chapter 08

539 90 37
                                    

කෝල් එක ආන්ස්වර් කරන්ඩ ඕන නිසා මම සෘශීට කෑම මේසෙට යන්ඩය කියාලා ෆෝන් එකත් අරන් කාමරේට ගොඩ වුනාත් ඒක ඒතරම් ආරක්ශිත නෑ කියලා හිතුන නිසා ආයෙම වත්ත පහල ලිද ගාවටම සේන්දු වුනා.

"බඩු ටික ඉස්සුද?"

"...."

"ම්න්.. තව පැයක් යන්ඩ කලියෙන් එවපම් විස්තර ටික!"

"......"

"මැරුම් නොකා ඔය ටික කැලෑවෙම හංගපම් බල්ලො!"

"....."

"ම්න්. හැන්දෑකරේ වෙද්දි මං එනවා. එතකන් ඇහැගහගෙන ඉදපම්!"

ලිහංසාගෙ එක කුස උපන් සහෝදරයෝ දෙන්නාගෙන් එක්කෙනෙක් වුන කෙවීන් මේ පැත්තට ඇවිදන් එනවා පෙනෙද්දි මං ෆෝන් එක ඉක්මනට කට් කලා.

"ආහ් මස්සිනා... මොකෝ මේ මහදවල් නාන්ඩ ආවද ලිදට? "

මං ඒකලාව ගනන් නොගෙන කට කොනින් හිනා වෙලා ෆෝන් එකේ තිරය දිහා බලද්දි ඒකලා ඇවිත් ලිදට හේත්තු වුනා.

"මස්සිනා! අර උබේ කරේ එල්ලිලා උන්නු එකාට මං මනාපයි."

ඒපාරනම් ඒකලා කියපු හරුපෙට මාව වික්ශිප්ත වුනා. මං ෆෝන් එකෙන් ඇස් දෙක අහකට අරන් ඒකලා දිහා බැලුවා.

"උඹ මොකක්ද ඒකෙන් අදහස් කලේ කෙවින්?"

"උඹට තේරෙන්ඩ ඇතිනෙ මං අදහස් කරපු දේ. මට එක දවසකට විතරක් එක්ක යන්ඩ  දීපම් ඒකලව."

"මේ අහපම් කෙවින්! උඹ මට වඩා අවුරුද්දක් හරි වැඩිමල් නිසයි මං මේතරම් හරි ඉවසීමෙන් කතා කරන්නෙ! ආයෙම පාරක් ඔය කටින් මගේ සහෝදරයා වගේ එන්ඩ එකා ගැන වචනයක් හරි පිට වුනොත් මේ ආධිත්‍යගේ කටට කලියෙන් ඉස්සර වෙන්ඩේ අත කියලා මතක තියාගනිම්!"

කෙවීන්ගෙ බෙල්ලෙන් අල්ලන් කතාකරද්දි ඒකා සද්ද නැතුව කට කොනින් හිනා වෙලා අහක බලද්දි මං එකාව එහෙම්ම පැත්තකට තල්ලු කරලා වලව්ව දිහාවට ගොඩ වුනා. මොනවා වුනත් කෙවින්ගෙ වෙලාව හොදයි හදිස්සියෙවත් මේකා සෘශීට මනාපයි කියලා අපේ අය්යන්ඩිට එහෙම කිව්වනම් අඩුගානේ මූගේ දත් දෙකක්වත් බඩ යවාවි.

සෘශී, අයියන්ඩි කෑම මේසෙ එක ලග වාඩි වෙලා කෑම ගන්නවා දකිද්දි තව ටිකකින්ම කෑම මෙසේට යනවාය කියලා මං හිතාගත්තා. නිකන් බොරුවට අයියන්ඩිගෙ උදහසට ලක් වෙන්ඩ ඕන නෑනෙ ඔය කුරුලු කූඩු අස්සෙ රිංගලා.

ශ්වේත අග්නි [yizhan/yoonmin]Wo Geschichten leben. Entdecke jetzt