කඩවසම්,
උදේට ඇහැරුනාම එයාට මුලින්ම බොන්න දෙයක් හදලා දෙන්න,
පලතුරු බීම වලට එයා ගොඩක් ආසයි,
එයාට තරහා ගියාම එයා ටිකක් සැර කරයි, ඒත් ටිකකින් ආයෙත් ආදරේ කරයි,
එකම දේ දෙපාරක් අහන්න තියන්න එපා,
එයා එක්ක එකට එක කියන්න එපා,
මොකද එයා ගොඩක් වෙලාවට හරි,
එයාගේ තීරණ ගොඩක් වෙලාවට හරි,
එයාට ගොඩක් ලං වෙලා ඉන්න,
මට බැරි උනත් ඔයාට පුලුවන් වෙයි එයාව ලෝකෙ ඉස්සරහට සැමියා විදියට අදුන්වලා දෙන්න,
හැමොම ඉස්සරහා එයාගෙ අතින් අල්ලන් යන්න,
කාටවත් බය නැතුව හැමෝම ඉස්සරහා නීත්‍යානුකූලව ජීවත් වෙන්න ,
ලස්සන විවාහ උත්සවයක් ගන්න....
ජෙනී.......
ඔයාට පුලුවන් එයාව තාත්තෙක් කරන්න  ,
එයා පොඩි ලමයින්ට ගොඩක් ආදරෙයි....
එයා ගොඩක් වෙනස් වෙයි....
දවසක මාව අමතක වෙලාම යයි...
එයාට එයාගෙ දරුවො එක්ක මැරෙනකන් සතුටින් ඉන්න පුලුවන් වෙයි "

Jeonගේ තොල් වල සිහින් හිනාවක් තිබ්බත් ඇස් වලින් ආයෙත් කදුලු බිංදු වැටෙන්න ගත්තා.

Je-" මං කැප්ටන්ව සතුටින් තියනවා,.එයාට ඕන හැමදේම මං දෙනවා... "

Jk-" ස්තූතී ජෙනී.... ගොඩක් ස්තූතී,
මං හෙටම මෙහෙන් යනවා,
කවදාවත් කැප්ටන්ට හොයා ගන්න බැරි තැනකට, මං එහෙ තනියෙන් ජීවත් වෙනවා. අද දවසේ විතරක් මට දෙන්න මට එයා එක්ක අවසන් වතාවට එකට ඉන්න දෙන්න.
හෙට පාන්දරම මං යනවා "

# ජෙනී සමග සංවාදයේ මතකය අවසන්#

.

.

.

' අපි ඔවුන්ට හොරෙන් පලා ආවා. අපි ඔවුන්ගෙන් ඈත් වෙලා ඉන්න උත්සහ කරා. ඒත් අපිට සැනසීමක් ලැබුනද ? ඔවුන් අපිව සොයන් ආවා.අපිට මේ ලෝකේ සැනසීමක් නෑ හ්‍යුන්ග් .
ඔවුන් ඔබට කරදර කරාවි. ඔවුන්ට ඕන දේ උනේ නැත්තන් ... ඔබේ ජීවිතේ උදුරා ගනීවි... ඔවුන්ට ඕන දේ වෙන්න දෙන්න. මොකද මං අකමැති , මගෙ ආදරේ ඔබේ ගමනට බාධාවක් වෙනවට.
නෑ ඒ විතරක් නෙමේ , මං නිසා උබ සමාජය අගෞරව කරන කෙනෙක් වේවී. මිනිස්සුන් ඔබව පිලි නොගනීවි. ඔවුන් ඔබේ මරණය ඉල්ලයි.
නැත්තන් ඔබේ මරණය ඔවුන් විසින්ම ගෙන එයි. මේ අපට අයිති පාර නෙමේ. මේ අපිට ඕන ලෝකෙ නෙමේ...
මේ දේ සුදුසු නෑ.. '

.

.
Jeon ඇස් පියාගෙන උදෑසන ජෙනී එක්ක උන සංවාදයේ මතකයන් හිතන්න ගත්තා.... jeonගේ ඇස් වලින් කදුලු බිංදු වැටෙන්න ගත්තා.....
Jeon කැප්ටන් දිහා බලාගෙන අඩන්න ගත්තා.
Jeonගේ සිනිදු අතින් කැප්ටන්ගේ මූන හෙමින් ස්පර්ශ කරන්න ගත්තා.

" එතකොට මේකද අපේ අවසානය "

Jeon තොල් වලට හිනාවක් ගත්තේ , තවත් අඩන්න බැරි හින්දයි,
කැප්ටන්ගේ බෙල්ලේ තියන මාලේ ඇගිලි තුඩු වලින් අත ගෑවා.

" හැමදාම හිනා වෙලා ඉන්න . ඔයාට මං හින්දා හැමදාම මෙහෙම බයේ ඉන්න වෙයි..."

Jeon ,කැප්ටන්ගේ නලල සිප ගත්තා,
Jeonගේ ඇස් වලින් කදුලු බිංදු වැටුනා.
ඒවා කැප්ටන්ගේ මූනට නොවැටෙන්න පිහදාගත්තා.

" ඔයා ගොඩක් කඩවසම් කැප්ටන් "

Jeon, කැප්ටන්ට පලවෙනි දවසේ කඩවසම් කියපු විදිය මතක් උනා.
එදා කැප්ටන් එයාට විහිලු කරපු විදිය..

" මං ඔයාට ගොඩක් අදරෙයි හ්‍යුන්ග්.. ඔයාට තේරෙයි මං මේ හැමදේම කරන්නේ ඔයා වෙනුවෙන්... "

Jeon නිදාගෙන ඉන්න තැනින් නැගිට්ටා, නැගිටලා අලුත් ඇදුමක් ඇන්දා,
කැප්ටන් තවමත් නින්දේ ඒත් දැනටමත් පාන්දර 4 ට විතර ඇති,
කලුවරයි, තව ටිකකින් අලුත් දවසකට අලුත් ඉරක් පායයි .
Jeon එයාගේ ඇදුම් ඔක්කොම ලෑස්ති කරන් , කොල කෑල්ලක පුංචි සටහනක් දාලා, ඒක මේසේ උඩින් තියලා, ආයෙත් කැප්ටන් ලගට ගිහින් දණ ගැහුවා.

මං ඔයාට ආදරෙයි.....
මැරෙනකන් ආදරෙයි......
දවසක , එකට ඉන්න පුලුවන් සමාජයක් තිබුනොත්...එතනදි ආයෙ මුන ගැහෙමු "

Jeon කැප්ටන්ගේ නලල අවසන් වතාවට සිපගෙන ,එයාලගේ ගෙදරින් යන්න ගියා.

.

.

.

.

================================


~දිනපොත~

මං අද ඒ ඇස් වල කදුලු දැක්කා
මං අද ඒ ඇස් වල කලබලේ දැක්කා
මං අද ඒ ඇස් වල දුක දැක්කා
මං අද ඒ ඇස් වල බය දැක්කා
මං අද ඒ ඇස් වල අසරණකම දැක්කා'
මං අද ඒ ඇස් වල ආත්මාර්ථකාමීත්වය දැක්කා

මං අද ඒ ඇස් වල ආදරේ දැක්කා,
ඔව් ඒ අවංක ආදරේ.....
ඒ ඇස් වල මේ හැම හැගීමක්ම තිබ්බේ මං හින්දා , එයාගේ මේ දැං දකින්න තියන හැම හැගීමක්ම මං හින්දයි ,
මට සමාවෙන්න මං ඔයාව ගොඩක් වෙනස් කරලා,
මං ඔයාගේ හැගීම් ගොඩක් වෙනස් කරලා,

ඔයාගේ තොල් වල හිනාව දැක්කා, ඔයා අනිත් අය වෙනුවෙන් සංවේදී වෙලා ඉන්නවා දැක්කා,
ඒ වගේම ඔයා මේ සමාජේ ඉස්සරහා දුර්වල වෙලා ඉන්නවත් දැක්කා

හ්‍යුන්ග් ඔයා හැමදාම ශක්තිමත්ව ජීවත් වෙන්න ඕනේ, සමාජෙන් අපිට එකට ඉන්න ඉඩක් නෑ හ්‍යුන්ග් , මේ සමාජේ ඔයාව දුර්වලයෙක් කරනවා, සමාජේ වෙනස් වෙන් නෑ හ්‍යුන්ග්. අපි වෙනස් වෙමු.......

' මාව අමතක කරන්න '

1966.ජූලි.26 දිනපොතෙන් කොටසක්.

================================

.

.

.

.

1966.ජූලි.27

කැප්ටන් උදේම නැගිටිනකොට එයාගේ නිදාගෙන ඉන්න තැන එහා පැත්තේ jeon නෑ කියලා දැනුනා.
කොහොමත් මාස දෙකක් විතර තිස්සේ කැප්ටන් jeonට පස්සේ ඇහැරෙන හින්දා ඒක සාමාන්‍ය දෙයක්.

කැප්ටන් නැගිටලා ගිහින් අලුත් ඇදුමක් ඇදගෙන ඇවිත් jeonට කතා කරා.

" jeon ssii...... jeon ssi..... "

කැප්ටන් jeonට කතා කරා. ඒත් වෙනදා වගේ jeonගෙන් පිලිතුරක් හම්බුන් නෑ.
කැප්ටන් ගේ වටේම ඇවිදලා හෙව්වා ඒත් jeon හිටියේ නෑ....
Jeonව හැම තැනම බැලුවා.... ඒත් jeonව පේන්න හිටියේ නෑ...
කැප්ටන්ගේ පපුව ආයෙත් බයෙන් ගැහෙන්න ගත්තා.

" ම..මගෙ blossom මල, කොහෙද දෙයියනෙ..... කොහෙද ..."

කැප්ටන්ගේ ඇස් වලට බයෙන්ම කදුලු පිරුනා. ඊයේ රෑ හුලග කිව්ව දේ හරි.
නොවිය යුතු දෙයක් වෙලා,
නරකක් වෙලා.

කැප්ටන්ගේ කකුල් වලට ශක්තියක් නෑ වගේ දැනුනා. එයාගේ ලෝකේ, එයාගේ හීන හැමදේම බොදවෙලා යනවා වගේ දැනුනා.කැප්ටන් ආයෙත් කාමරේට ගියා..... කැප්ටන්ගේ ඇස් වල රැදුනෙ මේස උඩ තිබ්බ කොල කෑල්ල.
කැප්ටන් ඒක අතට ගත්තා.

' හැබෑ වෙන් නැති හීන ගොඩක් එක්ක අපි ගොඩක් දුර ඇවිද්දා,
තවත් ඔයාව ඒ හීන වල අතරමං කරන්න බෑ කැප්ටන් ,
මාව අමතක කරන්න,
තව සතියකින් ඔයාගේ විවාහය,
ඔයා සතුටින් ඉන්න,
හිනාවෙලා ඉන්න.......
ශක්තිමත්ව ජීවත් වෙන්න....
අපිට එකට ඉන්න අයිතියක් නෑ,
එහෙම ඉන්න ඉඩක් නෑ.....
මේක වැරදී......
මේ සමාජේ අපිව දුර්වලයෝ කරනවා,
හ්‍යුන්ග් මං ඔයාට මැරෙනකන් ආදරෙයි ,
ඔයා වෙනුවෙන් මං ජීවත් වෙලා ඉන්නම්,
ඔයා මං වෙනුවෙන් සතුටින් ඉන්න '

කැප්ටන්ගේ අත් වෙව්ලන්න ගත්තා,
කැප්ටන් ඒ ලියුම අතින් මිරික ගත්තා.

" ඔයා නැතුව මං කොහොමද සතුටින් ඉන්නේ.......! "

කැප්ටන් කෑ ගැහුවා.

" මං කොහොමද සතුටින් ඉන්නේ "

කැප්ටන් දණිස් වලින් බිම වැටුනා..

" මං කොහොමද "

කැප්ටන් අඩන්න ගත්තා..... එයාගේ ලෝකෙම්ස් එයාට නැති උනා,
හිනා වෙන්න තිබ්බ, ජීවත් වෙන්න තිබ්බ එකම හේතුව එයාට නැති උනා.
කැප්ටන්ගේ පපුවට ලොකු වේදනාවක් දැනෙන්න ගත්තා.

කැප්ටන් දණින් වැටිලා කදුලු වලට පිටවෙන්න දුන්නා,
එයාව තනි වෙලා වගේ දැනුනා.
එයාට එයාගේ blossom මල මතක් උනා.
වසන්තයක් වගේ එයාගේ ලෝකෙට ආවා. මුලු ලෝකෙම ලස්සන කරා,
ඒත් දැං ආයෙත් එයාගෙ ලෝකෙට සීත කාලේ උදා වෙන්න අරන් වගේ,
සීත සෘතුවේ සීතල දැනෙන්න ගත්තා,
එයා වෛර කරපු ඒ කටුක සීත කාලේ..... ආයෙත් එයාගේ ලෝකෙට එයිද?

කැප්ටන්ට ආයෙත් jeonගේ වචන මතක් උනා.

" මං නැති දවසට, මං නැති වෙලාවට , ඔයාට දුක හිතුනොත්,
තනියක් දැනුනොත්.....
ඔය ඇස් වල දුක තියනවා දකින්න අකමැති ....
මට ඕනේ හිනාවෙලා ඉන්නවා දකින්නයි....."

කැප්ටන් එයාගේ බෙල්ලේ තියන මාලේ අවලම්බනය(pendant ) අතින් ඇල්ලුවා.
කැප්ටන්ගේ ඇස් වලින් තවමත් කදුලු වැටෙනවා. ඒත් තොල් වලින් හිනා වෙන්න ගත්තා.

" මං ඕක විශේෂ ආභරණ හදන්නෙකුට කියලා හැදෙව්වේ...
මං ගොඩක් කල් ඉදන් කල්පනා කරා මට මොනාද හ්‍යුන්ග්ගෙන් ඕන කරේ  කියලා, අවසානේ මට තේරුනා.....
මං මේ ලෝකේ වැඩියෙන්ම කැමති,
මට වැඩියෙන්ම දකින්න ඕනේ හ්‍යුන්ගේ හිනාව.....
හ්‍යුන්ග් සතුටින් කියලා දැනෙන්නේ එතකොටයි.
ඕක දකිනකොට හ්‍යුන්ග්ට හිනා වෙන්න මතක් වෙයි, "

කැප්ටන්ට jeonගේ වචන මතක් වෙලා හිනා ගියා.....
කැප්ටන් තදින් මාලය එයාගේ අතින් මිරික ගත්තා.

" මට ඔයාව ඕනේ, මං ඔයාව හොයා ගන්නවා.........."













# To be continue #

______________________________________

කැප්ටන් එයාගේ jeon වෙනුවෙන් ජීවිතේ උනත් දෙන්න ලෑස්ති උනා,
හැමදේම අත අරින්න තීරණෙ කරා,
තව කෙනෙක් ඉස්සරහා දනින් වැටෙන්න පවා තීරණේ කරා.

Jeon ,එයාගේ කැප්ටන් වෙනුවෙන් තමන්ගේ හැමදේම උනත් නැති කර ගන්න සූදානම් උනා
Jeon කැප්ටන්ගේ සතුට වෙනුවෙන් කැප්ටන්ගේ ලෝකෙන් සදහටම සමු ගන්න තීරණෙ කරා.

මේක නෙමේද අවංක ආදරේ කියන්නේ.


🍁Merida🍁

Continue Reading

You'll Also Like

17.6K 3.6K 53
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~
593K 37.6K 75
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...
66.1K 4.9K 64
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...
15.4K 3.7K 34
වර්ෂ 1970 දී එංගලන්තයේ විසූ ජන්කුක් ජියොන් නම් තරුණයා ටේහ්‍යුන් කිම් නම් තරුණයා අතර පැවති ආදර සබඳතාවයට එකල සමලිංගිකත්වය පිළිකෙව් කළ සමාජය තිත තැබූ මු...