හතලිස් පස්වන හිමිවීම 💙

1.2K 186 73
                                    

විභාග ප්‍රතිඵල ආවා...... විශ්ව විද්‍යාල වලට යන්න ඕන වුණ අය ඒවට කැම්පස් පොත අරගෙන අයැදුම් කළා.... රස්සාවලට යන අය රස්සාවලට අයැදුම් කළා........

"මං පේරා ප්‍රයෝරිටි දැම්මා බං..... ඊළඟට කලම්බු දැම්ම..... රුහුණ .... ඔහොම ඔහොම ඔක්කොම දැම්මා....."

දවසක් හවස් වරුවේ වැඩ ඇරිලා යන ගමන් මනුල්මි සනුත් එක්ක දොඩ මළු වුණා......

"........"

"සනූ......"

"ඕ...."

"උඹ කොහෙද ප්‍රයෝරිටි දැම්මේ..... උඹලට මොරටු නේ හොඳම....."

සනුත්ගේ නිහඬතාවය නිසාම මනුල්මි ආයෙම සනුත් දිහාට හැරිලා බලලා එහෙම ඇහුවා.......

"........."

"මොකද උඹ මීයා වගේ සද්ද නැත්තේ...... දැම්මා නේද කැම්පස් පොත....."

"මං දැම්මේ නෑ බං....."

සිහින් හඬකින් සනුත් එහෙම කියද්දි මනුල්මිගේ ඇස් දෙක නළලට ගියේ පුදුමයෙන්......

"මො....ක...ක්..... ඇයි ඒ...... පිස්සුද උඹට...... මෙච්චර හොඳ රෑන්ක් එකක් තියාගෙන..... කැම්පස් නොදා ඉන්න..... ට්‍රැක්ද යකෝ......"

පාර මාරුවෙන්න ඉස්සරහට තියපු අඩිය එතනම නතර කරපු මනුල්මි සනුත්ට බෙරිහන් දුන්නේ සනුත්ගේ අතක් කොනිත්තන ගමන්......

"..........."

"අනේ මේ සනූ...... සද්ද නැතුව ඉඳලා  මගේ කට අවුස්සගන්නද හදන්නේ මේ මහ පාරේ...... උඹට මොකද්ද වෙලා තියෙන්නේ....."

"මොකුත් නෑ මනූ....."

"එහෙනම් මොනවද උඹට තියෙන ප්‍රශ්න ..... ඇයි උඹ කැම්පස් නොදා ඉන්නේ.... ඩිග්‍රියක් නැතුව මේ රටේ රස්සාවක් කරන්න පුළුවන්ද...... "

".............."

"මාමා දන්නවද මේ ගැන....."

".........."

"අහ්.... සද්ද නැතුව ඉන්නේ මාමා දන්නෙත් නෑ නේද.... ඉඳපංකෝ මම කියන්නම් මාමට....."

සනුත්ගේ නිහඬතාවය ඉස්සරහා මනුල්මිට තුන් ලෝකේම හිටපු යක්ෂයෝ ආරූඪ වෙමිනුයි තිබුණේ ....

හිමි අහිමි 💙 Completed ✔Donde viven las historias. Descúbrelo ahora