Dedication 💙

2.1K 224 38
                                    

හිමි අහිමි නමින් එන අවසාන නොටිෆිකේශන් එක මේක වේවි......

මුලින්ම..... පුරා පරිච්ඡේද 65ක් තිස්සේම මාත් එක්ක රැඳුණ...... මාස තුනක් තිස්සේ මාව ආදරයෙන් ඉවසලා දරාගත්ත...... මගේ අඬු ලුහුඬුකම් ඉවසුව...... හැම වෙලේම මගේ හයියට හිටපු ආදරණීය පාඨකයින්ට මම මේ පොත Dedicate කරනවා......

ඔයාලා නැත්තම් මේ කතාව මේ තරම් දුරක් නො එන්න ඉඩ තිබුණා......

ඊළඟට..... මේ පොත cHerRy_MinShi_ ආදරණීය නංගිට......
ඔයා මාව දන්නේවත් නැතුව ඇති..... ඒත් මීට අවුරුද්දකට කලින් මම LGBTIQ+ මේ කමියුනිටි එක දිහා වපර ඇහෙන් බලපු කෙනෙක්......
ඒත් අහම්බෙන් මුණ ගැහුණු හොඳම යාලුවගේ මරණීය තර්ජන හින්දම මම සේපාලිකා කියෙව්වා.....

සේපාලිකා මගේ ජීවිතයේ ටර්නින් පොයින්ට් එකක් වුණා......
කොටින්ම කිව්වොත් Love Means Love කියලා මට ඉගැන්නුවේ සේපාලිකා  🥺❤️
ඉතින් මගේ පළවෙනි පොත ඔයාට Dedicate කරන්නේ හරිම ආදරයෙන්......

ඊළඟට මේ කතාව ලියවෙන්න නොතිබුණා BLAC_KBUNNY සහ -BaD-BuNnY- ඔය දෙන්නා නොහිටින්න......
ඔයාලා දෙන්නා නැත්තම් මේක නෝට් පෑඩ් එකේම හිර වෙන්න තිබුණ වචන ටිකක් වෙන්න තිබුණා....
ඉතින්.... I didcated this to both of You with my Love ❤️

මගේ Writing Buddy BLinkergurl ඒ වගේම ආදරණීය නංගි Bulbz_D ඔයාලා දෙන්නටත් I dedicate this Book.❤

මේක මගේ පළවෙනිම උත්සාහය කියන එක නිදහසට කරුණක් නෙවේ......

ඒත්..... පටන් ගත්ත තැනට වඩා අවසන් වෙද්දි මගේ රයිටින් ස්ටයිල් එක වෙනස් වුණ තැන් සෑහෙන්න ඇති......

ප්ලොට් හෝල්ස් නොසෑහෙන්න ඇති.....

සමහර වෙලාවට ලියැවුණු විකාර ගොඩවලුත් ඇති....

ඊළඟට ගේන කතාවෙදී මේ හැමදේම පුළුවන් උපරිමයෙන් හරි ගස්සගෙන හොඳම විදියේ දෙයක් දෙන්න බලාපොරොත්තු වෙනවා.......

කතාව ඇතුලේ යම් යම් ගැටළු සහගත තැන් තියෙනවා නම් මෙතන අහන්න..... හැම කමෙන්ට් එකකකටම උත්තර දෙන්නම්......

ආයෙමත් සැරයක්... මේ තරම් කාලයක් මාත් එක්ක හිටියට වගේම වෝට් එකකින් කමෙන්ට් එකකින් මාව ඉන්ස්පයර් කරපු වගේම නිහඬවම මාව කියවපු හැම කෙනෙක්ටම ගොඩක් ස්තූතියි වගේම ආදරෙයි ✨️❤️🥺

මම ඔයාලගේ Mandy

ප.ලි. හවස් වෙද්දි අනවශ්‍ය පල් හෑලි සියල්ලම අයින් කරනවා හාත 🤭

හිමි අහිමි 💙 Completed ✔Tahanan ng mga kuwento. Tumuklas ngayon