I met you

By Marivok

165K 32.1K 11.8K

මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක... More

Notice
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Happy birthday කැප්ටන් 👑 💜️
Chapter 19 (S)
Chapter 20
Chapter 21
Sorry
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25 (s)
Chapter 26
Thank you...❤
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32 ( NS)
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36 (s)
Chapter 37
Chapter 38
Chapter 39
Kimjeon
🥺
seoson 2
Chapter 40
Chapter 41
Chapter 42
A/N
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54 (s)
Chapter 55
Chapter 56
Chapter 57 (NS)
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63 (Ns)
Happy b'day professor 👑 💜️
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70 (s)
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76 (s)
Chapter 77
Chapter 78
Chapter 79
Happy b'day sugar daddy 👑 💜️
Chapter 80
Chapter 81
Chapter 82
Chapter 83
Chapter 84 (s)
Taekook
Chapter 85
CP-86 END
Announcement

Chapter 14

1.7K 370 56
By Marivok

================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

Jeon වෙනදා වගේම ඇහැරුනේ සෙබලුන්ගේ පුහුණුවීම් වල සද්දෙටයි.
ඒ වෙනකොට ලාවට ඉර පායලා තිබ්බත් ටිකක් අදුරුයි.වෙලාව උදේ 6ට විතර ඇති, jeon ඇස් අත් දෙකෙන් පිරි මැදලා හෙමින් ඇස් ඇරියා,
Jeon නිදිමතේම හෙමින් අත දිගු කරලා තමන්ට එහාපැත්තෙන් අත තිබ්බේ කැප්ටන් බලාපොරොත්තුවෙන් ,
ඒත් කැප්ටන් එතන නෑ කියලා දැනුනම jeonව ඇදේ ඉන්දුනා.
කැප්ටන් ඒ වෙනකොටත් ලෑස්තී වෙලා උදේ පුහුණුවීම් වලට ගිහින්,

' කොච්චර හිතුවක්කාරද, එක පාරක් බෙහෙත් බිව්වට අඩු වෙනවද,
තුවාලේ වැඩි කර ගන්න හදන්නේ,
මේ කැප්ටන් කියන දේ අහන කෙනෙක් නෙමේ, ආර්හ්.... මට කැප්ටන්ගේ උදේ කසාය හදන්නත් ඕනේ '

Jeon ඉක්මනින් නැගිටලා පොරවනය නමලා පැත්තකින් තියලා එලියට ගියා. උදේ සෙබලු පුහුණුවීම් වල හින්දා කවුරුත් කැප්ටන්ගේ ඔෆිස් කාමරයට එන් නෑ,
මොකද කැප්ටන් පවා එවෙලේ පුහුණු පිටියේ හිටියේ,
කැප්ටන් ඔෆිස් කාමරෙන් එලියට ඇවිත් දිගටම ඇවිදන් ඇල්ලට ගිහින් මූනකට හෝදගෙනම කූඩාරමට ගියා. ඒ වෙනකොට mr.පාර්ක් ඇහැරිලා හිටියේ.
Jeon ආවාම පාර්ක්ගේ තොල් වලට හිනාවක් ආවා.

Jm-" jeon shii......... ඇයි ඊයේ ආවේ නැත්තේ.... ආහ්...... "

Jk-" මට සමාවෙන්න , ඔයා මං එනකන් ගොඩක් වෙලා බලන් හිටියද "

Jm-" ටිකක් විතර, ඒත් පස්සේ හිතුවා අද රෑ එන් නැති වෙයි කියලා ඒක හින්දා නිදා ගත්තා "

Jk-" ඒක හොදා ඔයා නිදා ගත්ත එක"

Jm-" ඒ වගේ වෙලාවක ආවා නම් තමා පුදුමේ "

Jk-" අහ්... ඇයි "

Jm-" නෑ මං කියන්නේ, සීතල රෑක, ආදරේ කරන දෙන්නෙක් එක කුටියක ඉද්දි ආපහු එන්න හිතුනොත් තමා පුදුමේ...."

පාර්ක් එහෙම කියලා හිනා වෙන්න ගත්තා. Jeonගේ කම්මුල රත්වීගෙන යනවා වගේ jeonට දැනෙන්න ගත්තා,
Jeonගේ මූන රතු වෙලා ගියා,

Jk-" පාර්ක් හ්‍යුන්ග්..."

Jm-" ඔහ්! Jeon shii ඔයා රතු උනා, ඊයේ.... ඊයේ රෑ රතුවෙන්න තරම් දේවල් උනාද "

Jk-" පාර්ක් හ්‍යුන්ග්! .... මං යනවා නැගෙනහිර කූඩාරමට "

Jeon හිනාවෙන ගමන් ලැජ්ජාවෙන් එහෙම කිව්වා.

Jm-" පාන්දර වැඩි නැද්ද, වෙනදට යන්නේ 7.30ට වගෙනේ... ඇයි අද කලින්....
Jeon shii..... ඔයා ලැජ්ජාවෙන් එහෙම නේද "

Jk-" ම්ම්ම්ම් ඔව්..."

Jm-" ලැජ්ජා වෙන්න තරම් මොනාද උනේ.... "

Jk-" අපී... අපි සිපගත්තා "

Jeon ලැජ්ජාවෙන් බිම බලාගෙන මිමිණුවේ , පාර්ක්ට තවත් හංගන්න තරම් දෙයක් එයා ලග තිබ්බේ නැති හින්දයි.

Jm-" ඒක කලිනුත් කරානේ, එදා කියද්දී ඔච්චර රතු උන් නෑ..... "

Jk-" එදා තේරුමක් නැතුව, අපේ හැගීම්වත් නොදැන සිප ගත්තේ, ඒත් ඊයේ සම්පුර්ණයෙන් වෙනස් ,
අපි අලුතෙන් සම්බන්දයක් පටන් ගත්තා, අපි අපිට ආදරෙයි කිව්වා,
ආදරේ කියලා දැන දැන සිප ගන්න එක ගොඩක් වෙනස් හැගීමක්. "

Jm-" ඒත් ඔච්චර ලැජ්ජා වෙන්නේ, සිපගැනීමක් විතරක් නම් ... "

Jk-" පාර්ක් හ්‍යුන්ග් සිපගැනීමක් තමා උනේ.... "

Jm-" ඊට වඩා~~~~ "

Jk-" ඔහ්... පාර්ක් හ්‍යුන්ග්..... "

Jeon හොදටම රතු වෙලා, ඇග ඇතුලෙන් වගේම හිතෙනුත් වෙව්ලනවා වගේ හැගීමක් දැනෙන්න ගත්තා,jeon ඒ වගේ දෙයක් ගෙන හිතලා තිබ්බේ නෑ,
කැප්ටන් එක්ක....... jeonගේ හිතට අමුතු හැගීමක් දැනෙන්න ගත්තා,
පපුව වෙව්ලන්න ගන්නවා වගේ දැනුනා,

Jk-" ඔයා මාව අපහසුතාවෙට පත් කරනවා.... මට දැං කැප්ටන් දිහා බලන්නත් ලැජ්ජයි "

Jm-" බලමුකෝ කොයි කාලයක් ලැජ්ජාවෙන් ඉදීද කියලා "

Jk-" පාර්ක් හ්‍යුන්ග්...... කැප්ටන් එහෙම කෙනෙක් නෙමේ....."

Jm-" ඒ කියන්නේ කැප්ටන්ට හැගීම් දැනීම් නැද්ද ?...
හැමෝටම හැගීම් තියනවා මොකද
ඒ ඔක්කොටම පස්සේ කැප්ටන් පවා මනුස්සයෙක්. එයාටත් ඒ වගේ දේවල් වලට පවා හැගීම් එනවා ඇති.... "

Jeon පාර්ක් ලගට ගිහින් වාඩි වෙලා ඇස් ලොකු කරන් බැලුවා.

Jk-" ඒත්, කැප්ටන් මට එහෙම දෙයක් කියලා නෑනේ , එයාට සිපගැනීමකට වඩා දෙයක් කරන්න පවා හැගීම් එනවා කියලා..... "

Jm-" jeon shii.... jeon shii... ඔයා නම්."

Jk-" ඇයි..."

Jm-" ඒ වගේ හැගීම් ආවත් එහෙම කියන් නෑනේ...."

Jk-" ඇයි ? "

Jm-" කැප්ටන් හිතනවා ඇති ඔයා තවම ඒකට සූදානම් නෑ කියලා "

Jk-" ම්ම්ම්ම්..... "

Jm-" ඉතින් මං දෙයක් අහන්නද"

Jeon ඇස් දෙක තව්ත් ලොකු කරලා කැප්ටන් දිහා උවමනාවෙන්ම බැලුවා,

Jk-" හරි මොකද්ද "

Jm-" කැප්ටන් කිව්වොත් , සිපගැනීමකට වඩා දෙයක් කරන්න ඕනේ කියලා....මොකද කරන්නේ? "

Jeonගේ හිතට අකුණක් ගැහුවා වගේ දැනුනා. ඒක නුපුරුදු හැගීමක්, jeon ඒ වගේ දේවල් වලට නුපුරුදු කෙනෙක්,
පොඩි කාලේ ඉදලා ගොඩක් ලැජ්ජාශීලී කෙනෙක්, එයා කිසි කෙනෙක් ඉස්සරහා ඇදුමක්වත් මාරු කරන් නෑ. ඒ තරම් ලැජ්ජාශීලී කෙනෙක්.

Jeon පාර්ක් දිහා බලලා එක දිගට ඇහි පිල්ලම් තුන් පාරක් විතර ගහලා බලලා ඒ කියපු දේ ගෙන ආයේ හිතුවම තමා තේරුනේ පාර්ක් කියපු දේ මොකද්ද කියලා.jeon ගොඩක් කලබල උනා,

Jk-" අහ්! නෑ.. නෑ.. කැ..කැප්ටන් එහෙම..එහෙම කියන් නෑ.... එ..ක~~ "

Jm-" ඔන්න ඕකයි කැප්ටන් ඔයාට ඒක නොකියන්නේ, ඔයා තවම ඒකට සූදානම් නෑ. කැප්ටන්ට පවා ඒක දන්නවා, ඔයා ඒකට සූදානම් නෑ,
ඔයා කලබල උනේ ඔයා තවම සූදානම් නැති හින්දයි....
ම්ම්ම්.. ආ... මේ වතුර එක බොන්න"

Park ,jeonගේ අතට වතුර බදුනක් දුන්නා, jeon එක උගුරට බීගෙන ගියා

Jk-" ස්...ස්තූතී.. ,මං නැගෙනහිර කූඩාරමට යනවා..."

Jm-" ඔය මූනේ දාඩිය පිහදගෙන යන්න"

පාර්ක් හිනා උනා, jeon වතුර බීපු හිස් බදුන පැත්තකින් තියලා පාර්ක් දිහා බලලා හිනා උනා,jeonගේ හුරතල් හැසිරීම දැක්කම පාර්ක්ට තවත් හිනා ගියා.

Jm-" මාත් යනවා, අද ටිකක් කලින්, මොකද තුවාල වෙච්ච සෙබලුන්ට බෙහෙත් දෙන්න "

Jk-" මාත්, මට කසාය හදන්නත් ඕනේ,
යමු "

Jeon , පාර්ක් දෙන්නා කූඩාරමෙන් එලියට බැස්සා...

Jm-" අහ්.. jeon shii... ඔය මොකද්ද"

Jk-" මොකද්ද ,"

Park , jeonගේ අත ඇදලා ගත්තා ,

Jm-" අත් පලදනාවක් "

(මේක jeonගේ අතේ බැදලා තියෙනේ)

.

Jk-" මෙ..මේක.. මේක..මගෙ අතේ "

Jeon ඇස් ලොකු කරලා එයාගේ අත දිහා බැලුවා. එයාගේ අතට කොහෙන්ද මේක ආවෙවත් දන් නැති විදියට jen ආයෙත් පාර්ක් දිහා බැලුවා.

Jm-" ඔව් ඔයාගේ අතේ...."

Jk-" මං දන් නෑ, මං දැං දැක්කේ "

ඇත්තටම jeon ඒ පලදනාව කලින් දැකලා තිබ්බේ නෑ. මේ hyunsik දුන්න පලදනාව නම් නෙමේ කීයටවත්. මොකද මේක වෙනස්, ලස්සන අලුත් විලාසිතාවක එකක්.

Jm-" උදේට මූන හොදලා නේද ආවේ,එතකොටවත් පෙවුනේ නැද්ද "

Jk-" ඔව්. මං මං දැක්කේ නෑ.."

Jm-" ඔයාගේ අතේ තියනවා දැක්කේ නෑ, ඒ කතාවේ තේරුම මොකද්ද, එතකොට මේක දුන්නේ කවුද "

Jk-" දන් නෑ.. මං කියන්නෙ, ඊයේ රෑ මට සෝල්ජර් hyunsik  අත් පලදනාවක් දුන්නා. ඒත් එයා දුන්නේ මේක නෙමේ,
ඒක නිකන් අතින් වියපු පලදනාවක්,
ඒක මේක නෙමේ පාර්ක් හ්‍යුන්ග් ,
මේක මගෙ අතට කොහොම ආවද දන් නෑ....."

පාර්ක් ,jeonගේ අත අරන් හොදට බැලුවා.

Jm-" සෝල්ජර් hyunsik දුන්න එක අතින් වියපු පලදනාවක්ද? ඒත් මේක අලුත්ම විලාසිතාවක් වෙන්න ඕනේ, අගනුවරට යද්දි ධනවත් කාන්තාවෝ මේ වගේ ඒවා දානවා දැකලා තියනවා,
ඒත් මේ වගේ එකක් මං මීට කලින් දැකලා නෑ  , මේක වෙනස්...
මේක අත්පලදනාකරුවෙක්ට කියලා වෙනම නිර්මාණය කරපු එකක් වගේ.
හරියට මේක වෙනමම හදවපු එකක් වගේ, පොඩ්ඩක් ඉන්න මේකේ ලස්සන මලක් තියනවා..."

Jk-" අහ් ඔව්මයි..."

Jeon ඇස් පොඩි කරලා ඒ පලදනාවේ තිබ්බ මල දිහා බැලුවා.

Jm-" blossom මලක්.... ඒක ලස්සනයි... "

Jk-" ඔව්මයි blossom මලක්,  අහ්... මොකක් blossom මලක් නේද? දෙයියනේ කැප්ටන්........ "

Jm-" කැප්ටන්ද අතේ බැදලා තියෙන්නේ"

Jk-" මට විශ්වාසයි එයා , මං යනවා කැප්ටන් හම්බෙන්න ඕනේ...."

Jeon හිනාවෙලා කලබලෙන් වගේ අත්පලදනාව දිහා බලන ගමන් කතා කරා.

Jm-" කැප්ටන්ගේ කසාය "

Jk-" ආහ් ඔව්... ඒකත් අරන් යන්න ඕනේ , ඔහ් මට අමතක උනා,
මං ඩොක්ටර් කෙනෙක් ,
මුලින් මං සෙබලුන්ට බෙහෙත් දාන්න ඕනේ.... ,"

අවසාන ටික කිව්වේ බිම බලාගෙන, ඩොක්ටර් කෙනෙක්ගේ පලවෙනි රාජකාරිය එයාගේ රෝගියෝ, තවමත් හදිසි ප්‍රහාරයට ගිහින් තුවාල උන සෙබලු නැගෙනහිර කූඩාරමේ ප්‍රතිකාර ගන්නවා, jeon අනිවාරෙන් එයාලව පරීක්ෂා කරන්න ඕනේ,

අනිත් පැත්තෙන් කැප්ටන් , එයා තුවාල නොවුන හොදින් ඉන්න සෙබලුන්ට පුහුණුවීම් කරනවා,
යුද කදවුරක තත්වය ඕක තමා, ඊලග ප්‍රහාරය කොයි වෙලේද, කොහොමද කියලා දන්නෙත් නෑ, ඒ හැමදේටම කලින් ඉදන්ම සූදානම් වෙලා ඉන්න ඕනේ,කැප්ටන් එයාගේ සෙබලු ඕනම හදිසි අවස්තාවකට සූදානම් කරනවා.

Jeon එයාගේ නැගනගිර කූඩාරමට ගියා එයා එයාගේ රෝගියෝ පරීක්ෂා කරන්න ගත්තා. ඒත් එයාගේ හිතේ හිටියේ කැප්ටන්. එයාට කැප්ටන් බලන්න ඕන උනා.එයාගේ සාත්තු සේවිකාවන්ට කසාය හදන්න කියලා එයා රෝගියෝ පරීක්ෂා කරා.

Jk-" මියුන්ගි වෙඩි වැදුන සෙබලුන්ට හදන කසාය එකට මතක් කරලා වේදනා නාශක දාන්න "

" දැම්මා ඩොක්ටර් "

Jk-" ඉක්මනින් ඕක හදන්න, කැප්ටන්ටත් අරන් යන්න ඕනේ, "

" ඩොක්ටර් මං... මං කැප්ටන්ට අරන් යන්නද "

එතන හිටපු තව එක ලස්සන සාත්තු සේවිකාවක් එහෙම කියන්න ගත්තා,
Jeonගේ හිතට පොඩි ඉරිසියාවක් එක්කම කේන්තියක් ආවා,
මොකද හැමවෙලේම සාත්තු සේවිකාවෝ කැප්ටන් ගෙන කියවනවට,කැප්ටන් දිහා බලනවට,
Jeon පොඩ්ඩක්වත් කැමති උනේ නෑ,

Jk-" කැප්ටන් ඔයාට කසාය අරන් එන්න කිව්වද මිස් sohi "

" න්..නෑ...  ඩොක්ටර් "

Jk-" එහෙනම් මං කියන දේ කරන්න,කැප්ටන් දෙන අණක් නෙමේ නම්  මං කියන දේ කරන්න "

" හරි ඩොක්ටර් "

Jk-" මියුන්ගි කසාය එක හරිද "

" ඔව් ඩොක්ටර් "

Jk-" හරි.මං මේක කැප්ටන්ට දෙනවා, sohi ඔයා සෙබලුන්ගේ වෛදය පරීක්ෂණයට යන්න, මියුන්ගි ඔයා අනිත් දෙන්නා එක්ක මෙතන අසනීප වෙලා ඉන්න සෙබලුන් ගෙන බලන්න,
මං කසාය එක කැප්ටන්ට දීලා එන්න යනවා.... "

Jeon කසාය එක අරන් කැප්ටන්ගේ ඔෆිස් කාමරය පැත්තට යන්න ගියා,
කැප්ටන්ගේ ඔෆිස් කාමරය ලගට ගිහින් දොරට තට්ටු කරා.

Jk-" කැප්ටන් ...."

TH-" ඇතුලට එන්න..."

Jeon දොර ඇරගෙන කැප්ටන්ගේ ඔෆිස් කාමරයට ඇතුලු උනා.වෙනදටත් වඩා ලස්සනට හිනාවෙලා කැප්ටන් jeon දිහා බලන් හිටියා.

TH-" jeon shii...... "

Jk-" හ්‍යුන්ග්, ඔයාගේ කසාය එක ගෙනාවා... "

ඇත්තටම jeon උදේට පිපුන ලස්සන මලක්.ඒ හිනාව කැප්ටන්ගේ හිතට සහනයක් ගේනවා.jeon තොල් වල පිරුණ ලස්සන හිනාවක් එක්ක කසාය අරන් ඇතුලට ඇවිදන් ආවා.
කැප්ටන් පුටුවේ ඉදන් වාඩි වෙලා කසාය බදුන අතේ තියන් ඇවිදගෙන එන jeon දිහා බලන් හිටියේ වැලමිට මේසේ උඩින් තියන් අල්ල නිකට යටින් තියාගෙන හිනාවීගෙනයි .

jeonගේ හුරතල් කම්මුල්, රවුම් ඇස්, හුරුබුහුටි නහය, සිහින් චෙරි පැහැ තොල්.... උදේට දකින්න තරම් ලස්සන දර්ශනයක් තමා,
කැප්ටන් මේ හැමදේම , හැමදවසකම දැක්කත් , ඒවා දකින හැම වෙලාවෙම කැප්ටන්ගේ හිතට ආදරේ අලුතෙන් දැනෙන්න ගත්තා,
වචන වලින් නොකිව්වත් කැප්ටන් හැමදාම මේ රූපේ හිතෙන් වර්ණනා කරන්න ඇති.

TH-" ගොඩක් ලස්සනයි....මට විශ්වාස කරන්න බෑ "

Jk-" මොනාද කැප්ටන්ට දැං විශ්වාස කරන්න බැරි "

Jeon කසාය බදුන මේසේ උඩින් තියලා කතා කරා.
කැප්ටන් නැගිටලා jeon ලගට ඇවිත් නලල සිපගත්තා,

TH-" ඔයා මගෙ කියලා.... "

Jk-" මං ඔයාගේ තමා හ්‍යුන්ග්... "

Jeon ලැජ්ජාවෙන් මිමිණුවා.

TH-" ඔයා ගොඩක් ලස්සනයි , හුරතල්"

Jk-" ඔයා ගොඩක් කඩවසම් කැප්ටන් "

කැප්ටන් jeon දිහා බලලා හිනා උනා,

Jk-" අහ්, කැප්ටන් මේක මොකද "

Jeon එයාගේ අත පෙන්නුවා.

TH-" මං හිතන්නේ jeon shiiගේ ඇස් පරීක්ෂා කර ගත්තොත් හොදයි "

Jk-" ඇයි..."

TH-" මොකද ඕක අත්පලදනාවක් කියලා පේන් නැද්ද"

Jk-" අත් පලදනාවක් කියලා පේනවා, මං අහන්නේ මේක මගෙ අතට ආවේ කොහොමද "

TH-" මං ඕක හදලා ගොඩක් දවස් ඔයාට දෙන්න බැරි උනා. අද උදේ නිදාගෙන හිටියේ. මං ඕක ඔයාගේ අතට දැම්මා."

Jk-" ඒත් කැප්ටන් නේද කිව්වේ කවුරුත් දෙන කිසි දෙයක් බාර ගන්න එපා කියලා, "

Jeon විහිලුවට වගේ කියලා හිනා උනා, පොඩි ලමයෙක් වගේ හිනා වෙන්න ගත්තා,

TH-" කවුරුත් දෙන දේවල් බාර ගන්න එපා... ඒත් මං ඔයාට මේක බාර දුන් නෑ,
මේක මං ඔයාට පැලදුවා, ඔයා නින්දෙන් ඉද්දි, දැං ඔයාට මේක ගලවන්න බෑ මගේ blossom මල "

Jk-" මං මේක කවදාවත් ගලවන් නෑ හ්‍යුන්ග්....
ඒත් ඔයා මේක කවද්ද ගත්තේ.. "

TH-" එදා අපි පලවෙනිපාරට සිපගත්ත දවසේ. ඇත්තටම එදා මං අගනුවරට ගියේ ඔයාට මේක ගන්නමයි, ඔයාට බෙහෙත් බඩු ගන්න කියලා මං ගිහින් මේක ගත්තා,
ඒත් මං හදන්න දුන්නේ ඊට කලින් සතියේ...."

Jk-" හදන්න දුන්නේ...? "

TH-" මේක මං ඔයාට හැදෙව්වේ, මගේ blossom මල,අත් පලදනාකරුවට කියලා වෙනම එකක් හැදෙව්වා,
ඔයාටයි මටයි විතරක් විශේෂ එකක්,
කා ගාවවත් නැති දෙයක්,
මං ඔයාට ඒ කාලේ ඉදන් ආදරේ කරා,
ඒත් මට ඒක කියාගන්න බැරි උනා,
වචන වලින් කියන්න බැරි උනා,
මං මාව පාලනේ කරන් හිටියේ,
මං ඔයාව මතක් වෙන හැම වෙලේම මගෙ හිත තදින් පාලනේ කර ගන්න උත්සහ කරා jeon shii..
දවසක් මට අගනුවර අත්පලදනාකරුවෙක් හම්බුනා,
එයා ගාව අලුත් විලාසිතාවේ ඒවා ගොඩක් තිබ්බා,
ඒත් හැමෝම ගාව නැති එකක් මට ඕන උනා, මං එයාට කිව්වා මට ඕන විදිය  ,එයා මට හදලා දුන්නා "

Jk-" ඒක ගන්නද එදා අගනුවරට ගියේ,
ඒකද ඉක්මනට ආවේ එදා "

TH-" ඔව්. එදා අපි පලවෙනි වතාවට සිපගත්ත දවසෙ මං මේක ගත්තා, ඒත් එදා හවස ..... එදා ජෙනරාල්ගේ දුවගේ විවාහයට එකග උන හින්දා මේක නොදී ඉන්න තීරණේ කරා... "

Jk-" ඒත් ඔයා මට මේක දුන්නා , ස්තූතී කැප්ටන් , මං ගොඩක් මේකට කැමතී,
මං ඔයාට ආදරෙයි කැප්ටන් , "

TH-" ඔයාව වෙන කෙනෙක්ගේ කරන්න හිතෙන් නෑ... "

Jk-" හ්‍යුන්ග් මං ඔයාගේ.... ඔයාගෙමයි,
හරි දැං මේ කසාය බොන්න.
දැම්ම, මට යන්න පරක්කු වෙනවා "

TH-" හරි එහෙනම් පටන් ගන්න "

Jk-" මොකද්ද ? "

Jeon ,කැප්ටන් දිහා බැලුවේ පුදුමයෙන්.
කැප්ටන් jeonගේ කනට ලං උනා

TH-" මට පොවන්න ඊයේ රෑ වගේ"
කැප්ටන් jeonගේ කනට කරලා කෙදිරුවා...

Jk-" කැප්ටන් ...."

Jeonගේ මූන රතු උනා....

TH-" එහෙම බැයි නම් බොන්න බෑ"

Jk-" කැප්ටන්... පොඩි ලමයෙක් වගේ වෙන් නැතුව බොන්න "

TH-" මං තිත්ත දේවල් බොන්න කැමති නෑ..... "

Jk-" හ්‍යුන්ග් ඔයා මේක බොන්න "

කැප්ටන් ඇහිබැමක් උස්සලා jeonගේ ඇස් දිහා කෙලින්ම බැලුවා, jeonගේ හිතට අමුතු චකිතයක් ඇති උනා. කැප්ටන්  මේසෙ උඩ තිබ්බ කසාය එක ලගට ගත්තා ,එක  අතක් jeonගේ බෙල්ල පිටපස්සෙන් තියලා jeonගේ කොන්ඩේ අතරින් ඇගිලි යැව්වා,
අනිත් අතින් කසාය බදුන අරන් jeonගේ තොල ලගින් තිබ්බා,

TH-" මේක බොන්න, "

Jeon කැප්ටන් කියපු දේ කරා. හේතුවක් දන් නෑ ඒත් jeon කැප්ටන් කියන දේවල් කරන්න දෙපාරක් හිතන් නෑ, හරියට කැප්ටන්ගේ පාලනේට යටත් වෙලා ඉන්නවා වගේ , එයා එහෙම වෙන්න ආස කරා. කැප්ටන් යටතේ ඉන්න, එයා කියන දේවල් කරන්න.

කැප්ටන්ගේ තියුණු ඇස් දිහා බලාගෙන තවමත් කසාය කටේ පුරව ගත්තේ,
Jeonගේ ඇස් ලොකුවට දිලිසෙන්න ගත්තා, එයා දිලිසෙන ඇස් වලින් තවමත් කැප්ටන් දිහා බලාගෙන හිටියේ, කැප්ටන්ගේ අණට යටත් වෙලා වගේ හරියට.jeon කසාය ඔක්කොම කටේ පුරව ගත්තට පස්සේ කැප්ටන් කසාය බදුන තොල ලගින් අයින් කරලා මේසේ උඩින් තිබ්බා.

තියලා jeonගේ තොල් දිහා බලලා jeonගේ තොල් වලට ලං උනා,
කැප්ටන්ගේ තොල් jeonගේ තොල් වලින් තියලා කසාය ඔක්කොම බිව්වා.
කසාය ඉවර උනත් කැප්ටන් තොල් ඉවතට ගත්තේ නෑ,
Jeonගේ ඉනෙන් ඇදලා ලගට අරන් සිප ගත්තා,jeon එයාගේ අත් කැප්ටන්ගේ බෙල්ල වටේ පටල ගත්තා,
කැප්ටන් එයාගේ තොල් jeonගේ තොල් එකට එහෙ මෙහෙ යවන්න ගත්තා.
ටික වෙලාවකින් කැප්ටන් තොල් අහකට ගත්තා,

TH-" ඔයාගේ කසාය ගොඩක් රසයි "

කැප්ටන් එයාගේ යටි තොල දිවෙන් පිරිමදින(lick) ගමන් කිව්වා.

Jk-" කැප්ටන් ..... "

තවමත් කැප්ටන්ගේ තුරුලට වෙලා ඉන්න jeon එයාගේ මූන කැප්ටන් පපුවේ හංග ගත්තේ jeonගේ රතු උන මූන කැප්ටන්ට පේන් නැති වෙන්නයි.

TH-" jeon shii... මට ඔයා එක්ක හැමදාම මෙහෙම ඉන්න ඕනේ "

කැප්ටන් jeonගේ පිට හෙමින් පිරිමැද්දා .

Jk-" ඒත් මට දැං යන්න වෙනවා hyung ,
පරක්කුයි , ඔයාගේ සෙබලු ඉන්නවා බෙහෙත් කර ගන්න "

TH-" hyunsik ගෙන් ඈත් වෙලා... "

Jk-" හරි කැප්ටන්  "

Jeon හිනාවෙලා කැප්ටන් දිහා බැලුවා, කැප්ටන් අවසන් හාදුවත් jeonගේ තොල් වලට දුන්නා.
Jeon කැප්ටන් අත ඇරලා එතන හිස් බදුන අරන් ආපහු යන්න ගියා.


















# To be continue #

______________________________________

සමාවෙන්න අද chapter එක පරක්කු උනාට.🥺
අද ටිකක් වැඩක් තිබ්බා,
අද උවමනා ඔක්කොම type කරන්න උනෙත් නෑ.🥺
සැරෙන් සැරේට වචන 10,15 type කර ගන්න උනේ,
එක දිහට නෙමේ type කරෙත්.

දැං වෙලාව 11.36 p.m
ඒ කියන්නේ තවත් 25.12.21
තවත් christmas දවස නේද 😁

Wish you all merry christmas .
               ❤🎅💜️
I lovr you all.❤🎅💜️
Stay safe......................❤🎅💜️

( ඉක්මනට bts suga,jin,namjoon ට හොද වෙන්න කියලා pray කරමු)

Continue Reading

You'll Also Like

179K 26.7K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
15.4K 3.7K 34
වර්ෂ 1970 දී එංගලන්තයේ විසූ ජන්කුක් ජියොන් නම් තරුණයා ටේහ්‍යුන් කිම් නම් තරුණයා අතර පැවති ආදර සබඳතාවයට එකල සමලිංගිකත්වය පිළිකෙව් කළ සමාජය තිත තැබූ මු...
24.2K 4.5K 27
අද්භූත කොල්ලෙක්ට සාමාන්‍ය කොල්ලෙක්ගෙන් අවංක ආදරයක් ලැබුනොත් මොනවගේ දෙයක් වෙයිද.....???? . . . අද්භූත ආදරයක්.......... . විශ්වාසයක් නැති ආදරයක්...
51.5K 11.2K 30
"දන්නවද ජන්ග්කුක්.. හැඟීම් මැරුණට පස්සෙ බැඳීම් වලින් වැඩක් නෑ.." Start : 10/06/2022 End : 22/12/2022