14 Chp📌️

680 154 27
                                    

..

..

..


සලා...............න්න්න්.....

   තවත් මල් වාස් එකක්...

සලා....................න්න්න්....

    කොහෙදෝ තිබුනු වීදුරුවක්.....

දහ්හ්හ්හ්හ්...............

  ඒ පාර නම් ලීවලින් හදපු දෙයක්....




   අකේල්‍ය කම්මුලට අත ගහන් බලන් ඉන්නවා....ඔලුවට උඩින්...කකුල් දෙක ලගින් බඩු පාවි පාවි යනවා....සැරින්.සැරේ කන් පිනවන විවිධාකාර හඩවල්වලින් කැබින් එකම පිරිලා යනවා.....ඔලුවට උඩින් පාවෙලා යන මල් වාස් එකක් කැබින් එකේ එහා කෙලවරට ගිහින් වැටෙද්දි...කකුල් දෙක ලගින් විසි වෙලා යන තවත් දෙයක් බිම දිගේ රෝල්වෙලා ගිහින් කැබින් එකේ එහා කෙලවරේ බිත්තියේ වදිනවා...

   සලාන් ! සලාන් සලාන්!..ඒක දැන් හරියට සංගිතයක් වගේ.....එක දිගට ඇහෙන සලාන් හඩ එක්ක අතරමැදින් දහ් දහ් දඩස් ගාන සද්දත් ඇහෙද්දි අකේල්‍යටත් හිතෙනවා පැත්තකට වෙලා කම්මුලට අතක් ගහන් බලන් ඉන්නෙ නැතුව බිම තියෙන පෑනක් හරි අරගෙන තාලෙට වනන්න...ඒ විවිධාකාර හඩවල්වලින් හැදුනු කන්කලු සංගීතය මෙහෙයවන්න වගේ පෑනකින් හිස් අවකාශයේ කරකවන්න...




...කොහොමද එහෙම කරන්නෙ ආහ්හ්...

සලා..............න්න්...

..මන් කවුද ආහ්...මන් කවුද...!..මන් තමා මේ කම්පැනි එකේ බොස්..

දඩස්.......

...බොස් කියන්නෙ කවුද ආහ්...කාටද බොස් කියන්නේ...තමුසෙ ඒක දන්නවද අකේල්‍ය ..ඒ වචනේ තේරුමවත් තමුසෙ දන්නවද...

..ම්ම්...දන්නවා දන්නවා...

...දන්නවා...!..තමුසෙ දන්නවා..!..දන්නවා නම් තමුසෙ ඔය හැසිරෙන විදිහ මොකක්ද අකේල්‍ය....ආහ්...මේ කම්පැනි එක අයිති මට...!..කම්පැනි එක සම්බන්ද හුස්ම ගන්න නොගන්න හැමදෙයක්ම අයිති මට...!..මට කියන්නෙ මට විතරයි....තමුසෙ ඒක දන්නවා නම් මොකක්ද ඔය හැසිරෙන විදිහ අකේල්‍ය ...තමුසෙට ඕන ඕන දේ කරන්නද මන් මේ කම්පැනි එකේ බොස් උනේ...!...




   අකේල්‍ය පොඩ්ඩක් ඔලුව කැසුවා.....ඒ පිටටම ඩිසිප්ලීන් අමතක කරලා කටත් ඇරගෙන තඩි ඈනුමක් යැවුවා...නිදිමතටදෝ ඇස් දෙකත් පොඩි කරලා ඔන්න ආයෙත් කම්මුලට අත ගහගත්‍තා.....


You've reached the end of published parts.

⏰ Last updated: May 18 ⏰

Add this story to your Library to get notified about new parts!

~BO$$ BAB¥~(‍‍‍‍‍Zhanyi) Where stories live. Discover now