I met you

By Marivok

174K 32.8K 11.8K

මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක... More

Notice
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Happy birthday කැප්ටන් 👑 💜️
Chapter 19 (S)
Chapter 20
Chapter 21
Sorry
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25 (s)
Chapter 26
Thank you...❤
Chapter 27
Chapter 28
Chapter 30
Chapter 31
Chapter 32 ( NS)
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36 (s)
Chapter 37
Chapter 38
Chapter 39
Kimjeon
🥺
seoson 2
Chapter 40
Chapter 41
Chapter 42
A/N
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54 (s)
Chapter 55
Chapter 56
Chapter 57 (NS)
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63 (Ns)
Happy b'day professor 👑 💜️
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70 (s)
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76 (s)
Chapter 77
Chapter 78
Chapter 79
Happy b'day sugar daddy 👑 💜️
Chapter 80
Chapter 81
Chapter 82
Chapter 83
Chapter 84 (s)
Taekook
Chapter 85
CP-86 END
Announcement

Chapter 29

1.3K 314 66
By Marivok

================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°



______________________________________

" ඩො..ඩොක්ටර් jeon මාව විවාහ කර ගන්න ඕනේ..... "

G-" මොනවා? ඒත්.... ඒත්... ඒක කරන්න බෑ...... "

ජෙනරාල් මේකට සෑහීමකට පත් වෙන පාටක් නම් නෑ. එයාගේ හිතේ තිබුන දේ කර ගන්න එයාට ඕනේ.

" ඇයි බැරි ජෙනරාල් , එයා මට මේ අපරාදේ කරා නම් එයා වගකීම ගන්න ඕනේ.....  "

මියුන්ගි විමර්ශන කණ්ඩායම දිහා බලලා කිව්වා.

" කරුණාකරලා එයාව මරන්නවත් , හිරේ දාන්නවත් එපා, මට... ඩොක්ටර් එක්ක විවාහ වෙන්න ඕනේ,
එතකොට මට සාධාරණයක් වෙයි...."

" මියුන්ගි ඉල්ලන්නේ ඒක නම්,අපේ  තීරණයක් කියන්නම්....
හැබැයි පස්සේ එ තීරණේ වෙනස් කරන්න බෑ,
දන්නවනේ විවාහේ කියන්නේ ආයේ වෙනස් කරන්න පුලුවන් දෙයක් නෙමෙ"

" ඔව්... මං තීරණේ වෙනස් කරන් නෑ , "

" හරි ඩොක්ටර් jeonගේ දඩුවම විදියට මියුන්ගිව විවාහ කර ගන්න වෙනවා,
ඒත් ආයේ මියුන්ගිට කරදරයක් කරලා තිබුනොත් මරන දඩුවම ලැබෙයි,
ඩොක්ටර් jeon දඩුවම බාර ගන්නවද? "

Jk-" නෑ..... "

" මොකක්? "

Jk-" මං.... මං මරණය බාර ගන්නවා,
මට විවාහ වෙන්න බෑ "

TH-" j..jeon ssi.... මොනවද කියන්නේ"

Jk-" මට කාවත් විවාහ වෙන්න බෑ,
මට බෑ... මැරෙන එක ඊට වඩා සතුටක්"

G-" එහෙනම් මරණ දඩුවම දෙන්න "

ජෙනරාල්ගේ , තොල්වල ජයග්‍රාහි හිනාවක් පේන්න තිබ්බා.

TH-" නෑ, මියුන්ගි ඉල්ලුව දඩුවම බාර ගන්න jeon. "

Jk-" මට බෑ කැප්ටන් , "

TH-" කරුණාකරලා ...."

Jk-" බෑ.... මාව මරන්න "

කැප්ටන් jeonගේ අතින් ඇල්ලුවා.අතින් අල්ලලා නැගිට්ටා....

TH-" විමර්ශන කණ්ඩායම, මට අවසර දෙනවද ඩොක්ටර් jeon එක්ක කතා කරන්න "

" මෙතන කතා කරන්න "

TH-" jeonට පැනලා යන්න උදව් කරනවා නෙමේ, මං කදවුරේ කැප්ටන් ,
මට ඕනේ ටිකක් කතා කරන්න,
පෞද්ගලිකව....
කරුණාකරලා ........"

" හරි... විනාඩි පහක් ඇතුලත ආයෙත් එන්න "

කැප්ටන් ඔලුව වනලා ,jeonගේ සිනිදු අත් වලින් අල්ලන් විමර්ශන කුටියට අරන් ගියා. එක්කන් ගිහින් ඒකේ දොර වහ ගත්තා.....

Jk-" හ්..හ්‍යුන්ග්..."

Jeonට වෙන කිසි දෙයක් කියන්න ඉතිරි නොකර කැප්ටන් jeonව තදින් බදා ගත්තා, jeonට තවත් එයාගේ වේදනාව දරාගෙන ඉන්න බැරි උනා,
Jeon අඩන්න ගත්තා.... කැප්ටන් jeonව තදින් තුරුලු කර ගත්තා.

Jk-" ම..මට...මට... බෑ.... ත..වත් .. බෑ..... මට... මැරෙන්න දෙන්න..... "

TH-" මගෙ blossom මල මැරෙන් නෑ කවදාවත් , "

Jk-" හ්‍යුන්ග්.... ඔයා ......නැතුව ඉන්නවට වඩා මැරෙන එක හොදා "

TH-" මටත් ... මටත් මැරෙන්න ඕනේ,
මට ඔයා නැතුව ඉන්න බෑ..... "

Jk-" ඔයා මං හින්දා මැරෙන්න බෑ ... "

TH-" මට ඔයා නැතුව ජීවත් වෙන්නත් බෑ..... "

Jk-" ඒත් ... ඒත් මට මියුන්ගිව විවාහ කර ගන්න බෑ.... "

TH-" jeon ssi ඒක තමා එකම ක්‍රමේ ඔයාගේ ජීවිතේ බේර ගන්න ,
මියුන්ගිව විවාහ වෙන්න....."

Jk-" බෑ... මට බෑ හ්‍යුන්ග්, මට එහෙ ජීවිතයක් එපා, කාවවත් විවාහ කර ගන්න බෑ.
ඔයාව නැතුව කවුරුත් විවාහ කර ගන් නෑ,
මට මගෙ ජීවිතේ ඔයා නැතුව වෙන කෙනෙක් එක්ක ඉන්නවා කියන්නේ මැරෙනවට වඩා ලොකු දඩුවමක්,
හ්‍යුන්ග් මගෙ මුලු ලෝකෙම ඔයා,
ඔයා නැතුව මට හුස්ම ගන්න විදියක්වත් හිතන්න බෑ....
ඔයා තමා මගෙ හැමදේම ,
සතුටින් ජීවත් වෙන්න එකම හේතුව ඔයා.... "

TH-" ඔයාට මොනාහරි උනොත් මට ජීවත් වෙන්න බෑ,
ඔයා නැති ජීවිතයක් මට එපා....
ඊට වඩා මරනය හොදයි.... "

Jk-" හ්‍යුන්ග් ඔයා ජීවත් වෙන්න ඕනේ,
ඔයා ජීවත් වෙන්න ඕනේ,
ඔයාට මොකුත් වෙන් නෑ,
කරුණාකරලා මට මරණ දඩුවම බාර ගන්න දෙන්න.
මට බෑ මියුන්ගි විවාහ කර ගන්න,
මට මැරෙන්න දෙන්න "

TH-" ඔයා එක්කම මාත් මැරෙයි,
මට ජීවත් වෙන්න බෑ,
ඔයා නැතුව මට ජීවත් වෙන්න බෑ...."

Jeon ආයෙත් කැප්ටන් බදාගෙන හයියෙන් අඩන්න ගත්තා,
සුපුරුදු උණුසුම, සුපුරුදු තුරුල.... කැප්ටන්ගේ තුරුලේ අඩන එක පවා jeonට ලොකු සහනයක් උනා,

Jk-" ම..මට... මට මැරෙන්න.... දෙන්න.... මං... පොරොන්දු වෙනවා... ආයේ කැප්ටන්... ලගටම එනවා......
ආයේ... කැප්ටන්ගෙම වෙනවා..... "

කැප්ටන් jeonගේ උරහිස් වලින් අල්ලලා jeonගේ මූන දිහා බැලුවා.

TH-" ඔයා මැරෙන් නෑ..... ඔයාට මොනා හරි උනොත් මං මැරෙනවා..... මං දිවුරනවා ,",

Jk-" හ්..හ්‍යුන්ග් ... කරු..ණාකරලා එපා....... ඔයාට මොනවත් වෙන්න බෑ,
අනේ..... හ්‍යුන්ග්.... "

TH-" මට ආදරෙයිද "

Jk-" ඔව්... ගොඩක්, වචනෙන් කියන්න බැරි තරම් ආදරෙයි ,
ගොඩක් ආදරෙයි ........ "

TH-" එහෙනම් මට පොරොන්දු වෙන්න "

Jk-" මොකද්ද ? "

TH-" මං වෙනුවෙන් ජීවත් වෙනවා කියලා පොරොන්දු වෙන්න.... "

Jk-" හ්‍යුන්ග් ..... "

TH-" jeon shii මට පොරොන්දු වෙන්න"

Jk-" හ්‍යුන්ග් , මට.... මං ආදරෙයි .. ඒත්... "

Jeonගේ ඇස්වල කදුලු නවතින්නෙම නැතුව ගැලුවා.
Jeonගේ තොල් වෙව්ලනවා වගේ තේරුනා, එයාගේ ආදරේ එයාගේ හැමදේම කැප්ටන් , කවදාවත් කැප්ටන්ගේ වචනෙට පිටින් යන්න jeonට උවමනා උන් නෑ.....

TH-" මට ආදරේ කරනවා නම්, මට පොරොන්දු වෙන්න....
මං වෙනුවෙන් ජීවත් වෙනවා කියලා "

Jk-" මං....මං... ඔයා වෙනුවෙන් ජීවත් වෙනවා කැප්ටන් , මං පොරොන්දු වෙනවා...... "

Jeon එයාගේ ඉකිය අතරින් වචන ගලපන් කැප්ටන්ට පොරොන්දු උනා.
Jeonට කැප්ටන්ට ගොඩක් ආදරෙයි ,
වෙන කෙනෙක් එක්ක ජීවත් වෙන එක එච්චර අමාරු දෙයක් උනත්, කැප්ටන්ගේ ආදරේ වෙනුවෙන් ඕනම දෙයක් කරන්න jeon ලෑස්ති වෙලා හිටියේ.

Jk-" ඒ වගේම මං වෙන කාටවත් ආදරේ නොකරයි, කැප්ටන් ඇරුනම කිසිම කෙනෙක්ට මාව ස්පර්ශවත් කරන්න බැරි වෙයි,
මං මියුන්ගිගෙන් වැදලා හරි මාව නිදහස් කරන්න කියලා ඉල්ලනවා,
කැප්ටන් මං ඔයා වෙනුවෙන් ජීවත් වෙනවා.... ඔයා වෙනුවෙන් විතරක් මං පොරොන්දු වෙනවා "

Jeonට මොන දඩුවම ලැබුනත් එයාගේ ආදරේට අසාධාරණයක් කරන්න එයාට බෑ, කැප්ටන් වෙනුවෙන් ජීවත් වෙන්න තීරනේ කරා, ඒ වගේම මියුන්ගි විවාහ උනත් ඒ කැප්ටන් වෙනුවෙන් ,
එයා මියුන්ගිගෙන් නිදහස බලාපොරොත්තු උනා.
ඒත් මියුන්ගි කොහොම හිතයිද? මොනවා කරයිද කියලා කැප්ටන්වත් ,jeonවත් දැනන් හිටියේ නෑ..........

දෙන්නම දැනන් හිටිය එකම දේ දෙන්නම එකිනෙකාට ගොඩක් ආදරෙයි, අනිත් කෙනා වෙනුවෙන් මැරෙන්න උනත් සූදානම් තරම් ආදරෙයි ,
ඒ දෙන්නා ඒ දෙන්නගේ ආදරේ විශ්වාස කරා. ඒ ආදරේ දවසක එයාලට අවසානය පෙන්නාවි කියලා විශ්වාස කරා......

TH-" මං ඔයාට ගොඩක් ආදරෙයි jeon ssi...... "

කැප්ටන් , jeonගේ කම්මුලට අත තියලා මහපට ඇගිල්ලෙන් කදුලු පිහ දැම්මා  ,
Jeon තවමත් කදුලු පිරිලා තියන දිලිසෙන ඇස් වලින් කැප්ටන්ගේ ඇස් දිහා බැලුවා ..

Jk-" මාත් ගොඩක් ආදරෙයි හ්‍යුන්ග්  "

කැප්ටන් එයාගේ ඔලුව ටිකක් පහත් කරලා jeonගේ තොල් වලට ලං උනා,
Jeonගේ සිනිදු තොල් වල කැප්ටන්ගේ තොල් ස්පර්ශ උනා.
ගනින්න බැරි තරම් එයාලා සිපගෙන තිබුනත් අද සිපගැනීමේ වෙනදට වඩා විශේෂ දෙයක් තිබ්බා,
ඒක කියාගන්න බැරි හැගීමක්...

වෙනදට සිප ගැනීමේ සතුට, ආදරේ, ආශාව , ඊටත් වඩා හැගීම් ගොඩක් තිබ්බත්... අද......
ආදරේ, දුක..... එතනින් එහාට දෙයක් තේරුන් නෑ....
Jeonගේ සිනිදු තොල් කැප්ටන්ගේ තොල් අතරින් එහෙමෙහෙ යන්න ගත්තා,
ඒ සිනිදු ස්පර්ශය පවා ආදරෙන් පිරිලා තිබ්බා.....

" කැප්ටන් ඔයාගේ කාලය අවසානයි "

කවුරු හරි දොරට තට්ටු කරලා කතා කරා. ඒත් ඒ දෙන්නගේ සිප ගැනීම බින්දේ නෑ, දෙන්නම එකිනෙකාව ආදරෙන් සිප ගත්තා,
තවත් තප්පර කිහිපයකට පස්සේ සිප ගැනීම නැවතුවා....

TH-" අපි යමු...."

කැප්ටන් ,jeonගේ ඇස් දිහා බලලා කිව්වා, jeon ඔව් කියන්න ඔලු වැනුවා,

කැප්ටන් jeonගේ අතින් අල්ලන් කාමරේ දොර ඇරන් නඩු ශාලාවට ගියා.
කැප්ටන් තවමත් jeonගේ අතින් අල්ලන්,ජෙනරාල් කැප්ටන්ගේ අත දිහා බලලා කේන්තියෙන් දත්මිටි කෑවා,
ඔව් , එතන හිටපු ඔක්කොටම තේරුනා කැප්ටන් ,jeonට විශේෂ සැලකිල්ලක් දක්වනවා කියලා,

ඊටත් වඩා ඒ දෙන්නගේ සම්බන්දේ ඇත්තක් කියලා තේරෙන්නත් ඇති,
ඒත් කවුරුත් ඒ වගේ සම්බන්දයක් ගෙන තේරුම් ගන්න උත්සහ කරේ නෑ,
හේතුව ඒ දෙන්නම පිරිමි උන එකයි,
1965 උනත් ජෙනරාල් ඒ දෙන්නගේ මේ සම්බන්දේ ගෙන අනිත් අයට වඩා ගැඹුරෙන් දැක්කා,

එයා දැනන් හිටියා දැං ටිකකට කලින් කැප්ටන් කියපු හැමදේම ඇත්ත කියලා,
මොනා උනත් එයාට කැප්ටන්ට මරන දඩුවම් ලැබෙනවට අකමැති උනා,
ඒ හින්දා අනිත් අය වගේම කැප්ටන් දැං ටිකකට කලින් කිව්වේ බොරුවක්,
තමන් ගොඩක්ම කැමති මිතුරෙක්ගේ ජීවිතේ බේරගන්න කියපු බොරුවක් කියලා පිලිගන්න විදියට රගපෑවා,

" හරි... දැං අපේ තීරණේට මොකද කියන්නේ ඩොක්ටර් "

Jeon කැප්ටන් දිහා බැලුවා, එයාට දැං කීයටවත් මරණය තෝර ගන්න බෑ,
එයා දුන්න පොරොන්දුව හින්දා,

G-" ඩොක්ටර් jeonගේ දඩුවම කියන්නම්,
අපේ කදවුරේ සේවය කරපු ඩොක්ටර් jeon කාන්තාවකට අතවර කිරීම හා විමර්ශන කණ්ඩායම නොමග යැවීමට උත්සහ කිරීම හේතුවෙන්,
කදවුරේ සේවයෙන් ඉවත් කරලා , අගනුවරින් ඈතට වෙලා ජීවත් වෙන්න වෙනවා.
ඒ විතරක් නෙමේ මියුන්ගිව විවාහ කර ගන්නත් වෙනවා,
ඒ වගේම කවදාවත් මේ කදවුරේ කිසිම පුද්ගලයෙක් හම්බෙන්නවත්,
ඒ සමග ගණුදෙනු කරන්නවත් බෑ,
මියුන්ගිව විවාහ කර ගන්නම ඕනේ,
එයාට ආයෙ කරදර කරන්නවත් ඊට අමතර වෙනත් සම්බන්දතා තියා ගන්නත් බෑ.
මේ දඩුවමේ එක නීතියක් හරි කැඩුවොත් අගනුවරට ගෙනත් ප්‍රසිද්දියේ මියයනතුරු ගල් ගසා මැරීමට නියම කරනවා....."

TH-" මොකක්? "

G-" ඇයි කැප්ටන් ඔයාට ඒ දඩුවමේ ප්‍රශ්නයක් තියනවද ? "

TH-" ප්‍රසිද්දියේ ගල් ගහලා මරන්~~~ "

G-" එහෙම කරන්නේ නීති කැඩුවොත්,
එහෙම නැතුව මියුන්ගි විවාහ වෙලා කදවුරේ කවුරුත් එක්කවත් සම්බන්දකම් නැතුව පාඩුවේ හිටියොත් එහෙම වෙන් නෑ "

ජෙනරාල්ට ඕන දේ එයා කොහොම හරි කර ගන්නවා. ඒ ජෙනරාල්ගේ විදිය.jeonව, කැප්ටන්ගෙන් ඈත් කරන්න එයා ඕන සැලසුමක් කරයි.

" ඩොක්ටර් jeon දඩුවම බාර ගන්නවද?"

Jk-" මං... ම්ම්ම්ම්..."

G-" නැත්තන් ඔයාට දැම්ම මරණේ බාර ගන්නත් පුලුවන් ඩොක්ටර් "

ජෙනරාල් කට කොනකින් හිනා උනා,

TH-" නෑ.... එපා... "

Jeon පොරොන්දු උනා ජීවත් වෙන්න,
එයාට මැරෙන්න බෑ.....
මරනේ තෝර ගන්න බෑ....
කැප්ටන් වෙනුවෙන් ජීවත් වෙන්න.

" මොකද කියන්නේ ඩොක්ටර් "

Jeon කැප්ටන් දිහා බැලුවා, කැප්ටන් ඔලුව හෙමින් වැනුවේ එයාට දඩුවම බාර ගන්න කියන්නයි.
Jeon ලොකු හුස්මක් ගත්තා,

Jk-" මං... දඩුවම බාර ගන්නවා, මියුන්ගිව විවාහ කර ගන්නවා "

Jeon, ඇස් වලින් ගලන්න හදන කදුලු බින්දු හිර කරගෙන, ඇස් පියන් එක හුස්මට කිව්වා.
.
.
.
.
.
.
.

" ඩොක්ටර් පාර්ක්.... මේ ලියුම.. මේක කොහොම හරි කැප්ටන්ට දෙන්න,
අද දවස ඇතුලත කියවන්න කියන්න  "

.

.

.

Jeonට ලැබුන දඩුවමට පස්සේ ලුතිනන් යුන්ගි jeonව කූඩාරමට එක්කන් ගියේ එයාගේ ඇදුම් ලෑස්ති කර ගන්නයි,
Jeon එයාගේ බඩු ලෑස්ති කරගෙන අවසන් වතාවට කැප්ටන්ව වැලද ගත්තා...... කැප්ටන් තුරුලට වෙලා අඩන්න, තව උවමනා උනත් එයාලට ඒකට කාලයක් නෑ.

කැප්ටන්ගේ අදරේ, උණුසුමෙන් ඉක්මනට මිදෙන්න උනා.
ඒත් තවමත් jeonගේ කදුලු කැප්ටන්ගේ පෞර්ෂවත් නිල ඇදුම තෙත් කරලා,
කැප්ටන්ගේ ඇස් වල පලවෙනි වතාවට බය පේන්න තිබ්බා.

Jeon අවසන් වතාවට පාර්ක්වත් වැලදගත්තා, මිතුරෙක්ට වඩා සහෝදරයෙක් .... හැමදේම බෙදා ගත්තේ පාර්ක් එක්ක,
පාර්ක් කියන්නේ කවදාවත් අමතක කරන්න බැරි තරම් ආදරනීය සහෝදරයෙක් ,
හැම වෙලේම හයියක් උනේ පාර්ක්,
ඒ වගේම හැම වෙලේම, දුක බෙදා ගත්තේ පාර්ක්....

වචන වලින් කියන්න බැරි තරම් බැදීමක් ඒ දෙන්නා අතර තිබ්බා.
දුක  , සතුට...හිනාව, කදුල මේ හැමදේකදිම පාර්ක් jeon ලගින්ම හිටියා,
එයාලා මුන ගැහුන පලවෙනි දවස....
ඒ වගේම අද දවස....
දැං බැදීම ගොඩක් ශක්තිමත්,
පලවෙනි දවසේ කතා කරේ කතා නොකර බැරි හින්දා ,
ඒත් අද කතා කරන්න කොච්චර උවමනා උනත් එයාලට කතා කරන්න බෑ....
ආදරණීය වැලද ගැනීමක් ,
ඊටත් වඩා ඇස් වලින් වැටෙන කදුලු...
එයාට නවත්ත ගන්න බැරි උනා.

' හැම ආත්මෙකම මගෙ සහෝදරයෙක් වගේ ලගින් ඉන්න. හැමදාම මට හයියක් වෙන්න පාර්ක් හ්‍යුන්ග් '

අවසාන වැලදගැනීමට පස්සේ එයාලා යන්න ලෑස්ති උනා.

ලුතිනන් යුන්ගි, සෝල්ජර් hyunsik වගේම තව සෙබලු කිහිපදෙනෙක්  එයාලව තොටුපළට යනකන් අරන් යන්න හිටියේ. තොටුපලින් නැවට නැග්ගට පස්සේ එයාලව වෙන දූපතකට යනකන් එක්කන් යන්න සෙබලෙක් එනවා. එතනින් පස්සේ ඒ සෙබලා එයාලව දූපතට දාලා ආයෙ එන්න ඕනේ. ඒ ගමනට කැප්ටන්ට යන්න අවසර ලැබුනේ නෑ.ඒ වගේම ඩොක්ටර් පාර්ක්ටත් කදවුරෙන් පිටවෙන්න උනේ නෑ.

ලුතිනන් යුන්ගී , එයාගේ කණ්ඩායම සහ jeon, මියුන්ගී එක්ක ගමන යන්න ලෑස්ති උනත්, මියුන්ගි ආපහු කූඩාරමට ගියේ ඩොක්ටර් පාර්ක්ට පණිවිඩයක් දෙන්න තියනවා කියලා,

මියුන්ගි අනිත් අයට ටිකක් ඉන්න කියලා, දුවන් ගිහින් පාර්ක්ව හම්බුනා,

" ඩොක්ටර් පාර්ක්.... මේ ලියුම.. මේක කොහොම හරි කැප්ටන්ට දෙන්න,
අද දවස ඇතුලත කියවන්න කියන්න.. පු-පුලුවන් නම්... ම්ම්ම්.. පුලුවන් නම් ඉක්මනින්ම කියවන්න කියන්න.."

මියුන්ගී කාටත් හොරෙන්, ලියුමක් ඩොක්ටර් පාර්ක්ගේ අතේ ගුලි කරා.

Jm-" මො..මොකද්ද මේ.... "

" කරුණාකරලා , මේක දෙන්න අනිවාරෙන්ම අද දවස ඇතුලත කියවන්න කියන්න , කාටවත් පේන් නැති වෙන්න දෙන්න...."

Jm-" ම්ම්ම් හරි.... "

මියුන්ගි ආපහු දුවන් ගියා,

එයාලට දඩුවෙමේ තිබුන පරිදි එයාලගේ ගමන යන්න ගියා.
ඈතට යන jeon දිහා පාර්ක් බලන් හිටියේ ගොඩක් වේදනාවෙන්.
පාර්ක්ගේ ඇස් වලින් වැටුන කදුලු බිංදු නවත්ත ගන්න බැරි උනා .

කවදාවත් ඔයා වගේ සහෝදරයෙක් අමතක කරන් නෑ.....

පාර්ක් ඇස් වල කදුලු පිහදාලා ලියුමත් අරන්, කැප්ටන්ගේ ඔෆිස් කාමරයට ගියා,
කැප්ටන්ගේ ඔෆිස් කාමරය වහලා තිබ්බේ,

Jm-" කැප්ටන් ..... කැප්ටන් ..... ඇතුලේ ඉන්නවද "

පාර්ක් දිගටම දොරට තට්ටු කරා.
ඒත් කවුරුත් ඇතුලේ ඉදන් කතා කරේ නෑ...

Jm-" කැප්ටන් ... මං ඩොක්ටර් පාර්ක් "

ඔෆිස් කාමරේ දොර ඇරුනා... පාර්ක් ඇතුලට ගියා. ඔෆිස් කාමරේම අදුරුයි,
වෙනදට තියන ආලෝකේ අද ඔෆිස් කාමරේ නෑ.....ඔෆිස් කාමරේ කවුලු ඔක්කොම වහලා දාලා.
කැප්ටන්ගේ මූනවත් හරියට පැහැදිලිව පේන් නෑ.....

Jm-" කැ..කැප්ටන් ....."

TH-" කියන්න ඩොක්ටර් පාර්ක් "

කැප්ටන් පාර්ක් දිහා බැලුවා, විවෘත වෙලා තියන දොරෙන් ආව මද ආලෝකය හින්දා කැප්ටන්ගේ මූන ලාවට පෙවුනා.

'කැප්ටන්ගේ ඇස් රතු වෙලා, දිලිසෙනවා,
කැප්ටන් අඩලද ?
ඒත් කැප්ටන් අඩන කෙනෙක් නෙමෙයි..., කැප්ටන් අඩනවා කවදාවත් දැකලා නෑ.......'

පාර්ක් තමන්ටම කියාගෙන ආයෙත් කැප්ටන්ට කතා කරා.

Jm-" කැප්ටන්, මේ ලිපිය... මට.. මට යන්න කලින් මියුන්ගි මේ ලිපිය දීලා ගියා..."

ඩොක්ටර් පාර්ක් ගොත ගහන ගමන් වචන හැසිරුවා.

TH-" මොකද්ද මේ..... "

Jm-" දන් නෑ.... ඒත් අනිවාරෙන් අද දවස ඇතුලත කියවන්න කිව්වා,
සමහරවිට අත්‍යවශ්‍ය දෙයක් වෙන්න පුලුවන් .....
ඉක්මනින් කියවන්න, jeon සම්බන්ද දෙයක් වෙන්නත් පුලුවන් "

TH-" හරි.. මං දැම්ම කියවන්නම්. ස්තූතී පාර්ක්   "

පාට්ක් ,කැප්ටන්ට ආචාර කරලා යන්න ගියා. කැප්ටන් ආයෙත් දොර වහලා  ,
එක කවුලුවක් විවෘත කරලා ලියුම කියවන්න ගත්තා.

.

' කැප්ටන් ,

මට සමාවෙන්න කැප්ටන් , මට කවදාවත් ඩොක්ටර් jeonට මෙහෙම දෙයක් කරන්න උවමනා උන් නෑ.
ඒත් ඩොක්ටර් jeonගේ ජීවිතේ බේරන්න තියන එකම විදිය මේකයි.
මට මේක කරන්න උනා.

මං දන්නවා ඩොක්ටර් jeon ,කැප්ටන් අතර තියන සම්බන්දේ ,
ඒ වගේම කැප්ටන් ජෙනරාල් අතර තියන සම්බන්දේ ගෙනත්,
මං කවදාවත් ඩොක්ටර් jeonට මෙහෙම දෙයක් කරන්න හිතුවේ නෑ,
ඩොක්ටර් නිවැරදී, එයා නෙමේ මේකට වග කියන්න ඕනේ.....
ඒත් මට මගෙ ජීවිතෙත් බේර~~~~~~~ '

G-" කැප්ටන් ඇතුලේ ඉන්නවද "

කැප්ටන්ට ලිපිය කියවලා අවසන් කරන්න කලින් ජෙනරාල් ඔෆිස් කාමරේට ආවා.කැප්ටන් ලොකු හුස්මක් අරන්.ලිපිය නමලා අතේ තියා ගත්තා ,
කැප්ටන් ගිහින් දොර විවෘත කරා

TH-" ජෙනරාල් ඇයි? "

G-" මට ටිකක් කතා කරන්න ඕනේ "

TH-" මොනා ගෙනද "

G-" ජෙනීගෙයි ඔයාගෙයි විවාහය ගෙන"

TH-" ඒක ගෙන මං මීට කලින් කතා කරා, මං එකග නෑ....
මගෙ තීරණේ වෙනසක් නෑ,
පුලුවන් ඕන දෙයක් කරන්න,
මාව මරලා දැම්මත් මං විවාහෙට එකග නෑ.....
මගෙ අම්ම තවත් ඔයා ගාව වැඩ කරන් නෑ, මගෙ අප්පා මැරිලා....
එතකොට ඔයාගේ පලවෙනි බිරිදගේ රුධිරය , ඒවගේ ණය ගෙව්වා...
මගෙ අප්පා මරලා දැම්මෙත් තමුන්,
තමුන් හිතන්නේ මං කිසි දෙයක් දන් නෑ කියලද........
මං තවත් කාටවත් ණය නෑ........
මට කරදර නොකර යනවා "

G-" තමුන් මගෙ දුවව ප්‍රතික්ශේප කරපු එකට පසු තැවෙයි "

TH-" තමුන්ගේ දුව, මාව විවාහ උනොත් පසු තැවෙයි "

කැප්ටන් ඔෆිස් කාමරේ දොරත් වහගෙන දොරලග හිටන් හිටපු ජෙනරාල්වත් පහු කරන් ඇවිදන් ගියා,
ඇවිදන් ගිහින් නතර උනේ jeon හිටපු කූඩාරම ඉස්සරහා,
කැප්ටන් කූඩාරම ඉස්සරහට වෙලා ආයෙත් ලිපිය කියවන්න ගත්තේ වටපිටාවේ කවුරුත් නෑ කියලා තහවුරු උන හින්දයි.

කැප්ටන් ලිපිය කියවගෙන ගියා, ඒත් ලිපියේ අවසානය කියවනකොට කැප්ටන් ටිකක් කලබල උනා....
කැප්ටන් කූඩාරම ඇතුලට ගියා.

TH-" පාර්ක් ..... ඩොක්ටර් පාර්ක්... ඉන්නවද ? "

Jm-" කැ..කැප්ටන් .. ඇයි... මොකද ? "

TH-" මට... මට පැහැදිලි කරන්න කාලයක් නෑ... ඒත් මේ ලිපිය ඔයා තියා ගන්න... මේක කිසි කෙනෙක් ලගට යන්න දෙන්න එපා....
මං දැම්ම යන්න ඕනේ....
මගෙ ඔෆිස් කාමරෙ පිටුපස දොරෙන් ගිහින් මට අවශ්‍ය දේවල් ටිකක් තියනවා අරන් එන්න පුලුවන්ද "

Jm-" හ..හරී..... "


















# To be continue #

______________________________________

( V- Mute boston bag sold out within 2 sec 🙄   what..........)

Thank you for 500+ followersla  😭
Love you....❤❤❤❤❤❤

(500+ fw ඉන්නවා කියලා කිව්වෙත් නංගියෙක්.......)




සහ ඔයාලට කියන්න බැරිඋනා.....
මගෙ full name එක Merida කියලා change කරේ ... ඒක මට නංගියෙක් දුන්න නමක් 😭😭😭😭😭😭....
ආදරෙයි......❤
මගෙ පොත් කියවන නංගි කෙනෙක් දුන්න නමක්...
MERIDA 🥺🥺🥺🥺
Thank you ගොඩක්... ආදරෙයි .❤

Marivok username එක උනත්,
මං අද ඉදන් Merida name එකත් පාවිච්චි කරනවා.....

💜️Love you all💜️

         

🍁Merida🍁

Continue Reading

You'll Also Like

54.5K 5.1K 29
⚠BDSM ⚠dominance Love in a dark heart Sex can be intense, but we can't even imagine the love in that heart..🏳️‍🌈 〰️Please read this carefully〰️ ⚠...
90.1K 18.7K 46
~අවුරුදු 10 ක් පමණ තනිකමෙන් පිරුනු හුදෙකලා ජීවිතයක් ගත කල කිම් ටේහ්‍යොන්ග්ගේ ජීවිතයට හදිස්සියෙ ඇතුලුවන ජොන් ජන්කුක්, රාගය හා ආලය අතර දෝලනය වන ටේහ්‍යො...
164K 34.2K 99
පොඩි බේබි මොකක්ද දෙවියනෙ මේ කරන්නෙ" "මගෙ වැඩ වලට හරස් වෙන්න එපා විල්සන් ..අයින් වෙනවා" "ඔය දරුවව අතාරින්න පොඩි බේබි" "පොඩි බේබි දෙවියන්ගෙ නාමෙට මුර...