Hellow Bunny - Yizhan FF - Pe...

my_zazin tarafından

39.1K 11K 4.7K

🦁🚫🐰an innocent handsome boy like a little bunny... And a bullying boy Like a lion ... With a Secret .. ❤️... Daha Fazla

පුංචි හැදින්වීමක්
01. මං Ready 🥰👍
02. බනී අයියා බනී 🐰🤫
03. ඒ ඇස් දෙක.. 🦁😍🐰
04. සද්ද එපා...🦁🤫
05.මං ඔයාව ගිලින්නද බනී...? 🥰
06. ඔයා නම් සුපිරියි...!😘🥰
07. මගේ ළඟින් ඉන්න 🦁🐰
08. එයා ලස්සනයි හලෝ..!🥰❤️
09. මං අල්ලගන්න හිටියෙ😳😝
10. මං බලන් ඉන්නවා 🦁🐰
11. මං දෙයක් අහන්නද? 🦁🐰
12.අනේ මගේ කැරට් කෑල්ල🐰🥕‍🦁
13. මෙහෙම ටිකක් ඉන්න බනී🥰
14. මගේ ලෝකේ ඔයා.❤️🐰🦁💚
15. Room Num 113 😤😡
16. පී...ස්... පපී... 🐰🦁🚫
17. චූටි කිස් එකක්... 🦁😘🐰
18. මගේනේ....❤️🐰🥰🦁💚
19. මගේ හීනේ ඔයා... 🦁🌹🐰
20. සැරට කන්නෝන.. 🦁😘🐰
21. Mission Complete 🐰🦁🌚
22. කෙටි පණිවිඩය 🦁🐰🤔
23. අලුත් දවසක්... 🥰🦁🐰🥰
24. වස කොල්ලෝ... 🐰🦁🌹
🌹A/N🌹
25. මගේ පණ ඔයා 🐰🌹🦁
26. රහස් ගිණුමක් 🐰🦁🧐
27.පුරුදු සුවඳක්...🦁🌹🐰
28. ඒ මගේ බනී... 🦁❤️🐰
29. බැඳීමක රහසක්.. 🐰🦁🌹
30. මං ඔයාට ඉන්නවනේ..🦁🐰🌹
31. ලෝබ හිතෙන ආදරයක්🦁🌹🐰
32. මිතුරු හමුව. 🦁🐰❤️
33. හදිසි අනතුරු.. 🦁😉🐰
34. ඔබේ සිනා ළඟ... 🐰🦁❤️
35. කතාකරන කඳුළු බින්දු 🦁🐰😢
36. හදවතේ සිත්තම.. 🦁❤️🐰
37. පුදුම හතෙන් එකක්..🦁🌹🐰
38. හාවො හරි රසයිලු 🦁💝🐰
39. හරිද සාංකාව.. 🐰🌹🦁
40. සිහිනය සොයා.. 🦁🌹🐰
41. ආදරේ නාමෙන්... 🐰🌹🦁
❤️Happy Birthday Bunny❤️
42 ආදරණීය සිනාව.. 🦁🌹🐰
43. උපන්දින සාදය... 🐰🎉🦁
44. නුඹ නැතිව නුඹ එක්ක.. 🐰🦁
45. ඉක්මනට එන්නකෝ... 🐰❤️🦁
46. නුඹේ ළඟින්... 🐰🦁
47. පපුව පිරෙන සුවඳ පොදක්.🐰🦁❤️
48. සමාන්තර ලෝක අතර ❤️🌹💚
A/N
49. රන්ඩු වෙවී... යාලු වෙවී...🥰
50. දෛවයේ හමුවීම... 🔴🥰🦁🐰
🌹 A/N 🌹
52. මතක වර්ශා... 🦁🌹🐰
53. රතු රෝස මල් සුවඳ...🌹🥰
54. කතාකරන රෝස මල්.. 🌹🥰
55. ඉලක්කය සොයා...🥺🧨
56. වංකගිරිය Part 1🥀🐰🦁
57. වංකගිරිය Part 2 🌹🐰🦁
58.ආදරණීය තිලිණයක්..🥰🎁🦁🐰
59. ශැන්හයි අහසට... 🌹🐰🦁
60. සතුටු කඳුළක්...🐰🥰🦁
61. එකම හදකට බැඳුණු හදවත් ❤️
62. රහසක් නොවන රහසක් 😍🤭
63. බිල්ලෙක් සමඟ මොහොතක් 🤭❤️💚
64. හරස්පද ප්‍රෙහෙළිකාව 🥰🌹💚❤️
65. වැරදුන කුරුමානම.. 😜❤️💚
66. ඇරියස්... 🥰❤️💚
67. මිතුරු තොමෝ.. (බෝනස්)🥰
68. නොසිතූ දෙයක්... 🌹❤️💚
69. පුංචි සුරංගනාවී...❤️🧚🏻‍♀️💚
70. සිහිනයක් මෙන්..🥰❤️💚
71. මගේ ලොවට ආදරෙන්..😍❤️💚
72. ප්‍රසිද්ධ රහසක්...🐰🦁
73. යං Never Land.🦁❤️🐰

51. හීනයක්ද මේ... ❤️🌹🥰💚

305 120 54
my_zazin tarafından

🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️

     චමත්කාරජනක මල් යායක් මැද තියෙන තරමක ලස්සන පැරණි නිවස දැක්කම කාටද කට ඇරෙන්නෙ නැත්තේ... කොල්ලා හෙමින් හෙමින් ඒ හැම තැනම තම දෑසට තියා අල්ලගන්න උත්සාහ කළා. යායටම තියෙන රෝස මල් යායත් ඒ එක්කම තියෙන ලිලී මල් යායත්.. උස පයින්ස් ගස් දෙක තුනත් ඒ අතරම තියෙන පුංචි ලස්සන බෙන්ච් එකත් ඊබෝ දැක්කේ පුරුදු සිහිනෙක රූප පෙළක් වගේ තිබුණා.. ඒ දිහාම බලාගෙන ඊබෝ ශාන්වත් පහු කරගෙනම ඉදිරියට ගියා.

ඉදිරියටම ගිය ඊබෝ නැවතුනේ ටිකක් බෑවුමත් එක්කම තිබුන ලස්සන මල් වැටක් ළඟ. මල් වැට අල්ලගෙනම ඒ කඳු යායම දිහාත් කඳු මත දැවටෙන මීදුම දිහාත් බලාගෙන ඔහු ලොකු හුස්මක් ගත්තේ ඒ පරිසරයේ තිබූ සුන්දරත්වය එක හුස්මටම හදවතේ නතර කරගන්නට වගේයි... ඒ දැනෙන සැහැල්ලුවත් එක්කම මේ දැනෙන හුරු පුරුදු හැඟීම වචනෙන් කියන්න බැරි තරම් ආදරණීය නිසාම ඊබෝ එතැනම ඉඳන් වටේටම කැරකුනා...

තරමක පැරණි සාම්ප්‍රදායික නිවසත් මේ මල් යායත් ඊබෝට හුස්ම තරම් හුරු බවක් එක් කළා... තට්ට තනියම හැම තැනම මතක ඇහිඳින්නට පටන් ගත්තත් ඊබෝ වටපිට බලද්දි ශාන්වත් බින්වත් යුවාන්වත් පේන්න හිටියේ නෑ... ඒත් ඊබෝ එතැනම ඉඳගෙන තනියම ම ඒ ලස්සන මොහොතක් විඳගත්තා... හමන සීතල සුළගත් මේ මතකයට එන මතක පෙළත් ඊබෝගේ ගතත් සිතත් හිරිවැට්ටුවේ ආදරණීය හැඟුම් වරුසාවක්ම හිත ඇතුලේ තෙමා වැටෙද්දියි...

'මට මේ හැම තැනක්ම හරිම පුරුදුයි... හරියට මේ හැම දේම මං කලින් දැකලා තියෙනවා වගේ... අර ගෙදර... අර මල් යාය.. මේ මල් වැට.... මේ ගස් කොලන්... අර පාර... මේ ඔක්කොම මං දැකපු හීනයක්ද... මට මේ සුවඳ හරි පුරුදුයි...'

'බනී... ඔයා කොහේද... අනේ මට පිස්සු වගේ මේවා දැක්කම... මට හරි බයයි මං ඉන්නේ මේ හීනෙකද...'

ඊබෝ තනියම හිතමින් මුහුණ වසාගත්තේ මේ හැම දේම පියාගෙනත ඉන්න දෑස් තුළත් එහෙ මෙහෙ දැවටෙද්දියි... ඒ හැම තැනකම ඊබෝ දැක්කා එයා පුරුදු ලෝකෙක තනිවෙලා ඉන්නවා වගෙයි... නමුත් තවත් ටිකක් ඒ හිතපුරාම බලද්දි තවත් කෙනෙක් ඊබෝගෙ හිත ළඟින්ම ඉන්න බව ඔහුට දැනුනා... ඒත් ඒ කව්ද කියන්න මූන නොපෙනුනත් මතක් වෙන්නේම එයාගේ පුංචි අයියා බබාවයි...

"මගෙ මැණික... සීතලයි ඔයාට... ඇඳගන්න..."

මෙතෙක් වෙලා පෙනෙන්නට නොසිටි ශාන් එක්වරම ශාන්ම තෑගි කරපු ජර්සිය අරන් ඇවිත් ඊබෝගේ කරට දාලා ඊබෝව පිටුපසින් ආදරෙන් තුරුල් කරගත්තා... තුරුල් කරගෙන නලල සිපගත්තා....

ඊබෝ ඒ දෑතින්ම අල්ලගෙන කඳු යාය දිහා බලා දෑස් පියාගෙනම පපුවට හේත්තු වුනේ හිත පිරෙන්න ගත් හුස්මක් එක්කමයි... ශාන්ගේ පුරුදු සුවඳත් පපුව පුරාම පිරෙන බව ඊබෝට දැනුනා...

"බනී..... අපි මේ කොහෙද බනී...?"

"ඔයා හිතන්නේ කොහොමද....?"

"පුරුදු හීනෙක ඉන්නව වගේ හිතෙන්නේ... ඇත්තටම අපි මේ කොහෙද බනී ඉන්නෙ...?"

"මේ තමයි මගෙ මැණික... ඔයාගේ හා පැටියා ඉපදුන පුංචි මාලිගාව......"

"මගෙ බනි...ඇත්තටම... අපි ඔයාගෙ ගෙදරද මේ...."

ඊබෝ එහෙම්මම හැරීලා ශාන්ගේ ලස්සන මූණ දෝතටම අරගත්තා.. ශාන් දෑසින් කතාකළා... ශාන්ගේ දිළිසෙන ඇස් දෙක දිහා එයා ගොඩාක් වෙලා බලන් හිටියා..

ඊබෝ ශාන්ගේ දෙතොල් ළඟම දෙතොල් තියලා කතා කළා...

"මං ආදරෙයි මගෙ බනී... ඔයා එහෙනම් මාව එක්කන් ආවා...ම්ම්ම්!!!"

ඒ දෙතොල් මදක් ලිහී ගියේ ආදරේ පිරුණු සීතලේ උණුසුම තැවරුණ දිගු හාදුවක් අග්හිස්සෙනි...

"මගෙ මැණික ආස මොනාද... මං ඒක කරනවා...."

"ඕන දෙයක්....?"

"හ්ම්ම්ම්..... ඕන දෙයක්... මගෙ පණ ඉල්ලුවොත් ඒකත් මේ හිනාව වෙනුවෙන් දෙනවා..."

ශාන් ඊබෝගේ සිනාසෙන දෙතොල් පුරාම අතැඟිලි ගෙනගියා... තවත් උණුසුම් හාදුවක අවසානේ ශාන් ඊබෝව ආදරෙන් වැළඳගෙන කඳු යාය දිහා බලන් සිනාසුනා.

"මට මෙච්චර ආදරේ වෙන්නෙපා බනී... මට ලෝබයි..."

"ඇයි ලෝබ...ම්ම්ම්...."

ශාන් ඊබෝගේ ගෙල පාමුල මුහුණ හංග ගනිද්දි ඊබෝ ශාන්ගේ නිකට සොයාගෙන සිපගත්තා. ඊබෝ හිටියේ මදක් බෑවුම් පැත්තෙ නිසා ශාන්ගේ පපුව පුරාම මුහුණ තවරන්න ඔහුට තවත් පුළුවන් වුනා... ශාන් මේ හැමදේම විඳගත්තේ ආදරණීය හිනාවක් එක්කයි...

"අනේ මංදා බනී මැණික.. මට ඔයාව ගිලින්න හිතෙනවා..."

"එච්චරටම...."

"හ්ම්ම්... ඒ තරම් බඩගිනියි... මට.... හාවෙක් ගිලින්න තරම් බඩගිනියි මට..."

"අම්මෝ බය හිතෙනවනෙ මැණික...එහෙනම් ඊට කළින් බත් ජුන්ඩක් ගිලිමු නේද... යං...."

"මට බෑ.... තව චුට්ටක් ඉම්මු...."

"ම්ම්ම්ම්ම්..."

ඊබෝ එහෙම්ම සීතල සුලං මැද ශාන්ට ගුලි වුනා... හරියට බැලුවොත් ඊබෝ තමයි දැන් ශාන්ගේ චූටි හා පැටියා... ශාන් සිනාසෙමින් පිට පුරාමත් හිස පුරාමත් දෑතම ගෙන ගියේ මේ ආදරණීය කොලු පැටියව ගුලි කරගන්න මේ දෑත මදි කියා සිතමිනි... ශාන් ආයෙත් ගුලි වෙලා ඉන්න කොලු පැටියව හාදු වලින් තැලුවා...

"බෝ දී... මං නෙමෙයි ඔයයි දැන් හා පැටියා මැණික... , මගෙ චූටි හා පැටියා....."

ශාන් ඊබෝව තව තවත් පපුවට ගුලිකරගෙන ඊබෝගේ ගෙල පුරාම හාදු තිව්වා.. ඊබෝ හුරතල් හිනාව ශාන් තවත් සිපගනිමින් අහන් හිටියා...

"ශන්ගා.... මේක කලින් වෙලා තියෙනවද ම්ම්ම්...? මෙහෙම්මම ඔයා මාව ගුලි කරන් ඉඳලා තියෙනවද ම්ම්ම්ම්...?"

"බෝ දී.... සමහරවිට ඔව් වෙන්නැති..."

"වෙන්නැති නෙමෙයි බනී... ඔව්.... ඔයා මාව චූටි කලේ මෙහෙම තුරුල් කරන් ඉන්න ඇති... මගෙ සුරංගනා අයියා බබා...මගේ පීටර් පෑන්... ඔයා වෙන්නැති... "

ශාන් තවත් පපුවටම මේ හුරුතල් කොලු පැටියව හිර කරගත්තේ ආදරෙන් සිනාසෙමිනි...

"ශන්ගා... මට මේ හැම තැනම හරි පුරුදුයි... හරියට මගෙ ගෙදර වගේ පුරුදුයි... මේ මල් මේ ගෙදර මේ හුලඟ... මේ කඳු... මේ හැම දේම මට හරි පුරුදුයි... අනේ ඒ ඇයි කියන්න ශන්ගා.... ඔයා මගේ පීටර් පෑන්ද ශන්ගා..."

ශාන් සිනාසුනා.... ශාන් හිතුවේ පුංචි කාලේ එයත් ගොඩක් ආස කරපු සුරංගනා කතාවෙ ඉන්න පීටර් පෑන් අයියා ගැනයි... ශාන්ට යන්තම් හිතේ කොනක ඒ ගැන මතකයක් තිබුනත් ඒ ශාන් ආසම කරපු සුරංගනා කතාව නිසා ශාන්ට හැම දේම පැටලිලා තිබුන බව ශාන්වත් දැනගෙන හිටියේ නෑ... ඒත් මේ හුරතල් කතාව ශාන් ආසාවෙන් අහන් හිටියා...

"ඔව් මගෙ මැණික..... මං ඔයාගෙ පීටර් පෑන් තමයි... මේ තමයි මං ඉන්න නෙවර් ලෑන්ඩ් එක... ඔයා තමයි මාත් එක්ක ආව පුංචි කොලු පැටියා... දැන් මේ තමයි ඔයාගෙයි මගෙයි පුංචි සුරංගනා ලෝකේ...."

ශාන් ඒ වචන ටික කියද්දි ඊබෝ ඉකි ගහමින් අඬන්න ගත්තේ ශාන්වත් පුදුම කරමිනි. ඒත් ඒ හැම ඉකියක් අවසානෙම තම ගෙල පාමුලට ලැබුණ හාදු එක්ක ම ශාන් ඒ ආදරේ පපුවටම හිර කරගත්තා...

"අනේ.... මට පිස්සු වගේ ශන්ගා... ඒ ඇත්තටම ඔයාද...?"

"අනේ මැණික.... අඬන්නෙපා... අඬන්නැතුව කියන්න... මට ඇහෙන්නෑනේ මැණික ම්ම්ම්... අඬන්නැතුව කියන්න...."

"ශන්ගා.... මගෙ බනී... මේ හැමදේම හුරුයි.... හරියට මං හිටියේ ඔයාගෙ ළඟ වගේ.... චූටි කාලේ ඉඳන්...."

"නෑ මැණික.... චූටි කාලේ ඉඳන් නෙමෙයි.... ඔයා මගේ ළඟ ඉන්නේ ආත්ම ගානක ඉඳන්.. ඉතින් ඔයාට හුරු නොවී කොහොමද මැණික...."

ඊබෝගේ හැම වචනයක් ගානේ ශාන්ටත් ඊබෝව හුරු උනත් ඒ ඇයි කියන්න හරියට නොදන්න නිසා ශාන් හරි පරිස්සමෙන් කතාකළා.... ශාන්ට වැඩිය කල්පනා කරන වාරයක් ගානේ හිස කැරකෙන නිසා ශාන් සන්සුන්ව උත්තර දුන්නා...

"මගෙ රත්තරන් බෝ පැටියෝ..... මේ...ඔයා වෙවුලනවා සීතලට... යමු මැණික.... "

ශාන් ඊබෝව එක්කරන් යන්න උත්සාහ කළත් ශාන්ගෙ පපුව බදාගෙනම ඊබෝ හුස්ම සෙව්වා.

"ඔයා ළඟ සීතල නෑ බනී.... මට මෙහෙම ඉන්න දෙන්න...."

ශාන් ඒ හිස සිඹිමින් තව තවත් උණුසුම දුන්නේ පුංචි බෝනික්කෙක් පපුවට ගුලි කරන් ඉන්නවා වගෙයි... වයසින් බැලුවත් හැඩරුවෙන් බැලුවත් මේ වෙද්දි ඊබෝ ශාන්ට වඩා චුට්ටක් පුංචි නිසා ශාන්ගෙ අත් දෙක අතරේ එයා හිරවෙලා හිටියේ පුංචි සුරංගනා පැටියෙක් වගෙයි...

"ශන්ගා.... මොන දේ උනත් ඔයා මගේ විතරයි නේද ශන්ගා...."

"ඔව් මැණික.. ඔව්... මගෙ සම්බෝලේ...ඔයාට විශ්වාස නැද්ද... ම්ම්ම්......"

"නෑ... විශ්වාස නෑ.... ඔප්පු කරන්න...."

'මගෙ කොල්ලට මක් වෙලාද මේ...' ශාන් හිතුවේ හිනාවෙන්ම ය..

"කොහොමද මැණික... ඔයා කියන ඕන දෙයක් කරන්නම්...."

"ශුවර්...?"

"හ්ම්ම්ම්.... ශුවර්...."

ශාන් ඊබෝට පුංචි අවස්ථාවක් දුන්නා...
ඊබෝ එහෙම්මම ඉඳගෙන ශාන්ගේ පපුවේ සියුම් තැනක් දෙතොලින් සොයලා යාන්තමින් හැපුවා... ශාන්ගෙ සිහින් කෙඳිරි‍යත් එක්කම ඊබෝ ඒ පපුවෙම මූණ ඔබන් ලස්සනට හිනාවුනා....

"බනී...යං ඒනම්...."

ඊබෝ නිකට පපුවට තියලා ශාන්ගේ දිහා බැලුවේ මනමාල බැල්මකින් මුහුණ පුරවාගෙනයි.... ශාන් ඒ එක කම්මුලකට ඇඟිල්ලෙන් ඇනලා අනෙක් කම්මුල මදක් නැවී ලෝබකමින් සිපගත්තා...

"යං... " ශාන් රහසින් කිව්වා..

ඒ එන මග යායට තිබුණ රෝස පඳුරෙන් අතක් විතර ලොකු රතු රෝස මලක් කඩලා ශාන් ඊබෝගේ අත් දෙකම එකතු කරලා දුන්නා... ආයෙත් ඒ කරවටා අතත් දාන් ගේ දිහාවට දෙන්නම හෙමින් හෙමින් ඇවිදගෙන යද්දි ඊබෝ නතර වුනා....

"හ්ම්ම්.... හරි.... දැන් මේ මලත් එක්කම ඔයා මේ මලත් අතට ගන්න... ඊළඟට... මගේ අතේ එල්ලෙන්න... දැන් ඔයා තමයි මගෙ මනමාලි... හරී...."

අසල තිබුණ තවත් රතු රෝස මලක් කඩලා අරන් එකට තියලා ශාන්ගේ අතට දීලා ඊබෝ කිව්වේ ශාන්ගේ දෙතොල් වලට හාදුවකුත් තවරලායි... මිල කරන්න බැරි සතුටක් එක්ක සිනා වුන ශාන් ආවේ ඊබෝ දිහාම බලාගෙනමයි....

'කවදකහරි මං මෙහෙමම ඔයා ළඟින් යන්නම් බෝදී...' ශාන් සතුටින් සිතුවා... ශාන්ගේ මූණ රෝස මලක් වගේ පාට වැටිලා තිබුනා.

මද වෙලාවකින්... ඊබෝ ශාන් එක්කම ගේ ඇතුළට ඇතුල් වුනා... නමුත් ඊබෝ ගෙයි ඇතුළට ආව ගමන් නතර වෙලා කටත් ඇරගෙන බලන් හිටියේ පුදුමෙන්... ලස්සන බැලුම් බෝල ගොඩක් මැද්දේ හරි ලස්සනට මල් වලින්ම සරසලා කට්ටියම තැනින් තැන හිනා වෙවී බලන් හිටියා...

"HAPPY BIRTHDAY TO YOU...
HAPPY BIRTHDAY TO YOU...
HAPPY BIRTHDAY MY BO BO...
HAPPY BIRTHDAY TO YOU..."

ශාන්ගේ කටහඬින්ම බීජිං වලදි රෙකෝඩ් කරනලද පුංචි ගීතයක් නොනවත්වාම වාදනය වෙද්දි ඒ එක්කම ඊබෝ ඉස්සරහින් තරමක ලොකු ලස්සන කේක් එකක ඉටිපන්දම් දැල්වෙමින් තිබුනා... ඊබෝ ශාන් දිහා බලනවාත් එක්කම.. එක්වරම ඊබෝ පාට පාට මල් වැස්සකට යට වුනා... ඊබෝ දෑතටම ඒ මල් එකතු කරන් ශාන්ගේ ඔලුවටම ඒවා ආයෙත් හලලා සිනාසුනා... ඒත් ඊබෝගේ ඇස් දෙකටම සතුටු කඳුළු පිරිලා තිබුනේ ශාන්ව තව තවත් සිනාගස්සමිනි. ඊබෝට මේ හැම දේම ලෝකයක් තරම් වුනා...

"බනී..... ඔයා.... දෙයියනේ... කොහොමද මෙහෙම...."

කවදත් උපන්දින උත්සව නොගත්ත ඊබෝව මේ සැමරුම නම් පුදුමෙන් පුදුම කරලා තිබුනා... ඊබෝ නැවතත් ළඟම ඉන්න ශාන්ගේ ඇඟේ එල්ලුනේ වටේම ඉන්න හැමෝම අමතක කරලයි...... බින් යුවාන් වගෙම ශාන්ගේ ගේ බලාගන්න අංකල් ඇන්ටිත්.. එයාගේ පුංචි දෝණිත් අත්පොඩි ගසමින් බලන් හිටියේ එයාලගෙ උත්සාහය සාර්ථක වීමේ සතුටත් එක්කයි...

"තැන්ක් යූ... රත්තරන්.... තැන්කූ තැන්කූ සෝ මච්... ඔයාට මතක තිබිලා... මටවත් මතක තිබුනෙ නෑ ඔයා ළඟ නිසා.... මාර Surprise එක ඒක... අම්මිවත් මට කතාකරේ නෑ... ඔයාට මාව මතක් උනා ..."

ශාන්ව බදාගෙන කියවද්දි... ශාන් ඊබෝගේ කම්මුල් දෙකම දෝතට අරගෙන ඒ නලලත සිපගත්තා... ඒ එක්කම ඊබෝගේ හිසේ පැටලිලා තිබුණ මල් පෙත්තක් ඉවත් කරමින් උරහිසේ තිබුණ පුංචි රෝස මලක් ඊබෝගේ ඔලුව උඩින්ම තිව්වා... ඊබෝ සිනාසුනා... එයාගෙ කම්මුල් තිබුනේ චෙරි වගේ රතු වෙලා...

"මං කිව්වනේ.... ඔයා වෙනුවෙන්... මගේ බෝ පැටියා වෙනුවෙන්... මං ඕන දෙයක් කරනවා... Many Many Happy returns of the day My lovely.... Yibo Bo Bo...ම්ම්ම්ම්... ආදරෙයි පණටත් වඩා මගෙ මැණිකට...."

ශාන් ඊබෝගේ නලල මතත් දෙතොල් මතත් සිනිදුවට හදු දෙකක්ම තැබුවා...

"හා හරි...හරී.... ශන්ගගෙ බෝ බෝ.... එන්න අපි කේක් කපමූ... එන්න එන්න...බඩගිනි අප්පා..."

යුවාන් කෑගැහුවේ දෑස් අතර මොහොතක් අතරමං වෙලා ඉන්න කොල්ලො දෙන්නව ගැස්සෙද්දියි... ඊබෝට මේ හැම දේම හරියට සුරංගනා කතාවක් කොටසක් වගේ නිසා කොල්ලගෙ මූණ සතුටින් හිනාවෙන් පිරිලා තිබුනා...

ශාන් ඊබෝවත් ඉස්සර කරගෙන ගිහින් කේක් එක ළඟ වාඩිවුනා... යුවාන් පැන පැන දෙන්නගෙ Photo ගන්නේ හිනා පුරවගෙනයි... ඊබෝ නොසිතූ වෙලාවක ලැබුන Surprise එක ඊබෝව ලොකු සතුටක් මැද අතරමං කරලා තිබුනා...

හැමෝගෙම සුභ පැතුම් මැද පළවෙනි කේක් කෑල්ල ශාන්ට කවලා ඒ කේක් කටටම හාදුවකුත් දුන්නා... අනතුරුව ශාන් ඊබෝට ඒ කේක් කෑල්ලෙන්ම කවලා ඒකේ අයිසින් ටිකක් ඊබෝ ගේ නාසය උඩ ගෑවේ සියල්ලෝම සිනා ගස්සමිනි.... ඊබෝ ඒ ටික ශාන්ගේ කම්මුලේම තවරලා පස්සට පැන්නා... මේ හැම දේම බින්ගේ වීඩියෝවේ සටහන් වුනා...

ඊළඟට දෙවෙනි කේක් කෑල්ල යුවාන්ටත් කවලා කට ඇරන් බලන් ඉන්න බින්ගෙ කටටත් ලොකු කේක් කෑල්ලක් එබුවේ 'කාපන් අයියෙ කාපන්...' කියලයි...

තවත් පුංචි කේක් කෑල්ලක් ගේ බලාගන්න අංකල්ගෙ පුංචි දුවටත් කවලා එයාගෙ පුංචි කොන්ඩ කරලෙන් ඇද්දේ බට්ටිවත් මතක් කරමිනුයි..... චූටි කෙල්ල හිනා වෙවී ඊබෝට ආචාර කළා...

'බට්ටිට මාව අමතක වෙලා... හුම්ම්.. අම්මිත් නෑ....' එතකොටම ඊබෝගේ දුරකතනය නාද වුනා...

ශාන් කේක් කපලා මේසෙට තියද්දි ඊබෝ වීඩියෝ ඇමැතුම හා සම්බන්ධ වුනේ සිනාසෙමිනි... හරියට සිග්නල් නැතත් ඊබෝ අමාරුවෙන් ඒ හා සම්බන්ධ වුනා...

"චූටි අයියා... HAppy Birthday.... චූටි පුතා Happy Birthday...."

"Thank You අම්මී... Thank You බට්ටි.... මාව අමතක උනානේ..."

"නෑ නෑ....ඔයාගෙ යාලුවා කියනකන් හිටියේ... කෝ පෙන්නන්න පාර්ටි එක..."

ඊබෝ සැරසිලි කේක් ඔක්කොම පෙන්නුවා...

"මං Photo එවන්නම්ම්.... කොහොමද පාර්ටිය ගැන දන්නේ...."

"ඔයාගේ ශූයන් තමයි කිව්වෙ... අපි ඉතින් ටිකක් හිටියා..."

"එතකොට මේක කාගෙත් plan එකක්..."

"ඔව්.. ඔව්... හෙලෝ... හෙලෝ..."

"හෙලෝ අම්මී... ඇහෙන්නැද්ද.... ඉන්න මං නෝමල් කෝල් එකක් ගන්නම්..."

ඊබෝ ඇමතුම විසන්ධි කළා...

"හෙලෝ අම්මී...."

"චූටි පුතා ... ඇහෙන්නැතුව ගියා..."

"ඔව්... ටිකක් සිග්නල් මදි... අපි මේ ඉන්නේ කන්දක් උඩට වෙන්න..."

"ඒක තමයී.... ලස්සනයි නේද..."

"හ්ම්ම්... මාර ලස්සනයි... ඉතින් කියන්න කෝමද මේම කළේ... "

"අහන්නකෝ යාලුවගෙන්... තාත්ති රෑට කතාකරයි මැණික.... මං කිව්වා රෑට ගන්න කියලා..."

"ආපෝ අම්මී ඔයාලා ඔක්කොම සෙට් වෙලා... මං විතරක් දන්නෑ..."

"ඒම තමයි... හරි පැටියෝ.... පරිස්සමෙන් එන්න... අයියාත් කතාකරයි ඔයාට..."

ඊබෝ ඇමතුම අවසන් කරද්දිම ශාන් ඊබෝව පිටුපසින් තුරුල් කරගත්තා...

"කමු මැණික...."

"කමු තමයී... ඉන්නවා අල්ලගන්න..."

"අහුවෙයි අහුවෙයි බලන් ඉන්න..."

"ඇත්තට...."

"හ්ම්ම්ම්...දැන් කන්න... ෂූයී ආන්ටි ‍රස කෑමක් හදලා..."

යාන්ලීගෙත්, ශාන්ගේ මවගෙත් පසුව අයියා ශිචෙන්ගෙත් සුභ පැතුම් සමඟ නිමා වුන ඇමතුම්වලින් පසුව ශාන් ඊබෝ වගෙම බින් යුවාන්ද ඉක්මනින්ම කෑම මේසයට වාඩි වුනේ සිනා පිරි කතාබහක්ද ආරම්භ කර ගනිමිනි...

"ෂූයී ආන්ටි.. චූටි නංගීවටත් මේසෙට එවන්න... කුස්සියේ ඇයී එයා..."

ශාන් චූටි කෙල්ලවත් එයාගෙ එයා ළඟම පුටුවක වාඩි කරවගත්තා.. කෙල්ල මේසෙට උසත් නෑ... ඒත් ශාන් එයාටත් එක්ක කෑම බෙදුවා... ඊබෝත් මේ හැම දේම බලන් හිටියේ හරිම ආසාවෙන්... ශාන්ගේ මේ හැම වැඩක්ම ඊබෝ හරි ආසාවෙන් රස වින්දා....

"කෝ ඔයාගෙ සුදු අක්කා පොඩ්ඩ... ටිකිරි ලියා ලිඳට ගිහින්ද......"

ඒකටනම් ඊබෝ බැලුවේ ඇස් කරකවලා... ශාන් ඒක කිව්වෙ කොහොමත් ඊබෝව ටිකක් අවුස්සන්නත් එක්කයි... පස්සෙ ශාන් ඒකටත් එක්ක හිනා වුනා...

"අක්කි කඩේට දවල් කෑම ටික දාන්න ගියා සුදු අයියා... දැන් එයි..."

"හ්ම්ම්ම්... ඇයි එයා තනියම ගියේ ආ.... හරි මං බලාගන්නම්කෝ.... කෝ... කන්න කන්න.... ආයේ එහෙම කුස්සියට වෙලා කන්නෑ හොඳද... මේ ගෙයි ඕන තැනක ඉඳන් කන්න පුළුවන් හරිද... කියලා තියෙනෝනේ..."

චූටි කෙල්ල හිස වැනුවා... ඊබෝ මේ සියල්ල දිහා බලන් හිනා වුනත් කව්ද අක්ක කියලා තමයි ඊරිසියාවෙ පැලි පැලී උන්නේ...

"ශන්ගා.... කව්ද ඒ....?" ඊබෝ රහසින් ඇහුවේ මේසේ යටින් ශාන්ගේ කකුලත් කොනිත්තලයි....

ශාන් සිනාසෙමින් තවත් කෑම කටක් කටට දා ගත්තේ කියව කියව කෑම කන බින් යුවාන් දිහාත් බලමිනි...

"ඒ..ද...? ඒ...මගෙ ලොක්කි..." එසේ කියා ශාන් මොකුත් නොවුන ගානට බිම බලාගත්තා...

ඊබෝ කටත් ඇරගෙන බලන් ඉඳලා ආයෙත් කන්න ගත්තා... සියල්ලෝම කෑම වේල අවසන් කර මිදුලට බැස්සේ අතපයත් දිගාදිමිනි...

ගේ බලාගන්න ෂූයී ආන්ටිගේ අතින් උයලා තිබුන රසම රස කෑම වේලත් එක්කම උස්සගන්න බැරි වුන බඩත් අල්ලන් ඊබෝ ශාන්ගේ අතේ එල්ලුනේ ඈතින් පේන බෙන්ච් එකට යන අතරෙයි...

"ශානෝ... මං ගෙදර ටිකක් යනවා..."
බින් යුවාන්ගෙ කරට අත දාගෙන කතාකළේ ශාන්ට ඇසක් ඉඟි කරමිනි...

"හා හා.... කොල්ලා බලාගනින්.... අද එනවනේ...."

"හිතුනොත් නෑ.... අවුලක් නෑනේ.... හූවයි බල්ටියයිනේ.... ඕනනම් කතාකරපන්..."

"හරි හරි... පරිස්සමෙන්... ආන්ටිව මතක්කරා කියපන්...."

ශාන් සද්දෙන් කීවේ බින් යුවාන් සමඟ බෑග් දෙකත් අරගෙන පාරට බහිද්දියි.

"බින් මේ කිට්ටුවද...."

"හ්ම්ම්... කිව්වත් වගේ හූවයි බල්ටියයි.."

"එතකොට මේ අංකලුයි ආන්ටියි..."

"ආ එයාලා අපේ ගෙදර බලාගන්නෙ හුඟ කාලෙක ඉඳන් මැණික... ඒ අංකල්ගේ කකුල කැපුව දවසෙ ඉඳන් අපෙ තාත්තා එයාලා මෙහේ නැවැත්තුවා... එයාලා ඉන්නෙ අන්න අර පේන පුංචි ගෙදර... අපි නැති දවසට අපේ ගෙදර ඉන්නවා..."

"පව් නේද..."

"හ්ම්ම්.... පව් තමයි මැණික... එයාලා ලඟ කඩේකට කෑම දානවා... තව මේ ඉඩමෙ වැවෙන මල් ළඟ කඩේකට විකුනනවා... අපේ තාත්තත් මල් බිස්නස් කරේ... එයාලත් අපි වගේ අමාරුවෙන් ජීවත් වෙන්නේ බෝදී..."

"ඒමද...."

"හ්ම්ම්.... මේ පලාත්වල මිනිස්සු හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ... ඔයා තව දැක්කොත් දුක හිතෙයි මැණික....."

"මේ ගේ ලස්සනයි... හරිම නිදහස් වගේ... තාත්තද හැදුවෙව්..."

"නෑ මේ අපේම නෙමෙයි... අපෙ සීයා පපාගේ.... තාත්තගෙ මහගේ...."

"සීයා එතකොට...? නැති වෙලාද....?"

"මං හිතන්නෙ දැන් නැති වෙලා... තාත්තා හිතුවක්කාරෙට අම්මව බැඳලා තියෙන්නේ... ඊට පස්සෙ හිත නරක් වෙලා සීයා මේ ගෙවල් දාලා බීජිං ගියා කියල තමයි තාත්තා කියන්නේ... සීයා හරි එක විදියක්ලූ... තාත්තා ගැන බලලාවත් නෑ..."

"අම්මො එහෙමද... ඔයා වගේ නේද...?"

"ඔව් ඔව්... ඉතින් .... මං එක විදියක්නේ බෝදී නේ...."

"ඒකනේ.... ඒක නෙමෙයි... කෝ එතකොට ඔයාගෙ ලොක්කි ම්ම්ම්... ඇයි තාම නැත්තේ....?"

"ආ.... මෙයාට මොකද මෙච්චර හදිස්සි... ම්ම්ම්....?"

ශාන් ඇසුවේ අතින් ඇදලා ඊබෝව බෙන්ච් එකේ වාඩි කරගනිමිනි...

"නෑ ඉතින්... ඔච්චර කෝ කියලා අහන්න තරන් නංගි කව්ද කියලා මං මේ... බැලුවේ..."

"ඊ.... මගේ ජෙලස් මල්ල..."

"ඌයී නහය.... ජෙලස් නෑ මට හරී...."

"ආ ඒනම් කෙල්ල බලන්න ඕන වෙලා නේහ්....?"

"මොකද්ද ..... මොකද්ද..."

"ඌ....යි.... කොටිහපුවා..."

"හපුවා නෙමෙයි හැපුවා... ආයේ ඔහොම කිව්වොත් කන්නේ අත නෙමෙයි කට..."

"කන්නකෝ මේ... ම්ඌඌඌඌ.." ඊබෝ ශාන්ගේ උල් වෙච්ච තොල් දෙක හැපුවා.

"සුදු අයියා..... සුදු අයියා... කොහෙද ඔයා...."

"මං පහල චූටි නංගී... ඇයී..."

"අක්කා හොයනවා...."

"මං මෙහේ කියන්න... පරිස්සමෙන් එන්න කියන්න..."

ශාන් හයියෙන් කෑ ගහද්දි ඊබෝ ඊරිසියාවට ම ශාන්ගේ උරේ හැපුවා... දැන් එන්න එන්නම ශාන්ගේ හා පැටියා දන්න්ම නැතුව කොටි පැටියෙක් වෙලා...

"සුදු අයියා... ඔයා ගොඩක් වෙලාද ඇවිල්ලා...?"

ඊබෝ හැරිලා බැලුවේ ලස්සන කටහඬක් නිසා... ඒත් පස්සෙ බලන් හිටියේ පුදුමවෙලා... එයා හරිම ලස්සනයි... ලස්සන පුංචි ගවුමක් ඇඳගෙන හුරුතල් පාටයි... ඊබෝට බාලයි වගෙයි... ඒත්... එයාගේ ඇස්....

"ඔව්.. ලොක්කී...... මං ටිකක් වෙලා ඇවිත්... එන්න මෙහාට... පරිස්සමෙන් එන්න...."

ඊබෝ තවමත් බලන් ඉන්නවා... ඒත් ඒ ඇස් ඊබෝ දිහා නොබලම කතා කරනවා... ඊබෝ දැනගත්තා ඒ යන්තම් සුදු පාට ඇස් දෙක ශාන් දිහා බලන්නෙත් අමාරුවෙන් කියලා.

ශාන් ලොකු නංගිව අතින් අල්ලලා ළඟට අරන් දෙන්නා මැද්දෙන් වාඩි කරවගෙන ශාන් එයාගෙ සුදු සැරයටිය අතට ගත්තා... ඒත් ඊබෝට ඒ කිසි දෙයක් හරියට පෙනුනෙ නෑ.... ඊබෝගේ ඇස් වල කඳුළු පිරිලා.. ඊබෝ චූටි නංගිව ළඟින් වාඩි කරන් ශාන් එක්ක කතා කරන පුංචි කෙල්ල දිහා දුකෙන් බලන් හිටියා...

"කොහෙද ලොක්කි ගියේ... ඇයි ඔයා එහෙමෙහෙ යන්නේ....ම්ම්ම්...."

"වැඩි දුරකට නෙමී ගියේ... කිරා මාමයි කඩේට...

"ඒත් අම්මට යන්න තිබ්බනේ... මේ පාරත් ලිස්සනවනේ...."

"අනේ බය නෑ සුදු අයියෙ... ඊයේ රෑ අයියලා එනවා කිව්ව වෙලාවෙ ඉඳන් අම්මා වැඩ.... ඒ නිසා අම්මාට කඩේට කෑම දාන්න බැරි නිසා මං කෑම ටිකත් අරන් හෙමින් ගියා... මට පුරුදුයි සුදු අයියෙ...... "

"ඔයාලා ගොඩක් මහන්සි වෙලානේ... මං කිව්වේ කේක් එක ගෙන්නගන්න කියලා විතරයිනේ..."

"ඒම බෑනේ... කඩේ මාමා කේක් එක ගෙදට්ටම ගෙනැත් දුන්නා.... ගේ ලස්සනට තියෙන්න එපැයි... ඒකයි එහෙම කරේ... කෝ ඔයාගෙ Birthday යාලුවා..."

"තැන්ක්ස් ලොක්කී... මේ ඉන්නෙ.... මෙයා තමයි යාලුවා... යාලුව නම් නෙමෙයි... ඔයාගෙ අයියා... මගේ පණ..."

"සුදු අයියා... ඔය ඇත්තමද.... එතකොට මෙයාද ඔයාගෙ අරයා...ම්ම්... කිව්වෙත් නෑනේ..."

"දැන් ඉන්නේ මේ.... බලන්න.... ලස්සනද කියලා... මේ ඊබෝ... ඊබෝ මේ ටිකී... අපේ ටිකිරි ලියා...."

ටිකී ඊබෝ ළඟටම මූණ ළං කරලා හැන්දෑ එළිය අතරින් අමාරුවෙන් බැලුවා... ඒ මදි නිසා ටිකී මූණ අල්ලලත් බැලුවා... ඊබෝගේ තෙත කම්මුල් දිගේ යන ඇඟිලි තුඩු කෙල්ල ගුලි කරගත්තා...

"ඔයා ලස්සනයිනේ ඊබෝ... ඇයි ඉතින් මේ අඬන්නේ ආ.... ඇයි සුදු අයියා මේ.... ඔයා බැන්නද...?"

"අනේ නෑ ලොකු නංගී... එයා කෝමත් අඬන බබෙක්නේ...?"

ඒකටනම් ඊබෝටත් කඳුළු අතරින් හිනා ගියා...

"අයියෝ... අඬන්නෙපා අයියා... ඔයා ලස්සනයිනේ... නේද චූටී..."

"ඒකනේ අක්කී...."

"අනේ... ඉතින් කියන්නකෝ... ඔයාල දෙන්නා අද යන්නෙ නෑනේ ම්ම්ම්..???"

"නෑ ලොක්කී.... අපි උදේන්ම වගේ යනවා... ලොක්කිට හෙට ඉස්කෝලේ නේද...?"

"ඔව්.... ඒත් මං ඉන්නද...?"

"අනේ.... අපි යනවනේ... අපරාදෙනේ... ඔයා ඩොක්ටර් හම්බෙන්න ගියාද ලොක්කී... මොකද වුනේ...?"

" ගියා සුදු අයියා... හැබැයි එයාලා කියන්නේ බෑ කියලා... ඊට පස්සෙ ආයේ යන්න බැරි වුනා මාස හයකින් විතර..."

" හරි බලමුකෝ... ඔයා ඉන්නකෝ... මං අම්මයි තාත්තායි එක්ක කතාකරන්නම් ... "

"තෑන්ක්ස් සුදු අයියා... ඔයාලා ඔහොම ඉන්න එහෙනම්... අපි යන්නම්... රෑ වෙනකන් මෙතන ඉන්නෙපා සත්තු ඇති..."

"ඉන්න.... මං එක්කන් යන්නම්... බෝදී... චූට්ටක් ඉන්න මැණික..."

"හා ශන්ගා..... බායී ලොකු නංගී... බායී චූටි..."

"බායී ඊබෝ අයියෙ..."

ශාන් ටිකීව අල්ලන් ගේ දිහාවට යද්දි ඊබෝ කඳුළු පුරවන් බෙන්ච් එකේ ඇන්දෙ එල්ලිලා බල හිටියේ දුකෙන්... කවදාවත් කෙල්ලෙක් ගැන අනුකම්පාක් නොදැනුන ඊබෝට ශාන් ආදරෙන් සලකන ඒ අහිංසක ඇස් නොපෙනෙන පුංචි කෙල්ල ගැන ලොකු දුකක් දැනුනා. එයා දුක් වුනේ එයා පොඩ්ඩක් හරි ඉරිසියා හිතුවටයි... ශාන් එද්දි ඊබෝ ඒ කඳුළු පිසදාගත්තා...

ශාන් ඊබෝව පහු කරන් ගිහින් උස්සගෙන ආව ලොකු දැලක් ගස් දෙකේ කොකුවල එල්ලුවා... ඊබෝ බලන් හිටියේ ශාන් කරන වැඩේ දිහායි...

"එන්න මැණික.... මේක ගලවලා අරන් තියලා තිබ්බේ... නැත්තම් දිරනවනේ.."

ශාන් ඇවිත් ඊබෝව අතින් අල්ලන් ගස් දෙක අතර දැළ ළඟට එක්කන් ගියා...

"ඔයා ඉස්සෙල්ලා දැලට නගිනවද නැත්නම් මං......"

"මං නගින්නම් බනී..."

ඊබෝ පැද්දෙන දැලට නැගලා ශාන්වත් තුරුලට ගත්තා... එතන ඉඳන් පහලවටපිට බලද්දි අඩි දහයක පමණ දුරින් තිබුන කඳු බෑවුමත් එක්කම කෙමෙන් කෙමෙන් ලංවෙන පෙර සැදෑ යාමටත් කඳු පෙළත් මීදුම් තීරයත් තමඟ සැබෑ ලස්සන සොඳුරු සිත්තමක් මවා තිබුණා.. ඊබෝ සිටියේ ශාන් වෙනුවෙන් ලස්සනට හිතේ පිරුණ ආදරණීය හැඟුම් කන්දක් හිතේ පුරවගෙනයි... පැද්දෙන දැල් ඔන්චිල්ලාවත් සීතල සුළගත් ශාන්ගේ උණුසුමත් නිසා ඊබෝගේ හදවත සන්සුන්ව ගැහෙන බව ශාන්ටද හොඳින් දැනුනා...

"බෝදී.... ඇයි ඇඬුවේ ඊරිසියා හිතුනද මැණික.. ම්ම්ම්...?"

ශාන් මදක් හැරිලා ඊබෝගේ මූණ බැලුවේත් ඊබෝ ශාන්ගේ නලල සිප ගත්තෙත් එකවිටයි...

" අනේ නෑ මගෙ බනී පැටියෝ.... ඔයාගෙ ලොක්කි පව් කියලා හිතුනා... එයාට මොනවා වෙලාද ම්ම්..?"

"පව් තමයි මැණික.... කෙල්ල පුංචි කාලේ එයාලගෙ ගේ ගිණි ගත්තා... එදා තමයි බිත්තියක් කඩන් වැටිලා අංකල්ගෙ කකුල කැඩුනේ... ලොක්කිගෙ පිටයි කොන්ඩෙයි පිච්චිලා ඇස් දෙක පේන්නැතුව ගිහිල්ලා... මං හිතන්නේ ඇස් වලට මොනාහරි ගිහින්...?"

"ඉතින් සනීප කරන්න බැරිද බනී..."

"මෙහෙන්නම් බෑ කියනවා... කෙල්ලට යන්තම් පේන නිසා එයා එයාගෙ වැඩ කරගන්නවා... සල්ලි ප්‍රශ්න නිසා හොඳ ඩොක්ටර් කෙනෙක් අල්ලන්න අමාරු වෙලා ඉන්නේ... මං බලන්න ඕන ඒක ගැන...."

"අපි නංගිව හොඳ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නමු... ඊළඟ පාර ශැන්හයි එක්ක යමු බනී... මට මගෙ නංගීව මතක්වෙන්නෙ මෙයාලා දැක්කම..."

" ඔව් මැණික.... ඒක කරන්නෝන... අපෙ අම්මවයි ලොක්කිවයි දෙන්නම ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්නොන.."

" අම්මට කතාකරාද..."

"ඔව්... අම්මා හෙට ඩිස්චාර්ජ් කරනවා... උදේ පාන්දරම යං හොඳද..."

" යං... ඒත් කොහොමද ඔයා පාර්ටි එක ඇරේන්ජ් කරේ..."

" මං පාර්ටි එක ඇරේන්ජ් කරේ පුංචිලයි ගෙදර... ඒත් ඔයා මෙහෙ එන්න ඕන කිව්වම රෑ මං අම්මට කතා කරලා කිව්වා ඔයා එන්න ආසයි කිව්ව කියලා... අම්ම තමයි කිව්වෙ ඔයාට පර්ටි එක මෙහේ දෙන්න කියලා... මල්ලිගෙ උපන්දිනෙත් අදම නිසා අම්ම කිව්ව ඔයාගෙ උපන්දිනෙත් මෙහේ ගන්න කියලා... ඉතින් මං බින්ට කිව්වා..."

"වාව්... ඒකනේ කපටිකම.... ඔයා දන්නවද... අද චෙන්ගෙත් උපන්දිනේ... රෑට පාර්ටි ඇති එහේනම්..."

"අපරාදේ ඔයාට පාර්ටි මිස් වෙනවනේ...."

"අනේ නෑ බනී.... මං පාර්ටි යන්නෙත් නෑ... අද වගේ දවසක පාර්ටි දාන්නෙත් නෑ..."

"ඇයි ඒ... එහෙනම් අද දැම්මේ..."

"ඒ ඉතින් මගෙ බනීගෙ Surprise Party එකනේ.... අද වගේ දවසක තමයි මැණික මගේ පීටර් පෑන් නැතිවුන දවස.... ඒත් අද මට සතුටුයි ගොඩාක්...."

" ඔයා පීටර් පෑන්ට එච්චර ආදරේද.. එතකොට මට....

"දෙන්නම.. ඔයානේ...."

" මං....??? ශා.... මං එතකොට ඔයාගෙ පීටර් පෑන්... එතකොට ඔයා තමයි නැතිවුන ළමයා..."

"ඔව්නේ... " ඊබෝ ශාන්ගේ හිස ගුලි කරන් නොනවත්වාම සිප ගත්තා.... ශාන් ඇස් පියාගෙන ගුලි වෙලා ඔන්චිල්ලාවේ පැද්දුනා...

ඔවුන් සතුටින් ඒ සැන්දෑ යාමයම හරිම සැහැල්ලුවෙන් ගෙවා දැමුවා... එන්න එන්නම කඳුකර පරිස්සරයම සීතලෙන් වැසී ගියත් ශාන් ඊබෝගේ උණුසුම ළඟ ගොඩක් වෙලා තුරුල් වෙලා උන්නා... ඊබෝත් ශානුත් හදවතින් හුරු මතක අතරේ ආදරණීය කතාබහ අවසන් කළේ උණුසුම් හාදු අහුරක්ම බෙදාහදාගෙනයි....

"බනී.... මට නම් තවත් බෑ ඉවසන් ඉන්න...."

"සීතලයි නේද මැණික...."

"නෑ... මාව පිච්චෙනවා...."

"අනේ.... මොකද්ද මං කරන්නේ...ම්ම්...."

"තව උම්මක් ඕන...."

"එකක් ඇතිද මැණික.....ම්ම්ම්??"

"මට දැන්නම් කෝටියකුත් මදි මැණික..."

නිවසට යන අතරෙදි තවත් වරක් ඒ මීදුම පිරි පරිසරයදි ඊබෝ ශාන්ව නතර කරගෙන ඒ සිනිදු දෙතොල් තදින් අල්ලාගත්තා...







🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️

ඔන්න ඉතින් දිග එපියක් දුන්නා....
කොහොමද ඉතින් අද ආ...?

ඔයාලට මොකද හිතෙන්නෙ...
ආසම කොටස මොකක්ද....
ලියන් යන්න වස්තුව.....

ආදරෙයි ඔයාලගෙ හැම වචනයකටම...
❤️🥰💚❤️

ලස්සන කොටසකින් ඉක්මනින් එන්නම්...🤗

මං ZaZiN

Click ⭐️
⬇️

Okumaya devam et

Bunları da Beğeneceksin

179K 2.3K 31
"You ain't leaving until you suck my cock Y/n." he said with deep voice holding her hair tightly... ~𝒔𝒆𝒙 𝒔𝒄𝒆𝒏𝒆𝒔 ~𝒔𝒎𝒖𝒕 𝒘𝒂𝒓𝒏𝒊𝒏𝒈 ~𝒆...
1.7M 55.7K 70
In which the reader from our universe gets added to the UA staff chat For reasons the humor will be the same in both dimensions Dark Humor- Read at...
1.1M 48.1K 94
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
303K 6.8K 35
"That better not be a sticky fingers poster." "And if it is ." "I think I'm the luckiest bloke at Hartley." Heartbreak High season 1-2 Spider x oc