I met you

By Marivok

165K 32.1K 11.8K

මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක... More

Notice
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Happy birthday කැප්ටන් 👑 💜️
Chapter 19 (S)
Chapter 20
Chapter 21
Sorry
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25 (s)
Chapter 26
Thank you...❤
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32 ( NS)
Chapter 34
Chapter 35
Chapter 36 (s)
Chapter 37
Chapter 38
Chapter 39
Kimjeon
🥺
seoson 2
Chapter 40
Chapter 41
Chapter 42
A/N
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54 (s)
Chapter 55
Chapter 56
Chapter 57 (NS)
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63 (Ns)
Happy b'day professor 👑 💜️
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70 (s)
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76 (s)
Chapter 77
Chapter 78
Chapter 79
Happy b'day sugar daddy 👑 💜️
Chapter 80
Chapter 81
Chapter 82
Chapter 83
Chapter 84 (s)
Taekook
Chapter 85
CP-86 END
Announcement

Chapter 33

1.2K 308 80
By Marivok

================================
_____________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

1966. ජූලි......

~දිනපොත~

අද 1966.ජූලි. 26 තවමත් උදේ 7ට විතර ඇති, කැප්ටන් ඉන්නවා නම් කවදාවත් මං මෙච්චර උදේ ඇහැරෙන් නෑ,
ඒත්, තවම කැප්ටන් ආවේ නෑ....
ඊයේ රෑ පාර්ක් හ්‍යුන්ග් ඇවිත් කැප්ටන්ව අරන් ගියා....
ඒත්, මං රෑ එලි වෙනකන් එයා එනකන් බලන් ඉන්නවා.
තවම කැප්ටන් ආවේ නෑ.
එයාලා කොහෙ ගියාද කියලා මං දන් නෑ.
ඒත් ඇයි මගෙ හිතට අමුතු බයක් දැනෙන්නේ,
මට අද අමුතු හැගීමක් දැනෙනවා,

අද අගනුවර සැණකෙළියට කැප්ටන් මාව අරන් යන්න පොරොන්දු උනා,
ඒ වගේම ගිහින් එන්නම් කියලත් පොරොන්දු උනා.
මං දන්නවා කැප්ටන් කවදාවත් පොරොන්දු කඩන කෙනෙක් නෙමේ,
එයා එනකන් මං ඉන්නවා,
මං මේ ගෙදර රැයක් තනියෙන් ඉන්න බය නෑ, මේක අපේ ගෙදර, මගෙයි කැප්ටන්ගෙයි ගෙදර....
ඒත්, මං දන් නෑ අද මට අමුතු හැගීමක් දැනෙනවා.
නොවිය යුතු දෙයක් වෙලා වගේ දැනෙනවා.

අද හුලග පවා අමුතුයි , මං දන්නවා මේ වසන්තය ඉවර වෙලා තියන කොල හැලෙන කාලේ, ගිම්හානය..
ඉතින් වසන්ත කාලේ තරම් හුලග සීතල නෑ, නිදහස් නෑ.... හුලං වල වසන්තයේ ලැබෙන පහස නෑ. කටුකයි....
ඒත් මං දන් නෑ ඇයි අද හුලග වෙනදටත් වඩා කටුක වෙලා ,
වෙනදටත් වඩා වෙනසක් දැනෙනවා,

මං දන්නවා දැං කැප්ටන් ආවම මට හොදටම බනී ඇයි නිදා ගත්තේ නැත්තේ කියලා, ඒත් මං මොනා කරන්නද ?,
කැප්ටන් නැතුව මට නින්ද යන් නෑ,
එයාගේ උණුසුමට තුරුල් වෙලා නිදාගන්න මට හුරු වෙලා,
තනියෙන් නින්ද යන් නෑ....
කැප්ටන් කොච්චර සැර කරත් මට එයාට මොකුත් කියන්න බෑ ,
ඒත් ඉතින් මං අහන් ඉන්නවා,
මං දන්නවා කැප්ටන් මේ හැමදේම කරන්නේ මට ආදරේ හින්දා එයා මට ගොඩක් ආදරෙයි.....
මං ඊටත් වඩා කැප්ටන්ට ආදරෙයි....
දැං මං එයා එනකන් බලන් ඉන්නවා,
මං දන්නවා එයා දැං පොරොන්දු උන විදියට අනිවාරෙන්ම එනවා....
එයා එනකන් ඉන්නවා,

...............................................................

Jeon එයාගේ දිනපොත වහලා තිබ්බා ,
කැප්ටන් ,පාර්ක් එක්ක ගිය ගමන තවම ආවේ නෑ,
ඒත් එයා විශ්වාස කරා කැප්ටන් එනවා කියලා,
කැප්ටන් එනකන් මුලු රෑම ඇහැරිලා බලන් හිටියා.

' හ්‍යුන්ග් ආවම කන්න දෙයක් හදන්න ඕනේ... '

Jeon කුස්සියට ගියේ උදේට කන්න දෙයක් හදන්නයි.
ඒත් දොරට තට්ටු කරන සද්දයක් ඇහිලා jeon ඉක්මනින් දොර ලගට ගියේ එයාගේ හ්‍යුන්ග් බලාපොරොත්තුවෙන් ,
Jeon දොර ඇරියත් එයාට පේන්න තිබ්බේ එයා කීයටවත් බලාපොරොත්තු නොවුන දෙයක්.

කදවුරේ සෙබලු තුන් දෙනෙක් ගෙදර දොරකඩ හිටගෙන ඉන්නවා,
Jeonට කෙලත් ගිලුනා.

" ඩොක්ටර් jeon.... ම්ම්ම්... කොහොමද ඉතින් ,"

එක සෙබලෙක් කට කොනින් හිනාවෙන ගමන් ඇහුවා , jeonට කොහොම උත්තර දෙන්නද මොනවා කියන්නද කියලා හිතා ගන්න බැරි උනා , අනික මේ සෙබලු මේ තැන කොහොමද හොයා ගත්තේ ?

Jk-" හො..හොදයි "

" ම්ම්ම්හ්... හරි එහෙනම්... එහෙනම් අපිත් එක්ක යමුද "

Jk-" කො..කොහෙ.... කොහෙද ? "

" ඔයාට යන්න වෙන තැනට , මේක ජෙනරාල්ගේ අණක්...දැම්ම ලෑස්ති වෙන්න අපි එක්ක යන්න "

Jk-" කැ..කැප්~~~ "

" කැප්ටන්වත් මුණ ගැහෙන්න පුලුවන් , එයත් එතන ඉන්නවා... "

සෙබලු හයියෙන් හිනා උනා.

සෙබලු දෙන්නෙක් jeonගේ අතින් අල්ලන්න හැදුවත්.

Jk-" එපා.. මට එන්න පුලුවන් , අල්ලන්න එපා "

" ඔහ් .. ! කැප්ටන්ගේ ස්පර්ශයට විතරක් රහ වැටිලා වගේ "

Jeon එතනින් එහාට මොකුත් නොකියා ඉන්න තීරණේ කරා.මොකද එයා දැනටමත් සමාජේ ඉස්සරහා විහිලුවක් කියලා එයා දන්නවා. එයාගෙ ආදරේ මේ මිනිස්සුන්ට විහිලුවක් වෙලා.

" දැං යමු ! ජෙනරාල් ඉක්මනින් අරන් එන්න කිව්වා "

Jeon ලොකු හුස්මක් අරන් සෙබලු දිහා බැලුවා, jeonගේ හිත නොසන්සුන් ,
මොකද දැං වෙන්න යන්නේ,
ඇයි මෙහෙම වෙන්නේ,
එයා ලගින් දැං කැප්ටන් නෑ,
Jeonට වෙන කරන්න දෙයක් නෑ , සෙබලු තුන් දෙනෙක් එක්ක එයාට කිසි දෙයක් කරන්න බෑ. ඒකත් ජෙනරාල්ගේ සෙබලු තුන්දෙනෙක්.
කැප්ටන්ගේ සෙබලු තරම් ජෙනරාල්ගේ සෙබලු කාරුණික නෑ කියලා jeon දැනන් හිටියා.

අවසානේ jeon ගෙදර දොරත් වහලා සෙබලු එක්ක යන්න ලෑස්තු උනා,
Jeonගේ හිතට ලැබුනු එකම සහනය ගමනාන්තයේ කැප්ටන් ඉන්නවා කියලා දැනගන්න ලැබුන එකයි.
' මැරුනත් කැප්ටන් ලග ' jeon එහෙම හිතලා තොල් වල පුංචි හිනාවක් රදවගෙන සෙබලු එක්ක අඩිය තියලා ඇවිදන් ගියා.
සෙබලු ඇවිත් හිටියේ කදවුරේ වාහනේකින්,
Jeon ඒ වාහනේට නැගලා සෙබලු එක්ක යන්න ගියා ,

" ඩොක්ටර් jeon , කැප්ටන් එක්ක ගත කරපු දවස් කොහොමද ? "

සෙබලු හිනා වෙලා ප්‍රශ්න කරා ,

Jk-" මං හිතන්නේ ඒක සෝල්ජර්ලගේ රාජකාරියක් නෙමේ,
අනිත් අයගේ දේවල් හොයන එක "

" ඩොක්ටර්ලගේ රාජකාරියද එතකොට පිරිමින්ට ඇගෙන් ප්‍රයෝජන ගන්න දෙන එක "

" එහෙම නම් අපිටත් අවස්තාවක් දෙන්න , අපිටත් පුලුවන් කැප්ටන් තරම්ම හොදට සලකන්න "

සෙබලු හිනාවෙන්න ගත්තම jeon ගොඩක් අපහසුතාවෙට පත් උනා,ඇයි මේ මිනිස්සු මෙහෙම කියන්නේ,
ඇගෙන් ප්‍රයෝජන ගන්නවා කියන්නේ,
කාන්තාවක් එක්ක එකට ජීවත් උනා නම් ආදරේ කරා කියනවා, ඒත් පිරිමියෙක් එක්ක එකට ජීවත් උනාම ඇගෙන් ප්‍රයෝජන ගත්තා කියනවා,

Jeonගේ පපුව මිරිකෙනවා වගේ තේරුනා. එකම ලෝකෙක, එකම හදවත් තියන මිනිස්සු, එකම විදියට ජීවත් උනත් ස්ත්‍රී - පුරුෂ වෙනස හින්දා ඒ බැදීම් වලට සලකන විදිය වෙනස් ,

Jk-" කැප්ටන් කිසිම වෙලාවක වැරදි විදියට මගෙ ඇග පාවිච්චි කරේ නෑ "

" එහෙනම් කැප්ටන් එක්ක මාස ගානක් රැයවල් එකට ගත කරේ,
කැප්ටන් ඔයාගේ ඇගෙන් එයාගේ අවශ්‍යතා ඉටු කර ගත්තා නෙමේද?
ඉතින් කැප්ටන්ට පුලුවන් නම් අපිට බැරි ඇයි ? "

Jk-" අපි ආදරේ කරා සතුටින් ජීවත් උනා එච්චරයි "

සෙබලු හිනා වෙන්න ගත්තා.

" ආදරේ? "

සෙබලු තවත් හයියෙන් හිනා උනා,

" කොච්චර ශෝකනීයද? පව් අසරන ඩොක්ටර් "

" ආදරේ හින්දද මාස ගානක් ඔයාගේ ඇග පාවිච්චි කරලා වෙන කෙනෙක්ව විවාහ වෙන්නේ "!

Jk-" විවාහ ? කාවද ? "

" ජෙනරාල් සර්ගේ දුව ජෙනී මිස් ව "

Jk-" ඒක වෙන් නෑ, කැප්ටන් විවාහ වෙන්න බෑ කියලා මිස් ජෙනීව අත ඇරලා දාලා ගොඩක් කල් "

" ප්ෆ්ෆ්..... කොච්චර පවුද? මං හිතන්නේ තවම ඩොක්ටර් jeon දන් නෑ වගෙ "

Jk-" මොකද්ද ? "

" කැප්ටන් ඊයේ රෑ ජෙනී මිස් එක්ක විවාහෙට එකග වෙලා ඉන්නේ "

" තව සතියකින් එයාලගෙ විවාහය, දැනටමත් මුලු අගනුවරටම පණිවිඩේ දීලා ඇති, ඒත් කැප්ටන්ගේ සුරතලා තවම ඒක දන් නෑ "

' කැප්ටන්ගේ සුරතලා ' කියන වචනෙට jeonගේ ඇස් වලින් කදුලු වැක්කෙරෙන්න ගත්තා. ඇයි මිනිස්සු මෙහෙම සලකන්නේ, එයා කැප්ටන්ගේ සුරතලා නෙමේ, කැප්ටන්ගේ ආදරේ,
ඒත් මිනිස්සු ඇයි.....

ජෙනීගේ විවාහය ඒක උනේ කොහොමද jeonට ඊටත් වඩා වේදනාවක් දැනුනේ ජෙනී, කැප්ටන් සතියකින් විවාහ වෙනවා කියලා කිව්වමයි.

Jk-" නෑ... කැප්ටන් විවාහ වෙන් නෑ "

" ඔයාට ගියාම දැනගන්න පුලුවන් කැප්ටන්ගෙන්ම "

Jk-" ම..මට... මට කැප්ටන් විශ්වාසයි "

කැප්ටන් ඇස් අගින් වැටෙන කදුලු පිහදාන ගමන් මිමිණුවා .
.
.
.
.
.

පැයක පමන ගමනක අවසානයේ එයාලා ගමනාන්තයට ආවා.
Jeon වාහනෙන් බැහැලා සෙබලු පිටුපසින් කුටියක් ඇතුලට ගියා,
ඒක ටිකක් අදුරු කුටියක්, ඒත් දල්වලා තිබුණු පහන් ආලෝක හින්දා සාමාන්‍ය එලියක් තිබ්බා.

Jeon ඒක ඇතුලට යනකොට දැක්කේ ජෙනරාල් සහ තවත් සෙබලු වගයක් හිනා මූනෙන් එතනට වෙලා හිටන් ඉන්නවා.
ඩොක්ටර් පාර්ක්, ලුතිනන් යුන්ගී සිර කූඩුවක් ඇතුලේ දාලා,
යුන්ගිගේ ඇගේ හැමතැනම රතු පාට තැලුම් පාරවල්.
තොල පැලිලා, ඒ වගේම කකුලෙත් ආබාදයක් වගේ පෙවුනා,
ඩොක්ටර් පාර්ක් ලුතිනන් ලගින් වාඩි වෙලා ඉන්නවා, පාර්ක්ගේ ඇස් හොදටම ඉදිමිලා. අඩලා වගේ පේනවා.

G-" ඕකව දණ ගස්සනවා "

ජෙනරාල් අණ දුන්නා, සෙබලු දෙන්නෙක් jeonව අල්ලලලා දණ ගස්සන්න ආවත් ඒ සෙබලු jeonව අල්ලන්න කලින් jeon දණ ගැහුවා,

G-" ඔහ්! කොච්චර කීකරුද , මට පේන්නේ කැප්ටන් හොදට පුහුණු කරලා තියනවා වගේ "

Jeon හිටියේ තවමත් බිම බලාගෙන,

G-" කැප්ටන්ගේ ගණිකාව...... "

ජෙනරාල් එක්කම එයාගේ සෙබලු හයියෙන් හිනා උනත්, Jeonගේ ඇස් වලින් කදුලු වැටෙන්න ගත්තා.
Jeonට කියන්න දෙයක් නෑ,
එයාට ශක්තියක් නෑ,
බලයක් නෑ......

Jk-" තමුන්ලට ඕනේ මාව මරන්න නම් මරනවා, දඩුවම භාර ගන්න ලෑස්තී,
මියුන්ගිගේ වරදේ දඩුවම දෙනවා.. ඒත්,
ඒත් අමතක කරන්න එපා දවසක කැප්ටන් තමුන්ලට විදවන්න සලස්වයි "

ජෙනරාල් jeon ලගට ඇවිත් එයාගේ රළු අත් වලින් jeonගේ කම්මුලට පාරක් ගැහුවා, jeonගේ කම්මුලේ රතු පාටින් ඇගිලි පාරවල් අච්චු ගැහුනා,
ජෙනරාල්ගේ කම්මුල් පාර නිසා jeonගේ කම්මුල රත්වීගෙන ගිහින් ඇස් වලින් කදුලු විසික් උනත් jeonගේ තොල් වල තිබ්බේ හිනාව,

G-" තමුන් තවමත් කැප්ටන්ව අත අරින්න ලෑස්ති නැද්ද ? "

ජෙනරාල් කැප්ටන් ,jeonගේ සම්බන්දේ දන්නවා, එයාට ඒක කට්ටියට ඔප්පු කරලා කැප්ටන්ට මරන දඩුවම දෙන්න උවමනා උනත් ජෙනී හින්දා බෑ කියලා jeon දැනන් හිටියේ,

ජෙනරාල් එයාගේ දුවගේ සතුට වෙනුවෙන් කැප්ටන් තවත් පිරිමියෙක් එක්ක සම්බන්දයක් තියනවා කියලා ඔප්පු කරන් නෑ, ඒ විතරක් නෙමේ ඒක රහසක් විදියට තියාගන්නවා කියලත් jeon දන්නවා,

Jk-" නෑ... පුලුවන් නම් මාව මරනවා "

මියුන්ගිගේ අතවර නඩුවේ වැරදි කාරයා විදියට jeonට මරන දඩුවම දුන්නොත් කැප්ටන් කවදාවත් ජෙනීව විවාහ කර ගන් නෑ ,
කැප්ටන් jeonට ආදරෙයි කියලා කියන්න දෙයක් නෙමේ,

මොකද ජෙනරාල් මේ වෙනකොටත් කැප්ටන්ගේ හිතේ jeon ගෙන තිබ්බ ආදරේ දැක්කා,
ජෙනරාල්ට ඕන උනා කැප්ටන් එයාගේ දුවටත් ඒ වගේම ආදරේ කරනවට,
ඒත් එයාට කරන්න දෙයක් නෑ, කැප්ටන් jeon ඉන්නකන් ලේසියෙන් වෙනස් වෙන් නෑ, jeonව මැරුවත් කැප්ටන් ජෙනීව කීයටවත් විවාහ කර ගන් නෑ,

ඒ වෙනුවට ජෙනරාල්ගෙන් පලි ගනී කියලා දැනන් හිටියා ,
එයාලට තිබ්බ එකම විසදුම jeonගේ හිතෙන් කැප්ටන්ව අත අරවන්න ,
Jeonම කැප්ටන්ගෙන් ඈත් වෙලා ගියොත් කැප්ටන්ගේ හිත වෙනස් කරලා ජෙනීව කොහොම හරි විවාහ කරවන්න පුලුවන් කියලා ජෙනරාල් දැනන් හිටියා.

ඒ හින්දා එයාලා එයාලගේ සැලැස්ම ක්‍රියාත්මක කරා.

.
.
.

#දිනකට පෙර මතකය(1966.ජුලි.25)#

" ජෙනරාල් , එයාලා මොනවා හරි හුවමාරු කරා, පොතක් වගේ දෙයක්,
ඒත් අපිට කැප්ටන්ව මග ඇරුනා "

G-" ආර්හ්! වැඩක් දුන්නම හරියට කරන්න බැයිද මිනිහෝ,
දවස් කීයක් කැප්ටන්ව මග ඇරගත්තද"

" කැප්ටන් එක්ක ලුහුබදින එක අමාරුයි ජෙනරාල් ,
කැප්ටන් තමා කදවුරේ හිටපු හොදම සැගවී පලා යන්නා, ඉතින් අපි කොහොමද කැප්ටන්ව ලුහු බදින්නේ "

G-" හැබැයි ඊලග දවසේ බෑ, හරි දැං යනවා ලුතිනන් යුන්ගී ගෙන අවදානෙන් ඉන්නවා,
ආයෙ ලුතිනන් යුන්ගි කැප්ටන්ව හම්බෙන්න යන දවස හොයා ගන්නවා "

ජෙනරාල්ගේ ඔෆිස් කාමරේ හිටපු සෙබලු දෙන්නා ජෙනරාල්ට ආචාර කරලා යන්න හැදුවත්.

G-" ඔහ්! පොඩ්ඩක් ඉන්න, තමුන්ලට හොදටම විශ්වාසද කැප්ටන් ලුතිනන්ට පොතක් වගේ දෙයක් දුන්නා කියලා "

" ඔව් ජෙනරාල් අපි දැක්කා කැප්ටන් ලුතිනන් යුන්ගිට පොතක් වගේ දෙයක් දුන්නා "

G-" හොදයි, කොහොම හරි ඒක හොයන් එනවා "

" හරි ජෙනරාල් "
.
.
.

පැයකට විතර පස්සේ සෙබලු දෙන්නා යුන්ගියේ කූඩාරමෙන් කැප්ටන් දුන්න ලොයකියවිලි අරන් ආවා.
ජෙනරාල් තොල් අග අමනුස්ස හිනාවක් එක්ක ලියකියවිලි හොදින් බැලුවා,

G-" හොදයි...හොදයි...හොදයි... දැං ගිහින් ලුතිනන් යුන්ගිව දැම්ම වදකාගාරයට අරන් එන්න. "

ජෙනරාල් තොල් අග අමනුස්ස හිනාවක් එක්ක වදකාගාරය පැත්තට ගියා.
ටිකකින් සෙබලු ලුතින්ස්න් යුන්ගිව ඇදන් ඇවිත් වදකාගාරයෙන් දැම්මා,

G-" ලුතිනන් මින් යුන්ගී.... කැප්ටන්ගේ සුහච කීකරු සේවකයා.....
මං හරිනේ "

ජෙනරාල් කටු දංවැලක් අතේ අරන් ලුතිනන් වටේ කැරකුනා,
ඒ වෙනකොටත් ලුතිනන් යුන්ගිගෙ අතපය බැදලා දණ ගස්සවලා තිබ්බෙ,

Yg-" ජෙනරාල් ඇයි ? මං මොකද කරපු වරද? "

G-" තමුන් දන්නවා, කැප්ටන්ව හොයන්න අණක් දීලා තිබ්බේ,
කැප්ටන්ව හම්බුනොත් දැනුම් දෙන්න කියලා තිබ්බේ,
එහෙම නේද ? "

Yg-" ඔ..ඔව් "

G-" ඒත් තමුන් කැප්ටන්ව හම්බවෙන්න යනවා, කැප්ටන් එක්ක ගණුදෙනු කරනවා, වැරදිකාරයෙක් එක්ක ගණුදෙනු කරනවා , "

Yg-" මං...මං කැප්ටන්ව මුන ගැහුන් නෑ"

G-" තවත් බොරු කියන්න එපා,
මං දන්නවා හොදින්ම, තමුන් කැප්ටන්ව මුන ගැහුනා "

Yg-" ඒත් මං මුණගැහුනා කියලා ඔප්පු කරන්න සාක්ෂි නෑ "

ජෙනරාල් හයියෙන් හිනා උනා, යුන්ගිගේ මූන තවත් අදුරු උනා,
එයා දැනන් හිටියා ජෙනරාල්ගේ හිනාවට අනිවාරෙන් හේතුවක් තියනවා කියලා,

ජෙනරාල් එයා ලග තිබ්බ ලියකියවිලි යුන්ගි ගාවට විසික් කරා,
යුන්ගි ඇස් පියාගෙන දිග හුස්මක් ගත්තේ දැනටමත් එයා අහුවෙලා ඉවරයි කියලා දන්න නිසා,

G-" යුධ සැලසුම්, මේවා කැප්ටන්ගේ ඒවා, අනිවාරෙන් මේ වගේ සැලසුම් කැප්ටන්ගේ .... මේවා කැප්ටන් ලියපුවා,
මේවා තිබ්බේ තමුන්ගේ කූඩාරමේ,
තවත් කියනවද කැප්ටන්ව හම්බුන් නෑ,
කැප්ටන් එක්ක කිසිම ගණුදෙනුවක් කරේ නෑ කියලා, "

ජෙනරාල් යුන්ගිගේ නිකටෙන් අල්ලලා ඉස්සුවා.

G-" රජයෙන් මරණ දඩුවම නියම උන මිනිහෙක්ට හැංගිලා ඉන්න උදව් කරනවා කියන්නේ තමුනුත් අපරාදකාරයෙක්,
තමුන්ටත් අයිති මරණ දඩුවම හරිනේ? "

ජෙනරාල් හිනාවෙලා ආයෙත් යුන්ගිගේ නිකට අතඇරියා ,

G-" හරි තමුන්ට තමුන්ගේ ජීවිතේ බේර ගන්න උවමනා ඇතිනේ , මං අවස්තාවක් දෙන්නම්.
මං අහන දේට උත්තර දෙනවා.....
ඇත්තම කියනවා, "

ජෙනරාල් එතන තිබ්බ පුටුවකින් වාඩි වෙලා දණ ගහගෙන ඉන්න යුන්ගි දිහා බැලුවා.

G-" කැප්ටන් කොහෙද ඉන්නේ ? "

යුන්ගී කිසිම උත්තරයක් දුන්නේ නෑ,
ජෙනරාල් ටික වෙලාවක් බලන් ඉදලා කටු සහිත දම්වැල අතට අරන් නැගිට්ටේ කේන්තියෙන්.

G-" කියනවා කැප්ටන් කොහෙද ඉන්නේ ? "

Yg-" මං දන් නෑ "

යුන්ගී කැප්ටන් ඉන්න තැන හොදටම දන්නවා, ඒ දැනගෙන බොරු කියන්නේ කියලා ජෙනරාල් දැනන් හිටියේ.

ජෙනරාල් දත්මිටිකාගෙන දම්වැල අල්ලන් යුන්ගිට පහර දුන්නා,
කටු සහිත දම්වැල යුන්ගිගේ හම පාසාරු කර ගෙන සිදුරු ඇති වෙලා ලේ ගලන්න උනා,
ජෙනරාල් දිගටම පහර දුන්නත් යුන්ගි කිසි දෙයක් කිව්වේ නෑ,

ජෙනරාල්ට හති වැටෙනකන්, යුන්ගිගේ ලේ වලින් යකඩ දම්වැල තෙත් වෙලා ලේ බින්දු දම්වැල් පුරුක් අතරින් ගලනකන් පහර දුන්නත් යුන්ගී කැප්ටන් ඉන්න තැන එලි කරේ නෑ,
අවසානේ ජෙනරාල් එයාගේ සෙබලුන්ට අණකරා යුන්ගිට කසපහර දෙන්න,
ඒත් අවසානේ උනේ කසපහර අතරතුරේදිම යුන්ගි සිහිසුන් උනා,

" ජෙනරාල් මිනිහට සිහිය නැති උනා "

G-" වතුර ටිකක් ගහලා නැගිට්ටවනවා.......
අහ්! ඒත් ඔහොම ඉන්න, jeonගේ කූඩාරම් සහයකයා ගෙන්නන්න "

" ඩොක්ටර් පාර්ක්ව? "

ජෙනරාල් හිනා උනා,
වතුර එකක් ගහලා යුන්ගිව සිහිගන්නවන්න පුලුවන් කම තියෙද්දිත් ඩොක්ටර් පාර්ක්ව ගෙන්නන්න හේතුව ජෙනරාල් දැනන් හිටියා කැප්ටන් ,යුන්ගී අතර බැදීම වගේම jeon , පාර්ක් අතරත් හොද බැදීමක් තිබ්බා කියලා.
එතකොට යුන්ගී වගේම පාර්ක් පවා කැප්ටන් ,jeon දෙන්නා සැගවිලා ඉන්න තැන දන්නවා කියලා.

G-" ඔව් පාර්ක්ව අරන් එනවා, මගේ ඊලග ඉත්තා..... "

සෙබලු දෙන්නෙක් ගිහින් පාර්ක්ව එක්කන් ආවා,
ලුතිනන් යුන්ගි සිහිසුන්ව ඉන්නවා දැක්ක ගමන් පාර්ක්ගේ කකුල් දෙකත් පණ නැති උනා,
පාර්ක්ව දණින් වැටුනා, පාර්ක්ගේ ඇස් වලට කදුලු ආවේ ඇයි කියලා පාර්ක්ටවත් තේරුන් නෑ.
සිහිසුන්ව ඉන්න යුන්ගිගේ ඇගෙන් තවමත් ලේ ගලනවා.

G-" ඩොක්ටර් පාර්ක්, යුන්ගිට සිහිය ගන්වන්න,
අද එයාට තේරෙයි රටේ වැරදි කාරයෙක් උනාම වෙන දේ,
නීතියට පිටින් ගියාම වෙන දේ,
වැරදි කාරයන්ට හැංගිලා ඉන්න උදව් කරාම වෙන දේ,
කැප්ටන් ඉන්න තැන කියන්න බැයි නම් දුක් විදලම මැරිලා යයි "

ජෙනරාල් එහෙම කියලා හිනා උනා, පාර්ක් එයාගේ වෙව්ලන අත් වලින් යුන්ගිගේ මූන පිරිමැද්දා,
ඇස් අග කදුලු බින්දු තිබ්බා.
පාර්ක් ඉක්මනින් යුන්ගිගේ සිහිය ගත්තා,

ජෙනරාල් ආයෙත් කලින් වගේම පාර්ක් ඉස්සරහා පිට පහර දෙන ගමන නොනවත්වා කැප්ටන් ඉන්න තැන ප්‍රශ්න කරා. දෙවෙනි පාර සිහි නැති වෙනතුරුත් යුන්ගි උත්තර දුන් නෑ,
ඩොක්ටර් පාර්ක්ට අඩනවට වඩා කරන්න දෙයක් තිබ්බේ නෑ,

ජෙනරාල් කොච්චර පහර දුන්නත් යුන්ගිගේ කටින් කෙලබිදක්වත් පිට උන් නෑ. යුන්ගිගේ සිරුර මලකදකට ආසන්න වෙලා තිබ්බේ,
මිනිහෙක්ට දරා ගන්න බැරි වද යුන්ගිට දුන්නා.....

Jm-" ජෙ..ජෙනරාල් නවත්තන්න ... අනේ නවත්තන්න ...... කරුණාකරලා ලුතිනන් වේදනාවටම මිය යයි "

ජෙනරාල් හිනා උනා.....

G-" කොහොමත් මිය යන්න ඉන්නේ "

Jm-" ඒ කිව්වේ "

G-" වැරදි කාරයන්ට උදව් කිරීමේ වරදර jeonට දෙන්න තිබ්බ දඩුවම ලුතිනන්ට ලැබෙනවා "

Jm-" අනේ ජෙනරාල් කරුණාකරලා එපා"

G-" කැප්ටන් ඉන්න තැන ගෙන නොකිව්වොත් හෝ කැප්ටන් හෙට දවස ඇතුලත නැවත කදවුරට ආවේ නැත්තන් jeonගේ දඩුවම,
ඒ කියන්නේ අගනුවට ගිහින් මියයනතුරුම ගල් ගහනවා "

Jm-" නෑහ්.... එපා ජෙනරාල් "

G-" ඒකයි නීතිය ඩොක්ටර් පාර්ක් "

පාර්ක්ට එතනින් එහාට කරන්න දෙයක් හිතා ගන්න බැරි උනා,
පාර්ගේ ඇග වගේම මුලු හිතම වෙව්ලනවා වගේ දැනුනා,
පාර්ක් සිර වදකාගාරයෙන් එලියට දුවන් යන්න ගියා.ඩොක්ටර් පාර්ක් දැං දුවන් ගියේ කැප්ටන් හම්බෙන්න ,
යුන්ගිගේ ජීවිතය බේරගන්න ඕන හින්දා ඒ වෙනුවෙන් ඉල්ලන්න කියලා ජෙනරාල් දැනන් හිටියේ.

G-" මේ මනුස්සයව අරන් ගිහින් හිර කූඩුවට දානවා,
දැං මට ඕන දේ උනා "

ජෙනරාල් එහෙම කියාගෙන කටකොනින් හිනා වෙලා සෙබලු දෙන්නෙක්ට අණ කරා,ඒ සෙබලු දෙන්නා මලකදකට ආසන්න ලුතිනන් යුන්ගිව එතනින් අරන් යන්න ගියා.

G-" ඔය දෙන්නා පාර්ක්ව ලුහු බදින්න,
අනිවාරෙන් දැං කැප්ටන් හම්බෙන්න යයි,
කැප්ටන් ජීවත් වෙන්නේ කොහෙද කියලා හොයා ගන්න,
හොයාගෙන එන්න.....
ඊට පස්සේ කරන්න ඕන දේ කියන්නම්,
දැනට ඩොක්ටර් පාර්ක්ව ලුහු බදින්න ,
මේ සැරේ මග අරින්න බෑ....."

















# To be continue #

______________________________________

ලමයි අද මං දුන්නේ flashback එකක් ,
ඒක තේරුනාද? 🥺
එදා රෑ පාර්ක් කැප්ටන්ගේ ගෙදරට ගිහින් කැප්ටන්ව එක්කන් ගියේ එදා දවසේ කදවුරේ උන සිදුවීම කිව්වේ,
හෙටත් පොඩ්ඩක් flashback එකේ ටිකක් දානවා.....

එහෙම දැම්මම තේරුනාද?

කතාව පැටලුනොත් කියන්න....

🍁Merida🍁

Continue Reading

You'll Also Like

265K 46.1K 72
🐯: ෆක් ජන්කුක්....!!!!! 🐰: මං පක් ජන්කුක් නෙමෙයි...මං ජියෝන් ජන්කුක්.... හුරතල් කොල්ලෙක්ගේ දඟ වැඩ වලින් පීඩා විදින දඩබ්බරකාර කොල්ලෙක්ගේ අසරණ ජිවීත...
27.8K 1.8K 36
စိတ်ကူးရင်ဆန်ဆန်နဲ့ရေးထားတာမို့... လက်တွေ့နဲ့ တော့ တခြားစီ ဖြစ်နေတတ်ပါတယ်။ ဒါကို လက်ခံမှ ‌ဖတ်ပေးကြပါနော်🥺
155K 9.7K 20
ကမ္ဘာပေါ်မှာ လူပေါင်း billion ချီပြီးရှိနေလည်း ကျွန်မအကြည့်တွေက ရှင့်တ​ယောက်အတွက်သာ။
231K 13.3K 37
Taekook ⚠️ រឿងភាគខ្លីᕦ⁠༼⁠✩⁠ل͜⁠✩⁠༽⁠ᕤ