පනස් නමවන හිමිවීම 💙

1K 184 116
                                    

"ඉතින් අයියේ......"

"ඉතින් කිතුල්....."

මහිත්ව එළියට පිටත් කරපු නිරෝධ සනුත්ගේ පොත් මේසය ළඟ තිබුණ පුටුව ඇදලා අරන් වාඩි වෙලා දුරකතන තිරය එහා මෙහා කරන ගමන් හිටියේ......

ඇඳ මත හාන්සි වෙලා උන්න නිකිත් තමන්ගේ ඇස් දෙකට එක එල්ලයේ පේන නිරෝධගේ දර්ශනය දිහා බලාගෙන හිටියේ සෑහෙන තරම් උවමනාවකින්.......

නිකිත්ට මේ තාක් කාලයක් තමන්ගේ ලිංගික දිශානතිය ගැන සැකයක් සාංකාවක් ඇති වෙලා තිබුණේ නෑ.....

කොටින්ම කිව්වොත් නිකිත් මෙච්චර කාලයක් හිතාගෙන උන්නේ තමන් හරි කෙලින් කියලා......

ලංකාවේ ඉද්දිත්.... ඔස්ට්‍රේලියාවේ ඉද්දිත් ගෑණු ළමයි කීප දෙනෙක් එක්ක සම්බන්ධ කම් කීපයක් තිබුණත් ඒ එකක්වත් දුර දිග ගියපු ඒවා වුණේ නෑ.......

පිරිමි ළමයි සම්බන්ධයෙන් ආකර්ෂණයක් අවදානයක් දැනිලම නැති නිසා කොහොමත් නිකිත්ට ඒ විෂය පථය ගැන සැලකිල්ලක් තිබුනෙත් නෑ......

අඩුම තරමේ අල්ලේ රේඛා මකා ගන්නවත් පිරිමි ළමයෙක් ගැන හීනෙකින්වත් නිකිත් රූප මවලා තිබුණේ නෑ.....

නමුත් ජීවිතේ පළවෙනිම වතාවට පිරිමියෙක් ගැන ආකර්ෂණයක් ඇති වුණ එක ගැන නිකිත් ඉන්නේ උද්‍යෝගිමත් හැඟීමකින්......

මීට කලින් ගෑනු ළමයෙක් දැක්කාම ඇතිවුණ ආකර්ශණයට වඩා ප්‍රබල..... ආකර්ෂණයක්මැයි කියන්න බැරි ඊට වඩා බලවත් සතුට.... උද්‍යෝගය..... පුදුමය මිශ්‍ර වුණු අමුතුම හැඟීමක් නිකිත්ව වෙලා ගත්තේ නිරෝධගේ ඇස් ඉස්සෙල්ලාම සජීවිව හමු වුණ මොහොතේ.....

නිරෝධගේ ඇස් එක්ක තමන්ගේ ඇස් ගැටෙද්දි තමන්ගේ ආත්මය ඇතුලාන්තයෙන් ගිනි පුළිඟුවක් දැල් වුණා කියලා නිකිත්ට හිතුනා......

ඒක හරියට Love At First Sight වගේ දෙයක්ද..... පළවෙනි දසුනින්ම ආදරයක්???

මුළු ජීවිත කාලෙටම එක පාරක් විතරක් සිද්ධ වෙන මේ සිද්ධිය  ලෝකේ තියෙන  විස්තර කරන්න අසීරුම මාතෘකා වලින් එකක්....

The very first moment I beheld him, my heart was irrevocably gone.(මම ඔහු දුටු පළමු නිමේෂයේදීම මගේ හදවත ආපසු හැරවිය නොහැකි ලෙස ඔහු වෙත බැඳුණා...)

හිමි අහිමි 💙 Completed ✔Where stories live. Discover now