කතාවෙන් කතාවෙන් දෙහිවල නෝලිමිට් එක ළඟට ආව මහිත් වාහන අංගනයේ කාර් එක නතර කරලා සනුත්වත් ඉස්සර කරන් නෝලිමිට් එක ඇතුලට ගියා......
"මොනවගේ ගිෆ්ට් එකක්ද ගන්නේ සනූ....???"
"ම්ම්ම්.... අනේ මන්දා.... මං හිතන් ආවේ ශර්ට් එකක්.... ඔරලෝසුවක් වගේ දෙයක්... එහෙම කමක් නැද්ද..... මට තේරෙන්නෑ මොනවගේ දෙයක්ද දෙන්නෝනි කියලා....."
"ඉට්ස් ඕකේ සනූ.... ඔයා තෑග්ගක් දෙන්නේ.... තෑග්ග ලොකු වුණත් පොඩි වුණත් ඔයා ඒක දෙන හැඟීමයි වැදගත්......."
"එහෙනම් අපි ඔරලෝසුවක් බලමුද......"
ඔරලෝසු තිබුණු අංශයට ගියපු සනුත් එතැන තිබුණු ඔරලෝසු එකින් එක බලන්න වුණා.....
"නිකිත් අයියට මොන වගේ ෆ්ලේවර්ස්ද තියෙන්නේ..... අයි මීන් ආසා පාටක්... ආසා වයිබ් එකක්...."
"ම්ම්ම්ම්.... මිනිහා ටිකක් කාම් ඇන්ඩ් ක්ලැසික් ටයිප් එකේ දේවල් වලට කැමතියි...."
නිකිත්ගේ රුචි අරුචිකම් අහන ගමන් ඔරලෝසු එකින් එක බලපු සනුත්ගේ ඇස් දෙක නතර වුණේ තරමක් එළියට නෙරපු වීදුරු මුහුණතකුත්, අමුතුම Aesthetic ගතියකින් හැඩවුණු අංක පුවරුවකුත් සහිත රිදී පාට ගාංචු පටියක් තිබුණු සම්භාව්‍ය පෙනුමක් තියෙන POEDAGAR ඔරලෝසුවක් ළඟ.......
"මේක ගන්නද..... මේක හරි ම ක්ලැසිකල් පෙනුමයි....."
"ම්ම්ම්.... ඒක නම් ලස්සනයි.... හරි යුනික් ඩිසයින් එකක්.... මේක ගමු...."
තෝරගත්තු ඔරලෝසුව කැශියර් එකේ තරුණියට දුන්නු සනුත් වටපිට බැලුවේ මෙච්චර වෙලා ලඟ හිටපු මහිත් පේන්න නැති නිසා.....