තිස් එක්වන හිමිවීම 💙

1.1K 148 31
                                    

ඍංගාරයෙන් ඉතිරුණු වෙහෙසකර නමුත් සොඳුරුතම හෝරාවන් කීපයකින් පස්සේ සනුත් හිටියේ මහිත්ගේ නිරුවත් පපුවට තුරුළු වෙලා.......

ජනේලයේ බීරළු අතරින් පෙරුණු හිරු රැස් කෙළින්ම මූණට පතිත වෙද්දි සැප නින්දක උන්න සනුත් හෙමි හෙමින් ඇස් විවර කළා...... කාමරය පුරාම පැතිරුණු වෙරළු මල් සුවඳත්.... තැනින් තැන විසිරුණු ඇඳුම් පැළඳුමුත්..... ගතවුණු රාත්‍රියේ මිහිරියාව නැවත නැවතත් සනුත්ට මතක් කරලා දුන්නේ ලැජ්ජාවෙන් මූණ රත ගැහෙද්දි....

ගෙවුණු රාත්‍රියේ තමන්ව සම්පූර්ණයෙන් ම මහිත්ට අයිති වුණා වගේම මහිත් ගැන හිතේ තිබුණු ආදරය තවත් වැඩිවුණා වගේ සනුත්ට දැනුනේ කායික සම්බන්ධයකින් පස්සේ After Care කියන දේ උපරිමයෙන් මහිත් ළඟ තිබුණු නිසයි......

රෑ මැදියමේ වුණත්..... නාන කාමරයට තමන්ව වත්තම් කරගෙන ගෙනිහිල්ලා...... ඇඟ සෝදවලා..... සැහැල්ලු කලිසමක් අතට දීලා ඒක ඇඳඟන්න කල්ම මහිත් ළඟට වෙලා හිටියේ සනුත්ගේ කකුල් දෙකම අඩපණ වෙලා තිබුණ නිසයි....... ඊළඟට වේදනා නාශක පෙති දෙකකුත් වතුර වීදුරුවකුත් එක්ක උණුසුම් කෝපි කෝප්පයකුත් ගෙනත් දුන්න මහිත් තමන්ගේ නළල මතට තියපු හාදුවෙන් සනුත්ට මහා ආරක්ෂාකාරී හැඟීමක් දැනුනු හැටි සනුත්ට කල්පනා වුණා......

"මොනවද කල්පනා කරන්නේ....."

බීරළු අතරින් තීරු තීරු පෙරිලා එන හිරු රැස් වලින් රටා මවපු මහිත්ගේ මුහුණ දිහා බලන් කල්පනා කරමින් උන්න සනුත්ට දැනුනේ නෑ මහිත් ඇහැරලා තමන් දිහාම බලන් ඉන්න බවක්වත්.....

"මොනවද කල්පනා කරන්නේ සූකිරි..... ම්ම්ම්ම්......"

ආයෙමත් වතාවක් මහිත් අහද්දි මෙච්චර වෙලා මහිත්ගේ අත් ගොබේ උඩ ඔලුව තියාන උන්න සනුත් ලැජ්ජාවෙන් මහිත්ගේ පපුව අස්සට ගුලි ගැහුණා......

"I’m so lucky to have you next to me........"

පපුවට ගුළි ගැහුණු වනම සනුත් හෙමින් එහෙම මිමිණුවේ ඇහෙන නෑහෙන හඬින්.......

"Me too...."

සනුත්ගේ හිසකෙස් අතරින් ඇඟිලි තුඩු යවමින් හිස අත ගාමින් උන්න මහිත් එහෙම කිව්වේ සනුත්ගේ නළලට සීතල දෙතොල් තද කරමින්.......

හිමි අහිමි 💙 Completed ✔जहाँ कहानियाँ रहती हैं। अभी खोजें