I met you

Oleh Marivok

165K 32.1K 11.8K

මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක... Lebih Banyak

Notice
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Happy birthday කැප්ටන් 👑 💜️
Chapter 19 (S)
Chapter 20
Chapter 21
Sorry
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25 (s)
Chapter 26
Thank you...❤
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32 ( NS)
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36 (s)
Chapter 37
Chapter 38
Chapter 39
Kimjeon
🥺
seoson 2
Chapter 40
Chapter 41
Chapter 42
A/N
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54 (s)
Chapter 55
Chapter 56
Chapter 57 (NS)
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63 (Ns)
Happy b'day professor 👑 💜️
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70 (s)
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76 (s)
Chapter 77
Chapter 78
Chapter 79
Happy b'day sugar daddy 👑 💜️
Chapter 80
Chapter 81
Chapter 82
Chapter 83
Chapter 84 (s)
Taekook
Chapter 85
CP-86 END
Announcement

Chapter 12

1.8K 359 69
Oleh Marivok

================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

කැප්ටන් හෙමින් jeonගේ හුරුබුහුටි කම්මුල් අතගෑවා. Jeon තොල් වලට ලස්සන හිනාවක් ගෙනාවා, කැප්ටන්ගේ මහපට ඇගිල්ල jeonගේ යටිතොල පිරිමදිනකොට jeonගේ හිනාව නැවතිලා ඇස් දිලිසෙන්න ගත්තා,
කැප්ටන් හෙමින් පහත් වෙලා jeonට ලං උනා, jeon ඇස් පියා ගත්තා,
කැප්ටන්ගේ තොල් jeonගේ තොල් වලට ලං උනා.

ඒත් කැප්ටන් ලොකු හුස්මක් පිට කරලා ආයෙත් jeon දිහා බැලුවා,
Jeon තවමත් හිටියේ ඇස් පියාගෙන,
කැප්ටන්ගේ තොල් බලාපොරොත්තුවෙන් හිටියත් ඒ තොල් තවමත් තමන්ගේ තොල් වල නොවදින හින්දා jeon ආයෙත් ඇස් ඇරලා බැලුවා,
කැප්ටන්ගේ මූණ jeonට ලං වෙලා තිබ්බත් සිපගැනීම සම්පූර්ණ නොකර jeon දිහා බලන් හිටියා,

TH-" jeon shii අපි මේක කරොත් අපිට අපිව නවත්තගන්න බැරි වෙයි "

Jk-" ම-ං  දන්නවා "

Jeon කතා කරේ ගොඩක් උමතුවෙන් වගේ . කෙනෙක් කියයි , මේ ආදරේ කියලා, ඒත්.. 1965 වගෙ කාලෙක, ඇත්තටම මේක උමතුවක්.

TH-" අපිට දවසක එකතු වෙන්න පුලුවන් වෙයිද "

Jk-" හ්‍යුන්ග් මට කියන්න යුද්දෙ ඉවර වෙන දවසක් "

TH-" අනාගතේ අපිට කියන්න බෑ jeon shii "

Jk-" එහෙනම් අපි වර්තමානේ ජීවත් වෙමු හ්‍යුන්ග්, අනාගතේ අපේ ජීවිතවත් අපිට විශ්වස නැතුව අපිට තීරණ ගන්න බෑ... එහෙම නේද,
අනාගතේ වෙනුවෙන් වර්තමානේ කැපකරොත් දවසක අපිට අනාගතෙත් ,වර්තමානෙත් නැති වෙයි හ්‍යුන්ග්,
ඒත් අපි වර්තමානේ අපිට ඕන විදියට හිටියොත් දවසක අපිට ලස්සන අතීතයක් තියෙයි "

ඔව්, ඇත්තටම වෙනදට මේ වගේ දේවල් කියන්නේ කැප්ටන් . ඒත් අද jeon මෙහෙම කතා කරනවා . ඇත්තටම කැප්ටන් ආදරේ කියන තැනදී jeon තරම් පහසුවෙන් තීරන ගන්න බයයි.

TH-" ඔයාව මට මැරෙනකන්ම මගෙ වර්තමානේ කර ගන්න ඕනේ jeon ssii.."

Jk-" මාත් ප්‍රාර්තනා කරන්නේ ඒකමයි හ්‍යුන්ග්. මට අන්තිම වෙනකන් හ්‍යුන්ග් එක්ක ඉන්නයි. "

TH-" ඔයා මට මාවත් අමතක කරනවා jeon shii....
මං හිතන්නේ,  මං ඔයාව දැකපු පලවෙනි දවසේ ඉදන් මට මාව අමතක උනා jeon shii..
අද මට ඔයා මගෙ සීමාවත් අමතක කරනවා....."

කැප්ටන් ආයෙත් jeonගේ තොල මහපට ඇගිල්ලෙන් හෙමින් පිරිමැද්දා , jeonගේ පපුව ඇතුලේ විශාල තරගයක් වගේ දැනෙන්න ගත්තා, කැප්ටන් තවත් jeonගේ මූනට ලං වෙද්දිම jeon ආයෙට්ග් හෙමින් එයාගේ ඇස් වහ ගත්තා. කැප්ටන් jeonගේ සිනිදු තොල් වලට එයාගේ තොල් ලං කරා, අවසානේ තොල් එකින් එක ලාවට ගෑවුනා ...

" කැප්ටන් !   කැප්ටන් !! කැප්ටන් !!! "

එලියේ ඉදන් කවුරු හරි කතා කරන සද්දෙට කැප්ටන් නතර උනා, jeon ඇස් ඇරලා කැප්ටන් දිහා බැලුවා,

" කැප්ටන් ! ඔයා ඉන්නවද ..කැප්ටන් !!"

කැප්ටන් ඇදේ වාඩි වෙලා jeon දිහා බලලා හිනා උනා, jeon තවමත් ඇදේ ඇලවෙලා , කැප්ටන්ගේ කටකොනේ තිබුන හිනාව දැක්කම jeonගේ මූන රතු වෙලා ගියා. Jeon ඇදේ වාඩි වෙලා බිම බලන් යටිතොල හෙමින් හැපුවා,
කැප්ටන් jeonගේ අතින් ඇල්ලුවා,
Jeon වාඩි වෙලා හිටපු තැනින් නැගිටලා කැප්ටන් එක්කම ආයෙත් ඔෆිස් කාමරේට ගියා,

" කැප්ටන් ! "

TH-" කවුද "

කැප්ටන් ඔෆිස් කාමරේ ඇතුලේ ඉදන් කතා කරන්න ගත්තා,

H-" කැ..කැප්ටන් මම.. මම hyunsik "

TH-" hyunsik , දොර ඇතුලෙන් අගුලු දාලා. මෙක විවෘත කරන්න නම් මට ඔයාගේ උදව්වක් ඕනේ "

H-" මොකද්ද කැප්ටන් ? "

TH-" කවුලුව තියන පැත්තේ බිම වැටිලා ඇති පොඩි යතුරක්. ඒක අරන් දෙන්න මට "

       ( lock එකයි යතුරයි  ඔය වගේ )

H-" හ..හරි කැප්ටන් "

Hyunsik, කැප්ටන්ගේ ඔෆිස් කාමරේ කවුලුව ලග බිම වැටිලා අවසානේ යතුර හොයාගෙන කැප්ටන්ට කවුලුවෙන් දුන්නා,
කැප්ටන් ඒක අරන් අගුල විවෘත කරා.

Hyunsik ඔෆිස් කාමරය ඇතුලට ආවත් hyunsik තවත් කල්පනා කරේ ඇයි කැප්ටන් ඇතුලෙන් අගුල දාගෙන යතුර එලියට විසික් කරේ කියලා,
Hyunsik ඇතුලට ආවට පස්සේ තවත් පුදුම උනේ jeon ඇතුලේ ඉන්නවා දැකලයි.

H-" j..jeon shii ඔයා මොකද ඇතුලේ ? "

කැප්ටන් එක ඇහිබැමක් උස්සලා hyunsik දිහා බැලුවේ jeonට වෙන කෙනෙක් jeon shii කියලා hyunsik කතා කරනවට කැප්ටන් කැමති උන් නැති හින්දයි.

TH-" ඇයි සෝල්ජර් hyunsik එයාට මගෙ ඔෆිස් කාමරයට එන්න බැරිද?, "

H-" මං කියන්නේ කැප්ටන් ඇයි jeon shii ඇතුලේ ඉද්දි අගුල දාලා යතුර එලියට විසික් කරෙ "

TH-" මං හිතන්නේ ඒ ප්‍රශ්නේ මගෙන් නෙමේ, jeonගෙන්ම ඇහුවොත් තමා හොද  "

H-" jeon shii ඔයාද අගුලු දැම්මේ, ඇයි ?"

Jk-" ම්ම්ම්ම් ඔව්... කැප්~~ "

TH-" සෝල්ජර් hyunsik ආවේ ඒක දැන ගන්නද ? "

H-" අහ් නෑ.. ඒත්  jeon~~~~ "

TH-" jeon ගෙන කතා නොකර ආපු දේ ගෙන කතා කරමු එහෙනම් "

Hyunsikගේ ඇස් , jeon දිහාට හැරිලා. ඒ අස්සේ කැප්ටන් ... jeonට මෙතන ඉන්න එක ටිකක් අපහසුයි වගේ.

Jk-" කැප්ටන් , මං යන්නම්....  තුවාල උන සෙබලුන්ට බෙහෙත් දාන්න ඕනේ "

Jeon අවසර ගත්තා.

TH-" හරි jeon.... "

Jk-" සෝල්ජර් hyunsik , මං යන්නම් "

Jeon දෙන්නටම ඔලුව පාත් කරලා ආචාර කරලා යන්න හැදුවා, ඒත් hyunsikට jeon එක්ක පෞද්ගලිකව කතා කරන්න ඕන උනා. මොකද කැප්ටන් නීතියට , වැඩ . ඒ හින්දා කැප්ටන් ඉස්සරහා , කිසිම දෙයක් කතා කරන්න බෑ .

H-" මාත් එන්නම් තව ටිකකින් ඔයාට උදව් කරන්න "

Hyunsik , jeonගේ පැත්තට හැරිලා මිමිණුවත්, ඒක කැප්ටන්ට ඇහුනා.

Jk-" හරි, ස්තූ~~~ "

TH-" ආව දේ ගෙන කතා කරන්න බැයිද සෝල්ජර්. මට වැඩ තියනවා. "

කැප්ටන්ගේ මූණේ තරහක් පේන්න නොතිබුනත් කැප්ටන්ගේ අත ඒ වෙනකොටත් ටිකක් මිටමෙලවිලා තිබ්බේ. Jeon ආයෙත් කැප්ටන් දිහාත්, hyunsik දිහාත් බලලා යන්න ගියා,

Jeon, කැප්ටන්ගේ ඔෆිස් කාමරයෙන් එලියට ගිහින් නැගෙනහිර කූඩාරම පැත්තට ටික දුරක් ගිහින් නැවතුනා,
නැවතිලා හයියෙන් පපුව මිරිකුවා ,
හෙමින් ඇස් වහගෙන අද දවස ගෙන හිතුවා

' දෙයියනේ කැප්ටන් , මට ආදරෙයි කිව්වා. කැප්ටන් මට ආදරෙයි කිව්වා,
අනේ කැප්ටන් මං ඔයාට ගොඩක් ආදරෙයි, ගොඩක් ආදරෙයි.
මැරුනත් ආදරෙයි, එතනින් පස්සෙත් ආදරෙයි මගෙ හ්‍යුන්ග් '

Jeon ආයෙත් ඇස් ඇරලා, හිනා වෙන්න ගත්තා. තවමත් jeonගේ මූන රතු වෙලා තිබ්බේ. කැප්ටන් එයාව සිප ගන්න හදපු  විදිය ,කැප්ටන්ගේ අත් වලින් එයාගේ කම්මුල අත ගෑව විදිය, ඇගිල්ලෙන් තොල පිරිමැද්ද විදිය මතක් වෙනකොට jeonගේ කම්මුල් ආයෙත් රත් වෙලා යනවා වගේ තේරුනා,
Jeon හිනාවෙන ගමන් නැගෙනහිර කූඩාරමට ගියා. එතකොට ගොඩක් සෙබලු තුවාල වෙලා සාත්තු සේවිකාවෝ එයාලට බෙහෙත් කරනවා,
Jeon ගිහින් එයත් සෙබලුන්ට බෙහෙත් දාන්න ගත්තා.

Jeon සෙබලු පරීක්ෂා කරා, ඒත් ඒ වෙනකොටත් ගොඩක් සෙබලුන්ට බෙහෙත් දාලා තිබ්බේ,
සමහරුන්ගේ අත්, සමහරුන්ගේ කකුල්,
පිට ,කොන්ද ඒ හැම තැනම තුවාල වෙලා, සමහර අයට වෙඩි වැදිලා jeon ගිහින් ඒ අයට බෙහෙත් දාන්න්ස් ගත්තා, ඒ වගේම හොදින් ඉන්න සෙබලුත් අනිත් අයට බෙහෙත් දාන්න්ස් උදව් කරා. හරියට කූඩාරම ඇතුලෙත් එකම යුද්දයක් වගේ.

Jeon ආයෙත් ඖෂධ කාමරේට ගිහින් අවශ්‍ය ඖෂධ තෝරලා ගන්න ගමන් ගිටියේ. එතන හිටියේ jeon විතරයි, ඒත්...

" මාත් උදව් කරන්නද jeon shii "

Jeonගේ කණට කරලා කවුරු හරි කෙදිරුවා. උණුසුම් හුස්ම කනේ බෙල්ලේ වදිනකොට jeonගේ ඇගේ රෝමකූප ඉලිප්පිලා යනවා වගේ තේරුනා, ඒ විතරක් නෙමේ jeonගේ පපුව ආයෙත් නුහුරු රටාවකට ගැහෙන්න ගත්තා,
Jeon අනිත් පැත්ත හැරිලා බැලුවා,

Jk-" කැ...ප්ටන්  ඔයානේ...මං බය උනා "

Jeon හෙමින් කතා කරා.

TH-" නෑ..කැප්ටන් නෙමේ.. හ්‍යුන්ග් "

කැප්ටන් එහෙම කිව්වම ආයෙත් jeonගේ මූන රතු උනා. ඇත්තටම jeon කවදාවත් හිතුවේ කෑ කැප්ටන් මේ වගේ ආදරණීය විදියට හැසිරෙයි කියලා. මොකද දන්න තරමින් කැප්ටන්ට ඉස්සර  තිබ්බේ ගල් හිතක්.ඒත් දැං... ආදරණීයයි.

Jk-" හ්‍යුන්ග් ..... "

TH-" ඔව්.. හ්‍යුන්ග් ඔයාට බෙහෙත් කරන්න උදව් කරන්නද "

Jk-" දැං ගොඩක් බෙහෙත් කරලා ඉවරයි හ්‍යුන්ග්. තව ටික දෙනයි ඉන්නේ ,
ඔයා මහන්සි වෙන්න වෙපා, ඔයාගේ තුවාලෙත් හරියටම හොද නෑනේ  "

TH-" මට යුද්දෙදි මගෙ සෙබලු ගොඩක් නැති උනා, මට එයාලට උදව් කරන්න බැරි උනා, ඒත් දැං ඉන්න අයටවත් මට උදව් කරන්න ඕනේ.... "

Jk-" එයාලට මං උදව් කරන්නම් , මහන්සි වෙන්න එපා. ඔයාගේ තුවාලේ ඉක්මනට හොද කර ගන්න ඕනේ නැද්ද"

TH-" jeon shiiමයි කිව්වේ මං ශක්තිමත් කියලා, ඉතින් කමක් නෑ මට ප්‍රශ්නයක් වෙන් නෑ..."

Jk-" හ්‍යුන්ග් ඔයා හිතුවක්කාරයි , මට තිබ්බේ හ්‍යුන්ග්ව ඔෆිස් කාමරේට දාලා අගුල දාලා එන්න. "

TH-" jeon ඔයා දැං ඔය මේ කදවුරේ කැප්ටන්වද හිර කරන්න හදන්නේ. මං කැප්ටන් අමතකද, කාටද ඔය කතා කරන්නේ කියලා අමතකද ? "

කැප්ටන් ඇහිබැමි අකුලලා ඇහුව විදියට jeonට ටිකක් හිතට අමුතු දෙගිඩියාවක් ආවා.

Jk-" ම..මට සමාවෙන්න කැප්ටන් මං එහෙම දෙයක් නෙමේ අදහස් කරේ "

TH-" එහෙනම් කොහොම දෙයක්ද jeon, මං මෙතන කැප්ටන් "

කැප්ටන් එයාගේ කටහඩ තවත් ගැඹුරු කරලා ඇහුවා, කැප්ටන්ගේ ඇකිලුනු ඇහිබැමි, තියුණු ඇස් කැප්ටන්ගේ මූනේ නපුරු පාට පේන්න තිබ්බා , මේ සැරේ නම් jeonට කැප්ටන් ගෙන පොඩි බයක් ඇති උනා. මොනවා උනත් එයා මේ කදවුරේ කැප්ටන් , jeonට වඩා නිලයෙන් උසස් කෙනෙක්.

Jk-" කැ..ප්ට~~~ මං..මේ "

Jeonගේ කටහඩ වෙවුලන්න ගන්නවා වගේ තේරුනා. Jeon ආයෙත් කැප්ටන්ගේ ඇස් දිහා බැලුවා, එක පාරම කැප්ටන්ගේ මූනේ තිබ්බ තියුණු පෙනුම වෙනස් වෙලා කැප්ටන්ගේ තොල් වලට හිනාවක් ආවා, කැප්ටන් හිනා වෙන්න ගත්තා.

TH-" ඔයා බය උනාම තවත් හුරතල් jeon shii ... මං විහිලුවක් කරේ "

Jeonගේ නැවතිලා වගේ තිබ්බ හුස්ම ආයෙත් වැඩ කරනවා වගේ තේරුනා,

Jk-" හ්‍යුන්ග් ඔයා..  මාව බය කරා "

TH-" ඔයා තවත් මට බය වෙනවද jeon shii..... "

Jk-" මොනා උනත් ඔයා කදවුරේ කැප්ටන් , නිලයට ගරු කරන්න ඕනෙනේ "

TH-" jeon shii, ඔයත් මාව අනිත් අය විදියටමද සලකන්නේ, මං ඔයාගේ හ්‍යුන්ග්. මං ඔයාගේ..... ඔයාට ඕන දෙයක් මට කියන්න පුලුවන් , "

Jeon තොල් වලට ලස්සන හිනාවක් අරන් කැප්ටන් දිහා බැලුවා, කැප්ටන් jeonගේ මූනට අත තියලා ඇගිලි වලින් කම්මුල පිරිමැද්දා

TH-" ඔයත් මගේ නේද ? , 
ඔයා මගේ blossom මල නේද... "

Jk-" හ්‍යුන්ග්....."

Jeon යටි තොල හෙමින් හපාගෙන ලැජ්ජාවෙන් බිම බලාගත්තා.

TH-" මට ඔයාව වෙන කාටවත් දෙන්න ලෝබයි jeon shii"

Jk-" මං ඔයාගේ විතරයි හ්‍යුන්ග් "

කැප්ටන් තොල් වලින් විතරක් හිනාවෙලා jeon දිහා බැලුවා, jeonගේ දිලිසෙන ඇස්, හුරතල් තොල් මේ හැමදේම කැප්ටන්ගේ හිත ආත්මාර්ථකාමී කෙනෙක් කරනවා වගේ තේරුනා. කැප්ටන් jeonගේ නලල සිප ගත්තා.

TH-" මෙච්චර මගෙ හිත නොසන්සුන් කරන්න එපා මගෙ blossom මල "

Jeon හිනා වෙලා කැප්ටන් දිහා බැලුවා.
කැප්ටන් jeonගේ මූනට ලං වෙන්න ගත්තා,

Jk-" හ්‍යුන්ග් .... "

TH-" ම්ම්ම්ම්ම්ම්හ් "

කැප්ටන් කිසි දෙයක් නොහිතා දිගටම jeonට ලං උනා , jeonගේ තොල් වලට ලං උනා .කැප්ටන්ගේ උණුසුම් හුස්ම jeonගේ තොල් වල , නිකටේ වදින්න ගත්තා. කැප්ටන් jeonගේ තොල් දිහා බලාගෙනම jeonගේ තොල් වලට ලං උනා. කැප්ටන්ගේ තොල් ,jeonගේ තොල් වල ගෑවෙනකොටම jeon කැප්ටන්ගේ පපුවට අත තියලා නතර කරා,

Jk-" හ්...හ්‍යුන්ග් අ..අපි බෙහෙත් දාන්න යන්න ඕනේ... සෙබලුන්ට "

Jeon වේගෙන් හුස්ම ඉහලට පහලට ගන්න ගමන් කිවේ මද්‍ය ස්වරයෙන්.ඒ වෙනකොටත් jeonගේ ආදරේ විදින්න ඇබ්බැහි වෙලා වගේ කැප්ටන්ට තේරුනා.

TH-" අහ්.. "

කැප්ටන් එවෙලේ මෙ ලෝකෙට ආවා වගේ තේරුනේ.

TH-" ම්ම්ම්...හරි ... ඔව්... යමු බෙහෙත් දාන්න යමු "

Jk-" ඔයා ගිහින් විවේක ගන්න කියන දේ අහලා. තව සෙබලු ටිකයි ඉන්නේ,
මං මේක ඉවර වෙලා ඔයාගේ කසාය අරන් එන්නම් ඔෆිස් කාමරේට "

TH-" ඒත් jeon shii ඔයාට තනියෙන් බෑනේ... "

Jk-" මෙතන සාත්තු සේවිකාවෝ 4ක් ඉන්නවා මගෙ උදව්වට "

TH-" 3යි හිටියේ.... "

Jk-" මියුන්ගි ජෙනරාල් හම්බෙන්න ගියා"

TH-" ඇයි? "

Jk-" ජෙනරාල් එන්න කියලා , හේතුවක් දන් නෑ. එයා තව ටිකෙන් එයි ඔයා යන්න හ්‍යුන්ග්. "

TH-" ඒත්..."

Jk-" හිතුවක්කාර වෙන්න එපා, එහෙම උනොත් කසාය එක මං තවත් තිත්ත කරනවා. "

TH-" හරි එහෙනම් මං යන්නම් ඔයා ඉක්මනට එන්න. ආහ් hyunsik ආවොත් වැඩි කතා එපා "

Jk-" හ්‍යුන්ග්? මොකද මේ ? ඔයා කැප්ටන් කෙනෙක් නේද...."

TH-" කැප්ටන් කෙනෙක් වෙන්න කලින් මං මනුස්සයෙක්නේ "

කැප්ටන් එහෙම කියන් එතනින් යන්න ගියා. ඒත් තවමත් jeon කල්පනා කරේ ඇයි කැප්ටන් hyunsik එක්ක කතා කරන්න එපා කිව්වේ කියලා.

' එයා hyunsikට ඉරිසියා කරනවද, නෑ නෑ ඒකවෙන්න බෑ. එයා කොච්චර උසස් කැප්ටන් කෙනෙක්ද, කැප්ටන් ඔයා නම් තේරුම් ගන්න අමාරුයි වෙලාවකට "

Jeon කල්පනා කර කර ආයෙත් තමන්ගේ රාජකාරි කරන්න ගත්තා, සෙබලුන්ට ප්‍රතිකාර කරා. එයාගේ සාත්තු සේවිකාවොත් එයාට උදව් කරා ,

Jk-" මියුන්ගි ! ඇයි මෙච්චර පරක්කු උනේ "

" මං ජෙනරාල්ගේ බෙහෙත් දුන්නා. කසායකුත් හදලා දීලා ආවේ "

Jk-" ම්ම්ම්ම් හරි.. මට උදව් කරන්න ඇවිත් "

" හරි ඩොක්ටර් "

එදා jeon හිතුවට වඩා වෙලාවක් ගියා සෙබලුන්ට බෙහෙත් කරන්න,
Jeon ඉක්මනින් සෙබලුන්ට බෙහෙත් කරලා කූඩාරමෙන් එලියට ගියා,
Jeonගේ ඇගේ ලේ, හැලුන බෙහෙත් හැම තැනම, jeonගේ ඇග හොදටම අපිරිසිදු වෙලා තිබ්බේ,
කැප්ටන්ගේ කසාය එක දෙන්නත් ඕනේ,
Jeon ඉක්මනින් එයාගෙ නිදාගන්න කූඩාරමට ගියා. ඒ වෙනකොට පාර්ක් කූඩාරමට ඇවිත් හිටියේ,

Jk-" පාර්ක් හ්‍යුන්ග් , ඔයා ආවද "

Jm-" දැං ආවේ.. , ම්ම්ම් ඔයාට නම් ගොඩක් මහන්සි පාටයි,
ඔයා දැං ගිහින් පිරිසිදු වෙලා ආවොත් හොදා... ඇග හොදටම කිලිටු වෙලා "

Jk-" පාර්ක් හ්‍යුන්ග් , කැප්ටන්ගේ කසාය එක හදන්න පුලුවන්ද ,
මං නැගෙනහිර කූඩාරමට හදපු කසාය එක ඉවර උනා,
වෙඩි වැදුන සෙබලු ගොඩක් ඉදලා,
කැප්ටන්ට අලුතෙන් එකක් හදන්න වෙනවා, මං දැං ඇල්ලට ගිහින් එන්නම් ඔයාට පුලුවන්ද මං එනකන් කසාය එක හදන්න "

Jm-" කැප්ටන් ඔයාට බෙහෙත් දාන්න දුන්නද "

පාර්ක් ඇස් ලොකු කරලා ඇහුවේ පුදුමෙන්, jeonගේ තොල් වලට හිනාවක් ආවා. ආයෙත් jeonගේ කම්මුල් රතු වෙලා ගියා.

Jk-" හ්ම්ම් ඔව්... මං ඒක පස්සේ කියන්නම් "

Jm-" පුදුමයි... "

Jk-" ඔව් "

Jm-" ඒ මං අහලා තිබ්බ කැප්ටන් නම් නෙමේ.මං දන්න විදියට එයා කාටවත් එයාගේ දුර්වලතා පෙන්නන් නෑ "

Jk-" තුවාලයක් කියන්නේ දුර්වලතාවයක් නෙමේ "

Jm-" ඒත් කැප්ටන් හිතන් හිටියේ එහෙමනේ, එයා කාගෙවත් අනුකම්පාවට කැමති කෙනෙක් නෙමේ"

Jk-" ඒත් මේ කැප්ටන් මට හැමදේටම අවසර දුන්නා "

Jk-" පුදුමයි "

Jeon දත් ඔක්කොම පේන්න හිනාවෙන්න ගත්තේ පොඩි ලමයෙක් වගේ...

Jk-" එයා වෙනස් වෙලා, හරි දැං මං යන්නම් ඇල්ලට. කසාය එක හදන්න පුලුවන්ද "

Jm-" හරි jeon shii ඔයා යන්න, මං හදන්නම් "

Jk-" ස්තූති ... ආහ් වේදනානාශක ටිකක් එකතු කරන්න "

Jm-" හරි "

Jeon වෙන ඇදුමක් අරන් ඇල්ලට යන්න්ස් ගියේ නා ගන්න,එතකොට හොදටම කලුවර වැටිලා තිබ්බේ. jeonගේ ඇග හොදටම අපිරිසිදුයි වෙලා,
Jeonගේ කූඩාරමේ ඉදන් පොඩි අඩි පාරක් දිගේ ගියාම ඇල්ල ගාවට වැටෙනවා, එතනින් තමා මූන හොදන්නේ, නා ගන්නේ ,රෙදි හෝදන්නේ, වතුර ගන්නේ...
Jeon ගොඩක් ලැජ්ජා කෙනෙක් හින්දා හැමදාම රෑට, නැත්තන් හවසට තමා නාන්න පුරුදු වෙලා හිටියේ, ඒකත් තනියෙන්.
Jeon ඇල්ලට ගිහින් උඩ ඇදුම් අයින් කරලා, ඇගේ එක කලිසමක් ඉතුරු වෙන්න ඇල්ලට බැහැලා නාන්න ගත්තා,

Jeon නානකන් පාර්ක් කූඩාරමට වෙලා තනියෙන් කසාය එක හදන්න ගත්තා, jeon ඇල්ලට ගිහින් ටික වෙලාවක් වෙනවා, දැං jeon එනවා නම් එන්න වෙලාවත් හරි. පාර්ක් තනියෙන් එහෙම හිතන ගමන් කසාය හදන්න ගත්තා,

" jeon....... ! Jeon.......!! "

කවුරු හරි කූඩාරමේ ඉස්සරහා ඉදන් කතා කරනවා ඇහිලා පාර්ක් කූඩාරම ඉස්සරහට ගියා.

Jm-" කැප්ටන් ? "

TH-" ම්ම්... jeon ඉන්නවද , මං එයා බලන්න නැගෙනහිර කූඩාරමට ගියා, එතකොට කිව්වා එයා ආවා කියලා,
ඒකයි ආවේ බලන්න ,
මගෙ කසාය අරන් එනවා කිව්වා "

Jm-" අහ් ඔව්!  එයාගේ කූඩාරමේ හදපු කසාය ඔක්කොම ඉවර වෙලා,
කැප්ටන්ට අලුතෙන් කසාය හදනවා, ඒවා මට හදන්න තියලා එයා ඇල්ලට ගිහින් එන්න ගියා,
ඒත් දැං එනවා ඇති. "

TH-" මං ගිහින් බලන්නම් පාර්ක්"

Jm-" හරි කැප්ටන් "

කැප්ටන් එතනින් යන්න ගියා, ඒ වෙනකොටත් අදුරු වැටිලා තිබ්බේ පාර ගොඩක් කලුවරයි .කැප්ටන් අඩි පාර දිගේ ඇවිදන් යන්න ගියා.






















# To be continue #

______________________________________

කලින් chapter එකට අදාල පොටෝ ටිකක් දැං දාන්නේ....


.

( මේ කතාවේ පාවිච්චි කරන වතුර    බාල්දි  කියලා හිතන්න.......)




.

( කැප්ටන්ගේ ලී වලින් හදලා තිබ්බ ඇද)

( කැප්ටන්ගේ ලී ඇද උඩින් එලලා තියන
එක. මේක ඇදෙන් එලලා තියෙන්නේ ,
Nomal blanket එකකට වඩා thickness එක වැඩී )

Lanjutkan Membaca

Kamu Akan Menyukai Ini

62.2K 4.8K 63
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...
264K 46.1K 72
🐯: ෆක් ජන්කුක්....!!!!! 🐰: මං පක් ජන්කුක් නෙමෙයි...මං ජියෝන් ජන්කුක්.... හුරතල් කොල්ලෙක්ගේ දඟ වැඩ වලින් පීඩා විදින දඩබ්බරකාර කොල්ලෙක්ගේ අසරණ ජිවීත...
Stolen Love Oleh Layla

Fiksi Penggemar

153K 34K 102
පොඩි බේබි මොකක්ද දෙවියනෙ මේ කරන්නෙ" "මගෙ වැඩ වලට හරස් වෙන්න එපා විල්සන් ..අයින් වෙනවා" "ඔය දරුවව අතාරින්න පොඩි බේබි" "පොඩි බේබි දෙවියන්ගෙ නාමෙට මුර...
46.1K 6.8K 37
" ආහ් ආහ් ස්ස් හි.. හිමින් තව ටික වෙලාවක් කරෙත් ආහ් ම⁣ගේ ටේ බුටි එක දෙ..දෙකට ඉරිලා අතට එනවා sure " " ආහර්...හ්ම්ම් කට වහගන්නවා මං මේක ඉවර කරනකම්...