I met you

Par Marivok

165K 32.1K 11.8K

මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක... Plus

Notice
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Happy birthday කැප්ටන් 👑 💜️
Chapter 19 (S)
Chapter 20
Chapter 21
Sorry
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25 (s)
Chapter 26
Thank you...❤
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32 ( NS)
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36 (s)
Chapter 37
Chapter 38
Chapter 39
Kimjeon
🥺
seoson 2
Chapter 40
Chapter 41
Chapter 42
A/N
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54 (s)
Chapter 55
Chapter 56
Chapter 57 (NS)
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63 (Ns)
Happy b'day professor 👑 💜️
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70 (s)
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76 (s)
Chapter 77
Chapter 78
Chapter 79
Happy b'day sugar daddy 👑 💜️
Chapter 80
Chapter 81
Chapter 82
Chapter 83
Chapter 84 (s)
Taekook
Chapter 85
CP-86 END
Announcement

Chapter 08

1.6K 375 71
Par Marivok


===============================
_____________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

_____________________________________

Jeon බෙහෙත් කඩයක් ලග බෙහෙත් ගන්න ගමන් හිටියේ, කවුරු හරි පිටපස්සෙන් ඇවිත් අතින් අල්ලනවා දැනිලා jeon ගැස්සිලා පිටපස්ස හැරිලා බැලුවා .

TH-" බය උනාද "

Jk-" හ්ම්ම්.... මං..මං හිතුවේ කැප්ටන් තව පරක්කු වෙයි කියලා "

Jeon තවමත් චකිතයකින් වගේ කතා කරේ. මොකද , කැප්ටන්ගේ ස්පර්ශය තවමත් jeonට වෙනස් හැගීමක්.

TH-" අද ලොකු වැඩක් නෑ, මගෙ වැඩේ ඉවරයි.... "

Jk-" මට තව ටිකක් වෙලා යයි..."

TH-" එහෙනම් මාත් උදව් කරන්නම් "

Jeonගේ අතේ තියන මල්ල එයාගේ අතට ගන්න ගමන් කැප්ටන් එහෙම කිව්වා,

Jk-" නෑ..හ් කැප්ටන් එපා, මං ගන්නම්,
මට මේක උස්සන් යන්න පුලුවන් "

TH-" මං දන්නවා ඔයාට මේක උස්සන් යන්න පුලුවන් කියලා,
ඒත් මට ඕනේ ඔයාට උදව් කරන්න "

උදව් කරන්න? ඒත් ඇයි..... තමන් වගේම තවත් එක පිරිමියෙක්ට උදව් කරන්නේ ඇයි,
කොයි විදියටද උදව් කරන්නේ?

Jk-" හරියට සැමියෙක් බිරිදට උදව් කරනවා වගේද "

ඒ වගේ දෙයක් කියන්න jeonට කොහොම හිතුනද දන් නෑ,
ඒත් jeon එහෙම කිව්වා,
Jeonට ඕන උනේ ඒක එහෙම කියන්න,
එයාට ඒ සම්බන්දේට සමාන වෙන්න ඕන උනා,

සැමියා බිරිද  වගේ කැප්ටන් එක්ක එයාට සම්බන්ද වෙන්න ඕන උනා,
යටිහිතේ තිබ්බ දේ ඒක වෙන්න ඇති,
ඒ හින්දා දෙපාරක් නොහිතා එහෙම ඇහුවේ කැප්ටන් මොන උත්තරේ දුන්නත් පිලිගන්න ලෑස්තී වෙලා,
කොටින්ම කැප්ටන් ඒ දේට කේන්ති ගත්තත් කමක් නෑ කියලා,

එකපාරක් සිප ගත්තා කියලා සැමියා බිරිද බැදීමට සමාන කරන්න තරම් අයිතියක් නෑ.
Jeon ඒක හොදින් දැනන් හිටියා,
ඒත් එයාට එයාගේ හිත පාලනේ කර ගන්න බැරි උනා,
1965 කියන්නේ බැදීම් ගෙන තදින්ම හිතන කාලයක්,
සැමියා - බිරිද බැදීම පාරිශුද්ධ බැදීමක් කියලා සලකන කාලයක්,
කිසිම වෙලාවක විවාහය දික්කසාදෙකින් කෙලවර කර නොගන්න කාලයක්,
මොකද ඒ කාලේ වෙනකොට විවාහය ගොඩක් තීරණාත්මක දෙයක්,
මාසෙන් දෙකෙන් කෙනෙක්ගෙන් ඈත් වෙන්න බෑ,
විවාහය ජීවිත කාලෙටම පවතින දෙයක්,
විවාහය කියන්නේ විහිලුවක් නෙමේ, .සැමියා-බිරිද බැදීමට විහිලු කරන්න බෑ. ඒ බැදීමට වෙන කෙනෙක් සමාන කරන්නත් බෑ.....ඒකත් තව පිරිමියෙක්ට, ඒක කොහොමත් කේන්ති නොගෙන ඉන්න කාරනයක් නෙමේ,
Jeon බලාපොරොත්තු උනේ කැප්ටන්ගෙන් කනට පාරක් , එහෙම නැත්තන් ලොකු බැනුමක්.
ඒත් කැප්ටන් ඒ වෙනුවට තොල් වල සිහින් හිනාවක් රදව ගත්තා.

TH-" ඔව් ..... සැමියෙක් බිරිදට උදව් කරනවා වගේ තමා "

මොනවා! කැප්ටන් එහෙම දෙයක් කිව්වද, jeonගේ ඇස් ලොකු උනා,
එයා ඉස්සරහා ඉන්න කඩවසම් පිරිමියා කිව්වේ එයා බිරිදට වගේ තමන්ට උදව් කරන්න කැමතී කියලද,
Jeonගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා,
Jeonගේ කකුල් වෙව්ලනවා වගේ දැනුනා,
Jeonගේ කම්මුලට රතු උනා,

TH-" ඔයාගේ කම්මුල් ............ ඒවා රතු වෙලා "

Jk-" අ...අව්වට... මං අව්වේ හිටියම එහෙමයි, ගො..ගොඩක් රස්නෙයි"

Jeon කලබල උනේ තවමත් පපුව වේගෙන් ගැහෙන එක නැවතිලා නැති හින්දයි  .

TH-" එහෙනම් ඉක්මනට බඩු අරන් යමු.
නැත්තන් ඔයාව තවත් රතු වෙයි "

කැප්ටන් එහෙම කිව්වේ හිනා වෙන ගමනුයි.

TH-" ඔයා රතු උනාම තවත් ලස්සනයි jeon ...... "

' දෙයියනේ කැප්ටන් , ඔයා ලොකු වරදක් කරන්නේ......
ඔහොම කරන්න එපා,
මං දැනටමත් ඔයාට ආදරෙයි....
ඔයා ගෙන හිතන් නැතුව ඉන්න බැරි තරම් ආදරෙයි,
ඒත් ඔයා ඔහොම කිව්වම මට තව තව ආදරේ හිතෙනවා,
ඒක වරදක් ......
ඒක ලොකු වරදක්.
දවසක මට ඔයා නැතුව ඉන්න බැරි වෙයි කැප්ටන් .....
ඒක ලොකු වරදක්......
මගෙ හිත පාලනේ කර ගන්න දෙන්න,
මේක වෙන්න හොද නෑ...
ඔව් මේක වෙන්න බෑ "

Jeon ඔලුව දෙපැත්තට වනන ගමන් කැප්ටන් කියපු දේ ගෙන නොහිතා ඉන්න උත්සහ කරා,
Jeon කැප්ටන්ගේ ඇස් මග ඇරලා එතනින් ටිකක් එහාට ගියේ තව බෙහෙත් බඩු ගන්න ඉතුරු වෙල තිබ්බ හින්දයි,
කැප්ටන් jeon පස්සෙන් මල්ලත් අරන් ගියා.
කැප්ටන් ,jeon බඩු අරගෙන ඉවර වෙලා වාහනේ ලගට ගියේ ආපහු කදවුරට යන්නයි,

කැප්ටන් බඩු මල්ල වාහනේ ඇතුලෙන් දාලා වාහනේට නැග්ගා,
Jeonත් වාහනේට නැග්ගා,
වාහනේ ඇතුලේ වැඩි කතා බහක් නොතිබුනත් සැරෙන් සැරේ දෙන්නා මූනෙන් මූන බලන් හිනා වෙන්න ගත්තා,

කැප්ටන් සුක්කානම අතින් කරකවනකොට කැප්ටන්ගේ අතේ ලාවට නහර පවා පේන්න ගත්තා,
අතේ නහර පේනකොට කැප්ටන් තවත් කඩවසම්,
කැප්ටන්ගේ තියුණු ඇස් පාර දිහාවට යොමු වෙලා තිබ්බේ,
කැප්ටන්ගේ දිග නහය, පලල් නලල,
පැහැපත් මූණ මේ හැමදේම දෙහා jeon උවමනාවෙන්ම බැලුවේ එයාට ඇස් අහකට ගන්න ඕන උනේ නැති හින්දා,

TH-" මගෙ මූනේ මොනා හරි තියනවද"

Jk-" අ..  නැ..නෑ කැප්ටන් මෙ..මම "

Jeon ඇස් මග ඇරලා අහක බලා ගන්න හැදුවත් කැප්ටන් හිනා වෙන්න ගත්තා,

Jk-" ඇ..ඇයි "

TH-" ඔයාට මං දිහා බලන්න ඕනෙද "

Jk-" ඔහ්! නෑ... ඔයා පිරිමියෙක් මං මොකටද ඔයා දිහා බලන්නේ "

TH-" පිරිමියෙක් තවත් පිරිමියෙක් එක්ක කරන්න ඕන නැති දේවල් ඔයා මාත් එක්ක කරලා තියනවා,
ඉතින් මං පිරිමියෙක් කියලා මන් දිහා නොබලා ඉන්න තරම් හේතුවක් පේන් නෑ...... "

Jk-" මොනාද කරේ....."

TH-" අපි සිපගත්තා..... ඒක අමතකද"

Jk-" කැප්ටන් ........."

Jeonගේ මූන රතු උනා. එයාට ආයෙත් උදේ සිපගැනීම මතක් උනා,
හදවද ආයේ වේගෙන් ගැහෙන්න ගත්තා,
Jeonට ආයෙ වතාවක් කැප්ටන්ව සිපගන්න ඕන උනා,

Jk-" කැ..කැප්ටන් "

TH-" ම්ම්ම්ම්.... කියන්න "

Jk-" මට... මට ඔයාව අල්ලන්න පුලුවන්ද"

කැප්ටන් ,jeon දිහා හැරිලා බැලුවේ ඇස් ලොකු කරන්,

Jk-" උදේ කිව්වේ ආයෙමත් ලං වෙන්න ඕනේ වගේ දැනුනොත් අතින් අල්ලන්න කියලා,
මට...... මට දැං.........."

TH-" අල්ලන්න "

කැප්ටන් එක අතකින් සුක්කානම අල්ලන් අනිත් අතින් jeonගේ අත අල්ල ගත්තා.
Jeonගේ හිතට ලොකු සහනයක් වගේම නිදහසක් දැනුනා.
කැප්ටන්ගේ විශාල අතින් තමන්ගේ සිහින් කුඩා අත් තදින් අල්ලන් ඉද්දි jeonට එයා තවත් කැප්ටන්ට යටත් වස්තුවක් වගේ දැනෙන්න ගත්තා,
ඔව් ඒක එහෙමයි,

එයාට කවදාවත් කැප්ටන්ගේ පෙනුම, පෞරුෂය , ඉදිරියේ එයාගේ හිත ප්‍රතිවිරුද්ධව තියා ගන්න බෑ,
කැප්ටන්ගේ හැමදේකම එයා යටත් වගේ දැනෙන්න ගත්තා,
හරියට බිරිදක් සැමියෙක්ට යටත් වෙලා ඉන්නවා වගේ ,

වාහනේ කොච්චර දුරක් ගියාද කොහොම ගියාද කියලවත් නොදැනිම අන්තිමේට ජෙනරාල්ගේ ගේ ලගටම ආවා,
Jeon එයාගේ අත අහකට ගත්තේ දැං ජෙනරාල්ගේ ගේ ලගින් බැහැලා යන්න ඕනේ කියලා දන්න හින්දයි.

කැප්ටන් කිම් වාහනේ නතර කරා,
Jeon වාහනෙන් බැස්සා,
අනිත් පැත්තෙන් කැප්ටනුත් වාහනෙන් බැහැලා යන්න හදනකොට කවුරු හරි කතා කරනවා ඇහිලා දෙන්නම නතර උනා ,
ඔව් ඒ ජෙනී  ,
ජෙනී, ජෙනරාල්ගේ ගේ ඇතුලේ ඉදන් එලියට ආවා,

Je-" ඔප්පා.............. "

TH-" ජෙනී ..., ඇයි "

කැප්ටන්ගේ මූනේ තිබ්බේ කරදරකාරී පෙනුමක්.එයාට ජෙනී මග ඇරලා යන්න ඕන වෙලා තිබුනත් ඒක නොකෙරෙන ගානට කැප්ටන් එවෙලේ අසරණ වෙලා හිටියේ.

Je-" ඇයි කියන්නේ, අදත් ඉන් නැද්ද ,
ඔයා දවස් කීයක් එනවා කිව්වද,
ඇයි ආවේ නැත්තේ.....
මං කොච්චර බලන් හිටියද "

TH-" සමාවෙන්න , මේ ටිකේ වැඩ ගොඩක් වැඩී....
ඒකයි එන්න බැරි උනේ "

Je-" අද අප්පාත් ඉන්නවා ගෙදර, ඔයා එනකන් ඉන්නේ.....
එන්න ගේ ඇතුලට "

TH-" අදත් බෑ. ඩොක්ටර් jeon එක්ක ආවේ.....
එයාට තනියෙන් යන්න බෑ,
තව ටිකකින් කලුවර වැටෙන්න කලින් යන්න ඕනේ, "

G-" එහෙනම් ඩොක්ටර jeonටත්  ටිකක් ඉදලා ඔයා එක්කම යන්න කියන්න"

ජෙනරාල් එලියට ඇවිදගෙන එන ගමන් එහෙම කිව්වා,
ජෙනරාල් එලියට එනවා දැකපු ගමන් කැප්ටන් කකුල් ලගට අරන් මූන කෙලින් හරවන් සැලියුට් එකක් ගැහුවත් ජෙනරාල් අත වැනුවේ එහෙම කරන්න අනවශ්‍යයි කියන්න,

G-" කැප්ටන් ටිකක් ඉදලා යන්න"

TH-" ඒත් සර්..... කලුවර වැටෙන්න කලින් යන්න ඕනේ "

G-" කැප්ටන් කිම් මීට කලින් කලුවරේ මේ පාර ගිහින් නෑ වගේනේ කියන්නේ"

TH-" ඒත් ජෙනරාල් මං ආවේ ඩොක්ටර් එක්ක....."

කැප්ටන් නිදහසට කාරනා කියලා එතනින් යන්න හැදුවේ, එයාට ගෙදරට එන්න කියන හේතුව මොකද්ද කියලා එයා දන්න හින්දයි,

G-" ඩොක්ටර් jeon කරදරයක් නැත්තන් ටික වෙලාවක් ඉදලා යන්න පුලුවන්ද "

ජෙනරාල් , jeon දිහා බලලා කිව්වේ jeon මේක ප්‍රතික්ශේප කරන් නෑ කියලා දැන දැනමයි,
Jeon කැප්ටන් දිහා බලලා, ආයෙත් ජෙනරාල් දිහා බැලුවා,

Jk-" ම්ම්ම්..... හරි "

Je-" ඔප්පා යමු ඇතුලට.................."

ජෙනී දුවගෙන ඇවිත් කැප්ටන්ගේ අත තදින් බදා ගත්තා,
Jeon අහක බලා ගත්තේ එයාට ඒ සිද්ද වෙන දේ දකින්න ඕන නැති හින්දයි,
කොච්චර ඇස් ඒ දර්ශනේ මග අරින්න හැදුවත් ඒත්  jeonගේ ඇස් ආයෙමත් ගියේ කැප්ටන් දිහාවට,

ජෙනී, කැප්ටන්ගේ අතින් බදාගෙන ගේ ඇතුලට යනවා දැක්කම jeonගේ ඇග ඇතුලෙන් අමුතු වේදනාවක් දැනෙන්න ගත්තා,
ඒ ඉරිසියාවද? දුකද? නොහැකියාවද?
ඔව් ඒ ඔක්කොම,

ඒ ඔක්කොම හැගීම් එක්ක jeonගේ පපුව වේදනාවෙන් ගැහෙන්න ගත්තා,
වෙව්ලුවේ නැතත් හරියට පණ නෑ වගේ දැනෙන කකුල් එක්ක ,jeon අඩිය ඉස්සරහට තියලා ගේ පැත්තයන්න ගත්තා,
Jeon ගේ ඇතුලට යනකොටත් කැප්ටන් පුටුවකින් වාඩි වෙලා, jennie ලගම පුටුවකින් වාඩි වෙලා කැප්ටන්ගේ අතින් අල්ලගෙන,

ජෙනීගේ මූනේ තිබ්බ හිනාවෙන් තේරෙනවා ජෙනී ගොඩක් සතුටෙන් කියලා. ජෙනී හිනා වෙලා ආදරෙන් කැප්ටන් දිහා බලන් ඉන්න විදිය,
හිනාවක් නැතත් තේරුම් ගන්න බැරි හැගීම් ගොඩක් තියන මූනකින් කැප්ටන් ජෙනී දිහා බලන් ඉන්න විදිය,
ජෙනීගේ සිනිදු පොඩි අත් වලින් කැප්ටන්ගේ අත හෙමින් අත ගාන විදිය,
මේ හැමදේම jeonගේ ඇස් වල රැදෙන්න ගත්තා,

ඒ වෙලාවේ jeonගේ හිතට දැනුනේ ලොකු වේදනාවක්.
ජෙනී ඇයි එහෙම කැප්ටන්ට ලං වෙලා,
ඇයි එයා කැප්ටන් ලගින් ඉන්නේ?
Jeonට කිසි දෙයක් තේරුන් නෑ....
Jeon හිටගෙනම කල්පනා කරා.

G-" jeon ඇයි තවමත් හිටගෙන වාඩිවෙන්න "

ජෙනරාල් jeon දිහා බලන් කිව්වා,

Jk-" හ..හරි සර්.... ස්තූතී....."

Jeon ලග තිබ්බ පුටුවකින් වාඩි උනා

G-" මොනහරි බොනවද ? "

TH-" එපා... මට මොකුත් එපා.."

G-" එතකොට ඩොක්ටර්  jeon? "

Jk-" එ..එපා මටත් එපා, ම්ම්ම්ම් ඒත් පුලුවන් නම් වතුර ටිකක්...... "

G-" හරි...... "

ටිකකින් ගෙදර වැඩට ඉන්න ගෑනු කෙනා වතුර එකක් ගෙනත් දුන්නා,jeon වතුර එකත් අරගෙන හෙමින් බොන්න ගත්තා.

Jeonගේ ඇස් ඒ වෙනකොටත් තිබ්බේ කැප්ටන් කිම් දිහාවට හැරිලා.

G-" කිම්.... අද මං එන්න කිව්වේ මොකටද කියලා දන්නවානේ "

කැප්ටන් බිම බලාගෙන ලොකු හුස්මක් අරන් ඔලුව උස්සලා jeon දිහා බැලුවා.
Jeonට දැනුනේ අසරණ විච්ච පොඩි දරුවෙක් තමන් දිහා බලන් ඉන්නවා වගේ,ආයෙත් කැප්ටන් ජෙනරාල් දිහා බැලුවා.

TH-" හ්ම්ම්.......දන්නවා,
ම..මගෙයි, ජෙනීගෙයි විවාහෙට දිනයක් දා ගන්න............."

*cough*

Jeonට කැස්සත් එක්කම බිබී හිටපු වතුර එකත් පිට උගුරේ ගියා.















#To be continue#

_____________________________________

Sorry short update එකට. වචන 1400යි
අද ටිකක් bussy......
අද ඩබල් update දෙන්න විදියකුත් නෑ 🥺

හෙට වචන 2000කවත් update එකක් දෙන්නම් promise ....❤

Have a nice day & I love my cupping hearts.....💜️💜️💜️💜️💜️

Continuer la Lecture

Vous Aimerez Aussi

51.6K 11.2K 30
"දන්නවද ජන්ග්කුක්.. හැඟීම් මැරුණට පස්සෙ බැඳීම් වලින් වැඩක් නෑ.." Start : 10/06/2022 End : 22/12/2022
76.6K 17.5K 69
179K 26.7K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
24.2K 4.5K 27
අද්භූත කොල්ලෙක්ට සාමාන්‍ය කොල්ලෙක්ගෙන් අවංක ආදරයක් ලැබුනොත් මොනවගේ දෙයක් වෙයිද.....???? . . . අද්භූත ආදරයක්.......... . විශ්වාසයක් නැති ආදරයක්...