හැට තුන්වෙනි හිමිවීම 💙

995 183 42
                                    

සුපුරුදු විදියටම පහුවෙනිදාටත් ඉර පෑයුවා..... කුරුල්ලෝ ගීත ගැයුවා..... සනුත් පන්ති ගියා.... නිරෝධ පාසැලට ගියා.... මහිත් වැඩට ගියා.... නිකිත්.... අහ්ම්... ඔව්.... නිකිත් ගියා අලුත් කවියක් එක්ක චොකලැට්ටුවක් ගන්න....

කිසි ම දේක ගැටළුවක් වෙනසක්  වුණේ නෑ.... හැමදේම සාමාන්‍යයි...... ගේට්ටුව පාමුලදී ලොලි පොප් කූරක් දීලා හාද කරගත්ත අලුත් මූණක් තිබ්බ පොඩි පරෙවි පැටියෙක්ගෙන් අතින් චොකලට් එකත් කඩදාසි කෑල්ලත් හැඩි දැඩි අතට හුවමාරු වුණා........

අහා..... අන්න වෙනසක්.....

හැබැයි බලාපොරොත්තු වුණා වගේ හිනාවක් නම් නිකිත්ට ලැබුණෙ  නෑ....... වෙනදා වගේ නළල රැලි කරගෙන ඒවා එව්ව කෙනා හෙව්වේ ත් නෑ.....

හ්ම්ම් හ්ම්ම්..... A little bit Change..... හිනා වුණෙත්  නෑ..... ඒ කියන්නේ චොකලට් වලට කැමති නෑ...... පුහ්!!! පුදුමයක් නෑ....... Mr.Impossible කියන නම හරියටම ගැලපෙනවා......

ඈතක ඉඳන් අසුවල් පුද්ගලයාට නොපෙනෙන්න බලාගෙන ඉන්න නිකිත් තනියම කල්පනා කළා.......

කමක් නෑ ...... කහ පාට ක්‍රිසැන්තිමම් මලක් අරගෙන හවස එන්නම්කෝ...... හෙට චොකලට් වෙනුවට ලොලි පොප් එකක් තියමුද..... ආආඅ...... ස්ට්‍රෙස්...... ලව් කරන එක බලන් ඉන්න තරම් ලේසි නෑනේ.....

කල්පනා කරන්න ගත්තාම නිකිත්ට තරම් මනෝ චිත්‍ර අඳින්න පැබ්ලෝ පිකාසෝට වත් බැරිවෙන්න ඇති......

.........................................................................................................................















අද දවස ගෙවෙන්නේ හරිම මන්දගාමීවදෝ කියලා නිරෝධට හිතුණා....... උදේ ඉඳන් කී වතාවක් නම් වෙලාව බලන්න දුරකතන තිරය පිහදාන්න ඇතිද ..... කී වතාවක් නම් ඔරලෝසුව දිහාට ඔලුව හරවලා බලන්න ඇතිද...... අන්තිමේදි යන්තම් දවල් එක විතර වෙනකොට නිරෝධට ඉඳගෙන ඉන්නම බැරි වුණා...... පුටුව වෙනුවට කඩි ගුලක් උඩ ඉඳන් ඉන්නවා වගේ දැනෙන්න ගත්තා......

ඇත්තටම කෙනෙක්ට හිතෙන්න පුලුවන් මේ තරම් නලියන්න දෙයක් සිද්ධ වුණේ නෑ නේද කියලත්..... ඒත් නිරෝධ හිටියේ කුතුහලයෙන් ..... වගේම වචන කරගන්න බැරි අමුතුම සතුටක් වගේ හැඟීමකින් කුල්මත් වෙලා..... ඒකට හේතුව අර කහ පාට කපුරු මල වෙන්නත් ඇති......

හිමි අහිමි 💙 Completed ✔Where stories live. Discover now