I met you

By Marivok

165K 32.1K 11.8K

මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක... More

Notice
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Happy birthday කැප්ටන් 👑 💜️
Chapter 19 (S)
Chapter 20
Chapter 21
Sorry
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25 (s)
Chapter 26
Thank you...❤
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 31
Chapter 32 ( NS)
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36 (s)
Chapter 37
Chapter 38
Chapter 39
Kimjeon
🥺
seoson 2
Chapter 40
Chapter 41
Chapter 42
A/N
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54 (s)
Chapter 55
Chapter 56
Chapter 57 (NS)
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63 (Ns)
Happy b'day professor 👑 💜️
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70 (s)
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76 (s)
Chapter 77
Chapter 78
Chapter 79
Happy b'day sugar daddy 👑 💜️
Chapter 80
Chapter 81
Chapter 82
Chapter 83
Chapter 84 (s)
Taekook
Chapter 85
CP-86 END
Announcement

Chapter 30

1.3K 318 114
By Marivok


================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

පාර්ක් කැප්ටන්ගේ ඔෆිස් කාමරේ පිටුපස දොරින් කැප්ටන්ගේ කාමරයට ඇතුල් උනා.
ඒ දොර ගෙන පාර්ක් මීට කලින් දැනන් හිටියේ නෑ.. ඒත් කැප්ටන් පාර්ක්ට යන්න ඕන පාර සහ යතුර දුන්නා,
අවසානේ පාර්ක් කැප්ටන්ගේ කාමරේට ඇතුල් වෙලා කැප්ටන්ගේ මුදල් සහ අවශ්‍ය භාණ්ඩ අරන් ආයෙත් එයා ඉන්න කූඩාරම ලගට ගියා,

ඒ යනකොටත් කැප්ටන් කූඩාරම ලග හිටියේ...
පාර්ක් කැප්ටන්ට ඒ බෑගය අතට දුන්නා.
කැප්ටන් පාර්ක්ගේ කූඩාරම ඇතුලට ගිහින් නිල ඇදුම මාරු කරලා සරල ඇදුමකින් සැරසිලා එලියට ආවා.

TH-" පාර්ක් මං දැං යන්න ඕනේ, ඒත්.... ඒත් මට ඔයාගෙත් උදව් උවමනයි "

Jm-" මොකක්ද ? "

TH-" මුලින්ම මං දුන්න ලිපිය කවුරුත් නොදන්න තැනකින් හංගන්න,
මං ලග තියන එක අනාරක්ෂිතයි,
ඒ වගේම ඒ ලිපිය විනාශ කරන්න බෑ,
ඒ ලිපිය මට උවමනා වෙයි..... "

Jm-" හරි කැප්ටන් ...."

TH-" මාත් එක්ක අගනුවර සුරා සලට යන්න එන්න පුලුවන්ද "

Jm-" සුරා හල , ඇයි? මොකද ? "

TH-" මං ඔයාට යන ගමන් කියන්නම් දැං මාත් එක්ක යන්න එන්න පුලුවන්ද?.... "

පාර්ක් ඔලුව වනලා එකග උනා, කැප්ටන් දුන්න ලිපිය හංගලා, කැප්ටන් එක්කම අගනුවරට යන්න පිටත් උනා,
එයාලා පයින්ම ගමන යන්න පිටත් උනා,
පයින් ගිහින් අවසානේ ප්‍රධාන මාර්ගයටම ගියා.
කදවුරේ වාහනෙන් එයාලට අගනුවරට යන්න බෑ, හේතුව එයාලා ජෙනරාල්ට හොරෙන් මේ ගමන යන්නේ.

කෙටි මාර්ගෙකින් ප්‍රධාන මාර්ගයට ගියත් ඒ වෙලාවේ කුලී රථයක්වත් මාර්ගයේ තිබ්බේ නෑ.
ඒ වෙනකොට වෙලාව හවස තුනට විතර ඇති.
ඒත් ටික දුරකදි කුලී රථයක් හම්බුනා ,එයාලා ඒකෙන් අගනුවරට ගියා.

ගිහින් අවසානේ සුරාහලට ගියා.
කැප්ටන් එදා නිල ඇදුමෙන් නෙමේ හිටියේ, සාමාන්‍ය ඇදුමකින්, සාමාන්‍ය කඩවසම් තරුණයෙක් වගේ,
කැප්ටන්ගේ ඇදුම් සාමාන්‍ය උනාට ඒ ඇදුම් ඇන්දම කැප්ටන්ගේ ධනවත් පාට පෙවුනේ කැප්ටන්ට  ගොඩක් කඩවසම් පෙනුමක් තිබුන  හින්දයි.
කැප්ටන් සුරාහලේ පුටුවකින් වාඩි උනා.


Jm-" කැප්ටන් දැං මොකද කරන්නේ "

TH-" අපි ඉක්මනින් මෙතනින් මනුස්සයෙක් හොයා ගන්න ඕනේ,
මේ අගනුවර දාලා යන්න සිද්ද වෙලා තියන, ඒත් මුදල් නැති මනුස්සයෙක් "

Jm-" ඇයි කැප්ටන් සුරාහලටම ආවේ,
ඒ වගේ මනුස්සයෙක් හොයන්න "

TH-" අනිවාරෙන්ම සුරාහලට එන්නේ ගොඩක් මත්පැන් වලට ඇබ්බැහි උන අය, ඒ කියන්නේ සල්ලි මත්පැන් වලට වියදම් කරන, ණය වෙලා ඉන්න අය.
මෙතන අනිවාරෙන්ම ඒ වගේ මනුස්සයෙක් ඇති,
අපිට සල්ලි වලට අපේ වැඩේට යොදා ගන්න පුලුවන් මනුස්සයෙක් හොයාගන්න ඕනේ පාර්ක් "

Jm-" හරි කැප්ටන් .... අපි හොයාගමු, අපි කතාබහ කරලා බලමු "

කැප්ටන්ට උවමනා උනේ සල්ලි නැති ණය වෙලා ඉන්න මනුස්සයෙක් හොයා ගන්න,
සල්ලි වලට අගනුවර පවා දාලා යන්න එකග වෙන මනුස්සයෙක් හොයා ගන්න,
කැප්ටන් ,පාර්ක් දෙන්නා සුරාහලේ හිටපු  මිනිස්සු එක්ක කතා කරලා අවසානේ එයාලට අවශ්‍ය උන විදියේ මනුස්සයෙක් හොයා ගත්තා,

ඒ වගේම එයාගේ බිරිදත්,
කැප්ටන් ලග අවශ්‍ය තරම් මුදල් තිබ්බා එයාලට ගෙවන්න,
ඒ කාලෙ උනත් සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන් කියලා කැප්ටන් දැනන් හිටියේ,
අවසානේ ඒ මනුස්සයා සහ එයාගේ බිරිද එක්ක කැප්ටන් ,පාර්ක් දෙන්නා එයාලගේ ගමන ගියා,
අවසානේ ලගා උනේ තොටුපළ ලගට,

තොටුපළ ..... ජේජු දූපතට යන යාත්‍රා එන්නේ ඒ තොටුපළට.
කැප්ටන්ගේ ඇස් වගේම, හදවත එක් පාරම නතර උනේ ඈතින් දැක්ක ඒ ලස්සන රූපෙට.
ඒ jeon,.....
Jeon, මියුන්ගි ,යුන්ගි, හ්‍යුන්ග්සික් සහ සෙබලු කිහිපදෙනෙක් එතන හිටියා,
කැප්ටන් එතන නතර වෙලා හිටියා,
ඩොක්ටර් පාර්ක් ලුතිනන් යුන්ගී ලගට ගිහින් කැප්ටන්ගේ පණිවිඩේ දුන්නා,

Yg-"  සෝල්ජර් hyungsik ,සහ මං මේ දෙන්නව යාත්‍රාවට දාලා එන්නම්,
අනිත් අයට යන්න පුලුවන් ....
අපි එනකන් අගනුවරට වෙලා ඉන්න "

අනිත් සෙබලු ලුතිනන්ගේ අණට අනුව එතනින් යන්න ගියා,
ලුතිනන් යුන්ගී,හ්‍යුන්ග්සික් ,පාර්ක්, මියුන්ගි සහ jeon ඇරුනම සෙබලු කවුරුත් නෑ කියලා තහවුරු උනාට පස්සේ කැප්ටන් , අගනුවරින් එක්කන් ආව මනුස්සයා සහ කාන්තාව එක්ක එතනට ගියා.....

Jk-" කැ..කැප්ටන් .... "

Jeonගේ ඇස් වලට කදුලු ආවත් පුදුම සහගත බැල්මකින් සහ තොල් වල ලස්සන හිනාවකින් කැප්ටන් දිහා බැලුවේ....
එයා කීයටවත් කැප්ටන්ව මේ වෙලාවේ බලාපොරොත්තු උනේ නෑ.....

" ජේජු වලට යාත්‍රා කරන්නයි යන්නේ "

තොටුපලේ හිටපු මනුස්සයෙක් කෑ ගැහුවා....

TH-" ඔය දෙන්නට අවශ්‍ය තරම් මුදල් දුන්නා, එහෙන් කවුරු හරි ඔයාලගෙන් ප්‍රශ්න කරොත් මං කියපු දේවල් කියන්න,
ඒ වගේම ඔයාලගේ නම් පවා...
එහෙට ගිහින් පාඩුවේ ජීවත් වෙන්න "

කැප්ටන් අගනුවරින් අරන් ආව මනුස්සයට සහ කාන්තාවට කිව්වා,
ඒත් jeon තවම පුදුමෙන් හිටියේ මේ කිසි දෙයක් තේරුම් ගන්න බැරුව.

" ස්තූතී මිස්ටර් කිම් "

අගනුවරින් ආව මනුස්සයා සහ කාන්තාව කැප්ටන් ආචාර කරලා යාත්‍රාවට යන්න ගියා....

Jk-" කැ..කැප්ටන් ..... "

TH-" ලුතිනන් යුන්ගී, හ්‍යුන්ග්සික් ස්තූතී ඔයාලගේ නීතිරීති කඩලා මට උදව් කරාට.... "

කැප්ටන් jeonව ගනන් නොගෙන අනිත් අය එක්ක කතා කරනවා වගේ jeonට දැනුනා.

Jk-" කැප්ටන් "

TH-" පාර්ක්... ඔයාට ස්තූතී මාත් එක්ක ඇවිත් මට උදව් කරාට "

Jk-" කැප්ටන් .... ඇත්තටම ඔයාට මං එක්ක කතා කරන්න ඕන නැද්ද...
මං දැං... දැං... ජේජු වලට යන්නයි යන්නේ.....
ආයේ... මට කැප්...ටන්ව ~~~ "

TH-" අඩන්න එපා... ඔයා ජේජු යන් නෑ... ඔයා දැං මාත් එක්ක යන්නේ අපේ ගෙදරට "

Jeonගේ ඇස් ලොකු උනා, තවමත් විශ්වාස කරන්න බෑ කැප්ටන් කියන දේවල් ගෙන.
එතකොට මියුන්ගි ?
දඩුවම?
මොනාද මේ වෙන්නේ......

Jk-" කැ..කැප්ටන් මොනවද කියන්නේ, මට තේරෙන් නෑ.... "

" කැප්ටන් ස්තූති අපි වෙනුවෙන් ආවට, මට සමාවෙන්න ,
මට වෙන කරන්න දෙයක් නෑ.....
මේක විතරයි මට කරන්න තිබ්බ එකම දේ...... "

මියුන්ගි බැගෑපත්ව කතා කරා.

TH-" කමක් නෑ... ඒකට කමක් නෑ,
ඔයාට අගනුවර කිට්ටුවෙන් නවතින්න තැනක් මායි,පාර්ක් දෙන්නා බැලුවා,
ඔයාට එහෙ ඉන්න පුලුවන් ,
සෙබලුන්ට හොරෙන් ජීවත් වෙන්න "

Jk-" කැප්ටන් මට කියන්න මොකද වෙන්නේ කියලා,
ජේජු වලට යන යාත්‍රාව යනවා..."

TH-" කමක් නෑ... මොකද ඔයාලා ජේජු වලට යන් නෑ...
මියුන්ගි මට ලිපියේ ලියලා හැමදේම කිව්වා,
ඔයාව මට ගන්න එකම ක්‍රමය ඔය දෙන්නා වෙනුවට දෙන්නෙක් ජේජු වලට යවනවා,
එයාලා එහෙ ඉන්නේ ඔයාලගෙ නම් වලින්, ඔයාලගේ හැදුනුම්පත් වලින්.
එතකොට ඔය දෙන්නට මෙහෙට වෙලා හොරෙන් ජීවත් වෙන්න වෙනවා,
මං දන්නවා මේක අවදානම්...
ඒත් .... ඒත් වෙන කරන්න දෙයක් නෑ,
මියුන්ගිට ඔයාව විවාහ කර ගන්න ඕන නෑ, එයාට ඕන උනේ ඔයාගේ ජීවිතේ බේරන්නයි. එතකොට අද ඉදන් ඔයා අපේ ගෙදර ජීවත් වෙයි.
මියුන්ගිට ඉන්න තැනක් සූදානම් කරා,
අපිට සතුටින් ඉන්නවා නම් ඉන්න තියන එකම විදිය මේකයි,
Jeon මට ඔයා නැතුව ඉන්න බෑ,
මං ආත්මාර්ථකාමී ....
මං දන්නවා මං ඔයාගේ ජීවිතේ අනතුරේ දානවා,
ඔයා මියුන්ගි විවාහ වෙන් නැතුව , ඔයා තවත් මෙහෙ ජීවත් වෙනවා කියලා දැනගත්තොත් ඔයාගේ ජීවිතේ අනතුරේ ,
ඒත්..... ඒත්... මට සමාවෙන්න ,
මියුන්ගි එවපු ලිපියේ අවසන් පේලිය දැක්කට පස්සේ මං කලබල උනා, "

' කැප්ටන් මට ඩොක්ටර්  jeonව විවාහ කර ගන්න අවශ්‍ය නෑ,
,අපි ජේජු වලට යාත්‍රා කරන්න කලින් තොටුපලින් අපිව ගත්තොත් ,ජේජු වලට නොගිහින් රහසක් විදියට ජීවත් වෙන්න පුලුවන්....
ඒත් එහෙම නොවුනොත්, අද අපි ජේජු වලට ගියොත් ආයේ කවදාවත් මටවත්,jeonටවත් ආපහු එන්න බැරි වෙයි......කැප්ටන්ට ආයේ කවදාවත් ඩොක්ටර් jeon බලන්න බැරි වෙයි. '

මට ආයෙ කවදාවත් ඔයාව දකින්න බැරි වෙයි කිව්වා,
ඔයාගෙ ඇස්, ඔයාගෙ හිනාව, ඒවා දකින් නැතුව ඉන්න එක අමාරුයි,
මට මාව පාලනේ කර ගන්න බැරි උනා,
මං එවලෙම පාර්ක් එක්ක ඇවිත් අගනුවරින් ඔය දෙන්නා වෙනුවට දෙන්නෙක් සූදානම් කරා,
එයාලා එක්ක තමා දැං ආවේ,
ඒ දෙන්නා ඔයාලගේ නමින් එහෙ ජීවත් වෙයි, ජෙනරාල් ජේජු වලට පනිවිඩයක් යැව්වත් කමක් නෑ,
ඔය දෙන්නා වෙනුවට දෙන්නෙක් ඉන්නවා...... "

Jk-" හ්‍යුන්ග්... ..."

Jeonගේ ඔලුවට කියන්න මිලියනයක් දේවල් ආවත් කියාගන්න වචන ගලපගන්න බැරි උනා , ' හ්‍යුන්ග් ' කියන වචනේ විතරක් jeonගේ වෙව්ලන තොල් වලින් පිට උනා,
Jeon කැප්ටන්ව බදාගෙන අඩන්න ගත්තා,
මේ වෙලාවේ කොච්චර සතුටින්ද කියලා jeonට කියන්න වචන තිබ්බේ නෑ,
Jeon හීනෙකින්වත් මේ වගේ දෙයක් බලාපොරොත්තු උන් නෑ.

ජේජු වලට ගිහින් මියුන්ගි එක්ක ජීවත් වෙන එක අපායක ජීවත් වෙනවා වගේ,.ඒත් එයා කැප්ටන්ට පොරොන්දු උනා කැප්ටන් වෙනුවෙන් ජීවත් වෙනවා කියලා,
එයා විශ්වාස කරා කැප්ටන්ගේ ආදරේ,
කැප්ටන් නොදැක ඉන්නවා කියන එක ගොඩක් අමාරුයි...

ඒ වෙනකොටත් කැප්ටන්ගේ ආදරේට ඇබ්බැහි වෙලා හිටියේ,
ඒත් කැප්ටන්ගේ ආදරේ වෙනුවෙන් ඔක්කොම ඉවසන් ඉන්න තීරණේ කරා,
මොකද jeon විශ්වාස කරා දවසක කැප්ටන් ආයෙ එයි කියලා,
ආයෙත් ඇවිත් එයාව කැප්ටන් ලගට ගනීවි කියලා.
ඒ දවස කවදා උනත් ඒ වෙනකන් ඉවසන් ඉන්න හිතුවා,
ඒ දවස එන්නේ එයාලා මහලු උනාට පස්සේ උනත් කමක් නෑ ඒ වෙනකන්,
මැරෙනකන් කැප්ටන් එනකන් බලන් ඉන්න තීරනේ කරා,

ඒත් jeonට අදහා ගන්නවත් බැරි විදියට කැප්ටන් අද අවා, අදම ඇවිත් ආයෙත් එයාව කැප්ටන් ලගට ගත්තා,
වචන වලින් කොහොම කියන්නද මේ සතුට.....
Jeon දැනන් හිටියා මේ සිදුවීම ගෙන විමර්ශන කණ්ඩායම හෝ ජෙනරාල්  දැන ගත්තොත් මේ සැරේ නම් ගැලවීමක් නෑ , දුක් විදලා මැරෙන්න වෙන්නෙ කියලා,

ඒත් කමක් නෑ. කැප්ටන්ගේ තුරුලේ තව එක විනාඩියක් හරි ඉන්න ලැබෙනවා,
ඒක සතුටක්....
කැප්ටන් එයාගේ ආදරේ ආයේ එයා ලගට ගන්න ආත්මාර්ථකාමී උනා,
Jeon ජීවිතේට වඩා ලේසියෙන් මරනෙට ලගා වෙන්න පුලුවන් මාර්ගෙක ගමන් කරන්න තරම් හිතුවක්කාර උනා,

දැං කරන්න කිසි දෙයක් නෑ, ඒ දෙන්නා අසරණයි. එයාලගේ ආදරේ අසරණයි ,
එකිනෙකා මත යැපෙන්න පුරුදු වෙලා හිටියේ, එක්කෙනෙක් නැති උනොත් ජීවත් වෙන විදියක් හිතා ගන්නවත් බැරුව හිටියේ,
ඇත්ත මේ සමාජේ කවුරුත් මේ සම්බන්දේ  පිලිගන් නෑ.....

මේ සම්බන්දේ තහවුරු උනොත් කැප්ටන්ට පවා මරණය...
ඒත් කරන්න කිසි දෙයක් ඉතිරි නෑ,
කවුරු නොපිලිගත්තත්, කවුරු ඉඩක් නොදුන්නත් එයාලට දැං ඒවා හිතන්න තරම් මනසක් නෑ....
එයාලගේ මනස සම්පුර්ණයෙන් ආදරේට යටත් වෙලා,

ආදරේ විතරයි එයාලට පේන්න දකින්න තියන එකම දේ....
එයාලට ජීවත් වෙන්න එකම හේතුවත් ඒ වගේම එයාලට මැරෙන්න තියන එකම හේතුවත් එයලගේ ' ආදරේ '.....

නෞකාව ජේජු බලා ඈතට යාත්‍රා කරා,
තවමත් jeon කැප්ටන්ගේ තුරුලේ,
ඇස් වලින් වැඩෙන කදුලු වල සතුට දුක මිශ්‍ර වෙලා තිබ්බා, මියුන්ගිගේ තොල් වල හිනාවක් රැදුනේ එයා අවසානෙට හරි දෙයක් කරා කියලා දැනුන හින්දයි,
පාර්ක් යුන්ගී දෙන්නා එකිනෙකා දිහා බලලා ආයෙත් කැප්ටන් ,jeon දිහා බලලා යාන්තමින් දත් පේන විදියේ ලස්සන හිනාවක් තොල් වලට ගෙනාවා,

ඒ වගේම හ්‍යුන්ග්සික් එයාට දැනුනේ යම්කිසි දුකක් වගේම සතුටක්,
ඒක වචනෙන් කියන්න තේරෙන් නෑ,
සතුටු ඇත්තේ jeon දඩුවමෙන් නිදහස් උනා  , ඊටත් වඩා jeon අද ගොඩක් සතුටුන් ඒකට වෙන්න පුලුවන්  ,
ඒත් ඇයි හ්‍යුන්ග්සික්ට පොඩි දුකක්  දැනෙන්නේ...? එතනින් එහාට හ්‍යුන්ග්සික් ඒ ගෙන ප්‍රශ්න කරන්න ගියේ නෑ... බිම බලාගෙන දත් නොපෙනෙන්න හිනා උනා.
කැප්ටන් ,jeon දෙන්නා ටික වෙලාවට පස්සේ එයාලගේ තුරුලෙන් ඈත් උනා,

TH-" අපි යමු..... "

Jk-" හරි.... "

කට්ටියම අගනුවර පැත්තට ඇවිදන් ගියා.

TH-" අවසන් වතාවට යුන්ගී, හ්‍යුන්ග්සික් ස්තූතී ඔය දෙන්නට නීති කඩලා මට උදව් කරාට "

H-" මට ස්තූති එපා , මං මේක කරේ jeon shii වෙනුවෙන්.... "

TH-" jeon ssi වෙනුවෙන් කරා උනාට ඒක මටත් උදව්වක් "

H-" මං හිතනාවා මං jeon ssiට විතරක් උදව් කරා කියලා "

TH-" කැමති දෙයක් හිතන්න නිදහස තියනවා, ඒත් ඉතින් ඇත්ත වෙනස් කරන්න බෑනේ "

කැප්ටන් , jeonගේ ඉන වටේ අත දාන ගමන් කිව්වේ jeonගේ අයිතිය හ්‍යුන්සික්ට ප්‍රකාශ කරන්න වගේ....
ඒත් හ්‍යුන්ග්සික් jeon දිහා බලන එකවත් කැප්ටන්ට ප්‍රතිඋත්තර දෙන එකවත් නතර කරේ නෑ.
හරියට සීතල යුද්ධයක් වගේ,

හිනාවෙලා කතා කරත් එකිනෙකාගේ වචන එකිනෙකාට  වදින පිහි පාරවල් වගේ. කැප්ටන්ගේ හැසිරීම jeonට හොදට තේරුනා, ඒ ' ඉරිසියාව, අයිතිය තහවුරු කිරීමේ උවමනාව '
ඒත් හ්‍යුන්ග්සික් එහෙම හැසිරෙන්නේ ඇයි කියලා jeonට තේරුන් නෑ.
කැප්ටන් , හ්‍යුන්ග්සික් දෙන්නගේ නොනවතින වාද අවසානේ කට්ටියම අගනුවරට ආවා,

Yg-"  අපි කදවුරට යනාවා, "

Jm-" ලුතිනන් යුන්ගී  අපි අද ටිකක් රෑ වෙලා කදවුරට යමුද "

Yg-" ඇයි ? "

Jm-" අද නගර සැනකෙලියක් තියනවා, මං කවදාවත් අගනුවර මේ වගේ සැනකෙලියක් බලලා නෑ "

H-" ඒ කියන්නේ මාව මෙතනින් එහාට අනවශ්‍යයි "

Jm-" අහ්ම්... ම්ම්ම්ම්... න්..නෑ... ඔයත් ඉන්න "

H-" ඒත් සැණකෙළිය බලන්න නවතිමු කියලා ඉල්ලුවේ ලුතිනන් යුන්ගිගෙන් විතරයි... "

Jeon හිනා වෙන්නගත්තා, මේ වෙනකොටත් පාර්ක්ගේ මූන රතු වෙලා තිබ්බේ... jeonට මතක් උනා කූඩාරමේ ඉද්දි පාර්ක්ට ලුතිනන් යුන්ගි ගෙන කියලා කරන විහිලු.

Jm-" නැහ්ම්... අපි... අපි කට්ටියම ඉමු "

TH-" ඒත්.... අපිට අද ඉක්මනින් යන්න වෙයි. කුලී රථයක් හොයා ගන්න ඕනේ, මොකද ගෙදර තියෙන්නේ ටිකක් දුර  "

Yg-" ඒ කියන්නේ කැප්ටන් යනවද ? "

TH-" ඔව්... දැං  යනවා.... ඒත් ඊට කලින් මට මියුන්ගි එක්ක පෞද්ගලිකව කතා කරන්න ඕනේ... "

Jeon ඇහිබැම අකුලලා කැප්ටන් දිහා බැලුවා. හදිස්සියෙම ඇයි කැප්ටන් මියුන්ගි එක්ක පෞද්ගලිකව කතා කරන්නේ ,
' එයාගේ කැප්ටන් , එයාගෙන් කිසි දෙයක් හංගන්න ඕනෙ නෑ, ඒ වගේම වෙන කවුරුත් එක්ක පෞද්ගලිකව කතා කරන්න ඕනේ නෑ.... '
Jeon හිතුවේ එහෙම.
කැප්ටන් නුරුස්සන විදියට කැප්ටන් දිහා බැලුවත් කැප්ටන්, මියුන්ගි එක්ක ටිකක් ඈතට ගිහින් කතා කරන්න ගත්තා,

එයාලට එතන වෙන කිසි දෙයක් තේරුනෙත් නෑ ඇහුනෙත් නෑ,
ඒත් එක පාරම jeonගේ ඇස් විශාල උනේ මියුන්ගි අඩන්න ගත්තම,
කතාවෙන කිසි දෙයක් ඇහුනේ නැතත්
එතන වෙන හැමදේම jeonට හොදින් පෙනුනා.
මියුන්ගි අඩන හැටි, කැප්ටන් දුකෙන් ඒ දිහා බලන් ඉන්න්ස් හැටි... ඒ වගෙම කැප්ටන් මියුන්ගිට ලං වෙලා මියුන්ගිගේ පිට අත ගාන ගමන් එයාව සනසන්න හදපු හැටි........... ........

මොකක් ලං වෙලා පිට අත ගානවා?
කැප්ටන් ?
Jeon ඇහිබැමි එකට ලං වෙන විදියට අකුලන් කේන්තිය පිරුන ඇස් වලින් කැප්ටන් දිහා බැලුවා.....
කැප්ටන් මෙහෙම කරනවා හිතා ගන්නවත් බෑ.
කැප්ටන් , jeon ඇරුනම වෙන කිසිම කෙනෙක්ගේ ස්පර්ශයට වැඩිය කැමති කෙනෙක් නෙමේ,
ඒත් දැං.....

ටික වෙලාවකට පස්සේ කැප්ටන් jeon හිටපු තැනට ආවා....

TH-" පරක්කු වෙනවා, අපි යන්න ඕනේ.... ආයෙත් වතාවක් ඔය හැමෝටම ස්තූතී "

H-" ආයෙත් වතාවක් මට ස්තූති එපා ",

TH-" මොකක් හරි , අහ්... පාර්ක්  මියුන්ගිව එයාට සූදානම් කරපු තැනෙන් නවත්තන්න, "

Jm-" හරි.... අපි එහෙම කරන්නම් "

H-" එහෙනම් මං අනිත් සෙබලු එක්ක කදවුරට යන්නම් "

TH-" හරි jeon ssi අපි යමු... "

Jeon හැමෝටම හිස නමා ආචාර කරලා කැප්ටන් දිහා බැලුවේ කිසිම හිනාවක්වත් මුනේ නැතුව,
කැප්ටන් jeonගේ අතින් අල්ලන්න හැදුවත් jeon කැප්ටන්ට අතින් අල්ලන්න අවස්තාවක් නොදී යන්න ගියා, කැප්ටන් jeon පස්සෙන් ගියා.

අවසානේ කුලී රථයකින් එයාලාගේ ගමනාන්තයට ආවා.
එයාලගේ ගෙදරට ආවා. Kimjeon ගෙදර.....
රාත්‍රී කෑම හදලා කෑවත් jeonගේ මූනේ වෙනදා තරම් හිනාවක් තිබ්බේ නෑ,
වෙනදා වගේ කතා නෑ,

Jeon කාමරේ කවුලුවෙන් අහස දිහා බලන් හිටියා, අගනුවර සැණකෙලි , ගිනිකෙලි දර්ශන ඈතට පේන්න තිබ්බා, හරිම ලස්සනයි....
කැප්ටන් jeonගේ ඉන වටේ අත් පැටලුවා, ඒත් jeon  කිසිම දෙයක් නොකියා අහස දිහාම බලන් හිටියා.
කැප්ටන් තදින් jeonගේ ඉන මිරිකුවා,

Jk-" ආ..හ්ව්.. "

TH-" ඇයි .... සද්ද නැත්තේ.... "

Jeon මොකුත් කිව්වේ නෑ, ඇත්තටම jeon කවදාවත් කැප්ටන්ගේ හඩට වඩා ඉහලින් කතා කරලා නෑ,
ඒ වගේම කැප්ටන්ට සැරෙන් කතා කරලත් නෑ....
ඒ හින්දා jeon කිසිම සද්දයක් නොකර ඉන්න තීරනේ කරා....
කැප්ටන් ආයේ ඉනෙන් මිරිකුවා

Jk-" ආව්.... අහ් "

TH-" මොකද කතා කරන්න බැරි... කතා කරන්න. ඇයි මාව ගනන් ගන් නැත්තේ "

Jk-" කැ..කැප්ටන් ම~~~~ "

TH-" කැප්ටන් ? "

කැප්ටන්  jeonව අනිත් පැත්ත හරවලා බිත්තියට තද කරන් උරහිස් වලට අත් තියන් ඇහිබැමි අකුලලා බැලුවා

Jk-" හ්..හ්‍යුන්ග් "

TH-" හ්ම්ම්ම්... හරි... ඇයි දැං මාව ගනන් ගන් නැත්තේ "

Jk-" මං... එහෙම... එහෙම නෑ "

TH-" කියන්න... "

කැප්ටන් දෙපාරක් එකම දේ අහන්න අකමැති කියලා jeon දැනන් හිටියේ.

Jk-" මි...මියුන්ගි "

TH-" ඇයි මියුන්ගි "

Jk-" හ්‍යුන්ග් මියුන්ගිට ගොඩක් ලං වෙලා හිටියේ.... පිට අත ගෑවා,
පෞද්ගලිකව කතා කරා... "

කැප්ටන් හයියෙන් හිනා උනා.... කැප්ටන්  jeonගේ උල් කරන් ඉන්න සිහින් තොල් වලට හාදුවක් දීලා ආයේ jeon දිහා බැලුවා ...

TH-" මගෙ blossom මලට ඉරිසියා හිතුනද "

Jk-" දුක හිතුනා... "

TH-" එන්න එහෙනම් මං ඒ දුක නැති කරන්නම්.... "

කැප්ටන් , jeon ගේ තොල් සිප ගත්තා, ආදරෙන් තොල් එහෙ මෙහෙ යවමින් සිප ගන්නකොට jeon කැප්ටන්ගේ සිප ගැනීමට ප්‍රතිචාර දැක්කුවා.
ටිකකින් දෙන්නගෙම තොල් අහකට ගත්තා....

Jk-" මොනාද මියුන්ගි එක්ක කතා කරේ "

TH-" මං පස්සේ කියන්නම් , ඒත් ඊට කලින් මට දැන ගන්න ඕනේ දෙයක් තියනවා "

Jk-" මොකද්ද "

TH-" ඔයාගෙ ඇගේ පැල්ලම් නැද්ද,
මං කියන්නේ ආදර පැල්ලම්.... මැකිලා ගිහින්ද ? නෑනේ.... ඒවා තියෙන්න ඕනේ.....
මැකෙන්න කාලයක් තිබ්බේ නෑ,
ඇයි අර සාත්තු සේවිකාවෝ කිව්වේ පැල්ලම් නෑ කියලා "

Jk-" මට එවලේ කැප්ටන්ගේ ජීවිතේ අනතුරේ දාන්න බෑ, මං එයාලගෙන් වැදලා ඉල්ලුවා... මගෙ ඇගේ පැල්ලම් තිබ්බේ නෑ කියන්න කියලා "

TH-" ම්ම්ම් ඒකත් එහෙමද "

කැප්ටන් , jeonගේ ඇදුම් හෙමින් ලිහිල් කරන්න ගත්තා....

TH-" ඒත්.... මං කියපු දේ කටිටියම ඉස්සරහා බොරුවක් කියලා ඔප්පු කරලා මාව බොරු කාරයෙක් කරාට දඩුවම් විදින්න වෙනවා.... "

කැප්ටන් ,jeonගේ උඩු ඇදුම ලිහිල් කරලා jeonගේ කකුල් ලග වැටෙන්න සැලැස්සුවා...

Jk-" මොකද කරන්නේ... "

කැප්ටන් jeonගේ කලිසමත් ලිහිල් කරන්න ගත්තා...

TH-" දඩුවම් කරන්න යන්නේ "

කැප්ටන් ගැඹුරු මත් උන හඩකින් කෙදිරුවා...

Jk-" හ්‍යුන්ග් ...? "

කැප්ටන් , jeonගේ කන ගාවට ලං උනා, jeonගේ ලිහිල් උන කලිසම jeonගේ කකුල් ලග වැටෙන්න සැලැස්සුවා ,

Jeonගේ සිහින් ඉනෙන් අල්ලන් jeonව තවත් එයා ලගට ඇදලා ගත්තේ සිරුරු එකිනෙක තදින් ස්පර්ශ වෙන විදියටයි,
කැප්ටන් ඇදුම් ඉවත් කරලා තිබුනේ නැතත් කැප්ටන්ගේ ඇදුමෙන් ආවරනය උන දැඩි උන සාමාජිකයා jeonගේ යටිබඩ ආශ්‍රතව තදින් ස්පර්ශ වෙනවා දැනුනා.

Jeonගේ තොල් වලින් සිහින් කෙදිරියක් පිට උනේ කැප්ටන්ගේ තෙත සිනිදු තොල් jeonගේ කන් වල ගෑවෙනකොටයි,
කැප්ටන් උණුසුම් හුස්ම jeonගේ බෙල්ලේ වැදෙනකොට ඇගේ රෝමකූප පවා ඉලිප්පුනා.

TH-" හ්‍යුන්ග් නෙමේ.... හ්‍යුන්ග්ගී ....."






















# To be continue #

______________________________________







🍁Merida🍁

Continue Reading

You'll Also Like

15.4K 3.7K 34
වර්ෂ 1970 දී එංගලන්තයේ විසූ ජන්කුක් ජියොන් නම් තරුණයා ටේහ්‍යුන් කිම් නම් තරුණයා අතර පැවති ආදර සබඳතාවයට එකල සමලිංගිකත්වය පිළිකෙව් කළ සමාජය තිත තැබූ මු...
156K 9.8K 20
ကမ္ဘာပေါ်မှာ လူပေါင်း billion ချီပြီးရှိနေလည်း ကျွန်မအကြည့်တွေက ရှင့်တ​ယောက်အတွက်သာ။
237K 23.1K 70
ដោយសារតែគុំនំបានធ្វើអោយក្មេងប្រុសដែលមានបេះដូងបរិសុទ្ធស្រស់ស្អាតប្រែក្លាយជាក្មេងពឹសពុលពោពេញដោយល្បិចកល់ គេហ៊ានធ្វើគ្រប់យ៉ាងសូម្បីតែនាមជាប្រពន្ធចុងបុរសច...
44.4K 6.5K 40
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...