I met you

By Marivok

164K 32.1K 11.8K

මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක... More

Notice
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Happy birthday කැප්ටන් 👑 💜️
Chapter 19 (S)
Chapter 20
Chapter 21
Sorry
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25 (s)
Chapter 26
Thank you...❤
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32 ( NS)
Chapter 33
Chapter 34
Chapter 36 (s)
Chapter 37
Chapter 38
Chapter 39
Kimjeon
🥺
seoson 2
Chapter 40
Chapter 41
Chapter 42
A/N
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54 (s)
Chapter 55
Chapter 56
Chapter 57 (NS)
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63 (Ns)
Happy b'day professor 👑 💜️
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70 (s)
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76 (s)
Chapter 77
Chapter 78
Chapter 79
Happy b'day sugar daddy 👑 💜️
Chapter 80
Chapter 81
Chapter 82
Chapter 83
Chapter 84 (s)
Taekook
Chapter 85
CP-86 END
Announcement

Chapter 35

1.2K 311 76
By Marivok

================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

අසාධාරණ තීරණ, බලයට යටත් වීම,
දැඩි නීතිය, සාමාජේ විවිධ මත,
මේ හැමදේම කැප්ටන්ව පාගලා දානවා වගේ දැනුනත් කැප්ටන් වැටෙන්න ලෑස්ති උන් නෑ....
යුද්දයක පරාජය පේන්න තිබ්බත් මැරෙනකන් සටන් කරන එකයි කැප්ටන්ගේ පුරුද්ද,
කිසිම දවසක කිසිම දේකින් පැනලා යන්න කැප්ටන්ට උවමනා උනේ නෑ,
කැප්ටන්ට පරාජය පෙනි පෙනි තිබ්බත් තවමත් සටන් කරන්න ලෑස්ති වෙලා හිටියේ.

එක අතකින් jeonගේ ජීවිතය,
අනිත් අතින් jeonගේ ජීවිතේ වෙනුවෙන් ජෙනී සමග විවහයට උන පොරොන්දුව.
ඒත් කැප්ටන් ඒ වෙනකොටත් ජෙනීගේ විවාහයෙන් පැනලා යන්න සැලැස්මක් හදලා තිබ්බේ,
ඒ වගේම ජෙනරාල්ට දඩුවම් කරන විදියත් හිතලා තිබුනේ,
ඒත් ඊට කලින් එයාට jeonව ආරක්ෂිතව තියන්න ඕන උනා,

කැප්ටන්ව ඊයේ රෑ ඉදලා සිර මැදිරියක
දාලා තිබ්බේ. ඒත් සිර මැදිරියේ අගුල ඇරෙනවා ඇහුන හින්දා කැප්ටන් හැරිලා ඒ පැත්ත බැලුවා.
කැප්ටන්ගේ ඇස් විශාල උනා.

TH-" j..jeon shii..... "

කැප්ටන්ගේ පපුව වේගෙන් ගැහුනා ,ඇග ඇතුලෙන් සීතල යමක් යනවා වගේ තේරුනා,
ඇස් වල තෙත ගතිය වැඩි උනා,
කැප්ටන්ගේ තොල් පොට වෙව්ලන්න ගත්තා....
' මේක ඇත්තක්ද ?
හීනයක්ද ?
නෑ හැබෑවක් ....
මගෙ blossom මල..... '
කැප්ටන්ගේ ඇස් වල තිබ්බේ කියා ගන්න බැරි හැගීම් ගොඩක සම්මිශ්‍රණයක්.

Jk-" කැප්ටන් "

Jeon හෙමින් ඇවිදන් ඇවිත් සිර මැදුර ඇතුලට ඇතුලු උනා .
' මං අද ඒ ඇස් වල කදුලු දැක්කා '
කැප්ටන් ඉක්මනින් ඇවිත් jeon ඉස්සරහාහින් හිට ගත්තා .

TH-" j..jeon ssii ඔයා...ඔයා හොදින්ද ? "

කැප්ටන් වෙව්ලන තොල් වලින් කතා කරා....
' මං අද ඒ ඇස් වල කලබලේ දැක්කා '

Jk-" මං හොදින් හ්‍යුන්ග් "

TH-" ඔ-ඔයාට කරදරයක් නෑ නේද "

කැප්ටන් jeonගේ මූන අතපය අතගාන ගමන් ඇහුවා.
' මං අද ඒ ඇස් වල දුක දැක්කා '

Jk-" මං හොදින් හ්‍යුන්ග් , ගොඩක් හොදින් "

TH-" ඔ..ඔයාට මොකුත් වෙන් නෑ, ඔයාට මොකුත් වෙන් නෑ.... මං ඉන්නවා "

කැප්ටන් තවමත් jeonගේ අතින් අල්ලන් කතා කරන්න ගත්තා
' මං අද ඒ ඇස් වල බය දැක්කා '

Jk-" හ්‍යුන්ග් ඉන්නකන් මට මොකුත් වෙන් නෑ... "

TH-" jeon shii... ඔයා ජෙනීගේ විවහය ගෙන දන්නවද ? ඇත්තටම මට ඔයාගේ ජීවිතේ බේරන්න කරන්න තිබ්බ එකම දේ ඒක "

කැප්ටන් හුස්මක් එක්ක එකදිගට කියාගෙන ගියේ බිම බලාගෙන.
' මං අද ඒ ඇස් වල අසරණකම දැක්කා'

Jk-" මං හැමදේම දන්නවා, මට ආරංචි උනා "

TH-" ඒත්.... මං විවාහ වෙන් නෑ, ඒ විවාහේ රගපෑමක්, අපි යමු...
අපි මෙහෙ දාලා වෙන කොහෙ හරි යමු.
අපිට ඉන්න පුලුවන් තැනකට යමු "

කැප්ටන් ,ගොඩක් විශ්වාසෙන් බලාපොරොත්තු ඇතුව් කතා කරේ.
' මං අද ඒ ඇස් වල ආත්මාර්ථකාමීත්වය දැක්කා '

Jk-" හ්‍යුන්ග් , අපිට කොහෙවත් යන්න ඕන් නෑ.... , කොහෙ ගියත් නැතත් මං මගෙ හ්‍යුන්ග් ලග හැමදාම ඉන්නවා "

TH-" ඔව්.. මගෙ ලග ඔයා ඉන්න ඕනෙ, මගෙ ලෝකෙ ඔයා..... "

කැප්ටන් jeonව බදා ගත්තා.jeonගේ ඇස් වලින් කදුලු බිංදු වැක්කෙරෙන්න ගත්තා.
' මං අද ඒ ඇස් වල ආදරේ දැක්කා,
ඔව් ඒ අවංක ආදරේ.....
ඒ ඇස් වල මේ හැම හැගීමක්ම තිබ්බේ මං හින්දා , එයාගේ මේ දැං දකින්න තියන හැම හැගීමක්ම මං හින්දයි ,
මට සමාවෙන්න මං ඔයාව ගොඩක් වෙනස් කරලා,
මං ඔයාගේ හැගීම් ගොඩක් වෙනස් කරලා,
මං ආදරෙයි හ්‍යුන්ග් , ගොඩක් ආදරෙයි'

Jeonගේ ඇස් වලින් නොනවතින කදුලු කැප්ටන්ගේ ඇදුම තෙත් කරා.
කැප්ටන් එයාලගේ වැලදගැනීම බිද දැම්මා .

TH-" j..jeon ssii... ඔයා කොහොමද මෙහෙට ආවේ... ",

Jk-" ජෙනරාල්ගේ අණකට මාව එක්කන් ආවේ, "

TH-" මොකක්? එයාලා මොනාද කිව්වේ, "

Jk-" ජෙනී මාත් එක්ක කතා කරා, අපේ සම්බන්දේ ගෙන "

TH-" jeon shii.... ඔයා අදම මෙහෙන් පිට වෙන්න,
දැම්ම ඔයා මෙහෙන් යන්න,
ඔයා ආයේ ගමට යන්න,
මං ඔයාව හොයන් එන්නම් අනිවාරෙන් ,
මෙහෙ කරන්න වැඩ ටිකක් තියනවා...
ඒවා ඉක්මනින් ඉවර කරලා මං එනවා,
එතකන් ඉන්න,
මං ජෙනීව විවාහ කර ගන් නෑ....
මට ඔයාව ආරක්ෂිත තැනකට යවන්න ඕනේ, ඒ හින්දා ඔයා දැම්ම මෙහෙන් පිට~~~~ "

කැප්ටන්ට එතනින් එහාට කිසි දෙයක් කියන්න උන් නෑ jeon කැප්ටන්ගේ තොල් මතින් එයාගේ දබර ඇගිල්ල තිබ්බා.

Jk-" ශ්....... කැප්ටන් දැං ගොඩක් කියවන්න අරන්නේ "

Jeon දත් පේන් නැති වෙන්න තොල් වලට හිනාවක් ගෙනාවා,

Jk-" අද රෑට මාත් එක්ක අගනුවර සැණකෙළිය බලන්න යමු "

TH-" j..jeon ... ඒත්..... කොහොමද මාව හිර කරලා.... "

Jk-" තව දුරටත් නෑ, අද රෑට අපි දෙන්නට එලියට යන්න පුලුවන් ,
අද අපේ ගෙදරට ආයෙත් යන්න පුලුවන්"

TH-" ඒ...කො..කොහොමද ? "

Jk-" ජෙනී අවසර දුන්නා, එයා ජෙනරාල්ගෙන් ඇහුවා, අද රෑ අපි දෙන්නට අගනුවර සැණකෙළිය බලන්න යන්න පුලුවන්.... "

TH-" මො..මොකක් ? එක වෙන්න බෑ "

Jk-" ඒක ඇත්ත අපිට දැං එලියට යන්න පුලුවන් "

TH-" ඒත් කොහො~~~~"

" කැප්ටන් , අපට අණක් ලැබුනා ඔය දෙන්නට එලියට යන්න අවසර දෙනවා කියලා.... "

කැප්ටන්ට කියන්න ගිය දේ සම්පූර්ණ කර ගන්න උනේ නෑ, සෙබලෙක් ඇවිත් එයාලට එලියට යන්න පුලුවන් කිව්වා.

Jk-" හරි අපි එන්නම් "

Jeon ඔලුව පහත් කරලා ආචාර කරා.
කැප්ටන් තවමත් පුදුමයෙන් හිටියේ.
කිසිම දෙයක් හිතා ගන්න බැරුව.
Jeon කැප්ටන්ගේ අතින් අල්ලන් කැප්ටන් එක්කම එලියට ගියා.
එලියට යනකොට එතන හිටියෙ ජෙනී විතරයි.

Jk-" ස්තූති ජෙනී.... "

ජෙනී හිනා වෙලා jeon දිහා බැලුවා.jeonගේ අතින් තදින් අල්ලන් ඉන්න කැප්ටන් දිහා බැලුවා.
කැප්ටන් මේ කිසි දෙයක් විශ්වාස කරන්න සූදානම් වෙලා නෙමේ හිටියේ.

Jk-" අපි යන්නම් ජෙනී "

Je-" හරි..... "

ජෙනී හිනාවෙලා සමුදුන්නා.... ඒත් කැප්ටන්ට මේ හැමදෙයක්ම ප්‍රශ්න,
ජෙනීවත්, ජෙනරාල්වවත් , මේ වෙන දේවල්වත් කැප්ටන්ට විශ්වාස කරන්න බැරි උනා.
ඒත් එයා jeonව විශ්වාස කරා,
මොනා උනත් තවමත් හිතා ගන්න බැරි උනේ කොහොමද jeon මෙතනට ආවේ,
කොහොමද කැප්ටන්ගේ සිර මැදුරට ඇවිත් එයාව නිදහස් කර ගත්තේ,
කොහොමද jeon මෙච්චර ලොකු ප්‍රශ්නයක් විසදුවේ.
මොනවා කියලද jeon එයාව ආයෙත් එක්කන් යන්නේ කැප්ටන්ගේ ඔලුවට ප්‍රශ්න ගොඩක් ආවා....

කැප්ටන් , jeon තවමත් අතින් අල්ලන් ඇවිදගෙන යන ගමන් හිටියේ,
ඒත් එක්කෙනෙක්වත් අනිත් කෙනා එක්ක කතා කරන්න උත්සහ කරේ නෑ,
එයාලා ගමනින් බාගයක් එනකන්ම තම තමන්ගේ සිතුවිලි එක්ක හිටියා මිසක් අනිත් කෙනා එක්ක කතා කරේවත් නෑ.
ඒත් අවසානේ කැප්ටන් දෙන්නගේ දිග නිහඩ බව බින්දා.

TH-" මං මගෙන්ම මෙච්චර වෙලා ප්‍රශ්න කරා, කොහොමද ඔයා මාව එලියට ගත්තේ, මේ හැමදේම උනේ කොහොමද කියලා.... ඒත් මට උත්තර හම්බුනේ නෑ...... මට කි~~~ "

Jk-" හ්‍යුන්ග් ..... ඇයි ඒවා හිතන්නේ, ඒවා ගෙන හිතන්න එපා අද දවස ගෙන හිතමු..... "

TH-" ඒත් මට ජෙනරාල් විශ්වාස නෑ, ඒ වගේම ජෙනීවවත් විශ්වාස නෑ "

Jk-" හ්‍යුන්ග් ඒවා අමතක කරන්න.... ඔයාට මං වෙනුවෙන් අද දවස දෙන්න පුලුවන්ද "

Jeonගේ වචන වල වෙනදා නැති නිහඩ බවක් අද පේන්න තියනවා. ඒත් ඇයි ?

TH-" ඒ කිව්වේ...? "

Jk-" ඒ කියන්නේ මට අද අමතක නොවෙන දවසක් වෙන්න ඕනේ,
මං ඔයාට ගොඩක් ආදරෙයි හ්‍යුන්ග් ,
මං හිතනවා මං ඔයාට ආදරේ කරන්න අරන් අවුරුද්දකටත් වැඩී,
ඒත් ඒ හැම දවසක්ම ඊයේ වගේ මතකයි.... "

TH-" මටත් මතකයි මුලින්ම ලස්සන රවුම් ඇස් දැක්ක දවස..... "

Jk-" එදා මං ගොඩක් බය වෙලා හිටියේ "

TH-" සෙබලුන්ට ? "

Jk-" නෑ... කැප්ටන්ට, ඔහ් .. ඒ දවස් වල හිනාවක්වත් තිබ්බේ නෑ,
මාව ගනන් ගත්තේ නෑ....
වෙලාවකට මාත් එක්ක කේන්ති ගත්තා....වෙලාවකට මට හොදින් සැලකුවා..... "

TH-" ඔයා එක්ක කේන්ති ගත්තේ ඔයා මගෙ හිත දුර්වල කරනවා වගේ දැනුන නිසා. ඒත් මං හොදින් සැලකුවේ මං ඒ දුර්වලකමට ආස උන හින්දා,
පස්සේ මං තේරුම් ගත්තා ඒක ආදරේ කියලා....
මං ගොඩක් ආදරෙයි මගෙ blossom මල"

Jk-" අද හවස් වෙනකන් අගනුවර ඉමු, සැනකෙළිය බලන්න "

කැප්ටන් ,jeonගේ අතින් අල්ලන් ඇවිදන් ගියා.... කැප්ටන්ගේ හිනාව, සතුට ඒ හැමදේම jeon අද හොදින් දැක්කා,
කැප්ටන්ගේ හිනාව දැක්කම jeonගේ තොල් වලට හිනාවක් ආවත් jeonගේ ඇස් වල අමුතු වේදනාවක් තිබ්බා.
ඒක කියලා තේරුම් ගන්න බැරි තරම්.
.
.
.

අවසානයේ එයාලා අගනුවරට ආවා,
අගනුවර සැනකෙළිය හින්දා ගොඩක් සරසලා තිබ්බේ.... අගනුවරම ගොඩක් ලස්සනයි.jeon කැප්ටන්ගේ අතින් අල්ලන් මුලු අගනුවර වටේම ඇවිදන් ගියා...

ලස්සන වසන්තය තව දුරටත් නෑ, වසන්තයේ පිපෙන මල්, ගස් තවදුරටත් පේන්න නෑ. ගස් වල කොල වේලිලා ,
කොල හැලිලා ගිහින්....
මුලු පරිසරයම වසන්තයට අත වනලා ,කටුක සීත සෘතුවට අත දෙන්න සැරසිලා......

ගස් වල කොල නැතත්, ගස් වල මල් නැතත් , jeonට මේ දැමදේම ලස්සනට පෙවුනා.එයාට මේ දර්ශනය අමතක නොවෙන තරම් ලස්සනට පෙවුනා.
එයාගේ කැප්ටන් , එයා එක්ක ඇවිදන් යනවා.කැප්ටන්ගේ තොල් අග රැදුන සිහින් හිනාව, බලාපොරොත්තු සහිත ඇස් කැප්ටන් අද ගොඩක් සතුටින් ඉන්නේ කියලා පෙවුනා.

Jeonට කැප්ටන්ගේ ලස්සන කම්මුල් අල්ලන්න හිතුනා,සිනිදු තොල් සිප ගන්න හිතුනා.කැප්ටන්ව තදින් බදාගන්න ඕන උනා.....
අගනුවර තරුණ කාන්තාවන්ගේ ඇස් කැප්ටන් දිහාවට හැරිලා තියනවා දැක්කම කැප්ටන්ව හංගන්න හිතුනා,
කාටවත් නොපෙනෙන කවුරුත් නොදකින තැනක ගිහින් හංගන්න ගිතුනා.....

කැප්ටන් ,jeon හවස් වෙනතුරුම මුලු අගනුවරම ඇවිද්දා, මේ වෙනකොට කැප්ටන්ට ජෙනරාල්,ජෙනී මීට කලින් සිදුවීම් හැමදේම අමතක වෙලා තිබ්බේ.
කැප්ටන්ට මේ මොහොතේ ඒවා කිසි දෙයක් ගෙන හිතන්න ඕන උනේ නෑ,

එයාගේ jeon එයා ලග, එයාගෙ අතින් අල්ලන් ඇවිදිනවා,
කතා කරනවා, හිනා වෙනවා....
විහිලු කරනවා, හරියට කිසිම දෙයක් සිද්ද උන් නෑ වගේ.
කැප්ටන් ,jeon එක්ක ලගින් ආදරෙන් අද දවසම ගත කරා,

Jeon මේ හැම තප්පරේම එයාගේ හදවතේ ගැඹුරෙම තද කර ගත්තා.
නොදැනිම සද අහසට එන්න පටන් ගත්තා , මුලු අහසම අදුර ගිලගෙන රාත්‍රිය උදා උනත් අද සැණකෙළියට අගනුවරම සරසලා තිබ්බ නිසා අගනුවර ආලෝකවත්, ලස්සනයි.

TH-" jeon ssi.... අද අගනුවර ගොඩක් ලස්සනට සරසලා....."

Jk-" ඔව් ගොඩක් ලස්සනයි..."

Jeonගේ ඇස් තිබුනේ කැප්ටන් දිහාවට.

TH-" තව ටිකකින් සැනකෙළිය පටන් ගන්නවා , අපිත් පහන් කූඩුවක් පත්තු කරමු..... "

Jk-" හරී.... හ්‍යුන්ග් "

සෙනග රැස් වෙලා පහන් කූඩු පත්තු කරන්න අරන්,මිනිස්සුන්ගේ ප්‍රාර්තනා ගොඩක් රැගත් පහන් කූඩු අහසේ පාවෙලා අවසානේ දැවිලා යනවා,
කැප්ටන් ,jeon දෙන්නත් පහන් කූඩුවක් අරන් පත්තු කරා...
Jeon තව දුරටත් කිසිම දෙයක් ප්‍රාර්තනා කරේ නෑ....

එයාට ඕන උනෙ කැප්ටන්ගේ සතුට විතරයි. කැප්ටන්ට අවශ්‍ය උනේ jeonව , එයාගේ සතුට උනේ jeon.
ප්‍රාර්තනාවක් නැති හිස් පහන් කූඩුව අහසේ පා කරලා යැව්වා....
කැප්ටන් ,jeon එයාලගේ පහන් කූඩුව අහසේ තරුවක් වගෙ පෙනිලා නැති වෙලා යනකන්ම බලන් හිටියා.

TH-" jeon shii... බඩගිනිද ? "

Jk-" නෑ හ්‍යුන්ග්....අද මං ගොඩක් සතුටින් මට බඩගිනි නෑ...."

TH-" ඊයේ රෑ කෑවට පස්සේ කාලා නෑ කොහොමද බඩගිනි නෑ කියන්නේ "

Jk-" හ්‍යුන්ග් මං ලග , අද මගෙ මනස හ්‍යුන්ගේ මතකයන් වලින් පිරුනා ,
ඉතින් බඩගිනි නෑ "

TH-" එහෙනම් ජීවිත කාලෙම නොකා ඉන්න වෙයි. මොකද ඔයාගෙ හ්‍යුන්ග් ජීවිත කාලෙම ඔයා එක්ක ඉදලා අපි දෙන්නගෙ මතකන් වලින් ඔයාගෙ මනස පුරවන්නයි යන්නේ...."

කැප්ටන් විහිලුවට එහෙම කියලා jeonගේ කම්මුල ඇගිලි තුඩු වලින් මිරිකන ගමන් හිනා උනත්, jeonගේ ඇස් කදුලු වලින් පිරුනා.
දත් නොපෙන්වා තොල් වලින් හිනා උනා.
Jeon ඉක්මනින් ඇසිපිය ගහලා කදුලු නවත්ත ගත්තා.
එයාට උවමනා උනේ නෑ කැප්ටන් එයාගේ කදුලු දකිනවට.
Jeon ඉක්මනින් කැප්ටන්ගේ ඇස් මග ඇරලා අහක බලා ගත්තා.

TH-" අහ් , අතනින් ගිහින් කමු.... "

කැප්ටන් ඇගිල්ල දික් කරලා කෑම කන්න තැනක් පෙන්නුවා.
එතන වැඩිය සෙනග පේන්න හිටියේ නෑ

Jk-" හ්‍යුන්ග් මීට කලින් මේ අවන්හලට ඇවිත් තියනවද ? "

TH-" නෑ.... ඒත් එතන සෙනග නැති හින්දා නිදහස් වගෙ හිතෙනවා "

Jk-" යමු... එහෙනම් "

කැප්ටන් ,jeon දෙන්නා අවන් හලට ගියා. අවශ්‍ය කෑම ඇනවුම් කරලා කන්න ගත්තා...
එයාලා පලවෙනි වතාවට අගනුවර අවන්හලක රාත්‍රී කෑම කන්නේ,
අගනුවර ලස්සනට සරසලා , ආලෝකවත් ,අහසේ පහන්කූඩු පාවෙනවා,

පුංචී ලමයි, දෙමවුපියෝ එක්ක අද ගොඩක් සතුටෙන් අගනුවර සැණකෙලි නරඹනවා, සමහරුන් හයියෙන් හිනාවෙනවා, කතා කරනවා,
මිනිස්සු ගොඩක් සතුටෙන්.
රටේ යුද්දයක් තිබ්බත් මිනිස්සු මේ වගේ පුංචි, පුංචි දේවල් වලින් සතුටු වෙන විදිය කැප්ටන් බලන් හිටියේ පුදුමෙන් කෑම කන ගමන්.

අනිත් පැත්තෙන් jeon එයාගේ ලෝකේ දිහා බලන් හිටිය,
ඇස් පුදුමෙන් බලන් ,කෑම තොල් අතර රදවගන්න කැප්ටන් දිහා jeon ඇස් පිය නොහෙලා බලන් හිටියා.
එයාට ඒ වෙලාවෙ එයාගේ ලෝකේ එයා ඉස්සරහ ඉන්නවා පෙවුනා,
එයාගේ හැමදේම.....

'මට ඔයා නැතුව ඉන්න අමාරු වෙයි කැප්ටන් , මං ඔයාට ගොඩක් ආදරෙයි'

Jeonගේ ඔලුවේ දෝංකාර දුන්නේ ඒ සිතුවිල්ල විතරයි.

TH-" jeon ssi... කෑම කාලා ඉවරද ? "

Jk-" ඔව්... "

TH-" ම්ම්ම්... එහෙනම් ගෙදර යමු "

Jk-" මුදල් ගෙවන්න ඕනේ "

TH-" අහ්! ඔව්.... ම්ම්ම් මුදල් ගෙවලා එන්න එහෙනම් "

Jk-" හ්‍යුන්ග් , ඔයා ගෙවලා එන්න "

TH-" හරි මුදල් දෙන්නකෝ "

Jk-" හ්‍යුන්ග් මං මුදල් අරන් ආවේ නෑ,
කොහොමත් මං නෙමේනේ හ්‍යුන්ග්නේ මුදල් අරන් එන්නේ වෙනදටත් "

TH-" jeon ssii අමතකද , ඊයේ රෑ මාව පාර්ක් එක්කන් ආවේ නිදාගන්න යනවෙලාවේ,
එවෙලේ මුදල් ගන්න උන් නෑ,
මං එවෙලෙම ආවනේ "

Jk-" හ්‍යුන්ග් මට මුදල් ගන්න උනෙත් නෑ, උදේ කෑම හදන්න යනකොට මාව එක්කන් ආවේ.....
ඉතින් මට මුදල් ගන්න වෙලාවක් උන් නෑ "

TH-" එතකොට දැං කෑම කන්න ආවේ මුදල් නැතුවද ? "

Jk-" මං හිතුවේ හ්‍යුන්ග් ලග ඇති කියලා"

TH-" මං හිතුවේ jeon ssi ලග ඇති කියලා... "

Jk-" මං ලගත් මුදල් නෑ.... "

TH-" දැං කොහොමද බිල ගෙවන්නේ "















# To be continue #

______________________________________

~දිනපොත~

' මං අද ඒ ඇස් වල කදුලු දැක්කා '
' මං අද ඒ ඇස් වල කලබලේ දැක්කා '
' මං අද ඒ ඇස් වල දුක දැක්කා '
' මං අද ඒ ඇස් වල බය දැක්කා '
' මං අද ඒ ඇස් වල අසරණකම දැක්කා'
' මං අද ඒ ඇස් වල ආත්මාර්ථකාමීත්වය දැක්කා '

' මං අද ඒ ඇස් වල ආදරේ දැක්කා,
ඔව් ඒ අවංක ආදරේ.....
ඒ ඇස් වල මේ හැම හැගීමක්ම තිබ්බේ මං හින්දා , එයාගේ මේ දැං දකින්න තියන හැම හැගීමක්ම මං හින්දයි ,
මට සමාවෙන්න මං ඔයාව ගොඩක් වෙනස් කරලා,
මං ඔයාගේ හැගීම් ගොඩක් වෙනස් කරලා,



🍁Merida🍁

Continue Reading

You'll Also Like

6.9K 1.7K 17
"එපා! ඔයා ඕක කරන්න ඕනේ නැහැ.අනික මම නේ ඔයාගේ ඇගේ වැදුනේ ප්ලීස්...ඔයා ඔහොම කරන්න ඕනේ නැහැ" ජිමින් ඉක්මනට ටේහයුන් අතේ තිබ්බ බෑග් එක උදුරන් පපුවට තුරුලු...
263K 46.1K 72
🐯: ෆක් ජන්කුක්....!!!!! 🐰: මං පක් ජන්කුක් නෙමෙයි...මං ජියෝන් ජන්කුක්.... හුරතල් කොල්ලෙක්ගේ දඟ වැඩ වලින් පීඩා විදින දඩබ්බරකාර කොල්ලෙක්ගේ අසරණ ජිවීත...
62.8K 8.5K 34
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...
24.1K 4.5K 27
අද්භූත කොල්ලෙක්ට සාමාන්‍ය කොල්ලෙක්ගෙන් අවංක ආදරයක් ලැබුනොත් මොනවගේ දෙයක් වෙයිද.....???? . . . අද්භූත ආදරයක්.......... . විශ්වාසයක් නැති ආදරයක්...