chapter 19

347 70 78
                                    

නිවාඩු මාසේ කියලත් වගක් නෑ ඉහ උඩට පැවරිලා තිබුන වැඩ රාජකාරිත් එක්කලා ආයෙ වංගුවක් තකහනියෙම කොළඹ දුවන්නයි මට උනේ.

"සර් මේ ඩොකියුමන්ට්ස් ටික?"

"ටේබල් එකෙන් තියලා යන්ඩ."

"සර් අදත් රූම් එකේ ඉදන් කෑම ගන්නවද නැත්තං ස්ටාෆ් රූම් එකට එනවද?"

"ම්ම්... රූම් එක හොදයි. මිස් සරසි දැන් යන්න."

"ඕකේ සර්. ම්ම්... මේ.. අපේ අප්පච්චිට සර් එක්ක කතා කරගන්න දෙයක් තියෙනවා කිව්වා."

"සරසි! මේක ඔෆිස් එක! Now you can go!"

ලියකියවිලි තොගේකුත් උස්සගෙන ඇවිත් ඔෆිස් කාමරේ ඇතුලෙ පදිංචි වෙන්ඩ හදපු සරසිට මං උස් හඩින් අවවාද කරද්දි මටත් ගස්සගෙනම එයා ඔෆිස් කාමරෙන් එලියට පිට වුනා. ආව ගමන් ඔලුව කන්ඩ එනවා මේකිත්.

දැනට ලංකාවේ ඉහළම පෙලේ ඉන්න දේශපාලුවෙක් තමයි හිමාල් විජය උදුනාගල. සරසි මන්දනා උදුනාගල එහෙමත් නැත්නම් අලුතෙන් පත්වීම අරන් මගේ කාර්‍යාලයේම වැඩට ආපු මිස් සරසි කියන්ඩෙ හිමාල් උදුනාගල ඇමතිතුමගෙ එකම දුව.

" excuse me mr. Kesh.."

" Yes come in!"

"මොකද බම් උදේන්ම මූණත් තහඩුව දෙක කරන්? උබලා හොදින්ද අයි.."

"Mr. ප්‍රාණව්! මෙතන තමුන්ගෙ ඤාතීන් නෑ. let's get to the point."

"අයියන්ඩිට අයියන්ඩි නොකිය ප... ආහ් කාරි නෑ කාරි නෑ. Then may i know the the matter mr.kesh?"

සරසි කාර්යාලයෙන් පිට වෙනවත් එක්කම අපේ මලයා ගොඩ වුනා. ඒකාටත් ඉස්පාසුවක් නෑ නුවරෙන් කොළඹට කොළඹින් නුවරට. නුවර-කොළඹ බස් එක පරාදයි අපි දෙන්නට.

"මෙන්න... මීමුරේ නිදන් සිද්ධියට බිලිදුන්න කෙල්ලො පස් දෙනාගෙ මරණ පරීක්ෂණ වාර්තාව"

මේසෙ කෙලවරක තිබුන කලු පාට ෆයිල් කෑල්ල මලයාගෙ දිහාවට විසි කරද්දි ඇස් දෙකත් ලොකු කරන් මයෙ දිහා බලපු ඒකා ෆයිල් එක අතට ගත්තා.

"Shit.."

"උබලාගෙ සැකේ හරි ප්‍රාණව්. උන් පස් දෙනාවම රේප් කරලා. ඒකත් මරලා හරියටම විනාඩි පහලවකට පස්සෙ."

ශ්වේත අග්නි [yizhan/yoonmin]Where stories live. Discover now