අතට අහුවුණ ඇඳුම් කෑලි දෙක තුනක් බෑග් එකට ඔබාගත්ත සනුත් පික් මී එකකුත් දාගෙන කොටුව ස්ටේශන් එකට ගියේ කෝච්චියට මහ වෙලාවක් ඉතුරු වෙලා තිබ්බේ නැති නිසයි.......
නයිට් මේල් එක කොටුව දුම්රිය ස්ථානයෙන් කෝච්චිය අද්දන්නේ රෑ නවයට...... කොහොම හරි යන්තම් නවයට විනාඩි පහක් විතර තියෙද්දි ස්ටේශන් එකට ආව සනුත් තලාවට ටිකට් එකකුත් අරගෙන ඇවිත් ප්ලැට්ෆෝම් එකේ තිබුණ බංකුවකින් වාඩි වුණා.....
හදිස්සියේ එලියට බැහැපු නිසා වොලට් එක ෆෝන් එක ඇතුලු අත්‍යාවශ්‍යම දේවල් ගෙනාවද කියලා පරීක්ෂා කරලා බලපු සනුත් එහෙමම මනුල්මිට ඇමතුමක් ගත්තේ මේ හදිසි ගමන ගැන කියන්න.......
"හෙලෝව්......"
මනුල්මිගේ නිදි බර කටහඬ එහා කෙළවරින් ඇහුණා......
"මනූ.... නිදිද උඹ....."
"ආහ්..... සනූ..... නෑ..... මේ..... ෆිල්ම් එකක් බල බලා හිටියේ ...... එහෙමම.... නින්ද ගිහිල්ලා..... ඇයි සුද්දෝ.... හදිස්සියක්ද..... අසනීපයක් එහෙම නෑනේ......"
ඇමතුමේ රැඳී ඉන්නේ සනුත් කියලා දැනගත්තාම මනුල්මි නිදිගැට කඩලා කටහඬ අවදි කළා......
"නෑ....නෑ.... මනූ.... කලබල නොවී ඉඳපන්කෝ.....මං හොඳින්.... මට අවුලක් නෑ.....මේහ්.... මට හදිසියෙම ගමේ යන්න වෙලා..... "
"ගමේ..... උඹ රිසල්ට් ආවාමනේ යනවා කිව්වේ..... කවද්ද යන්නේ....."
"මේ...දැන්.... යන්න ලෑස්තිය.... මම කොටුවේ ඉන්නේ......"
"මොකක්.... මේ මහ රෑ..... බස් එකේද යන්නේ....."
"ට්‍රේන් එකේ යන්නේ බං..... නයිට් මේල් එකේ.... "
"මොකක් හරි අවුලක්ද සනූ.... මේ හදිස්සියෙම.... ගමේ යන්නේ....."
උන්න ඉරියව්වෙන් තව ටිකක් හරි බරි ගැහිලා වාඩි වුණ මනුල්මි සනුත්ගෙන් ඇහුවේ ඇත්තටම සනුත්ට ප්‍රශ්නයක් නැද්ද කියලා දැනගන්න......
"අනේ මන්දා මනූ..... මං නිදාගන්න ලෑස්ති වෙලා හිටියේ...... මාමා එක පාරටම කෝල් කරලා කිව්වා නයිට් මේල් එකේ ගෙදර එන්න කියලා...... ඇයි ඇහුවට හේතුවක් කිව්වේ නෑ..... පණ්ඩිත කම් නොකර ඉක්මණට ලෑස්ති වෙලා එන්න කිව්වා..... එච්චරයි ....."