🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️
මේ ගෙවෙන්නේ වැසි කාලයයි.. කියන්න සන්තෝසයි උදේ වනතුරුත් අඩුවක් නොතිබ්බ වර්ශාව තවමත් එක දිගටම පොළොව බදාගත්ත ගමන්මයි... සීත කාලයට පෙරාතුව එළබෙන වැසි කාලය චොන්චිං ප්‍රදේශය දවස පුරා වැහි බීරානියත් සමඟ එක්වී දවස ගෙවන්නේ පරිසරය සියොළඟම හිරි ගන්වන සීතලකට ගුලි කර ගනිමිනි.
පුංචි කුමාරයෝ දෙදෙනාද එලෙසම ගුලි වී බදාගෙන ම නින්දේය.
උදෑසන පහ පමණ වනවිට යාන්ලීගෙන් ලැබුන දුරකතන ඇමතුමත් සමඟ ශාන් අවදි වූයේ ඇඟමැලි කඩමිනි. සිනාමුසුව නමුත් සන්සුන්ව ඊට පිළිතුරු දුන් ශාන්ගේ වෙනස අක්කා යාන්ලී දැනගෙන මෙන් එහාපසින් ඇයද සිනාසෙනු යාන්තමින් ශාන්ට ඇසුණි.
පෙර දින තම සොඳුරු ආදරවන්තයාගෙ උපන්දිනය වූ නිසා විශේෂ යමක් සිදු වන්නට ඇතැයි යාන්ලී සිතන බව ශාන්ට දැනී ඔහුද රහසේම සිනා සඟවාගත්තේය.
"අක්කා... මොකද කතා නැතුව හිනා වෙන්නෙ... පිස්සුද හැටිද අහ්???"
ඊබෝ තවමත් නින්දේය. ශාන් ඔහුගේ පපුවට වී රහසේම කතාකළේය.
"නෑ.. මේ නිකන්... කොහොමද බලන්න ගත්තෙ... "
"තියනවා තියනවා... අපි තව ටිකකින් එනවා.."
"පිස්සුද අහ්.... මේ වැස්සෙ... අඩියක් තියන්නෑ ගෙයින් එළියට... දන්නැද්ද කන්ද උඩ පාර ලිස්සනව කියලා වැස්සම.."
"බෑ බෑ... එහෙම කෝමද... අම්ම බලන්න ඇවිත් මෙහෙට වෙලා ඉඳලා හරියනවද ආ...?"
"මං ඒක බලාගන්නම්... පැනගෙන එයි කියලා තමයි මේ ගත්තේ පාන්දරම... ඔය පොඩ්ඩව අරගෙන බහින්නෙ එහෙම නෑ පාරට ඔන්න..."
'අම්මෝහ්.... හරි පොඩ්ඩා...' ශාන් සිතුවේ සුවසේ නිදන පුංචි කුමාරයා දිහා ඉස්සී බලා සිනාසෙමිනි....
"ඒ උනාට එන්නෙපැයි අක්කෝ..."
"මේ අහන්න අ:ශියන්... පෑව්වොත් එන්න... මං තව ටිකෙන් අයියා අතේ කෑම යවනවා යනවා... දවල්ට මං යනවා... ඩොක්ටර් පුංචි කිව්වා හවස් වෙද්දි අම්මව ඩිස්චාර්ජ් කරනවා කියලා... අම්මත් කිව්වා වැස්ස නම් එන්න එපා කියන්න කියලා..."
ශාන් කට උල් කරගත්තේය.....
"හ්ම්ම්ම්.... හරි.... එහෙනම් ඩිස්චාර්ජ් කරන වෙලාවට කලින් වාහනේ අරන් එන්නම්...."
"හරි හරි... කෝ අපේ පැංචා නිදිද... "
" ම්ම්ම්ම්ම්... ඔව් ඔව් පැංචා නිදි හොඳටම..."
" අනේ... ඒමද.... දෙන්නට මහන්සිත් ඇතිනේ... නිදාගන්න... නිදාගන්න..... හී... හී.... හී....."
" අයියෝ අක්කහා....... මං තියනවා..."
ශාන් රතූ වෙච්ච මූණ ඊබෝගේ පපුවෙ හංගගෙන සිනාසුනේ දුරකතනය පසෙකට දමමිනි.
මේ කතාව යාන්තමින් අසා සිටි ඊබෝ රහසින් සිනාසෙමින් ශාන්ව තවත් පපුවටම ගුලි කරගත්තේ තවත් හෝරාවක් පමණ සුව නින්දක් සොයමිනි... පරිසරයේ සීතලත් ඔවුන්ගේ උණුසුමත් ඔවුන්ව සැනසුවේය.
~~~~~~
දෙදෙනාගේ සද්දයක් බද්දයක් නැති තැන ශූයී ආන්ටි ශාන්ගේ දොර ළඟ මදක් නතර විය. නිවසේ සිට සාදා ගෙනා මිල්ක් ප්ලාස්ක් එකද අතේ තියාගෙන ඇය වසා ඇති කාමරය දෙස බැලුවේ උදෑසන ම යනවා කියූ දෙදෙනාම, වගේ වගක් නොමැතිව තවමත් නිදි යැයි සිතමිනි.... ඇය සිනාසෙමින් එලෙසම කුස්සිය වෙතට පිවිසුනාය.
~~~~~~~
ටිකෙන් ටික පහව යන වැස්සේ හඬත් සමඟම දෑස් ඇරගත් ශාන් සෙමෙන් ඊබෝ දෙස බලද්දී ඊබෝ ශාන්ට පිටුපා අනෙක්පසට හැරී පුංචි කාලේ මෙන් ශාන්ගෙ අත පපුව උඩින් ගෙන අල්ල කම්මුලටත් යටකරගෙන නින්දේය... ශාන් ඒ නිදන අයුරු දැක සිනාසුනේ එය මේ පුංචි කාමරය තුළ හුරු පුරුදු මතකයක් එකතු කළ හෙයිනි...
ශාන් ඊබෝ දෙස බලා සිටියදිම ශාන්ට පෙනුනේ ගුලි වී නිදන පුංචි සිඟිත්තෙක් ය. ඒ මුහුණ අනෙක්පස හැරී සිටියදී කුඩා දරුවෙකු මෙන් වූ හෙයින් ශාන් ඒ දෙස තව තවත් ආදරෙන් බලා සිටියේ මොකද්දෝ ලොකූ ලෝබකමක් හිත පුරා ලියද්දීයි. ශාන් එළෙසම ඉඳ ඊබෝව පිටුපසින් ගුලි කරගෙන සුපුරුදු සඳුන් සුවඳ ගෙන දෙන ගෙල පාමුල සිපගත්තේය.. ඊබෝද ඊට තව තවත් හැඩගැසුණි.
"Good Morning මගෙ සුදු මැණික..." ශාන් රහසින් මෙන් කීවේය...
"Good Morning මගෙ රන් මැණික... ඔයා ගොඩක් වෙලාද අවදි වෙලා ම්ම්ම්..."
ඊබෝ තම කම්මුල් යට තිබූ ශාන්ගේ අත්ල චූටි කාලේ පුරුද්දටම සිප ගනිමින් ඇසුවේය.
"හ්ම්ම්.... ටිකක් වෙලා... ඉස්සරහ දොර අරිනවා ඇහුනා... ආන්ටි ආවා මං හිතන්නේ..."
"හ්ම්.. දැන්ම නැගිටිනවද මගෙ බනී..."
"බ්ලැ... තා සුට්ටක් ඉම්මු... මොකද බෝ පැටියා අනික්පැත්ත හැරිලා..."
"කොන්ද සුට්ටක් රිදුනා මැණික... ඒකයි..."
"අනේ පව් මගෙ අස්ස පැටියා..."
"ඔව් ඉතින් ඔයා තමයි ඉතින්... ඉන්න බැරි කරානේ මට..."
කොහොමත් ඊබෝව පැහැරගත්ත දවසේ බයිසිකලේ පෙරලෙගෙන වැටෙද්දි හැඬල් එකක් වැදී ඊබෝගේ කොන්ද ටිකක් රිදි රිදී තිබුන බව ශාන් දැන සිටියේ නැත... ඊබෝටද ශාන් ළඟදි ඒවා මතකවත් තිබුනේ නැත....
"කව්ද කිව්වේ දඟලන්න කියලා ම්ම්ම්.... හොඳ වැඩේ අස්ස පැටියට..."
"අස්ස පැටියා....?"
ඊබෝ අසද්දි ශාන් තවත් ටිකක් සිප ගනිමින් තුරුල් කරගත්තේය.
"නෑ නෑ... අස්ස පැටිය නෙමී... මගේ චූටී යස්ස පැටියා..."
"ආ... ඉන්නවකෝ අස්ස පැටියා, යස්ස පැටියා වෙනහැටි මේ පස්ස පැටියට පෙන්නන්න..."
ඊබෝ ශාන්ගෙ පැත්තට වේගෙන් හැරී ඔහුව තුරුල් කරගෙන ශාන්ගේ සූටි පස්ස සිනිදුවට අතගා තට්ටු කරමින් කීවේය... ශාන් සිනාසෙමින් ඔහුගේ කුක්කුවක් හැපුවේය.
"ඔන්න ඉතින්... අවුස්සගන්න හදන්නේ..."
ශාන් සිනාසෙමින් නැවතත් හැපුවේය...
ඊබෝ ශාන්ව ඇදලා අරගෙන දෙතොල් සිපහත්තේය.... තොල යාන්තමින් සැපුවේය... විනාඩි ගානක හාදුවක් අවසානයේ ශාන්ගේ නලලට හාදුවක්ද ලැබුණේය...
"පස්ස පැටියා සිදෙනවද මගෙ මැණික... ම්ම්ම්?
ඊබෝ එය අතගාමින් අසනවිට නැතැයි කියන්නට ශාන් හිස සෙලෙව්වත් ඊබෝ එය පිළි නොගෙනම ශාන්ගේ හිස සිඹ තුරුල් කරගත්තේය... මේ සීතලේත් ආයේ රිද්දන්න හිතුනත් ඊබෝට දුකක් සිතුනි.... එහෙයින් එලෙසම හිද ශාන්ගේ අතැඟිලි පටලාගත් ඊබෝ කාමරයේ පිරී තිබූ රෝස සුවඳත් ශාන්ගේ ආදරණීය සුවඳත් හිත පුරාම විඳගත්තේය...
ටිකෙන් ටික පහව යන වැහි බීරානිය අලුත් හිරු කිරණට අවසර දෙද්දී ඊබෝ සැනසීමෙන් කාමරය පුරා දෑස් යැව්වේය.
වසර ගණනකට පෙර සුපුරුදු දසුනක් ඊබෝගේ නෙත් ගැටුනු හෙයින් ඔහුගේ මුවග ලස්සන සිනාවක් ඇඳුනේය. පුංචි ඊබෝව ඇඳ උඩ ශාන් වඩාගෙන සිටියදී ඒ ඇඳ වියන මුදුනේ ප්ලැටිග්නම් එකකින් අඳිනලද පුංචි බලි කූටුද තවමත් එසේම ය... එදා ශාන් ඔහුව අමාරුවෙන් ඔසවාගෙන සිනාසෙමින් කැරකුන අයුරු මතකයට සතුටක් එක් කළේය... දිනක් බිත්තියෙ එල්ලා තිබෙන අඬන බබාගේ තෙල් සායම් චිත්‍රය තමා වගේ යැයි කියමින් ඊබෝව තරහ ගස්සමින් ශා සිනාසුන අයුරු ඊබෝට මතක්විය... ඒ චූටි අයියා බබා ළඟ ගුලිවී නිදන අතරතුර තම මුහුණට වැටෙන කෙස් රොද ඉවත් කරමින් බලා සිටින අයුරු නලලත සිපගත් අයුරු මතක්වී සැනසිල්ලෙන් සිනාසීය
පුංචි කාලයේ ශාන්ට තුරුලුව අවදි වී මේ හැම දේම දැකගත් පුංචි ඊබෝ අද තම එකම ආදරේ ආත්මය පුරා අයිති කරගෙනම තුරුල් කරගෙන මේ සෑම දෙයක්ම දෑසින් විඳගන්නට හැකි වීම ඔහුට ලොකු සතුටක් විය. නමුත් ඒ කිසිවක් ගැන ශාන්ට ලොකු මතකයක් නොතිබ්බ එක ගැනනම් ඊබෝ දුක් විය. නමුත් ආත්මයක් ආත්මයක් ගානේ ඊබෝ ශාන්ගේ උණුසුම හදවතින්ම පැතුවේය.
ඔහු ශාන්ව පපුවෙන් කොට්ටය මතට පෙරලා ඒ පපුවට පුංචි කාලේ මෙන් ගුලි විය. ශාන් සිනාසෙමින් තුරුල් කරගෙන ඔහුගේ හිසකෙස් අතර අතැඟිලි ගෙන ගියේ දැනෙන සුපුරුදු හැඟුමක් හදවතට ගුලි කරගනිමිනි. ඊබෝ සැනසීමෙන් දෑස් පියාගත්තේය.
'ටක් ටක් ටක්....'
"සුදු පුතා.... තාම නිදිද... කිරි එක ලැස්තියි"
ඈහෙන නෑසෙන ලෙසින් ෂූයී ආන්ටි කතාකළේය.
"එන්න ආන්ටි..."
ආන්ටි කාමරය ඇතුළට පැමිණියත් වෙනදට නොදැනෙන රෝස සුවඳක් කාමරයෙන් එනවිට ඇය සිනාසුනා ය. කිරි වීදුරු දෙක මේසය මත තියා යන්නට සැරසෙද්දී ඇඳ පාමුලත් ඇඳ මතත් වූ රෝසමල් ඇයට ලොකු කතාවක් කීවේය.. ඇය ඊටද ලස්සනට සිනාසුනේය.... ඒ සිනාව දැක ශාන්ද ලැජ්ජාවෙන් මුහුණ රතු කරගන්නාවිට ඊබෝ නිදි මෙන් දෑස් පියාගෙනම සිටියේය...
"පුතාලා වේලාසන යන්නෑනේ.... මං කෑමත් හැදුවා..."
"නෑ ෂූයී ආන්ටි... වැස්ස නැවතුනම යනවා...."
ශාන් ඊබෝගේ පිට අතගාමින් ලැජ්ජාවෙන් මෙන් කියද්දි ෂූයී ආන්ටි කරුණාවෙන් බලා සිටියේය. පසුව ඇය දෙවරක් නොසිතාම ශාන්ගෙ පපුවේ උන් හුරතල් බෝනික්කගෙ හිසත් කම්මුලත් අතගා යන්නට ගියත් එසැනින් දැනුන ස්පර්ශයට ඊබෝ දෑස් හැර බැලුවේය... එයද ඊබෝට හුරු දෙයකි. ශාන්ට අමතක වුවත් කුඩා කල සිට මවක මෙන් ඔවුන් බලාගත් ෂූයී ආන්ටිටත්, ඊබෝටත් මේ හැම දේකම හුරු බවක් තිබුණි. ඊබෝ මෙලෙස නිදි විටදි හිස අතගා කෙනෙකු යන අයුරු මතකයේ රැඳී තිබුණි...
දෙදෙනාම බලා සිටියදී, ඇයද කඳුළක් පිස දමමින් කාමරයෙන් පිට විය.
~~~~~~~~~~~
දහවල් දෙක පමණ වනවිට ශාන් ඊබෝ සහ බින් යුවාන් මව ඇතුලත් කර සිටි රෝහල වෙතට පිවිසුනේය.
නමුත් මවගේ රෝහලේ ප්‍රතිකාර සටහන් ලබාගැනීමට ප්‍රමාද වීම හේතුවෙන් ඔවුන්ට රථගාල තුළ මදක් රැඳී සිටීමට සිදු විය. ඒ අතර ඊබෝ ශාන්ගේ උරහිසට හිස තබාගෙන මතක් කළේ නිවසෙන් පැමිණෙනවිට ෂූයී ආන්ටිගේත් යැංග් අන්කල්ගෙත් සොයුරියන් දෙදෙනාගේත් මුහුණුයි
කෑම බීම සියල්ලම පාහේ සතුටින් සූදානම් කර ශාන්ගේ මවට පවා කෑම ජාති සකසා දෙමින් සිනාමුසුව කටයුතු කළ ඇය ඊබෝත් ශානුත් නිවසින් පිටවද්දී රහසින් කඳුළක් හෙලූ බව ඔහු දැකගත්තේය. දෙදෙනාගෙම හිස අතගාමින් ඔවුන්ට සුභ ගමන් කියූ ඇය තම සැමියා අතේ එල්ලී බලා සිටි අයුරු ඊබෝ මතක් කළේය.
එහෙත් ඊබෝ ශාන්ගේ අත අල්ලගෙන වාහනයට නැගගත්තේ පුංචි නංගී බබාගෙත් හිස අතගා ඇස් නොපෙනන ටිකී නංගිව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නා ඇයව සනීප කරදෙන පොරොන්දුවත් සමඟයි... ඒ සොයුරියන් දෙදෙනාම ඊබෝ දෙස බලා සිටියේ අහම්බෙන් ගොඩ බැහැපු ලස්සන සුර දූතයෙක් දිහා බලන ලෙසිනි... පැහැදිළිව නොපෙනුනත් ලොක්කී නංගී ද ඊබෝ දෙස ආදරෙන් බලා සිටියේය.
නිවසින් පිටවනවිට ඔවුන් නොපෙනී යනතෙක්ම ඒ දෙස බලාගෙන ම ඊබෝ පුරුදු මතක අහුලන්නට වූයේ ශාන්ගේ අතැඟිලි තදින් මිරිකාගෙන පපුවට තබාගනිමිනි. ඒ තරම් ඒ පරිසරය දමා යන්න ලෝබ හිතෙන තරමටම ඊබෝ ඒ මතක වලට ආස කළේය. ආදරේ කළේය...
"බනී.... ආයේ මාව එක්කන් එන්න හොඳේ...."
ඊබෝ එසේ ඉල්ලුවේ... ශාන්ගේ උරහිස ආදරේන් සිප ගනිමිනි....
"එමු මැණික... ඉක්මනටම එමු...ම්ම්ම්!"
තවත් වටපිට බලමින් ආ ඊබෝ ශාන්ව ඔඩොක්කුවේ නිදිකරවාගෙන දුරකතනය පුරවාගත් ශාන්ගේ පුංචි කාමරයේත් නිවසේත් මල් වත්තේත් නංගිලා දෙන්නාගේත් ඡායාරූප එකින් එක පෙරලමින් බැලුවේය.. ඒ අතර වූ ආන්ටි අංකල්ගෙත්, බින් සහ යුවාන්ගේත් පින්තූර පහුකරගෙන විත් තමාගේ සහ ශාන්ගේ සෙල්ෆි ඡායාරූප ළඟ නතර විය...
එහි ශාන් ඇඳන් සිටියේ ඊබෝගේ ආසම ඇඳුමක් සහ ඊබෝ ආසම කරන කොළ පාට ජර්සියත් ය. ශාන් එයට හරි ලස්සනට උන්නේය.
"මොකද මගෙ හා පැටියා මගෙ බෑග් එකේ බැහැලා ම්ම්ම්ම්ම්...?"
ඊබෝ වොශ් දමා සූදානම් වන්නට එනවිටත් ඊබෝගේ බෑග් එකට බැහැලා ඉඳන් ඇඳුම් හොයන ශාන් එයා ආසම කරන ඊබෝගේ ඇඳුමක් අරගෙන ඇඳගත්තේ ආසාවෙනි....
"එතකොට ඔයා මගෙ හිතෙයි ළඟයි විතරක් නෙමෙයි මුලු ඇඟේම ඉන්නෝන....."
ශාන් කොහෙන්දෝ හොයාගත් හුරතලයක් පෙන්නාගෙන පිළිතුරු දී තුවාය පිටින් ඉන්න ඊබෝගේ දෙතොලේ එල්ලුනේ ඊබෝව බිත්තියටද තල්ලු කර ගනිමිනි...
එතනත් විනාඩි කිහිපයක්ම ගතකල දෙදෙනාම සූදානම් වී කෑම කා පිටත් වෙද්දී ගත් සෙල්ෆි ඡායාරූපය හරිම ආදරණීය යැයි ඊබෝ සිතුවේය...
ඒ දෙස බලාගෙනම ඊබෝ සිනාසුනේ මේ උකුල බදාගෙන නිදා සිටින හා පැටියා වෙනුවෙන් ආත්මයම පිරෙන තරම් සෙනෙහසක් උතුරද්දී ඊබෝ ඒ හිස ආදරෙන් අතගෑවේය...
එන මග දිගටම යූබින් යුවාන් සිනාසෙමින් වාද කරමින් තවත් විටක අතින් අල්ලාගෙනද පැමිණි අතර බින්ගේ ගෙලෙහි වූ සිපුමක් නිසා ශාන් හා ඊබෝද ඔවුන් දෙදෙනාට විහිලු කරන්නට විය.
නමුත් ඒ විහිලුව ම ඉතා දරුණු ලෙස ශාන්ට සහ ඊබො වෙත පෙරලුනේ කාමරයේ වූ රෝස මල් කිහිපයක් බින් දැක තිබූ හෙයිනි....
" අපිට ඕවා කිව්වට යුවාන්.... ඊයෙ නම් දෙන්නෙක්ට පැණි හඳ පායලා තිබ්බ කියලා තමයි ආරංචිය..."
"කව්ද කිව්වෙ අයියා බබා..."
" කාමරේ හිටපු රෝස මලක් කිව්වෙ..."
"ආ......හා...... රෝසමලක්ද.... වා...ව්... සුදු බෝලේ..... ඔයාලා ඒකත් බැලුවද ආ....??? හා....! හා....!!"
"යුවාන්.... ඇඟිල්ලෙ තරමට ඉන්නව හරී...."
"ආ...හ්... ඒ උනාට සුදු බෝලේ.... මං හිතන්නෑ ඇඟිල්ලෙ තරමට තිබ්බා කියලා.... ඇවිදගන්න ඇහැකියෑ........??? "
"ඒයි මෝඩයා... කට වහගන්නවා...."
ශාන් හිසේ තිබුන කැප් තොප්පියෙන් ඉදිපස අසුනේ සිටි යුවාන්ට එකපිට එක ගහද්දි ඊබෝ ශාන්ව නතර කරන්න යුද්දයක් කළේය....
"ඇත්තනෙ කියන්නේ.... ඌයී... ආයී... ගහන්නෙපා මෝඩයා...."
බින් බක බක ගගා සිනාසුනේ සුක්කානම අතේ තියන් කරන්න දෙයක් නැති නිසා....
"මං තමයි අහන්නෝන... අමාරුද කියලා... ගියා ගියාමයි සද්ද නෑ දෙන්නා..."
ඒත් බින්ටත් වචන හෝ ගාලා ආවත් තැනේ හැටියට ඇනේ ගහන්න ඕන නිසා ශාන්ව පස්සෙ අවුස්සන හිතාගෙන සද්ද වහලා කඳු පල්ලම් අස්සෙන් පල්ලම් බැස්සේ ය...
"සද්ද දාලා ඩිස්ටර්බ් කරන්නෝන්නෑනේ... නේද අයියා බබා.... මේ මේ.... මුදුත් මාරු කරලා... මේ... අර අරයගෙ අතෙත් තියේ අර..."
වලිය අතරෙත් යුවාන් ශාන්ගේ අත බින්ට බලෙන් පෙන්නා විහිලු කළේය.
"වාව් ශානයා... උඹ අපිට කිව්වෙත් නෑ නේ... කෝ පාර්ටි..."
"ඒක ටිකක් හදිස්සියෙ උනේ.... ඒවා පස්සෙ..."
"මගේ සුදු බෝලේ අල්ලගත්තනේ...."
"ඔව් ඔව් ඒම තමයි... ඇයි ඇයි ආ... මේ මගේ සුදු බෝලේ... ඔයාගෙ නෙමෙයි හරී... හුම්ම්ම්ම්...."
ඊබෝ බොරුවට රවමින් ශාන්ව අත් දෙකෙන්ම ගුලි කරගත්තේ යුවාන් උදුරගනී කියලා වගෙයි...
"ඉන්නවකෝ... ගෙදර ගිහින් අල්ලගන්නම් දෙන්නම...."
යුවාන් ඊබෝට ඇද කළේය... ඊබෝ සිනාසී ඇද කරමින් යුවාන්ට පේන්නම ශාන්ව ඉම්බේය....
~~~~~~
පැය හතර පහක ගමනකට පසු රෝහල් භූමියේට පැමිණ ශාන්ගේ උරහිසට වී සිටින ඊබෝ දෑස් ඇරියේ ශාන්ට ලැබුණු දුරකතනය ඇමතුමත් සමඟයි.
"හෙලෝ අක්කා...."
"අ:ශියන්.... අම්මව එක්කරන් එනවා.... ඔයාලා කොහෙද...."
" අහ්... ඉන්න අක්කේ එනවා.... OPD එක පැත්තට මේ එනගමන්..."
ශාන් ඊබෝවත් ඉස්සර කරගෙන OPD එක පැත්තට ගියේ අවේලාවේ වාට්ටු ඇතුළට යන්නට අවසර නොමැති හෙයිනි...
"අම්මා..... කොහොමද දැන්.... අමාරුවක් නෑනේ...."
"අනේ නෑ මගෙ මැණික..... ගෙදර ගිහින් නිදාගන්නෝන ටිකක්...."
ශාන් මවගේ හිස අතගෑවේය...
"යං..... මටත් හරි මහන්සියි.... "
"කොහොමද චූටි මැණික.... ඔයාගෙ ශන්ගාගෙ ගෙදර හොඳයිද.... කෝ කේක් මට..."
"අන්න අම්මට ගෙනාපුවනම් වාහනේ....
හරි ලස්සනයි අම්මේ.... ඔයාලා ඔක්කොම මාව මාර විදියට surprise කරා.... මටනම් එන්න හිතුනෙ නෑ.... හරි සතුටුයි මට..."
"අනේ පුතාලා සතුටින් නම් අපිත් සතුටින් ඉතින්... යමු....."
"මල්ලි... ඩොක්ටර් පුංචිත් ගෙදර යනවා. අයියයි මායි අම්ම එක්ක ඒකේ යන්නම්... ඔක්කොටම යන්න ඉඩ මදිනේ... ඔයා මේ බෙහෙත් ටික අරන් එන්න..."
"එතකොට අයියාගෙ බයික් එක..."
"අපි දෙන්නා අද ආවේ ටැක්සි එකක අ:ශියන්... බයික් එකේ අමාරුයි මට එන්න...."
යාන්ලී බඩ අතගගාම කීවාය...
"හරි අම්මා.... මං මේ බෙහෙත් ටිකත් අරන් එන්නම්.... මෙහෙන්ම ගන්නෙපැයි... නොම්මරයක් ගත්තද අක්කා..."
"ඔව්... 46 ටිකක් ඉන්න වෙයි... බෙහෙත් තුන්ඩුව ඇතුලෙ... මේ නොම්මරේ දීලා නම කිව්වම ගිහින් ගන්න...."
"එහෙනම් පරිස්සමෙන් යන්න... පුංචි බලන් ඉන්නවා අන්න... අපි එන්නම්...."
වාහනය ගෙනැවිත් ඉදිරිපස නතරකරගෙන සිටින ඩොක්ටර් පුංචි සමඟත් කතාකර ඔවුන් ගිය පසු ශාන් ඊබෝ සමඟ ඔවුනෙගේ වාරය පැමිණෙන තෙක් කවුන්ටරය අසල පුටු පේලියේ රැඳී සිටියේය.
පැය බාගයකට පසු වාරය ළඟා වනවිට ශාන් වොශ් රූම් යන්න ඕන යැයි ඊබෝට ඇඹරෙමින් කීවේ නොගිහින් බැරිම තැනය.
"යං....."
"මිසිස් ශියාඕ ඊෂී.... NO 46...?"
"මං එනකන් ඇතුළෙන් ඉන්න..."
ඊබෝ ශාන්වත් ඉස්සර කරගෙන යනවිට මවගේ නම කියැවුන හෙයින් ඊබෝ තුන්ඩුවත් ඉල්ලාගෙන කවුන්ටරය වෙත ගියේ පේන දුරකින් තිබූ වොශ් රූම් එකටම ඇතුල් වූ පසුය...
ඊබෝ බෙහෙත් මල්ලත් රැගෙන වොශ් රූම් එක අසලට එනවිට රෝගීන් එහෙ මෙහෙ ගිය අතර අත් වාරුවෙන් සහ රෝද පුටු වලින්ද රෝගීන් ඊට ඇතුල් විය...
"ඕ...හ් සොරී මිස්‍ටර්..."
ඊබෝ දොර විවෘත කරනවාත් සමඟම තම කකුලේ හැපුණ රෝද පුටුව පදවන්නාට සමාවෙන්න කීවේය.
"It's Ok... It's OK..."
ඔහු උණුසුම් බ්ලැන්කට්ටුව පොරවා රෝද පුටුවේ තබාගෙන යන රෝගියාට ඊබෝ ඉඩ දෙන විට බින්ගෙන් ලැබුණු දුරකතනය ඇමතුමට පිළිතුරු දුන්නේය...
"ඔහොම හිටින් බින්... බෙහෙත් ගත්තා... ශාන් වොශ් රූම් එකේ..."
"හරි හරි වරෙන් ඉක්මනට.... බඩගිනියි..."
"හරි හරි එන්නම්..."
ඊබෝ වොශ් රූම් එකට ඇතුල්වී ශාන් එළියට එනතුරු බලා සිටියේය... ඇතුලේ සිටි එකා දෙන්නා පිටව යද්දී ශාන් එනතුරු බලා සිටි ඊබෝ පේලියට තිබෙන වැසිකිළි පේලිය දෙසට යන්නට විය... විනාඩි කිහිපයක්ම ගතවී හමාරය...
"ශාන්.... ඔයා කොහෙද.... ශන්ගා....."
ප්‍රතිචාර නැත... ඊබෝගේ හදවත නොතේරෙන යමක් නිසාවෙන් තදින් ගැහෙන්නට විය. තිබෙන වැසිකිළි දහ පහලොවම එකින් එක බලන්නට වූ ඊබෝ කලබලවී ශාන්ගෙ නම කියා කතාකරමින් සොයන්නට විය... නමුත් ශාන් ඒ එකකවත් නොමැත... ඊබෝ යන්නට හැරුනේ කෑගසාගෙනය...
"බනී.... අනේ... කොහෙද ඔයා... බනී....."
ඊබෝ හැරී එද්දී මදක් ඇරී තිබූ වැසිකිළියක දුරකතනයක් වැටී තිබෙනු දැක එය ඇහිඳ ගත්තේය....
"දෙවියනේ... Phone එක..."
එය බිම වැටී ඉරිතලා ගොස් ය..
"ශන්ගා... ශන්ගා...."
ඊබෝ කෑ ගසමින් පිස්සෙකු මෙන් එළියට දිව්වේය.... ඊබෝ හිස බදාගෙන සොයන්නට විය... වෙවුලන දෙපා ශාන්ව සොයා ගියේ අරමුණක් නොමැතිවය.... ඊබෝගේ කම්මුල් දිගේ ගලන කඳුළු බිංදු රෝහල් බිම වැතිර ගත්තේය...
"අනේ... විහිලු කරන්නෙපා බනී... මගෙ පපුව රිදෙනවා දෙයියනේ... "
ඊබෝ කඳුළු වලින් නොපෙනෙන දෑසින් රථගාල වෙත දිව්වේය...
❤️🌹❤️🌹❤️🌹🥺❤️🌹❤️🌹❤️🌹
🖊ශාන් ඊබෝ දෙන්නා ආවා අම්මා බලන්න ඔන්න...
🖊ඒත්...ශාන් අතුරුදන්...
මොනවා වෙයිද...
ඊබෝ ශාන්ව හොයාගනියිද....
🖊ඔයාලගෙ Comment මං හරි සතුටින් කියවනවා... පුළුවන් විදියට Reply කරනවා ඉතින්...
🖊කතාවට ආදරේ කරන ඔයාලා ඉතින් අදහස් ලියන් යන්න හොඳේ... 🥺
ඉක්මනින් එන්නම්... 🥰
මං ZaZiN
Click ⭐️
⬇️