chapter 03

736 108 56
                                    


ටිකක් නිදහසේ හුස්මක් කටක් ගන්ඩ හිතාන ගමේ ආවට මොකද  එක දොහකුත් යන්ඩ කලියෙන් නිදහස පෑල දොරෙන් පැනලා යන හැටි බලන් ඉන්ඩයි මට සිද්ද වුනේ. සෘශී කියන්නෙම ටයිමින් බෝම්බයක් වෙද්දි ඒකා ගමේ එන්ඩ අහද්දි ඕන එකක් වුනාවෙ කියලා මං හා කිව්වා.

මොනතරම් බෙලෙක්ක කටක් තිබ්බත් ඒකා තමයි කැම්පස් එකේදි මට මුනගැහුන හොදම යාලුවා. පොඩි කාලේ ඉදන්ම මගේ වටේ උන්නෙ හරිම පොඩි සමාජ කවයක්. ඒකේ උඩින්ම මයෙ අයියන්ඩි ඉන්න අතරේ අම්මා අප්පච්චිට පස්සෙ උන්නෙ සෘශී.

මීට අවුරුදු හතරකට කලින් මං මුලින්ම යුනී ගිය මුල්ම දවස මට මතක් වෙනවා.

"කෝ පැනපම් ඉතිම්...ඔය මදී"

"පනිනවා පේන්නැතෙයි ඔහෙට"

"අඩෝ බැබුමා බලපන්කො මුගෙ කට... ඒයි පොඩි කොන්ඩයා ජේශ්ඨ උත්තමයන්ට කතා කරන හැටි උබට මුල ඉදන් උගන්නන්න ඕනද?"

"නෑ "

"මේක හරියන්නෑ අත් දෙක මාරු කරන්ම කන් දෙක අල්ලන් උඩ පැනපම් මෙතනට වෙලා. පනින වාරයක් ගානේ අර ශාලාවට ඇහෙන තරමට කෑගහලා කියපම්...ම්ම්ම්....ආහ්... 'මම බඩ වෙලා ජේශ්ඨ උත්තමයාණනී' කියලා කෑගහපම් ඈහ්..."

මේ මොන වගේ රැග් ද අප්පා. මං බලන් ඉද්දි අර කොන්ඩේ දිග කොල්ලාගෙ මූන ඇඹුල් වෙලා ගියා. ඒත් එක්කම සීනියර් අයියලා ටික කැන්ටින් එක පැත්ත ඇවිදන් ගිහින් කොන්ඩේ දිග කොල්ලා දිහා බලාන උන්නා.

"කට්ටා අයියා බඩ වෙලා ජේශ්ඨ උත්තමයාණනී...."

"කට්ටා අයියා බඩ වෙලා ජේශ්ඨ උත්තමයාණනී...."

"කට්ටා අයියා බඩ වෙලා ජේශ්ඨ උත්තම....."

කොන්ඩේ දිග කොල්ලා මහ හයියෙන් මේන් හෝල් එක දිහාවටම නෙමෙයි කැම්පස් එකෙන් පිටටත් ඇහෙන තරම් හයියෙන් කෑගහලා කියන ගමන් කන්දෙක අල්ලන් උඩ පනිද්දි කැන්ටින් එකේ වාඩි වෙලා බනිසක් කකා ඉදපු මහත අයියාට බනිස හිර වුනා. අනිත් උන් ඌගේ පිටට ගහද්දි වතුර වීදුරුවක් බීපු ඒකා කෑගහගෙන කොන්ඩෙ දිග කොල්ලා ගාවට ගියා.

"ඒහ් මල්ලි...ඔල්මාද බඩුවක්නෙ උඹ. මොනවද මිනිහො ඔය කියන්නෙ? "

"ඉ..ඉතින් ඔහේනේ අයියෙ කිව්වෙ ඔහේ බඩ වෙලාය කියලා මහ හයියෙන් කෑගහලා දොඩන්න කියාලා."

ශ්වේත අග්නි [yizhan/yoonmin]जहाँ कहानियाँ रहती हैं। अभी खोजें