chapter 14

455 73 107
                                    

දුම්බර කදුවැටිය... ශ්‍රී ලංකාවේ මධ්‍යම කදුකරයේ කදු පන්ති ගැන කතා කරද්දි වැඩි පිරිසකගෙ ආකර්ශනය නොඅඩුව දිනාගන්න තැනක් තමයි ඒ. නිතර තියෙන මීදුම නිසා ඒ කාලේ අපේ මහ එකාලා දුම්බර කියලා හදුන්වපු ඒ කදුවැටියට අද වෙද්දි නමක් ලැබිලා තියෙනවා 'නකල්ස්' කියලා.

 නිතර තියෙන මීදුම නිසා ඒ කාලේ අපේ මහ එකාලා දුම්බර කියලා හදුන්වපු ඒ කදුවැටියට අද වෙද්දි නමක් ලැබිලා තියෙනවා 'නකල්ස්' කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හෙක්ටෙයාර 21000 ක් විතර විහිදිලා තියෙන නකල්ස් රක්ශිතය කියාගන්ඩ බැරි තරම් ලස්සන වන පියසක්. ඒ වගේම ලංකාවට විතරක් ආවේණික සත්ව විශේශ සෑහෙන්න ප්‍රමාණයක් ඉන්ඩ නිසා ඒ වටිනාකම තක්සේරු කරන්ඩ බැරි තරම්.

"මීමුරේ සම්පූර්ණ ඒරියා එකම කවර් කලා සර්."

"ම්ම්."

මීමුරේ, රණමුරේ, කයිකාවල, කළුපහන වගේ ගැමිකම අපේකම පිරුණ ගම්මාන හතලියක් විතර මැදි වෙලා තිබුනා නකල්ස් රක්ශිතයට. ඔය අතරේ සාම්ප්‍රදායික මැටි ගෙවල් වගේම ගල් තාප්පවලින් වට වුනු පුද්ගලික ඉඩම් කිහිපයක්මත් තිබුනා.

මං උන්නෙ රක්ශිතයට ඇතුලු වෙන්ඩ පුලුවන් අඩිපාරක් ලග තිබුන තිබුන පරන ගේ කෑල්ල ලග.

දුම්බර කදුවැටියෙ ඉතිහාසෙ ගැන කතා කලොත් ඒක මහා රාවණාවන්ගෙ කාලය තරම් ඈතට විහිදෙනවා. රාවණයන් සීතාව පැහැරගෙන ඇවිත් හිර කරලා තිබුනේ දුම්බර කදුවැටියටම අයත් සීතා ලෙනේ කියලා තමයි දැනට පිලිගත් මතය. ඒත් ඕවායෙ ඇත්ත බොරුව දැනගන්ඩනම් කාල යන්ත්‍රයක් හදන් ඒ කාලේට යන්ඩම වෙනවා.

ඒ කාලේ නැගෙනහිරින් එන රුවල් නෞකාවලට ලංකාව දුර තියා අදුන ගන්ඩ පුලුවන් උනෙත් නකල්ස් රක්ශිතයටම අයිති වෙන 'ඉලක්ක ගල' එහෙමත් නැත්තං 'ලකේ ගල' නිසාය කියලා තමා පැරැන්නො කියන්ඩෙ.

ශ්වේත අග්නි [yizhan/yoonmin]Where stories live. Discover now