I met you

By Marivok

174K 32.8K 11.8K

මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක... More

Notice
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Happy birthday කැප්ටන් 👑 💜️
Chapter 19 (S)
Chapter 20
Chapter 21
Sorry
Chapter 22
Chapter 23
Chapter 25 (s)
Chapter 26
Thank you...❤
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32 ( NS)
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36 (s)
Chapter 37
Chapter 38
Chapter 39
Kimjeon
🥺
seoson 2
Chapter 40
Chapter 41
Chapter 42
A/N
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54 (s)
Chapter 55
Chapter 56
Chapter 57 (NS)
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63 (Ns)
Happy b'day professor 👑 💜️
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70 (s)
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76 (s)
Chapter 77
Chapter 78
Chapter 79
Happy b'day sugar daddy 👑 💜️
Chapter 80
Chapter 81
Chapter 82
Chapter 83
Chapter 84 (s)
Taekook
Chapter 85
CP-86 END
Announcement

Chapter 24

1.5K 326 43
By Marivok


================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

Jk-" ඉතින් අප්පව නිදහස් කරාද? "

TH-" අම්මා මාවත් අරන් ජෙනරාල්ගේ ගෙදරට ගිහින් දවස් දෙකකින් අප්පාව නිදහස් කරා කියලා පණිවිඩේ ආවා,
අම්මා එදා ගොඩක් සතුටු වෙලා,
අම්මා ජෙනරාල්ට හොරෙන් අප්පාව හම්බෙන්න හැදුවත් අප්පා කොහෙද කියලා කිසිම ආරංචියක් නැති වෙලා,
අම්මා තීරණේ කරලා අප්පාව හොයන්න යන්න,
ජෙනරාල්ට හොරෙන් සතියක් තිස්සේ අප්පාව හොයලා.
හිරෙන් ආවා කියලා පණිවිඩේ ආව දවසේ ඉදන් සතියක් ඇතුලත අම්මට අප්පාව හම්බෙලා..... "

Jk-" කොහෙද "

TH-" අගනුවරට උතුරින් ගලන ගග ලග,
අප්පාගේ මලසිරුර ,"

Jk-" අප්පා සියදිවි නසාගෙන ? "

TH-" රහසිගත මරණයක් "

Jk-" ආහ් ? "

TH-" ඔව්...ඒක රහසිගත මරණයක්,
දැක්ක කෙනෙක් නෑ,
උන දෙයක් නෑ...
අප්පගේ මුලු ඇගේම තුවාල,
ලේ ගල් ගැහිලා දවස් ගානක් තිස්සේ,
ඒ වගේම මුලු ඇගේම අස්ථි බිදිලා,
සහ ඇගේ කැපුම් පාරක් තිබිලා,
ඒත් ඒවා උන විදියක් දන් නෑ... "

Jk-" දෙවියනේ "

TH-" අම්මා එදයින් පස්සේ ඇවිදින මලමිනියක් වගේ ජීවත් වෙලා තියෙන්නේ, හැම වෙලේම නොනවතින කදුලු ඇස් වලින්,
අම්ම අම්මගෙ පිට හැම වරදම දාගෙන සියදිවි නසාගන්න හැදුවත්, මං හින්දා අමාරුවෙන් ජීවත් වෙන්න තීරණේ කරලා.....
ජෙනරාල්ගේ ගෙදර මං හින්දා ඉන්න තීරනේ කරා..."

Jk-" ජෙනී.... ? "

TH-" ජෙනරාල්ට එයාගෙම දරුවෙක් ඕන වෙලා, එයාට ඒ වෙනකොට දරුවෝ නෑ...
මාව එයාගේ දරුවෙක් විදියට සලකන් නෑ... අම්මාව මගෙන් මාස 6න් වෙන් කරලා,අම්මා මං ලගට යන්න උත්සහ කරන හැම වෙලේම අම්මට දඩුවම් කරලා....එයාට අම්මව ඕන වෙලා එයාගෙ බිරිද විදියට ...."

Jk-" ආහ්...".

TH-" හ්ම්ම්ම්... ජෙනරාල් අම්මට ලං වෙන්න හැදුවත් අම්මා ජෙනරාල්ගේ හුලගක්වත් වදිනවට කැමති වෙලා නෑ,
අම්මට මගෙ අප්පාගේ ස්පර්ශය ඇරුනම වෙන පිරිමියෙක්ගේ හුලගක්වත් ඕන වෙලා නෑ.......
ඒත් ජෙනරාල්ට දරුවෙක් ඕන වෙලා,
අවුරුදු 3 කට පස්සේ එයා ආයේ කසාදයක් කරගෙන. පස්සෙ ඒ දෙවෙනි කසාද බිරිදට දරුවෙක් ලැබිලා.
ඒ ජෙනී.
ජෙනීට ජෙනරාල් ගොඩක් ආදරේ කරා,
එයාට හැමදේම කන්න දුන්නා, අරන් දුන්නා, හැමතැනම එක්කන් ගියා,
ඒත් මට මගෙ අම්මට තුරුලු වෙන්නවත් අවසර තිබ්බේ නෑ.
නීතිරීති ගොඩක් යටතේ මං ඒ ගෙදර හැදුනේ,
අම්මා ගෙදර වැඩට තියා ගත්තා,
හේතුව ජෙනීට වයස 2ක් වෙද්දි එයාගේ අම්මා ඒ ගෙදරින් යන්න ගියා,
ඉතින් මගෙ අම්මාට ජෙනීව බලා ගන්න උනා. හැමදාම ජෙනීව වඩාගෙන යනවා, කවනවා, සෙල්ලම් කරනවා,
ඒත් මං අම්මගේ අතින් අල්ලන්නෙත් ගොඩක් දවස් වලට කලාතුරකින්,
මාත් ගෙදර වැඩ කරා,
අම්මා එක්කම ගෙදර වැඩ කරා.
ඇවිදින්න පුලුවන් කාලේ ඉදලා එහෙම තමා..... "

Jk-" ජෙනී ඔයා එකටමද හැදුනේ...."

TH-" මට වයස 15ක් වෙනකන්ම එයා ඒ ගෙදර හිටියා.ඒ කාලේ ජෙනී ගොඩක් නපුරුයි,
ඒ වගේම හිතුවක්කාරයි ,
මාත් එක්ක හොදින් නෙමේ හිටියේ,
ගෙදර වැඩ කරන කෙනාගේ පුතා හින්දා මට සැලකුවේ නපුරු විදියට,
එයාගේ යාලුවෝ ඉස්සරහා මාව විහිලු කාරයෙක් වගේ අපහසුතාවෙට පත් කරලා තියනවා,
දැං මතක් වෙද්දි ඒක විහිලුවක් වගේ,
දන්නවද jeon ssi මං ජෙනීගේ ඇදුම් පවා හෝදනවා,
ජෙනි මට පොඩ්ඩක්වත් කැමති නෑ,
ඒත් මං හේතුව දන් නෑ.
එයා මට ගොඩක් අකමැතී......
මං ඉතින් ජෙනී කියන හැමදෙම කරා,
එහෙම නොකරොත් හවසට ජෙනරාල්ගෙන් ගුටි කන්න වෙනවා,
එතකොට අම්මා අඩනවා,
අම්මගේ ඇස් වල කදුලු බලන්න මං ආස නෑ.
ඉතින් මං හැමදේම ඉවසන් හිටියා "

Jk-" එච්චර අකමැති නම් ඇයි ජෙනී ඔයාව විවාහ කර ගන්න හදන්නේ "

TH-" හේතුව දන් නෑ.... එයා ලොකු වෙනකොට වෙනස් උනා "

Jk-" ඒ කිව්වේ....."

TH-" මං අවුරුදු 15 ක් වෙනකන් ඒ ගෙදර හිටියේ, එතකොට ජෙනීට 11යි. ජෙනී ඔයාගේ වයස.....
මං අවුරුදු 15දි කදවුරට ගිහින් බැදුනා"

Jk-" එච්චර අඩු වයසින් ? "

TH-" ඒ ගෙදර ඉන්නවට වඩා කදවුරේ ජීවිතේ හිතට සහනයක් ,
ඉතින් මං සෙබලු එක්කම කදවුරට වෙලා පුහුණු උනා,
ඒ කාලේ අම්මව හම්බුනේ හොරෙන්,
ආයේ මං ඒ ගෙදරට ගියෙ නෑ,
කදවුරේ ජීවත් උනා .
මං අවුරුදු ගානක් කදවුරට වෙලා මහන්සියෙන් පුහුණුවීම් කරා,
යුද්ධයට ගියා.
හැමදේටම පස්සේ මට උසස්වීම් හැමදේම ලැබුනා,
මේ කදවුර මගෙ ගෙදර උනා,
යුද පිටිය හුරු දෙයක් උනා ඒත් එක පාරම අවුරුදු 8කට පස්සේ ජෙනරාල් මට කතා කරා "

Jk-" ඇයි..... "

TH-" ජෙනරාල්ගේ ගෙදර ලොකු උත්සවයක්.....
මට එන්න කිව්වේ උදව් කරන්න,
ඒත් මං මගඇරලා ඉන්න හැදුවත් පස්සේ මං අම්මා ගෙන හිතලා ගියා,
මං දන්නවා ඒ උත්සවේට මිනිස්සු ගොඩක් එනවා,
අනිවාරෙන් අම්මට කරදරයක් වෙයි,
අම්මට තනියෙන් ඔක්කොම කරන්න බෑ. ජෙනරාල් වැඩට වෙන කවුරුත් අරන් නෑ. ඒ කාලේ මං කැප්ටන් කෙනෙක් නෙමේ.
අම්මා ගෙන හිතලා මට ආයේ ඒ ගෙදරට යන්න උනා.
ඒ අවුරුදු 15න් මං ඒ ගෙදරින් ගියාට පස්සේ ආයේ ඒ ගෙදරට ආව පලවෙනි දවස. එතකොට අවුරුදු 7ක් ගෙවිලා,
මට වයස අවුරුදු  22ක්......
ජෙනීට 18ක්.... එතකොට අපි ටිකක් ලොකු වෙලා.
මං ඒ ගෙදරට ගියේ අකමැත්තෙන් ,
මං ඒ ගෙදරට ගියා ඒත් ,
මං පිටත් වෙනකොට තිබ්බ ගෙදර නෙමේ ඒක,
ගොඩක් වෙනස් වෙලා..
ලොකු වෙලා , ගේ ලස්සනට හදලා,
ඒ වගේම ජෙනරාල්ට වාහනේකුත් තිබ්බා,
මං ගෙදරට ගියත් ජෙනී හිටියේ එයාගේ යාලුවො එක්ක මං එයාව දැක්කේ නෑ,
මං ගෙදර වැඩ කර කර හිටියේ,
මට අම්මට උදව් වෙන්න උනා,
ගොඩක් සෙනග ආවා ....... "

Jk-" ලොකු උත්සවයක් වගේ..."

TH-" ඔව් ලොකු උත්සවයක්, ධනවත් ව්‍යාපාරිකයෝ එහෙමත් ගොඩක් ආවා,
මං උත්සවේ වැඩ වලට උදව් කරා,
මං කට්ටියට වයින් සංග්‍රහ කරන්න ගියා, ඒත් මං ඈතින් දැක්කා , ඈතට වෙලා ඇස් වගයක් මගෙ පැත්ත බලන් ඉන්නවා. "

Jk-" ඇස් වගයක් ? "

TH-" ඔව්. ජෙනී එයාගේ යාලුවොයි,
කට්ටියම මං දිහා බලන් හිටියා,
මං හිතුවා ආයෙත් පොඩි කාලේ වගේ මාව විහිලුවට ගන්න කියලා,
ඒත් පොඩි කාලේ වගේ ඒ වෙනකොට කිසිම බයක් තිබ්බේ නෑ,
මං එයාලව ගනන් නොගෙන එතනින් ගියා.....
මට හිතා ගන්නවත් බැරි උනා එකපාරම ජෙනී මං ඉන්න තැනට ඇවිත් මට ඔප්පා කියලා කතා කරා....
ඔප්පා කියලා කතා කරපු පලවෙනි සැරේ....
එතන ඉදන් ජෙනී මට ගොඩක් කාරුණික උනා,
එයා මට උදව් කරා, එයාගේ යාලුවොත්...
මට ජෙනීගේ වෙනස හිතා ගන්න බැරි උනා.....
නිතරම මගෙ ලගට ආවා, අතින් අල්ලන්න උත්සහ කරා,
පොඩි ලමයෙක් වගේ හැසිරුනේ,
එදා මට රෑ ආපහු කදවුරට යන්න දුන්නෙත් නෑ.
මං ඒ ගෙදර ඉද්දි දෙන සුපුරුදු කාමරේ වෙනුවට අමුත්තන්ගේ කාමරේ දුන්නා මට හිතා ගන්නවත් බැරි උනා මට සලකන විදිය,
පහුවදා උදේම මං නැගිටලා යන්න ලෑස්ති උනා.
ඒත් පහුවදා ජෙනරාල් කිව්වා ආයේ කදවුරට යන්න ඕන් නෑ,
එහෙ ජීවත් වෙන්න ඕන් නෑ,
මේ ගෙදර ඉදන් කදවුරට යන්න කියලා,
ජෙනරාල් එක්කම යන්න පුලුවන් කියලා,
මං මුලින් බෑ කිව්වත් අම්මා කිව්ව හින්දා නැවතුනා,
මං දන් නෑ ඇයි එහෙම සලකන්නේ කියලා,
ජෙනී මට විශේෂෙන් සැලකුවා,
ඒ වගේම ජෙනරාල් පවා හොදින් සැලකුවා,
එක පාරම, අර උත්සවේ උදව්වට ගියාට පස්සේ....
අම්මටත් ගෙදර වැඩ කරන්න එපා කියලා කිව්වා....
ඒත් මං පස්සේ දැනගත්තා ජෙනීට මාව විවාහ වෙන්න ඕන වෙලා කියලා,
එයාගේ අප්පාට කියලා,
අප්පා ජෙනීට ගොඩක් ආදරෙයි ,
ජෙනී කියන ඕන දේකට කැමතී,
ඒත් එයා මට කැමති වෙන්න හේතුව නම් දන් නෑ ඒත් එයා මට කැමති වෙලා"

Jk-" හේතුව ඔයා ගොඩක් කඩවසම් හ්‍යුන්ග්.... ඒකයි "

කැප්ටන් හිනා උනා. මොකද කැප්ටන්ගේ කඩවසම් කම ගෙන jeon නිතරම කියන්න පුරුදු වෙලා හිටියා,
ඒ වගේම jeonගේ හුරුබුහුටිම ගෙන කැප්ටන් කිව්වා....
Jeon කැප්ටන්ගේ නලල සිපගෙන ආයේ ඔලුව අත ගාන්න ගත්තේ කතාව අහන්න ඕන හින්දයි.

Jk-" ඊට පස්සේ...."

TH-" මං අකමැති උනා , ඇත්තටම මට ජෙනීගේ ගතිගුණ වලට හිත ගියෙ නෑ,
ආදරේ හිතුන් නෑ,
ඒ වගේම මං බලාපොරොත්තු උන දේවල් එයා ලග නෑ,
මං කැමති උන් නෑ,
ඒත් මං දැනන් හිටියා මට ජෙනරාල්ට ඉහලින් යන්න බෑ,
ඒ වෙනකොටත් මගෙ ජීවිතෙන් ණයයි,
මගෙ අම්මගේ ජීවිතෙන් ණයයි,
එයාගෙ බිරිදගේ ජීවිතේ අරන් අපි ජීවත් උනේ... ඒ වගේම අපි ජෙනරාල් කියන දේවල් කරන්න බැදිලා හිටියා,
මගෙ අම්මා පවා මට ජෙනී විවාහ කර ගන්න කිව්වා....
මං ඒකට අකමැති උනොත් මං දන්නවා මට යන්න තැනක් නෑ,
අම්මට යන්න තැනක් නෑ,
ඒ වගේම ණයයි.....
ඒ කාලේ කෙලින් තීරණයක් ගන්න කිසි ශක්තියක් තිබුන් නෑ....
අවසානෙට මං විවාහෙට එකග උනා.
ඒත් මං විවාහේ කල් දදා අවුරුදු ගානක් හිටියා.
ඒත් මං විවහෙට කැමති උනා "

Jk-" හරි ඇයි දැං අකමැති කිව්වේ "

TH-" මොකද දැං මට මගෙ ශක්තිය ඉන්නවා... ඒ ඔයා jeon shii "

Jk-" ආහ්..? "

TH-" ඔව් jeon shii,
අපි පලවෙනි දවසේ සිප ගත්තම මං මගෙ හැගීම ස්තිර කර ගත්තා,
ඒ මං ඔයාට ආදරෙයි කියලා,
ඒත් එදා හවස ජෙනී විවාහෙ ගෙන ඇහුවම මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ jeon,
මං දන් නෑ ඔයා මට ආදරෙයිද නැද්ද කියලා... මට ඔයා අකමැතිද?
අපි දෙන්නාගෙ සම්බන්දෙට ඉඩක් තියෙයිද ?
කිසි දෙයක් මං දන් නෑ.....
මට හිතා ගන්න බැරි උනා.
ඒ වගේම මගෙ මනසින් උන පොරොන්දු ,ණය මේ හැමදේටම හිර වෙලා. මට අම්මව අරන් යන්න තැනක් නෑ....
ඒත් අවසානේ ඔයා කිව්වම මට ආදරෙයි කියලා.... මට ආත්මාර්ථකාමී වෙන්න හේතු තිබ්බා.
Jeon shii ඔයා මට කෙලින් තීරණයක් ගන්න උදව් කරා,
අනාගතේ නැතුව වර්තමානේ ජීවත් වෙන්න තීරණෙ කරා.
මට හැමදේටම හයියක් ආවා,
මං ජීවිතකාලෙම කරේ අනුන් ගෙන හිතපු එක ඒත් මං මං ගෙන හිතන්න ගත්තා.
මං ජෙනී විවාහ වෙන් නෑ, ඒ තීරණෙ හින්දා මට වගේම එයාටත් හොදක් වෙයි. "

Jk-" හ්‍යුන්ග් ඔයාට ප්‍රශ්නයක් නොවෙයිද"

TH-" මං කිසි දෙයක් හිතන් නෑ,
දැං හිතන්නේ මං මං ගෙන විතරයි,
අපි ගෙන.
මං ඔයාට ආදරෙයි,
මට මගෙ ආදරේ එක්ක ඉන්න ඕනෙ,
කා ලගවත් ගාව වැඩකාරයෙක් වගේ ජීවත් වෙලා එපා වෙලා,
මං ආස නෑ කවුරුත් කියන විදියට ඉන්න, කාටවත් ඕන විදියට ජීවත් වෙන්න....
මං දැං ඉන්නේ මට ඕන විදියට,
මේ ජීවිතේ නිදහස්,
මට ඔයා ඉන්නවා...
මගෙ jeon shii ඉන්නවා."

කැප්ටන් jeonගේ මූන අත ගෑවා.

TH-" ඉස්සර මට කරන්න දෙයක්,
අනාගතයක් කිසි දෙයක් ගෙන තීරණයක් ගන්න බැරි උනා,
මොනාද කරන්නේ, මොකද වෙන්නේ ...... කිසි දෙයක් තේරුන් නෑ,
ඒත්.... ඒත් ඔයා හින්දා මට හැමදේම ලැබුනා,
හැමදේටම ශක්තියක් ලැබුනා,
කරන්න ඕන දේ තේරුනා,
තවදුරටත් ජෙනරාල් ලග එයා කියන විදියට ජීවත් වෙන්න ඕන නෑ,.කොන්ද කෙලින් තියන් තීරන ගන්න පුලුවන් ,
ඒ ඔයා හින්දා,
මුලින් මං අපි දෙන්නට ජීවත් වෙන්න සුදුසු තැනක ගෙයක් හැදුවා,
ඒ වගේම මගෙ අම්මා තවත් ජෙනරාල්ගේ ගෙදර වැඩකාරියක් නෙමෙ, එයාට ඉන්න තැනක් වගෙම කුලියට බලාගන්න කෙනෙක් ලෑස්ති කරා.....
එයා තවදුරටත් ජෙනරාල්ගේ ගෙදර ඉන් නෑ.... එයා ඉන්නේ මං එයාට ලෑස්ති කරපු ගෙදරට "

Jk-" හ්‍යුන්ග් ස්තීරවම මගෙ...."

TH-" මං ඔයාගෙ... ඒ වගේම...... මං තියන ආදර පැල්ලම් ඒවත් ඔයාගේ "

Jk-" හ්‍යුන්ග් ......"

TH-" මං පොරොන්දු වෙනවා මං ආදර පැල්ලම් තියන්නේ ඔයාගේ විතරයි,
මැරෙනකන්....
මොකද ඒ පැල්ලම් වලට ඔයා කිව්වේ ආදර පැල්ලම් jeon ssi....
ඔව් ඒවා ආදරේ ලකුණු...
අපේ ආදරේ.... අපි දෙන්නගේ ආදරේ,
ඉතින් ඒ පැල්ලම් තියන්න පුලුවන් මං ආදරේ කරන කෙනාගේ විතරයි,
ඒ ඔයාගේ... මැරෙනකන්,
ඒ වගේම මැරුනට පස්සෙත් ඔයාට විතරයි ආදරේ , ඒ පැල්ලම් ඔයාගේ ඇගේ විතරක් තියේවි,
ඒ වගේම ඔයත් මගෙ ආදර පැල්ලම් තියන්න... අපි දෙන්නගෙ ආදරේ ...
මං ඔයාට ආදරෙයි jeo shii "

Jk-" මාත් ගොඩක් ආදරෙයි හ්‍යුන්ග්,
මේ ලෝකේ හැමදේටම වඩා..... "

TH-" jeon ssi..."

Jk-" ම්ම්ම්ම්ම්......"

TH-" අද මං ඔයාගේ ආදර පැල්ලම් ගොඩක් ලස්සනට දැක්කා.....
ඒවා තිබ්බම ඔයා තවත් ලස්සනයි,
මට ඔයාව තවත් ලස්සන කරන්න ඕනේ.........  "

කැප්ටන් ඇදේ වාඩි වෙන ගමන් කිව්වේ jeonගේ ඇගේ සීතල තවත් වැඩි කරමිනුයි.
Jeonගේ තොල් වල කැප්ටන්ගේ තොල් ගෑවෙන තරම් ලං උනා....

TH-" ඔයා මගේ.... මගෙ.... මං ලස්සන කරන්නම්.... පැල්ලම් තියන්නම්....
මගෙ ආදරේ "

Jk-" හ්‍යුන්ගී...... "

කැප්ටන් jeonගේ තොල් සිප ගත්තා, එක අතක් jeonගේ හිසේ පිටුපස කොන්ඩේ අතරින් යවලා jeonගේ තොල් එයාගේ තොල් වලට තද කරලා තියා ගත්තා.
කැප්ටන්ගේ තොල් jeonගේ තොල් පිපාසයෙන් සිප ගන්න අතරම කැප්ටන්ගේ අනිත් අතින් jeonගේ ඇදුම් එකිනෙක ලිහිල් කරන්න ගත්තා.
කැප්ටන්ගේ නිදන කාමරේ උණුසුම් ඇද උඩ දෙන්නම ඇල උනේ එකිනෙකා නිරුවත් වෙන ගමනුයි....

කැප්ටන්ගේ ඔෆිස් කාමරයේ ඇතුලේ එයාලට හැමදේම කරන්න බෑ,
එයාලගේ ආදරේ කරන එකට සීමාවන් තියා ගත්තා.
Jeonගේ වේදනාකාරී , වින්දනාත්මක ශබ්ද හෝ කැප්ටන්ගේ වින්දනාත්මක ශබ්ද පිටතට ඇහෙන නිසා එයාලා ඒ ගෙන  සැලකිලිමත් උනා,
ඒ හින්දා ඒ දෙන්නම ඇගේ වින්දනය පිට කිරීමට අත(handjob) හෝ මුව(blowjob)  පමණක් බාවිතා කරා.
ඒක තනිකරම වින්දනයක් නෙමේ,
ඒ වින්දනය ඇතුලේ ආදරෙත් ගැබ් වෙලා තිබ්බා,




















# To be continue #



Continue Reading

You'll Also Like

46.9K 9.1K 30
Love is a Temporary Madness!! 1907 වසර, වජයිනා හා පව් කියන වචනය අදහන සමාජයක, රාගයේ ගැඹුරුම- අදුරුම- ගුප්ත බව සොයා යන කිම් ටේහ්‍යොන්ග් හා ජොන් ජන්කුක්...
164K 34.2K 99
පොඩි බේබි මොකක්ද දෙවියනෙ මේ කරන්නෙ" "මගෙ වැඩ වලට හරස් වෙන්න එපා විල්සන් ..අයින් වෙනවා" "ඔය දරුවව අතාරින්න පොඩි බේබි" "පොඩි බේබි දෙවියන්ගෙ නාමෙට මුර...
443 67 10
චන්දන සුගන්ධයත් ශ්වේත සියපත් සුගන්ධයත් එක් වූ වලා පර්වත මස්තකයේ වැයෙන ගීතමය ස්නේහය......
Drug By Merida

Fanfiction

214K 28.9K 45
ඇයි මං තවත් ජීවත් වෙන්නේ... please god , මාව ඔයා ගාවට ගන්න. මට....මට මේ ජීවිතේ එපා.... මට ඕන උන ජීවිතේ නෙමේ මේ.... හැමදාම මේ evilගේ toy කෙනෙක් වෙන්න...