chapter 16

313 66 62
                                    


"මැරෙන්ඩද හදන්නෙ උඹ?"

"අනේ හා..මූ..."

"අනේ පනේ හුනේ නෙමෙයි බම්. අල්ලගනිම් හරියට. නැත්තං ගහන් යං හුලගට"

උදැහැනැක්කෙම කුණ්ඩසාලේ බස් හෝල්ට් එක ලග උන්නු පොඩි එකාවත් බයික් එකේ ඉන්දවගෙන නුවර ටවුන් එක පැත්තට යමින් ගමනුයි උන්නෙ මං. ඒකාගෙ කෝටු සරීරේ හැටියට බයික් එක හතලිහට වඩා ස්පීඩ් කරන්නත් බෑ.

කව්ද දන්නෙ සරුංගලේ වගේ පාවෙලා ගිහින් ලයිට් කණුවකවත් පැටලුනොත් එහෙම සියොත්ගෙ හොර මිනිහා වෙච්චි සෘශීගෙන් මට විසුමක් වෙන්ඩෙ නෑ.

"හිමින් යන්..කෝ..."

"අටට පටන් ගන්න පන්තියට නමයට ගිහින් හරියනවද බොල? කටපියාන හයියෙන් අල්ලගනිම් පඩස්තරයා"

ඒපාරනම් සියොත්ගෙන් සද්දයක් නැති වෙද්දි යාන්තන් හතහාමාර වෙද්දි ඉන්ස්ටිටියුඩ් එක ලගට ඒගන්ඩ පුලුවන් වුනා.

ඉගෙනගන්ඩ තීන ආසව නිසා මං කිව්ව හැටියෙ සියොත් කෝස් එකට යන්ඩ කැමති වුනාට මොකද ක්ලාස් එක ලගදි බයික් එකෙන් බහිද්දියි මං දැක්කෙ කොල්ලාගෙ ශර්ට් එකේ කිහිල්ලට යටින් ලාවට ඉරිලා ගිහින්. තැනින් තැන කහට පැල්ලම්.

අනිත් ඈයෝ විහිලුවට ගනීවිද මයෙ පොඩි එකාව..

ඒකා හෙල්මට් එකත් ගාගෙන බිමට බැහැලා මා දිහා බලාන ඉන්නවා.

"මොකද බොල?"

"මේක ගැ..ලවෙන්නෑ පුං..චි හා..මූ.."

හෙල්මට් ගාන්චුව අතින් පෙන්නලා ඒකා කියද්දි මං විගහට ගාන්චුව පන්නලා දැම්මා.

"හම්මට පූසා... මොකො මේ පැත්තේ?"

"උබට ගෝලයෙක් ගෙනාවා."

ඉන්ස්ටිටියුට් එකේ ඔෆිස් එක පැත්තට මායි සියොතුයි ඇවිදන් යන්න හදද්දිම පඩිපෙල බැහැගෙන ආවේ කැම්පස් එකේ උන්නු මයෙ පරන යාලුවෙක්. බෙනියා. ආපු ගමන්ම ඒකාත් මගේ කරේ යන්ඩ හදද්දි මං විගහට පැත්තකට පැන්නා. මුං ඔක්කොම මයේ බෙල්ලේ එල්ලෙන්නමනෙ බලන් ඉන්නෙ යකො.

"අඩ්ඩේහ්... උබට මෙච්චර ලස්සන හුරතල් මල්ලියෙක් ඉන්නවා කියලා අපි දන්නෙ නෑනෙ බම්."

ශ්වේත අග්නි [yizhan/yoonmin]Tempat cerita menjadi hidup. Temukan sekarang