හයවන හිමිවීම 💙

1.3K 218 24
                                    

Day 03

"මහියා.... උඹ මේ දවස් දෙක තුනේම කොහෙද මිසින් වෙලා හිටියේ.......???"

රතු.....නිල්.....දම්.....සුදු..... තප්පරෙන් තප්පරේට මාරු වෙන නියෝන් එළි මැද්දෙ කට්ටිය මේ එකතු උනේ දවස් ගාණකින්..... ඉරංගගේ ප්‍රශ්නේ නෑහුණු ගාණට මහිත් මත්පැන් කවුන්ටරය දිහාට අඩිය තිබ්බා......

අවුරුදු 20ට අඩු සාමාන්‍ය පුද්ගලයොන්ට Club 8 එකේ දොරකඩටවත් එන්න බැරි වුණාට මේ Platinum Card හිමිකාරයෝ හතර දෙනාට නම් ඒ නීතිය වලංගු වුණේ නෑ.....

ප්‍රබල ඇමතිවරයෙක්ගේ පුතෙක් නිසා සවින්දට මේ ක්ලබ් එකේ දොරවල් නිකම්ම ඇරෙද්දි....සවින්ද මාර්ගෙන් අනික් තුන් දෙනාටත් Platinum Card හිමිවුණා....

"මොනාද ගන්නේ මහියා....."

"One Long  Island  Please....උඹට මොනවද නිකියා...."

"මට අද ස්ට්‍රෝන්ග් එපා මහියා.... ඩැඩී ගෙදර අද...... Gimme an Espresso Martini"

"One Jack N Coke And One Cosmopolitan Please ...."

ඇණවුම ලබාගත්තු හුරුබුහුටි පෙනුමැති තරුණයා කඩිසරව අත් එහෙ මෙහෙ කරමින් වැඩේ කරන දිහා මහිත් කල්පනාවෙන් බලාගෙන හිටියා.....

උස වීදුරුවකට අයිස් කැට පුරවලා ඒකට ටකීලා (tequila )අවුන්ස බාගයක් , වොඩ්කා(vodka) අවුන්ස බාගයක් , රම්(rum) අවුන්ස බාගයක්, ජින්(gin) අවුන්ස බාගයක්, ට්‍රිපල් සෙක්(triple sec) අවුන්ස බාගයක්, ස්වීට් ඇන්ඩ් සඅර්(Sweet & Sour) මික්ස් එක; අන්තිමට කෝක්(Coke) එකක් දාලා.....ග්ලාස් එකට දෙහි පෙත්තක් සවි කරලා උඩින් මින්ට් කිනිත්තක් දාලා හැඩ කරපු Long Island Iced Tea එක අතට ගත්තු මහිත් බාර්කවුන්ටර් එකේ තිබුණු උස පුටුවකින් වාඩි වුණා.....

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
හිමි අහිමි 💙 Completed ✔Donde viven las historias. Descúbrelo ahora