"අපි ගිහින් එන්නම් අත්තම්මා.... ගිහින් එන්නම් සීයා..... "
"තුණු රුවන් සරණයි දරුවනේ..... පරිස්සමට යන්ඩ ඕනේ.... කඟවේන්නු වගේ එවුන් පාරේ යන්නේ...... ආයේ නිවාඩු පාඩුවේ මේ පැත්තේ ඇවිල්ලා යන්ඩකෝ......"
නිකිත්ගේ අතින් ඇදගත්තු මහිත් නන්දනී ළඟත් විජේමාන්න මහත්තයා ළඟත් දණින් වැටිලා ආශිර්වාද අරගත්තේ ආයෙම උදේ පාන්දරම කොළඹ පිටත් වෙන්න හිතාගෙන.....
"අපි ගිහින් එන්නම් මාමේ....."
"හ්ම්ම් හ්ම්ම්.... පරිස්සමට පලයල්ලා...."
"අපි ගිහින් එන්නම් සනුත්......"
නිරෝධට සමුදුන්න මහිත් සනුත්ට ගිහින් එන්නම් කිව්වත් සනුත් කලේ නිහඬවම ඔළුව වනපු එක විතරයි.......
හැබැයි මහිත්ගේ මූණේ තිබුණේ අමුතුම විදියක මද හසක්....
"අපි ගිහින් එන්නම් සනුත් මල්ලි..... "
සනුත්ට විතරක් හොඳ හිනාවකින් සංග්‍රහ කරමින් එහෙම කියපු නිකිත් අහංකාර තාලෙට අහක බලාගත්තට තමන් දිහා ප්‍රශ්නාර්ථ බැල්මකින් බලපු නිරෝධව දැක්කාම නම් නිකිත්ට හිනාවක් යන්නත් ආවා.....
මිදුළ කෙළවර නවතපු නිකිත්ගේ කාර් එක හරවලා ගත්ත මහිත් නිකිත් කාර් එකට ගොඩ වුණාට පස්සේ නලාව නාද කරගෙනම බොරළු පාර දිගේ ඉදිරියට ඇදුණා......
.......................................................................................................................................
"මොකද උඹ....."
සනුත්ගේ ගෙදරින් පිටවෙලා මිනිත්තු දහයක් පහළවක් ගත වුණ තැන නිකිත් ඇහුවේ මහිත්ගේ මූණේ ඇඳිලා තිබ්බ අමුතුම හිනාව නිසා.......
"ම්ම්ම්ම්......"
"මොකද උඹ තනියම හිනා වෙන්නේ..... අරූ උඹව එළව ගත්ත එක හෙන ජොලිද......"
"කවුද කිව්වේ එළවා ගත්තා කියලා....."
"එහෙනම් උදේ පාන්දරම මාව නැගිට්ටවලා මොන මඟුලටද මේ ඇදන් යන්නේ....."
"............."
"මොකද්ද ඊයේ සිද්ධ වුණේ ???"
![](https://img.wattpad.com/cover/362387756-288-k367528.jpg)