I met you

By Marivok

164K 32.1K 11.8K

මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක... More

Notice
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 16
Chapter 17
Chapter 18
Happy birthday කැප්ටන් 👑 💜️
Chapter 19 (S)
Chapter 20
Chapter 21
Sorry
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25 (s)
Chapter 26
Thank you...❤
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32 ( NS)
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36 (s)
Chapter 37
Chapter 38
Chapter 39
Kimjeon
🥺
seoson 2
Chapter 40
Chapter 41
Chapter 42
A/N
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54 (s)
Chapter 55
Chapter 56
Chapter 57 (NS)
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63 (Ns)
Happy b'day professor 👑 💜️
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70 (s)
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76 (s)
Chapter 77
Chapter 78
Chapter 79
Happy b'day sugar daddy 👑 💜️
Chapter 80
Chapter 81
Chapter 82
Chapter 83
Chapter 84 (s)
Taekook
Chapter 85
CP-86 END
Announcement

Chapter 15

1.6K 345 44
By Marivok


================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°


______________________________________

එකපාරම මොකක් හරි බිම වැටෙන සද්දයක් ඇහිලා jeon ඇහැරුනා, එතකොටත් වටපිටාව කලුවරයි. පාන්දරද රෑද කියලා දන්නෙත් නැති අතරමැදි වෙලාවක්. කැප්ටන් තවමත් එයාව තුරුලු කරන් නෑ වගේ තේරුන හින්දා jeon නිදිමතේම එයාගේ අත දිගු කරලා බැලුවා. ඒත් කැප්ටන් ඇදේ එහා පැත්තේ හිටියේ නෑ...

ඔව්. Jeon දැං රෑට නිදා ගන්නේ කැප්ටන්ගේ නිදන කුටියේ,
ඒ සිදුවීම වෙලා මාස දෙකක් ගෙවිලා ගිහින් , කැප්ටන්ගේ වෙඩි වැදුන තුවාලය හොදයි. ඒත් එදයින් පස්සේ jeon හැම රෑම කැප්ටන් එක්ක කැප්ටන් එක්ක නිදාගන්න පුරුදු උනා.

උදේ ඉදන් වෛද්‍ය පරීක්ෂණ, ඖෂධ එක්ක කාර්‍යබහුල වෙන jeon හවස් වරුව වෙනකොට නිදහසක් දැනෙන්නේ,
කැප්ටන් එයාගේ සෙබලු එක්ක , එයාට නිදහසක් ලැබුන වෙලාවට නැගෙනහිර කූඩාරම පැත්තට ගියත්, jeon එක්ක කතා කරන්න තරම් වෙලාවක් අවස්තාවක් ලැබෙන් නෑ.

කැප්ටන් රෑට jeonගේ කූඩාරමට ගිහින් jeonව රෑට ඇල්ලට එක්කන් යනවා,
එදා මාස දෙකකට කලින් කැප්ටන් jeon ඇල්ලෙ නානවා දැක්ක දවසේ ඉදන් බය උනා ඒ වගේ වෙන කවුරු හරි jeon දිහා බලන් හිටියොත් කියලා  , ඒ හින්දා හැමදාම jeonට නාන්න කියලා කැප්ටන් වටපිට පරීක්ෂා කරනවා, කවුරු හරි එයිද කියලා අවදානෙන් ඉන්නේ,

ඒත් කැප්ටන් කිසිම වෙලාවක හොරෙන් jeon නාන දිහා බලන්නවත් , jeon ඇදුම් මාරු කරනවා බලන්නවත් උත්සහ කරේ නෑ.
මොකද කැප්ටන් දන්නවා එයා ඒ වගේ අවස්තාවක jeonව දැක්කොත් ආයෙත් නරකම දේ....... වෙනවා කියලා,
ඒ හින්දා කැප්ටන් තමන් පාලනේ කරන් අවදානේ වටපිටාවට දීලා ඉන්නවා,

Jeon නාලා ඉවර උනාම කැප්ටන්, jeonව එක්කන් කාටත් නොපෙනෙන්න එයාගේ කුටියට එක්කන් යනවා ,
එක්කන් ගිහින් jeonව තුරුලු කරන් නිදා ගන්නවා. කැප්ටන් නින්දෙන් තුරුලු කරන් නිදාගන්න පුරුදු උන කෙනෙක්, ඒ වගේම jeon කැප්ටන්ගේ උණුසුමට පවා ගොඩක් ආදරේ කරා,
කැප්ටන්ගේ පපුවට තුරුල් වෙලා නිදා ගන්නකොට jeonගේ හිතට ලොකු සහනයක් දැනුනා.
හැම රෑකම ආදර දෙබස්, අනාගත හීන, සිපගැනීම් වලින් කැප්ටන්ගේ නිදන කාමරය පිරිලා ගියා.

එදත් රෑ එක ඇදේ නිදා ගත්තත් පාන්දර හෝ මැදියම් යාමේ jeon ඇහැරිලා බලනකොට කැප්ටන් ලග හිටියෙ නෑ.
කැප්ටන් එයා ලග නැති උනත් ඊට එහා පැත්තේ ඔෆිස් කාමරේ පහන් එලියක් තිබ්බ. ඒ වගේම කැප්ටන් කවුරු හරි එක්ක කතා කරනවත් , ඒ වගෙම කැප්ටන් කලබලෙන් මොනා හරි අදිනවා වගේ ඇහුනා.

Jeon නිදාගෙන හිටපු තැනින් බැහැල හෙමින් ඔෆිස් කාමරය පැත්තට ඇවිදන් ගියා, ඒ වෙනකොට ගොඩක් කලුවරයි.
ඔෆිස් කාමරේට ඇතුලු වෙන තැනට වෙලා නැවතිලා ඉදලා කැප්ටන් එක්ක කතා කරන්නේ සුපුරුදු කටහඩක් හින්දා  jeon ඔෆිස් කාමරයට ගියා.

Jk-" කැ...කැප්ටන් ඇයි... ඇයි මේ නිල ඇදුම් ඇදගෙන.....
ලුතිනන් yoongi ... ඇයි ඔයත් නිල ඇදුම් ඇදගෙන "

ඒ වෙනකොට කැප්ටන්ගෙත් , jeonගෙත් සම්බන්දේ ගෙන ලුතිනන් yoongi වගේම ඩොක්ටර් පාර්ක් දැනගෙන හිටියේ.මොකද විශ්වාසවන්ත එකම දෙන්නා ඒ දෙන්නා විතරයි.

TH-" jeon shii ඔයා ඇහැරුනාද? මට දැන් යන්න වෙනවා "

Jk-" කොහෙද ? "

Yg-" අපිට දැං පණිවිඩයක් ලැබුනා ආයෙත් සීමාවේ බටහිර පැත්තෙන් ප්‍රහාරයක්. ඒ පැත්තේ අපේ සෙබලු මදි ගොඩක්. එයාලට වැඩි කාලයක් වෙනකන් රදවගෙන ඉන්න බැරි වෙයි,
අපි දැම්ම නොගියොත් එයාලා ඉක්මනින් බටහිර සීමාව අල්ල ගනී"

TH-" ඒ හින්දා අපිට දැම්ම යන්න වෙනවා jeon shii "

Jeon කැප්ටන්ව බදා ගත්තා.jeonගේ ඇස් වලින් කදුලු බින්දු එක දෙක වැටෙන්න ගත්තා.

Jk-" ම..මාව ඇහැරුවේ නැත්තේ ඇයි"

Jeon පහත් ස්වරයෙන් කිව්වේ, කැප්ටන්ට තේරුනා jeon අඩන්න යන්නේ කියලා. කැප්ටන් jeonගේ පිට අත ගෑවා.

TH-" මං ඔයාව ඇහැරවන්න හිටියේ, ලෑස්ති වෙලා ඉවර වෙලා.
ඔයා ඊට කලින් ඇහැරිලානේ "

Jk-" කැ..කැප්ටන් ... මාව නින්දේ තියලා යන්න එපා.... මාව නිදි කරලා දාලා යන්න එපා... කැ...කැප්ටන් "

Jeon අඩන්න ගත්තා. ඇත්තටම jeon එවෙලේ ගොඩක්ම එවෙලේ ඇඩුවේ කැප්ටන් යුද්ධයට කැප්ටන් ඇහැරවපු නැති එකටද ?.
නෑ... එයා ඇඩුවේ කැප්ටන් ආයෙත් යුද්දෙට යන එකට.
එයාට කැප්ටන්ව නවත්තන්න ඕන උනත් එයාට කැප්ටන්ව නවත්තන්න බෑ,

TH-" නෑ... jeon shii මං එහෙම දාලා යන් නෑ...ඇයි දැං අඩන්නේ... "

කැප්ටන් jeonගේ කනට කරලා කෙදිරුවා...

Jk-" කැ..කැප්ටන් ... ඔයා... ඔයා.. හෙට එනවද....? "

TH-" jeon shii.... ? "

කැප්ටන් මූන පස්සට අරන් jeonගේ උරහිස් වලින් අල්ලන් මූන දිහා බැලුවේ පුදුමෙන්.jeonගේ ඇස්  ,නහය රතු වෙලා, කම්මුල දිගේ කදුලු බින්දු වැක්කෙරනවා .jeon බිම බලාගෙන යටිතොල තදින් හපාගෙන ඉකිබිදින්න ගත්තා.

TH-" මං අගනුවරට නෙමේ යන්නේ ,එක දවසින් එන්න බැරි වෙයි... මං යුද්දෙට යන්නේ... එන දවස ගෙන මම කොහොමද හරියටම කියන්නේ"

Jeonගේ ඇස් වල කදුලු නවතින්නෙ නැතුවම වැටෙන්න ගත්තා, jeonගේ තොල්පටවල් වෙව්ලන්න ගත්තා,jeon තොල පෙරටත් වඩා තදින් හපන්න හැපුවා.jeonගේ මූන දැක්කම කැප්ටන්ගේ පපුවත් නවතිනවා වගේ දැනුනා. කැප්ටන් ආයෙත් jeonව පපුවට තද කර ගත්තා.

TH-" මං ආයේ එනවා, මං ඉක්මනින් ආයේ එනවා. මං එනකන් පරිස්සමෙන් ඉන්නවා නේද මගෙ blossom මල...,
මං එන්නේ ඔයාව බලන්න,
ඔයා වෙනුවෙන්..."

Jk-" පරි...ප..රිස්සමෙන් .. එනවා... කි..කියලා ම..ට.... මට පොරොන්දු වෙන්න..."

Jeon ඉකි බිදින ගමන් කතා කරන්න ගත්තා. කැප්ටන්ට තේරුනේ එච්චරයි ,
කැප්ටන් තවත් jeonව තදින් බදා ගත්තා,jeon කැප්ටන්ගේ නිල ඇදුම තදින් අතේ මිටමොලව ගත්තා,

TH-" ඔව්... මං පොරොන්දු වෙනවා, මං එනවා. ඔයා වෙනුවෙන් මං අනිවාරෙන් එනවා.... "

Yg-" කැප්ටන් , අපේ සෙබලු ලෑස්ති වගේ"

TH-" හරි යමු..... ",

කැප්ටන් හෙමින් එයගේ අත ලිහිල් කරා, jeon ඇස් වල කදුලු පිහ දම දම කැප්ටන්ගේ තුරුලෙන් එහාට ගියා,

TH-" මං ගිහින් එන්නම් jeon shii"

Jk-" මං.. ඔ.ඔයාට ආ..දරෙයි හ්‍යුන්ග්.."

Jeon කැප්ටන් දිහා කදුලු පිරෙන් ඇස් දෙකෙන් බැලුවා,
කැප්ටන් jeonගේ ඉනෙන් ඇදලා ආයෙත් ලගට ගත්තා. Jeon කැප්ටන්ගේ කරෙන් අත තියා ගත්තා, කැප්ටන්ගේ jeonගේ තොල් වලට ලං උනා. Jeonගේ ඇස් වලින් කදුලු බින්දු වැක්කෙරෙන එක තවත් නැවතිල තිබුන් නෑ. කැප්ටන්ගේ සිනිදු තොල් එයාගේ තොල් වල ගෑවෙනකොට jeon හෙමින් ඇස් පියා ගත්තා, ලුතිනන් yoongi එතනින් යන්න ගියා ........

කැප්ටන් තවත්, jeonව සිප ගන්න ගමන් හිටියේ.සිප ගැනීම අතරේ jeonගෙ ඉකියත්, කදුලුත් මුසු වෙලා තිබ්බේ.
එයාලා හැම දවසකම සිපගෙන තිබ්බත්  අද සිපගැනීමේ වේදනාවක් මිශ්‍ර වෙලා තිබ්බා.කැප්ටන් සිපගැනීම නවතන්නවත්, jeonව දාලා යන්නවත් හිත දුන් නෑ, කැප්ටන්ට කාලේ නවතලා තියන්න ඕන උනත්... කාලේ නවතන එක කරන්න පුලුවන් දෙයක් නෙමේ,

කැප්ටන්ට දැං යන්න වෙලාව හරි, මීට කලින් කවදාවත් යුද්දෙට ගියේ දුකෙන් නෙමේ. ඒත් අද, කැප්ටන්ගේ කකුල් බැදලා දාලා වගේ දැනුනා.
කැප්ටන් එයාගේ තොල් ,jeonගේ තොල් වලින් ඉවතට ගත්තා,
Jeon තවමත් ඇස් පියන් හිටියේ..
ඒත් එයාගේ ඇස් වලින් කදුලු බින්දු වැක්කෙරෙන එක නැවතිලා තිබ්බේ නෑ.

TH-" jeon shii..."

කැප්ටන් හෙමින් කොදුරන ස්වරයෙන් කතා කරා.

TH-" පරිස්සමෙන් ඉන්න, මං ගිහින් එන්නම් "

Jeon ඇස් ඇරියා...jeonගේ ඇස් වල කදුලු පිරිලා දිලිසෙනවා.

Jk-" මගෙ හ්‍යුන්ග් ප..පරිස්සමෙන් එන්න මට ඒ හොදටම ඇති "

TH-" හවසට නාන්න යන්න එපා තනියෙන්, ඩොක්ටර් පාර්ක් එක්ක නාන්න යන්න."

Jeon ඔලුව වැනුවා.කැප්ටන් කියන දේවල් ඕන දෙයක් පිලිගන්න jeon පුරුදු වෙලා හිටියා. පුරුදු වෙනවා කියනවට වඩා ගැලපෙන්නේ කැප්ටන් කියන දේවල් කරන්න එයා කැමැත්තෙන් හිටියා කියන එකයි. මොකද කැප්ටන්ගේ පාලනයට jeon ගොඩක් කැමතී   , කැප්ටන් යටතේ ඉන්න, එයා කැප්ටන්ගේ කියලා දැනෙනවට jeon ගොඩක් ආස කරා ...

TH-" මං ගොඩක් ආදරෙයි "

Jk-" මං ඊටත් වඩා ආදරෙයි "

Jeon ඒක කිව්වේ මුමුණනවා වගෙ. කැප්ටන් අවසන් වතාවට jeonගේ නලල සිපගෙන යන්න ගියා.
Jeon කැප්ටන් ඈතට යනකන් බලන් හිටියත් එයාට කැප්ටන්ව පැහැදිලිව නොපෙනුනේ එයාගේ ඇස් කදුලු වලට බොද වෙලා තිබුණ හින්දයි .

Jeon ,කැප්ටන්ගේ ඔෆිස් කාමරෙ දොර අගුලු දාලා එයාලගේ කූඩාරමට යන්න ගියා.
ඩොක්ටර් පාර්ක් නිදාගෙන ඉන්නවා කියලා හිතුවත් ඇත්තටම පාර්ක් ඒ පාන්දරත් ඇහැරිලා හිටියේ.

ඒත් ඇයි ඩොක්ටර් පාර්ක් තවමත් ඇහැරිලා ?

Jk-" පාර්ක් හ්‍යුන්ග්? "

Jeon පුදුමෙන් ඇස් ලොකු කරලා බැලුවා.

Jm-" jeon shii...."

පාර්ක්ගේ කරහඩේ තිබ්බෙත් දුර්වල ස්බාවයක්.පාර්ක්ගේ ඇස් රතු වෙලා. ඒත් ඇයි මේ ?

Jk-" පාර්ක් හ්‍යුන්ග් , ඇයි...ඔයා ඇහැරිලා, මේ වෙලාවේ ,මං හිතුවේ ඔයා නිදි ඇති කියලා, "

Jm-" මං, නිදාගෙන හිටියේ. ඒත් ලුතිනන් yoongi ආවා... එයාලා ආයෙත් යුද්දෙට යනවලු "

Jk-" ඔව්.. කැ..කැප්ටන් ගියා.... එයාලා එනකන් ඉන්නවා... කො..කොහොම හරි. මගෙ කැප්ටන් පරිස්සමෙන් එයි"

Jeon එයාගේ ඉකි අතරින් කතා කරා. ඒත් තවත් මේ ගෙන ඇහුවොත් jeon අඩයි කියලා පාර්ක්ට දැනුනා. පාර්ක් ඇස් පිහගෙන හිනාවෙලා jeon දිහා බැලුවා.

Jm-" ඔව්... එයා ආවම ආයෙත් jeon shii රෑට මේ කූඩාරමට එන එකක් නම් නැති වෙයි නේද.."

පාර්ක් විහිලුවට වගේ එහෙම්ස් කියලා හිනා උනා. ඒත් ඒ හිනාවේ වෙනදා වගේ සතුටක් තිබ්බේ නෑ. පාර්ක් හිනා උනේ දුර්වල විදියටයි. හරියටම කිව්වොත් ඇස් වලින් අඩනවා තොල් වලින් හිනා වෙනවා වගේ.jeon හෙමින් හිනා වෙන්න ගත්තා ඒ හිනාවත් පාර්ක්ගේ හිනාවට වඩා වෙනසක් තිබ්බේ නෑ.

ඒත්....jeonගේ හිනාව අවසානේ jeonගේ ඇස් වලින් කදුලු වැක්කෙරෙන්න ගත්තා, jeon ආයෙත් අඩන්න ගත්තා,
පාර්ක් jeonව බදා ගත්තා,
Jeon ඉකි ගගහා ඇඩුවා. Jeonගේ කටින් පිටඋන එකම වචනේ ' කැප්ටන් ' කියලා විතරයි.

පාර්ක් ,jeonගේ පිට හෙමින් පිරිමදින ගමන් jeonව සනසන්න හැදුවත් පාර්ක්ගේ ඇස් වලත් කදුලු.
Jeon ඒක නොදැක්කත් පාර්ගේ ඇස් වල පවා කදුලු පිරිලා තිබ්බේ ,
ඇයි පාර්ක්ගේ ඇස් වල කදුලු ?...
.
.
.
.
.
.
.

Jm-" jeon shii...... දැංවත් කන්නකෝ"

Jk-" අදට දවස් 3ක් පාර්ක් හ්‍යුන්ග්, ඒත් එයා තව නෑ. එයා කනවද බොනවද දන් නෑ..."

එතකොට වෙලාව හවස 5ට විතර ඇති. මේ සීතකාලේ හින්දා හවස 5ට උනත් ගොඩක් කලුවර වැටිලා තිබ්බේ.අදට කැප්ටන් යුද්දෙට ගිහින් දවස් 3ක් වෙනවා, කැප්ටන් නැති හැම දවසක්ම jeonට දැනුනේ ගහක් කොලක් නැති,බොන්න වතුර ටිකක් නැති, යන්න කියලා හරි පාරක් නැති, කාන්තාරෙක ඇවිදන් යනවා වගෙ.කිසිම දෙයක් තේරුමක් නෑ වගේ. ජීවිතේම හිස් බවක් වගේ දැනුනා.

කැප්ටන් කනවද බොනවද, තුවාල වෙලාද ,නැද්ද, ජීවත් වෙනවද කියලවත් හරියට නොදැන කැප්ටන් එනකන් බලන් ඉන්න දවස් දැනුනේ හරියට කල්ප ගානක් ගෙවෙනවා වගේ.
කාලය යන් නැතුව එක තැන නැවතිලා වගේ....
අරමුණක් නෑ වගේ....

Jm-" යුද්දෙට ගියාම එන දවසක් කියන්න බෑ jeon shii... ඒත් ඔයාට කැප්ටන් එනවා කියලා පොරොන්දු උනා නේද. "

Jk-" ඔව්... මට පොරොන්දු උනා. එයාට මගෙ පොරොන්දු කඩන්න බෑ....
මං එයා එනකන් ඉන්නවා "

Jm-" එහෙනම් මේ කෑම එක කන්න "

පාර්ක් , jeonගේ අතට කෑම එක දුන්නා .

Jk-" මං කන්නම්, පාර්ක් හ්‍යුන්ග් ස්තූතී"

Jeon සරල හිනාවක් තොල් අතරට අරන් කිව්වත් ඒ හිනාවේ තිබ්බේ වේදනාවක්.
පාර්ක් jeonගෙ කොන්ඩේ අතින් පිරිමැදලා එතනින් යන්න ගියා.සමහරවිට එයා කදවුර පැත්තට යන්න ඇති.
ඒත් jeon කෑම එක පැත්තකින් තියලා එයාගේ අත දිහා බැලුවා.
කැප්ටන් දුන්න අත් පලදනාව අනිත් අතින් පිරිමැද්දා.

' ඔයා මට පොරොන්දු උනා ඉක්මනින් එන්න... මං බලන් ඉන්නවා මගෙ හ්‍යුන්ග්. ඔයා එනකන් මං බලන් ඉන්නවා, ඔයා වෙනුවෙන් මං ශක්තිමත් වෙලා ඉන්නම්... ඔයා පරිස්සමෙන් එන්න කැප්ටන් .
ඔයා එනකන් ඔයාගේ blossom මල බලන් ඉන්නවා. '

Jeonගේ ඇස් වලින් කදුලු බිංදු වැක්කෙරෙන්න ගත්තා. Jeon ඇස් වල කදුලු පිහදන් හිනාවෙන්න උත්සහ කරේ එයාට කැප්ටන්ගේ ලස්සන හිනාව මැවිලා පෙවුන හින්දයි .

Jm-" jeon shii...! Jeon shii!! "

පාර්ක් කෑ ගහගෙන දුවගෙන ආවේ තොල් වල හිනාවක් එක්කයි.

Jk-" පාර්ක් හ්‍යු~~~ "

Jm-" එයාලා ආවා...මං දැක්කා එනවා "

Jeon එතනින් එහාට මොකුත් අහන්න ගියේ නෑ කාලේ නාස්ති කරේ නෑ. Jeon එතනින් නැගිට්ටා, එයාගේ කෑම බාජනේ කකුල වැදිලා බිමට හැලුනත් එයාට ඒවා ගානක් ගියේ නැ.. jeon දුවන්න ගත්තා. Jeonගේ ඇස් වලට කදුලු ආවා...jeon කදුලු පිහ පිහ දුවන්න ගත්තා.කැප්ටන්ගේ ඔෆිස් කාමරය පැත්තට දුවන් ගියා.

දවස් 3ක් උනත්, කල්ප ගානක් නොදැක්කා වගේ. ඒ මූන ,ඒ කටහඩ, ඒ ස්පර්ශය, ඒ තොල් හැමදේම jeonට ගොඩක් මතක් උනා, ඒ හැමදේමට එයා ඇබ්බැහි වෙලා හිටියේ.
එවෙලේ කලුවර වැටිලා තිබ්බේ.....
ඒ කිසි දෙයක් නොතකා jeon කෙලින්ම ගියේ කැප්ටන්ගේ ඔෆිස් කාමරේටයි.
ඒත් ඔෆිස් කාමරේ අදුරුයි කිසිම පහන් එලියක්වත් නෑ...

Jk-" කැ..කැප්ටන්...කැප්ටන් ..."

Jeon කතා කරත් කිසිම ප්‍රතිචාරයක් තිබ්බේ නෑ. කැප්ටන් ඔෆිස් කාමරේ නෑ.
Jeonගේ පපුව ආයෙත් වේගෙන් ගැහෙන්න ගත්තා.



















# To be continue #

______________________________________

ඇති යන්තන් ඊයේ වගේ රෑ වෙන්න කලින් ලියා type කර ගත්තා.

ලමයි..... මගෙ පොත් වල mature content තියෙන්න පුලුවන් .

            ⚠️️Smut warning .⚠️️
[හෙට chapter එක ගෙන නෙමේ කියන්නේ... අනාගතේදි හම්බෙන්න chapter වල තියෙන්න පුලුවන් ]

සමාව ගන්නවා, ඒත් ඒවා skip කරලා කියවන්න පුලුවන්.
ඒවට අකමැති ලමයි, පොඩි ලමයි මට සමාවෙන්න ...😔
ඔයාලගේ පොතක් මං සවුත්තු කරනවා නම්.









(- plz forgive for  Marivok bish 😌💔)

Continue Reading

You'll Also Like

2.8K 498 21
සෑබෑ ආදරය හඳුනා ගැනීමට නොහැකි වූ තරුනයෙක්... මවගේ ආදරය සොයන සිගිත්තෙක්... අහම්බෙන් ඔවුන් වෙන එන සුරදූතයෙක්... ඔවුන්ට එක් වෙන්න හැකි වෙයිද... ❤ 🅑🅐🅑...
176K 30.3K 89
වසර කිහිපයකට පෙර, නොදන්නා හේතුවකට යම්කිසි බලවත් පැක් එකක් විසින් සියලුම ඔමේගාවන් මරා දැමුවා. ඔමේගාවන්ගේ ඝාතනයෙන් දිවි ගලවාගත් එකම පුද්ගලයා වූයේ කිම්...
Drug By Merida

Fanfiction

194K 27.7K 45
ඇයි මං තවත් ජීවත් වෙන්නේ... please god , මාව ඔයා ගාවට ගන්න. මට....මට මේ ජීවිතේ එපා.... මට ඕන උන ජීවිතේ නෙමේ මේ.... හැමදාම මේ evilගේ toy කෙනෙක් වෙන්න...
275K 48.1K 60
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)