තිස් තුන්වන හිමිවීම 💙

1.1K 174 41
                                    

"මනූ...."

"ම්ම්ම්....."

"මනුවෝ....."

"ඇයි ඇයි බං.... නම පාඩම් කරනවද....."

සනුත් හිටියේ මනුල්මිත් එක්ක මැන්ඩේට් පත්‍රිකා වගයක් පිරික්සන ගමන්......

"මට උදව්වක් ඕන...."

"ම්ම්ම්.... කියහන් මොකද්ද වෙන්න ඕන...."

"තෑග්ගක් ගන්න ඕනනේ...."

"කාටද.... මොනවටද....."

කර කරා හිටපු වැඩේ නතර කරලා ඔලුව උස්සලා බලපු මනුල්මි සනුත්ගෙන් එහෙම ඇහුවේ කුතුහලයෙන් .....

"අයියගේ උපන්දිනේ මේ සතියේ........ මොනවද තෑග්ගක් දෙන්න හොඳ....."

"අඩ්ඩේහ්..... පාටි පාටි යේ..... පාටියක් දාමු නේහ්.... සනුවෝ.... දාමුකෝ.... හාද... හානේ... හානේ... නේ...."

"හරි හරි බං.... ඉස්සෙල්ලා කියපන්කෝ මොනවද ගිෆ්ට් එකක් දෙන්නේ....."

"පර්ෆියුම් එකක්.... කොහොමද.... චැනල් එකක් නැත්තම් ගුචි එකක්  ......"

මනුල්මිගේ නිර්දේශ කිරීම අහපු සනුත් මනුල්මි දිහාට දුන්නේ වට් ද ෆක් වගේ බැල්මක්....

"අනේ ගොනෝ..... ඒ යකාට පර්ෆියුම් බ්‍රෑන්ඩ් එකක්ම තියේ..... ඒ මනුස්සයගේ හොබී එකත් පර්ෆියුම් එකතු කරන එක.... හුහ්....."

නාසයෙන් පිඹිමින් සනුත් එහෙම කිව්වත් ඒ කතාව අස්සේ හීනියට ආඩම්බර කමකුත් හැංගිලා තිබුණා වගේ......

"අහ්.... අමතක වුණානේ.... උඹේ මිනිහා කෝටිපතියා කියලා..... ඉතින් බං ඒ වගේ කෙනෙක්ට අපි මොනාද දෙන්නේ....."

"ඒක තමා මමත් කල්පනා කලේ මනූ..... එයා ලඟ නැති දෙයක් නෑ..... මට ඉතින් එයාගේ ලෙවල් එකට පෑහෙන්න තරම් සල්ලි ඇත්තෙත් නෑ..... එපා වෙනෝ කල්පනා කරන්න ගියාම...... පිස්සු වගේ......"

මැන්ඩේට් බැලිල්ල පැත්තකින් තියපු සනුත් එහෙම කිව්වේ කම්මුලේ අතකුත් රන්දගෙන.....

"අපිට නෑනේ ඔය ප්‍රශ්න..... තනිකඩ ජීවිතේ හෙනම ආ......තල් එකේ ඉන්න තියෙන්නෙ ...... කොහෙද.... උඹලට පින නෑ..... ඇටෙන් පොත්තෙන් එනකොටම හොයාගත්තනේ මිනිහෙක්..... කුම්බලා කරවල කෑවා නම් දීකිරට බලල්ලුත් සාක්කිලු......"

හිමි අහිමි 💙 Completed ✔Waar verhalen tot leven komen. Ontdek het nu